මේක නං මාරම දවසක්ය. කරුමයක් පටිසන් දුන්න දවසක්ද එහෙමත් නැත්තන් පින පලදුන්න දවසක්ද කියලා හිතාගන්න බැරිය. එක එක සිද්ධි දාමයක් එකට පැටලිලා, මිශ්‍ර වෙලා, මෙව්වා වෙලා, කම්බයින් වෙලා, අරහෙම වෙලා තිබ්බ මහා අමුතුම දවසක්ය.
උදේ පාන්දර 7ට ඇහැරුන රජා හෙමින් හෙමින් ලෑස්ති වෙලා BMICH එක පැත්තට ගාටන්න 154ක නැග්ගේය. 154 විදින්න ඕනේ කරුමය ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැත. දන්නෝ දනිතිය. මට පුට් සයිකලයක් තිබ්බානං බස් එකට කලින් එතනය. කොහොම හරි 8.45 වෙනකොට මම එතනය. අපේ අනිත් උන් එතනය. පොකුණ උඩ ඉදගත් රජා එස්එම්එස් ක්‍රියාවලිය ඇරඹුවේය. ගෑණු ළමෙකුත් උදේ පාන්දර වද දුන්නා වගේ මතකය. ඒත් නැද්ද කොහෙදය.
රජා: කොහෙද යකෝ උඹලා?
දුලියා: BMICH එක ගාව
රජා: වරෙන් යකෝ...මම පොකුණ උඩ
දුලියා: ලොල්... නෑ යකෝ අපි තාම බොරැල්ලේ...
රජා: නොදකින්...
ටිකකින් උනුත් එතනට කඩන් වැටුනේය. ඒ අළුත් සාමාජිකයෙක් සමගය. නම තෙසරුය. අද පටන් මුගෙ නමත් අඩවියේ යාවජීව වනු නියතය. ආපු ගමන් කට්ටිය BMICH එකෙ වැසිකිළි වල පුරවා Construct ප්‍රදර්ශනේ බලන්න ලෑස්ති උනේය. තාම පටන් අරගෙනත් නැත. අපි පඩිපෙලක් උඩ ඉදගෙන ඔහේ කියෝ කියෝ සිටියෙමු. 9.45ට විතර ටිකට් දෙන්න පටන් ගත්තේය. ටිකට් අරන් ඇතුලට ගිහාම මෙලෝ වන සතෙක් ඇතුලේ නැත. අද ප්‍රදර්ශනේ විවෘත කලේ අපිද කොහෙදය. ප්‍රදර්ශනේ එක තැනක තිබ්බ ටයර් කඩයක් නම් දාලා තිබ්බේ රජාට අපහාස කරන්නමය. ඒකේ තිබ්බ ටයර් මටත් වඩා උසය. අපි වටේම කැරකිලා එලියට එනකොට නං ඔන්න සූ ගාලා 100ක් විතර ඇවිල්ලා හිටියේය.
එතකොටම වගේ අශානයාගේ තාත්තාගෙන් කෝල් එකක් ආවේය. ඒ උන්ගේ කැබ් එක එනවා කියලාය. අපි කොහොමත් හිටියේ ඊලගට අළුත් වරාය කෑල්ල බලන්න යන්නය. වෙලාවට වගේ අන්කල් මාමා ආවේය. අම්මෝ... බොහෝම පෙරැත්ත කරලා කැබ් එකේ පිටිපස්සට හතර දෙනෙක් නැග ගත්තේය. ඇන්ටි නම් කිව්වේ ඕක පොලිසිය අල්ලන වැඩක් කියලාමය. පොලිසිය ඇල්ලුවොත් අපි බේරලා දෙනවා කියලා දුන් පොරොන්දුව මත අව්වේ කර වෙමින් වරයා බලා ඇදුනෙමු. යන අතරමග කට්ටිය අන්කල්ට පින් දෙන්නේය. නිකන් නෙමේය. මුළු හත්මුතු පරම්පරාවටමය.
අංකල්ව හදා වඩා ගත්තු දෙමාපියන්ට, මේ ජොබ් එක ගන්න ඉගැන්නුව ගුරුවරුන්ට, ජොබ් එක ඉන්ටවීව් කරලා තෝරගත්තු එකාට පින්සිද්ධ වේවා...කොටින්ම රජයේ වාහන වලට ජය වේවා... මේ තරම් හොද වාහන ලොවෙත් නෑ!!!!
