Tuesday, May 29, 2012

මෝහිණීට ආදරය කිරීම - I Love U Mohinee.. Ummwah!!!


මෝහිණී  මෝහිණී...

කවුරුත් අහල ඇති, සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනවලු. මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එකලු.(තවත් තේරුම් ඇති).කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගෙන බැල්ම දාලා වරදට පොලඹවා ගන්න එක තමාලු මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.(මෝල් යකී)

ඔය සමහරු වැඩ ඇරිලා, දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති...ඒ වගේ අවස්ථා බලලා මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නවලු.


අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන...සුදුසාරියක් ඇදගෙන...අත දරුවෙක් වඩාගන එන...කෑල්ල



ඇවිත් කියනවලු... "අයියා... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද? මගෙ මේ සාරිය හදාගන්න" .

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.


සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් ,නංගි දරුව අල්ලගන්න, මම සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නවලු.
(අපේ මීගොඩයා කියන්නෙ මෙහෙමලු.... මෙතනින් බලන්න)

මෝහිනී බටනලා සංගීතයට ගොඩාක් ආසයිලු...ඒ නිසා කළුවර වැටුනට පස්සේ තනිකම මකාගන්න බටනලා පිඹින අය ඉදිරියේ ඉතාමත් රූමත් විදියට මෙයා පෙනී සිටිනවලූ...බටනලා ගහනකන් මෙයා රූමත්...බැරිවෙලාවත් බටනලා පිඹින එක නැවැත්තුවොත් මෙයාගෙන් බේරුමක් නම් නෑලූ... ඒ නිසාම සමහර වැඩිහිටියෝ අදටත් ගොම්මන් වෙලාවේ බටනලා පිඹිනවට අකමැතිලු...
(දැනුයි මට තේරුනේ අපේ පියතුමා මම රෑට උරුවන් බානකොට බයින්නෙ ඇයි කියලා)

මේ විදියට ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා...කෙට්ටු වෙලා යනවලු. නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු..සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු. 
(මං අදුරන සෙට් එකක්ම ඉන්නවා)

ඉස්සර කාලේ මිනිස්සු නම් ඔහොම ලක්ෂණ තියනව කියල දැනගත්තම යන්තර මන්තර  කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු. එතකොට ඒ ගතිය එක සැරේටම සනීප වෙනවලු

ඒත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ මේ ලක්ෂණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යා ත්මක ගැටළුවක් නිසා කියලලු.නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව), හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන්ලු. එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු. ඒ නිසා අපි වගේ තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තටම බය වෙන්න ඕන වෙන එකක් නෑලු. (ජය වේවා!)


ප/ලි:
ඉස්සර සූටි කාලේ ඉස්කෝලෙදි කියපු කතාවක්.. මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ..


කට්ට තනියම,

  • රෑ 12ට නැගිටින්න
  • රතු රෝස මලක් ගන්න
  • ලේ බිංදුවක් ගන්න
  • රෝස පෙත්තකට දාන්න
  • දොරේ යතුරු හිලෙන් එලිය බලන්න
  • බඩු ෂුවර්!!!!


දවසක් 5 වසරෙදී මම ඕක ටෙස් කලෙමි... අම්මලා අපිව ගෙදර දාලා මල ගෙදරක ගියෝය. ඒ එහා ගෙදර අක්කා හා පිරිස සමගය. රජ, කට්ටිය එන තුරු ටීවී බැලුවේය. 
  • වේලාව රාත්‍රී 12ය. 
  • මල් වාස් එකෙන් රෝස මලක් ගත්තෙමි.
  • මදුරුවෙක් මරා ලේ ගත්තෙමි. 
  • මල උඩ තැබුවෙමි. 
  • හිලෙන් බැලුවෙමි.
මල හත්තිලව්වය....

සුදු බ්ලවුසයක් හා හම්පඩ සුදු ඩෙනිමක් ගැසූ කතක් අපේ ගේ දිහාට පැමි‍ණෙයි. මම දුවගොස් පුටු සැටිය උඩ ගුලි උනෙමි. ටිකකින් දොරට තට්ටු කරයි. බියෙන් ගැහි ගැහී දොර ඇරි මම ක්ෂණයකින් නතර වුනේ ඇද උඩය.

ලොකු පුතේ..... අම්මා කතා කරයි

මම හෙමින් හෙමින් ගියෙමි.


කොහෙද දිව්වේ? අම්මා ඇසුවාය.

මම මෝහිණී දැක්කා... මගේ පිළිතුර විය.

කොහෙද?

ඇයි මේ දොර ඉස්සරහ හිටියෙ ඩෙනිම ගහන්..

හහහා.... පිස්සුද ළමයෝ ඒ එහා ගෙදර අක්කා. අම්මා කීවාය.

ඒත් මාසයක් පමණ යන තුරු ඒ අක්කා දකින මට දරාගත නොහැකි චූචු බරක් ඇතිවූයේ මටත් නොදැනීමය....

ප/ප/ලි :
  • අපි කඩවසම් උනාට බය වෙන්න දෙයක් නැතෝ............ අපේ හිත හයියයි.... :-)
  • කලින් දාලා තිබ්බේ මේ මාතෘකාව - මෝහිණී නිරුවත් කිරීම හෙවත් සාරිය ගැලවීම..
  • බොගේ සබ්‍යත්වය සලකා එය වෙනස් කරන ලදී. අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!!

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

Sunday, May 27, 2012

කොල්ලෝ බය කරනවා!!! හැට්ටෙ කට්ට ගහනවා!!!


අම්මා.... අම්මා....

නිවස ඉදිරියෙන් ඇහුනු කට හඩට ප්‍රතිචාර දැක්වූ සුමනාවතී හනිකට දිව ආවාය. ඇයට එම කටහඩ හදුනා ගැනීමට ගතවුයේ සුළු මොහොතකි. ඒ තම එකම පුතු වූ සුරේෂ් ගේ කටහඩය. 

සුරේෂ් මැදපෙරදිග සේවය නිමවා ගමේ ගෙදරට එන්නේ වසර 5 කට පසුවය. සුරේෂ් යනු හුදකලාව විසු තරුණයෙකි. අවුරුදු 25 ක් වූ ඔහුගේ ජිවිතයට කිසි දිනක ගැහැණු ළමයෙකුගේ ආදරයක් ලැබී නොතිබුණි. එක අතකින් ඔහු එය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ගේ අගහිගතා බලපෑවා වෙන්නටත් පුළුවනි.

සුරේෂ් කුඩා කල සිට පුරුදු වූ එක දෙයකි. ඒ සිරිපාල නම් තම පියාගේ කුඹුර අසල ගල් පොත්ත උඩට වී බටනලා පිඹීමය. සෑහෙන කාලයකින් ගෙදර පැමිණි සුරෙෂ්ට බටනලා ගැසීමත් මදකට අමතක වී තිබුණි.

