අපේ අප්‍රසිද්ධ රජමහා විහාර ප්‍රොජෙක්ට් එක නිවාඩු හිගතාවය මක එහෙන් මෙහෙන් කූරියා ගැහුවේය. නමුත් මේක එහෙමත් විනාස වී යන්නට ඉඩදිය නොහැකිය. වෙනදට යන එකෙක්වත් අද ආවේ නැත. මම අපේ යුව රජ මලයා සමග ගමන ආරම්භ කලෙමි.
දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වන්නේ නැත. මේක කියවන හුග දෙනෙක් සිරි පැරකුම් ෆිල්ම් එක බලන්නට ඇත. රජතුමාගේ කුඩා කාලය ගෙවුන හැටි, අගබිසව වෙච්චි ගෑණූ දරුවා සෙට් උන හැටි එහෙම අගේට ෆිල්ම් එකේ ඇත. පොළොන්නරු රාජධානියේ බිදවැටීමත් සමග ලංකාවේ ඊලග රාජධානිය උනේ දඹදෙණියය. රජාගේ බොක්කේ සෙට් එක රජ ගෙදර සවාරිය වෙලාවේ දඹදෙණි රාජධානියේද සංචාරයකට එකතු උනේය. දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව හදලා තිබ්බ මාලිගා ගල එහෙම බලලා ඒ ලගම තිබ්බ පිට්ටනියක ක්‍රිකට් එහෙම ගහලා ෆුල් ෆන් දවස් දෙකක් අහවර කලෙමු.
පරාක්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ කළුන්දාව නම් ගමේය. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙසය. අප්පුවා ලෙස නම් ලද පරාක්‍රමබාහු කුමාරයාට පෙම් කරන්නට ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනා පැකිලුනාය. ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනාය.
දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වන්නේ නැත. මේක කියවන හුග දෙනෙක් සිරි පැරකුම් ෆිල්ම් එක බලන්නට ඇත. රජතුමාගේ කුඩා කාලය ගෙවුන හැටි, අගබිසව වෙච්චි ගෑණූ දරුවා සෙට් උන හැටි එහෙම අගේට ෆිල්ම් එකේ ඇත. පොළොන්නරු රාජධානියේ බිදවැටීමත් සමග ලංකාවේ ඊලග රාජධානිය උනේ දඹදෙණියය. රජාගේ බොක්කේ සෙට් එක රජ ගෙදර සවාරිය වෙලාවේ දඹදෙණි රාජධානියේද සංචාරයකට එකතු උනේය. දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව හදලා තිබ්බ මාලිගා ගල එහෙම බලලා ඒ ලගම තිබ්බ පිට්ටනියක ක්‍රිකට් එහෙම ගහලා ෆුල් ෆන් දවස් දෙකක් අහවර කලෙමු.
කළුන්දාව ගම මැදින් |
අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්නපොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.
අපි ගම වටේම ඇවිද්දෙමු. බලන බලන අත වෙල් යායවල්ය. මෝටර් සයිකලේ පැදගෙන යන අපේ මූණ බල බල ගැමියන් සිනාසුනේය. අපි ගමේ උන් නොවන බව උන් සහසුද්දෙන්ම දන්නේය. පරාක්‍රමබාහු කුමාරයා කොයිතරම් ලස්සන ලමා කාලයක් ගෙවන්න ඇත්ද යන්න අදටත් එහි යන ඕනෑම කෙනෙකුට සිතාගත හැක. මන්ද ඒ ගම්මානය අදටත් ඒ තරමට ලස්සනය. ඒ ඇවිදිල්ල අතරමැද කළුන්දාව පන්සලටත් ගොඩ වදින්නට අපි අමතක නොකලෙමු.

කොහොමින් කොහොම හරි දැන් මේ ගම්මානය මැද්දෙන් කටුනායක-යාපනය අධිවේගී මාර්ගය ගමන්කිරීමට නියමිතය. අදියර හතරක් යටතේ මාර්ගය ඉදිකෙරේ. අපේ පැත්තේ කට්ටියට දම්පෑලැස්ස පිවිසුමෙන් නුදුරේදීම අධිවේගී මාර්ගයට පිවිසීමේ අවස්ථාව උදාවෙනු ඇත. සමහරවිට ලංකාවේ හිටියොත් රජාද පාර හදන්නට සෙට් වීම වැලැක්විය නොහැක. පාරේ යන උන් පරිස්සමින් යා යුතු වෙනු ඇත.
ගමන්මාර්ගය:
ගිරිගුහාරමයට යන පාරමයි. බාර් එක ගාවින් හැරිලා කිලෝමීටර් 1 1/2 ගිය තැන හම්බෙන බස්හෝල්ට් එකෙන් වමට තියෙන පාර කෙලීන්ම කළුන්දාවට.
ගමන්මාර්ගය:
ගිරිගුහාරමයට යන පාරමයි. බාර් එක ගාවින් හැරිලා කිලෝමීටර් 1 1/2 ගිය තැන හම්බෙන බස්හෝල්ට් එකෙන් වමට තියෙන පාර කෙලීන්ම කළුන්දාවට.
ප/ලි:
රාජ චාරිකා සටහන් පෙළ,
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය
6) තොටුපල කන්ද
7) කිරිගල්පොත්ත
8) බෙලිහුල්ඔය
10) කරගහගෙදර අම්බලම
11) අලගල්ල තරණය
13) ඇතුගල
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!