Showing posts with label කැම්පස් කතා. Show all posts
Showing posts with label කැම්පස් කතා. Show all posts

Thursday, July 18, 2019

ඇදුම් කඩේ - The Online Clothing Store




රජ බිසව කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ජොබක් කරන්න යන්න කම්මැලි වෙලා ගෙදර හිටියේ රෙස්ට් කරන්න ඕනෑ ගාගෙනය. දැන් අවුරුදු දෙකකුත් වෙන්න ඇවිත් එයා තාම රෙස්ට් කරනවාය. ඒ දවස් වල බිසව්තොමෝ ඔන්ලයින් ඇදුම් කඩයක් දැම්මාය. වැඩේ හොදට නැගලා යනවාය. මේ වෙනකොට 10ක පමණ සේවක සේවිකාවන් ප්‍රමාණයක් ඇය සමග රැකියාවේය. රජා ඉන්නේ හෙනම පන් එකේය. ඇයි රජා ජොබ කලාට වැඩට යන්න තෙල් ගහන්නෙත් බිසවගෙන් අරගෙනය. මට වියදමක් නැති තරම්ය. සල ලල ලා.. :P


අඩවිය කියෝන බවලත් උදවිය ගිහින් බලලා ඇදුමක් දෙකක් ගත්තාට තරහක් නැත. කොල්ලෝ ටිකත් කෙල්ලට ඇදුමක් අරන් දුන්නට එහෙම හෙන එහෙම ගහන්නේ නැත! :D :D











Facebook Page link:


ගිහින් ලයික් එකක්, ශෙයා පාරක් දාලා ගවුමක් එහෙම ගන්න ලමයි...

(මෙය මුදල් නොගෙවා බලෙන් ප්‍රචාරය කරන ලද දැන්වීමකි)



සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, November 12, 2013

කෙල්ලනේ...උඹලට එකට වැඩ බැරි ඇයි? - Dear Girls... Y U No Work Together???


අර කවුද කියනවා වගේ අපිට වෙන්නෙම මහාම මහා අළුගුත්තේරු වැඩමය.මේවා නම් පෙර කල කුසල් වල බල මහිමයෙන් අපිට හම්බෙන ඒවාය. ඒ ගැන කිසිදු සැකයක් නැත. 

මේ තාක් කාලෙකට හම්බුන අමාරුම එසයිමන්ට් එක කරලා ඉවර උනා විතරය. ඊළග සතියේ ගෘප් ප්‍රොජෙක්ට් එකක් සම්බිට් කරන්න තිබ්බේය. ඊටත් පස්සේ සතියේ තව එසයිමන්ට් එකක්ය. මේ දවස් ටිකේ නම් හිටියේ හුස්ම ගන්නවත් අමතක වෙලා වගේය. දැන් ඒ ඔක්කොම අහවර වෙලාය. බාගවිට තව අවුරුදු බර ගානකට ආයේ එසයිමන්ට් නම් කරන එකක් නැත. තව තියෙන්නේ රිසර්ච් එකයි එක්සෑම් ටිකයි ගොඩ දාගන්න එකය. එතකොට රජාත් ගොඩය. රට වස්සෝ ටිකත් ගොඩය. ;)

සාමාන්‍යයෙන් ගෘප් ප්‍රොජෙක්ට් කරලා අපිට පුරුදුය. කලින් අවුරුදු වල එහෙ මෙහෙ ක්ලාස් වල බොක්කේ සෙට් එකතු කරගෙන ඕන තරම් ගෘප් ප්‍රොජෙක්ට් ලස්සනට ගොඩ දැම්මේය. කාටවත් අසාධාරණයක් උනේ නැත. ලස්සනට හැමෝටම වැඩ බෙදිලා යන්න කට්ටිය වැඩ බාරගත්තේය. 

ඒත් සමහර වෙලාවට සමහර අමුතු ගෑණු උදවිය ගෘප් වලට වැටෙන්නේය. ඒ අර අපේ පෙර කල කුසල් බල මහිමයන්ය. එහෙම උනාම හෙනම අවුල්ය. ගෘප් ප්‍රොජෙක්ට් කරපු උන් මේ ගැන ලෙසටම දන්නේය. අනිත් උන්ගේ වැඩත් එයා බදාගෙන, අන්තිම මොහොත වෙනකන් තැටමුවාය. ඒක නිකන් අර මොනවද බර හැදිලා පිට්ටනිය හෙව්වා වගේ සීන් එකක්ය. අන්තිම මොහොතේ පිට්ටනිය හොයාගෙන දුවන්න ගිහින් පාර දෙපැත්ත හිටපු උන්ටත් ඩෙටෝල් ගාගෙන නාන්න උනේය. 