අනේ අම්මියෝ.....ඒක බලන්න ඉන්න පෝලිම දැක්කම රජා ඇතුළු පිරිසට උණසන්නිපාතය වගේ හදුනානොගත් ලෙඩක් වැලදුනේය. ඒ තරමට සෙනගය. වෙලාවට අපි ගියේ රජයේ වාහනයකය. නිකන් වීඅයිපී වගේ සින් සින් ගාලා ඇතුලෙය. කොහොමත් වාහන වල එන උන්ට ඇතුලට යන්න පුළුවන්ය. මූදු හුලන් කාගෙන, අව්වේ පිච්චි පිච්චි , පොටෝ ගගහ පාර දිගේ ඔහේ ගියෙමු. මේක බලන්න මිනිස්සු පෝලිම් වල ඉදලා ඇවිත් ආයේ පයින් ඇවිදලා විදින දුක දැක්කහම මුළු සර්වාංගෙන්ම දුක හිතෙන්නේය. බලන්න කියලා ඇති දෙකුත් නැති තරම්ය. අර නයිටීන් එකේ කෑගගහ කියන යකඩ අස්සයෝ දෙතුන් දෙනානම් ලොකුවට පේන්න තිබ්බේය.
ඒ අව්ව නම් ඉවසන්නම බැරි තරම්ය.
තෙසරු: ගහක්වත් නැති හැටි බලහන්කෝ...
කාවින්ද: වරායේ කොහෙද යකෝ ගස්...
ගයාෂාන්: ඒ උනාට පොල්ගස් දෙක තුනක්වත් හිටවන්න තියෙන්නේ බං...@#%$ අව්වයිනේ
රජා: සිරාවට බං... අඩුගානේ තණකොල ගහක්...
වරායට ආපු තඩී නැවක් නම් අපි ලගීන් ගියේය. ඒක දිහානම් කට ඇරගෙන බලාගෙන හිටියෙමු. වෙන බලන්න දෙයක් නම් ඉතින් නැති තරම්ය. ඔහොම නෙමේ...වරාය උඩ වරායවල් ගහලා, ඒ වරාය උඩ එයාපෝර්ට් එකක් ගහලා, ඒක උඩ ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැහුවත් රජාට නම් මහ රජාව පළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.
අපි වාහනේ හරෝගෙන ආපහු ආවෙමු. හවස තියෙන T20 බලන්න කොටුවට යන්න ගලදාරිය ගාවෙන් බැස්සෙමු. දුලියා සමග තෙසරුවා කොටුවෙන් හැලුන අතර රජා,ගයාෂාන් සමග කාවින්දයා කෙත්තාරාමේ බලා ඇදුනෝය. මැච් එක පෙන්නන්නේ නිකන්ය. ආයේ මොනාද ඉතින්. ලෙසටම බලන්න Block A එකේ හොදම සීට් එකක් බලලා ඉදගත්තෙමු. ගෙනාපු බත් දෙක දිගඇරගෙන කාලා එහෙම පෙප්සියකුත් බිව්වෙමු. කාලා බීලා ඉවරවෙනකොටම ලෝක පූජිත සංගා කොළුවා බැට් එක උස්සන් අපි ඉස්සරහටම ඇවිල්ලා පුහුණුවීම් පටන් ගත්තේය. අපි වෙනකොහෙවත් බැලුවේ නැත. ඒ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. ඒ තරම් ලස්සන ෂොට්ය.
මැච් එක පටන් ගත්තේය. තරංගයා සට පට ගාලා ඕෆ් එකෙන් හතරේ ඒවා වනන්න ගත්තේය. විකට් එකක් වැටුනෙන් සංගා විකට් එකට ආවේය. ඒ වෙලාවේ ඉදන් අපි මැච් එකට බැහැලා තිබුනේය. සංගට කොහෙට දැම්මත් ෂොට් එකක් ඇත. මාරම ගතිය. හයේ ඒවා දෙක තුනකුත් බැස්සේය. සංගා දැන් 49ය.
කාවින්ද: අඩෝ සංගට 50 ගහනවා කියන එක ගේමක් නෑනේ බං....
රජා: ඔව් බං...
ගයාෂාන්: ඌ දැන් ලකුණු මැෂිම බං...
