Monday, January 20, 2014

අවුරුදු දෙකක් බොග දැමීම - Celebrating 2 Fabulous Years of Blogging


රට වටේ සිටි මා මිතුරු කැල ෂොක් කරමින් ලියවුනු අති උත්කෘෂ්ට වූත්, කොල්ලන්ට තනි ඇහැට ඇඩුනා වූත්, කෙල්ලෝ කොට්ටේ හොටු පිස්සා වූත්, රමණීය බූට් කතාවක් සමග කරලියට පැමිණි තහනම් අඩවිය පටන් ගෙන අදට වසර දෙකක්ය. පෝස්ට් 203ක් සහ කමෙන්ට්ස් 17148ක්ය. හිට්ස් ලක්ෂ 4ට සතියක විතර දුරය. සෙල්ලන්ද පොල්කොළ නෙහ්?


ඒ වන විට බ්ලොග් අවකාශය බදු අරන් සිටි සෙට් එක අඩවි රජා නම් පොඩි එකා හදුනා ගත්තේ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම වරට දිගහැරුන චිත්‍ර කතා මාලාවත් සමගය. ඉන් නොනැවතුනු මූ තෑගි දෙනවා යයි පවසමින් අරම්භ කල තෑගි තරගය ටද පාඨක ජනයා උඩ දාගෙන උත්තර හෙව්වෝය. සිරාවටම තෑග්ග දෙන්න හදද්දී ජයග්‍රාහිකාව අතුරුදන්ය. (බෝවිටියා මල් දම්මි). රජ වාසල මහ ඇමතියෝ සෙට් එක එක්ක යන ජාතියේ චාරිකා වෙන එකෙක්වත් යන්නේ නැති බවනං ෂුවර්ය. අපි යන්නේ කොතනද එතන මොකා........ක් හෝ ජල්තරයක්ය. ඒක නිකන් අර කරත්තේ පිටිපස්සෙන් හරකා එනවා වගේ මොකද්ද එකක්ය.



අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!! කියලා ගහද්දි රජා හෙනම ලයින් එකක් දැම්මේය. ඒ සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ය. මේක ලියද්දි වෙලාවකට මටම හිනා යන්නේය. අවුලක් නැත. හැමතිස්සෙම හිනා වෙලා ඉන්න එක ඇගට ගුණය. ඒ ලයින් එක කොච්චර නැගලා ගියාද කියනවා නම් කට්ටිය අළුත් උන්ට උපදෙස් දෙන්නෙත් බ්ලොග් එක නග්ගලා ගන්න මේ වගේ ලයින් එකක් පාවිච්චි කරන්න කියලාය. >_<

ඇයි තව බ්ලොග් වලට ඇන්ඩ්‍රොයිඩ් ඇප් උණ හැදෙව්වෙත් මේ රජාමය. මං අදහස ප්‍රසිද්ධ කරලා වැඩේ ගානට කරන් යද්දි සමහරු මට කලින් ඇප් හැදුවෝය. මට නිකන් හෙන අප්සට්ය. ඇයි යකෝ.... ඕවට කියන්නේ අදහස් හොරකම් කිරීමය. හරි නං නඩු දාන්න වටින වැඩය. අර ඇපල්ලගේ අයිඩියාස් සැම්සුන්ග්ලා උස්සනවා වගේ එකක්ය. :/
තහනම් අඩවිය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න.



පොඩිමෑන් ගෙන් පසුව කතා කරන මඩ පොටෝ හැදීමේ වගකීම බාරගත්තේ රජාය. වැඩේ නැගලාම ගියේය. දැන් ඒකට කට්ටිය සූ ගාලාය. ඒ හින්දා වැඩේ උන්ටම දීලා රජා පැත්තකට උනේය. දැන් රජා අළුත් වැඩක් පටන් අරගෙනය. ඒ බ්ලොග්කරුවන්ටම විශේෂ වූ පොටෝ කමෙන්ට් හැදිමය. වැඩේ ගින්දරටම නැගලා යන්නේය. බුකියට යන්න බැරි තරම් මඩ ගොහොරුය. අර සැමා කියනවා වගේ “රජා ගෙනාවොත් විසබීජයක්ය“. ^_^  
හුදෙක් තහනම් අඩවිය කියවන්නට එන උන් බලාපොරොත්තු වෙන්නේ සිගිති ආතල් එකක්ය. එය ඕනෑම වසු පැටියෙකුට වැටහෙන කරුණක්ය. නමුත් සම හරක් රජාව නැති කලේය. නමුත් ඌ සැලුනේ නැත. සැලෙන්නේත් නැත. සලන්නත් බැරිය. හරි එහෙනං ලොකු ටෝක්ස් දුන්නා ඇතිය. පෝලිමේ ආවා නං දැන් කන පලාගන්නේ නැතුව මට සුභ පතලා යන එක හොදය. :P

ප/ලි:

බ්ලොග් එකත් නිකන් දැන් මගේ වයිපරේ වගේ වෙලාය. ඒ තරම්මම මගේ වෙලාය. උනේ මොකද්ද සිද්දිය එලෙසම ලෙසටම මෙතන ලියන්නේය. හැබැයි ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා විතරය. 

