Tuesday, April 30, 2013

ගිරිගුහාරාමය - Giriguharamaya (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අපේ  බැච් මේට්ටුවෝ එකතු වෙලා හදාගත්තු It's time to HIKE - ගිය නොගිය දුටු නුදුටු නව මානයක් සොයා සැරිසරන ගෘප් එකෙන් පහල වෙච්චි අදහසකට අනුව ලංකාවේ අප්‍රකට රජමහා විහාර ගවේෂණය හා ඒ හා බැදි අතීත පුරාවෘත්ත සෙවීම අපගේ අභිප්‍රාය වේ. එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික් ආවරණය ලකියා සමග ගවේෂකයා සමග සිදුකරන අතර වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික් ආවරණය රජා සමග සැළලිහිණියාය. 

ගිරිගුහාරාමය නාරම්මල නගරයට ආසන්නව නමුත් රුක්මලේ නම් තරමක් ග්‍රාමීය පෙදෙසක පිහිටි අප්‍රකට පුරාවිද්‍යාත්මකව වැදගත් විහාරස්ථානයකි. 

ගමන් මාර්ගය 

 කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.


කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල


කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල

කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල 


ප්‍රධාන මාර්ගයෙන් හැරිය යුත්තේ නාරම්මල නගරයට කලින්ය. පුරාවිද්‍යා එකෙන් ගහපු දැන්වීම් පුවරුවක්ද ඇත. හරියටම කීවොත් නාරම්මල බාර් එක ලගින්ය ;)


ගිරිගුහාරාමය සෑදූ රජ කෙනෙක් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නැත. යුග කීපයකට මෙම විහාරස්ථානය අයත් වන බව පුරාවිද්‍යාත්මක මතයය. අනුරාධපුර යුගයේ පටන් පැවති බවට මෑතකදී කල කැණීම් වලදී හමුවූ ගඩොල් වලින් තහවුරු වන බව විහාරාධිපති හිමියන් අප සමග ප්‍රකාශ කල සිටියහ. 



පැරණි ගල් පඩි දිගේ අපි ඉදිරියටම ඇදුනෙමු. ගල් පඩි සීයක් පමණ ඉහලට නැගුනු විට ඉහල මළුවට ලගාවිය හැක. විහාරස්ථානයේ විහාර ගෙය හා ලැගුම් ගෙය ඉදිකර ඇත්තේ පිහිටි ගල් ලෙන් දෙකක් උපයෝගී කරගෙනය. ලැගුම් ගෙය අදටත් වස්වසන භික්ෂූන් වහන්සේලා භාවිතා කරන බව ගම්වාසීන් අප සමග පැවසුවේය. කටාරම් කෙටූ හිස් ගල් ලෙනක් අදටද දක්නට හැක. 



කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ර්‍ෂ 1708 වප්මස පුර තියවක් නම් තිථියලත් සදු දින ගිරිගුහාරාම විහාර මණ්ඩපයේ උළුවස්ස සවිකල බව සදහන්ය. එය අදද නොනැසී පවතී. විහාර මණ්ඩපය වන්දනාමාන කරන ඔබට එය දැක බලාගත හැක. තවද ඉපැරණි පින්තාලියක්ද දක්නට හැක. එහි ජලය කිසිදා සිදී තිබෙනු නැති බව ගැමියෙක් රජා සමග පවසා සිටියේය. 






විහාරස්ථානයේ ගණ්ඨාර කුළුණ පිහිටි ස්ථානය මනරම්ය. පිහිටි ගල්කුලක් මුදුනත එය පිහිටා ඇත. ගල්කුළු මුදුනට පිවිසුනහොත් ඉතාමනරම් දර්ශනයක් දැක බලාගත හැක. හාත්පස සිසාරා පැතිරී ගිය වෙල්යායවල්ය. තවත් පසකින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ආභරණයක් බදු වූ පොල්වතු යායවල්ය. 




