Showing posts with label ඉස්කෝල කතා. Show all posts
Showing posts with label ඉස්කෝල කතා. Show all posts

Thursday, July 4, 2019

මියුසික් කෙරුවාව - Musicmania



මේ දවස්වල පට්ට කම්මැලිය. ඔෆිස් එකේ කරන්න දේකුත් නැත. නිකන් ඉන්න ගමන් වාගේ මේ බ්ලොග් ගල් කෑල්ල කුරුටු ගන්න හිතුනේය. දැන් ඉස්සර වාගේ නෙමේය. රජා දැන් බැදලාය. ඉස්සර දාපු සෙල්ලන් දාන්න බැරිය. පරිනත වෙලා එන්නන් කිව්වට එච්චර දවස් කම්මලිකමේ ඉන්න බෑ බෑ වගේය. මේ කතාව මතක් උනේ රජ බිසව් තොමෝ එක්ක කොටුවේ ඉඳන් ගෙදර යන ගමන් ඉන්න වෙලාවකය. පොඩි කාලේ වෙච්ච සීන් කොන් එකක්ය. මේක බ්ලොග් පොස්ට් එකක් දාන්න ඒ දවස් වල මට අමතක උනේ කොහොමද කියන එක හෙන ප්‍රශ්නයක්ය. රජ බිසව නං මේක යේ ලියන්න ගන්න එකට කොහොමත් කැමති නැතිය. 

ආ.. යේ පටන් ගන්නද යන්නේ? 

හොදා.. පාරේ බැහැල යන්න බැරි තැනට වැඩේ කරනවකෝ. 

රට වැස්සා අපි ගැන හිතන්නේ ඔන්න ඔහොමය. එහෙම කියද්දී මට මතක් වෙන්නේ අර ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ කියන සූටි නංගියාවය. සමහර ගති නං හදන්නම බැරි සීන් එකක් තියෙනවා වාගේය. 

මං රජාට ඒ කාලේ ඉඳන් පොඩි මියුසික් පිස්සුවක් තිබුනේය. පිස්සුව තිබුනට සින්දු නං කියන්න කොහොමත් බැරිය. ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් ගහන්න ලොවෙත් බැරිය. ඉස්කෝලෙදි වෙස්ටර්න් මියුසික් ගෑනිගෙන් අම්බානට බැනුම් ඇහුවෙත් ගුටි කෑවෙත් රජාට තිබු මේ උත්කුරුස්ට වූ හැකියාව නිසාය. ඒ දවස් වල ඕගන් එකක් ගන්න මන් රජාට තිබ්බේ තිබුනේ පුදුම අමරුවක්ය. මැද්දේ ඩිස්ප්ලේ එකක් තියෙන ඕගන් එකක් ඕනේ කියා රජා ගෙදර කනපිට ගැහුවේිය. ඒ දවස් වල ඉදන් එක එක ජාතියේ ඉත්තෑවෝ ප්‍රභේද ඒ ඒ අදාල ස්ථාන වල හොදට දගලපු බව වැටහෙන්නේ දැන්ය.

රජාට ඕගන් ගහන්න උගන්නන්න සර් කෙනක් ගෙදරටම අපේ පිය රජා ගෙනල්ලා දුන්නේය. පොර ඇවිල්ලා නිකන් මණ්ඩුක භවනේ මණ්ඩුකයා වගේ ඩයල් එකක්ය. මෙහෙක් වෙච්ච කණ්නාඩි දෙකක් දාගෙන ස...රි...ග...මපා... ගාන්නේය. පොර එන්න කලින් මම තනියම නිල් අහස් තලේ ගැම්මට ගගහා හිටියේය. මේ වස්තු බීජේ ඇවිල්ලා මගේ ඒ ආතල් එක සුනු විසුනු කර දැමුවේ එක මොහොතකින්ය.

සර්: පුතා මොනවද ගහන්න දන්න සින්දු..

රජා: ආ.. මම නිල් අහස් තලේ ගහන්න දන්නවා...

සර්: ඕවා ගහලා වැඩක් නෑ පුතා.. මං කියලා දෙන්නං සුපිරි සින්දු..

අම්මට සිරි.. මං හිතුවේ පොර ඇවිල්ලා මාව නිකන් SUNFLOWER (ඒ කාලේ සහරා පෑස් තිබ්බේ නෑනේ) එකේ කීබෝඩ් ගහන එකා වගේ හදලා ගනී කියලාය. හරි... පොර දැන් පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ වත් ගහන්න උගන්නයි කියලා දත කට මැදගෙන රජා නොයිවසිල්ලෙන්ය. හිටපන්කෝ.. දෙල් ගෙඩි ටික පාරට වැටෙන්න ගහන්නේ සින්දුව ආ... රජා දැන් මනෝ පාරෙන් සර් දිහා බලාගෙනය. 

සර්: හරි පුතා පළවෙනි සින්දුව.. ලොවේ සැමා එකම දැයේ

කෙලියනේ ඉතින්.. ඈ බං සර්.. මේ ලොන්ත පතුර ගහන්න කියලා දෙන්නද මනුස්සයෝ මෙහෙ ආවේ. රජාට දැන් ඌරු ජුවල් නැග්ගේය. මොනවා කොරන්නද මිතුරේ ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවා  වගේ ඒක ගගහා හිටියේය. කමක් නෑ ඊලග එක තවත් රසවත්ලු. ඉවසපන් පපුව. රජා ඉවසුවේය. තත්වය වඩ වඩාත් සෝකජනක උනේය. ඊලග සින්දුව උනේ අන්න බලන් ඉදිකඩ ලග කොක්කු රෑන වගේ ඇවිත් අම්මපා දැන් නං මේ පාලං කොකාට ඉගිලිලා යන්න එකක් දෙන්න රජාට ඕනෑය. කොහොම පටන් ගෙන මොනවා කරන්නද කියා මට වැටහුනේ නැත. සති දෙක තුනක් ගෙවී ගියේය. සංගීත මාස්ටර්ගේ දූ දරුවන්ගේ දක්ෂතා එලි දක්වන උත්සවයක් පැවැත්උනේය. රජාගේ දක්ෂතාවය කොච්චරද කියනවානං  ඒකට රජාටත් ආරාධනා ලැබුනේය. මට තිබ්බේ ලොවේ සැමා එකම දැයේ කට්ටිය එක්ක ගහන්නය. ඩ්‍රම් සෙට් එක ගහන්න එකෙක්ද, ගිටාර් එක ගහන්න තව එකෙක්ද, වයලින් ද අරවද මේවද හෙනම සීන් එකක්ය. සිරාවටම කියන්න රජ එහෙම තැනක ඕගන් එකක් ගහනවා තියා හයියෙන් විසිල් එකක් වත් ගහල තිබුනේ නැත. උන් ටික දැක්කම රජාගේ හිත මිලින වී වත සලිත වෙලා ගියේය. හරි.. දැන් එලබී ඇත්තේ ලොවේ සැමා එකම දැයේ ගහන වෙලාවය. රජ ගැම්මට ඕගන් එක බදාගෙනය. අනිත් උන් ටික උන් උන්ගේ ඒවා බදාගෙනය.



වන්.. ටූ.. ත්‍රී... ආ... ගැම්මට සින්දුව පටන් ගත්තේය. බිස්කට් කුඩු බීට් එකට සින්දුව නැගලම යනවාය. සෙට් එකක් හෝ ගාගෙන සින්දුව මලවමින් සිටියේය. හැබැයි රජ ගහන එක නොට් එකක්වත් මට ඇහුනේ නැත. මන් හිතන්නේ උන් ලොවේ සැමා ගහද්දි මම පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ ගහලද කොහෙදය. පියරජ මන් දිහා ඔරොගෙන බලන් ඉන්නවා මට ඇස් කොනෙන් වගේ පෙනෙන්නේය. අනිත් උනුත් හොරෙන් හොරෙන් මේ පැත්ත බලනවා වගේය. මොකාක් හෝ හුට්ටප්පරයක් වෙලා කියල මට තේරුණේය. ගහන නෝට්ස් ඔක්කොම වැරදි බවක් මට හැගී ගියේය. පිය රජා නෝට්ස් තියෙන තැනට යතුරක් දැම්මේය. හම්මටසිරි සින්දුවේ නෝට්ස් යන තැන හරියට රජා දැක්කේ එතකොටය. සින්දුවේ මුල් ටිකේ නෙලුම් මල් පිපෙයි පිට කසයි වගේ සින්දුව ගහලා තිබුනේය. තවත් නං චාටර් වෙන්න කොහොමත් බැරිය. රජා ඕගන් එකේ සද්දේ හොදටම අඩු කළේය. වැඩිය කවුරුත් දැක්කේ නැත.  කොල්ලා දැන් නිකන් ඕගන් එක උඩ නැගගෙන උඩ පැන පැන සෙල්ලම් කරන්නේය. අනිත් උන් සින්දුව ගහන හින්ද වැඩි සීන් එකක් නැත. විනාඩියකින් විතර සින්දුව ඉවර උනේය.

රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි අප්පා චාටර් වෙනවා කියල ඔහොමත් වෙන්න කොහොමත් බැරිය. එයින් පස්සේ තිබ්බ සංගීත මේනියාව ටිකෙන් ටික හොද වෙන්න පටන් ගත්තේය. සර් කාරයව හෙමිට හෙමිට රජා මග ඇරියේ මුණ දෙන්න තිබු ලැජ්ජාව නිසා නොවේය. වෙන ලමෙකුට ඉගෙනගන්න තියෙන චාන්ස් එක නැති කරන එක හොද නැති හින්දාය. ඒ පින් බලෙන් අදටත් රජාට කිසිම සින්දුවක් ගහගන්න බැරිය.

ප/ලි: උත්සවේ පොටෝ වගයක් තිබ්බා. පස්සේ වෙලාවක දාන්නං :P 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, October 30, 2013

අතීත මතකයන් දිගේ - School Van Memories




මේ දවස් වල අපිට සූ ගාලා වැඩය. කැම්පස් එකේ ගෘප් ප්‍රොජෙක්ට්ද, ඉස්කෝලේ බ්ලොග් සංගමේ පොඩි උන්ගේ වද දීම්ද, අළුත් සාමාජිකයන්ගේ තදබදයද අරවද මේවද ලොවෙත් නැති ප්‍රශ්න ඔක්කොම වැටෙන්නේ මහා කැත විදිහටය. සංගමේ වැඩ කරලා, ගෘප් එකට වැඩ කරලා බුදියගන්නකොට කොහොමත් 12වත් වෙනවාය. ආයේ මහ කැත කළු පාන්දර 5ට නැගිටිනවා කියන්නේ නම් දුක්ඛදෝමනස්සයක්ය. ඔය වෙලාවට ෆෝන් එකේ එලාම් එක වැදුනත් පොඩ්ඩක් හයියෙන් පයින් පාරක් දුන්නම ඌත් බල්ලා වගේ සද්දේ වහලා මට තවත් නිදාගන්න දෙන්නේය.

