දිනය දැන් සති දෙකකට පමණ පෙරය. ඇග හිරි වැටෙන එසයිමන්ට් දෙකක් ලැබුනේය. එකක පිටු 10 ක් විතරය. මෙලෝ මල දානයක් තේරෙන්නේ නැත. අහලා තියෙන්නේ ටනල් ඩෑම් ගැනය. ලෙක්චර් එකේදී ඉගැන්නුවට පසු පස පේලි වලට මේවා ඇහෙන්නේද නැත. අනික හෙන බෝරින් සබ්ජෙක්ට් ඒකක්ය.
ඒක කරන්නේ කොහොමද කියා අහස පොළවට සෙට් කරමින් සිටින අතර තුර ඇකඩමික් එකෙන් පණිවිඩය ආවේ මෙය කල යුත්තේ සයිට් විසිට් එකකින් අනතුරුව බවය. ඒ අනුව ඊළඟ සතියේ විසිට් එක ලාවට වගේ සංවිධානය විය. දවස් දෙකක් සඳහා සංවිධානය උනා කීවට රෑට නවතින්න තැනක් නැතිය. කන්න කෑම ගන්න තැනක් නැතිය. යන උන් ගෙදරින් අවසර ගෙනත් නැතිය.
විසිට් එක යන්නට ඇත්තේ 18 වෙනිදාය. 16 වෙනිදද කොහෙද පොඩි මිටීමක් තිබුනේය. එහිදී සාකච්ඡා උනේ නවතින්නේ කොහෙද? යන්නේ කොහෙද? කරන්නේ මොනවද? අරවා මේවාය. නවතින්න ප්ලේස් එකක් කොල්ලෝ දෙන්නෙක්ගේ පිහිටෙන් හොයා ගත්තේය. කොහේ ගියත් අපි වැඩ කරන්නේ ලෝ බජට් වලින්ය. එකේ ආයේ කිසිම සැකයක් නැත. 5 ස්ටාර් උනත් බජට් එකනං ලෝම ලෝය. ඒ අතර පුලාට හෙන ප්‍රශ්නයක් ඇති වී තිබුනේය. ඔහු එය මෙසේ කෝඩිනේටර් අක්කාගෙන් ඇසුවේය.
මි.. මි... මිස්... එහෙ සීතලද ද ද.. දන්නේ නෑ නේ?
කොහොමද දන්නේ නෑ... හැබැයි කවුරුවත් ඇල්කොහොල් එහෙම යූස් කරන්න බෑ...
හැක හැක හු........
නෑ නෑ මිස් මම මෙ ඇහුවේ ජර්සියක් එහෙම ගෙන්න ඕනෙද දන්නේ නැනේ...
දිනය 17 වෙනිදාය. දැන් හෙනම ප්‍රශ්නය බෝතලේය. සෙට් කරපු හෝටලේ එක කාමරේක සිටිය යුත්තේ 4ක් හෝ 5ක්ය. සෙට් පිටින් කට්ටිය බෝතල් සෙට් කරන්නේය. බන්ටි ඇතුළු පිරිස ඕල්ඩ් කෙග් එකක් සෙට් කර රජා ට ලබා දුන්නේ ගූ පාන්දර ඕක උස්සන් එන්න බැරි නිසාය. දැන් අපේ සෙට් එකට බෝතලයක් නැතිය. රජා හෙන ගුලියක් ඇඹරුවේය. අපේ බැච් එකේ ආශාන්ලා 3 ක් ඇත. ඒ,
පච අශාන් - කට ඇරියොත් කෙප්පයකය
වැල අශාන් - බැච් එකටම වැල ඩිස්ට්‍රිබුටර්
මල් අශාන් - මල් කොල්ලෙකි පැණි හැලියකි
පචාය බෝතල් ගැන හෙන ලොකු කතාවය. ඌ එකක් ගෙන්න වගේ ටෝක්ස් දෙන්නේය. ඔය කිව්වට ගේන්නේ නැති බව අපි දන්නවාය. රජා පච අශානයට පොඩි ට්‍රික් එකක් දුන්නේය.
උඹ බෝතලයක් ගෙනාවොත් මම බොනවා.
සිරාවට???
අනිවා දන්නවනේ රජා කිව්වොත් කිව්වා...
හරි එහෙනං හිටපන්..
පචයා, වැලයාට 1300ක්ම දුන්නේය. බයිට් රජා ගානෙය.
