Tuesday, July 17, 2012

ඉංජෝ Vs මැනේජ්මන්ට්


Client
Company
Engineers 
Architecture
Organization
Project Manager
|
|
|
ආ.... හරි හරි....
එතකොට ඒකයි මේ...
|
|
|
|
Leadership
Motivation
|
|
|
|
ග්ර්ර්ර්...ශ්ශ්ශ්ශ්...
|
|
|
|
Time, Quality & Cost..!!!!
|
|
|
|
කවුද යකෝ කෑගහන්නේ?

නෑ මචන් කවුරුවත් නෑ..

ඒක මිසක්...

මේකනේ බං දැන් සිද්ධිය..
|
|
|
|
What the hell 
you Bloody Monkeys...!!!

Shit Bucket..!!!
|
|
|
|
හිකි හිකි... 

මොකද්ද බං ඒ බකට් එක?

දන්නෑ බං..

ගූගල් සර්ච් කරමු...
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|




සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


ප/ලි : 
මම බ්ලොග් ලියන්නේ මගේ මත ප්‍රකාශ කිරීමට නොවේය. එදිනෙදා ජීවිතයේ, මගතොටේ, කැම්පස් එකේ වෙන සිද්ධි විනෝදාත්මකව ඉදිරිපත් කරන්නට බව කාරුණිකව සලකන්න. එය මුල සිට මේ බ්ලොගය කියවන දකින අය දන්නවාය. ඒත් මැද්දෙන් පැනපු අය???

අනේ බුදු අයියේ, අක්කේ, නැන්දේ, මාමේ.... ඇයි අපි වගේ පොඩි උන්ට මෙහෙම කරන්නේ? ලිපියක් විවේචනය කලාට කිසිම තරහක් මගේ නැත. ඒත් ඒක ලියපු එකාව බොරු චෝදනා කරලා කුජීත කරන එක හරි නෑ නේද? කමක් නෑ.... කිසිම දවසක මා සමග වචනයක් කතා කර නැති, මා හදුනන්නේ නැති අය මා ගැන වැරදි චරිත සහතික දෙන්නට යාම ගැන මට දුකය... :(

මම ඒ ලිපි වලට පිළිතුරු ලිපි ලියන්නට යන්නේද නැත. ඇත්තෙන්ම මට එතරම් තර්කන හැකියාවක් නැත. ඊටත් වඩා අපි වලියට වඩා සොමියට බර උන්ය.

වෙඩි තියන්නේ නෑ...නෑ....නෑ..... කිය කිය ඇයි අපි වගේ සමනළයන්ටම වෙඩි තියලා මරන්න හදන්නේ? ඔච්චරම වෙඩි තියාගන්න ඕනෙම නං  ඇට බෝල තුවක්කුවක් දෙන්නං සීනි බෝල දාලා වෙඩි තියාගන් පස්සට කූඹී කාලා මැරෙන්න.. :/ 

174 comments:

  1. තේරුණේ නැහැ බං

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ බං....
      අපේ මැනේජ්මන්ට් ලෙකා අන්තිමයි.. හැමදාම ආවොත් ඉංජිනියර්, කන්ට්‍රැක්ටර්.... මෝටිවේශන්..
      ඉතින් අපිට නින්ද යනවා. ඇහැරුනාම කතා කරනවා... එතකොට මිනිහා බයින්නේ ඔහොම.

      හැමදාම ශිට් බකට්... ශිට් බකට්... ගානවා. පොඩ්ඩක් හොයලා බැලුවා මොකද්ද ඒ බකට් එක කියලා. එතකොට දැක්කේ ඔන්න ඕක ;-)

      Delete
  2. හෙහ් හෙහ් හෙහ්...... අර බකට් එක නං අන්තිමයි රජෝ. අප්පිරියාවෙ බෑ. ඕව ගනං ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.... මටත් ඕකම හිතුනා... මේ මිනිහා අපිව ආදේශ කරලා තියෙන එක? :-) :-)

      Delete
  3. අපිත් වලියට බර නැති සොමියට බර කොල්ලො හරිය....

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න මීයා... හිකිස් :-)

      Delete
  4. ඈයියා...... ගූගල් කරාම ඕකද ආවෙ...???

    ReplyDelete
    Replies
    1. ඒකෙ තියෙන්නෙ ගූ ගල් කරලලු

      Delete
    2. ඔව් බොරුනං කරලා බලන්නකෝ... Shit Bucket කියලා :-)

      Delete
    3. ඕකෙ මැස්සො නැහැ තාම උනු උනුවෙන්ම කුළුඳුල් බකට් එක..!!

      Delete
    4. ගූ ගල් වුනත් කන එකාල ඉන්නවා බං :)

      Delete
    5. හිකිස්... ඔය පේන්නේ... :-)

      Delete
  5. මේ පොස්ටුවේ උඩ තියෙන මෙලෝ දෙයක් තෙරුනෙ නෑ මම දැක්ක එකම දේ මම ගිය සතියේ තෑගි තරගෙන් දිනලා කියන එක විතරයි. හප්පේ මට් දැනෙන සතුට..... ඔන්න රජෝ මම දින්න්නේ හොර බොරු කරලා එහෙම නෙවෙයි හරිය.ඔයා ඒක දන්නවනේ

    ReplyDelete
    Replies
    1. දිනලා නේන්නං.... මම දන්නේ නැද්ද ඉතින් ;-)

      Delete
  6. Replies
    1. පට්ට නං ඉතින් පට්ට... :-)

      Delete
  7. අපි ඔක්කොම සොමියට තමා බං බ්ලොග් ලියන්නේ බ්ලොග් බොක්කුව උඩ ඉඳගෙන හිටියට එක ජීවිතේ කොරගන්ට හොඳ නෑ. ආං එතෙන්දි තමා අපි වරද්ද ගන්නේ පොඩ්ඩක් හිතහං බොක්කු උඩ හැමවෙලෙම ඉන්න එකානේ පොලිසියෙන් උස්සං යන්නේත් නැද්ද මං අහන්නේ බොක්කුව උඩට වෙලා පොඩි සොමියක් දාල මාරු වෙන එකා ජිවිතෙට පොලිසියට මාට්ටුවෙනවද නෑ නේව ..ජය

    හැබැ උබලගේ ලෙච්චර් උන්නැහේ කියන එකේ පොඩි ඇත්තක් තියෙනව ප්‍රැක්ටිකල් කොරන කොට

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... සහතික ඇත්ත.
      අපිත් බෝක්කුව උඩ ඉන්න වෙලාව අඩුකලා නං හරි... නැත්තං බ්ලොග් පොලිසීයට අල්ලන් යනවා නෙහ් :-)

      මැනේජ්මන්ට් නං චොර... ඕනෙම නෑ. :(

      Delete
  8. මට නම් වැටහුනේ නෑ නෙව.
    පැහැදිලිව කිව්වා නම්....

    ReplyDelete
    Replies
    1. ලෙකා අපිට බයින හැටි බං තියෙන්නේ :-)

      Delete
  9. නොදන්න අය ගැන තමන්ගේ පවුලේ අය සහ ගජ මිතුරු කමෙන්ට් හමුදාවන් ලවා චරිත සහතික දිමේ සිගිති ආතල් ගන්න අයට ඔන්න ඔහේ ඉන්න දිපන්

    ReplyDelete
    Replies
    1. ඔව් බං... මම මොකුත් කියන්නේ නෑ...
      අපි කට ඇරියොත් ඒ හැම වචනෙකටම කියන්න දෙයක් එයාලා ලග තියෙනවනේ..
      අපි මොකටද නිකන් ඉල්ලන් කන්නේ.

      Delete
  10. ගඳයි බං. කලින් කිව්වනං ඔස්සිපියුරා එකක් දාං එනව. :P

    ReplyDelete
  11. ලෙක්චර්ස් නීරස වුනත් අමාරුවෙන් හරි අල්ලගෙන යන්න වෙනවා. නැත්නම් ඔය ඉංජිනේරු මහත්තුරු කරන දේවලුත් අපිට තමයි ගොඩදාන්න වෙන්නෙ... :D

    අපිත් මෙතනට එන්නෙ සරල විනෝදයක් බලාගෙන තමයි. කවුරුවත් කිව්වට මේකෙ ටයිප් එක වෙනස්කරන්න ඕන නෑ. හැම බ්ලොග් එකක්ම බරසාර දේවල් වලින්ම පිරිල ගියොත් ඒක හරියට පන්සලේ තියෙන හම් බැම්මෙන් බැදපු පො දාපු අල්මාරිය වගේ වෙයි.

    ReplyDelete
    Replies
    1. නීරසදත් කියනවා... :)

      ඕක තේරෙන්නේ කීයෙන් කීදෙනාටද සුමිත් අයියේ..

