Wednesday, February 27, 2013

කරගහගෙදර අම්බලමේ සුව වින්දෙමි | Karagahagedara Ambalama


පනාවිටිය අම්බලම බැලූ දහම් පාසල් ලමයි 12 වෙනකොට දහම් පාසලේ සිටිය යුතු බැවින් ඔවුන් ආපසු පිටත්ව ගියෝය.  රජ සීයා කියූ පරිදි මේ අහල පහල තව අම්බලමක් තිබිය යුතුය. රජා එම අම්බලම සොයා ගියේය. හෙමින් හෙමින් වට පිට බල බල ගියේ පුරාවිද්‍යා එකේ බෝඩ් එක කොහේ හෝ මුල්ලක තිබෙදැයි සොයමින්ය. මම ඉදිරියටම ගියෙමි. වැඩේ දෙල් වෙලා වගේ මට වැටහුණි. වහාම ටුක් ටුක් එකක අයියා  කෙනෙක්ගෙන් ඇහුවෙමි. මම ප්ලේස් එක පහු කරගෙන මීටර් 500ක් පමණ ඇවිල්ලාය. ආපහු කරකෝ ගත් බයික් එක ඉදිරියටම ඇදුනේය.  හැරිය යුත්තේ මෙතනින්ය. මම වහාම පාරෙන් පහලට දැම්මෙමි. 

කරගහගෙදර වූ කලි තවත් එක අම්බලමක් නොවන්නේය. එය අතීත දඹදෙණිය-යාපහුව මාර්ගයේ හමුවන අවසාන අම්බලමය. අනිත් ඒවා විනාශ වී ගොස්ය. මෙය පනාවිටිය තරම් කැටයම් වලින් සමන්විත නැත.  ඇත්තටම කියතොත් කැටයම් ඇත්තෙම නැත. නමුත් මෙහි අලංකාරය ඇත්තේ එහි පිහිටි භූමියේය. අම්බලම සමබර කර ඇත්තේ ගෝලාකාර ගල් 4ක් මතය. රජා අම්බලමට ගිය කාලය හරි නැත. අසල පිහිටි වෙල්යායවල් වල ගොයම් කපලාය. කුඹුර කොළ පාටට තියෙන දවසක ගියේ නම් අම්බලම මිට වඩා පට්ට ගතියට පෙනෙනු ඇත. 

ඇතුලේ ඉදන් පේන වෙල් යාය

බෝලගල් උඩ සමබරව

කකුල එහෙම තියාගන්න

සරල වහලය

කෝනර් වීව්

If u can read this.... ;)

ගෙදර අරන් යන්න බැලුවේ :)

බෝල ගලක් :)

පොඩි ඇලට් එකක්

පනාවිටියෙන් පැන්න බහුබූතයා

මෙයා මගෙ වස්තුව :)
මම එතනට එනකොට මැදි වියේ ජෝඩුවක් අම්බලම තුලය. උන් දෙන්නා ලව් කරන්නේ දැන්ද කොහෙදය. මම ටිකක් ඈතට වෙච්ච ගහක් යටට වී සිටියෙමි. ටික වෙලාවකින් දෙන්නා  පිටව ගියේය. අම්බලම ඇතුලේ ඉඳගන්න වගේම කකුල් තියාගන්න වෙනම කොටේකුත් සපයා ඇත. ඇත්තෙන්ම එහි ඉඳගෙන සිටීමත් මහත් ආශ්වාදජනකය. කොච්චර හිටියත් එපා වෙන්නේ නැත. රජා නම් අව්වේ ඇවිත් මහන්සිය වැඩි කමටම පොඩි ඇලට් එකකුත් දාගෙනම හිටියේය. හවසට ගමේ මිනිස්සුත් මෙතෙන්ට ඇවිත් පොඩි රස්තයක් ගහල යන බව මට මගදී හමුවූ ගොවි මහත්තයෙක් පැවසුවේය.  

අම්බලමට එන ඕනෙම කෙනෙකුට පහසු වන පරිදි මම මෙසේ මාර්ගය සටහන් කරන්නෙමි.

කොළඹ සිට එන අයෙකු නම්,

මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.



කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කරගහගෙදර 



කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කරගහගෙදර 

කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල - කරගහගෙදර  

නාරම්මල සිට පැමිණිය යුත්තේ කුලියාපිටිය මාර්ගයේය. නාරම්මල සිට කිලෝමීටර් 2කින් පමණ හැරෙන හන්දිය හමුවේ. එය කඩහපොල හන්දියට කලින් හමුවන තුන්මන් හන්දියය.  පනාවිටිය අම්බලමේ සිට ශෝට් කට් එකක්ද ඇත. ඒක කියන්න ගිහාම ඇඩෙන නිසා මම නොකියා ඉන්නෙමි. අවශ්‍ය නම් රජා අමතා විස්තර ගත හැකිය. 

මෙතනින් තමා හැරෙන්නේ

කුලියාපිටිය පාරේ හන්දිය

මම ඉතිහාසය ගැන දැනමුත්තෙක් නොවේය. නමුත් ඊට ආදරය කරන්නෙක්මි. මම අම්බලම් 2 හා රාජධානි 2 සිතියම් ගත කලෙමි. එවිට ලැබුනේ මෙයය. අතීත ගමන් මාර්ගය මෙහෙම තියෙන්න ඇති නෙහ්? (වැරදිත් ඇති. මොකද මම ඒ කාලේ හිටියේ නෑනේ)



ඉස්සර ජාතික රුපවාහිනියේ පෙන්වූ ඇත්කඳ ලිහිණියා ටෙලි සිත්තමද තිරගත කර ඇත්තේ මෙම අම්බලම තුලය. එහි සියලුම කොටස් YouTube එකෙන් ඔබට නැරඹිය හැකිය. මම නම් මුල ඉඳලම බලන්න පටන් ගත්තෙමි. විශිෂ්ඨ ගණයේ කතාමාලාවකි. කනෙක්ෂන් එක අන්ලිමිටඩ් නිසා අවුලක් නැත. ඔන්න කට්ටියට බලනවනම් සුපිරි කතාවක්ය. දැන් මම බලන්නේ අන්තිම කොටස් කීපයය. 10 වෙනි සම්ප්‍රාප්තියේ තියෙනවා අම්බලම. මෙන්න ඒක... :) 

21,25,27,28,33 කියන කොටස් වලත් තියේ. 28 මුලම තියෙන්නේ අම්බලමේ ජවනිකා. එක දිගට දවස් 2ක් මේකම බලලා මට දැන් කියවෙන්නෙත් පරණ වචනමයි. 