දිනය 18 වෙනිදාය. මහා හද්ද කළු කැත පාන්දර 4.30 ට පිටත් වීමට කතිකා කර ගෙන තිබුනේය. ගවේෂක චමියාට එන්න එකක් නැත. ඌටත් පිස්සුය. මාමාගේ කොටෙජ් එක අල්ලපු වැටේ තියෙද්දී බොරුවට ගෙදර ගියේය. 9.00 කෝච්චියෙන් ආපහු ගල්කිස්සට ඇවිල්ලය. 11.45 වෙද්දී මිනිහ කැම්පස් එක ගාවය. ඒ වෙලාවේ අපිත් තවම නිදි නැත. මූට අපේ බෝඩිමට එන්නද තිබුනේය. කැම්පස් එකේ නිදාගන්න ගොස් ඇත. මදුරු සේනාව මිනිහව වට කරගෙන ඇත. මොන නින්දක්ද? පසුව බටයක් දල්වාගෙන ඇත. මදුරුවෝ සිහි සුන්ය. නිදා ගැනීම පැත්තක තබා සික්කා එක්ක කයියක් දමාගෙන සිට ඇත. නැවත අර අසරණ වෙනද වයිෆ් එක්ක 3.30 වනතුරු කයියක් දමාගෙන එහෙට මෙහෙට ඇවිදමින් සිට ඇත. මූ අපේ බෝඩිමට එන විට 3ට පමණ ඇත. ඇවිල්ලත් දුන්නේ පුදුම වදයක්ය. අපිට හරියට ලෑස්ති වෙන්නට දුන්නෙත් නැතිය. 4.30ට හරියටම යන්න දගලනවාය.
වෙලාව 5.15 පමණ වන විට අපිට කැම්පස් එකෙන් පිටත් වීමට හැකි විය. එකා එකා මගින් අහුලා ගනිමින් ගියෙමු. අතර මග කට්ටිය ගෙනාපු පාන් බනිස් කමින් ගියෙමු. උදේ ආහාරයට නවතින්න තිබුනේ කිතුල්ගලය. පට්ට කඩයක් හම්බුනේය. ප්ලේස් එකත් සුපිරිය. එකා දෙන්නා හෙමින් හෙමින් බස් එකෙන් බැස්සේය. නිකමට වගේ පචයා ප්ලේට් එකක ගාන ඇසුවේය.
අයියේ කොහොමද ප්ලේට් එකක ගාන?
500 මල්ලි....
බස් එකෙන් බැහැපු, කඩේ ළඟ හිටපු එකෙක් වත් පෙනෙන තෙක් මානයක නැත. උන්ට බස් එකේ හිටපු තැන් වල ඉඳගන්න ගතවී තිබුනේ තත්පරයෙනුත් අඩක් වගේ වෙලා ගණනක් පමණකි.
අපගේ ඊලග නැවතුම උනේ පොඩි කඩයක්ය. බස් එකෙන් බහින්න කලින් පචයා ගිහින් ගාන අහගෙන ආවේය. බුෆේ ප්ලේට් එක 125ය. ඒ ගාන ෂේප්ය. හෙමිට බසයෙන් බැස ගත්තේමු. කෑමට තිබ්බේ, ඉඳි ආප්ප, රතු බත්, සම්බෝල, කිරිහොදි, පරිප්පු, සමග පාන්ය. හෝටලේට ගියත් කලින් යන්න ඕනෑය කියා කතාවක් තියෙන්නේ නිකන් නොවේය. රජා, වැල අශාන්, ගවේෂක, නිශාන් සමග දිලුකයා බෙදා ගත්තේ ඉස්සරලාමය. පිටිපස්සෙන් ආපු උන්ට කන්න ඉතුරු උනාද කියා සැකය. රජා ඉදි ආප්ප 25යි . ගවේශකයා රතුබත් හැඳි 3ක් සමග ඉඳි ආප්ප තොගයයි. වැලයත් එහෙමමයි. ඇත්තටම කඩේ ඇන්ටි ගැන නං මට දුකය. අපි 125 ට 250 ක පමණ කා තිබුනෙමු.