කෝ අම්මේ තාත්තා පේන්ඩ නැනේ... කොහෙද ගිහිල්ලා තියෙන්නේ?

ඕං කඩමණ්ඩිය පැත්තට ගියා

එහෙමද?

යන්න ඕන මමත් ඒ පැත්තට

ඕනේ නෑ පුතේ.... ඉදින් මම ගිහින් තාත්තට කියල එන්නම්

මෙන්න මේ බත් ටික කාල ඉනිදින්. දැන් අවා විතරනේ.

සුරේෂ් කාලෙකින් කන්නට ලැබුණු අම්මා උයපු බත් පත කාගෙන කාගෙන යන අතර සුමනාවතී, සිරිපාල හොයන්නට කඩ මණ්ඩිය දෙසට පිය මනින්නට විය. ගමේ හතර පස් දෙනෙක්ගෙන් කඩ පිල පිරී තිබුණි. සිරිපාල කඩ පිලේ දාම් ලෑල්ලට හිස ඔබාගෙන සිටියේය. සුමනාවතී කඩේ පැත්තට හදිස්සියෙන් මෙන් දුවගෙන එනු දුටු මුදලාලි...

අන්න සිරිපලයෝ ගෑනි මේ පැත්තට දුවන් එනවා කලබලෙන් වගේ. 

එහෙත් සිරිපාලට දම් ලෑල්ලේම හිත තිබුණි.

මේ එයි... අන්න පුතා ආවා... සුමනාවතී හති දමමින් පැවසුවාය...


මොනවා....ඇත්තමද? යමු ඉක්මනට 

එක්වරම ලැබුණු අරංචියෙන් ඔහු ඉපිල ගියේය. 

කොල්ල ඇදිල ගිහින්ද සුමනවතියේ?  සිරිපාල සතුටින් ඇසුවේය.

ඔහෙම ගිහින් බලාගන්න.  ඌ බත් කකා ඇති කුස්සියේ.

සිරිපාල හදිස්සියෙන් ගේ පිටිපස්සෙන්ම කුස්සියට ගොඩවැදුනේ සුරේෂ් ව දැක ගැනීමේ දැඩි ආශාවෙනි. සිරිපාල යනවිට සුරේෂ් බත් කා අවසන් වී තිබුණි. ඔහු මේසය යට තිබුණු මැටි කාලයෙන් වතුර බොමින් සිටියේය.

පුතේ... සිරිපාල මද හඩකින් කතා කළේය.

තාත්තා...... සුරේෂ් ආදරයෙන් සිරිපාලව බද ගත්තේය, දෙපා වැන්දේය.

කොහොමද පුතේ රස්සාව?

වරදක් නෑ තාත්තේ... මට සැහෙන ගානක් හම්බ කර ගන්න පුළුවන් උනා. මම ඒවා ඔක්කොම බැංකුවක දාලා තියෙන්නේ ඉස්සරහට අපිට පාවිච්චියට ගන්න.

උබට වරදින්නේ නෑ මගේ පුතේ. සුරේෂ්ගේ හිස අත ගාන ගමන් සිරිපාල කිවේය.

ජනතා ඇසුරට ප්‍රිය නොකළ සුරේෂ් නිතරම සිටියේ තනියමමය. රට සිට පැමිණියද ඔහුගේ මෙම ගතිය වෙනස් නොවී තිබුණි. සුරේෂ් තනියමම ගමේ ඇවිදින්නට ගියේය. ඔහුට ගමේද මිතුරන් නොවීය. සිටි එකම මිතුරත් ඔහු සමග රැකියාව කලද ඔහු මෙවර ගමට අවේ නැත.

සුරේෂ් වැව ඉස්මත්තේ ගෙදර දෙසට පැමිණෙමින් සිටියේය. වෙලාව රෑ 7.30 පමණ වී තිබුණි. පෙර කිසිදින දැක නොතිබුණු කාන්තාවක් සුරේෂ් පසුකරමින් ගියේ ඔහුට මනමාල හිනාවක්ද දමමිනි. එක වරම සුරෙෂ්ට ඒ හිනාව හදුනා ගත නොහැකි විය. යුවතිය පසු කර මිටර් 10 ක් පමණ ගිය පසු නිකමට වගේ ඔහු ආපසු හැරී බැලුවේය. පාරේ කිසිවෙකුත් නොවීය. ඔහුට මහා චකිතයක් දැනුනි. පය ඉක්මන් කල සුරේෂ් පසු පස නොබලාම නිවසට ගොඩ වැදුනි.

අම්මේ මම වැව උඩදී ගෑල්ලමෙක් දැක්කනේ. එත් ආපහු බලද්දී හිටියේ නෑ. සුරේෂ් වෙව්ලන හඩින් කිවේය.

මොකද ඒ ළමය ගැන හිතක් වත් පහළ උනාද. හොයන්නේ? ඒ කෙල්ල වැව බැම්මෙන් බැහැල යන්න ඇති. කුසුමාවතී පිළිතුරු බැන්දාය.

අනේ මන්දා.... කියමින් සුරේෂ් තම කාමරයට වැදුනේ තරමක බියකිනි. 

___________________________________________________________

දවස් කීපයකට පසු

අම්මේ මගේ බට නලාව දැක්කේ නැද්ද?

උබ නැති ටිකේ මම එක අර පරණ පෙට්ටගමට දැම්මා. බලපන් එකේ ඇති.

සුරේෂ් නිදහස් සිතින් පෙට්ටගම දෙසට පිය නැගුවේය. පෙට්ටගමේ අඩියේම තිබී ඔහුට තම ආදරණීය බට නලාව හමු විය.

අම්මේ මම වෙලා පැත්තට යනවා. සුරේෂ් ඇදුමක් දාගන්න ගමන් කිවේය.

මේ ගොම්මන් වෙලාවේ කොහෙද පුතේ යන්නේ තනියම. ඔය සතා සරුපය ඇති බලාගෙන.

හා හා අම්මේ මම හොඳට බිම බලාගෙන තමා යන්නේ. ඔහු සෙමින් සෙමින් වෙල පැත්තට ගියේ එදා හමුවූ යුවතිය ගැන හිතමනි...

සුරේෂ් වෙල අසල ගල්පොත්ත උඩින් හරි බැරි ගැහී හිද ගත්තේය. සාක්කුවේ දමාගෙන ආ බට නලාව එලියට ගත්තේය. වසට ගණනකට පසු අතට ගත් නිසා ඔහුට හරි හැටි පිබ ගැනීමට නොහැකි විය. විනාඩි කිහිපයක් ඔට්ටු වූ පසු ශ්‍රැතිය අල්ල ගැනීමට සුරෙෂ්ට හැකි විය.