ඔහොම නිදාගන්න ගිහින් වැඩිපුර පැය බාගයක් විතර සැපට නින්ද ගියේය. ඒකත් ඇහැරුනේ උදේ පාන්දර මව්තුමිය ඇවිල්ලා ජාතිය අමතනකොටය. දැන් ලෑස්තිවෙලා පාරේ බස් එකේ ගියොත්නම් රජාට අනිවා කෝච්චිය මිස් වෙන්නේය. 

අම්මේ......ස්කූල් බස් එකේ ඉඩ තියෙනවද දන්නෑ නෙහ්???

දන්නෑ...අංකල් ආපුවාම අහලා බලනවා...

කමක් නෑ...ඉඩ නැති උනත් මම යනවා. පරක්කුවෙලා හොදටම...

ආ...ඇත්තද? තව ටිකක් රෑ වෙලා නිදාගත්තනම් හරි...

දඩ බඩ ගාලා ලෑස්තිවෙලා ස්කූල් බස් එක අල්ලගන්න ගේ ඉස්සරහට දිව්වෙමි. බස් එකට නැගලා ඉස්සරහම සීට් එකේ ඉදගෙන එහෙම ඩ්‍රයිවර් අංකල්ගෙන් ඉඩ තියෙනවද ඇසුවෙමි. ලැබුනේ සතුටුදායක පුවතකි. අවුරුද්දකට විතර පස්සේ ආයෙත් ස්කූල් බස් එකේ යන්නේ අදය. දැන් බස් එකේ රත්නාවලියේ කෙල්ලෝ එහෙම ගොඩා...ක්ය. මම උන් දෙස නම් ඇහැක් ඇරලා බැලුවේ නැත. 2002  ඉදන් 2010 වෙනකන් පුරා අවුරුදු 8ක් ගම්පහට ගිය පාරවල් අස්සෙන් ඔහේ ඇදෙද්දී ඒ සොදුරු මතකය ටික ටික ඇවිස්සුනේය.  

ඉස්සරම වෑන් එක එලෙව්ව වයසක සීයා කෙනෙක්ය. එයා අපේ පියරජාගේ මාමා කෙනෙක්ය. ආතල් ඩයල් එක කියන්නේ ලොවෙත් ෆන්ය. කියන කතා වලට මැරෙන්න හිනාය. පොර පොරටම නමක් දාගෙන හිටියේය. අපි නම අහපුවා කියන්නේ ඔය නමය. ඒ කිරිපූර්වක නම් නම්බු නාමයය. තාම අපේ යුවරජා සීයට කියන්නේ ඔය නමය. වෑන් එක එලෝන හැටි දැක්කම හුස්ම හිරවෙන්නේය. මොකක් හරි වාහනයක් ඉස්සර කරනකොට සීට් එකෙන් ඉස්සරහ බර වෙලා ස්ටියරිවීල් එක උඩ නැගගෙන හෙන ගේමක් දෙන්නේය. ඉස්සර කරලා ඉවර උනාම ආයෙත් හේත්තු වෙන්නේය. 

වෑන් එක මීරිගමට එනකන් එන්නේ මාළදෙණිය පාරෙය. උදේට ඔය පාරේ වෙල් යායවල්වල කොක්කු රෑන් රැන් පිරිලාය. අපි කරන්නේ වෙලක් ලගින් යන වෙලාවට යටිගිරියෙන් කෑගහන එකය. එතකොට වෙලේ ඉන්න කොක්කු ඔක්කොම එකපාරට ඉගිලිලා යන්නේය. ඒක නම් පට්ට ලස්සනය. අන්තිමට වෙල් යායවල් හතරක් පහක් පහු උනාම කට්ටියගේ උගුරු බල්ලෝ කාලා වගේය. කෑගැස්සෙන්නෙත් නැත.


ඉස්කෝලේ ඇරිලා ආපහු එනකොට කරන වැඩේ නම් මාලදෙණිය පාරේ දෙපැත්තේ තියෙන ගස්වල කොළ කැඩීමය. වීදුරු වලින් මුළු කදම එළියට දාගෙන එක විකාරයක්ය. කඩන කොළ නවතින්නේ කෙල්ලන්ගේ ඔළුව උඩය. දවසක් ඔහොම අත පය එළියට දාගෙන ගිහින් රජාව පොලිසියෙන් ඇල්ලුවේය. මිනිහා එදානම් මට හොදවයින් ටිකක් කිව්වේය. එදා හිටගෙන ඉද්දි කකුල් දෙක ගැහුනා වගේ මට ලාවට මතකය. 

පාරෙ යන වෑන් වලට වතුර ගහන එක ඉස්සර හෙන ආතල් වැඩක්ය. දවසක් වෙන වෑන් එකකට වතුර ගහලා උන් අපිව ෆලෝ කලේය. සීයා වෑන් එක අතුරු පාරවල් වලින් දදා වතුර ගහපු එකාව බේරගන්න හෙන ගේමක් දුන්නේය. අනිත් වෑන් එකත් අත අරින්නේම නැත. පස්සෙන්ම එනවාය. කොහොමහරි වතුර ගහපු අයියව මගින් බස්සලා අපි දිගටම ගියෙමු. මෙන්න බොලේ අර වෑන්කාරයා පාර මැද හිටගෙනය. අපිට වෑන් එක නවත්තන්න උනේය. අනිත් ඩ්‍රයිවරයා ජාතිය අමතලා පිටත්ව ගියේය.

සල්ලි දාලා අයිස්, කලගෙඩිහේනෙන් රඹුටන්, ගඩුගුඩා කන එකත් ඉස්සර හෙන විනෝදාංශයක්ය. ඉස්කෝලේ ඇරිලා එන ගමන් සල්ලි දාලා ඕවා අරගෙන මුළු වෑන් එකම කන්නේය. දවසක් අයිස් අරගෙන පැකට් දෙකක් වැඩිවෙලාය. කන්න එකෙකුත් නැත. එදා නම් උනේ පට්ට සීන එකය. සීයා ඉස්සරකරනකොට ඉස්සරහට බර වෙද්දිම එකෙක් අයිස් පැකට් එකක් සීයාගේ ෂර්ට් එක අස්සට දාලා පස්සට දිව්වේය. තප්පර 10කින් විතර සීයා හොදම හුනුහබ්බෙන් සට පට ගාලා බනින්නේය. හම්බෝ......අපිට හිනා වෙලාම බඩ කොරඋනේය. 

නිවාඩු දෙන දවසට වතුර ගහගන්න එක සම්ප්‍රදායය. එදාට වෑන් එක ඉවරය. වතුර ඉවරවෙනකොට කාගෙ හරි ගෙදරකින් පුරවගෙන ඇවිත් ආයේ ගහගන්නවාය. දවසක් සීයා වෑන් එක නවත්තලා වතුර බෝතල් ඔක්කොම වත්තකට විසිකලේය. එදා නම් හෙනම අජූත දවසක්ය. හොරගොල්ල සමාධිය ගාව අපි නිවාඩු දවස් වලට වෑන් එක නවත්තලා ක්‍රිකට් ගැසුවෙමු. ඒ දවස් මතක් වෙද්දිත් මට නිකන් මොකද්ද වගේය. 

වැස්ස දවස්වලට වෑන් එක ඇතුලට එළියට වඩා වහින්නේය. සීට් ටික ඉවරය. පහුවදාට තෙමුන සීට් ටික පට්ටම ගදය. එදාට මේකෙ යනවා කියන්නේ තනිකර කරුමයක්ය. සමහරු ඔහේ තෙත ගොඩේ ඉදගෙන යන්නේ එතන ඉන්නේ ඌ නෙමේ වගේය.

ගම්බද ලලනී සුකුමා.....ලී.....ගමටම ඔබ මනමාලී.... වගේ කෙල්ලෙක් හිටියේය. වෑන් එකේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ එයාටය. ඒත් ඉතින් කරගත්ත එකෙක් නැත. ඒලෙවල් වලින් පස්සේ ලොවෙත් නැත. දැක්කෙත් නැත. වැස්ස කාලෙට ඒ ගෑල්ලමයගේ ගේ ගාව හෙන දිය උල්පතක් මතු වෙන්නේය. හෝ ගාලා වතුර මතුවෙන්නේය. සපත්තු දෙක ගලෝලා ගිහින් ඔතෙන්ට වෙලා වතුරේ දුවන එක, උඩ පනින එක මාර හැපියක් ගෙනාවේය. 

තවත් කරපු පට්ටම සීන් එකක් නම් වවුල් රොකට් එකට නූලක් ගැටගහලා පාර දිගේ ඇදගෙන එකය. හෙන මැෂින් නූල් බම්බුවෙන් බාගයක් විතර දුරය යනකන් දිග ඇරලා පාර දිගේ ඇදගෙන යන්නේය. ඒක නිකන් හරියට වෑන් එක පිටිපස්සෙන් රොකට් එකක් එනවා වගේ සීන් එකක්ය. නුවර පාරේ ඕක ඇදගෙන යනකොට පිටිපස්සෙන් එන වාහන එහෙම කන්න වගේ අපි දිහා බලාගෙනය. බයිසිකල්කාරයෝ බයවෙන්නේය. හැබැයි උන් එකෙක්වත් ඒක යටකරන්නේ නැතුව අපේ ආතල් එක අපිට ගන්න ඉඩ දුන්නේය. හැබැයි මාලදෙණි පාරේ ඕක පියඹාගෙන යනකොට සෑහෙන අකරතැබ්බ වෙන්නේය. ලොකු වංගු වලින් හරෝනකොට රොකට් එක ගස්වල පැටලිලා නූල කඩාගන්නේය. ආතල් එකත් එතනින් කුඩුය.

ඔය අතරමැද කාලය තුල වෑන් එක දෙතුන් පාරක් ඇන ගත්ත අවස්ථාද නොතිබුනාම නොවේය. ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බා නම් කියලා මට කියන්න ඕනේ නැත. මොකද, ඕනේ කිව්වට යන්න බැරි හින්දාය.