කතාව ඉවර වෙන්න උනේ නැත. සංගා කැච් එක දීලා අවුට් උනේය. සියළු දෙනෙත් කාවින්දයා පැත්තටය.
රජා/ ගයාෂාන්: මොකද්ද යකෝ කලේ....තොගෙ කට වස්ති...බලහන් උඹ කිව්වා විතරයි සංගා අවුට්. නොදකින්....
කොහෙම හරි ඕවර් ටික ගෙවිලා ගියේය. අපි ලෝක පුදුමයක් දැක්කෙමු. ඒ ටුක්ටුක්මාන්න (තිරිමාන්න) 6ක් ගහන එකය. ඒක නං මාරය. මූ අද ඇවිල්ලා තිබුනේ ලෑල්ල විසිකර බැට් එකක් අරගෙනය. අන්තිම ඕවරේදී කුලේගේ බැට්ට වැඩ කෙරුවේය. ලස්සනට 6, 4 බැස්සේය. අපිට ඇඩුනේය. අපි හිතුවේ බෝලේ අපේ ඇස් බෝල වලට කෙලවයි කියලාය. මොකද අපි හිටියේ කුලයාගේ ආක් එකේය. කොහොමහරි කදුරට උන් 159 ගැහුවේය. චේස් එක 160ය.
ගයාෂාන්: අඩෝ මැච් එක ඉක්මනට යනවා නේ බං...
කාවින්ද: ඔව් බං.... ඇඩ් පෙන්නන්නෙත් නෑනේ....
ගයාෂාන්: ඔව් නේ බං... හෑ....????
මූ නිකන් හෑ ගෑවේ පිට්ටනිය මැද්දේ වෙනදට ඇඩ් පෙන්නනවා වගේය. අම්බෝ...ඌ ඒක කියපු හැටියට අපිට මැරෙන්න හිනාය. නිකන් අර මිනියන් කෙනෙක් වගේය. උනුත් කෑගන්නේ මෙහෙමය. හෑ....??
චේස් එක කරන්න කට්ටිය පිටියට පිවිසියේය. කුලයා පැත්තට වෙලා සිගිති ආතල් එකක් ගන්නේය. මම උගෙ පොටෝ එකක් ගැහුවේය. සුපුරුදු මල් හිනවා දාලා අත වන වන මොනවදෝ කීවේය. අපිට තේරුනේ නැත. මං හිතුවේ ඌ මාව අදුරගෙන කියලාය. ඇයි ඉතින් අපේ ඉස්කෝලේ බුවානේ. තේරුනේ පස්සෙය. මූ කියලා තියෙන්නේ පොටෝව ගහන්න එපා කියලද කොහෙදය.
චේස් එකනං ගූ හතය. ඩිල්ෂාන්, කුසල්, මුබාරක් කට්ටියම පෝලිමට අවුට් උනේය. අපි බැහැලා එන්න ආවේමු. හිරිකිතම සීන් එක උනේ මෙතනය. කෙත්තාරාම එන්ඩ් එකෙන් බැහැපු අපි මාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව හොයාගෙන ගියෙමු. කෙලපන්කෝ හැලප....ඒක වහලාය. ආයෙත් මුළු ස්ටේඩියම් එක වටේට පයින් ගිහින් කෙත්තාරාම ගේට්ටුවෙන් එලියට ආවෙමු. ඊයා....ය. මේවා ඉතින් කාටවත් කියන්න පුළුවන් සිද්ධිත් නෙමේය. ඒතරම් චාටර්ය.
 |
මෙතනදී පොටෝගත උනේ ගෑණු ළමයා නොව, ඊට එහායින් පේන සචිත්‍ර කොළුවාවය. |
ප/ලි:
බුකියේ පලවූ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්
මුළු දවසක ඔහොම හතර වටේ කැරකිලා එනකොට බෝඩිමේ වතුර නැත. නාගන්නත් නැත. බොන්නත් නැත. මොකද්ද බටයක් කඩාගෙන මුළු ඒරියා එකටම වතුර නැත. පහුවදා ලෙක්චර්ස් යන්න මූණ හෝදගන්නත් වතුර නැත. ක්ෂණික කඩේකට ගිහින් ජම්බෝ වතුර බෝතයක් අරන් ආවේ හදිසි අවශ්‍යතා සදහාය. කැතම සීන් එක කියන්නේ පස්සේ දවසේ උදේය.
පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!