 
කතා සාරංශය

“යකෝ....අඩවියේ ලේනා හැටියට මම දැන් මේක මේම උඹලට කිව්වට.... ඔය අංගපුලාව ඇති නෑම්ඹියෝ එහෙම තනිපංගලමේ අම්බලම බලාන්ට ගාටනවා එහෙම නෙමේ ඕං....මේක අඩවි රජාගෙ ගෝරමේන්තුව....හැමතැනම රාජ පුරුෂයෝ....තොපිට අල්ලන් පතබායි...ඉක්කනට තීන්දු ගමන යන්න කැමති උන් එහෙට ගාටනවා හොදයි....තොපේ ගසගරත්තුවේ අඩුවකුත් නෑනේ...මොකෑ බොල හිනාවෙන්නේ...තොපි දන්නවනේ රජා පූචානම් නොකියන විත්තිය. උඹලා ඒ පැත්තේ ගාටනවනම් රජාව හදිගැහිලා අවසරේ අරන් පල...තොපිට මොනා හරි උනොත් මගෙ හදුන්පොතනේ බොලව් කීං ගාන්නේ...එහෙම උනොත් මට මුළු දවසම කදුළු ගගා තමා ඉන්ඩ වෙන්නේ. පාන්දරින්ම වරෙල්ලා... එතකොට ඉරගල වැටෙන්න කලියෙන් අම්බලම් දෙකම බලලා පැල්වලට ගෑටුවෑකි. ආ...මතක ඇතුව එනකොට දැකුම් පෙට්ටි දෙක තුනක් ඇන්න වරෙල්ලා ඈ... ;) 

එහෙනම්....ගෙහුං එන්නං....

 මුලිච්චිවීම පසුවට තීන්දුයි....


බුකියේ පල වූ රූප ඇල්බමය --- මෙතනින් බලන්න



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, February 25, 2013

පනාවිටිය අම්බලම සොයා ගියෙමි | Panawitiya Ambalama


සාමාන්‍යයෙන් ‍ලගපාත තියෙන ඓතිහාසික ස්ථාන මගෙන් මිස් වන්නේ කලාතුරකින්ය. නමුත් මේ මිස් වීමට මට සමාව දිය නොහැකිය. හූවයි බල්ටියයි දුරේ තියෙන මේ මනරම් අම්බලම මට මිස් වුනේ කෙසේද? මමවත් උත්තරයක් දන්නේ නැත. කෙසේ හෝ අම්බලමට යන්න අදහස දුන්නේ දහම් පාසලෙන්ය. රජා වූ කලී කලෙක දහම් පාසල් ආචාර්යවරයෙක්ය. මම කියා දුන් දෑ පොඩි උන්ට තේරුනාද කියන්න මම දන්නේ නැත. නමුත් ගුරුවරයා මමය. පනාවිටිය ගැන මම අපේ සීයාගෙන් ඇසූ විට ඔහු තවත් අම්බලමක් ඔය ළඟ පාතම තිබ්බා මතක බව මට කිවේය. එකත් බලන්න හිතාගෙනම මම තනියම ගෙදරින් එලියට බැස්සෙමි. තනියම නොව නංගිද සමගය. ඇයි තව දහම් පාසලේ පොඩි උන්ද පිය රජාගේ බස් එකේ ගමනට එක්උනේය.

අම්බලමට එන ඕනෙම කෙනෙකුට පහසු වන පරිදි මම මෙසේ මාර්ගය සටහන් කරන්නෙමි.


කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.

කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - මැටියගනේ - පනාවිටිය 

කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - මැටියගනේ - පනාවිටිය

කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල - මැටියගනේ - පනාවිටිය. 


මැටියගනේ හන්දියෙන් හැරී අතුරු මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ඇතුලට යා යුතුය. හම්බෙන පළමු තුන්මන් හන්දියෙන් හැරිය යුතුය. එතැනම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සවිකල පුවරුවක්ද වේ.


තුන්මන් හන්දිය
පනාවිටිය වූ කලි සාමාන්‍ය අම්බලමක් නොවේය. එහි වූ ලී කැටයම් දෙවෙනි වන්නේ දළදා මාලිගාවේ කැටයම් වලට හා ඇම්බැක්කේ දේවාලයේ කැටයම් වලට පමණි. බාග විට ඇම්බැක්කේ වහලයට වඩා මෙහි වහලය කලාත්මක බව කෙනෙකුට සිතෙන්නටද පුළුවන. ලඟට යනතුරු මෙය සාමාන්‍ය අම්බලමක්ම යයි ඕනෙම කෙනෙකුට පෙනේ. නමුත් අම්බලම ඇතුලට ගිය කල මෙය මෙතරම් දෙස් විදෙස් සංචාරකයන් වශී කලේ ඇයි දැයි ඕනෙම කෙනෙකුට මනාව වැටහෙන්නේය. 


ඉස්සරත් මෙහෙම තියෙන්න ඇති


වහලය


සම්පූර්ණ වහලය

නටන අක්කෙක්

අයියද? අක්කද?

යට ලීයේ කැටයම්

එක එක ඩිසයින්

තවත් යට ලීයක්

බහුබූතයා.....

මම ආසම රෙස්ලින්

කැටයමක් ලගින්ම

රජා ඇතුලේ (මට මාර හැගීමක් ආවා... මමත් රජෙක්නේ)

අම්බලම

රැකගමු


මේව කොටන්න මොන ගේමක් දෙන්න ඇද්ද?


අතීත කතාව 

අතීතයේ දඹදෙණි රාජධානියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජකම් කරන සමයේ රට මැද කැරැල්ලක් ඇතිවිය. එම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා විජයබා කුමරු සේනාවක් සමඟ පැමිණ කැරැල්ල මැඩ පවත්වා ආපසු යන ගමනේ දී සතුරු බළකායේ අයෙක් සැඟවී සිට නාග විෂ කැවූ ඊතලයකින් කුමරුට විදින ලදී. එහිදී සිහි මුර්ජා වී සිටි කුමරු සුව ලැබීය. ඉන්පසු එම ස්ථානය පණ ආ වැටිය නමින් හැඳින්වීය. පණ ආ වැටිය පසුව පනාවැටිය ලෙසට ප්‍රචලිත විය.

මේ සිදුවීම නිසා රජතුමා මේ ප්‍රදේශයේ ගමන් කරන හැම විටම පනාවිටියට ඒමට අමතක කළේ නැත. එසේ රජතුමා පැමිණි විට දෝලාව තැබීමටත් රජතුමාට විවේක ගැනීමටත් මේ අම්බලම සැදූ බව ඉතිහාසයේ සදහන්ය.

දඹදෙණි –යාපහුව මාර්ගය ඔස්සේ පිහිටා තිබුණේ යයි විශ්වාසකරන අම්බලම් ශ්‍රේණියෙන් අදවනවිට ඉතිරිව ඇත්තේ දෙකක් පමණය. ඒ පනාවිටිය හා කරගහදෙණියය. 

රජා මේ අම්බලම් දෙකම පැය කීපයකින් කවර් කලේය. කරගහගෙදර ගැන විස්තරය ලගදීම ගෙන එන්නෙමි. අම්බලම් දෙකෙහි පිහිටීම, රාජධානි දෙකේ පිහිටීම සමග පැරණි මාර්ගය වැටුණු මාර්ගයද සහිත සිතියමක් ගෙන එන්නට සිතාගෙන සිටිමි. 

බුකියේ පල වූ රූප ඇල්බමය --- මෙතනින් බලන්න


රාජ චාරිකා සටහන් පෙල





සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, February 21, 2013

තව පොඩ්ඩෙන් ඒ මරාලෙත් මගෙ ඇගේ...