ගහන්න පොටෝ නැතුව හෙන සියිස් හැකරුල්ලෙක් වගේ එකෙක් පොටෝ ගසන්නට දිව්වේ අපේ මලදිවයිනේ කොල්ලෝ දෙන්නාගේ කෑගැසිල්ල හමුවේය. කොල්ලෝ කිව්වට එකෙක් තාත්තෙක්ය. ඌට වයස 32 කි. ඌව මැක්රෝ කර කර ඉද්දි යශිකයා නම් හෙනහුරා කඩන් පාත් වී මගේ කිරි කිරි ටොයි කැමරාව කිසිම සිතක් පපුවක් නැතිව බිම පතිත කරන ලද්දේ පෙර ආත්මයක වෛරක්කාරයෙන් මා පසු පස හඹා විත් බොක්කටම කඩුවෙන් ඇන්නා පරිද්දෙනි. මම මොකුත් නොකිව්වෙමි, මම හිතන දේ ඌටම හිතා ගන්නට මම ඉඩ හැරියෙමි.
ගිනිගත්හෙනෙන් තඩි හසියා බසයට ගොඩ වෙන ලදී. අපේ ඊළඟ නැවතුම උනේ කෙලින්ම ඉහල කොත්මලේ සයිට් එකය. ගිය විගසම අපිට ඇතුලට යන්න ලැබුනේ නැත. ඒ හරි හැටි අවසර අරන් නැති වීමලු. අපි අවසර ලැබෙන තුරු හතර අතේ කැමරාව වනමින් සිටියෙමු. එහෙත් අපිට වේල්ල උඩට යන්නට ලැබුනේ නැත. වේල්ල පෙනෙන තෙක් මානයේ සිට පොටෝ ගැසෙවෙමු. අපේ කෝඩිනේටර් මිස් අක්කාටත් තියෙන්නේ පුදුම පොටෝ පිස්සුවක්ය. අපි තව හොදයිය. ඇය ඇත්තේන්ම ලස්සනය. ඇගේ එක පින්තුරයක් ගැනීමට කොල්ලෝ 8 ක් කැමරා උල් කරගෙන වටවීමෙන්ම එය පැහැදිලි වේ. (පින්තූර බුකියේ)
අපි ඊලඟට ගියේ පවර් හවුස් එකටය. එකෙත් විනාඩි 20 ක පමණ ගුජුප්සාජනක ප්‍රසන්ටේෂන් එකකට පසුව අපිව සයිට් එක වටේ බස් රථයකින් එක්කන් ගියේය. මෙලෝම මෙලෝ රහක් තිබුනේ නැත. ඉහල කොත්මලේ නං ගියේ බොරුවටය. කිසිම මල දානයක් ඉගෙන ගත්තේ නැත. මේ වන විට වෙලාව 3 ට පමණ වී තිබුණි.
අපි ඊළඟට ගියේ රම්බොඩ උමග බැලීමටය. මෙතන පොටෝ ගහන්නට ගිහින් තව පොඩ්ඩෙන් එකෙක් දෙන්නෙක් වාහනේකට අඩ තියනවාය. සමහරු අපි පාර මැද සිට පොටෝ ගැසීම හේතුවෙන් වාහන නවත්තගෙන බලන් සිටියෝය. මෙසේ සිටින අතර උමග දෙසින් මහා හූ සද්දයක් ඇසෙන්නට විය. මෝරපු හද දුටු නරි රැල මෙන් අපේ උන්ට ජාතික ගීය ඇසෙන්නට බැරිය. පාර දෙපැත්තෙන් සෙට් උනි. එන උන්ට හූ කියන්නට කට උල් කරගෙන හුස්ම ඉහලට අරගෙන සුදානම් වී සිටියෙමු. එක පාරටම උමගේ දොර ළඟ වංගුවෙන් මතු වුයේ දෙදෙනෙක් රැගත් ත්‍රීරෝද රථයකි.
අපේ සියලු බලාපොරොත්තු සුනු විසුනු වී ගියේය. නැත නැත.... තවමත් හූ හඬ ඇසෙන්නේය. නැවතත් සුදානම් උනෙමු. විශාල ටටා බස් රථයක් පැමිණෙනුනේය. කන පැලෙන හූ හඩක් දුන්නෙමු. දෙවියනේ.... ඒකේ සිටියේ බාලංශේ ලමයි පිරිසකි. උන් කට ඇරගෙන අපි දිහා බලාගෙන ගියෝය. කිව්ව හූවත් අකුලාගෙන නැවත බස් එකට ආවෙමු. සීමාවේ රැදී සිටි පිරිසට බඩිගින්න දරාගත නොහී බසය අසල තිබූ ඇම්බුන් කෙහෙකැනම එකකට ගෙඩි පිටින්ම රුපියල්ම 20 බැගින් ලබා දී අවසන් කලේ අපිට එකදු ගෙඩියක්වත් නොතබාය.