එසයිමන්ට් එක සබ්මිට් කරන්න උනේ අන්තිම මිනිත්තුවේය. 4ට ඊ සබ්මිෂන් ලින්ක් එක සුද්දා අතුරුදහන් කරන්නේය. අපි දෙනකොට 3.58ය. ඒ වෙලාවෙත් අනිත් උන් කරපු ඒවාටත් එයාගේ නම දාන්නලු. නැත්තන් එයා කරපු ටික අයින් කරගන්නවාලුය. එයාට අපිට වඩා වැඩිපුර ලකුණු ඕනෑලුය. මේක ගෘප් ප්‍රොජෙක්ට් එකක්, ලකුණු හම්බෙන්නේ ගෘප් එකට මිසක් වෙන වෙනම නොවේ කියන එක එයාට කොච්චර කීවත් තේරෙන්නේ නැතිලුය. අන්තිමට එයා කියන දේ අපිට කරන්න උනේය. 

කොල්ලෝ, කොල්ලන්ට බොක්ක දෙන්න හිටියට...කෙල්ලෝ, කෙල්ලන්ට එහෙම නෑ කියලා ඉස්සර ඉදන් දැනන් හිටියේය. ඒත් මේ තරම් ආත්මාර්ථකාමී, දුෂ්ඨ කුප්ප අදහස් තියෙනවා යැයි නම් දැනගත්තේ එදාමය. අපිට නම් එපාම වෙලා ගියේය. අවසානයේ ඔය මොකද්ද එක අමුණලා දීලා ලයිබ්රි එකේ තිබ්බ මොඩල්ස්ලා ඉන්න මැගසින් එකකුත් බලලා කට්ටිය සතුටින් විසිර ගියේය. 

මේ ඊයේ පෙරේදා එසයිමන්ට් ඉවර වීමේ සතුටට නුගේගොඩ පැත්තේ පොඩි පාටියක් දැම්මේය. ඕකෙදි එකෙක්ට කෙල්ලෝ ගැන උපදෙස් දෙන්න ගිහින් අපිට එහා පැත්තේ හිටපු පොශ් ආච්චි කෙනෙක් ඕක අහගෙන ඉන්න බැරිවද කොහේදෝ එතනින් නැගිටලා යන්න ගියේය. NSBM එකේද කොහෙද පිස්සු හැදෙන කෑලි එතනින් එහෙට මෙහෙට යන්නේය. කට්ටියම ඒක දිහා බලාගෙනය. 

එකෙක්: අන්න කෑලි නම් කෑලි...

රජා: මූ මචන් හොයන්න ඔය වගේ සුපිරි එකක්...

අනිකා: උඹට මේ කපේ නම් කෑල්ලක් දාගන්න වෙන්නෑ...

ඌ: අම්මා හොයලා දෙන එකක් බදිනවා බං....

අනිකා: මූ බදී ඉතින් පෙට්ටි කැඩිච්ච හුචක්කුවක්... යකෝ මේ අහපන්.... කෙල්ලෙක් දාගන්න ලස්සන ඕනේ නෑ. උඹට ලස්සනත් තියෙනවා. ඒත් කෙල්ලෙක් නෑ, පොඩ්ඩක් උඹම හිතපන් ඒ ගැන.

මෙතන ඉන්න හැම එකාට කෙල්ලෙක් ඉන්නවා. දැන් කීයද උඹට වයස?

ඌ: 24යි..

අනිකා: බලපන් ඉතින්...පොඩ්ඩක් හිතහන් බැදපු දවසට කෙල්ලගේ පෙට්ටිය කැඩිලා උඹේ නූල කැඩිලා නෑ.. කෝමද තත්වේ??