පුන් සඳ පාය ඇති සුන්දර උදෑසනකි. නමුත් මට ඇහැරුනේ 10ත් පහුවෙලාය. නිවැරදි ලෙස කාල ගණනයක් කල හොත් මම පැය 12කට පොඩ්ඩක් වැඩි වෙන්න නිදාගෙනය. අපේ ටීච කියලා තියෙන්නේ මනුෂ්‍යයෙක් දවසකට පැය 6කට පොඩ්ඩක් වැඩි වෙන්න නිදා ගන්න ඕනේ කියලාය. මේ දවස් වල කරන්න වැඩකුත් නැති එකේ නෙට් එකේ උඩ කොටුවේ රගන මකුළු පැටව් දෙන්නෙක් දෙස මම ටිකක් වෙලා බලාසිටියෙමි. උන් දෙන්නත් කරන්නේ එකම දේමය. එකත් හරියන්නේ නැති තැන මුණ හෝදන්නට යන්නට ඇදෙන් බැස්සෙමි. 

හෙමින් හෙමින් බෝජනාගාරේ පැත්තට ගිහින් කටපුරෝපු වතුර එකක් ගැහුවෙමි. ඊළඟට යෙදී තිබුනේ දත් මැදීමේ නැකතය. ගෙදර හැමෝගෙම දත් බුරුසු ටික ලස්සනට තිබ්බත් මගේ එක එතනින් සුවිශේෂී වන්නේ එහි ආරක්ෂිත ක්ලිප් එක නැති බැවින්ය. වෙනදා මෙන්ම නොව මට හෙන අමුත්තක් දැනුනි. මගේ කෙදි ඈත්වුණ බුරුසු රාජයා  පෙනෙන්නට නැත. මම වහාම මව්තුමිය ඇමතුවෙමි.

රජා: අම්මේ................... මගේ බුරුසුව නැතෝ............

අම්මා: ආ.... ඒක උඩ කැරපොත්තෙක් හිටියා. මම ඒක විසික්කෙරුවා....

 
හා...කාලා  වරෙන්කො....දැන් ඉතින් දත් මදින්නේ අහවල් එකෙන්ද? මුණ හොදලවත් නැතුව කඩේ යන්නේ කොහොමද? අම්මට යන්න කිව්වොත් බැනුම් කෝටියය. එතකොටම වගේ සහෝදර ප්‍රේමය මගේ සිත තුල දළු දැම්මේය.

රජා: මම මල්ලිගේ එකෙන් මදිනවා ඈ...?

අම්මා: මගෙන් ගුටි කන්න එපා....අල්ලන්නේ නෑ ඒක එහෙම. පොඩි එකාටත් ලෙඩ හදවන්න... 

 
හයියෝ සහෝදර ප්‍රේමය. කියෝ කියෝ ඉන්නේ නැතුව කෙලින්ම අරන් මදින්න තිබ්බේ. දැන් ඉතින් කරන්න දෙයක් නැත. අම්මත් රබර් ඇහැ දාගෙනය.

ඇගිල්ලට ක්ලොගාඩ් ටිකක් අරන් කට වටේ අතුල්ලා ගත්තෙමි. අවුලක් නෑ ගෙදරනේ ඉන්නේ. මම හිත හදා ගත්තෙමි. කිරි එකක් එහෙම ගහලා ලැප් එක දාගන්නකොට වෙලාව 11ට විතරය. එතකොටම වගේ ප්‍රමුදියා කෑගහගෙන ආවාය. උදව්වක් කරනවකෝ.... හසංගි ගැන පොස්ටුවක් දානවකෝ....කෙනෙකුට උදව්වක් ඕනේ උනාම උණු වෙන හිතක් රජාටත් ඇති හෙයින් මම පොස්ටුවක් දැම්මෙමි. පොස්ටුවෙන් පසුව රජා කෙලින්ම යන්න ගියේ බැංකුවටය. ඒ ඇය වෙනුවෙන් මුදලක් දැමීමටය. 

රජා: අම්මේ.......මම බැංකුවට යනෝ..........


අම්මා: ඔහොම ඉන්න මටත් යන්න ඕනේ....


අම්මත් එක්ක මම ටවුමට ගියෙමි. අම්මා මහජන බැංකුවට ගිය අතර මම ගියේ සම්පත් බැංකුවටය. දෙකම ඇත්තේ මුහුණට මුහුණලා පාරෙන් දෙපැත්තේය. බැංකුවේ වැඩිය සෙනගත් නැත. මම ක්ෂණික සල්ලි දමා මහජනේ ගාවට ගියෙමි. අම්මා තාමත් ඇතුලේය. මම එතෙන්ට යනකොටම වාගේ මැදි වියේ ජෝඩුවක් ආවේය. රජා ලගින්ම බයික් එක නැවත්වා එහි බිරිද වූ අක්කා ATM එක ඇතුලට ගියාය. එයා එනකන් අයියාකාරයා බයික් මට පිටිපස්සෙන් පාර පැත්තට හරවාගෙන නවත්වාගෙන හිටියේය. 


අක්කා හදිස්සියෙන් වගේ එනවා මට පෙනෙන්නේය. ඇය බෑග් එක හදමින්ම බිම බලාගෙන ආවේය. කෙලිම ආවේ බයික් එක උඩ ඉඳගෙන සිටි රජා ගාවටය. ඇය දැන් මට ඉස්සර හිටගෙන සල්ලි බෑග් එකට ඔබන්නේය. මට නිකන් හීන් දාඩියක් වගේ දැම්මේය. මම ශේප් එකේ සයිඩ් කන්ණාඩිය බැලුවෙමි. අයියාකාරයා  පිටිපස්සේ ඉදන් දත් 64ම එලියෙ දාගෙන හිනාවෙන්නේය. මමත් දැන් හිනාව තද කරගෙන වෙන්නේ මොකද්ද කියා බලාගෙන හිටියෙමි. සල්ලි ඔබාගත් අක්කා උඩ බැලුවේය. ඇයට හික්...ගෑවෙනවා මට ලෙසටම ඇසුනේය. වටපිට බැලු ඇය අයියා දෙසට දිව්වාය. එතකොටම වගේ රජාටත් බකස් ගා හිනා ගියේය. මම පිටිපස්ස බැලුවෙමි. අයියා අක්කාට හිනා වෙමින් මොනාද කියන්නේය. බයික් එක ඉස්සරහට ගන්න ගමන් අයියා මට මෙහෙම කීවේය,

අයියා: තව පොඩ්ඩෙන් මල්ලිට මෙයාව ගෙදර අරන් යන්න වෙන්නේ...

රජා: හික් හික් හික්.... :D


ප/ලි:

මේ වගේ හැන්සම් කොල්ලෙක් දැක්කම කෙල්ලෝ උනත් ලගට ඇදෙන එක අහන්නත් දෙයක්ද... 

සහෝදර ප්‍රේමය මෙසේ අර්ථ දැක්විය හැක...
(රංගනය - රජ & යුවරජ )


කලින් දවසක විස්කි කඩේ පූසට, ලෑලි වලේ ලූලා දාලා සින්දු කිව්වෙත් මෙහෙම්මම තමයි. :) :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, February 20, 2013

හසංගි නීඩ්ස් යූ මචන්!!! - Hasangi Needs You Machan!!!



ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..

කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

Facebook එකේ, බ්ලොග් අවකාසේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

මෙය කිසිම ආකාරයේ අසත්‍ය තොරතුරක් නොවන අතර ඉදිරියේදී එම සහතික ඔබට ඉදිරිපත්කිරීමට අප සූදානම්.. එහෙයින් යමක් පිළිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..



විමසිය හැකි අය..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
 නිමේෂ් ගමගේ - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
හෝ
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina


මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

MEDICAL REPORTS OF HASANGI
Click Here 

හැකි හැමෝම මෙය SHARE කර අනෙක් මිතුරන්ව දැනුවත් කරන්න.. ඔබ සැමටම ස්තූතියි..

ප/ලි:

අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 200කින් මේ අක්කගේ ජිවිතේ බේරගන්න පුලුවන්.මොහොතක් හිතන්න.පුළුවන්නම් මේ වෙනුවෙන් දායක වෙන්න....

මේක අනිත් උන් රනවා වගේ බොරුවක් නෙමේ මචන්... පෝස්ටුව දාලා මමත් කෙලින්ම ගියේ බැංකුවට...

 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, February 18, 2013

මේම හිටියට අපි ජර්මන් කෑලි ටෝක් කරපු කොල්ලෝ හරිය..


සාමාන්‍යයෙන් ටීන් ටීන් ගාන අවුරුදු වල හෙවත් නව යෞවන වියේදී අපිට එක එකාකාර වූ ආසාවන් ඇති වෙන්නේය. රජ උනත් මටත් එසේමය. සමහර ඒවා නම් වැලදුනොත් වැලදුනාමය. 7 වසරේදී හැදුන රෙස්ලින් පිස්සුව මට තාමත් සුව වී නැත. එදා මෙදා  කාලය තුල කිසිදු එපිසෝඩ් එකක් මට මිස් වී නැත. මිස් උනත් ඔන්ලයින් හෝ බලනවාමය. ඊට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ඉස්කෝලේ ඉස්සරහ රෙස්ලින් කාඩ් විකුණූ අන්කල් කාරයාය. 

ඒ වන විට අපි සිටියේ 9 වසරේය. සෞඛ්‍ය පොතට අනුව අනාවැකි පවසා තිබු සියලු විපර්යාස සිදුවෙමින් පැවතින. ඇත්තම කියතොත් ඉස්සර අපේ උන්ට අකුරක් නෑර පාඩම්ව තිබු එකම පාඩම ලිංගිකත්වය හා ප්‍රජනනය ය. ඉස්සර ඔය පාඩම යද්දී එකෙක් හුම්...සද්ද නැත. පාඩමේ ගිලී කරවටක් බැසගෙන සවන් දීගෙන සිටින්නේය. පන්තියේ කෙල්ලොත් නැති එකේ සර්කාරයා ලෙසටම කියා දෙන්නේය. අවශ්‍යනම් රූප සටහන් පවා බෝඩ් එකේ මතුවෙන්නේය. පසු පස කලාපයේ සිට තනි ඇහෙන් අඩමින් අපි ඒවා දෙස බල සිටින්නෙමු. දැන් කතාව වෙන පැත්තකට ඇදෙන්න යන්නේය. බල්ලා ගැන කියන්න ගිහින් බලු මැක්කා ගැන කිව්වා වගේ සීන් එකක් වෙන්නට පෙර වහාම මාරු විය යුතුය. 

ජර්මනියෙන් කෙල්ලෙක් දාගෙන උන්ට ලියුම් යවන්න හෙවත් පෑනේ මිතුරියක් දාගන්න එක ඉස්සර  ස්ටයිල් ඒක්කය. මේ පිස්සුව ඉස්කෝලෙට ගෙන ඒමේ සම්පුර්ණ වගකීම බර ගත යුත්තේ ඉන්ග්ලිෂ් මීඩියම් ක්ලාස් එකේ උන්ය. කොහෙන්දෝ මන්ද ඇප්ලිකේෂන් එකක් රජාටත් ලැබුණි. ඌටත් ඕනේ කුණුගොඩක් මසුරන්ය.  පුරෝලා දැම්මෙමි. හැබැයි මට ඕනේ කෙල්ලෝ විතරමයි කියා Female එකට ටික් එකකුත් කළු පෑනෙන්ම දැම්මෙමි. සතියක් විතර ගතවිය. ජර්මනියෙන් ලියුමක් ආවේය. හානේ.... මෙන්න අපි ඔයාට කෙල්ලෙක් හොයා ගත්තා යයි එහි සටහන්ව තිබුණි. එයාගේ ඇඩ්‍රස් එකත් එහි තිබුනේය. 

ඇඩ්‍රස් මැකුවා... පව්නේ නැත්නම්

ලියුම ආපු දවසෙම  මම ලියුමක් ලීවෙමි. මා දයාබර කැතරින්....ඔයා කන්න කැමති මොනවද? ඔයා  අදින්නේ මොනවද? ඕවද මේවද ලොවෙත් නැති සිගිති ප්‍රශ්න පෝලිමය. ලියුම ජර්මනියට යවන්න රුපියල් පනහක්ද කොහෙද මුද්දර ගාස්තු ගෙවන්න උනේය. ඉස්සර පනහ කියන්නේ හෙන ගානක්ය. මම එච්චර ඉස්කොලේවත් ගෙනිච්චේ නැද්ද කොහෙදය. ටික දවසකින් ඇයගෙන් පිළිතුරු ලිපියක් ලැබුණි. රජා දැන් උඩ පාවෙන්නේය. ඇවිදින්නෙත් පොලවට සමාන්තර වෙනම ගමන් පථයක් දිගේය.  වෑන් එකේ කෙල්ලන්ටත් මේක පෙන්නන්නේය.

උඹලට තමා අපිත් එක්ක කතා කරන්න බැරි....බලනවා....අපි දැන් රට කෙල්ලොත් එක්ක ආස්සරේ.... 

ඕක මූණ ළඟටම කරලා පෙන්නුවම උන්ටත් හෙනම ජෙල උපදින්නේය. ඇදලා අරන් බලල ඉවරවෙලා එක එක ප්‍රශ්න අහන්නේය.

කොහොමද අනේ හම්බුනේ?????

රජත්  කොලර් එක එහෙම හදාගෙන උත්තර දෙන්නේය. ඒ මගින් වෑන් එකටත් උණ බෝ කිරීමට මංතුමා සමත් උනේය. දැන් කෙල්ලෝ ටික කොල්ලෝ සෙට් කරගෙනය. ලොවෙත් නැත. ජර්මනියෙන් ආපු කහ පාට ලියුම් වලින් වෑන් එක කහගැහිලාය. 

කැතරින් එක්ක ලියුම් දෙක තුනක් හුවමාරු උනේය. රජාට මේ ලලනාවගේ මූණ බැලීමේ ආශාවක් ඇති උනේය. මම පොටෝ එකක් ඉල්ලා ලියුමක් යැව්වෙමි. එදා ඉඳන් මේ වනතුරුත් මට එයාගෙන් පිළිතුරු ලිපියක් නොලැබුණි. රට කෙල්ලෝ උනත් ලංකාවේ උන්ට හපන් බව මම එදා තේරුම් ගත්තෙමි.