නැවත බසයට ගොඩ උනු අපි දෙවතාවක් එහෙට මෙහෙට උමග තුලින් ගියෙමු. රම්බොඩ හෙලවෙන්න හූ කිව්වෙමු. උමග ඇතුලෙන් කළුවරේ යන ගමනේදී බසයේ මැද සිටි එක්තරා ජෝඩුවක් බදාගෙන සිටිබව ගමනේ නිල මාධ්‍ය සහකරු රජා සමග පවසා සිටියේය.
ප්‍රශ්නය 01 - කවුද???
අපි තවම දවාලට කෑවෙත් නැත. අපි පුස්සැල්ලාව නගරය තෙක් පැමිණියෙමු. ඒ වන විට වෙලාව 4.30 ට පමණ වී තිබුණි. බඩට අරක්ගත් පණු දේවතාවුන් වහන්සේලා තම ඉල්ලීම් දෙන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයේ යෙදීම හේතුවෙන් තත්ත්වය ටිකක් බරපතල වී තිබුණි. බස් එකෙන් බැසගත් අපි වහාම කඩයක් සොයා දිව ගියෙමු. ඒ යන අතර මග තරමක් ගමන අඩපන කරන්නට සමත් වුයේ පැහැපත් පෙනුමැති ගෑල්ලමයිය.
කෙසේ හෝ සයිවර කඩයකට රිංගාගත් අපි බිත්තර රොටි වලින් සප්පායන් උනෙමු. එදා දීපු සල්ලි වලින් වැල අශාන් ගෙනත් තිබුනේ වොඩ්කා බෝතලයකය. ඊට බයිට් සදහා සෙට් වෙන්නේ පලතුරුය. පලතුරු කඩ සොයා ගිය අපිට අහිංසක අක්කා කෙනෙක් ඉන්න තැනක් සෙට්විය. ලස්සන ඇපල් ගෙඩි හතරක් සමග දොඩන් ගෙඩියක් හා ජම්බෝ පීනට් පැකට් එකක් මිලයට ගත් අපි නැවත බස් රථය ලඟට පැමිණෙන අතරමග බන්ටි ඇතුළු සෙට් එක දිස්විය. අපිද නැවතුනෙමු. හුග කාලෙකින් නොකෑ ටිපි ටිප් එකක් කෑමේ ආශාව රජා ට පහල විය. මිලදී ගත්තෙමි. උඹ බබෙක්ද බං කී උන්ද පැන පැන කයි. ඒක කමින් සිටින විට එහා පැත්තේ ත්‍රී වීල් එක සුන්දර ලලනාවන් දෙදෙනෙකි. මෙය දුටු ගවේෂක නලියයි.
නංගි ටිපි ටිප් එකක් දෙන්නද?
අපි කාලා තියෙනවා
අගර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි කිව්වලු. කට හඬ නම් මී කිරිය.
කමක් නෑ අපිත් ගොඩ කාලෙකින් කන්නේ ඔයාලත් කනවද?
එපා...
විකාර තර්ක දෙමින් අසමින් ඉන්න අතර තුර පැකට් එකත් ඉවර වෙලාය. අපි යන්න හැරෙන්වත් සමගම මෙතෙක් වෙලා වැසී තිබු රජාගේ කට ක්‍රියාත්මක විය.
ටිපි ටිප් එපා නං ආ කවරේ....
ටිපි ටිප් කවරයක් පාවී යනවා පෙනුනි.
මේ අතර එකෙක්ට බොකක් සෙට් වී වැසිකිලිගත වී ඇත. ඒ අසරණයාට නිදහසේ වැඩේ කරගන්නත් නොදී කවුදෝ එකෙක් මෙසේ හොරෙන් ජනෙල් කවුලුව අස්සෙන් පොටෝ ගසා තිබුණි.
ප්‍රශ්නය 02 - පුස්සැල්ලාව හෙල්ලෙන සද්දෙන් බොක බෑවේ කවුද???