රජා දැන් ඉන්ටර්නැෂනල් බ්ලොගර් ගර්ල්ස්ලා එක්කත් සම්බන්ධතා ඇති කරගෙනය. ඒ නිසා වැඩි පහසුව තකා නම පොඩ්ඩක් වෙනස් කරන්නේය. දැන් මූ අඩවි රජා නෙමේය MR. KING ය. පොෂ් නෙහ්?? ;)

බොලොක්කේ දෙවනි සංවත්සරය වෙනුවෙන්ම රජා සහ යුවරජා වෙනුවෙන්ම සැකසුනු ටි ෂර්ට් දෙක...


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, January 17, 2014

සිංහල බ්ලොග්කරුවන්ට පොටෝ කමෙන්ට්ස් - FB Photo Comments for Sinhala Bloggers

මේ පාර ගෙට්ටුවට රජා මඩ ලොරිය බෑවේ නැත. නමුත් කොයි යම් මොහොතක හෝ එකක් ගෙනත් බාන බව නම් කිව්වේය. හැමෝම කතා කරන මඩ පොටෝ ගහපුවාම ඒකෙත් අර තියෙන මෙව්වා එක නැති වෙලා යන්නේය. ඒ හින්දා ටිකක් වෙනස් එකක් ඉදිරිපත් කල යුතුය.

බුකියේ පොටෝ කමෙන්ට් එක නිකන් නැගලා යන සීන් එකක්ය. ඒත් මට නං දිරවන්නේම නැත. මම කමෙන්ට් කරන්නෙත් නැත. කමෙන්ට් කරන උන් ලෙසටම ඒවා දාන්නේය. එක එක උන්ටම ආවේණික පොටෝ කමෙන්ට්ද ඇත. උදාහරණ ලෙස මොරා කොල්ලෝ ගත්තොත් උන් පොටෝ කමෙන්ට් දාන්නේ උන්ගෙම ෆැකල්ටියේ උන්ගේ පොටෝ වලින් හදපු ඒවාගෙන්ය. අපේ සිංහල බ්ලොග්කාරයන්ටත් මේක තිබ්බා නං වැඩේ නැගලා යන සීන් එකක් රජාට ලාවට වගේ තේරුනේය. මේ දවස් වල වැඩකුත් නැති එකේ ඔන්න ඔහෙ පොටෝ කමෙන්ට් ටිකක් හැදුවේය. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕනේ කරන උන් මේවා බාගෙන චරිතය නොකඩවා ඝාතනය කර පොඩි ආතල් එකක් ගැනීමය.  :D ^_^
 






















































ප/ලි: 

ගෑණු ළමයි පව් හින්දා ඉතින් දැම්මේ නෑ පොටෝ... :3

තව ඔය එහෙන් මෙහෙන් හම්බෙන ඒවා අප්ඩේට් වනු ඇත. 
 
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, January 11, 2014

2014.01.01 අති සාර්ථක ලෙස තැඹිළි කැඩීමක - Welcome 2014 with a ROBBERY


අෆ්ෆේ.... මේ අවුරුද්ද පටන් ගත්තත් හරි මොකුත් කොටාගන්න පුළුන්කමක් ලැබුනේ නැත. එක්සෑම් එක ගොඩදාගන්නත් ඕනෑය. ඒකට මොනවා හරි වෙලා තිබ්බොත් නම් ජීවත්වෙලා වැඩක් නැත. තියෙන්නේ ඔය කොහෙ හරි උස කන්දකට හයික් එකක් ගිහින්... ජබුක් ගාලා ඇස් දෙක පියාගෙන බිමට පැනිල්ලක්ය. 2014 වූ කලී අතිශය ඛේදනාමක්මක අවුරුද්දක් වේය යන සැකය මේ වන විට මතුවෙමින් පවතින්නේය. මුල් ටික ආතල් එකේ ඇදිලා ගියාට පහු පහු වෙනකොට කොහු කොහු වෙන ලයින් එකක් එයි වගේය. මේ ගම වටේ තියෙන පදුරු තලන එකනං මට සෙට් වෙන්නෙම නැත. උනේ මොකද්ද, සිද්ධිය එලෙසම මෙතනය. 