මම සැහෙන කල් මග බල සිටියෙමි. බැරිම තැන මම LetterNet එකට ලියුමක් ලිව්වෙමි. 

අර උඹලා මට කලින් හොයල දුන්න ගෑනි...ඒකි දැන් මට ලියුම් එවන්නේ නෑ.. මට වෙන ගෑනියෙක් හොයල දියව්!! 

වචන වල සැරටමද මන්දා සතියක් යන්නත් කලින් පිළිතුරු ලිපියක් ආවේය. එයාගේ නම ඇනීටා ය. ඇයත් සමග මම අවුරුද්දකටත් වැඩි කාලයක් ලියුම් හුවමාරු කර ගත්තෙමි. ඇය මට පොස්ට්කාඩ් පවා එව්වාය. නමුත් මම ඇයට කිසිම දෙයක් යැව්වේ නැත. ඒ කලින් කෙල්ල මට පොල්ල තිබ්බ නිසාය. නමුත් මේ කෙල්ල හෙන හොඳට මාත් එක්ක ලියුම් ලියා  ගත්තේය. මට පොටෝ පවා එව්වාය. ඇය එතරම්ම ලස්සන නැත. කැතත් නැත. රජා මේ කෙල්ලගේ පොටෝ එකක් පර්ස් එකේ පවා දාගෙන හිටියේය. ඒ වෑන් එකේ කෙල්ලන්ට පෙන්නන්නය. රජා වන එකේ කෙල්ලෙක්ට ට්‍රයි කල බව වැඩි දෙනෙක් දන්නේ නැත. මේකත් සමග ඒ මතකයත් අවදි උනේය. ඒ ගැන පසුවටය.


පෝස්ට් කාඩ්

කාලයත් සමග සාමාන්‍ය පෙල කරන කාලෙට රජා එළබියේය. මම ඇයට එය පවසා තිබුනේය. අපේ සම්බන්ධය නවත්වන්න දැන් කලේ හරිය. මම හැඩූ කදුලෙන් ඇයට පවසා යැව්වෙමි. කදුලු බින්දු ලියුම හැමතැනමය. (බොරු ඈ) එසේ ඒ කෑල්ලත් මා අතහැර ගියේය. නැත.... මා ඒ කෑල්ල අතහැරියේය. බුකියට පැමිණි පසු මම ඇයව හෙව්වෙමි. නමුත් තාමත් හොයා ගන්න බැරි උනේය. රජා තාමත් ඇයව සොයන්නේය. ඇය එවූ ලියුම් වල සුවද තාමත් ඒ ලියුම වල තියෙන්නේය. ඇගේ සුවද තාමත් රජා විදින්නේය. 

ලියුම් ලිව්වේ නැතත් ලේටර්නෙට් එකේ උන් මැගසින් එව්වේය. ඒවා නම් පට්ටය. සමහර ලිපි තේරුනේ නැත්ත් රූප ටික නම් පංකාදු පහය. මාසෙකට එක බැගින් ආ ඒවා රජා එකතු කළේය. සමහර ඒවා මහ ගෙදර කාමරයකය. ටිකක් විතරක් මා සතුය. ඒ විතරක් නොවේය. උන්ගේ 10 වෙනි සංවත්සරේට අපිට තෑගිත් එව්වේය. ඒ වටිනා ඉටිපන්දමක්ය. ලයිට් ගිය දවස් වල කළුවරේ හිටියත් රජා ඒ පන්දම පත්තු කලේ නම් නැත. ඒ මතක සටහන මට ඒ තරමට වටිනා නිසාය.

මැගසින් සෙට් එක

හම්බුන පන්දම

ප/ලි:

ලංකාවේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් නැති එකේ රට එකකට ඇහැ යෙදවීම වටින්නේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, February 16, 2013

සිංහල වැල කතා දැන් හරි නෑ - වැල එපා වෙන වීඩියෝව සහිතයි!


ලෝකය පුරා විසිරුන විවිධාකාර වැල් වර්ග රාශියකි. ඒ අතරින් රෙදි වැල්, ලයිට් වැල්, රතිඤ්ඤා වැල් මෙන්ම ලංකාවේ තරුණ පරපුර අතර සම්භාව්‍ය ලෙස ජනප්‍රිය කිරි මදු වැල්ද  වේ. බ්ලොග් අවකාශයේ  මනමාලයා හෙවත් දිනේශයා ලියු වැල ගැන පොස්ට් එක කියවීමෙන් මං රජ  සන්තානයෙන් පිනා  ගියේය. මන්ද ඌත්  ඉදිච්ච කොස් කන කොල්ලෙක් බව දැනගත් නිසාවෙන්ය. මේවාට වැල යන වදන ලැබුනේ කෙසේද යන්න මට හරි හැටි නිච්චියක් නැත. ඉස්සරනම් අපි කිව්වේ ට්‍රිබලක්, ඩබලක්, බ්ලූ එකක්, එහෙම මෙහෙමය. එත් මේ පහුගිය අවුරුදු ගණක ඉඳන් වැල වදන අපිට ආවේය. ඉස්සර ඉඳන් තිබ්බාද කියන්න මම දන්නේ නැත. මන්ද ඒ දවස් වල මම හිටියේ නැත.

මේක කැම්පස් එකේ දවල් කෑම එක කන්න යද්දී ඇති උන කතා බහක්ය. බ්ලොග් ගැන කතා කරන්න ගොස් කතාව ඇදුනේය. 

පචයා : උඹලා වැල බ්ලොග් බලන්නේ නැද්ද බං?

රජා : බලනවා බං...කොමෙන්ට් දාන්න යන්නේ නෑ...හරි නැනේ!

නිශාන් : අඩෝ මොනවද බං ඒවායේ තියෙන්නේ? එකම කතාවනේ....

රජා : ඔව් බං....මෙලෝ රහක් නෑ....චරිත විතරයි වෙනස්....මදේ ඔක්කොම එකයි...බලහන්කො දෙක තුනක් අරන් කියෝලා... එක්කෝ ඉන්නේ පුංචි අම්මා, නැත්තන් නැන්දා, එහා ගෙදර ඇන්ටි, අල්ලපු ගෙදර අක්කා, ඉස්සරහ ගෙදර නංඟි, ගමේ කඩේ නැන්දා.

කතාව සත්‍ය බව සියල්ලෝම එක හෙලා පිලිගත්තෝය. ඒ කතා වල කියවන්නට දෙයක් නැත. කියෙව්වත් කිසිම ආතල් එකක් එන්නේ නැත. ඇයි බං හැම එකේම මැද තියෙන්නේ එකම දෙයය. අතන මිරිකුවා, මෙතෙන්ට ඇගිල්ලෙන් ඇන්නා, අතන ඉම්බා...මෙතැන සූප්පු කෙරුවා... සහ ගියා.... සිරවටම් කුජීතය.   