      Delete
  12. අපොයි දවල්ට කන්න කලින් මේ රජාගේ ගූ(ගල්) කරපු එකක් දකින්න වුනානේ. ෂික් විතරක්..මට නම් ඉංග්‍රීසි තේරෙන්නෑ රජෝ ..කියන එකක් සිංහලෙන් කියපිය..මෙව්වා කිසිවක් නොවැටහේ....

    ReplyDelete
  13. මම හිතුවෙම තෝ හැංගිලා කියලා

    ReplyDelete
    Replies
    1. අපි කාටද බය... අපිට කවුද බය... :)

      Delete
  14. අදාල ලිපිය නම් මමත් දෑක්ක රජො
    ඒත් මමනම් මුකුත්ම ඒ ගෑන කියන්න ගියෙ නෑ ඒක එයාගෙ මතය, මේ ඔයාගෙ මතය
    අපි තමන්ගෙ මතය ප්‍රකාශ කරනව වගේම අනුන්ගෙ මතය ඉවසන්නත් පුරුදු වෙන්න ඕනෙ.

    හෑබෑයි තමන් කෑමති දෙයක් (කොටාගත් දෙයක්) ගෑන වෙන කෙනෙක් විවේචනය කරපු පලියට එයාගෙ නම යොදා බ්ලොග් පොස්ට් එකක් ලියපු එකනම් කොච්චරක් එතිකල්ද කියා මට නම් නොතෙරේ. කොහොම උනත් මල් භවිතය සහ ඕව කොටාගෑනිම අපේ කෙල්ලන්ට නොගෑලපෙන බවයි මගේ හෑගීම. (තමන්ට ඕන දෙයක් භවිතයට කොටාගෑනීමට අනුන්ගෙ අවසර ඕන නෑති බව මම දනිමි)

    අනේ දෑන් හෑදිමිටවල් උස්සගෙන එන්න එපා මට ගහන්න. මම තාම A/L කරන පොඩි එකානෙ. හිතට දෑනුනුදේ කිවුවෙ, තරහ අවසර:P

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මමත් කියන්නේ.. මට චරිත සහතික දෙන්න ගිහින් එයා නාගත්තා

      Delete
  15. අනේ........
    කවුද අපේ රජතුමාට බැන්නේ....?? :(

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා... පොඩි ලූස් මැන්ටල් සීන් එකක් :-)

      Delete
  16. ලස්සන පෝස්ට් එකක්. අර බාල්දිය තමා කැත. :D

    ReplyDelete
    Replies
    1. හක්ක හක හක... ඒක තමා සුපිරිම..

      Delete
  17. ඔලුව වැදුනද බං කොහෙ හරි?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නෑ සර්.... :)
      හැප්පුනා..

      Delete
  18. අනේ බොල රජෝ උඹ බ්ලොග් එකක් ලියන්න බ්ලොග් අවකාශේ අයිතිකාරයොන්ගෙන් අවසර ගත්තේ නැත්තේ ඇයි.ඔය රමේශා,රංග ඇතුලු පිරිවරෙන් අහලා ඉන්න එපායැ.කවුරුත් මේවා කියන්න බයයි.නෝනලා මහත්තුරු මහ පඩි ටෝක් දුන්නට ඇති ලබ්බක් නෑ.රමේශා කියන්නේ ගංජා ගහන ඩයල් එකක්.ඒ වගේ කුජිත උන් තමයි අවුරුදු 20ක කොල්ලෙක්ට සදාචාරේ උගන්නන්න හදන්නේ.මට කියන්න ඔනි ටික උන්ගේ බ්ලොග් වල කමෙන්ට් කලා.එත් ඒවා පබ්ලිශ් කරන්න තරම් උන්ට කොන්දක් නෑ.උඹට ඕනි දේ උඹ ලියපන්.අපි කියවනවා.ඔය මෝඩ ගෑනුන්ටයි ඒ ගෑනුන්ගේ ජංගි ලෙවකන පිරිමින්ටයි බයවෙන්න එපා. උන්ගේ කාලේ ඉවර වේගෙන යන්නේ ඉස්සරහට එන්නේ උඹලගේ යුගය.බ්ලොඅ අවකාශේ කල්ලි වාදයෙන් තොර හොද තැනක් කරන්න බලපන්.සුබ පැතුම්...!(මං බ්ලොග් ලියන්නේ නැත.කියවනවා පමනි.ඒ නිසා ඈනෝ ලෙස කමෙන්ට් කලෙමි)

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  19. එල අදත් උදෙන්ම හිනාවක් ගියේ ඔබතුමාගේ පොස්ට් එක දැකල රජතුමනි. හැබැයි රජෝ එක එකට ඕනේ විදියට නටන්න යන්න එපා බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ නේ කරන දේ දිගටම කරන යන්න එන එවුන් එයි නැති උන් බම්බු ගහගනිද්දෙන් මේ ලෝකේ හැමෝම සතුටු කරන්න පුළුවන් කෙනෙක් තාම ඉපදිලා නෑ 99% හොඳ කිව්වත් 1% බනිනවා නුවණැති කම කියන්නේ අර 99 ගැන හිතල ඉතිරි එක ඇත හැරලා දාන එකයි. රාවන දෙවි පිහිටයි!

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  20. බ්ලොග් ලියන්න කාගෙන් හරි අහන්න වෙලාද? මොකද ඒ පාර මේ වෙන්නේ? ප:ලි: කොටස ගැන මට තේරෙන්නේ ම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං... දන්නේ නැද්ද? :)

      Delete
  21. ඉන්ජොන්ට නැත්තෙම ඕක බං ඒනිසා ඉගෙන ගනින්..(මැනේජ් මන්ට්)

    ReplyDelete
  22. දැන් නේ තේරුනේ. මොඩරේෂන් කමිටියක් තියනවා කියලා. :-) නානත්ත කායා නානත්ත සංඥයා කියලා කියන්නේ නිකම් යෑ.

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නෑ බං මේක.. :-)

      Delete
  23. අපේ අප්පෝ ..... මේ මොනවද මේ වෙන්නෙ. මමත් ගියා ඒක කියවන්න. මම නම් මෙහේ එන්නෙ රිලැක්ස් වෙල විහිළුවක් කරල කුණුහරුපයක් කියවල සතුටු වෙලා යන්න. අනිත් හුඟක් අයත් එහෙමයි කියල මම හිතනව. මොකද වෙන බ්ලොග්වල සීරියස් කමෙන්ට් කරන අය මෙතන ඇවිත් විහිළුවක් කොටල හිනාවෙල යන නිසා. මත නොගැලපීම් සිත් අමනාපකම් ඇතිවන එක ස්වභාවිකයි. ඕව ගැන එච්චර හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. Oyage kathawata 100/ ekagayi.....mama hithana wedihata APi hamoma hithanne Oyage wedihata... Tatto. Gahana , ganja gahana ganu ape Sri lankika kanthawakata sudusu na Kiyali mamanm hithanne.. API mokatada me puka hodannathi suddange deal uda dagena karanne..maha moda ganiyek..ganu kamarath lajjawak....

      Delete
    3. @ඩීඩීටී -- එල එල... :-)

      Delete
  24. ස්විට් කතාව :D (වෙන නැත්තම් )
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොල්....
      මේවා ස්වීට්ද? ඊයා.... ;)

      Delete
  25. [මේක මුලින්ම දැම්මේ අසවල් බ්ලොග් අඩවියේ මේක මෙතෙනට වඩා ගැලපෙනවා]

    මේ පැත්තට ආවෙ ෆේස් බුක් කැම්පේන් එකක් දැකලා.දෙපැත්තෙ කට්ටියගෙ මඩ ප්‍රචාර අඩු වෙලා යනකම් හිටියෙ.තරහ ගිය වෙලාවෙ ඕව මැද්දට පැනල මටත් ඒ භාෂාවෙන්ම වැදුනොත් එහෙම

    ටැ‍ටු ගැසු අය ගැන සමාජේ හිතන හැටි ,ලිබරල් අය හිතන හැටි අනික් අය පැහදිලිව කියලා තියනවනෙ.ඒ ගැන කියන්න නෙවෙයි මම ආවෙ.

    මුලින්ම කියන්න ඕනෙ කෙනෙක් එක තැනක කියලා තිබුනු දෙයකින් යම් අයෙක් ගැන ජජ්මන්ට් එකක් දෙන එක වැරදියි.විශේෂයෙන්ම

    "එහෙත් රජා ලිංගික අසහනයෙන් පෙලෙන බව"
    "ඔහු ගැහැනියක් සමඟ හැකි ඉක්මනින් නිදි වැදිය යුතු බව"
    "ගෑනියෙක්ගෙ බ්‍රා එකක පටියක් දැක්කම ක්ෂණික මෝචනය වෙන ජාතියෙ මිනිස්සුත් ඉන්නවද කියන එක ගැන"[තිබුන කමෙන්ට් වලින් මම උපකල්පනය කලේ මෙය සටහන් කලේ ඔබගේ සැමියා බවයි]


    ඊට අමතරව වර්ණාගේ කමෙන්ට් වලට ඔබගේ ප්‍රති උත්තර පෞද්ගලික රිදවීමක් ලෙස මට හැගුනි.