ටික වෙලාවක් ඔහු බට නලාව වයමින් හිටියේය. එදා වැව ඉස්මත්තේ දුටු ගෑල්ලමයා නියර දිගේ එනවා සුරේෂ් දුටුවේය. සුරේෂ් මදක් හයියෙන් ආදර ගීයක් වාදනය කරන්නට විය. ගැහැණු ළමයා තමා අසලටම පැමිනියාය. ඇය දැන් ඉන්නේ සුරෙෂ්ට අඩි පහක් පමණ වූ ආසන්නයේය.

ළඟටම  ආපු ළමයාගේ නම අහන්න ඕනා යයි සුරෙෂ්ට මදකට සිතුනි. බටනලා පිබීම පැත්තක තැබූ ඔහු ඇය දෙස නිකමට මෙන් බැලුවේය. මුහුණ එන්න එන්නම විකෘති වෙයි. මහා භයානක පෙනුමක් ගත්තාය. 



ඇස් අදහා ගන්නට නොහැකි වූ සුරේෂ් අම්මේ........ යයි මහා හඩින් කෑ ගහමින් සිහි සුන්ව ඇද වැටුණි.

සුරේෂ් ගේ කටහඩ එළියේ පත්තරේ බලමින් සිටි සිරිපාලට යන්තමින් මෙන් ඇසුනි.
ඒයි....ඒයි...සුමනෝ. කොල්ල කෑ ගැහුවා වගේ ඇහුනා වරෙන් බලන්න යන්න ඔය ටෝච් කෑල්ලත් අරන්.

දෙයියනේ....කොල්ලට සරුපයෙක් වත් කෑවද?

අව කැපෙන කතා කියන්නේ නැතුව වරෙන් මෙන්න මෙහෙ. ඉක්මන් කොරලා....

ටෝච් එක ගත් සිරිපාල සුමනාවතී සමග වෙල පැත්තට කඩි මුඩියේ දිව ගියෝය...

ඒ වන විටත් සුරේෂ් සිහි සුන්ව ගල මත ඇද වැටි සිටියේය..

දෙයියනේ මගේ කොල්ල.......සුරේෂ්ව දුටු සුමනාවතී හනිකට දිව ගොස් ඔහුගේ හිස තම උකුල උඩ තබා ගත්තාය.

මේකා සීතල වෙලා ඒයි... සුමනාවතී සිරිපාලට පැවසුවාය.

මෙහෙම ඉඳල හරි යන්නේ නෑ කෝ උස්සපන් කොල්ලව වෙද මහත්තයා ලඟට ගෙනි යන්න.

සිරිපාල අමාරුවෙන් වත්තන් කර ගත් සුරෙශ්ව වෙද ගෙදරට උස්සගෙන ගියේය. එය ගමට තිබු එකම ප්‍රතිකාර මද්‍යස්ථානය විය.

වෙද මහත්තයෝ........

ආ මේ අපේ සිරිපාල උන්නැහෙනේ. මොකද මොකද මේ?

කොලුවා ගල් පොත්ත උඩ දැපනේ දාල හිටියා මහත්තයෝ. සරුපයෙක් වත් ගහලද දන්නේ නෑ.

කෝ බලමු....... වෙද මහත්තයා සුරෙශ්ව පරික්ෂා කළේය. 

මුගේ ඇගේ නං කිසිම විසක් නෑ සිරිපාල. මක් කොරාද මේ ගොම්මන් වෙලාවේ ගල් පොත්ත උඩ?

කොල්ල බට නල පිබින්න කියල ගියේ මහත්තයෝ... කුසුමාවතී හඩ අවදි කලාය.

තනියම? වෙද මහත්තයා පුදුමයෙන් ඇසීය.

ඔව් මහත්තයෝ.. පිළිතුර සිරිපාලගෙනි.

උබලට පිස්සුද බොලන්. මේ ඉලන්දාරි තනි පංගලමේ බටනලා ගහන්න යවන්න. වෙදා මුහුණ දෙක කරමින් කෑගැසුවේය.

ඇයි ඇයි මහත්තයෝ? සිරිපාල කලබලෙන් ඇසීය.

මුට කාල ඇති සරුපයෙක් නෑ... මුට දැන් බලියක් අරින්න වෙන්නේ. වෙදාගේ ප්‍රතිචාරය විය.

හත්තිලව්වේ ඒ මොකද ආයුබෝවන්ඩ? සිරිපාල පුදුමයෙන් ඇසුවේය.

මේකට ගහල තියෙන්නේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

මදන යක්සනී
(මෝහිණී) 


ප/ලි:

පෝස්ටුව කියෝලා මෙව්වා වෙලා ගිය උන් මේ සින්දුව අහලා නිවෙන්න....

තව ටික දවසකින් මෝහිණී නිරුවත් කරමු... සාරිය ඔලුවෙ ඔතමු...කට්ටිය ලෑස්ති පිට ඉන්න ඈ... :D  :D 



සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 


දෙවෙනි කොටස මෙතනින්...

Friday, May 25, 2012

නීත්‍යානුකූල අවසන් ට්‍රිප් එක හා හොම්බ තලා ගැනීම.. (චුට්ටක්වත් 18+ නෙමේ)


වර්ෂ 2010 ය.......
රජ A/Lකල අවුරුද්දය. දැන් ට්‍රිප් එකක් යන්න ඕනෑය. මේ අපි ඉස්කෝලෙන් යන අන්තිම ට්‍රිප් එකය. බුදු ෆන් එකක් ගන්නට ඕනෑය. සයන්ස් එකේ උන් යන්නේ එක එක දිහාස් වලය. අපේ පන්තියේ උන් රිවස්ටර්න් යන්න කතිකා කර ගත්හ. බුදු ආතල් එකේ ගමන ගියෙමු. නකල්ස් යන පාමුල මොකද්ද ඔයක් ඇත. නම මතක නැත. නාන්න ලෑස්ති වේලාමයි ගියේ මෙතනමය.


කොල්ලා නළු බට්ටා වගේ හිටියා

රජට නාන්නට මහාම මහා කම්මැලි කමක් දැනුනි. අනික එතන නාන්න තිය කකුල් දෙක හොදා ගන්නත් වතුර මදිය. හිට ගත්තහම වතුර තියෙන්නේ වළලුකර ගවටය. ඉද ගත්තත් පුක සම්පුර්ණයෙන් තෙමෙන්නේ නැත.


වතුර ගොඩා................යි

කට්ටිය නානකන් අපි පොටෝ ගැහුවෙමු. හදිස්සියේම කොහේදෝ තිබ්බ ආතල් එකක් ඔලුවට ගහල නනා හිටපු උන් අපිට වතුර ගැහුවෝය.රජට කෙලඋනේ මෙතන දිය.