මිට වඩා ලොවෙත් කතා අපි ලිව්වේය. මානවකයා සම්භාව්‍ය ලෙස ලිව්වේය. මට අනාගත වැල සාහිත්‍යය ගැන කණගාටුය. නමුත් කරන්නට දෙයක් නැත. මම ඔය කලාවට බහින්න කැමැත්තක් නැත. වැලා උනත් බැලිය යුත්තේ සුපිරි ඒවාය. කියවිය යුත්තේ සුපිරි කතාය. සුපිරි ගණයට වැටෙන වැලා හම්බුනත් මට සුපිරි කතා හම්බුනේ නැත. වැල කතාවක් උනත් වෙනස් තේමාවක් යටතේ අමුතු චරිත යොදමින් ලොවෙත් නැති වෙන්න ලිවිය යුතුය. මම කියන්නේ ඒකය. 

උඩ දාගෙන වැල බලන උන් මේ විඩියෝව අනිවාර්යෙන් නැරඹිය යුතුය. නමුත් මෙය බැලීමට ප්‍රථම ආහාර අනුභවය සුදුසුය. ඊට පෙර නේවි සෙට් එකක් මෙය බැලීමෙන් උදම් වෙන අයුරු නරඹා සිටිය යුතුය. 



මෙන්න වීඩියෝව -  2 Girls one Cup ගූගල් කරලා හොයාගෙන බලහන්. මම ලින්ක් එක දීලා පව් පුරෝගන්නෑ :)

සැ.යු - අතිශයින්ම වැඩිහිටියන්ට පමණය. (21+)
නැවත වැල බැලීමට කැමති උන් පමණක් හොයාගෙන නරඹන්න

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, February 13, 2013

ඉන්නෙක් ඉන්නෙක්... ඕං හප්පෙක්!!!


ඉන්නා යනු මිනිසාගේ පරම මිතුරෙක්ය. ඔහු ඇගේ එක එක තැන් වල එල්ලෙන්නට හෙන රුසියෙක්ය. ඉස්සර හෙවත් රජා පැටියා කාලේ එනම් 1, 2 වසර වලදී, තවත් වැඩි දුර විස්තර කියනවා නම් අර අත පුච්ච ගත්තු කාලේ වන විටත් රජා සාඩම්බර ඉන්නෙක්ගේ ප්‍රෞඩ හිමිකරුවෙක්ය. ඉන්නා හිටියේ වම් ඇහේ ඇහි බැම උඩය. එතරම්ම ලොකු එකෙක් නොවේය. අමු මුන් ඇටයක් තරම් එකෙක්ය. රජාගේ වැඩේ ටීච උගනන්නන වෙලාවට ඕක උඩින් අල්ලලා කරකවන එකය. ඌ එහෙම ලේසියෙන් කැඩෙන්නෙත් නැත. රිදෙන්නෙත් නැත. ඉන්නා පරපුරෙන් එනවා කියා සමහරු කියන්නේය. බාග වෙලාවට එය ඇත්තද කොහෙදය. අපේ සීයාගේ බෙල්ලෙත් දෙතුන් දෙනෙක්ම හිටියා වගේ මට මතකය. 

අපේ මව්තුමිය මේකාව මර්ධනය කරන්න නොකල කෙමක් නැත. මට මතක විදිහට උදේ පාන්දර මාව නැගිට්ටවා කට වහගෙන ලිප ගාවට ඇදගෙන ගියාය. අර උතුරන පෙන දාන බත් මුට්ටියට අත දමා පෙන අහුරක් අරන් මේ රාජකීය ඇහි බැම උඩ පතිත කලාය. ඉන් පසුව එලඹෙන්නේ අතුරු රැගුම් වාරයය. පොඩි රජා අහසට පිඹිමින් අම්මා වටේ වටේට දුවන්නේය. පෙන ටික හිදුනු පසු සීන් එක ඉවරය. ඉස්සර එහා ගෙදර ඇන්ටිගේ එලාම් එක මමය. නැන්දා නැගිටින්නේ මම කෑගගහ අම්මා වටේට දුවන කොටය.

ඉස්සර අපේ ස්කූල් වෑන් එකේ උන්ට එහෙම මේ ඉන්නා හෙනම ප්‍රශ්නයක්ය. උන්ට විවිධාකාර ප්‍රශ්න පැනනැග්ගේය?



මේ මොකද්ද මේ?
ඔන්න මොකෙද්ද ඉන්නවා...

ඔන්න කුරුමිනියෙක් ඇහේ...


සමහරු උන් මුව එලවන්න අතින් පවා ගැසූ අවස්ථාද නොතිබ්බාම නොවේ...

කාලයත් සමග මේ ඉන්නා ඔටෝම හැලී ගියේය. මූ මා සමග කල් ගෙව්වේ අවුරුද්දකටත් අඩු කාලයක්ය. ටේබල් ටෙනිස් ගහන කාලේ වෙනකොට මූ හැලී තිබුනේය. මං හිතන්නේ ඌට මාව එපා වෙන්නට ඇත. නැත්නම් අර අච්චර පෝෂනේට වැඩුන ඉන්නා එක වරම මා අතහැර යන්නට කිසිම හේතුවක් නැත. විටෙක ඌත් දැන් හැදෙන කෙල්ලෝ වගේ යයි මට හිතෙන්නේය. දැන් හැදෙන කෙල්ලෝ හෙන පොස්ය. නමුත් උන්ගේ හිත  නම් හද්දම ගොඩේ පොස්ය.

රජා 6 වසරට එන විට අපේ පන්තියේ ඉන්නෝ ඇති කරන පොරක් සිටියේය. උගේ අත් දෙකේම ඉන්නෝ වැහි වැහැලාය. උන්ව දකින විට මට මගේ ප්‍රථම කුලුදුල් ඉන්නා සිහි විය.  අහෝ මේරා ඉන්නා... මට මා ගැනම දුක සිතුනේය. කාලයත් සමග උගේ ඉන්නොද හැලි ගියේය. ඉන්නා හැන්සම් කොල්ලන්ගේ ඇස්වහ මකන්නට ආ දේව සංකුලන්ක්‍යාවක් දැයි මට විටෙක සිතෙන්නේය.



ප/ලි: 

රාජ වැලන්ටයින් සුභාශිංසනය සමග උපදෙස

සුභාශිංසනය: 
අපිට නැති වැලන්ටයින් තොපිටත් නැතිවෙන්න වැස්සටම හේදිලා පල!

උපදෙස:
චීත්තයක් නිසා සරමක් නැති කරගන්න එපා බං!

ආ.... ඒක නෙමේ... යකෝ වැලන්ටයින් හලාල්ලු...
සමරන්න එපා...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!



IF Have any දැවෙන ප්‍රශ්න...
ASK ME
Click Here  

Saturday, February 9, 2013

මල්ලි ඕක ලේඩීස් අයිටම් එකක්


මාගේ රාජකීය සපත්තු දෙකත් දැන් සෑහෙන්න අබලන්ය. කොයි යම් මොහොතේ ගැලවෙයිද කියා සුවර් නැත. කලින් දවසක රජා සමග නිශාන් කොලුවා ගල්කිස්ස හන්දිය එකට ගොඩ උනේ රජාට අලුත් මිරිවැඩි සඟලක් මිලදී ගන්නටය. හැමදාම හවසට ඔතනින් එහාට මෙහාට යද්දී මම නෝට් කරගෙන හිටපු ඩෙක් දෙකක් තිබුනේය. කීයක් උනත් ඒකනං අනිවා ගන්නවා යන පාරමිතාවේ මා එකල ගිලි සිටියෙය. 