වෑන් එකේ සෙට් එකට තිබ්බ නම් ටික  -

නරියා, පගරයා, රීජන්ට්, ලොරියා, පොළගා, එළුවා, කළුවා, සීනි, ඔසාමා බින් ලාඩන්, ගෙම්බා, කොඩ්ඩා, පොල්ගහ, ඇටකිච්චි, පොඩිතැන, ජහුටි, ජහුටා... :D :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, October 14, 2013

නොබැලිය යුතු කිසිත් නොමැත්ත නැරඹුවෙමි - X BAN 2013 (Full Highlights)


X BAN යනු ගම්පහ බණ්ඩාරණායකේ කොල්ලෝ අවුරුදු 5 කට වතාවක් පවත්වන දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයකි. සාමාන්‍යයෙන් වෙන කිසිදු පාසලකින් දකින්නට නොලැබෙන ප්‍රදර්ශන කලාවක් මෙහිදී නරඹන්නට ලැබේ. එයට මෙහි පැමිණි ජනතාව සාක්ෂි දරනවා ඇත. විද්‍යාලීය 95 වන සංවත්සරය නිමිත්තෙන් මෙවරද එය පැවැත්වින. 6 වසරෙන් ඇරඹෙන 13 වසර දක්වා නායකවරුන්ගේ පාසල් කාලය තුළ X BAN ප්‍රදර්ශන දෙකකට සහාභාගී වන්නට ලැබෙන්නේ නම් එය එම මුළු බැච් එකේම පෙර පිනක් වැනිය. අපේ උන්ට ඒ චාන්ස් එක ලැබුනි. 2003, 2008 යන වසර වල පැවති X BAN වලට අපි නිර්මාණ ඉදිරිපත් කලෙමු. 

මේ 2013ය. අපි ඉස්කෝලෙන් අවුට් වෙලාය. අයින් උනා කියලා එහෙම නිකන් ඉන්නත් බැරිය. X BAN කිව්වම නිකන් ඇග හිරිවැටිලා යන ගතිය 6 ඉදන් හිටපු නියම බණ්ඩාරණායක කොල්ලෙක්ට දැනෙන්නේය. කම්පියුටර් සොසයිටියේ මල්ලිලත් එක්ක ඉස්කෝලේ බ්ලොග් එකත් එකතු කරගෙන අපි බ්ලොග් යුනියන් එකෙන් පොඩි මේස දෙකක් ලැබ් එකේ ඇටෙව්වෙමු.  මෙතනින් කලේ බ්ලොග් පිළිබද නරඹන්නන් දැනුවත් කිරීම, යුනිකෝඩ් කේත ක්‍රමය, සිංහල ටයිපින් වගේම අළුතෙන් බ්ලොග් කලාවට තරුණ පිරිස දිරිගැන්වීම වගේ පොඩි පොඩි දේවල් කීපයක්ය. ආ....ඒ වගේම අපේ කට්ටියගේ බ්ලොග් වලට පොඩි පබ්ලිසිටියකුත් දුන්නේය. ^_^

LEAFLET
 පුරා දවස් හතරක් අපි ඉස්කෝලෙට වෙලා මේ වැඩේට සහයෝගෙ දුන්නෙමු. උසස් පෙළ ඉවරවෙලා අවුරුදු 3ක් ඉවරවෙන්න ආවට මොකද... අපි තාම නිකන් ඉන්නේ ඒලෙවල් මානසිකත්වයේ කියන එක නියමෙටම තේරුනේ අර පොඩි උන් එක්ක පිස්සු කෙළිනකොටය. ඔය විස්තර කිරීම් අතරතුර එහෙන් මෙහෙන් මිසින් වී ගියේමු. ඕකම විස්තර කර කර ඉදලා හරියන්නේ නැත. අපිත් ප්‍රදර්ශනේ බලන්න ඕනෑය. 

ගේට්ටුවෙන් ඇතුලට එනකොටම දෙයියනේ කියලා කාර් ටික සෙට් වෙන්නේය. ගට ගට ගට ගගා ඒවා පොකුණ වටේ කැරකුනේය. වෙනදට තියෙන්නේ කාර් එකයි නැත්තන් උපරිම දෙකය. මේ පාර  එහෙම් පිටින්ම 7ක් තිබුනේය. මට නං ආසාවේ...බැරිය. ඕක හදන එක බලන් ඉන්නවා තරම් නම් ලේසි නැතිය. ඕක මොකද්ද ඇන්ජිමක් අරගෙන හදන එකනේ කිව්වට, ඒකේ කට්ට දන්නේ හදන උන්ය. මොකද අපිත් ඔය කට්ට 2008දී කෑවේය

CARS
CARS CARS EVERYWHERE
රතු ඉන්දියානු ගම්මානය වෙනදා වගේම ලොවෙත්ය. වැද්දෝ ටිකත් පංකාදු පහය. වැද්දන්ට ආචාර කරන්න තියෙන්නේ හූ කියලාය. උගුරේ පොට යනකන් අපි උන්ට හූ කිව්වෙමු. අන්තිමට වැද්දෝයි රතු ඉන්දියන්කාරයොයි යන වලියත් පට්ටය. හිනාකාලා මැරෙනවාය. 6-11 පොඩි උන් සෙට් එක ඉදිරිපත් කල නිර්මාණ ටිකත් සුපිරිය. 

RED INDIANS
ලංකාවේ පාසල් මාධ්‍ය අංශයක් විසින් පවත්වාගෙන යන ප්‍රථම ගුවන් විදුලි නාලිකාව සහ රූපවාහිනී නාලිකාව මෙවරද ප්‍රදර්ශනයේ ප්‍රධානම අයිටමයක් උනේය. සියනෑසර හා සියනෑ රූ ටීවී කුටි ජනතාවගෙන් පිරී ගියේය. 103.1 Fm, Android, Apple IOS Apps හරහා FM එකද, PEO TV Channel 120 ඔස්සේ රූ ටීවීද විකාශය කෙරිනි. 

ROO STUDIO
2003දී X BAN එකට අයියලා සෙට් එකක් හදපු දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගුවන්යානය සෑහෙන්න ප්‍රසිද්ධ උනේය. ඒ දවස් වල අටපට්ටමෙත් රස කර කර පෙන්නුවේය. ඒ වගේම ගුවන් යානා 2ක් මෙවරද ප්‍රදර්ශනයේ පිට්ටනිය වටේ කැරකුනේය. හිටපු ගමන් පාර වැරදිලා ගිහින් ගස් වල ලයිට් කණු වලද පැටලුනේය. ආයෙත් නැගිටලා ඇවිත් ගින්දර වගේ වැඩය. පල්ලෙහා වීඩියෝවේ ඒ ක්ලිප් ටිකක් අඩංගුය. 
Blog Set එක
හවස් වරුවේ පොඩි පොඩි මියුසිකල් අයිටම් ටිකක් තිබුනේය. එක දවසක DJ එකක්ය. අනිත් දවසේ නිකන් බෑන්ඩ් එකක්ය. කකුල් කකියනකන් නැටුවෙමු. හැමදාම ඉස්කෝලෙට යන්න හම්බෙන්නේ නැත. ඇති වෙනකන් කෑ ගගහ රෑ වෙනකන් නැටුවෙමු. 

ඔය කෑලි බෑලි අස්සේ පොඩි පොඩි මඩපාරවලුත් යන්නේය. අපේ බ්ලොග් ලියන වෙඩික්කාරයා අඩුවට නම ගම තියෙන කාඩ් වගයක් ගහගෙන ඇවිල්ලාය. මූ ඕක කෙල්ලන්ට දෙන්න ගිහින් ගම කාගෙනය. ඇයි තව කවුදෝ මන්දා එකෙක් මුගේ පිටේ සිගරට් බොනකොට මෝඩ පාටයි කියලා ස්ටිකරයක් අලෝලාය. ඕක ඈතට පේන්නේ ලොකුවට තියෙන මෝඩ පාටයි කියන කෑල්ල විතරය. ඕක දැකපු කෙල්ලෝ මූට නොසෑහෙන්න හිනා උනයි කියලා ආරංචිය ඉස්කෝලේ වටේ යන්නේය. 

ඇයි තව අර බිම්තැන්න ලියන මලයා, උගේ වෙබ් ඩිසයිනින් ගැන කියලා දෙන්නේ කෙල්ලන්ට විතරය. එතනම එහා පැත්තේ හිටපු අපිට ඒ කෙල්ලන්ව මූ එවන්නේ නැත. විනාඩි 20ක් විතර මුගේ බොරු අහන් ඉදලා ඒ කෙල්ලෝ දාඩිය පිහ පිහ යන්නට යන්නේය. ඔය කිව්වට අපිත් බ්ලොග් ගැන වැඩිපුර කියලා දුන්නේ කෙල්ලන්ට විතරය. කෙල්ලෝ රජාගේ තහනම් අඩවිය කියෝලා බඩ වෙලා කිය කිය එක එකා ඉස්කෝලේ පුරා දූෂමාන ආරංචි පතුරවන්නේ ඉරිසියාවටය. 

බ්ලොග් ලියන උන්ගෙන් සෑමා, මුදියා නොහොත් සමියා, සසිදු කොළුවා එහෙම අපිව බලන්න ආවේය. ඇවිල්ලා ගෙස්ට් බුක් එකෙත් මොනවද ලියලා ගිහින්ය. අපේ IT මිස් ඒක දැකලා කවුද අනේ මේක ලිව්වේ කියලා අපෙන් අහනවාය.  :D :D


COMMENTS

බුකියේ පල වූ ඡායාරෑප පෙළ


ආයේ ඉතින් X BAN එන්නේ 2018දීය. ඒ බණ්ඩාරණායකයේ 100වන සංවත්සරය වෙනුවෙන්ය. ඒකට නං සෑහෙන දෙයක් කරන්න රජාගේ අයිඩියාවක් ඇත. එකෙදි හමුවෙනකං... හැමෝටම රාජ සම්පත!!!