විභාගේ පටන් ගන්න තිබ්බේ ජනවාරි 6 වෙනිදාය. 31 උදේ දවල් වරු දෙකේම පාඩම් කරලා කරලා හිටියේ තෝන්තු වෙලාය. රෑට ටීවී එකේ යන ෆිල්ම් නම් චොප්ප චොරය. ඒවා බැලුවේ මාස ගානකට කලින්ය. 2013 සාමකාමී ලෙස ඉවර කරන්න කියලා හිතාගෙන රජා පන්සල පැත්තට ගෑටුවේය. හවස බෝධි පූජාවට එහෙම සහභාගි වෙලා පිරිත් නූලක් එහෙම බැදගත්තේය. ඒ කිසිම හේතුවක් නිසා නොව අතේ පිරිත නූලක් නැතුවම බැරි නිසාය. දැන් මේ අතේ පිරිත් නූල් 5කට වැඩිය බැදලාය. අපේ මව්තුමිය අහන්නේ “තමුසේ ක්‍රිකට් ගන්න යන්න හදනවද“ කියලාය. ඒ උනුත් ඉන්නේ වැලමිට හරියට වෙනකන් පිරිත් නූල් බැදගෙන නිසාය. පන්සල පැත්තට ගියේ සෑහෙන කාලෙකින්ය. රජාව දැකපු ලොකු හාමුදුරුවෝ මහ අමන හිනාවක් දාගෙන “ මම බැලුවා මොකෑ අද මේ වෙනසක් කියලා“ කියාගෙන ගියේය. මට නේද ඉතින්....පස්ස හයියෙන් පොළවේ ගහගෙන මැරෙන්න හිතුනේය. ඇයි යකෝ...පොඩිද කියහල්ලකෝ අපහාසේ ???

බණ එහෙම කියලා ඉවරවෙලා හාමුදුරුවෝ පහන් වැටක කතාවක් කිව්වේය. 

හෙට ජනවාරි පළවෙනිදා... කොහොමද අපි ලස්සනට පහන් පත්තු කරන්න දිගටම පහන් වැටක් හැදුවොත්. ඔන්න මම හෙට වඩිනකොට හරිම ලස්සනට මෙතන තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 

ඕක කියනකොටත් මම හිටියේ අහක බලාගෙන වගේය. අනිවා ඕක ඇගට වැටෙන බව මට ඉවෙන් වගේ දැනුනේය. පූජාව ඉවර වෙච්ච ගමන් සං ගාලා මාරු වෙන්න හැදුවට වැඩේ හරි ගියේ නැත. අයියා කෙනෙක්ට මාට්ටු උනේය. 

අයියා: මල්ලි හෙට හදමු නෙහ්? 

රජා: ආ හරි හරි හදමු  හදමු... එනකොට මටත් කතා කරන්නකෝ එහෙනං..

අයියා: හරි එල...

හරිනේ දැන් සන්තෝසයිනේ.... ඕකනේ කරගන්න ඕනේ උනේ. පළවෙනිදා නැගිටිනකොටත් අළුයම 10ට විතරය. නැගිට්ටා විතරයි, ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් අංකල්ලගේ ගෙදර ලන්ච් එකකට පොඩි ඉන්විටේෂන් එකක්ය. ආයේ ඉතින් කන්න දෙනවා කිව්වම ඒකට නොයා ඉන්නවද මේ රජා? නිකන් දෙනවනං ගොම් බෙට්ටට සෝස් දාලා උනත් කයි මගෙ පුතාලා.....

ලන්ච් එකට ගිහින් එනකොට 2.30ට විතර ඇතිය. ගෙදරට බයික් එක දානකොටම පහන් වැට හදන්න ආපු උන් ගේ ඉස්සරහය. දෙයියෝ සාලෙය. මම හිටියේ ටිකක් වෙලා පාඩම් කරලා ෂේප් එකේ 4ට විතර පන්සල පැත්තට යන්නය. දැන් ඉතින් බඩු පැකට් වෙලා ඉවරය. උපාසක මෝඩ් ඔන් කරගෙන හෙමීට පාවෙලා යන්න වෙනවාය. රජා පත මන්නෙකුත් අරන් වැඩකරු වගේ පන්සලට ගියේය. 

දැන් ඉතින් වැට ගහන්න උණ බට ඕනෑය. හොද වෙලාවට මට්ටවල ඇතුලේ කපපු උණ ගහක් එහෙම් පිටින්මය. නැත්තන් උණ ගහක් කපලා කරේ තියාගෙන එන්ඩ උනානම් එහෙම වැට ගහන්න වෙන්නේ 2015 ජනවාරි පළවෙනිදට තමාය. උණ බටේ ගානට කපාගෙන කුණු ගේමක් දී පටි වලට පලා ගත්තෙමු. කොච්චර අජපල්ද කියනවානම් හැම එකාගෙම අත තුවාල වෙලාය. අවුරුද්දේ පළවෙනිම දවසේ අපිට හම්බෙන ටොපි ඕවා තමාය.  දැන් ඕනේ කරන්නේ වැට ගහන්න වැටමාර පොලු ටිකක්ය. පන්සල ඉස්සරහා වැඩේට සෙට්වෙන හොද රජයේ ඉඩමක් ඇත. ෂේප් එකේ වත්තට රිංගලා වැටමාර පොලු ටිකක් කපා ගත්තෙමු. 