ඉරිදා හවස් වරුවක අපි DSI එක ඇතුලට රිංගුවෙමු. ඩෙක් තියෙන තැන දැන් ඔහොම මෙහෙමය. සිහින් සිරුරැති, කටකාර, හැඩකාර, විසේ ඇති, නමුත් එය නොපෙන්වූ අක්කා කෙනෙක් අපි ලඟට ආවාය. 

අක්කා : මල්ලි මොනවද බැලුවේ?

අපි මේ අඟලේ කොන්ක්‍රීට් ඇන කිලෝවක් ගන්න ආවා. මට ගත් කටටම කියන්න හිතුනේය. ඇයි යකෝ...සපත්තු කඩේට එන්නේ සපත්තු දෙකක් ගන්නය. අනික අපි හිටියෙත් ඩෙක් රාක්කේ අබිමුවේමය.

රජා: අක්කේ අපි මේ ඩෙක් දෙකක් බලන්න...

අක්කා: ආ බලන්න මල්ලි... බලලා කියන්නකෝ!


රජා: හා..

මගේ හිත ගිය ලස්සන හුරතල් පාත්තු දෙක මගේ ඇස් ඉදිරියේ දිලිසෙන්නේය. කළු පාට පසුබිමේ මම ආසම ලා  නිල් ඉරි හා කොළ පාට ඩොට් ඩොට්. අනේ.....හරිම කිවුට්ය. ඒ උනාට ඒ යුගල මට පොඩි වගෙය. රජා වහාම අක්කාතුමිය ඇමතුවේය. 

රජා: අක්කේ මේකේ සයිස් නැද්ද...?

අක්කා සමච්චලේට මෙන් අපි දෙන්නා දෙස බැලුවාය. 

අක්කා : මල්ලි ඕක ලේඩීස් අයිටම් එකක්නේ.... අපි වෙන එකක් බලමු... 

හිටගෙන උන් තැන හාරගෙන පහලට යනවා මෙන් මට දැනුනි. මම කෝකටත් වට පිට බැලුවෙමි. හොද වෙලාවට කිසිදු ප්‍රාණවාචී සත්වයෙක් අක්කාගේ හඩ පිටවූ පරාසයේ ජීවත්ව නැත. බැරි වෙලා හෝ හිටියානම් රජාගේ සියළු වස්ත්‍රාභරණ ගල්කිස්ස වෙරල තිරයේ නිදහසේ පාවෙන්නේය. ඒ අක්කගේ කැහැටු මූණට මට මොකුත් කිව නොහැකිය. අරහෙම චාටර් කලා මදිවට මේකි අපේ මුළු සරුවාංගයම පිරික්සලාය. 

අක්කා: කොහෙද මේ යන්නේ සේෆ්ටි ශුස් දාගෙන?

මෙයා නිකන් දැන් අපිව නෝන්ඩි කරන්න ටෝක දෙන්නේය. හුහ්....එව්වා කොහෙද අපිත් එක්ක...අපිත් ක්‍රෙස් කැට් එකෙන් කාලා හැදුන කොල්ලෝ හරිය...

රජා: අපි ඉන්ජිනියර්ස්ලනේ....

රජා අතට අරගෙන තිබු ටොයෝටා ලාංඡනය කෙටූ කීටැගය සහිත බෝඩිමේ යතුර කරකවමින් කිවේය. බාග වෙලාවට ඒක දොරක යතුරක් නොව කාර් එකක යතුරක් යයි ඇයට සිතෙන්නට ඇත. සියලු පඩ ලයින් ක්ෂණයකින් පහව ගියේය. ලස්සන සුකුමාල කටහඩ එලියට  ආවේය. 

අක්කා: කොහෙද මල්ලිලා දැන් වැඩ? 

රජා: කොල්ලුපිටියෙනේ....

ඔහොම ඔහොම විස්තර කතා බහවීමක් සිදු උනේය. අපි ඒ වෙලාවේ සපත්තු බැලුවට ගත්තේ නැත. අපි ආපසු එන්නට  හැරුනෙමු. අක්කගේ මුන ඇඹුල් උනේය. ඇයි යකඩෝ.. දැන් ගන්න වගේ කතා කරලා අපි දෙන්නා ආපහු  යන්නේය.  

එදා අර 66000 පඩිය අරන් එන ගමන්ය. අද නම් ගියේ ගන්නටමය. එදා ලේඩිස් අයිටම් කිව්වාට එක එසේ වෙන්නට  බැරිය. අද ඉන්නේ වෙන අක්කෙක්ය. අක්කා කිව්වට මෙයා නම් නංගිද කොහෙදය. මොක කිව්වත් අවුලක් නැත. නංගිලා උනත් කැමති අක්කේ....... කියනවාටය.

රජා: අක්කේ...මේක ලේඩීස් අයිටම්ද?

අක්කා 2: නෑ...ඒ රෝස පාට එක....මේක ඔයාලට හරි.

අනේ අම්මේ....මගේ එකම පැතුම...මගේ ලස්සන පාත්තු දෙක. ඔයා දැන් මගේය. අක්කා 2ව අල්ලාගෙන ඉඹින්න හිතුනද එය මානව සමාජය තුල සභ්‍ය සම්පන්න නොවන ගුජුප්සාජනක ක්‍රියාවක් බැවින් මම ඉන් වැලකි සිටියෙමි. මගේ සයිස් එකට හරියන එක ලැබුණි. එය පෙට්ටියවත් නොකඩා ගෙයි මුල්ලක සගවා තිබුණි. එදා 27 වෙනිදා ගේට්ටුවට රජා දිලිසි දිලිසි දමාගෙන ආවේ මේකය.


ප/ලි:

ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට දමාගෙන ගියේ අබලන් වූ දෙකය. ගියෙත් නංඟී පිටෙය. ඒත් ඉස්කෝල ඇතුලට යද්දී සපත්තු දෙක කැඩිලාය. කරන්නට දෙයක් නැත. අර සූ....ගාන සෙනග ගොඩේ එක කකුලක් එලියට දමාගෙන ඉන්නට බැරිය. සුටුස් ගාල එලියට ගිහින් සපත්තු දෙක ස්කුල් වෑන් එකට දමා හෙලුවෙන්ම ගම්පහ ටවුමට ගියෙමි. සපත්තු කඩයක් තියෙන තැනක් මතකත් නැත. යන්තන් ටවුම වටේ රවුමක් ගිහින් එකක් හොයාගෙන බාටාවෝ දෙන්නෙක් මිලදී ගත්තෙමි.


රජා බාටා පිටින් බුකියේ ඇල්බමය මෙතනින්...

මෙන්න එකෙක් අපට මඩ ගහනෝ... මූව කාපියෝ....