අපේ ඊලඟ නැවතුම උනේ කෙලින්ම හොටලයයි. මේ හොටලය සුපිරි යයි කට කතාවක් යමින් තිබුණි. පුංචි සුරංගනාවී, ලීඩර් යන චිත්‍රපට රූගත කර තිබුනේ මේ හෝටලයේය. අපේ බස් රථය තෙල්දෙණියට එන විට රාත්‍රී 7 ට පමණ වී තිබුණි. බස් එක හෝටලේට හරවන තැනට පැමිණියේය.
මල්ලි මෙතැනින්ද යන්න ඕනේ???
ඩයිවර් අයියා අන්දුන්කුන්දුන් වී ඇසුවේය. ඒ පාර එතරම් පළල් හා කාපට් පාරක් විය. හද්ද කුණු ගේමක් දී බස් රථය හෝටලේ ඇතුලට ද ගනු ලැබීය. පන කඩාගෙන දුවගෙන ගොස් හොඳ කාමරක් අල්ලා ගනු ලැබීය. රජ පිරිස දෙවන තට්ටුවේ කොනේම එකට මෙහා පැත්තේ එක අල්ල ගනු ලැබීය.
දැන් තියෙන්නේ නාගෙන කාගැනීමය. රජා කෙලින්ම බාත්රුම් එකට රිංගගෙන නා ගත්තෙමි. ෂවර් එක ගැනනම් කතා කරලා වැඩක් නැත. මම වගේ දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳන් චූ කලානම් ඔයිට වඩා හයියෙන් වතුර එනවාය. කරන්නට දෙයක් නැත. අමාරුවෙන් ඇග තෙමා ගත්තෙමි. මේ අතර අපේ කාමරේ සෙට් එක රජාව දමා පූල් එකට ගිහිල්ලාය. රජා තනිකර දමා යාම හේතුවෙන් උන්ට මරු සීන් එකක් වී තිබුනේය. ගිය ගමන් පූල් එකට පැන ඇත. ටික වෙලාවක් නනා ඉන්න කොට වේටර් කාරයෙක් ඇවිත්,
මල්ලි පූල් එකට කෙමිකල් ගහල තියෙන්නේ ෆිල්ටෙර් වෙන්න
මම යනකොට පූල් එකේ නනා හිටපු උන් පන කඩාගෙන හිරිකිත තැන් හයියෙන් අතුල්ල අතුල්ල පූල් එක ළඟ ෂවර් එකකින් නානවාය.
අනේ මල්ලි කෙල්ලන්ගෙන් ෂැම්පු එකක් ඉල්ලං වරෙන්....
කට්ටිය බැගෑපත් වෙන්නට විය. ඊට පිටත්ව යන්නට කලින් මෙසේ රජාගේ බට්ටි කැමරාවේ මෙසේ පොටෝවක් සටහන් විය.
එළඟට එලඹියේ කෑම කතා වාරයයි. වෙන හෝටලේකින් අපිට කෑම ලැබුණි. ඒවා කා අවසන් වී වතුර බොන්න තිබූ විදුරු කට කපලා අයිස් ක්‍රීම් කෑම හේතුවෙන් අනිත් උන්ට අයිස අහිමි විය. අර කලින් කී පරිදි හැමදේටම කලින් යන්න ඕනේ කියන්නේ ඒකය.
බස් එක හෝටලේට දමන්නට පෙර කතිකා කර ගත් පරිදි කෙල්ලන් බය කිරීමේ මහා සංග්‍රාමය මේසේ අරම්භ කරන ලදී. ගෑල්ලමි වෙනම ඉඳගෙන අයිස් කමින් සිටියෝය.
ඒ උඹලා දන්නවද? මේ හෝටලේ හනිමුන් ආපු කෙල්ලෙක් එල්ලීලා මැරිලා...
ඉක්මනට කාලා කාමර වලට ගිහිල්ල බුදිය ගනිල්ලා..
දොරට තට්ටු දැම්මට, එක එක සද්ද ආවට එකෙක්වත් ඇස් අරින්න එපා...
ටික පිරිසක් එළියේ පොඩි සින්දු පාරක් දමද්දී රජා ඇතුළු පිරිස ඉක්මනින් කාමර ගත උනේ වොඩ්කා බෝතලේ රහයිද බැලීමටය. එකෙත් පොඩි ගතියක් තියෙනවාය. බොන එක උනත් කල යුත්තේ කලාත්මකව ප්‍රිය උපදවන සුළු ලෙසටය. බලන්න මේ බෝතලේ දැක්කම නොබී ඉන්නේ කොහොමද නේද?