මේ අතර දෙන්නෙක් මිසින්ය. රජයි යුවරජයි අතු කපනවාය. 

රජා: කෝ ඕයි අරැන් දෙන්නා?

යුව: දන්නෑ ඕයි... අන්න පිටිපස්සට ගියා. 

රජා: බලලා එනවා ගිහින්...

ඈතින් ඇසෙයි....

යුව: මෙන්න මුං අඹ කඩනෝ.......................

අම්මටසිරි... හොරන් කඩන අඹ පට්ටම රහය. රජා රෙද්ද කරේ තියාගෙන වැටවල් අස්සෙන් රිංගගෙන පණ කඩාගෙන ඒ පැත්තට දිවවේය. 

රජා: කෝ යකෝ මට...

යුව: අඹ නෙමේ ඕයි... තැඹිලි!

රජා: @#$%^&&*(

අඹ මොකද තැඹිලි මොකද? අපි ඔය හොර වැඩ වලට නැත. රජා යනු කඩලා මට දීපන්. මම බොනවා තියරියේ ඩයල් එකක්ය. කොහොමින් කොහොම හරි වල්ලෙන් ගෙඩි 10ක් විතර අතුරුදන් උනේය. බීවේ කවුද කියා තවමත් කිසිවෙක් දන්නේ නැත. හැබැයි ඒ තැඹිලි ගහ ගැන දැනගත්ත එක හොදය. හදිස්සියට මුත්‍රා දැවිල්ලක් එහෙම හැදුනොත් නෙහ්??? අපේ ගස්වලට වැඩිය හොරෙන් කඩන් බොන ඒවට ක්ෂණික සනීප වෙනවාය. ;)



 


කොහොමින් කොහොම හරි  පට්ට  චාටර් එකක් කාලා වැට හදලා ඉවර කලේය. ගානට 6.30 වෙනකොට වැට බාර දුන්නේය. පහන් පත්තු කරලා ලස්සනේ බැරිය. හොදම සීන් එක උනේ බෝධි පූජාව ඉවර වෙලාය. පූජාව ඉවරවෙලා ආච්චිලා දෙන්නෙක් හෙන දිග පැදුරක් උඩ හිටගෙනය. ඒක ආච්චි කෙනෙක් මේ පැත්තේ ඉදන් පැදුර අකුලගෙන ඇවිත් රජා ගාවින් නැවතිලා මෙහෙම ඇහුවේය. 

ආච්චි: මේක අදිමුද??? අර අයින් වෙන්නේ නෑනේ දෙන්නා... 

රජා: හෙහ... වැටෙයිද දන්නේ නෑ.

වාක්‍ය ඉවර කරන්න හම්බුනේ නැත. පිටිපස්සේ හිටිය එකෙක් ඇවිල්ලා රුස් ගාලා පැදුර ඇද්දේය. එතකොටම වගේ එක ආච්චි කෙනෙක් පැදුරෙන් අයින් උනේය. කෙලවරේ හිටියේ හෙන කෙට්ටු ආච්චි කෙනෙක්ය. උනේ මොකද්ද කියලා හිතාගන්නවත් වෙලාවක් උනේ නැත. කෙට්ටු දෙයක් දඩස් ගාලා බිම ඇද වැටෙනවා දැක්කේය. සූ ගාලා සෙනග වට උනේය. පිටි පස්සේ හිටපු කොල්ලෝ ටික හිකි හිකි ගගා හිනා වෙන්නේය. ටිකකින් ආච්චිව උස්සගෙන ඉස්පිරිතාලේ පැත්තට දුවනවා පෙනෙන දර්ශනයක්ය. සිද්ධිය එතනින් ඉවරය. 2014ටත් ආයේ පිරිත් නූලක් බැදගෙන රජා වහාම නිවෙස් බලා ආවේය. 


ප/ලි:

වැටිච්ච ආච්චිගේ උකුල් ඇටේ පැනලද පුපුරලාදද කොහෙදලු. ඔපරේෂන් කරන්න උනාලු. පැදුර කවුරුහරි ඇද්දා......... කොල්ලෝ මට හිනාඋනා...... කිව්වලු. ඒක අහපු වෙලේ ඉදන් රජාට හෙන අප්සට්ලු -_-

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!