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, February 5, 2013

බඩිගින්නේ හැදූ ලැම්බෝගිනිය - X-BAN 2008


අපේ ඉස්කෝලේ සෑම අවුරුදු 5කට වතාවක්ම අභිමානයෙන් පවත්වන අධ්‍යාපනික ප්‍රදර්ශනය ළඟ ලගම එමින් පවතී. බණ්ඩාරනායකේට  කාලෙකින් එන එකලඟ අවුරුදු වල බැච් 3ක් අනිවාර්යෙන්ම X-BAN දෙකකට සහබාගි වීමේ වරම් ලබන්නේය. එය සිරාවටම කනාවට ලැබෙන පිනා චාන්ස් එකකි. මං රජත් පලවෙනි X-BAN එකට 7 වසරේදීත්, අනික 12 වසරේදීත් සහභාගි විය. 7 වසරේදී ළඟ තිබ්බ කොල්ලන්ගේ ගෙවල් වලට ගිහින් එක එක විකාර කලෙමු.

එදා අපි හැදුවේ අනාගත ක්‍රිකට් පිට්ටනියක අනුරුවකි. හෙන ප්ලයිවුඩ් රවුමක් උඩ කොළ පාට කුකුල් සායම් වල පොගොපු පොල් කුඩු වලින් තණකොළ නිරෑපනය කළෙමු. ඉස්සර සුදු පාට  LED ලයිට් තිබුනේ නැත. අපි ලයිට් වලට යොදා ගත්තේ රතු පාට ඒවාය. ෂුහ්.... කිරි ගහට මන්නෙන් කෙටුවා වාගෙය. ලයිට් ටික පත්තු කලාම පිට්ටනිය නිකන් මස් කඩේ පරාදය.

සමහර දවස් වලට මේක හදන්න යනවා යයි පන්තියෙන් පයින අපි අර කොල්ලන්ගේ ගෙදර ගිහින් කරන්නේ එක්කෝ බයිසිකල් පදින එකය. නැත්තන් හැංඟිමුත්තන් කරන එකය. මේ අපි හැදු ප්‍රධාන අයිටම් එකය. මිට අමතරව තව එක එක විෂයන්ට අදාලව එක එක විකාර අපි හැදුවෙමු. ඒවා ගැන විස්තර නොලියන්නේ ඒවා ඒ තරම් විශිෂ්ට මානව සොයාගැනීම් වන නිසාවෙන්ය.

කාලය එලෙස ගෙවී යද්දී අපි 12 වසරට සැපත් උනෙමු. වර්ෂය 2008ය. ණි අංශයේ හෙන  පොරවල් ලෙස පීචන් නිර්මාණයක් අපිට මෙවර ඉදිරිපත් කල නොහැකිය. 10,11 වසරවල් වල මෝටර් යාන්ත්‍රික විද්‍යාව කරපු අපේ සෙට් එක එකට සෙට් උනෙමු. එන්ජින් ගලෝලා  ආපහු හයි කරගන්න බැරුව දගලපු අපේ අරමුණ වූයේ මෙවර ප්‍රදර්ශනයට කාර් එකක් ඉදිරිපත් කිරීමය. එක එකාට එක එක සම්භාව්‍ය අදහස් ගලා එන්නට විය. කෙසේ හෝ වාහනේ ගොඩ දාගන්න නම් සැහෙන ගානක් යට කරන්න වෙන ලයින් එකක් අපිට පෙනුනේය. එකාගෙන් 1000 ගානේ එකතු කළෙමු. අපේ සෙට් එකට හිටියෙත් 7,8ක් වගෙය. 

පාස්සන වැඩ යකඩ බට නමන වැඩ තිබු හෙයින් එය කර ගැනීමට අපි ගියේ යක්කල චන්ද්‍රජෝතියට එහා පැත්තේ තිබුන පොඩි ගැරිජ් එකටය. එකේ හිටපු අයියාකාරයට පින් සිද්ද වෙන්න අපි බාන්ඩේ හැදුවෙමු. ඇත්ත වශයෙන්ම අපි කරපු ඇති දෙයක් නැත. ඌ ඒක හදනකන් අපි කලේ සින්දු ඇහීමය. නැත්තන් පොටෝ සෙන්ඩ් කිරීමය. 

කාර් එක පාට කරන්න ගෙනාපු ලැකර් වලින් X-BAN කියා බිත්තියේ ලිව්වෙමු. තාමත් ඒ ගැරිජ් එකේ බිත්තියේ අපි ලියපු එක ලොකුවට ඇත. නුවර පැත්තෙ ඉදන් කොළඹට යන ඕනෙම කෙනෙකුට එය යක්කල දීම ප්‍රදර්ශනය වෙන්නේය. 

කාර් එකේ එන්ජිමට ගත්තේ 125 එන්ජිමක්ය. සීට් වලට රජා බස් එකෙන් ගලෝගෙන ආපු ජම්පින් සීට් ගෙනාවත් ඒවා ප්‍රතික්ෂේප වීමෙන් හෙම පත සීට් දෙකක් එල්ලුවෙමු. ප්‍රදර්ශනේ දවසේ රජා ගෙනිච්ච පොග් ලයිට් දෙකත් හයි කරගෙන ඉස්කෝලේ පොකුණ වටේට ඕක පැද්දෙමු. හිටපු ගමන් මිස්ලා ඇවිල්ල ඕකට නැග්ගෝය. පන බයේ සිට එක බදාගෙන ගියෙත් ඔවුන්මය. ශේහ්... ලොවෙත් නෑ ඈ... බඩු ගින්දර වගේ වැඩ කලේය.

කාර් එක ස්ටාට් කරපුවාම මුළු ප්‍රදර්ශන භූමියම ඒ බව දන්නේය. ඒ තරම් මියුරු කන්කළු නාදයක් අපේ වාහනේ සතු විය. ප්‍රදර්ශනේ දෙවෙනි දවසේද කොහෙද මේ හුචක්කුවේ යොදා තිබු රෝද වල ඇති විශිෂ්ට තත්වය දුටු DSI එකේ මාමලා කට්ටියක් ඇවිත් අපිට කිරි කිරි කළු පාට සුවද ගහන අලුත්ම ටයර් දෙකක් දුන්නෝය. ඒ මදිවට පත ස්ටිකර් ද දුන්නෝය. ටයර් 4 දාලා...ස්ටිකර් එහෙම ගහලා...බ්‍රෑන්ඩ් නිව් කෙල්ල වගේ ලැම්බෝගිනිය ඉස්කෝලේ වටේ දිව්වේය. 






කෝමද මල්ලී,......


නිර්මාණයට විද්‍යා අංශයේ දෙවන ස්ථානය හිමිවිය. 

සෙට් එක:
කල්ප (වැඩියෙන්ම පර්ස් එකට කෙල උනේය)
චාමර
සුබයා
චොකා ( වෙඩික්කාරයා)
හදයා
ආරි
රජා
  
ප/ලි:

“X-BAN“

ශ්‍රී ලාංකේය පාසල් වංශ කතාව තුල දිග හැරෙන විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනයයි.  වරක එය නැරඹීමට පැමිණි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා එයට මෙවැනි අර්ථකතනයක්ද දී ඇත.


නම් නොබැලිය යුතු 

BAN නම් තහනම් 


එනම් නොබැලිය යුතු දේවල් කිසිවක් නොමැති යන්න අරුත් ගැන්වී. 

විද්‍යාලීය 95වන සංවත්සරය වෙනුවෙන්
එන්න අත්විදින්න X-BAN 2013
මෙම වසර අගදී...



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!