ඔන්න ඔය පාට් එක කියනවාත් එක්කම එහා ටේබල් එකේ ආච්චි එක පාරටම නැගිට්ටේය. අපිටත් මීටර් උනෙ එතකොටය. නිකන් රෙදි ගැලවුනා සේ දැනුනේය. අපි හිනාවෙච්ච පාරට ඉස්සරහා ටේබල් එකේ සුද්දෝ ටිකත් තෝන්තුවෙලා ගියේය. විලි හැත්තෑවය. රජා අර හෙන උස කෝක් එකේ පියන ඇරලා ඒකට බැහැලා වහගන්න හැදුවේය. තව එකෙක් වීදුරුවේ ඔළුව ගහගන්නේය. එක විකාරයය. :D :D


අන්තිමට නිකන් දුන්න කෝක් මග් එකත් බෙදාගන්න බැරුව දැගලුවේය. එකාට එක ගානේ දීලත් ඒක බෙදාගන්න බැරුව දගලනවාය. රජා බොහොම අමාරුවෙන් ඒක උදුරගෙන අරන් ආවේ දැඩි චාටර් වීම හමුවේය. මූ දැන් ඕක අරන් ගිහින් කැබිනට් එකේ දාලා තියෙනවලු අරකය මේකය. ඕක කෙංගෙඩියක් කියාගන් කියලා තාලෙට වචන දෙකකුත් කියලා රජා කොටුව බලා ඇදුනේය. 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, October 24, 2013

කුප්පියකට නයිටක් ගහන්නේ කෙසේද?? - The Most Easiest Assignment Ever!!!


ඔය හිටපු ගමන් තියෙන නිදහස් ෆන් කාලය නැත්තටම නැතිවී දූරිම්භූත වී යන්නේය. ඒ වෙලාවට ඉතින් අර ජොලියේ හිටපු වෙලාවත් එක්කම එපා වෙලා යන්නේය. එක සැරයක් ත්‍රිකුණාමලේ සරණාගත කදවුරක් ගහන්නට ගිහින් කොහෙදෝ මන්දා ඉරා ගත්තේය. ඒවා මේවා ඉවරකරගෙන සම්භාව්‍ය ලෙස ඉදිරියට යද්දී ස්ට්‍රක්චරල් මොඩුයලය අපිව විනාස කරන්නට ආවේය. පණ්සිය පනස් ජාතක පොත වගේ EURO කෝඩ් පොත බදාගෙන ලෙක්චර්ස් යන්න වෙලා තියෙන්නේ අර ඒ ලෙවල් කරන කෙල්ලෝ ටියුට් මිටිය පපුවට තුරුළු කරන් යනවා වගේය.

මේ තාක් කාලෙකට ආපු අමාරුම එසයිමන්ට් එක මුහුණ දීමට අපිට සිදුවිය. උගන්නන්නේ පේරා ලෙක්චර් කෙනෙක්ය. මේක අඩුම තරමේ පේරා සිවිල් උන්ටවත් දෙන්නේ නැති තරමේ අමාරු එකක් යැයි පොර කිව්වේය. මං හිතන්නේ මිනිහටත් මේක අමාරු වෙලාද කොහෙදය. අපි අහන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නෙත් නැත. ඔන්න ඔය වෙලාවට ඉතින් සුද්දගේ ආච්චිට...........හුරුල්ලෝ අරන් දෙන්න හිතෙනවාය.  හුරුල්ලෝ අරන් දෙන්නේ මේ දවස් වල උන් හෙන ගණන් නිසා මිස වෙන මොකටවත් නොවේය. 

අපි ඉතින් ස්ට්‍රක්චරල් එක්සෑම් වලට 100න් 100ම ගත්තු කොල්ලෝ උනාට... කොච්චර ට්‍රයි කලත් මේක නං හදාගන්නම බැරිය. දවස් දෙක තුනක් සෙට් උනත් එක්කෝ කැම්පස් ඇවිත් ෆිල්ම් බලනවාය. නැත්තන් වෙන මොකක්හරි වැඩක්ය. අර කලින් දවසකුත් කිව්වා වගේ අපිට වෙන්නෙම මහා නොහොඹිනා වැඩය. සම්බිට් කරන්න දවස් 2කට කලින් උදේ පාන්දර වැඩේට සෙට් උනෙමු. උදේ ඉදන් ගාන හදනවා හදනවා ඉවරයක් නැත. සමහරු පණ දා ගෙන ටයිප් කරනවාය.  ඔය දාගෙන ටයිප් කලාට තාම එසයිමන්ට් එකෙන් 5% වත් ඉවර නැත. ඒ ටයිප් කරන්නේ Introduction එකය. වෙලා තියෙන්නේ තාමත් නිකන් මේක ලත් තැනම ලොප් වෙලා වගේ සීන් එකක්ය. 