මෙන්න රජා බටු කැමරාවෙන් වීඩියෝ කරපු Full Highlights වීඩියෝව,



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 


ප/ලි:

නායකවරුන්ගේ බ්ලොග් එකමුතුව

Monday, October 7, 2013

ඔළුව නැතුව දඩ කෑවෙමි - No Helmets??? Take this...you IDIOTS


 මේ දවස් වල හෝ පට ගාලා X BAN එකට අපි කාගෙන වැඩ කරන්නේය. ඕල්ඩ් බෝයිස්ලා වශයෙන් මොනවාහරි කලේ නැත්තන් වැඩකුත් නැත. මේ තාක් X BAN වල වෙච්ච නැති මොනවා හරි අළුත් දෙයක් කරන්නත් ඕනෑය. අපේ ඉස්කෝලේ ආදි බ්ලොග් ලියන සෙට් එක එදා ගම්පහ තානායමට සෙට් උනේ ඕක සෙන්ටිමෙන්ටල් කර ගන්නය. කොහොමින් කොහොම හරි දවස් දෙක තුනක් ඉස්කෝලෙට බඩ ගාලා IT එකේ මිස්ට වැද වැටිලා ඉඩකුත් වෙන් කර ගත්තේය. දැන් තියෙන්නේ කරන එක ගැන පොඩි වැඩිදුර සාකච්ඡාවක් දාන එකය. ලීෆ්ලට්ද, බැනර්ද, ටී ෂර්ට් ද අරවද මේවද ලොවෙත් නැති ඒවාය. 

ඇයි හත්තිලව්වේ...ටී ෂර්ට් එක ඩිසයින් කරද්දි කියන ඒවා. මේවා රට්ටුන්ට එහෙම ඇහුන නම් එහෙම අපේ රෙදි නැත. එම්බොයිඩර් කරන්නලු. ප්‍රින්ට් කරන්නලු. තව බ්ලොගර්ද මොකද්ද එකක අතේ ගහන්නලු. නෑ නෑ...අතේ ප්‍රින්ට් කරන්නලු. ටී ෂර්ට් එක දෙන්නේ නත්තලටලු. නත්තල කිට්ටු වෙලා අතේ ගහන්නලු. නෑ නෑ...අතේ ප්‍රින්ට් කරන්නලු. හාපෝ...එක විකාරයය. 

ඊළගට ලීෆ්ලට් ඩිසයින් එකය. හැමෝගෙම බ්ලොග් වලින් තියෙන ලස්සනම, අමුතු පෝස්ට් වලින් කෑලි උස්සලා ගහන එකය. රජාගෙන් නම් ඕකට කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නැති බව උන් දන්නේය. මොකද මේ තියෙන ඒවා දැම්මොත් එහෙම ප්‍රදර්ශනේ බලන එක පැත්තක තියලා බ්ලොග් එක කියවන්න පටන් ගන්නවාය. පෝස්ටු ඒ තරම් ලස්සනය, සභ්‍යය, සම්භාව්‍යයය. මොන්ටිසෝරි යන පොඩි එකෙකුට උනත් තේරෙන්නේය. ^_^

ඔය කලබල අස්සේ රජා ඉස්කෝලෙනුත් අස් උනේය. ඒ කියන්න අස්වීමේ සහතිකේ ගත්තේ එදාය. චරිත සහතිකේ ගන්න ඔක්කොට ෆෝම් පුරෝලා, අත්සන් අරගෙන ඔක්කොම කරලා දීලා ආවේය. තාම චරිතේ ආවේ නැත. දැන් පච උනාට, ඉස්කෝලෙදි ඩීසන්ට් කොල්ලා වගේ හිටපු හින්දා පත්ති භාර මිස් චරිතෙ නම් ලස්සනට කඩ්ඩෙන්ම ලියලා දුන්නාය. හිටපු නැති සොසයිටි වල නම් හිටන් දාලා තිබ්බේය. 

ඔක්කොම ඉවර වෙලා ඉස්කෝලෙන් එලියට බැස්සේ ආපහු ගෙදර ඇවිත් හොද නින්දක් දාන්න බලාගෙනය. වෙනදට හෙල්මට් එකක් වැඩිපුර ගේන මට අද ඒක අමතක උනේය. ඒක නම් දෛවයේ කුරිරු සරදමක්ද කොහෙදය. අපේ තනිවූ ගවේෂකයා ඉන්නේ ඉස්කෝලේට හූවයි බල්ටියේ දුරෙන්ය. ඌට හෙල්මට් නැතුව ඌවත් දාගෙන රජා දැන් ඉදිරියට ඇදෙන්නේය. 

තනි: ඒ පොලිසියෙන් ඉදීද බං...

රජා: අනේ මන්දා බං.. යමන්කෝ. ස්කූල් ටයිම්නේ ලියන්නේ නැති වෙයි. 

තනි: ඇල්ලුවොත් එහෙම හෙල්මට් නෑ තමා ඇයි අවුල්ද??? කියලා අහමු. 

රජා: අනිවාර්යෙන්...

අම්බානට ට්‍රැෆික්ය. අපි අස්සෙන් අස්සෙන් දාගෙන දැන් නොසැලී ඉදිරියටම යන්නේය. හැබැයි පොඩි බම්ප් දෙක තුනක් ලග මුළු සර්වාංගෙම සැලුනේය. ඒ තරමට බයික් එකේ ෂොකට් හොදය. අති සාර්ථක ලෙස එක බාප්පෙක් පහුකලේය. ඌ අපි දිහා කන්න වගේ බැලුවේය. අපි ඌ දිහා පීචන් විදිහට බලමින් ලෙස්සා ගියෙමු. හැබැයි පුතේ දෙවනි බාප්පා ලගදී පට්ට පජාත වී ගියේ නොසිතූ විරූ ලෙසය. 

බාප්පා සිටියේ මිශ්‍ර පාසලක් ලග කහ ඉර උඩ වාහන හසුරුවමින්ය. කෙල්ලෝ රොත්තක් පාරෙන් එහා පැත්තේ පාර පයින්න බලාගෙන සිටියෝය. අපි දැන් අස්සෙන් අස්සෙන් දාගෙන කහ ඉර ලගට එනවත් එක්කම බාප්පා අපිව නැවැත්තුවේය. කඩාගෙන පෙරලගෙන ලගට ඇවිත් බයික් එකේ යතුර උදුරලාම ගත්තේය. 

බාප්පා: අයින් කරනවා බයික් එක. 

රජා බල්ලා වගේ බයික් එක තල්ලු කරගෙන කඩයක් අයිනට ආවේය. ඒ මදිවට දැන් ඒ කඩේ හිටපු උන් අපිව නිකන් පීචන් කරමින් කතාව දාන්නේය. මේ බොක්ක කූල් වෙලා ඉන්න වෙලාවේ කට වහන් හිටුකෝ. කීයක් දඩ ගහයිද දන්නෑ. මට අරුන්ව මරාගෙන මැරෙන්න හිතුනේය. අර කලින් අහනවයි කිව්ව ඇයි අවුල්ද ලොකු සීන් මොකුත් නැත. ඇටි කෙහෙල් කාලා බෙට්ට හිරවෙච්ච උගුඩුවෝ දෙන්නා වගේ කඩේ ඇතුලෙය. දැන් අරූ ළමයි පාර පන්නවලා ඉවර වෙනකන් පැය කාලක් විතර අපි හිටගෙනය. හෙන වෙලාවකට පස්සේ පොර ආවේය.

බාප්පා: කෝ හෙල්මට්?? පොඩ්ඩක් නීතියට ගරු කරන්න බැරිද?

අපි: මේ ප්‍රදර්ශනේ වැඩකට යන්නේ. පොඩි හදිස්සියක්. 

බාප්පා: කලින් එක්කෙනා නැවැත්තුවේ නැද්ද?

අපි: නෑ...ඒ හින්දා ආවා ඉතින්. 

බාප්පා: ආ...නැවැත්තුවේ නැද්ද? ආනේ පව්.

රජාගේ ශෝක විලාපය මැද අර හිකනලා දඩ කොලේ ලිව්වේය. ලයිසන් එක අරන් අවුරුදු 3ක් ගියත් හරි මම මේ දඩයක් කෑවමය. කෑවා වගේ නෙමේ දැන් මේක ගෙවන්න දන්නේ නැත. අනික මූ මොන පොලිසියෙද කියලා අහන්නත් බැරි උනාය. මිරිස්වත්තද? ගම්පහද? ආ... කාලා වරෙන්කෝ. රජා තනියව බස් හෝල්ට් එකෙන් දාලා ටිකක් එහාට ගිහින් බයික් එක හරෝ ගත්තේය. ආපහු එනකොටම වගේ බාප්පා බයික් එකේ නැගලා යන්න ගියේය. රජා පොරව ෆලෝ කලේය. ගියේ ගම්පහ පොලිසියටය. වැඩකරු වගේ ෆලෝ කලාට මොකද මේ තනියම පොලිසියක් ඇතුලට යන්නේ පලවෙනි පාරටය. රථ වාහන අංශය කියලා ලොකුවට ගහලා තියෙන හින්දා ෂේප් එකේ ඇතුලට රිංගුවෙමි. කෝකටත් හෙල්මට් එක දාගෙනම ගියෙමි.

පොලිස් කාන්තාවක් මූණටම හම්බුනේය. රජා ළමා මූණ දාලා කතා කලේය. 

රජා: මේ දඩ කොලේ....

පො.කා: කොලයක් ලියා ගෙන පෝස්ට් ඔෆිස් එකට ගෙව්වද?

රජා: තාම නෑ..

පො.කා: එහෙනං ගිහින් ගෙවලා එන්න. 

රජා කට පියාගෙන ආපහු හැරුනෙමි. කෙලින්ම ගියේ තැපැල් කන්තෝරුවටය. ගම්පහ අකුරක් නෑර දන්න හින්දම හොදාය. නැත්තන් ඉතින් පෝස්ට් ඔෆිස් එක හොයන්න වෙනම මිෂන් එකක් පටන් ගන්න වෙන්නේය. දඩ කවුන්ටරේ සොයා වටයක් කැරකුනෙමි. හෙන ගහන්න වගේ පළවෙනි එකම දඩ ගෙවන්නය. රජා කොලේ දුන්නේය. 

පෝස්ට්: මහත්තයෝ මේක පොලිසියට දීලා දඩ කොලයක් ලියාගෙන එන්න. 

ඈ... ඒ මොක්ද්ද ඒ පාර? තව එකක් ලියන්න ඕනේද? එතකොට මේ මොකද්ද? මට නිකන් තෝන්තුව වගේය. ආයේ හීනෙන් වගේ පොලිසියට ගියේය. නැවතත් අර පොලිස් කාන්තාවමය. 

රජා: දඩ කොලේ ලියාගන්න. 

පො.කා: ඇයි දෙයියනේ...ඒකනේ මම කලින් ඇහුවේ ලියාගත්තද කියලා?

රජා: කවුද දන්නේ ඔහොම එකක්. දඩ කෑවමයි මේ.

පො.කා: ආ...කෝ දෙන්න මල්ලි...

රජා: මෙන්න... (දැන් තමා ලේ ටිකක් ඉනුවේ. මං හිතුවේ ඇගට කඩන් පනී කියලා)

පො.කා: කවුද හෙල්මට් නැතුව ගියේ?