ඉහල මළුව අසලින්ම පහලට ඇති කුඩා අඩිපාරකින් පහල පිහිටි වැව වෙත පිවිසිය හැක. ඒ අසලම වාගේ පුරාවිද්‍යා වැඩබිමකි. නම්කල පස් තට්ටු වෙන වෙනම දැකගත හැක. මෙම කුඩා වැව දිය නෑමට නම් නුසුදුසු බව ගැමියෝ පවසන්නේ ඔවුන්ට තරුණ ජීවිත කීපයක්ම අහිමි වූ නිසාය. මේ වැව බිලිගන්නවා මහත්තයෝ... ඒ ඔවුන්ගේ කටහඩයි.





අනිත් විහාරස්ථාන වලට මෙන් ගිරිගුහාරාමයට දායක ගම් රාශියක් නැත. ඇත්තේ එකම එක ගමකි. පවුල් ගණන 60කි. ඉන් බොහෝ දෙනා ගොවියන් හෝ කුඹල් කර්මාන්තයේ යෙදෙන පිරිස්ය. මුළු ගමම අක්කර 6ය. මේ දින වල වයඹ සංස්කෘතික අරමුදලේ ආධාර මත ගල් පඩි වෙනුවට කොන්ක්‍රීට් පඩි යොදමින් පවතී. 

ප/ලි: 

වෙසක් එකට කුරුණෑගල පැත්තේ එනවානම් මෙන්න නියම පන්සලක්. මේකත් වන්දනා කරගෙනම යන්න. 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

64 comments:

  1. උඹ දැන් ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් වලටත් දෙන්නද හදන්නේ

    ReplyDelete
  2. මේ ආයේ යනවනම් මටත් කියපිය! එන්නම්!!!

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ලබන සතියේ සදුදා දිහා ආයේ යයි කොහෙ හරි. මම කියන්නම්!

      Delete
  3. ලස්සන පන්සලක්නේ..... යන්න වටින තැනක් වගේ තමා....

    ReplyDelete
  4. පුරාණ රජමහා විහාරයක් නම් හතර පේරුවක් තිබිය යුතුයි. අක්කර හයක ඉන්නා පවුල් හැටක දායකින් ගැණ ඇති සඳහණෙන් පේන්නේ මෙතන කුල කේස් එකක් තියෙන බවද?

    ReplyDelete
    Replies
    1. එහෙම පොඩි කේස් එකක් තියෙනවා. මොකද කුඹල් කර්මාන්තයේ යෙදෙන අය තමා ගොඩක්ම ඉන්නේ!

      Delete
  5. ඉඳලා හිටලා උඹ කුණු නැති හරුපත් කියනවා... යකෝ බාර් එකට ගියා ඔය බෝඩ් එක දැක්කෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. උඹ බාර් එකට යනකොටත් බීලා.. එනකොටත් බීලා... ;)

      Delete
  6. රජමහා විහාරයක් කිව්වාට පසු කාලෙක මේ පැත්තෙ ජනාවාස නැතිවෙලා යන්න ඇති...

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. ඒ ගැන හොයලා බලන්න ඕනේ!

      Delete
  7. හොඳයි මචං... ඒ පැත්තේ ගියොත් බලන්න යන්න ඕන...

    ReplyDelete
  8. Udarata paththe ena witaka matath danwanna.
    Me satahana elaya. Mewa raka gatha yuthu deya. Niyamayi ya.

    ReplyDelete
    Replies
    1. එල... මම මේල් එකක් විදින්නම්!

      Delete
  9. නිවාඩු දවස් වල යනවානමි මටත් කෝල් එකක් දෙනවද? ( වෙන තැන් වලට)

    ReplyDelete
    Replies
    1. එල... පෝයට නිවාඩුනේ? පෝය දවසට යමු. එතකොට වැඩිපුර විස්තරත් අහගන්න පුළුවන් :)

      Delete
  10. ලස්සණ පන්සලක් :) කාලෙකට පස්සේ රජා වැදගත් වැඩකට සෙට් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්... හැමදාම පිස්සෙක් වගේ ඉදලා හරියන්නේ නෑනේ! ;)

      Delete
  11. එල. අලුත් වැඩේට සුබ පැතුම්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඔය පැත්තෙත් එනවා ඈ ;)

      Delete
  12. තව ගොඩක් මෙහේ තියනවා, ඒවත් ලියහන් මේ විදියටම. මේ වගේ අප්‍රකට ඒවා තියනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා...අපි යන හැම එකක් ගැනම ලියනවා බං!