කොහොම හරි හවස 5ට විතර ළකුණු හම්බෙන පාර්ට් එකේ ගාන හදන්න ගත්තෙමු. A4 කොළ බලාගෙන ඉද්දී ඉවර වෙනවාය. ඒ අස්සේ කම්මැලි කමට ලැප් වලින් සින්දුත් දාගෙනය. ඒකත් මහ අමුතු ක්‍රමේකටය. එක සින්දුවක් ඉවරවෙනකොට අනිත් සින්දුව දාන්නේ වෙන එකෙක්ය. දුලියා, රජා සමග මඩයා මේ සත් ක්‍රියාව වෙනුවෙන් සින්දු වලින් දායක උනේය. හැබැයි හොද සින්දු මික්ස් එකක් නම් නොලැබුනාට සැකයක් නැත. 

ඇරඹුමම ලොප් වෙලා!!!
ඔය අස්සේ මඩයට, අර දුව දීගෙක යන සින්දුවක් මතක් වෙලා ඒකම කියෝනවාය. ඌට ඒකේ මුල් පද ටික අමතක වෙලාය. ටයිප් කරන එක පැත්තක තියලා ඒක හොයනවාය. විනාඩි කීපයක් දගලලා දගලලා ඒක හොයාගෙන හෙන හයියෙන් ඇහුවේය. සින්දුව “එදා මෙදා තුර“ එකය. 

8.30 විතර උහුලගන්න බැරි බඩිගින්නක් ආහු හෙයින් කට්ටියම කෑම කඩයක් හොයාගෙන එළිබැස්සෙමු. කඩේ හලාල් රහිතත් විය යුතුය. ගල්කිස්ස හන්දියේ සිංහල කඩයක් හොයාගෙන ගියෙමු. සෑම සියළු දෙනාගේ එකගතාවය මත කොත්තුවලට වග කියන්න ගත්තේය. හැමෝම වගේ එක මස් ජාතියකින් කද්දී කාවින්දයා විතරක් අමුතු මස් ජාතියක් ඕඩර් කලේය. අන්තිමට අතුරුඵලය උනේ ඌට වැඩිපුර අතින් කයිට් උන එකය. හැබැයි කොත්තුව නම් පට්ට පජාතය. කොත්තු කෑලි තාම අමුය. 

කට්ටිය මූණ අතපය හෝදන්න යන්නේ කාලා එහෙම ඇවිල්ලාය. ඒ අපේ උන්ගේ හැටිය. ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය. ඔන්න එකෙක් එක පාරටම පශ්චාත් පොරෝ පාර එළියේ දාගෙන ලැබ් එකෙන් එලියට දිව්වේය. රජාගේ කැමරාව ඔය වගේ සිද්ධි ඔටෝ ඩිටෙක්ට් වන “පැපරාසි ඩිටේක්ෂන්“ මෝඩ් එකකින් සමන්විතය. ටික් ගාලා ඒවා වීඩියෝ ගත වන්නේය. පහල වීඩියෝවේ සිද්ධිය ඇත. 

ඔය දිව්ව එකාම ටික වෙලාවකින් ලැබ් එක ඇතුලට ආවේය. 

ඌ: බලහන් හැකියාව.... ජොකා තෙමන්නේ නැතුව නෑවේ....

අපි: සිරාවට??? 

ඌ: හෙළුවෙන් නෑවේ ඕයි...

වොශ් රෑම් එකේ ෂවර් එක තියෙන්නේ එළියෙය. මූ නාලා තියෙන්නේ එළිපිටය. බැරිවෙලා හෝ සික්කා ආවානම් වෙන්නේ මල ජූලියක්ය. අපිට අහිංසක කොළුවෙක් අහිමිවෙනවාය. :D :D ඇයි ඒ විතරක් නම් කමක් නැත. කොත්තුවේ ආනිසංශ හැමෝටම ලැබෙමින් තිබී ඇත. එකෙක්වත් සද්ද නැත. අඩෝ ඊයේ කොත්තුව අප්සට් යැයි කියන්නේ පහුවෙනිදාය.