රජා: මේ යාළුවෙක්... :)

පො.කා: එහෙනං එයාටම කියන්න ගෙවන්න කියලා.

රජා: හිහි.. ^_^ 

රජා ඒ කොලෙත් අරගෙන ආයේ තැපෑලට ඇදුනේය. ගෙව්වේය. ආයේ පොලිසියට ආවේ ලයිසන් එක ඉල්ලගන්නය. අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කියන්නේ නිකන් නොවේය. මාව අල්ලපු බාප්පා බත් කන්න ගිහින්ය. 

පො.කා: අරයා බත් කන්න ගිහින් මල්ලි... ටිකක් ඉන්න වෙනවා.

රජා: ආ...හරි හරි :)

නිකන් බාල අපරාධ කරපු එකා වගේ අර පොලිසිට ඉස්සරහට වෙලා තැපලා තැපලා ඉන්නකොට බඩ උඩ දාගෙන අරූ මේ පැත්තට එන්නේය. රජා නැවතත් ළමා මූණ දාලා හිනා උනේය.
 
බාප්පා: ආ....මල්ලි ලයිසන් එක ගන්න නේ?

රජා: හී...ඔව් :)

බාප්පා: ආ මෙන්න...ආයේ හෙල්මට් අමතක කරන්න එපා.!!

රජා: හරි හරි.. ^_^


ලයිසන් එක පර්ස් එකට දාගත්තු රජා පසුපස නොබලා ගෙදර බලා ධාවනයේ යෙදුනේය. ඒකෙන් මේකෙන් උනේ දඩයක් ගෙවන හැටි ඉගෙන ගැනීමය.

උගත් පාඩම:

පොඩි දුරට උනත් නීතියට ගරු කරන්න.

ප/ලි:

X BAN එන අය IT Unit එකේ තියෙන BC Bloggersලගේ Stall එකට එන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව රුපියල් 10ක් අරන් එන්න. ටිකක් අමුතු අයිටම් එකක් ගෙදර ගෙනියන්න පුළුවන් :P :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, September 18, 2013

බෝල්ගාඩ් නැතුව ගහපු ක්‍රිකට් - Playing Cricket with out the Ball Guard


මේ වගේ මුළු දවසම හෝදාපාළුවට ලක්කරමින් වහින දවස් නම් ලාචෝරුය. ඒ මදිවට මේ වෙලාවට ගෙදර ඉන්න එක තරම් කාලකණ්නි වැඩක් තවත් නැත. දෙකටම නැති වෙලාවට හොදට පොරෝගෙන නිදාගන්න එකත් හරි නැත. හරි නැත නෙමේ. නින්ද යන්නේ නැත. බුක් ෆෙයා ගියෙ නැති අපිට කියවන්න වට්ටම් තියා තට්ටම් වත් තියෙන පොතුත් නැත. බයිස්කෝප් සයිට් එකේ ෆිල්ම් එක දානකොටම බාලා බලලත් ඉවරය. දැන් බලන්න ෆිල්මුත් නැත. අළුතෙන්ම ආපු එක තාම ඩවුන් වෙනවාය. ඒක ඩවුන් වෙනවා කියන්නේ වැඩිය නෙට් එකේ සැරිසරන්න බැරිය. ඒ තරම් සිරිලංකා නෙට් ස්පීඩ්ය. 

පරණ පොටෝ ඇල්බම් ඇදගෙන පෙරළ පෙරළ ඉන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවටය. ඔය අතරවාරයේ මෙන්න මේ වගේ බ්ලොග් පෝස්ට් වලට මතකය අවදි වන්නේය. රජා පොඩිකාලේ 3 වසරේ ඉදන් ටීටී ප්ලේයර්ය. හැබැයි කවදාවත් ෆස්ට් ප්ලේස් එකක් නම් ගත්තේ නැත. එක්කෝ දෙක, නැත්තම් තුනය. යකෝ...මාර සීන් එක කියන්නේ. මම ඉස්කෝලේ ක්‍රිකට් ගහපු බවට සාක්ෂි ඒ ඇල්බම් වල තිබ්බේය. ඔළුව හාරලා හාරලා අඩියේ තිබූ ඒ මතකය නැවත මතුපිටට ගත්තෙමි. 

සිස්සත්තේ එහෙම ගොඩ දාගෙන ගම්පහ පැත්තට වාෂ්ප උනාම හෙන කික් එකක් මට ආපු බව නොරහසක්ය. ඉස්කෝලේ තිබ්බ හැම ස්පෝට් එකකටම වගේ ඇප්ලයි කලේය. හැබැයි ඕවට ගාස්තු ගෙවන්න අපේ මව්තුමිය සල්ලිනම් දුන්නේ නැත. ටීටී පොඩිකාලේ ඉදන් ගහපු හින්දා ඒකටයි, ක්‍රිකට් වලටයි යන්න විතරක් සල්ලි දුන්නේය. 2002, 2003 වලදි මතක විදිහට ක්‍රිකට් වල මාසික ගාස්තුව 150ක්ද කොහෙදය. අම්මෝ... කට්ටිය අළුත්ම පිට හින්දා ඒ දවස් වල ක්‍රිකට් වලට සූඌඌඌඌ.... ගාලා සෙනගය. ප්‍රැක්ටිස් තියෙන දවස් වලට පිට්ටනිය නිකන් කාර්නිවල් එකක් වගේය. මොකෙක්හරි බෝලයක් උඩ දැම්මොත් ඒක අල්ලන්න දහයක විතර රොත්තක් වටවෙන්නේය. 

ඔය දවස් වල හතරක් එහෙම ගහනවා බොරුය. මොකද මේකත් නිකන් අර ගම්පහ ගෙට්ටුවේ ගහපු මැච් එක වගේය. බෝලේ බිම වැටෙන්නවත් තැනක් නැත. ඒ තරමට ෆීල්ඩර්ස්ලා තොගයක්ය. අපේ කෝච්ට හිටියේ නිකන් සුද්දෙක් වගේ ඩයල් එකක්ය. බාගවිට සුද්දෙක් මොනවාහරි කරලද දන්නෙත් නැත. මට නම නං මතක නැත. අපිත් එක්ක ක්‍රිකට් ගහපු උන් නම් ඒ ගැන හොදට දන්නේය. 

මිනිහා හැම තිස්සෙම කියවන්නේ දිල්හාර ප්‍රනාන්දු ගැනය. මොකද පොර දිල්හාරගෙ කෝච් වෙලා හිටියාලුය. නෝ බෝල් පප්පා කිය කිය බනින්නේය. අපිට ඕකම අහලා අහලා එපා....වෙලාය. ප්‍රැක්ටිස් එනවානම් පොරගේ නීති මාලාවට යටත් වෙන්න උනේය. ප්‍රධානම නීති දෙකක්ය. 

1. ජොකෙක් ඇදගෙන ඒම අනිවාර්යයි.
2. නියපොතු හැපීම සපුරා තහනම්.

ඔක්කොමත් හරි කියමුකෝ. හැබැයි නියපොතු කන එක කෙසේනම් නවත්තන්නද? ඉපදුන දවසේ සිට මේ දක්වා නියපොතු කන එක මාගේ විනෝදාංශයය. සෑහෙන දවසක් යනකන් මූ මේ නියපොතු කන්න එපා කියන්නේ ඇයිදැයි මට වැටහුනේ නැත. කැචින් ප්‍රැක්ටිස් පටන් ගත්තේ ඔය කාලේදීමය. අන්න එතකොට මට සීන් එක තේරුනේය. බෝලේ වෙඩිල්ල වගේ ඇවිල්ලා ඇගිල්ලේ ඉස්සරහා කෑල්ලේ වැදුනම චූ බර හැදුනේය. ඒ දවස් වල හැම ඇගිල්ලකම වාගේ කළු පාට ලේ ඩොට්ය.

එදා ඉස්කෝල නිවාඩු කාලේය. ක්ලාස් එකක් ඇරිලා එන ගමන් ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේය. වෙනදා වගේම ඔක්කොම බඩු පැක් කරගෙන ආවෙමි. අද තියෙන්නේ නෙට් එකේ බැටින් ප්‍රැක්ටිස් හින්දා ෆෙෂ් පිට බැට් කරන්න පැවිලියන් එක ලග ෂවර් එකෙන් නාලා එහෙම සුදු ෂෝට ගහගන්න ගියෙමි. අම්මටසිරි....කාලා වරෙන්කෝ. ඔක්කොම ගෙනාවත් වැඩිපුර ජොකෙක් ගෙනාවේ නැත. නෑවේ ඇදන් ආපු එක පිටින්ය. තෙත එක අදින්න විදිහකුත් නැත. මොනවා කරන්නද ඉතින්. ජොකෙක් රහිතව ක්‍රිඩාංගණයට අවතීර්ණ උනෙමි. 

මගේ වාරය එනකන් නෙට් එකේ එල්ලිලා අනිත් උන් බැට් කරන දිහා බලාගෙන හිටියෙමි. කැතම සීන් එක කියන්නේ බැට් කරන්න ඉස්සරලා ජොකා දාලාද? බෝල්ගාඩ් දාලාද? කියලා කෝචා අහන එකය. ජොකා නැත්තන් සොරි ඩොට් කොම්ය. බැට් කරන්න දෙන්නෙම නැත. එහෙම එකෙක් දෙන්නෙක් ආපහු ගෙදර ගියේය. 

මම එහෙම පරාජය බාරගන්න එකෙකුත් නෙවේය. කොහොමහරි බෝල්ගාඩ් එක කලිසම අස්සේ රදව ගත්තෙමි. කලිසම් කකුල් දෙකේ පූට්ටුවට ගාඩ් එක යන්තමට හිර වෙන්නේය. තව ටිකක් හිරවෙන්න කියලා කලිසම බඩ මැද්දටම උස්සාගත්තෙමි. දැන් නිකන් ජිම් පප්පාගේ මිනි වර්ෂන් එක වගේය. ඇවිදින්නෙත් හරි ආමාරුවෙන්ය. වැඩිය දැගළුවොත් ගාඩ් එක කලිසම් කකුල අස්සෙන් ඩිං... ගාලා බිමය. 

හොර පූසා වගේ විකට් එකට ගියෙමි. ඕවර් දෙකක් විතර බැට් කලේය. ඒකත් මාරම අමාරුවකින්ය. ඇයි යකෝ... කොහොමද වැඩිය දගලන්නේ. එක පාරටම කෝචා කටහඩ අවදි කලේය. 