වතුර ප්‍රහාරයෙන් බේරෙන්න කට්ටිය දිව්වෝය. මම රජත් පන එපා කියල දුවන්නට පටන් ගත්තෙමි. හැරෙනවාත් සමගම දිය සෙවෙල බැදුන ගලකි. රජට පල්ගස්යට දෙයියන්ගේ පිහිටය. ඉතාමත් අලංකාර බැලේ ඩාන්ස් එකකට තනියම වටයක් කැරකුණු මම ගල උඩ නිදා ගත්තෙමි. (වැටුනේ එහෙම නෑ හරිය...) පොටෝ ගහලා ගහලා හරි මහන්සිනේ එකයි.... කොයි තරම් වේගයෙන් නිදා ගත්තද කියනවා නම් යට තොල්පොටේ උච්චම චර්ම කොටස ගල උඩය... කට නෑ වගෙය. රතු පාට දියරයක් ශර්ට් එක දිගේ වැක්කෙරෙයි. වැටුනට වඩා ඉක්මනින් මම නැගිට්ටෙමි. කටට අමුතු ටෙස්ට්  එකක් දැනෙයි. තුහ්... මම කෙල ගැසුවෙමි. බුදු අම්බෝ... එලියට පැන්නේ නෙක්ටෝ බිල කෙල ගැහුවා වගේ කෙල බෙට්ටක්ය. 

ඒ අස්සේ එකේ දුවගෙන ඇවිත් මචන් උබ පට්ට වෙලාවේ බං වැටුනේ. මේ බලහන් උබ වැටෙන හැටි. නියමෙට වැදුනා බන්. මම මෙහෙ ලේ පෙරනවාය, මු ඇවිල්ල උක්ත ආක්‍යාත පද කියනවාය. ඌට මොකුත් කියන්නට මට කට ඇරුනේ නැත. මන්ද කට චොප්පන් වී ඇත. 

රාජකීය කරනම

වහාම බස් රථයට ගිය මම බොන්න ගෙනාපු වතුර බෝතලෙන් කට හොදා ගෙන වහාම වෙන ෂර්ට් එකකට මාරු උනෙමි. අරක ඇඳන් ගියානං මිනිස්සු බය වෙන්නේ ඩ්‍රැකියුලා එනවා කියාය. කටත් මනාව හැදිලා තිබුනේ ඒ කැරැක්ටුවටමය.

කොහොමද තොලේ සයිස්?


මට පට පට ගා සෙට් එක එක්ක කන්නට බැරිය. එකෙන් පාඩුව උනේ උන්ටමය. මව්තුමිය මස් කුට්ටි කුට්ටි දාලා 4කට 5කට කන්න ඔතලා දීපු බත් එක මම තනියම හිවලා වගේ කාගෙන කාගෙන ගියෙමි. (හයියෙන් නෙමේ... හෙමින්... රස කර කර....මගේ ලේ රහත් තියෙනවනේ)

රිවස්ටන් උඩ හීතලට කටේ ඉදිමුම් ටිකක් අඩුවිය. ට්‍රිප් එක ගැන ලියන්න මතක නැත. එනිසා ඒ ගැන නොලියමි. මතක වැටුන සීන් එක විතරය. මේකත් මතක් උනේ මේසේ අස් කරද්දී මගේ ට්‍රිප් ඇල්බම් එක දැකලාය.

ආ....... එකක් කියන්න බැරිඋනානේ අපි පලා පොලගෙක් දැක්කනේ බහිනකොට... මේ................ :-)



ප/ලි:

පිටවල පතන උඩ ගහපු අපේ පවුලේ ඡායාරූපය.

මේ ගෑල්ලමයා අපේ පන්තියෙ නෙමේ ඈ..
මට මේ යාළු මාළුවෝ ඔක්කොම මගඇරිලා..ආසාවට එකෙක් නෑ.  මොකද මං ඉන්නෙ ඩොටේ නේ. අනේ.... මට ආයෙ ඉස්කෝලෙ යන්ඩ ඕනෑ බං... :-(  



ප/ප/ලි :

යක්ස කතා වලින් කෙල්ලො බය කෙරුවා. දැන් බහුතරය කොල්ලො බය වෙන්න ලෑස්ති වෙලා ඉන්න ඈ....  :-)

කළු කුමාරයා පට්ට ගැහුවට කමෙන්ටු 100කින් උපකාර කල සැමට ස්තූතියි!!! (පළමු කමෙන්ටු 100)

Tuesday, May 22, 2012

කළුකුමාරයා පට්ට ගැහීම... (ලොකු වෙච්ච ගෑල්ලමයින්ට විශේෂය)


කළු කුමාරයා මුල් කතාව මෙතනින් බලන්න

ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි. අපි ලංකාවේ බැවින් ලංකාවට ආවේණික කතා ටිකක් යුනිකෝඩ් කලෙමි.


කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක් පැළැඳ, දකුණු අත යගදාවක් අතැතිව, සුදු හැට්ටයක් ඇඳ, ළය මත කාන්තා රුවක් කොටා ඇති පොරකි. කළු ගොනකු පිට නැගීයයිලුය.





විජය -කුවේණිගේ පුතා මතකද ...?
(මතක නැත්තන් ෆිල්ම් එක බලන්ඩ ඈ..)


ජීවහත්ථ... ජීවහත්ථ යනු ආරෝහ පරිනාහ දේහයක් තිබුන  බොහොම ජව සම්පන්න කෙනෙක්ලුය. සිංහලෙන්ම කියනවානං හෙනකදයා වගේ ඩයල් එකක්ය. ඒ කාලේ කාන්තාවෝ ජීවහත්ථට වශී වෙනවාලුය. ජීවහත්තත් කාමධික පුද්ගලයෙක් ලුය. කාන්තාවෝ අධික ලෙස ඇසුරු කලාලුය. දරුණු විදියට ලිංගිකත්වයට ඇබ්බැහි උන පොරක්ලුය . අවසානයේ මැරුනෙත්  අධික ලිංගික සන්තර්පනයෙන් ඇති උන ලෙඩ කින්ලුය ...
( ලංකාවෙ සමාජ රෝග වල ආරම්භය ඔතන වෙන්න ඇති) 


අවිවාහක කාන්තාවෝ ලඟට ඇවිත් , දුෂණය කරනවාලුය. ඒකට තමයිලු ඔය 'කළු කුමාරයා වැහිලා ' කියන්නේ. අන්තිමට කාන්තාවත් ඇබ්බැහි වෙනවාලුය.  රැ තිස්සේ කළු කුමාරයත් එක්ක ඔට්ටු වෙන නිසා  දවල්ට ඉන්නෙ හෝන්දු මාන්දු ගතියෙන්ලුය. 
(ඇයි ඉතින් සෑහෙන්න අමාරුයිනේ)