කොහොමහරි ඔය සිද්ධිදාමයක් අස්සේ ගාන හදලා ඉවරවෙනකොට පාන්දර 4.30ය. එහෙම්මම ලැබ් එකේ ප්‍රොජෙක්ටරේ ගහලා හෝල් එකේ වාගේ WHITE HOUSE DOWN බලන්න ලෑස්ති උනා විතරය. කරුමේ කියන්නේ අටමගල් මැෂින් එකේ සවුන්ඩ් වැඩ කරන්නේ නැත. හෙන ට්‍රයි එකක් දුන්නද හරි ගියේම නැත. ඔක්කොම පැත්තක දාලා පොඩි ඇලට් එකක් දැම්මෙමු. 

පාන්දර 5ට විතර කට්ටිය විසිර ගියේය. රජා, අමිල අයියා සහ කාවින්දයා කොටුව පැත්තට ආවේ 5.45 වවුනියා ට්‍රේන් එක අල්ලගන්නය. මග දිගට එනකම්ම බස් එකේ දැපලාය. හම්මෝ....ට්‍රේන් එකේ හෙන ගහන්න සෙනගය. මොකද එදා දවස් 3ක නිවාඩුව හම්බෙන දවසය. මදැයි කොලා...ආවේ හොදට කෝච්චියේ බුදියගන්න හිතාගෙනය. සිද්ධ උනේ මීරිගමට එනකන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා එන්නය. සීතල හුලං පාර වදිද්දි නින්ද නොගිය ටික විතරය.

ගෙදර ඇවිල්ලා කලේ MAN OF STEEL බලපු එකය. ලෝඩ් පකීර් වගේ නයිට ගැහුවට මොකද දැන් නිකන් බල්ලට වගේ නිදි මතය. සුපර් මෑන් ගහගද්දි මට නින්ද ගියේය. කවදා වෙච්ච සීන්ද? එහෙම්මම නිදාගෙන ආයේ ඇහැරෙනකොට හවස 6ය. ආයෙත් පාන්දර 1 වෙනකන් හදපු ගාන ටයිප් කලේය. ආයේ පාන්දර 5ට ලෙක්චර්ස් ගියේය. ආයේ එදාම පාන්දර 2 වෙනකන් එසයිමන්ට් එක සම්පූර්ණ කලේය. ආයේ පාන්දර 5ට ලෙක්චර්ස් ගියේය. එහෙම යනකොට එදා ලෙක්චර්ස් කැන්සල් කරලාය. අපිට නේද....... ඌරු ජුවල් ඩෙවල් දාලා වගේ තද උනේය. ශුද්ධ සිංහල පන්තියක් ආරම්භ උනේය. ඇයි යකෝ ගෙදරට වෙලා බුදිය ගන්න තිබ්බ වෙලාව නේද මෙහෙම විනාස කරලා දැම්මේ???

අපි එසයිමන්ට් කරන හැටි ගැන රජාගේ බටු කැමරාවෙන් කරපු වීඩියෝව:




ප/ලි:

පස්ස එලියේ දාගෙන දුවන එකාගේ දැඩි ඉල්ලීම මත කොටු කොටු දමන්නට සිදුවිය. මට ආයේ කෙල්ල මෙහෙම එන්න දෙන්නේ නැති වෙයි බං... අනේ එපා බං..... මට චාටර් වෙන්න වෙන්න වෙනවා බං...හයියූ මට ඉතින් දුක හිතුනේය.

වීඩියෝව බලපු අපේ අම්මා, හාපෝ.....මේ ළමයි බ කන්නේ නිකන් හිගන්නෝ වගේ යැයි කීවේය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය...

හැබැයි මොනවා තිබුනත් රෑ වෙලා එක ජාතියක් මිස් වෙලා මුලු දවසම වෑඩක් නෑ වගේය!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, September 30, 2013

රසම මැල්ලුම් කොළ හැදෙන තැන ඇතුළු ඉල ඇදුන සැර සීන්


අපි කැම්පස් එකේ බත් කන හැටි සහ MBA ලොකු ලොකු ඇන්ටිලා හූල්ලන හැටි ගැන මේ බොගේ තුන් හතර පාරක් විතර පෝස්ටු වැටිලා ඇතිය. ඒවා ඒ තරමට දෑසට සුන්දර කන්කලු දසුන්ය.