    දෙපැත්තේම අය අදහස් දැක්විමෙදි අන් අයගෙ පෞද්ගලික චර්යා රටා ,සිතුවිලි මේවා යැයි උපකල්පනය කිරීමට ඉක්මන් නොවන ලෙස ඉල්ලා සිටිමි.මොකද බ්ලොග් අවකාශයත් දෙශපාලකයන් විසින් හසුරුවන වෙබ් අඩවි මෙන් ජරාජීර්ණ තැනක් නොවිය යුතු නිසා

    සිත් රිදිමක් වුවානම සමාවෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්... මට හිතුන ඒවම ලියලා :-)

      Delete
  26. ඒ ගැනනං කතා කරලා වැඩක් නෑ තමා..
    අර මෝඩයොත් එක්ක වාද කරන්න එපා කියලා තියෙනවලුනේ..
    ඉතිං මං කබ්බා කියලා පිලි අරං ආවා..
    අපරාදෙනේ කාලේ

    ReplyDelete
    Replies
    1. අපි කබ්බෝ................ බ්ලොග් ලියන කබ්බෝ...................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  27. ‍ගංජා ගහල පච්ච කොටාගන්න යන එවුන් අපිට සදාචාරෙ උගන්වන්න එනවා, උං හරි උගත් විසිවන සියවසෙ උදවිය අපි දහාටවන සියවසෙ කබ්බො. අනේ උකේ.....!

    ReplyDelete
    Replies
    1. කබ්බොන්ට කතාකරන්න දැන් කබ්බෝන්ගේම බ්ලොග් එකක් තියනවා......


      http://thekabba.blogspot.com

      Delete
    2. නියමයි.....

      බ්ලොග් ත්‍රස්තයන්ට වින කරන යහපත් කබ්බෙක් මුණ ගැසීම සතුටකි... :-)

      Delete
  28. මං නම් හිතන්නේ අර මොකාද එකා උඹලව හරියට ආදේශ කරලා තියෙනවා :D

    බ්ලොග් එකේ මොකක් හරි සීන් එකක් තියෙනවා ද බන්?

    ReplyDelete
    Replies
    1. හැකැස්... පල පල නිශා :-)

      Delete
  29. හොද රිටන් එකක්... මෙන්න මෙහෙමයි මේවා වෙන්න ඕන.. එහෙ කිව්වා... මල පැන්නා.. මෙහෙන් ගේම දුන්නා... දැන් ඕනනම් එහෙන් ගෙම දෙයි... බ්ලොග් සංවාදය තරම් මටනම් ආතල් මොකුත් නැති තරම.. අර අමාරාශි නංගිත් එක්ක මමම කොච්චර පැටලෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් එහෙන් ගේම දෙයි. අර තුප්පහි ඇනෝ සයිට් එකේ, මුඩුක්කු බාසාවෙන් :).
      මෙතන පැහැදිලිවම පේන දේවල්:
      1. මේ මඩ ගැහිල්ල යන්නේ ජනප්‍රිය බ්ලොග් වලට විරුද්ධව
      2. මේ තුප්පහි වැඩවලට විරුද්ධ වෙන එවුන් කබ්බො - ඒ කියන්නෙ උන් "පොරවල්"
      3. පාවිචිචි කරන්නේ අමු කුනුහරුප බාසාව, මොකද ලොකුවට "පොෂ්" වෙන්න හැදුවට උන්ගේ නියම සමාජ/ මානසික තත්ත්වය මේක නිසා සහ නිර්මාණශීලි හැකියාවක් නැතිනිසා.

      මේක නං නියමයි රජෝ, හැබැයි අර ප.ලි කෑල්ල ඔය තරම් ඩිරෙක්ට් නූනා නං තමා වටින්නෙ :)

      Delete
    2. හොඳට දෙපැත්ත කාපන්.

      Delete
    3. රාජා,

      ඒ පාර මොකෝ මොඩරේශන් දාගෙන. උඹත් කැමති එව්වා විතරද පබ්ලිශ් කරන්නෙ

      Delete
    4. දයාබර භීත අයියේ 90%ක් එතැනදී එකඟ වෙලා දැන් මේ පැත්තෙත් ඇවිල්ලා වගේ පිදුරු දාන්න එල එල ඈ අපිටත් හොඳ ආදර්ශයක්.

      Delete
    5. @ ඇනෝ - 8.06
      කුණුහරප එහෙම ආවොත් අර ** ද පොරවල් ** කියාගන්න අයගෙන්..

      ඕං ඔක්කොම පබ්ලිශ් කලා... ;)

      Delete
  30. හෆ්ෆා....... රජාත් දාන පෝස්ට්!!! මරු!!! ඒත් අර බාල්දිය.............. :V

    ආ.... රජෝ ඔව්වා එච්චර හිතන්න එපා මෙයා.. ඔයා මෙච්චරක්ල් ලිව්ව කිව්ව විදිය හොදා.. කියවන අය එයි..නැති අය නිකන් ඉදියි.. :D

    ReplyDelete
    Replies
    1. බාල්දිය ඉස්තරම්... :-)

      Delete
  31. ඔය බකට් එක දැක්කම මට මතක්වුනේ අහපු කතාවක්.ඉස්සර කාලේ ඔය බකට් තමයිලු පොදු වැසිකිලි වල තිබුනේ... කස්ටියක් හිටියලු ඔය බකට් පිරුණාම අරගෙන යන්න.මට කවුදෝ කිව්වා මතකයි ලංකාවේ මුල්ම වැඩ වර්ජනේ තමයි මේ සක්කිලි වැඩ වර්ජනෙ කියලා.ඉල්ලිම් දෙනකන් බකට් අරගෙන යන්නේ නෑ.... ඒ වගේම සක්කිලි කියලා කියන්නෙත් තමන්ට මෙලෝ අදාලත්වයක් නැති එවුන්ගේ shit bucket අදින එකනේ...

    හි හි... මෙව්වා අදින්නත් කවුරු හරි ඉන්න එපායැ නැත්තම් මෙව්වා හැම තැනම ඟද ගහනවනේ.එයාලා ඉතින් ඒවා ස්ව කැමැත්තෙන්ම ඇදගෙන ගිහින් දාගන්නවා... ඒක සමාජ සේවයක් බොලව්

    ReplyDelete
    Replies
    1. //මෙව්වා අදින්නත් කවුරු හරි ඉන්න එපායැ නැත්තම් මෙව්වා හැම තැනම ඟද ගහනවනේ.එයාලා ඉතින් ඒවා ස්ව කැමැත්තෙන්ම ඇදගෙන ගිහින් දාගන්නවා... ඒක සමාජ සේවයක් බොලව්//

      අනිවාර්යෙන් ගැමියෝ... :)

      Delete
  32. නරක් වෙයි මැනේජ්මන්ට් ටිකක් ඉගෙන ගත්තොත්. :පී
    මේකනේ රජෝ,මම මේක මූණු පොතෙත් කිව්වා.ආයේ පාරක් කියන්නම්කො.
    ඔයාගේ ඒ පෝස්ට් එකේ ගොඩක් කරුණු වලට මම එකඟ නෑ.විශේෂයෙන් ටැටූ ගහන හැම කෙල්ලෙක්ම බඩු කියලා ඔයාට හිතෙන එක.එතැනදී අර පෝස්ට් එකේ එයා කියලා තිබුන දේවල්ම මටත් හිතුනා.
    පටි රෝල් කතාව නම් ඔයා කිව්වේ විහිලුවට කියලා තමා මම නම් හිතන්නේ.
    හැබැයි ඉතින් අනිත් පෝස්ට් එක ලියපු කෙනා ඒ ලියලා තිබුන හැටිය,චරිත සහතික දුන්න හැටිය නම් මම කොහෙත්ම අනුමත කරන්නේ නෑ.
    විශේෂයෙන් වර්ණා අක්කගේ කමෙන්ට් එකට උත්තර දීලා තිබුන හැටි ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    ඒ නිසා මම කියන්නේ මේ හැමදේම අත්දැකීම් කියලා හිතාගෙන ඒ වගෙන් තමන්ට ගන්න තියෙන දෙයක් අරගෙන,තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න.
    ඔයාට තාම අවුරුදු විස්සයි.බ්ලොග් ලෝකෙට අඩිය තිබ්බ විතරයි.දිග ගමනක් යන්න ඔයාට හොඳටම හැකියාව තියෙනවා. :) :)
    සුබ වේවා! රාජ සම්පත් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ලිපිය විවේචනය කලාට කිසිම තරහක් නෑ....
      මාව එහෙ මෙහෙ වනන්න ඔට්ටු නෑනේ.. :/

      Delete
  33. බල්ලො ඉන්නෙ බුරන්න නෙ රජෝ..... උබ කවුද කියල නොදන්න උන් හිටියට උබ ගැන දන්න උන් දන්නවනෙ.... කබ්බො ෆොම් කරන්න එපා කියන පජාත යක්කු සහ පස්සේ ගෙඩි තියන ගැටිස්සියො කියන මගුල් ගනන් ගන්න එපා....