තොවිල් එහෙම කරලා හොඳ කරන්නේය..එතනත් මරු වැඩවෙනවාලුය. තොවිලේදී කළු කුමාරයට ආරාධනා කරනවාලුය, ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙන්න කියලා. ඒ වෙලාවේදී කළු කුමාරයා ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙනවාලුය. අර කාන්තාව එවලේ හැසිරෙන්නේ  ඇත්තටම කාත් එක්ක හරි ලිංගිකව හැසිරෙනවා වගේලුය... 
(ඕං බලන්න යනවනං... ලයිව් ඇන්ඩ් එක්ස්ක්ලූසිව්)

ඒ තැන වලට  ගෑනු යන්නෙත් නෑ ලුය. මොකද  එයාගෙන් අයින් වෙලා එතන ඉන්න තව කෙනක් ලඟට අවොත් කියලාලුය... මොකද  කළු කුමාරයට ඒ ලැබෙන්නේ ඒ කාන්තාව එක්ක ඉන්න ලැබෙන අවසාන අවස්ථාවලුය. (අපරාදේ..නේ?)


___________________________________________________________________



මොහු වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස්යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්, බිත්තර බැද කා යන විට වතක් ගලවා වතක් අඳින තැන් ආදියලුය.

කළුකුමාරයා කළුවන් ස්ත්‍රීන්ට දැඩි ආශාවක් දක්වයිලුය. (ඕං කළු නං කොල්ලො බලන්නෑ කියලා නෑ...කළු කුමාරයා එනවා ඈ..) අවිවාහක කාන්තාවන්ගේ විවාහයට බාධා ඇතිකර ප්‍රමාද කරයිලුය. සමහරවිට මුළු ජීවිත කාලයටම විවාහ වීමට ඉඩ නොදේලුය. විවාහක ස්ත්‍රියකගේ නම් දරු ගැබ විනාශ කරයිලුය. වඳ ස්ත්‍රියක් කරයිලුය. දිනෙන් දිනම ශරීරය කෘෂ කර නොයෙක් රෝග ඇති කරයිලුය. විවාහක ස්ත්‍රිය ළඟට පැමිණෙන්නේ තම සැමියාගේ වේශයෙන්ලුය. එය භූතවිද්‍යා කාව්‍යයෙ ග්‍රන්ථවල මෙසේ සඳහන්ලුය...

රෑ හීනෙන් ඇවිත් - තම හිමියන් විලසේ

යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා

කාමයෙන් උමතුවී - ඇඟ මතා දිගා වෙමින්

කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්





ගුප්ත විද්‍යාව අනුව කළුකුමාරයා භූත කොටසට අයත් යක්ෂයෙක්ලුය. මෙම යක්ෂයා කාන්තාවන්ට නොයෙකුත් ලෙඩ රෝගයන් කරන අතර ඔවුන්ගේ දරු ගැබ විනාශ කිරීමේ බලයක්ද ඇත්තේලුය. මොහුගේ බැල්ම දිෂ්ඨිය ඇති කාන්තාවක් ඔල්මාදයෙන් විකාරයෙන් දොඩවයිලුය. මෙය හොර රහසේම තරුණියන්ට වැළඳෙන යක්ෂ දිෂ්ඨියක්ලුය. මෙය උච්චවූ විට රෝගය භයානක වේලුය.එය කිසිවකු නොදන්නේලුය.

එමෙන්ම විවාහක වයසේ පසුවන ස්ත්‍රියන් තමන්ගේ විවාහ ප්‍රමාදය ගැන හිතමින් තම රාගික අදහස් සමාජ සදාචාරය හිතතුළ සිරකරගෙන සිටින විටද මේ දෝෂය ඇතිවේලුය.

කළු කුමාර දිෂ්ඨිය ක්‍රම දෙකක් අනුව සිදුවේලු.



  • පළමු ක්‍රමය ලිංගික සිහින නිතර පෙනීම, ඒ සිහින දැකීමෙන් ඇය නින්දේදී ලිංගිකව හැසිරී කායික හා මානසික තෘප්තිය ලබයිලුය. නිදි යහනේදී ඇය හැඩි දැඩි තරුණයකුගේ ග්‍රහණයට අසුවුණු විවාහක තරුණියක් ලබන වින්දනයක් සතුටක් ලැබ පූර්ණ ආශ්වාදයක් ලබයිලුය (ඊයා.....). සිහින ලොවේදී ලබන මේ ප්‍රේම ආලිංගයෙන් ඇයට උපරිම තෘප්තිය පවා ලැබේලුය. එවන් අවස්ථාවලදී සමහර තරුණියන් තම කන්‍යාභාවය සිඳී ඇත්දැයි යන බියක් පවා දක්වයිලුය.


  • දෙවැනි අවස්ථාව බියජනකය. යම් තරුණියක් නින්දේදී හීනෙන් බියට පත්ව නැගිට දොරගුළු ඇරගෙන සිහිය නැතිව නිවසෙන් පිටව යාමය. එසේ යනවිට යම් දෙයක හැපී හෝ වතුර, තෙත පෑගුණ හොත් ඇය අවදිවන නමුත් එසේ නොවුන හොත් අනතුරකට පත්වී මියයැමට ද පුළුවන්ලුය.

මෙවැනි දෝෂයක් ඇතිවිටක එය වැඩිහිටියන්ට පවා කීමට ලැඡ්ජාවෙන් සිත තුළ සඟවාගෙන වධ විඳීලුය. එසේ නොව එවැනි දෝෂයක් ඇත්නම් එය වැඩිහිටියනට පවසා එයට අදාළ ශාන්ති කර්ම, යන්ත්රව, පුද පූජා පවත්වා ඉන් මිදීමට මාර්ගයක් සලසා ගතයුතුයයිලුය.

කළු යක්ෂයාගේ දිෂ්ඨිය ඇතිනම් ගුප්ත විද්‍යාත්මක වශයෙන් එය සදහටම නැති කිරීමට ප්‍රබල යන්ත්‍ර, හා පුද පූජා ආදියෙන් කළහැකිලුය. ඒවා විවිධාකාරව ඇත. ඒවායින් තම ශරීරයට මෙම දිෂ්ඨිය බන්ධන වීමට පෙර ඉවත්කර ගැනීම හිතකරයිලුය.

මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇතිවේලුය. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයිලුය. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටලුය. මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයිලුය. 