      Delete
  13. අප්‍රකට තැන් වලට තියා, ප්‍රකට තැනකටත් යන්න අකමැති, අපිරිසිඳුකම නිසා.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත. අපි ගිය සමහර තැන් වල වවුල් විමාන. ගදේ බෑ!

      මේවා සුද්ද කරන්නවත් හිතෙන්නේ නැද්ද දන්නේ නෑ දායක පින්වතුන්ට..

      Delete
  14. Replies
    1. වර යන්න පන්සලකටවත්! ;)

      Delete
  15. වැඩේ නම් නියමයි. මේ විදිහට මතකයෙන් ඈත්වෙලා තියෙන අපේ අප්‍රකට සිද්ධස්ථාන ගැන දැනුවත් කරන එක වටිනවා. මේ සිද්ධස්ථාන සුරක්ෂිත කරන්න කරන කාර්යයක් විදිහට මේ වැඩේ ගන්න පුලුවන්

    //...කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1708 වප්මස පුර තියවක් නම් තිථියලත් සදු දින ගිරිගුහාරාම විහාර මණ්ඩපයේ උළුවස්ස සවිකල බව සදහන්ය. එය අදද නොනැසී පවතී...//

    මෙන්න මෙතන නම් රජෝ අවුලක් තියෙනවා. කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්නේ 1747. කොටින්ම රජ්ජුරුවෝ උපදින්නෙත් 1734 වගේ. ඒක නිසා මේ අවුරුද්ද දාද්දී මොකක්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න

    ReplyDelete
    Replies
    1. https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/936807_521058101288453_1900384365_n.jpg

      මෙන්න මෙහෙමයි පන්සලේ ගහලා තිබ්බේ... ආ තව ශඛ වර්ෂ කියලත් ඉස්සරහට තියෙනවා.පොඩ්ඩක් බලන්ඩෝ..

      අන්න එහෙම මොනවා හරි වැරැද්දක් තිබ්බොත් පෙන්නන්න ඈ. මොකද අපි ඉතිහාසය ගැන වැඩිය දන්නේ නෑනේ. :)

      Delete
    2. @ අඩවි රජ

      ශඛ වර්ෂ නම් ගැටලුවක් නැහැනේ රජා. ශඛ වර්ෂ හලපු එකෙන් තමා ගැටලුව ආවේ :)

      ශඛ වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ ව්‍යවහාර වර්ෂ එහෙමත් නැත්නම් ක්‍රිස්තු වර්ෂ 78 ඉදන්. ඒක නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ කාර්යය කරලා තියෙන්නේ ව්‍යවහාර වර්ෂ 1786.

      ඊළඟ ප්‍රශ්නේ එන්නේ එතකොට. 1786 වෙද්දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මියගිහින් රජතුමාගේ සහෝදරයා වුණු රාජාධි රාජසිංහ රජතුමා රජ වෙලාත් ඉවරයි.

      කරුණු කාරණා වරද්දගෙන තමා මේ සටහන බිත්තියේ ලියපු මනුස්සයා ලියලා තියෙන්නේ කියලයි මගේ හැඟීම.

      Delete
    3. //ශඛ වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ ව්‍යවහාර වර්ෂ එහෙමත් නැත්නම් ක්‍රිස්තු වර්ෂ 78 ඉදන්.//

      තෑන්ක්ස් හසිතයෝ.. සිරාවටම දැනන් හිටියේ නෑ. මම හිතුවේ ශඛ වර්‍ෂ නිකම්ම වර්ෂ කියලා :)

      අඩේ එතකොට මාරම සීන් එකක්නේ වෙන්නේ. එතකොට මොන රාජසිංහද මේක හැදුවේ. බොන්න වෙන සීන් එකක්නේ!