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  34. රජතුමනි ලාබාල වයසෙන්ම රජ උන නිසා රටවැසියන්ගේ සමහර දේ+වල් ඔබතුමාට නුහුරු ඇති. *මුහුදේ නාද්දී ගෑනු බිකිනිය අදින්නෙ අස්සට වැලි යන නිසා. මොකා උනත් පච්ච කොටන්නෙ ආසාවට හෝ හිරි වාතේ නිසා. බඩුවක් පොන්නයෙක්ව බැදගන්නේ ඒකිට වටේට අල්ලන්න ඕනෙ නිසා. තව ඕනෙමනම් අහන්න මහරජ. අපි ඔබතුමාගේ අඩවි වැසියො නෙවෙ.

    ReplyDelete
    Replies
    1. සියලුම අඩවි වැසියන්ට මාගේ උත්තමාචාරය!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  35. කවුද අඩෝ. අපේ රජාට අතක් තිබ්බොත් අඩු කඩනවා

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පොලීසිය ඉන්නවා.....දගලන්න එපා.... :-)))

      Delete
  36. රජෝ උබ ලියන විදිය ඇත්තටම සිරා,උබ දිගටම ඒ විදියට ලියපන් .
    කාටවත් ඕන විදියට අපි බ්ලොග් ලියන්න අවශ්‍ය නැහැ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා අපිට ඕන නම් ඒවා පිළිගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් .අපි නෙට් එකේ තියෙන හැමදේම අපේ ජීවිතයට අදාළ කරගන්නේ නැහැනේ ඕන ඒවා ගන්නවා නැති ඒවා අහක දානවා .

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  37. සර්ගෙ උපන්දිනෙ එහෙම ලඟ එනව නම් ඕවයින් එකක් යවන්න..හික් හික්.....!!!

    ReplyDelete
    Replies
    1. බෙල්ලේ වැල දාගෙන මැරෙයි බං... :-)

      Delete
  38. අඩෝ රාජකීය පොරකට ඔහොම කතා කරන්න එපා .............හික් ...."රාජ"කරුණා පව්

    ReplyDelete
  39. ලොව සියල්ලෝම තමන් සර්ව සම්පූර්ණ බව සිතති!
    අන්මත නොඉවසති!
    පෘතග්ජන මිනිසුන්ගේ හැටි එහෙමය...........

    ReplyDelete
  40. රජ මචන් (එහෙම කියන්නේ ආදරේට සහ වලිප්පුව (ෆිට්) එක නිසා ... , උබව මේ නේත්‍ර දෙකෙන් දැකල නැති වුනාට උඹ ලියපු , ඉදිරියටත් ලියන දේවල් මම කියවනවා (ජිවත් වෙලා හිටියොත්) , හොඳ දේට හොදයි, වැරදි දේට වැරදි කියල උබට කියලත් තියෙනවා .. මමනම් කියන්නේ උබට එන මල් වගේම ගල් මලුත් ඉවසපන් .. ජය නියතයි!!!

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  41. මල්ලියේ...උඹ වගේ හද්ද පිටිසර ඉඳල (ගිරිඋල්ල කියන්නෙ හද්ද පිටිසරලු.මාත් ඒ පැත්තෙනෙ.හිකිස්....) කොලඹට ආපු කබ්බෙක් තරම් අපිව හිනස්සවල ලේ පිරිසිදු කරන්න බැහැ කාටවත්..!! අවුරුදු 20 ක විසේකාර කොල්ලො කරන කියන දේවල්, උන්ගෙ කෝලං විකාර විහිලු අපිට නම් හොඳට තේරෙනවා..අපි උඹේ බ්ලොගේට එන්නෙ කියවල හිනාවෙලා යන්න මිසක් උඹගෙ අහවල් එකේ දිග පලල මැනගෙන යන්න නෙවේ...

    ඒ නිසා උඹ වෙනස් වෙන්න එපා බිඳක් වත්..ලියන විදිය වෙනස් කරන්නත් එපා..අපිට හිනා වෙන්න ඕනෙ..කෙනෙකුට හිනාවෙන්න කියල දෙන එක ලොකුපිනක්..!! ජය වේවා..!! රාජසම්පත් වැඩි වැඩියෙන් ලැබේවා..!!!!

    ReplyDelete
    Replies
    1. කොළඹ ක්ලබ් අස්සේ කොටු වෙලා ඉන්න උන් කියන ඒවානේ අක්කේ... ගිරිඋල්ල දැකලාවත් නැතුව ඇති. පව්!!!

      Delete
    2. ඇයි අලේ මාත් හද්ද පිටිසර තමා.මම ආනමඩුවේ :ඩී

      Delete
    3. හිකිස්.... එහෙනං කබ්බියක් ඈ... :-))

      Delete
  42. අඩේ ගණන් ගන්න එපා රජෝ... බල්ලො බිරුවට තවලම නවතින්නෙ නෑනේ. උන් බුරලා හති වැටුනාදෙන්... අපි යමු... ජය...

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  43. මිනිහා කිරිල්ලිව අල්ලගත්ත ගෑනි රජාව අල්ලගත්ත මරු ජෝඩුව.....

    ReplyDelete
    Replies
    1. අල්ලගන කර ගත්ත හරිය දැන් ඔය කාටත් පේනවා ඇතිනෙ....හිතන්න ඇති අර දිල්ව එලෙව්වා වගේ අනිත් බ්ලොග් කාරයින්වත් එක එකා එලවල දාල කල්ලිය රජවෙන්න.....

      Delete
    2. අනේද කියන්නෙ....

      Delete
  44. කවිය වගේ එක තේරුනේ කමෙන්ට් ටික කියෙව්වට පස්සේ බොලන්. සිකේ...පැකට් එකක් නම් කමක් නෑ කියමුකෝ. බකට් එකක්.

    මොකා උඩදාගෙන කෑගැහුවත් වෙන්නේ අනික් එවුන්ට ඒක ආතල් එකක් වෙන ඒක බං. අපහාස කොරා කියල ඇනකොටාගෙන ජාති ජම්මාන්තර වෛරයෙන් කුජීත වෙන්ඩ ඕනේ නෑ බං අපි. ආතල් එකට ලියනවා. මඩක් ගහනවා හකු ඇදෙනකන් හිනාවෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... දාපන් පහක්.. :-)

      Delete
  45. මම ඔය පොස්ටුව දැක්කෙ නෑ. මොකද ඒ බ්ලොග් එක මගේ ලිස්ට් එකේ නැති නිසා. ඉතින් මම හොයාගෙන ගියා. මෙන්න ඇය විසින් තමන්ගේ සහ තම ස්වාමි පුරුෂයාගේ බ්ලොග් වල දාපු කොමෙන්ට්ස් කිහිපයක්...

    ****************************************************************************************
    July 16, 2012 12:17 PM
    මචං සහන් ගෙදරිදි අපි දෙන්නම කඩේ යනවා...රංග විතරක් නෙමේ..උඹට ඔය තරම් ඒක හිතට අවුල් නං ඇවිත් අපිට කඩේ පලයං....

    උඹට මගේ කථාව ෂුවර් නැත්නං මෙන්න මේ පෝසට් එක බලපං..ඒකේ අපි දෙන්නම එකට කඩේ ගිහිං තියෙන්නේ..


    July 1, 2012 11:36 PM
    ඕගොල්ල වගේ ගොං චූන් දාන අය ඉන්නකල් රෑ උනත් කම්මැලි නැතුව ආතල් එකක් ගන්න පුලුවන්. අනිත් එක රංගගෙ පෝස්ට් එකකට ඇවිල්ල මගේ බ්ලොග් එකට දාන්න ඕනෙ කමෙන්ට් එකක් දාන එකෙන්ම ඔයාගෙ මොලේ තරම තේරෙනවා. මට නම් සිරාවටම හිතෙන්නෙ මේ නයි නටවපු නංගි වෙන්න ඕනේ මේ රෙද්ද උස්සගෙන ඇවිල්ල රීල ගිහින් තියෙන්නෙ.

    July 16, 2012 9:48 AM
    අනිත් එක මම මගේ ළමයෙක් හදනවා නං ඌව තවත් එක කුහකයෙක් විදියට හදලා ගෑනියෙක්ලේ බ්‍රා පටිය දැක්කහමත් මෝල් වෙන එකෙක් විදියට හදන්නේ නෑ..

    July 16, 2012 2:03 PM
    ඔයාලා වගේ වල් ඌරෝ කරන්නේ මෙලෝ දෙයක් තේරුම් කරගන්නේ නැතුව කිසිම දැනීමක් නැතුව තැන් තැන වල රීලා යන එක විතරයි.. ඉතිං අන්න ඒ වගේ වල් ඌරන්ට නං වෙඩි තියන්නේ නැතුව කෙලින්ම බෙල්ල මුලින් කපලා දැම්ම නං ඒක සිරා...