එමෙන්ම කළු කුමාරයා ස්ත්‍රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැතිලුය. ඒ නිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ලුය. 
(ම්හ්... ඌටම ගිය රට... ඇයි යකෝ අපි නැවුම් එකක් කඩපුහාම මොකෑ වෙන්නෙ? )

එබැවින් ගුප්ත විද්‍යාවේ දැක්වෙන පරිදි අපේ යෞවනියන්, තරුණියන් කළු කුමාර යක්ෂයාගෙන් බේරීමට සදාචාර විය යුතුයිලුය. අශෝභන හැසිරීම් වලින් වැළකීම, තනිමග යැම කෑකෝ ගැසීම, දුටු තැන වස්ත්‍ර ගැලවීම ඇඳීම, තොටුපල ළිඳ ළඟ නෑම, අනිසි වේලාවල්වල පුළුටු මස් වර්ග බැද කා යැම ආදියෙන් වැළකිය යුතුයි. 
(කනවනං අපිටත් දීලා කන්න ඕනා)

සමහර විටෙක කළු කුමාරයාගේ බැල්ම දිෂ්ටිය තදින් ඇතිවූ විට තමා අඳින ඇඳිවත පවා ගලවා ඉවතට විසිකර පිරිමින් වැළඳ ගන්නා තත්ත්වයට ඔල්මාදය ඇතිවේලුය. 
(අන්න ඒක නං වටිනවා)

එවැනි රෝගියකුගේ කළු කුමාර යක්ෂ බැල්ම නැති කිරීමට කළු කිකිළි බිත්තරයක් රැගෙන ලෙඩාගේ ඇඟිල්ලෙන් ලේ ටිකක් ගෙන කළු කුකුළකුගේ පිහාටු පුළුස්සා එයින් අනා බිත්තරයේ රූපය ඇඳ කිකිළියට උඩින් පැන බිත්තරය සොහොනක් උඩ බිඳීමෙන් කළු කුමාර දිෂ්ටිය පහවී ගොස් යන්ත්රට මන්ත්‍ර බෙහෙත් තෙල් ආදියෙහි බලයෙන් දෝෂය පහවී යයිලුය.


_________________________________________________________



අපි කළු කුමාරයා කියල දකින රූපයේ (අපි නෙමේ ගෑල්ලමයි) කළු කුමාරයා අතේ තියෙන යෂ්ටිය ලිංගිකත්වයේ සංකේතයක් ලු. උගේ වාහනය 'ගොනෙක්' . ඒකෙන් පෙන්නුම් කරන්නේ වනචාරී - වල්  කියන එකලුය.... අලි මස් කනවා කියල කතාවකුත් තියෙනවා... ඒකෙන් කියන්නේ අලින්ටත් වඩා ශක්තිමත් කියන එකලු..
(මම නං දන්නෑ වැහුන එක්කෙනෙක් ස්ථිර කරමු බලන්ඩ)

ඉන්දියානු කළුකුමාර කතා කියවන්න මෙතනින් යන්න..


ඇතැම් කරුණු උපුටා ගැනීම එළකිරි ට්‍රෙඩ් එකකිනි


ප/ලි : 

අද රෑට

  • මේක කියෝලා ඉවර උන කළු ගෑල්ලමයි රෑට කරණීයමෙත්ත සූත්තරේ 3 පාරක් කියලා නිදා ගන්න...
  • සුදු ගෑල්ලමයි චූ කරලා නිදා ගන්න...
  • කොල්ලෝ.... මම කියන්න දෙයක් නෑ... උන් දන්නවා කරන්න ඕනේ දේ


අද මම බෝඩිමේ. කම්මැලිකමට ලැප උස්සන් ආවේ නෑ. ඔටෝ පබ්ලිශ් වෙන්න දාලා ආවේ. කමෙන්ට් වලට රිප්ලයි නැතිවෙයි... තරහ වෙන්න එපා. සිකුරාදා හවස ගෙදර ආපු හැටියෙ දාන්නං ඈ... :-)



Sunday, May 20, 2012

යක්ෂ කතා - පළවෙනි කතාව - (ගෑල්ලමයින්ට විශේෂය)



තරුෂි....A/Lකරන්නේ මේ අවුරුද්දේදීය. ඇය කලා විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරමින් සිටියාය. ඇය බෙහෙවින් රූමත්ය. දරුවන් දෙදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාලයාය. තරුෂි ගමේ සිටි හැදියාව අතින් උපරිම යුවතියයි. අදින් ඇදුම පැලදුම පවා චාම්ව ඇදීමට ඇය පුරුදුව සිටියාය. ඇගේ එකම අධිෂ්ඨානය වුයේ නීති පීඨයට රිංගා ගැනීමය. තරුෂි උපකාරක පන්ති සඳහා ගියේ බණ්ඩාරවෙල නගරයටය. යෞවන වියේ හිනිපෙත්තේ සිටි ඇයට එහිදී පෙම්වතෙක් හමු විය. රාගම වෛද්‍ය පිඨයේ ඉගැනුම ලබන අසංක ඇගේ පෙම්වතා විය. ඇය ඔහු හා සමග අප්‍රමාණ සිහින මැව්වාය. කුළුදුලේ ප්‍රේමයෙන් තරුෂි පිස්සු වැටි සිටියාය.  නමුත් ජංගම දුරකතනයක් වත් නැති ඇය ඔහු හා දොඩමලු වන්නේ ටියුෂන් පන්ති නිමවී පමණය. දෙමාපියන් ගුරුවරුන් වූ තරුශිට ප්‍රේම සම්බන්දයකට කිසි සේත්ම නිවසින් අවසර නොලැබුණි. ඒ හේතුවෙන් ඇය සිටියේ මදක් හිතේ නොසන්සුන් ගතියෙනි.

වෙනදා මෙන්ම පන්ති නිමවා අසංක සමග ටික වෙලාවක් දොඩමලු වූ තරුෂි සුපුරුදු ලෙස තම නිවසට ගියාය. තරමක් හවස් වී තිබුණි. ළිදක් නොතිබුණු තරුශිලා තම ජල අවශ්‍යතා සපුරා ගත්තේ ගෙදරට හූවක දුරකින් වන්නට පිහිටා තිබු පීල්ලෙනි. තනියම යන්නට කම්මැලි සිතුනු තරුෂි තම අක්කාට කතා කලාය.
අක්කේ... අක්කේ... එන්නකෝ මට නා ගන්න යන්න...

මොකද්ද නංගී. දැන් මට අයියා කෝල් කරනවා කිව්වා...

කමනිගේ (අක්කාගෙ නම) සැමියා රැකියාව කරන්නේ මැදපෙරදිගය. ඔහු අද සවස ගෙදරට කෝල් කරනවා යයි ගෙදර දැනුවත් කර තිබුණු හෙයින් අක්ක එන්නට අදී මදි කලාය.

අනේ මොකද්ද අක්කේ.. අම්මා කෝල් එක ආපුවාම කියයි. එනවකො මාත් එක්ක යන්න...

පුදුම වදයක් නේ මෙයා දෙන්නෙ.. හා ..හා... යන්කො....