ඇපල් සෙට් එක නං ලොවෙත් නැති, ගහෙත් නැති, ගහ යටත් නැති ලෙස ලස්සනට නැගලා ගියේය. එකටත් හරියනම ෆෘට් ජූස් එකය.
පස් දෙනෙක් වටවෙලා බිව්වට හෙන පොර ටෝක් දුන්න එකෙකුට ෂොට් දෙක යනකොට වැදුනාද මන්දාය. ඇදේ පෙරලි පෙරලි සිටියේය. තවත් කවුදෝ මන්දා දෙපාර දෙපාර ශැන්ඩි කරනවා වගේ ලාවට මට මතකය. ඇයි තව මහ රෑ වොශ් රෑම් එකට පන කඩාගෙන දිව්වේද ඌමය.
ප්‍රශ්නය 04 - කවුද???
ඉහල කාමර වලත් හොඳ හොඳ සිද්දි ටිකක් සිදුවී තිබුනේය එකෙක් කේරලෙන් ගෙනාපු මොනවද බීලා හිනාව නවත්තගන්න බැරුව මැරෙන්න ගොස් ඇත. ඌ පැය බාගයක් පමණ එක දිගට හිනා වෙමින් සිට ඇත. තවත් සද්දන්ත කුලේ එකෙක් අධික ප්‍රවේගයකින් ඇදක් මතට සම්ප්‍රාප්ත වීම හේතුවෙන් සිරි යහන ගබඩාව සමතලා වී ඇත.
පාන්දර එකට පමණ ගයියා ඇතුළු පිරිස පහල මාලයට පැමිණ ඇත. ඒ තවත් කුපාඩි වැඩකටය. එනම් රජා ඇතුළු පිරිස බය කිරීමටය. වෙලාවට වගේ උන්ටත් වෙරි මර ගාතේ අපේ කාමරේ හොයාගැනීමට නොහැකි වී ඇත. තට්ටු දමා ඇත්තේ අල්ලපු කාමරේ මුස්ලිම් උන්ටය. තට්ටුව දමා මුන් එක එක හොල්මන් සද්ද දමා ඇත. එකෙක් දොර හිමීට අරිනවාත් සමග ගයියලා හැංගී ඇත. අරූ හෙමීට ඔලුව එලියට දමා දෙපැත්ත බැලුවේය. කිසිවෙක් පෙනෙන්නට නැත. දොර වැසුවේය. තත්පර කීපයකින් ක්ෂණයකින් ඇරුන දොරෙන් එලියට පැන්නේ බයට යටිගිරියෙන් කෑගසාගත් එකෙකි.
ප්‍රශ්නය 05 - කවුද???
උදේ පාන්දර අවදි වී පූල් එකේ නාගෙන එහෙම වික්ටෝරියාව බලා යාමට පිටත් උනෙමු. ඇත්තටම එකනං මාරම අත්දැකීමක්ය. වේල්ල ඇතුලේ උමන් වගේ ඒවා අස්සේ ගියෙමු.
බ්ලොග් කියවන හැමෝම ඉන්ජෝ නොවන බැවින් මම වේල්ල පිළිබද චුටි විස්තරයක් කියන්නම්. හැබැයි ඉතාමත් සරලව.
වේල්ලට කොන්ක්‍රීට් සමග කම්බි භාවිතා නොකළ බව
කොන්ක්‍රීට් ඇනුවේ අයිස් වතුරෙන් බව
වේල්ලට මිලිමීටර් 60 උපරිම පැත්තකට ඇලවිය හැකි බව
වේල්ල ඇතුලේ තට්ටු 7 ඇති බව
වේල්ල ඇතුලේ 50000 ක පිරිසකට සිටිය හැකි බව.
පුදුමයි නේහ්?
Thats why, I Love Civil Engineering...
Civil Eng's RoxxxXXXXxxxx
සිවිල් ඉංජිනේරු විද්‍යාවෙදී ට්‍රිප් සදහා තාක්ෂණික යෙදුම සයිට්/ෆීල්ඩ් විසිට් වේ.
සයිට් විසිට් = ට්‍රිප්
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බුකියේ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්
ප/ලි:
ප්‍රශ්න ඇහුවේ අපේ බැච් එකේ උන්ගෙන් ඈ...