    July 16, 2012 2:52 PM
    මූ අලුතින් වැල බලන්න සෙට් වෙලා තියෙන්නේ..ඌට වැල බලනකොටත් දරාගන්න බැරුව ඇති සතුට..ඒකයි ඌ ඒවල තියෙන ෆොටෝ උගේ බ්ලොග් එක පුරාම දාන්නේ.. ඌ හිතනවැති අනික් එවුන් වැල බලලා නැති බිකිනි ඇදපු ගෑනියෙක් දැකලා නැති උන් කියලා..මං හිතන්නේ ඌ වැල කියලා බේ වොච් වගේ එහෙමත් නැත්තං ෆිල්ම් වල පුංචි පුංචි සීන් බලනවැති..

    *****************************************************************************************

    ඇගේ මානසිකත්වය තෙරුම් ගන්න මේ හොඳටම ඇති. ඉතින් ඔබතුමා වගේ රාජ වංශයේ ඇත්තෝ මේ වගේ උදවිය එක්ක මොකට හැප්පෙනවද මන්දා. ඉතින් ඒ නිසා අර අභීතට මේ ගැන කතා කරනා දීලා, අපි සොමියෙ ඉමු.

    අපි වලියට වඩා සොමියට බර උන්ය ++++++++++++++++++++++++

    අභීතගේ කොමෙන්ටුව පහතින් ඇත. ඇයගේ මාන්සිකත්වයට මෙය හොඳින් ගැලපේ යැයි සිතේ.

    අභීත July 14, 2012 10:30 PM
    90% ක් එකඟයි.. සමහර තැන් තියෙනවා වාද කරන්න ඕන.. මලක් ගහලා කතා කරමු.. මෙහෙම පුලුවනෑ ඕවා කතා කරන්න....

    ReplyDelete
    Replies
    1. huuuuuuuuuuuu......+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. තුප්පහි කතා කියන වලත්ත ගෑනියෙක් හා ඒකිගෙ පජාත සගයො...

      Delete
    3. රෙදි පාවෙනවද මන්දා.. ;)

      Delete
  46. ඔව්වා ගනන් ගන්න එපා රජෝ.. තමන්ගෙ බ්ලොග් එකෙක තමන්ට ඕන දෙයක් දාන්න කාගෙන්වත් අහන්න ඕන නෑනේ..
    කැමති කෙනෙක් කියවයි අකමැති කෙනෙක් නොකියව ඉඳිවි.. එක එක්කෙනා සිත පතන දේ , ලියන දේ මෙන්ම ලියන ස්වභාවයත් වෙනස්නේ. එක තමා හැටි..

    ReplyDelete
  47. බකට් එක පිරෙන්න රාජසම්පත් ම ලැබීයන්... ඔය බකට් එකේ තියෙන ජාතියෙන් ජපන්නු කෘතිම මස් හදන්න දැන් පර්යේෂන කරනවලු...රස නිකන් හරක් මස් වගේමලු...

    ReplyDelete
  48. ඊයා............ මොනාද මල්ලි ඌරු පැටියෝ මේ කළේ. මම රෑට කන ගමන්.

    ReplyDelete
    Replies
    1. මලලසේකර අප්පුහාමි... :))))

      Delete
  49. මම ඔය ෆේස්බුක් කියන මළ උලව්වෙ නැති හින්දා අප්ඩේට් වෙන්ඩ වෙලා යනවා.යකෝ මේ ලියන ඒවටත් ගහමරාගන්න උන්ද බං මේකේ ඉන්නේ.කවුදෑ දන්නේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං... මම දන්නවනං එන්නෑ පැත්ත පලාතේ.. :/

      Delete
  50. ගැලපෙන නම වෙන්න ඇති කියනවා ඇත්තේ. අන්තිමට දාල තියන සිං කෝන් එක මොකක්ද බන්? මොකෙක් හරි එකෙක් කක්ක කරලා ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. කක්කා ලෝඩ් එකක් බං.. :-)))

      Delete
  51. Replies
    1. අනේ තමුසෙත් උන්ට ආවඩනවා....ලැජ්ජාවක්නෑ උඹලට.

      Delete
  52. ෂික් විතරක්..මට නම් ඉංග්‍රීසි තේරෙන්නෑ රජෝ ..කියන එකක් සිංහලෙන් කියපිය..මෙව්වා කිසිවක් නොවැටහේ.... දාන ඕන මගුලක යටින් සිංහලේන් දාපිය රජෝ .. මොකද අපිවගේ ඉංග්‍රීසි වලට s කටු තියෙන අඑවුන්ට නොතේරේ

    ReplyDelete
    Replies
    1. ඩික්ෂනරියක් තියා ගම්මු... :-))

      Delete
  53. "වෙඩි තියන්නේ නෑ...නෑ....නෑ..... කිය කිය ඇයි අපි වගේ සමනළයන්ටම වෙඩි තියලා මරන්න හදන්නේ? ඔච්චරම වෙඩි තියාගන්න ඕනෙම නං ඇට බෝල තුවක්කුවක් දෙන්නං සීනි බෝල දාලා වෙඩි තියාගන් පස්සට කූඹී කාලා මැරෙන්න.. :/ 'මේ ටික නම් නියමයි! හි හි..:)

    ReplyDelete
    Replies
    1. නියම වදන එන්නේ පස්සට කියන තැනට පු* කියලා දාපුවාම.. එතකොට තමා වදින්නේ.. :-)

      Delete
  54. ප/ලි කොටසට අදාල ලිපිය දැක්කේ දැන්ය. කියන්නට තියෙන්නේ කිරිල්ලිට කිවුව දේමය. ඔයාගෙ බ්ලොග් එක ඔයාගේය. ඔයාට ඕන දේ ඔයාට ලියන්න පුලුවන්. සැලෙන්න එපා පොඩි එකෝ.
    (මම එහෙම නම් කරන්නෙ ඒ ලිපිය එහෙමම තියෙන්න දීලා සද්ද නැතිව ඉන්න එක)

    ReplyDelete
  55. උන් උන්ගේ ආතල් එක උන්ගේ බ්ලොග් එකට වෙලා ගනියි..අපි අපේ ආතල් එක අපේ බ්ලොග් එකට වෙලා ගමු බං!!! :D

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  56. ගස් උඩ ගල් උඩ ගියපු උන්ට ඉන්ටෙර්නෙට් ලැබිල කියන්න ඕනේ එකයි එපා කියයි කියනවා. උඹල ටාසන් සෙල්ලම කරපන්. වැදගත් මිනිසුන්ට අපහස කරන්න එපා (වැදගත්ලූ).

    මචං මම ඒ සිද්දිය දන්නේ නැහැ නේ. පොඩ්ඩක් හිටු හොයාගෙන ගිහින් කියල එන්නම්.

    රාජ බකට් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... යකෝ ගොඩේ පොශ් උන් දාහෙන් සම්පතයි මේ යක්කුන්ට වඩා :-)

      Delete
  57. අපි උඹව දැකල නැති උනාට උඹේ බ්ලොගත් එක්ක හැමදාම ඉන්නවා කුජීත කොමෙං ට් පාරක් දාන්නෙ පොඩි ජොලියක් ගන්න මිසක් උඹවබයිට් එකට ගන්නවත් උඹ ගැන චා හිතලවත් නෙවෙයි ඈ... බොක්කෙම්ම .

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  58. හැමදාම වගේ එල ඈ,., මට දෙයියනේ කියලා තාම ඔය ව්අගේ බකට් නෑ ,.,, හූ ඈ ,.,., :D

    ReplyDelete
  59. මට ඔන්න ඔය බ්ලොග් අඩවිය දෙනවකෝ. මොකක්ද කියලා බලන්න. මට නම් තේරෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. හොයලා බලහන් ටිකක්... :-)

      Delete
  60. මොකද්ද රජෝ මේ ප.ලි කතාව?
    ඔය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා රජෝ උඹ නොසැලී දිගටම ලියන පලයන්

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  61. See this too. I saw it in Kathandara's blog.

    @කතන්ද්‍ර දරුව,

    මාතෘකාවට කෙළින්ම අදාළ නොවුනත් භාර්යාවන් ගැන පෝස්ට් එකක් නිසාත් මට කලින්ම හොඳ දරුවෙක් දුන් ලින්ක් කීපයක් මට කියවන්නට ලැබුණු නිසාත් අපේ හෙළ කතුන් ටැටූ ගසා ගැනීම ගැන මගේ දැනුම බෙදා ගන්නට සිතුණේය.