නංගිගේ කරදරයෙන් බේරෙන්නට බැරිම තැන ඇය තරුෂි සමග පීල්ලට ගියාය. තරුශි ඒ අතර තුර අසංක ගැන තම අක්කට පැවසුවාය. ඔහු වෛද්‍යවරයෙක් යයි ඇසුණු හෙයින් අක්කගේ හඩ මදක් බාල විය.

පිස්සුද නංඟී...අම්මලා එහෙම දැනගත්තොත් වසලා හමාරයි. දොස්තර කෙනෙක් කිව්වා නේද. එහෙනං ඉතින් කොල්ලා හොඳ ඇති. එත් පරිස්සමට කෙල්ලේ.

අනේ නෑ අක්කේ.. අසංක හරි හොඳයි...

පීල්ල ළඟ කිසිවෙකුත් නොමැති විය. අක්ක නගෝ දෙන්නා උකුළු මුකුළු කරමින් නාන ගමන් කතාවේ යෙදෙන්නට විය. තාත්තා නිවස දෙසින් කෑ ගසනවා එක වරම ඇසුනි.

ලොක්කියේ....... ලොක්කියේ............ මෙන්න පුතා කතා කරනවා.....

අන්න නංඟී අයියා කතා කරනවලු. මම ටක් ගාලා ගිහින් එනකන් ඔයා නාන්න..

හරි අක්ක ..



රතු රෙද්දක් දැකපු කුළු හරකෙක් වගේ අක්ක නිවස දෙසට දුවන්නට විය. එය දැකපු තරුශිට මද සිනහවක් නැගුනේ නිරායාසයෙනි.

අක්කා ආපසු පැමිණෙන විට පැය කාලක් පමණ ගත වී තිබුණි. නැවත පැමිණි අක්ක දුටු දසුනින් ඇය බිරන්තට්ටු වී ගියාය. තරුෂි පීල්ල ළඟ සිහි සුන්ව අද වැටී තිබුණාය. කෝල් එකට වඩා ඉක්මනට නිවසට ගිව ගිය ඇය හති දමමින් විස්තරේ තාත්තාට මොර ගෑවාය.

තාත්තේ තාත්තේ......නංඟී පීල්ල ගාව වැටිලා කතා කරන්නෙත් නෑ..

ලොක්කිගේ ප්‍රකාශයෙන් සිරිසේනගේ කකුල් පන නැති උනා සේ ඔහුට දැනුනි.

ඒයි එයි........ඉක්මනට මෙහෙ එනවා... යයි තරුශිලගේ අම්මට කතාකළ ඔහු ලොක්කි සමග පීල්ල දෙසට දිව ගියේය. ඒ යන විටත් තරුෂි පීල්ල ලග දපනේ දලාය... වහාම තරුශිව උස්සා ගත් සිරිසේන ඇයව නිවසට උස්සගෙන ආවේය. හති දමමින් මගට දුවගෙන ආ අම්මා,

දෙයියනේ... මේ මොන නස්පැත්තියක්ද මේ උනේ? කියමින් විලාප තියන්නට විය.

කෑ ගහන්න එපා ගෑනියේ. මේකිගේ තාම හුස්ම වැටෙනවා...  සිරිසේන කෑගහන්නට විය. ඔය පත්තරයක් ගෙනෙන් මේකිට හුලන් ගහන්න. මේ බලනවලා දාඩිය වැක්කෙරෙනවා මේකිගේ ඇගෙන්.

තාත්තාගේ විදානයට ක්‍රියාත්මක වූ ලොක්කි පත්තරයක් ගෙනේවිත් නංගිට හුලන් ගසන්න විය. විමලා (අම්මා) තරුෂිගේ මුහුණට වතුර ඉසීමත් සමග ඇයට සිහිය ආවය..

මොකද මගේ දුවේ උනේ? විමලා ඇසුවාය

අන්දුන් කුන්දුන් වූ තරුෂි.. මම නාල ඉවරවෙලා ඇදුම් මාරු කරලා ගවුම අදිද්දී කවුද මගේ බෙල්ලට හයියෙන් ගැහුවා අම්මේ... එතකොටම මම වැටුනා. එච්චරයි මතක.

මේකිට යකෙක් වත් ගැහුවද? මුව අයාගෙන සිටි විමලාගේ කටින් එලියට ආ වදන්ය.

බය හිතෙන කතා කියන්න එපා අම්මා....කමනිත් මැද්දෙන් පැන්නාය.

දැන් මේ 7 වෙන්නත් කිට්ටුයි. දොස්තර කෙනෙක් ගාවට යන්නවත් ආටෙක් හොයා ගන්න වෙන්නේ නෑ....හෙට උදේම යමු.  සිරිසේනගේ අදහස එසේ කියැවුනි.

නිවසේ සියලු දෙන නින්දට ගියෝය. තරුෂි ද තමන්ගේ කාමරයට වැදුනේ හවස සිදු වූ සිද්දිය ගැන කල්පනා කරමිනි. ඇයට රාත්‍රී 10 පමණ වන තුරු නින්ද ගියේ නැත. වෙනදා මෙන්ම ඇයට සිහිනෙන් අසංක පෙනෙන්නට විය. නමුත් ඔහුගේ මොකද්දෝ අමුත්තකි. මුහුණ අසංකගේ උනාට ඇග විරුපීය. ඔහු සෙමින් සෙමින් තරුෂි ලගට ආවේය. ලගට එන්න එන්නම මුහුණ විරූපී වෙනවාය. විරූපී මිනිසා එක වරම තරුෂිගේ ඇගට ගොඩ විය.



එපා............................. ගේ දෙවනත් වෙන්න යටි ගිරියෙන් කෑගසමින් දාඩිය පෙරාගත් තරුෂි ඇද උඩම ඉද ගත්තේය. මහා හඩින් කෑගැසූ තරුෂි හේතුවෙන් මුළු පවුලම එකවරම තරුෂිගේ කාමරයේ පෙනී සිටියෝය.

මොකද කෙල්ලේ.... ප්‍රශ්නය විමලාගෙනි.

මම මහා නපුරු හීනයක් දැක්ක.... දාඩිය පිස දමන ගමන් තරුෂි කිවාය.

මේක බොන්න නංඟී. ලොක්කි ගෙනා වතුර වීදුරුව ඇයට දෙන ගමන් කිවාය.

එක උගුරට වතුර විදුරුව බිව් තරුෂි.... මට බයයි තාත්තේ... කිවාය.

සිරිසේනට කියන්නට දෙයක් නැත. ඔහු මැලවුණු දෑසින් අම්මා දෙස බැලුවේය.