කෝචා: මදි මදි...ඔහොම බෑ පුතා...ෆුට් වර්ක් මදි.... ගෙදරදි තව ප්‍රැක්ටිස් වෙන්න. 

මම: යකෝ...මගුලක් කියනවා.... ෆුට් වර්ක් කලොත් බෝල් ගාඩ් එක අල්ලගන්නේ උඹද??? (හිතෙන්)

ඕක කියන්න ගිහින් බැට් එකක් බස්සවගන්නේ මොකටද කියලා මම ශේප් එකේ නෙට් එකෙන් එලියට ආවෙමි. 

ඒ දවස් වල තනිකරම ක්‍රිකට් පිස්සුවය. ගේ ඇතුලේ ඇවිදිනකොටත් ක්‍රිකට් ෂොට්ස්ය. ඉස්කෝලේ තිබ්බ පෑඩ්ස් වල ගද ඉවසන්න බැරිම තැන හා, ඒ බැට් හෙන බර වීම හේතුවෙන් රජා වෙනම කිට් එකක් ගත්තේය. රජා එහා ගෙදර ඇන්ටිලෑ ගෙදරටත් යන්නේ ඕක දාගෙන බැට් එක අතේ තියාගෙනය. තාමත් ඔය බැට් කටුව අපේ ගේ මුල්ලේ ඇත. දැන් ඕකෙන් යුව රජා ක්‍රිකට් ගහන්නේය. ලෙදර් බෝලයක් සතොසෙන් උස්සගෙන ඇවිත් ගෙදර වලං මුට්ටි හිටං හිල් කරලා අම්මාගෙන් ගුටි කන්නේය. අර පිස්සෝ ටික අපේ ගෙදර ආපු වෙලාවේ ඔය බැට් එක උස්සගෙන පිස්සුවක් නැටුවේය. බැට් එක, එක එකාට තෑගි කර කර පොටෝ ගැහුවේය. 




ඔය මොන බයිලා ගැහුවත් රජා එච්චර බැටා නෙමේය. අඩුගානේ ටීම් එකටවත් සිලෙක්ට් උනේ නැත. 6 වසරෙන් පටන් අරන් 9 වසර වෙනකන් ප්‍රැක්ටිස් ගියේ කිරිකට් වලට තිබූ ආසාව නිසාමය. අන්තිමට අම්මාගේ දැඩි විරෝධය මත ක්‍රිකට් නැවතුන අතර උ/පෙ දක්වා ටීටී කරගෙන ගියේය. 

Raja's Profile

Batting: Right Hand Bat
Bowling: Left Arm Off Spin
Average: 20.3
Best Bowling:  3/12

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, May 6, 2013

සීඩී සීට්ටුව



සාමාන්‍යයෙන් කොල්ලන්ට නව යෞවන විය පිස්සුව තද වෙන්නේ අට වසර අග භාගයේදීය. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ නමය වසර සෞඛ්‍ය පොතය. ඉස්සර නමය වසරට පොත් දෙනකන් ඉන්නේ පුදුමාකාර අසහනයකින්ය. හා හා පුරා පෙරලන පිටුව මම කියන්න අවශ්‍ය නැත. අපේ කාලයේ ඕනෑම කොල්ලෙක් එය දන්නේය. අනේ හැබෑටම ඒ කාලේ තිබ්බ මෝල...ඒ ගැන හිතන විට ඇති වෙන්නේ දුකක්ය. ඒ කාලේ තිබිච්ච මෝල කර වෙලා දුම කන් වලින් පවා පිට උනේය. හරියට අත්වැඩක් කරගන්නත් බැරිය. කරන්න පුළුවන්ය. නමුත් භාණ්ඩ හා සේවා ගාස්තු නැත. විදුලි කොටනවා පමණය.

නමය වසර අවසන අපේ පන්තියේ සෙට් එකකට මහ අමුතු පිස්සුවක් ගැහුවේය. ඒ සීට්ටුවක් දමන්නය. අනේ නොදකින්...මේක බාලිකා පාසලක්ද යකෝ? රජා කිහිපවිටක්ම අදාල පාර්ශවයන්ට ප්‍රශ්නය යොමු කලේය. සීට්ටුවට සහභාගිවන්නන් ගණන 5ය. එකෙක්ගෙන් 100ය. ඔක්කොම 500ය. සීට්ටුව දාන්නේ ගේම් සීඩී වලටය. රජා මේකට සහභාගී නොවුනේ මුදල් හිගතාවය නිසාමය.  

හිගතාවය කියන්නේ මෙහෙමය. ගෙදරින් දවසට රුපියල් 50ක් හෝ 100ක් දෙන්නේය. ඕක ඉවරවෙනකන් කැන්ටිමෙන් කෑම රජාගේ විනෝදාංශය විය. උදේ ගිය ගමන් රුපියල්  25ක පාන් බාගෙකට වග කිව්වේ නැත්තන් දවසම කුජීතය. ඒ කාලේ කැන්ටිම පිටිපස්සේ හෙන පත සල් ගහක් තිබ්බේය. ඒක ලග තියෙන මේසේ තරම් පොට් එකක් පාන් කන්න සෙට් වෙන්නේම නැත. පාන් එකට දෙන පරිප්පු හොද්ද ගැන කිව යුතුමය. හොද්දේ පරිප්පු ඇට සෙවීම අවුරුදු උත්සවේක තරගෙකට පංකාදුය. මන්ද හොද්ද බොර වෙනකන් පීනුවත් සමහර දවස්වලට ඇට හෙවීම නං කල නොහැකිය. 

සතියකට සැරයක් විතර හාල්මැස්සෝ හොද්දක් එන්නේය. හාල්මැස්සෝ නැතත් හොද්දට මාළු මිරිස් කෑල්ලක් නම් සෙට් වෙනවාමය. බාග වෙලාවට ඔය මාළු මිරිස් කෑල්ල අස්සේ ඉතා කුඩා හාල්මැස්සෙක් ඉන්නේය. අන්න එදවස එම හොද්ද අයිතිකාරයාගේ වාසනාවන්තම දවසය. නමුත් හාල්මැස්සාගේ අවසානයය. මන්ද ඒ හාල්මැස්සා කැන්ටිමේ එහා කෙලවරේ සිට මෙහා කෙලවර දක්වා වූ ජනී ජනයාගේ බඩ පුරවන නිසාය. බැරි වෙලා හෝ  හාල්මැස්සාට බඩේ අමාරුවක් තිබ්බේ නම් ඉස්කෝලේ කොල්ලෝ 15කට 20ක් සදා සොත්තිය.

ඉතුරු 25න් හවසට තෝසේ 3කට වග කියන්නේය. 100ක්  හම්බුන දවසට කිරිහලේ එළකිරි වීදුරු දෙක තුනකටත් බඩ හොදට ඉඩය. තෝසේ හොද්දට මොකුත් කිව නොහැකිය. මන්ද එය කන්න වෙන්නේ අංශු වශයෙන් නිසා රසක් කිව නොහැකිය. පිගාන කැන්ටිමෙන් ගන්නවා පමණක් පෙනෙන්නේය. තප්පර කීපයකින් පිගානත් නැත. කාපු උනුත් නැත. (පදුරු තැලීමකි)

ආ...සීට්ටුව දැන් මෙහෙමය...සීට්ටුවේ භාණ්ඩාගාරික සිටියේ රජාට අල්ලපු පුටුවේය. රජා සීට්ටුවට සහභාගි නොවුනේ හම්බෙන ගේම් ඔක්කොම රජා ලග තිබුණු නිසාවෙන්ය. V Cop, Delta Force, NFS Hot Pursuit ඒ කාලේ මේ ගේම් ගහලා නැත්තන් ඌ ලොවෙත් නැත. ගහපු එකා හෙන පොරය.


තුන්ඩු දාලා එහෙම දවසක් සීට්ටුව පටන් ගත්තේය. භාණ්ඩාගාරිකයාට ආවේ නොම්බර එකය. හහ්...රජත් දැන් වෙන්නේ මොකද්ද කියා බලාගෙනය. සතියකින් විතර අදාල සීඩී 5ක් මූට ලැබුනේය. ඉස්සර ගේම් සීඩී රුපියල් 100ට තිබ්බෙය. ඉන් කිරි කිරි දිලිසෙන සීඩී පහක්ම දැන් මූ අතේය. අඩෝ අපේ ගෙදර යන්ද කට්ටියම? යෝජනාව භාණ්ඩාගාරිකතුමාගෙන්ය. යක්කල පන්ති යනගමන් හය දෙනෙක්ගෙන් සමන්විත සෙට් එකක්ම මුගේ ගෙදරට කඩන්පාත් උනේය. ගෙදර උනුත් හොල්මන්ය.    

කට්ටියම දැන් මැෂින් එක වටේට ඉදගෙන සීඩී දදා බලන්නේය. ආ මචන්....ඕකේ එක සීඩී එකක තියෙන්නේ ෆිල්ම් හොදේ...ගෙනාපු එකා කීවේය. මොනවද දන්නෑ තියෙන්නේ? දන්නෑ බං...මං පැකින් කැඩුවෙවත් නෑ. ගෙනාපු ගේම් නම් ඔක්කොම වැඩය. අන්තිමට තියෙන්නේ ෆිල්ම් සීඩී එකය. ඒකත් චෙක් කරන්න දැම්මේය.

ආව් ආව්....මචන් ෆිල්ම් 5ක් තියෙනවා! 

සුපිරි ආ... දාහන් දාහන් මොනවද බලන්න.

දැන් එකින් එක ප්ලේ වෙන්නේය. පලවෙනි දෙක කාටූන්ය. තුන්වෙනි එක ප්ලේ කලේය. අහා....ආහ් ඌයි.... බෆල් වලින් මහා වේදනාත්මක ශබ්ද වගයක් පිටඋනේය. ඩෙල්ටා ෆෝස් ගගහා වෙලාවය. නිකන් සිරාවටම යුද්දේ ඉන්නවා වගේ දැනෙන්න සබ් වූෆර් සෙට් එක තිබ්බේ නහුතෙටම වැඩිකරලාය.

පුතේ...කවුද ඒ? මොකද්ද උනේ? ඒ අරූගේ අම්මාගේ කටහඩද කොහෙදය.