    ටැටූ හෙවත් පච්චා කොටා ගැනීම අපේ පැරණි හෙළයන්ගේ කුල සිරිතකි. පලාබත්ගල ආසන්නයේ, කණ්ඨමාරී යකින්න ගැවසුනා කියන දිවා ගුහාවෙන් සොයා ගත් සෙල් ලිපියක සඳහන් වන්නේ "පචච මකර රවණ පුකක දසස හිස" යන්නය. මෙයින් කියැවෙන්නේ අප මහා හෙළ රාවණා රජතුමාගේ තට්ටම පුරා එතුමාගේ අධෝ මාර්ගයට කටවල් බලියාගෙන සිටින දස හිස් මකරකුගේ පච්චයක් තිබුණු බවයි. පච්චා කෙටීම කොයි තරම් පැරණි හෙළ සිරිතක්දැයි මෙයින් පැහැදිළි වේ.

    එසේම රාවණා රජතුමන්ගේ තට්ටම පුරා දිගට වැවුණු අධෝ රෝමයන්ද මේ මකරාගේ කටින් පිටවන ගිනි දැල් ලෙසට කපා සකස් කර තිබුණු බව හෙළ සාහිත්‍යයේ සඳහන්ය. බලන්න කතන්ද්‍ර දරුව, අපට ඇත්තේ කොයිතරම් දියුණු ඉතිහාසයක්ද? අපේ ඉතිහාසය ගැන අප නොදන්නා දේ කෙතරම්ද?

    නමුත් හෙළ කතුන් පච්චා කොටා ගැනීම අපේ පැරැන්නන් අනුමත නොකළ බව පත පොතින් පැහැදිළි වේ.

    බොහෝ කලකට පෙර ඉන්දියාවේ විසූ භාස්කරාචා‍යර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ එන මේ ශ්ලෝකය සලකා බලන්න.

    ටැටූචඃ කුලපුරුෂඃච තේජසං වර්ධනම්
    රාජරාජ බොහොතං කීර්ති ස්වශක්ථ්‍යායඃ
    නාරිඃච ටැටූචඃ ආකෘෂ්‍යතෙ මළ වදයඃ
    ශව මහී තයා හංවඩුඃ ගව මශීෂඃ භාති

    අදහස: ටැටූ කොටා ගැනීම පුරුෂයින්ගේ කීර්තිය වර්ධනය කරන්නේය. රාජ රාජ මහාමාත්‍යාදීන් ගේ කීර්තියටම හේතුවන්නේය. එහෙත් කාන්තාවන් ටැටූ කොටා ගැනීම මළ වදයක් වන අතර එසේ ටැටූ කොටා ගන්නා ගැහැණිය හංවඩු ගැසූ ගව මහීෂාදීන්ගේන් වෙනස් නොවන්නේය.

    එසේ වෙතත් පච්චා කෙටීමේදී මලක් ගැසීම නම් පැරණි හෙළ කුල සිරිතක්ම වන අතර රාවණා රජතුමා පවා තම තට්ටමේ පච්චය කොටා ගැනීමදී මලක් ගසා සිටි බව වර්ගපූර්ණිකාවේ සඳහන් බව වාර්තා වේ. මල් ගසන විධි ක්‍රම දහයක් ගැන ආයුර්වේදයේ සඳහන් වන අතර ඒ ගැන පසුව විස්තර කරන්නට බලාපොරොත්තු වෙමි.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
    Replies
    1. සිරා කතාවනේ ඉතින්... රාවණා හිටපු ගමන් අදහන්න වටින ටෝක්ස් දෙනවා නෙහ් :-)

      Delete
  62. ලෝකෙ හොඳම බකට් එක......ඔය මොන දේ කරත් රජෝ සොමිය තමා වැදගත්....ජය වේවා...!!!

    ReplyDelete
  63. @රජෝ මට ඊමේල් එකක් දාහන්කෝ පොඩ්ඩකට...පොඩි දෙයක් දැනගන්න තිබේ

    reshan.luck@gmail.com

    ReplyDelete
  64. අඩෝ රජා බෑහපිය එලියට හූ හූ..... උඹ අර ගංජා ගහන පච්ච නගාට බයේ පිය රජුගෙ ඈද යටට රිංගුවද? වරෙන් බං එලියට ලියපං මොනාහරි අපිට ෆන් එකේ කියවන්න.

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකෙන් සයිට් විසිට් එකක් ගියා බොලව්නේ....... තාම බෝඩිමේ.. ගෙදර ගියෙත් නෑ. :-)

      Delete
  65. කවියනම් තේරුනේම නෑ බං...

    ReplyDelete
  66. බ්ලොග් අවකාශේ ඒවගේ බරපතල පොරවල් ඉන්නවා කියලා අදයි මම දන්නෙ... හික්.

    ගූ බකට් එකක් තරම්වත් ගනන් ගන්ඩ එපා බන්..

    ReplyDelete
    Replies
    1. උඹලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  67. ඊයා..................... ෂිට් බකට්!!!

    ReplyDelete
  68. ඊක්කා.....අනේ....කක්කි....
    වෛරීය, කුහක බොග් කරණය...(බ්ලොග් නොවේ).....ෂිට්....

    ReplyDelete
  69. අර පලවෙනි කොමෙන්ට් එකේ රිප්ලයි එක දැක්කේ නැත්තම් තාම කල්පනා කරනවා මොකද්ද මේ හරුපේ කියලා
    @පලි ගනන් ගන්න එපා රජෝ උන්ගේ ඒවා උන්ට ආතල් අපේ ඒවා අපිට ආතල් .උඹේ ලින්ක් එකක් පෙන්නලා හරි ඒ උත්තමාවී කරන්නේ කොච්චර වටින වැඩක්ද ඒ ගැන හිතහං

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. හිට්ස් නං කීයක්ද??? :-)

      Delete
  70. හික් හික් අදයි දැක්කෙ ... සුබ වේවා! රාජ සම්පත් ලැබේවා!! කෙල නොවේවා!!!

    ReplyDelete
  71. එයා ඒ පොස්ට් එකේ කතා කරන්නෙ නිකම් සමස්ත ගැහැණු ප්‍රජාවම රැක ගන්න වගේ.. එ වුනාට එයාට තේරෙන්නෙ නැහැ එයා කතා කරන භාෂාව, එතකොට ගන්ජා ගහන එක, එ වගෙ දේවල් වලින් ගැණු ළමයි තවත් හෑල්ලු වෙලා යනව කියන එක.. මට නම් හිතෙන්නේ මේ සිද්දිය මෙච්චර දුර දිග ගියේ ගොඩක්ම එයා පාවිච්චි කරපු භාෂාව නිසා කියලා..
    තමන්ට බැණගෙන, අපහාස කරගෙන එන කෙනෙක්ට වුනත් හිත නිවිල පහන් වෙල යන විදියට කතා කරන්න ගැහැණියකට පුලුවන් වෙන්න ඔනේ.. ඒක ගැහැණු කම.. අපි පිරිමින්ගෙන් වෙනස් වෙන්නෙ එ වගෙ දෙවල් වලින්.. අනේ මන්දා..මේ මගේ අදහස.. පිටත ඉඳන් බලන් ඉන්න කෙනෙක් විදියට..
    රජෝ.. ඔයාගෙ මෙ සිද්දිය සම්බන්ද පොස්ටුවේ තියන දේවල් එක්ක මට එකඟ වෙන්න ටිකක් අමාරු වුනත්, පොඩි කොලු පැටියෙක් විදියට (එහෙමද මන්ද..) ඔයට හිතෙන විදිහ තේරුම් ගන්න මන් හිතන්නේ ගොඩක් අයට පුලුවන්...
    ගනන් ගන්න එපා කොල්ලෝ..ඕවා ඔහොම තමයි...

    ReplyDelete
    Replies
    1. මම ඒවා ආතල් එකට ලියපුවා කියන එක මේවා බලන අය තේරුම්ගන්න එක තමා වැදගත්..

      ඔයාලා මට හයියක්...!!!
      රාජ සම්පත!!!

      Delete
  72. මගේ කොමෙන්ට් එකකට හිතරිදිල මටත් ඊයකින් විදලා තිබුන රජතුමනි.එතකොටයි මේ අඩවිය පැත්තේ ආවේ. ඒ හුටපට ටික බලල හිනාවෙන්න බැරිව ඉන්නෙ ඊය වැදුනෙ ඔය උඩ බකට් එකේ තියන ඒව දාන තැනටනේ, හිනාවෙද්දි රිදෙනවා.ඔහොම ලියන්න රජතුමනි මොකෝ අපි මේවා බලන්නෙ අපේ දෙමාපියන්ගේ අවසරෙ අතුවනේ ..

    ReplyDelete
    Replies
    1. නෑ... සිරාවට???

      මුන්ට නං දරුණුවටම පිස්සු බං :-)

      Delete
  73. මට තාම මෙලෝ දෙයක් නොතේරුණි..බ්ලොග් පැත්තට ආවේ දවස් ගාණකිනි..බුකියෙත් දින කිහිපයක් නොසිටියෙමි..මොකෝ බං වුනේ..මට ටියුබ් ලයිට්නේ..