________________________________________________________________________

උදෙන්ම තරුෂි සමග  සිරිසේන  දොස්තර හමුවීමට ගියෝය. දොස්තරට පෙනෙන්නට තරම් රෝගයක් නොතිබුණි. ඔහු ඒ බව තරුශිලටද කිවේය. දොස්තර දුන් පැනඩෝල් පෙති කීපයක් හා සී පෙති කීපය අල්ලේ වකුටු කරගත් තරුෂි නැවත නිවාස බලා ආවාය. අද ඉස්කෝලේ ගියේද නැත. දවසම ඇද උඩට වී සිටියාය. ගුරුවරුන් වූ අම්මා හා තාත්තා උදෙන්ම ඉස්කෝලේ ගියෝය. අක්කා වැඩකට ටවුමට ගියාය. නොදැනිම තරුශිට නින්ද ගියාය. ආයෙත් අර හීනෙම පෙනෙන්නට විය. ඇය බිරන්තට්ටු වී අවදි උණාය. වහාම මේ ගැන අසංකට කියන්නට කෝල් කලේ ගෙදර කවුරුත් නැති නිසාය.

බලන්න අසංක මට මහා නපුරු හීන පේනවා....මට බයයි...

ඔයා පන්සිල් අර නිදා ගන්න ළමයෝ එතකොට හරි යයි...

සිහිසුන්ව වැටුණු ආකාරය, අනන් මනං වල් පල් ඇය අසංක සමග වරුවක් දෙඩෙව්වාය.

____________________________________________________________________

මෙසේ කාලයක් ගතවිය....

හැමදාම රාත්‍රියේ තම ඇදට පැමිණෙන අද්භූත පුද්ගලයා තමා සමග අඹු සැමියන් ලෙස හැසිරෙන වග ඇයට දැනෙන්නට විය. ඇය බලන් ඉද්දි වැහැරෙන්නට විය. නැවත බියට පත් වූ තරුෂි මේ පිළිබද තම දෙමාපියන් දැනුවත් කලාය.

රෑ කෑම මෙසෙදී මේ පිළිබද ඇය තම මවට පැවසුවාය...

අනේ අම්මේ මට අර හීනේ තාම පේනවා අම්මේ. දැන් ඒ මිනිහ මට කරදරත් කරනවා. අනේ මට බයයි අම්මේ.

තොයිලයක් නටන්න වෙයි වගේ.....සිරිසේන බිදුණු ස්වරයෙන් කිවේය.

සතියක් ඇතුලත තොයිලයට අදාල වැඩ කටයුතු සම්පාදනය උනි.... අදාල සිද්දිය පිළිබද යකැදුරා දැනුවත් කෙරුණි.
මොකද්ද වෙද මහත්තයා මගෙ දුවට වෙලා තියෙන්නේ? ප්‍රශ්නය  සිරිසේනගෙනි.

ඊට පිළිතුර දුන් යකැදුරා කිවේ.... මහත්තයෝ දුවට වැහිලා තියෙන්නේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|

කළු කුමාරයා 



ප/ලි:
මට කතා ගොතන්න එච්චරම බෑ...දැනෙන විදිහට තමා ලිව්වේ.

මම ගියානෙ තොයිලයක් බලන්න.. ගිහින් යක්කු ගැන ගොඩක් ඒවා ඉගෙන ගත්තා.. පව් අෆ්ෆා ඒ ගෑල්ලමයා... ගැහුවා උඩ දාගෙන (පොල් මලෙන් ඈ..)

කළු කුමාරයා යනු කවුද? කොහොමද හැදුනේ? කට කතා, අරවා මේවා... යක්ෂ සීරීස් එක බලාපොරොත්තු වන්න...!!!

අපිට නං ඉතින් හීනෙන් පේන්නෙ මේවා...

යක්ෂණී උනත් සෙක්සි මචන්..

ඇනිමේටඩ් ජිෆ් ඉමේජ් පේනවා නේද? (කැරකෙන, නිවෙන පත්තුවෙන ඒවා)


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 


කළුකුමාරයා දෙක මෙතනින්

Saturday, May 19, 2012

වැල වරකා රස හදුනන කොල්ලන්ට පමණමයි!!! - (18 + ඈ..)




සත්‍ය සිදුවීමකි....!!!

ප්‍රධාන කවිය රතු පාටින් දිස්වේ....



වෙනද මෙන්ම මා බලනා සුපිරි           වැල
බැලුවෙමි අදත් යහනට වී වෙලා          ඇල
දුටුවෙමි ලදක් මගේ ඇස දෙක මවිත     කල 
තාමත් ඉන්නේ ඇස් දෙක නං වෙලා     අල

කෙල්ලන් පතන් ඇන්ටි නොපතන්     කීවාට
බමසර පතන් ගෑනු නොපතන්           කීවාට
ලෝකේ වටේ මෙවන් ගෑනු දැක්ක         විට 
රජා උනත් ඇරෙනවා බං ඔටෝ            කට 

පාර දිගේ ඇදී යන්නේ                   යුවතියකි
ඒ අසලින් ගමන් කරන ජීප්                  රියකි
නවතා කතාකෙරුවේ දැඩි           තරුණයෙකි
ටිකකින් දිගු කෙරුනේ ඩොලර්      කොළයකි

රතු බ්ලවුසය ඇදගෙන දැන් ඇය        ඉන්නේ
පච්ච කොටපු ඩයල් එකත්        පැමිණෙන්නේ
නම ගම ගැන අයගෙන්මයි          දැනගන්නේ
තව ටිකකින් හොඳම හරිය            දිස්වන්නේ

සුපුරුදු ලෙස ඇග පතනං                 පිරිපුන්ය
එනමුදු ඇගේ වෙනසක් නං        නොපෙනේය
උඩුකය ගැලෙව්වේ ඇරබුන              විගසින්ය 
මට තරු පෙනුනේ සොහොයුරනේ ඒ       සදය

එන්න එන්න ඤාව් සද්ද            පැන්නේය
පච්ච සිරා හටනං බුදු                    ආතල්ය
අල්ල ගන්න ඔහුටත් හරි තැන          නැතිය
බලන බලන තැන හරියට                  මුදුය 

හොදටම ඇති හොදටම ඇති මෙය         බැලුවා
මහන්සි උණු පැත්තෙන් දාඩිය              එනවා
පවුලේ ඇය දැන් මේ ලග ලග              එනවා
රජා උනත් අන්තිමටම ම්හ්                   ගෑවා  

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

හොදට ඇස් පේනවනේ


ප/ලි:


ලින්කුව එහෙම ඉල්ලනවා නෙමේ ඕං... ප්‍රසිද්ධ ඔන්ලයින් සයිට් එහෙක තිබ්බෙ ඈ..


යක්ස කතා එනකොට බය වෙන්න ලෑස්ති වෙලා ඉදහල්ලා  :-)





පීචන් රාජ කවි සීරීස් එකෙන්..



මචන්, ලෝක ප්‍රකට පෝන් ස්ටාර් Sunny Leon මේ දවස් වල ලංකාවෙලු බං.....