මැෂින් එක වටේ හිටපු එකෙක්වත් පේන්න නැත. එකෙක් පුටුවක් උඩ පොතක් දිග ඇරගෙනය. එකෙක් මොනිටරේ ඔෆ් කරන්නේය. අනිකා රී ස්ටාට් බටන් එක ඔබනවාය. තව එකෙක් කර්ටන් එකක් අස්සේ හැංගිලාය. රජා මේ සියල්ල දැක්කේ ගෙදරින් එළියට දුවන අවස්ථාවේය. මම කෙලින්ම නැවතුනේ ගේ ඉස්සරහා මාළු පොකුණ ලගය. නිකමට වගේ පොකුණට එබී සිටියෙමි.

ෂා....ලස්සන කාෆ්ලා ටික. මම නැවතත් ගෙට එන ගමන් කීවෙමි. නැන්දා ඒවෙන කොටත් මැෂින් එක ලගය.

ඒකේ කාෆ්ලා නෑ පුතේ. නැන්දා කීවේය.

ආ එහෙමද? මම සිවිලිම දෙස බලමින් කීවෙමි.

කවුද ඒ කෑගැහුවේ? නැන්දා භාණ්ඩාගාරිකාගෙන් ඇසුවාය.

නෑ අර අරූ කකුල වද්දගත්තා පුටු කකුලක. 

පුටුව උඩ පොතක් කියෝ කියෝ හිටපු එකාව මද්දට අහුකලේය. 

කෝ බලන්න පුතා... නැන්දා ඒ පැත්තට ඇදුනේය. 

ලොවෙත් සීන් එක අරූ නැන්දා එක්ක හිනා වෙන එකය. යකෝ කකුල වැදුනා. අපි පිටිපස්සේ ඉදන් අරූට රහසින් මෙන් කියන්නෙමු. කෙසේ හෝ නැන්දාගෙන් බේරී පාරට බැස්සේ පන්තියට ගොඩවෙන්නය. ඒ යන අතරමග පිටුපස කලාපයෙන් මෙවන් වදන් සමූහයක් ඇසුනේය.

මොකද්ද යකෝ ඒ දැම්මේ? වැලක් නේද? තව පොඩ්ඩෙන් මාට්ටු තොපේ අම්මට...

ඒ වැලක් නෙමේ බොල....ගෑණියෙක්ව රේප් කරන්න හදන සීන් එකක් ෆිල්ම් එකේ...

එහෙනං තෝ මොකටද මැෂින් එක වැහුවේ?

තොපි මොකටද පණ කඩන් දිව්වේ? මාවත් බය උනා උඹලා දිව්ව දිවිල්ලට.

එතකොට ඒක වැලක් නෙමේද? අම්මෝ...වෙලාවට නැත්තන් මගෙ අධිෂ්ඨානේ කැඩෙනවා!

හෑ...ඒ මොකද්ද?

ඒ ලෙවල් ලියලා ඉවර වෙනකන් වැල නොබැලීම...(මෙහෙම කියපු ඌ අද...? )

එකිනෙකා මුහුණ දෙස බලාගනිමින් පන්තියට ගොඩවැදුනි.

පසු කාලීනව සීට්ටුව නැගලම ගියේය. පන්තිභාර සර්ට මාට්ටු වී පස්දෙනා පන්තිය ඉදිරියේ පජාත වීම එකල ඉතාමත් ගුජුප්සාජනකම සංසිද්ධිය විය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, February 18, 2013

මේම හිටියට අපි ජර්මන් කෑලි ටෝක් කරපු කොල්ලෝ හරිය..


සාමාන්‍යයෙන් ටීන් ටීන් ගාන අවුරුදු වල හෙවත් නව යෞවන වියේදී අපිට එක එකාකාර වූ ආසාවන් ඇති වෙන්නේය. රජ උනත් මටත් එසේමය. සමහර ඒවා නම් වැලදුනොත් වැලදුනාමය. 7 වසරේදී හැදුන රෙස්ලින් පිස්සුව මට තාමත් සුව වී නැත. එදා මෙදා  කාලය තුල කිසිදු එපිසෝඩ් එකක් මට මිස් වී නැත. මිස් උනත් ඔන්ලයින් හෝ බලනවාමය. ඊට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ඉස්කෝලේ ඉස්සරහ රෙස්ලින් කාඩ් විකුණූ අන්කල් කාරයාය. 

ඒ වන විට අපි සිටියේ 9 වසරේය. සෞඛ්‍ය පොතට අනුව අනාවැකි පවසා තිබු සියලු විපර්යාස සිදුවෙමින් පැවතින. ඇත්තම කියතොත් ඉස්සර අපේ උන්ට අකුරක් නෑර පාඩම්ව තිබු එකම පාඩම ලිංගිකත්වය හා ප්‍රජනනය ය. ඉස්සර ඔය පාඩම යද්දී එකෙක් හුම්...සද්ද නැත. පාඩමේ ගිලී කරවටක් බැසගෙන සවන් දීගෙන සිටින්නේය. පන්තියේ කෙල්ලොත් නැති එකේ සර්කාරයා ලෙසටම කියා දෙන්නේය. අවශ්‍යනම් රූප සටහන් පවා බෝඩ් එකේ මතුවෙන්නේය. පසු පස කලාපයේ සිට තනි ඇහෙන් අඩමින් අපි ඒවා දෙස බල සිටින්නෙමු. දැන් කතාව වෙන පැත්තකට ඇදෙන්න යන්නේය. බල්ලා ගැන කියන්න ගිහින් බලු මැක්කා ගැන කිව්වා වගේ සීන් එකක් වෙන්නට පෙර වහාම මාරු විය යුතුය. 

ජර්මනියෙන් කෙල්ලෙක් දාගෙන උන්ට ලියුම් යවන්න හෙවත් පෑනේ මිතුරියක් දාගන්න එක ඉස්සර  ස්ටයිල් ඒක්කය. මේ පිස්සුව ඉස්කෝලෙට ගෙන ඒමේ සම්පුර්ණ වගකීම බර ගත යුත්තේ ඉන්ග්ලිෂ් මීඩියම් ක්ලාස් එකේ උන්ය. කොහෙන්දෝ මන්ද ඇප්ලිකේෂන් එකක් රජාටත් ලැබුණි. ඌටත් ඕනේ කුණුගොඩක් මසුරන්ය.  පුරෝලා දැම්මෙමි. හැබැයි මට ඕනේ කෙල්ලෝ විතරමයි කියා Female එකට ටික් එකකුත් කළු පෑනෙන්ම දැම්මෙමි. සතියක් විතර ගතවිය. ජර්මනියෙන් ලියුමක් ආවේය. හානේ.... මෙන්න අපි ඔයාට කෙල්ලෙක් හොයා ගත්තා යයි එහි සටහන්ව තිබුණි. එයාගේ ඇඩ්‍රස් එකත් එහි තිබුනේය. 

ඇඩ්‍රස් මැකුවා... පව්නේ නැත්නම්

ලියුම ආපු දවසෙම  මම ලියුමක් ලීවෙමි. මා දයාබර කැතරින්....ඔයා කන්න කැමති මොනවද? ඔයා  අදින්නේ මොනවද? ඕවද මේවද ලොවෙත් නැති සිගිති ප්‍රශ්න පෝලිමය. ලියුම ජර්මනියට යවන්න රුපියල් පනහක්ද කොහෙද මුද්දර ගාස්තු ගෙවන්න උනේය. ඉස්සර පනහ කියන්නේ හෙන ගානක්ය. මම එච්චර ඉස්කොලේවත් ගෙනිච්චේ නැද්ද කොහෙදය. ටික දවසකින් ඇයගෙන් පිළිතුරු ලිපියක් ලැබුණි. රජා දැන් උඩ පාවෙන්නේය. ඇවිදින්නෙත් පොලවට සමාන්තර වෙනම ගමන් පථයක් දිගේය.  වෑන් එකේ කෙල්ලන්ටත් මේක පෙන්නන්නේය.

උඹලට තමා අපිත් එක්ක කතා කරන්න බැරි....බලනවා....අපි දැන් රට කෙල්ලොත් එක්ක ආස්සරේ.... 

ඕක මූණ ළඟටම කරලා පෙන්නුවම උන්ටත් හෙනම ජෙල උපදින්නේය. ඇදලා අරන් බලල ඉවරවෙලා එක එක ප්‍රශ්න අහන්නේය.

කොහොමද අනේ හම්බුනේ?????

රජත්  කොලර් එක එහෙම හදාගෙන උත්තර දෙන්නේය. ඒ මගින් වෑන් එකටත් උණ බෝ කිරීමට මංතුමා සමත් උනේය. දැන් කෙල්ලෝ ටික කොල්ලෝ සෙට් කරගෙනය. ලොවෙත් නැත. ජර්මනියෙන් ආපු කහ පාට ලියුම් වලින් වෑන් එක කහගැහිලාය. 

කැතරින් එක්ක ලියුම් දෙක තුනක් හුවමාරු උනේය. රජාට මේ ලලනාවගේ මූණ බැලීමේ ආශාවක් ඇති උනේය. මම පොටෝ එකක් ඉල්ලා ලියුමක් යැව්වෙමි. එදා ඉඳන් මේ වනතුරුත් මට එයාගෙන් පිළිතුරු ලිපියක් නොලැබුණි. රට කෙල්ලෝ උනත් ලංකාවේ උන්ට හපන් බව මම එදා තේරුම් ගත්තෙමි.

මම සැහෙන කල් මග බල සිටියෙමි. බැරිම තැන මම LetterNet එකට ලියුමක් ලිව්වෙමි. 

අර උඹලා මට කලින් හොයල දුන්න ගෑනි...ඒකි දැන් මට ලියුම් එවන්නේ නෑ.. මට වෙන ගෑනියෙක් හොයල දියව්!! 

වචන වල සැරටමද මන්දා සතියක් යන්නත් කලින් පිළිතුරු ලිපියක් ආවේය. එයාගේ නම ඇනීටා ය. ඇයත් සමග මම අවුරුද්දකටත් වැඩි කාලයක් ලියුම් හුවමාරු කර ගත්තෙමි. ඇය මට පොස්ට්කාඩ් පවා එව්වාය. නමුත් මම ඇයට කිසිම දෙයක් යැව්වේ නැත. ඒ කලින් කෙල්ල මට පොල්ල තිබ්බ නිසාය. නමුත් මේ කෙල්ල හෙන හොඳට මාත් එක්ක ලියුම් ලියා  ගත්තේය. මට පොටෝ පවා එව්වාය. ඇය එතරම්ම ලස්සන නැත. කැතත් නැත. රජා මේ කෙල්ලගේ පොටෝ එකක් පර්ස් එකේ පවා දාගෙන හිටියේය. ඒ වෑන් එකේ කෙල්ලන්ට පෙන්නන්නය. රජා වන එකේ කෙල්ලෙක්ට ට්‍රයි කල බව වැඩි දෙනෙක් දන්නේ නැත. මේකත් සමග ඒ මතකයත් අවදි උනේය. ඒ ගැන පසුවටය.