    ReplyDelete
    Replies
    1. බලන් වරෙන් ගිහින්... :-)

      Delete
  74. මේ අභිතය අයියගෙ පෝස්ට් එකෙන් වාශප වෙච්ච කමෙන්ට්ස් ටික. හුදී ජනයාගෙ පහන් සංවේගය පිනිස මම ඒව සේවු කොරගත්ත නෙව.

    -----------------------------------------------------------------------
    රමේෂාJuly 18, 2012 4:34 PM

    මිනිස්සු තමන්ගේ විවේචන ඉදිරිපත් කරන්න ඕන අදාළ බ්ලොග් එක ඇතුළේ ඊට අදාළව පමණයි කියන මතයේ මමත් ඉන්නවා.. ඒකට දෙන්න පුළුවන් හොදම උදාහරණය මම රජාගේ ලිපියකට විවේචනයක් මගේ බ්ලොග් එකේ ඉදිරපත් කළා. සෑහෙන්න වුන් ‍ඒකට උන්ගේ මත පළ කළා. විවේචනය කළා. ඊට පස්සේ මම අම්මා ගැන අලුත් පෝස්ට් එකක් දැම්මා..ඒකට රජාගේ ලිපිය විවේචනය කරලා මම ලිව්ව පෝස්ට් එකට මගෙත් එක්ක තදට විවේචනය කරගත්ත වර්ණා,තරියා,කවුළුව ඇවිත් කමෙන්ට් කරලා ගොඩක් විවෘතව උන්ගේ අදහස්. ඒකෙන් මම කියවගත්ත දේ බ්ලොග් පෝස්ට් එකකට විතරක් තමන්ගේ විවේචනව ඉදිරිපත් කරන ඒවා ඊට පස්සේ පුද්ගලික වෛර බවට පත් කරගන්නේ නැති උන් ඉන්නවා කියලා..

    ඒ නිසා ඇත්තටම වෙන්න ඕන ලිපියකට විවේචනයක් කරාම ඒ බ්ලොග් එකේ තමන්ගේ විවේචනය එළියට දාන එක මිසක් ෆේස් බුක් කැම්පේන් වලින් පබ්ලිසිටි දෙන එක නෙමෙයි.කවුරුන්හෝ කුහකයෙක් සහ හීනමානයෙන් පෙළෙන එකෙක් ඌ‍ෙ ආතල් ගන්න හදපු ඇනෝ ආතල් බ්ලොග් එකෙත් මිනිස්සු එක එකා එක්ක තියන පුද්ගලික කුහකකම් පිටකරගන්නවා. ඒ වගේ ඇනෝ බ්ලොග් කොන්දක් නැති සහ තමන්ගේ විවේචනය කෙලින් ඉදිරිපත් කරන්න බැරි එවුන් ගොඩක් කැමැත්තෙන් ප්‍රයෝජනයට ගන්නවා.. උඹේ ලිපිය එක්ක මම එකගයි.. එකම දේ උඹේ බ්ලොග් එකට ඕනම ඇනෝ කෙනෙක්ට ඇවිත් ලිපියට අදාළ නැති උන්ගේ කුහකත්වය පිට කරගන්න පුළුවන් කම තියෙන එක විතරයි..උඹ කිව්වහම ඇනෝලට සභ්‍යත්වයෙන් හැසිරෙන්න කියලා උඹ හිතනවාද උන් ඒක ඒ විදියටම කරයි කියලා???
    Reply
    ---------------------------------------------------------------------------------

    රමේෂාJuly 18, 2012 5:26 PM

    මේ ඇනෝට දෙන්න තියෙන්න මෙහෙම උත්තරයක්. අපේ බ්ලොග් අවකාශේ මෙතෙක් වැඩිපුරම දැකලා තියෙන්නේ ගොං චූන් විතරයි.ඒ නිසා විවෘතව හිතන නිදහසේ හිතන උන් දකින්න අමාරුයි. අන්න ඒ නිසයි මම මෙතනිදි නම් එක්ක ම‍ගේ අදහස ඉදිරිපත් කරේ. ඒ නිසා මේ ඇනෝ මගේ සිතීම ගැන ඒ තරම් වද වෙන්න එපා. කරුණාකරලා මාව විවේචනය කරන්න නමින් මගේ බ්ලොග් එකට එන්න. මෙතන අපි කථා කරන්නේ අභීතගේ බ්ලොග් පෝස්ට් එක ගැන මිසක මගේ ගැන නෙමෙයි.
    -----------------------------------------------------------------------------

    රමේෂාJuly 18, 2012 5:43 PM

    ඇනෝ වුනත් කමෙන්ට් එකක් දාන්න කලින් ටිකක් හිතලා දාන්න. ඇනෝලට උත්තර දෙන්න කිසිම කැමැත්තක් නැති වුනත් මේ අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නම ඕන කියලා හිතුනා.

    1) රැඩිකල් සහ සාම්ප්‍රදායක කියන එකේ තේරුම මුලින්ම මේ ඇනෝ ඉගෙන ගන්න
    2) මලක් ගැහුවහම බිව්වහම රැඩිකල් වෙනවද?
    3) මේ ලෝකේ මල් ගහන , බොන උන් ඔක්කොම රැඩිකල්ද ?

    ‍මම මගේ බ්ලොග් එකේ එක තැනක කියලා තියනවා රැඩිකල් කියලා මිනිස්සු නෑ. ඉන්නේ බොහෝම සාම්ප්‍රදායික, සාම්ප්‍රදායික බව හංගගෙන පෙනී සිටින හා රැඩිකල් හා සාම්ප්‍රදායිකත්වයේ මිශ්‍රණ විතරයි.. මම කියන්නේ රැඩිකල් වත් සාම්ප්‍රදායිකවත් කෙනෙක් නෙමේ.. ?? මිනිස්සු මලක් ගහන්නේ බොන්නේ විනෝදෙට හා ඒක විදින්න මිසක් ප්‍රතිරූප වෙනස් කරගන්න නෙමේ. ඒ නිසා ගොං පාට් දානකොට දෙයක් හරියට දැනගෙන අදාළව ගොං පාට් දාන්න. නිකං පුංචි එවුන්ගේ සිගිත කථා දාන්න ඇනෝ ඇවිත් දුක් විදින්න එපා.
    ---------------------------------------------------------------------------------

    ReplyDelete
  75. ---------------------------------------------------------------------------------
    රමේෂාJuly 18, 2012 10:36 PM