      Delete
    4. බාර් එකක් ගාවිං නේද හැරුන කිවුවෙ. :D

      Delete
    5. @ අඩවි රජ

      කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කරපු ආගමික සේවාවන් එක්ක බලද්දී මේ කාර්යයත් ඒ රජතුමාගේම ගිණුමට බැර කරන්නත් පුලුවන්. එතකොට මේක ලිව්ව එකා ගහපු බුලක් නිසා අවුලක් වුණා කියලා හිතන්න තමා තියෙන්නේ

      Delete
    6. ෂුවර් එකට ඕක ලියපු එකා බාර් එකෙන් බීලා :)

      Delete
    7. එකත් එකටම බාර් එක උගේද දන්නේ නැහැ.

      Delete
  16. අඩෝ මම මේකට ගිහින් තියනවද කොහෙද බං

    ReplyDelete
    Replies
    1. හෑ...? උඹ මෙහෙ ආවාද? ;)

      Delete
  17. එල එල. දැන් නම් ඉතින් රජ බැල්මක් ලබාපු නිසා රජ මහා විහාරයක් කියලා ගන්න පුළුවනි.

    ReplyDelete
  18. එල වැඩක් ...ආයේ දෙකක් නෑ ......රජාගේ වැඩක්නේ .......

    ReplyDelete
  19. ඇති යන්තම් පන්සලකටවත් යන්න හිතුන. අනේ හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම ඒවත් හිතෙනවා හරිය.. ;)

      Delete
  20. Replies
    1. අනිවා යං.... පුළුවන් දවසක් කියහන් :)

      Delete
  21. හොදය් (අද හෙන අප්සට් වැඩි දෙයක් කියන්ඩ බැ ඒනිසා :( )

    ReplyDelete
    Replies
    1. අප්සට් ගන්න එපා මෙයා... :)

      Delete
  22. එල.....ෆවුසි...රජා

    ReplyDelete
    Replies
    1. අඩා මම මුස්ලිම් නෙමේ... ;)

      Delete
  23. දැන් උඹ ඕවාද එහෙනම් කරන්නේ?

    ReplyDelete
  24. ලංකාවෙ අපි නොදන්න ලස්සන තැන් කොච්චර තියෙනවද කියලා හිතෙන්නෙ මේවා දකිද්දි..හොඳ වැඩක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. තව තැන් ගොඩයි...විස්තර දෙන්නං :)

      Delete
  25. අදමයි මේ පන්සල ගැන ඇහුවෙත් රජෝ.. මං ආවම මටත් යන තැනක් කියපං හොද එකා වගේ..

    ReplyDelete
    Replies
    1. ආ...යමන් යමන්... අපිටත් කට්ටිය නැතුව ඉන්නේ :)

      Delete
  26. හලේ මේ මෙච්චර පංසල් හොයාගෙන යන පුද බිම් හොයාගෙන යන රජානේ මේ කුණු හබ්බ පෝස්ට්සුත් ලියන්නේ, ඈ? :-O

    ReplyDelete
    Replies
    1. රජා කියන්නේ නිකන්ද? ^_^

      Delete
  27. රජෝ නියම වැඩක්... ඒ කියන්නෙ හොද වැඩක්.... මමත් අනිව ඕකට උබට උදවු කරනව....

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්... යං වෙලාවක! :)

      Delete
  28. රජා රජ වැඩක් බලන්න ගිහින්.. තියෙන තැනටමනෙ හැමදේම ලැබෙන්නෙ. අර විසාල ප්‍රසිද්ද පන්සල් වෙනුවට මෙන්න මේ තැන්වලටයි මිනිස්සු ආදාර කරන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. //අර විසාල ප්‍රසිද්ද පන්සල් වෙනුවට මෙන්න මේ තැන්වලටයි මිනිස්සු ආදරේ කරන්න ඕනෙ//

      සහතික ඇත්ත!!!

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)