පෝස්ට් කාඩ්

කාලයත් සමග සාමාන්‍ය පෙල කරන කාලෙට රජා එළබියේය. මම ඇයට එය පවසා තිබුනේය. අපේ සම්බන්ධය නවත්වන්න දැන් කලේ හරිය. මම හැඩූ කදුලෙන් ඇයට පවසා යැව්වෙමි. කදුලු බින්දු ලියුම හැමතැනමය. (බොරු ඈ) එසේ ඒ කෑල්ලත් මා අතහැර ගියේය. නැත.... මා ඒ කෑල්ල අතහැරියේය. බුකියට පැමිණි පසු මම ඇයව හෙව්වෙමි. නමුත් තාමත් හොයා ගන්න බැරි උනේය. රජා තාමත් ඇයව සොයන්නේය. ඇය එවූ ලියුම් වල සුවද තාමත් ඒ ලියුම වල තියෙන්නේය. ඇගේ සුවද තාමත් රජා විදින්නේය. 

ලියුම් ලිව්වේ නැතත් ලේටර්නෙට් එකේ උන් මැගසින් එව්වේය. ඒවා නම් පට්ටය. සමහර ලිපි තේරුනේ නැත්ත් රූප ටික නම් පංකාදු පහය. මාසෙකට එක බැගින් ආ ඒවා රජා එකතු කළේය. සමහර ඒවා මහ ගෙදර කාමරයකය. ටිකක් විතරක් මා සතුය. ඒ විතරක් නොවේය. උන්ගේ 10 වෙනි සංවත්සරේට අපිට තෑගිත් එව්වේය. ඒ වටිනා ඉටිපන්දමක්ය. ලයිට් ගිය දවස් වල කළුවරේ හිටියත් රජා ඒ පන්දම පත්තු කලේ නම් නැත. ඒ මතක සටහන මට ඒ තරමට වටිනා නිසාය.

මැගසින් සෙට් එක

හම්බුන පන්දම

ප/ලි:

ලංකාවේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් නැති එකේ රට එකකට ඇහැ යෙදවීම වටින්නේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, June 10, 2012

ඌ හැදුවෙ මගෙ රෙදි ගලවන්න...

රජ වැරදීමකින් වගේ ලඟදි තහනම් අඩවිය පාසල් සේවයේ ගමපහ ගියේය. ගෙදරින් බසයට ගොඩ උනෙමි. පුරුද්දට මෙන් ගිහින් වාඩි උනේ පසුපස ආසනයේ පෙම් මුල්ලේය. එතන ඉස්සර ඉතාමත් කුප්ප වැඩ සිදුවූ මර්මස්ථානයකි...දන්නෝ දනිති. අසාමාන්‍ය ලෙස පාන්දර අවදි වීම හේතුවෙන් මට මුල්ලේ නින්ද ගියේය. අවදි උනේ දරාගත නොහැකි කන් කැක්කුමක් ඇල්ලීම හේතුවෙනි. මම එක්වනම දෑස් විවර කලෙමි. මට උන් හිටි තැන අමතක විය. හතර වටේටම කෙල්ලොය. සියොලග පන නැති විය. මගේ අන්ත:පුරෙවත් මෙච්චර කෙල්ලෝ එක පාර මා වටේට ඉඳ නැත. නිදිමත කොහෙන් ගියාද නැත. රජ නතර වුයේ රියදුරු මාමා ළඟ අසුනේය. 

පාසල් බස් රථයේ ඉරණම නං ඉතාමත් ‍ඛේදජනකය. රජ සමග පාසල් ගිය කුප්ප කොල්ලෝ ටික එකේවත් නැත. උන් දැන් ලොකු වෙලාය. සමහරු බස් වල ගම්පහට යති, සමහරු කෝච්චියේ යති. අහෝ දුකකි ඉරි ගොඩකි.. තිත් ගොඩකි... අනසක පතුරුවා තිබු පසුපස ආසනය කෙල්ලන්ගේ සිගිති ආතල් වලට තෝතැන්නක් වී ඇත. ඉස්සර අපි බස් එක පිටුපස මොන තරම් සම්භාව්‍ය වූ කුප්ප වැඩ කලාද? අද එසේ කරන්නට එක පැහිච්ච කොල්ලෙක් නැත. ඉන්න උන් හතර පස් දෙනාත් කොට ජංගි ගහන උන්ය. උන්ගේ දැලි රැවුලවත් ඇවිත් නැත. ඒකටත් හරියන්න කෙල්ලොය. දෙවන වර උසස් පෙළ කරන අම්මන්ඩිලත් යන්නේ අපේ පාසල් සේවයේය. සූටි කොල්ලන්ගේ නැති දැලි රැවුල තියෙන කෙල්ලෙක් මම එදා දුටුවා මතකය. ඇය බසයට ගොඩ වෙන තැනත් මතකය. මව්තුමියගෙන් කාඩ් ටික ඉල්ලාගෙන ඇගේ නම සොයා ගත්තෙමි. ඇය මෙන්ම නමත් ලස්සනය. හැබැයි කොරහ, රැවුලය. දැන් කතාව යොමු වෙන්න යන්නේ වෙන දිශාවකටය. ඊට පෙර හරි පාර සොයා ගත යුතුය. 

____________________________________________________________________

ඉන්ටර්නැෂනල් යයි කියා ගන්නා ඉස්කෝලෙකට යන්න අලුත් ලමෙක් අද බස් එකට ඇවිල්ලාය. ඌ පොඩි කොලු පැටියෙකි. අහිංසක ලුක් එක ඉහින් කනින් බෙරෙයි. ඌ සිටියේ මට පසු පසඅසුනේය. හැබැයි සිටියේ මුණ එල්ලා ගෙනය. 

බබා මොකද නිකන් දුකෙන් වගේ...

ඔහෑ ඔහෑ.....................

මේකා එක පාරට අඩන්න ගත්තේය. මුළු බස් එකම දැඩි නිහඩතාවයේ ගිලුනේය.. දැන් ඇසෙන්නේ උම්බෑ හඩ පමණි. එක එක වැඩ, පච ටෝක් හලමින් සිටි හා නිදා උන් ජනතාව ඉස්සරහ බලනවා මෙන් මට පෙනුනි. නමුත් උන්ට කලින් මම ඉස්සරහ බලාගෙන පොන් එකත් අතට අරන් මැසෙජ් එකකුත් කොටලා ඉවරය.

මේකා නවතින්නේ නැතුව අඩනවාය. මම වැඩර් වගේ ඌට ලං කලෙමි. මොකද මල්ලි......... ඇයි? හරි යන්නේ නැත. මු තවත් අඩනවාය. 

කවුද මේ මල්ලිට මොනවහරි කලේ?

පිටු පස බලමින් මම කෙල්ලන්ගේ අවදානය දින ගැනීමට මරුමුස් කට හඬකින් ඇසුවෙමි.

ඒ ගුල්ලෝ නෙමේ.......උයා.......

මේකා කිව්වේ මටත් වඩා හයියෙන්ද මන්දාය.... මට පසු පස ආසනවලින් සිනා හඩක් අසුනේ නැත. මගේ කලිසම,බැනියම, ෂර්ට් එක හා සාඩම්බර ඉන්දීය උප මහාද්වීපය බස් එකේ උඩ පාවෙනවා මම දුටුවෙමි.

චාටර් වෙනවා කියා මෙහෙමත් චාටර් විය නොහැක. මට අම්බානට මල පැන්නේය. 

ඇයි යකෝ මම මොකද්ද කලේ.????????

මම උයාගේ උය ශර්ට් එකේ ඉන්න යකාට බයයි.....

හත්වලාමය. යක්ස කතා ලියන දවස් වල ගත්තු ශර්ට් එකට මේ පොඩි එකා බය වෙලාය. මම ඌව සනසන්නට දැඩි පර්ශ්‍රමයක් යොදන අතර තුර මු බහින ඉස්කෝලෙත් ලං වෙලාය. දැන් මු බහින්නේ නැත. අංකල් කෑ ගසයි.

බහින්න ළමයෝ...මේ අනිත් අක්කලාට පරක්කු වෙනවා.මුගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත.

එන්න අපි දෙන්නා යන්න. 

මම උගේ අතින් අල්ලන් ගිහින් ඉස්කෝලේ ගේට්ටුව ලගින්ම අත හැරියෙමි. මූ හිනා කටක් පුරෝගෙන ඇතුලට ගිහින් මට ටටා කියයි. මම ඉනට අත තියාගෙන කට ඇරගෙන බලන් සිටී. බලන් ගිහාම මූ මටත් වැඩ කුජීත පොරකි. මුගේ අදහස වී තිබුනේ අර ලක්ෂ සංඛ්‍යාත වූ කාන්තා පාර්සවය ඉදිරියේ මගේ ඇදුම් ගැලවීමය. මම බිම බලාගෙනම නැවත බසයට ගොඩ උනෙමි. බස් රථය ඇතුල බලන්නට නොහැක. කර්ටන් අස්සෙන් සුදු පාට තිත් තිත් පෙනුනි. ඒ අර හපුටු කෙල්ලන්ගේ දත් විය යුතුමය.

ප/ලි:

ඌව හමුවූ මොහොතේ පටන් මට මගේ සුටි කාලේ පාසල් ජීවිතය මතක් වෙන්න ගත්තේය. ඒ නිසාම මේ පොස්සුට්ව ලියන්න තීරණය කලෙමි. මේ තියෙන්නේ සජා පාසල් ගිය මුල්ම දවසේ පොටෝවකි. මේ බඩු බාහිරාදිය මේ මතක් වන තුරුම මා සන්තකයේ තිබුනද ඒවා අසරණ අක්කා කෙනෙකුගේ ලමෙකුට අපේ මව්තුමිය දී තිබුණි.



මේ රජ සුටි කාලේ ඉඳන්ම ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ය. ඒ වගේම නිර්භීතය, හිත උණුවෙන සුළුය. මේ හැම එකකටම උදාහරණ දිය හැක.
  • නිර්භීතය:- පන්තියේ චූ කිරීම
  • හිත උණුවෙන සුළුය:- 1-4 වසර දක්වා පන්ති මාරු කරන විට ඉස්කෝලේ දෙවනත් වෙන්න ඇඩීම (ඇයි ටීචලා, ඩෙස්, පුටු, දාල යන්න වෙනවනේ)
  • ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ය:- 



සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!