    මෙතන කොන්ද පණ නැති පුද්ගලික අපහාස කරන ලිංගික අසහනකාරයින්ට කමෙන්ට් කරන එක තේරුමක් නෑ.ඒ නිසා මෙතන ඇනෝ කමෙන්ට් දාගෙන ඉන්න අභීතට කියන්න දෙයක් තියනවා..උඹ හිට්ස් ගන්න හරි මොන මගුලකට හරි ඇනෝ දාගෙන ඒ ඇනෝලට ඕනම කෙනෙක්ට පුද්ගලික කුහකකං එළියට දාගන්න ඉඩක් දීලා තියනවා.එතකොට ඇනෝනිමස් ආතල් වගේ බ්ලොගුයි උඹගේ බ්ලොග් එකෙයි වෙනස මට තේරෙන්නේ නෑ. එක්කෝ මේ වගේ ඇනෝ වලි වලින් උඹ පට්ට ආතල් එකක් ගන්නවා..එහෙමත් නැත්නම් උඹම ඇනෝ කමෙන්ට් කරලා ඒ වලි තවත් පත්තු කරනවා. ප්රආතිපත්තියක් විදියට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකට අදාළ නැතුව එක එක්කෙනාගේ පුද්ගලිකත්වයට අපහාස කරලා කමෙන්ට් කරොත් ඒවා පබ්ලිෂ් කරන්නේ නෑ. එහෙම ආපු කමෙන්ට් අතරට උඹට බැනලා ආපු කමෙන්ටුත් තිබුනා කියලා මං හිතන්නේ මීට කලින් උඹට මම කියලා ඇති. කොන්දක් සහ ප්රාතිපත්තියක් ඇතුව එහෙම කරන නිසා මගේ බ්ලොග් එක පුද්ගලික අපහාස වලට විවෘත වෙලා නෑ. උඹට උඹේ පෝස්ට් වලින් ‍තේරුමක් නැතුව එක එකාට අපහාස කරලා දාන ඇනෝ කමෙන්ට් නතර කරන්න තරම් කොන්දක් හා උවමනාවක් නැති කමින් මට තේරෙන්නේ උඹ කැමතියි උඹේ බ්ලොග් එකෙන් ඕන එකෙක්ට අපහාස කරලා දාන කමෙන්ට් දාලා කමෙන්ට් ප්ර මාණය වැඩි කරගන්න. අනිත් එක උඹ කැමතියි ඒ මාර්ගෙන් ඇතිවන වලි වලින් හිට්ස් වැඩි කරගන්න.. ඒ නිසා ඕන එකෙක්ට ඇවිත් ඕන එකෙක්ට ඇරලා යන්න පුළුවන් කම තියෙන උඹේ බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් කරොත් ආපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පුද්ගලික මඩ ගැසීමක් විතරයි. මෙතනින් එහාට ඇනෝලගේ පුද්ගලික කුහකත්වය හා අසහනය පිට කරගන්න ඉඩ දෙන එක උඹේ කැමැත්ත.ඒ ගැන ප්ර ශ්ණ කරන්න මට අයිතියක් නැත්තේ මේක උඹේ බ්ලොග් එක නිසා.. ඒ වුනත් එක වේසිගේ පුතෙක්ට වත් අදාළ නැතුව උන්ගේ කුහකත්වය පිට කරගන්න ඉඩක් දෙන බ්ලොග් ඔක්කොම ඇනෝනිමස් බ්ලොග් ගණයට දාන්න පුළුවන්..
    මම ලියන ඒවල ගෑනු පිරිමි කමක් හොයන්න බැහැ සහ මගේ බ්ලොග් පෝස්ට් වලින් මම අසහනයෙන් පෙළෙනවා සහ එකී මෙකී නොකී කථා කියන ඇනෝලට මට දෙන්න තියන එකම උත්තරය ඔය වගේ කමෙන්ට් කරලා මට රිදෙනවා සහ මම ඒකීට මාර කමෙන්ට් එකක් දැම්මා කියලා හිතනවා නම් ඒක මහා විහිළුවක්.අභීත ඔයාගේ පෝස්ට් එකෙන් අදහස් කළේ මොකක්ද සහ ඒකට ඇවිත් තියන ඇනෝ කමෙනට් කියවලා බලන්න. ඔයාට ඇත්තටම ඒ වගේ ඇනෝලා ඇවිත් තමන්ගේ බ්ලොග් පෝස්ට් වලට අදාළ නැති පුද්ගලයින්ට පහත් විදියට කුහකකමින් අපහාස කරනකොට ඒ ඇනෝ කමෙන්ට් අයින් කරලා දාන්නේ නැතුව ඒවලින් ආතල් එකක් ගන්න සහ ඕන විදියට පුද්ගලයින්ට අපහාස කරන්න ඔයාගේ බ්ලොග් එකේ ඉඩ දීලා තියෙන එක ගැන මට කණගාටුයි.මට උඹත් එක්ක පුද්ගලික කිසිම අවුලක් නැති බවත් උඹ දන්නවා. ඒත් මේ පොන්න වේසිගේ ඇනෝලට උන්ගේ ස්වයං වින්දනය කරන්න උඹේ බ්ලොග් එක වේස මඩුවක් කරලා තියෙන එකට මම තදින්ම විරුදධයි..
    ----------------------------------------------------------------------------

    හලී හුරතල් භාශාව නේද මෙයා. අනුවර්තනම් වලින් ඉදගෙන නියම නමින් ඉන්න එවුන්ට කියන්න තියන සේරම කුනුහරුප වලින් බෑනල බ්ලොග් පෝස්ට් ලියල අනිත් පෑත්තට ඈනෝල උත්තර දෙනකොට ඈනෝලා

    /පොන්න වේසිගේ ඇනෝලට උන්ගේ ස්වයං වින්දනය කරන්න/

    ඉහත කෑටගරියෙ.:P හෑබෑයි පෝස්ට් එක ලියපු එකී පත්ත්නි අම්මා :D
    එයාට බනින්න හොදයි. ඈනෝලා විවේචනය කරන එක වෑරදියි. එයා පවු නේද. එයාගෙ සෝම පානය කරන ලලිතකලා සිත ගොඩාරියක් ඌව වෙලා වගෙ.

    ReplyDelete
  76. රංග - මගේ ලෝකයJuly 18, 2012 10:56 PM

    බ්ලොග් අවකාශයේ වලි ඇතිවෙන එක අද ඊයෙ උන දෙයක් නෙමෙයි. ඒක එදා ඉඳන් තිබුන දෙයක්. සිංහලෙන් ලියන බ්ලොග් ප්‍රමාණය වැඩිවීමට සාපේක්ශව මත ගැ‍ටුම්වලත් වැඩිවීමක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒත් ඒ කාලෙ වලිත් අදකාලෙ වලිත් අතරෙ මට නම් පේන්න එකම එක ලොකු සාධකයක් තියෙනව. ඒ තමා අභීත.

    මතවාදීමය වශයෙන් මමත් දිල් අතර පෝස්ට් වලින් ගැ‍ටුමක් ඇති උනා. ඒකෙදි මම කියන දේට එකඟ වෙන අය වගේම දිල් කියන දේට එකඟවෙන අයත් හිටියා. ඒ ගින්න නිවුනම ඒකෙන් සුරුට්‍ටු පත්තු කරන්න අභීත පෝස්ට් එකක් දාල ආයෙත් වේලීගෙන යන තුවාලෙ පෑරුවා.

    ඒකෙදි මගේ නම ගෑවනු නිසා මමත් ඒක මැදට පැනල කමෙන්ට් කරලා කතාව තවත් දුරදිග ගියා. මොකද මගේ නම ගෑවිලා කමෙන්ට් යද්දි මම වෙනුවෙන් මම පෙනී ඉන්න ඕනෙ කියල හිතුන නිසා. මේකෙදි ඇතිඋන කතා බහ නිසා දිල් තමන්ගෙ බ්ලොග් එක වහල ගියා.

    දිල් බ්ලොග් එක වහපු එකවත් ඒ ගිය වලියෙ තිබුන සදාචාරාත්මක බවවත් මම ප්‍රශ්න කරන්නෙ නෑ. නමුත් ඒ ඔක්කොටම මග පෑදුවෙ අභීත හිට්ස් කමෙන්ට්ස් වලට තියෙන කෑදරකම නිසා කියන එක නම් අදටත් ඒ පෝස්ට් එක බලන ඕනෙම කෙනෙක්ට දකින්න පුලුවන්.

    මේ දවස්වලත් බ්ලොග් අවකාශයේ මමත් රමේෂත් ඇතුලු කිහිප දෙනෙක්ගෙ මත ගැ‍ටුම් උනා වගේම ඒව ඒ ඒ අදාල පෝස්ට් වලට පමනක් සීම උනා. ඒත් ගිය සැරේ වගේම අභීත ආයෙමත් වැහිල තියෙන කුණු ගොඩක් ඇදල අරගෙන බ්ලොග් අවකාශෙම ගඳගස්සන්න හදන බව මේ පෝස්ට් එකෙන් සහ වැටිල තියෙන කමෙන්ට්ස් වලින් පේනවා.

    බ්ලොග් එක උඹේ. ලියන්න උඹට ඕනෙ දේ. ඒත් මෙහෙම ප්‍රශ්න අවුලවන ගමන් උඹ බ්ලොග් අවකාශේ වෙනුවෙන් පෙනී ඉන්න හදනව නම් ඊට වඩා විහිලුවක් තවත් නෑ.
    Reply
    --------------------------------------------------------------------
    ඕං බලාපල්ලකො ඒකෙත් හෑටි. ගෑනි රජාට බෑන්න එකේ වරදක් එතුමාට පේන්නෙ නෑ. පරන කුනු අවුස්සපු එක විතරයි වරද.

    /මත ගැ‍ටුම් උනා වගේම ඒව ඒ ඒ අදාල පෝස්ට් වලට පමනක් සීම උනා./

    ඔවු නේන්නං. අපි ඒවයෙ දාන කමෙන්ට්ස් එකක් වත් පබ්ලිශ වෙන්නෙ නෑතිකොට ගෑටුමක් කොයින්ද.කඬේයන උන්ගෙ ඒව වතරනෙ පබ්ලිශ වෙන්නෙ. මාර තියරිය.

    කට්ටිය මෙතනින් නිධන කතාව කියව ගන්න.

    අඩෝ රජා මේව පබ්ලිශ් කොරපිය. (හොදින් කිව්වෙ)

    තොගේ ඒරියා එකට ඈඑහිත් කමෙන්ට් කලාම කන පලාගන්නෙ නෑතුව පබ්ලිශ් කරපිය. (නරකටත් කිව්වා ඕං)

    ReplyDelete
  77. ඒයි අඩවි රජා. ඔන්න ඕව අල්ලලා දාලා අලුත් පෝස්ට් එකක් ලියාපං පොඩි එකෝ. කෝ අර සිකුරාදා තර‍ඟෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මමත් මේ බලන් හිටියේ මෙදා පොටේවත් ඔටුන්න ගන්න.. කෝ රජා ඒක දැම්මේ නෑ නෙ. ඕන් හෙට ඉඳන් දවස් කීපයක් මම මේ පැත්තේ එන්න වෙන්නේ නෑ. නව තොටුපළ බලන්න පොඩි විසිටින් පාරක් දාන්න යනවා

      Delete
  78. යූ ලුක් ලයික් ශිට්. ඊස් තැට් ති ස්ටයිල් නව්???

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)