බැරිවෙලා හෝ ඔය ගේන බත් එකක කුකුලෙක් හිටියොත් ඒ උගේ ජීවිතයේ ඛේදජනකම මොහොතය. මරද්දී දැනුනාට වඩා වේදනාවක් ඌ බත් එක උඩදී විදින්නේය. කුකුල් අංශුමාත්‍රයක් හොයාගන්න හෙනම ගේමක් දෙන්න ඕනෑය. ඒත් සමහර වෙලාවට කට්ටක්වත් නැත. වෙනදා වගේම එදත් කැන්ටිම මැද්දේ කෑමකට අපි සෙට් උනේය. එකෙක්ගේ බත් මුලේ කොළ මැල්ලුමක්ය. මැල්ලුම හොදට තිබුනේය. ඒත් කට්ටිය වැඩිය කන්නේ නැත. බත් එක ඉවර වෙලා රජයි, දුලියයි මැල්ලුම් ටික ටික අහුල අහුල කන්නේය. ඒ අතර තුර,

දුලියා: යකෝ...මැල්ලුම් කාපල්ලා...මොනවා උනත් අපේ ඔෆිස් එකේ දෙන මැල්ලුම තරම් රහ මැල්ලුමක් නෑ බං...

කාවින්ද: එහෙනං ලැට් එක ගාවින් කඩන ගොටුකොළ වලින් වෙන්නැති හදන්නේ...

හම්මෝ......!!! අන්තිම බත් කට හප හප හිටපු උන්ට ගිලගන්න හම්බුනේ නැත.  හිනාවෙන්න ගිහින් කටේ තිබ්බ ඒවත් ආපහු බත් එකට විසිඋනාද කොහෙදය.

බත් කාලා එහෙම ඉවර වෙලා ආපහු වට මේස සාකච්ඡාවක්ය. ඔය අතර තුර අපේ ඩිග්‍රිය ගැන පොඩි කතා බහක්ය. ඕක ඉවරවෙන්න තියෙන්නෙත් තව මාස තුනක් වගේ කෙටි කාලයක්ය. A/L ඉවරයි කතාව ඉවර උනෙත් ඔය කාලෙදිමය. ඕක ගැන කතාවක් ඇදිලා ආවේය. 

මඩයා: අඩෝ A/L ඉවරයි, ඉවරයි නේ බං...

රජා: ඔව් යකෝ... දැන් බලන්න එකකුත් නෑ..!

කාවින්ද: මොකද කියන්නේ... අපි ගහමුද ඩිග්‍රිය ඉවරයි කියලා එකක්??? 

රජා: බුහහහා.... ආතල් සීන් ටිකක් දැම්මැකි හැබැයි.. ^_^

මේ ලගදි හවස් වරුවක අපි ඔෆිස් එකට ගියේ අඩු වෙච්ච ටියුට් වගයක් පොටෝකොපි කරගන්නය. ඒ අස්සේ සුභ ආරංචියක් අරන් ආවේ කොඩිනේටර් අක්කාය.

අක්කා: ආ...ඔන්න ඔයාලව යවනවා අළුත් තැනකට. ලෙක්චර්ස් ඔක්කොම එතන තියෙයි. බේස්මන්ට් කාර් පාක්.. ලොකූ....හෝල්ස්. නියමයි තැන.

දුලියා: ඒ කොහෙටද? 

අක්කා: ගල්කිස්සේ ඔඩෙල් එක ගාව ලොකු බිල්ඩිමක්... 

දුලියා: වයි ෆයි දෙනවද?

අක්කා: ඔව් ඔව්... ඔක්කොම ෆැසිලිටීස් තියෙනවා...

දුලියා: එතකොට කැන්ටිම???

අක්කා: කැන්ටින් මොකටද? එහා පැත්තේ Casserole එක. මෙහා පැත්තේ Family Super එක. 

රජා: ඒවයින් කන්න??? :O

කාවින්ද: හක්කේ දත් දෙකකුත් ගැලවෙයි වගේ....

අක්කගේ මූණ ඇඹුල් වෙලා ගියාද මන්දාය. අනේ අම්මේ....ඌ ඒක කිව්ව විදිහට අපිට නොනවත්වා විනාඩි දෙකක් විතර හිනා ගියේය. හිනාව නවතිනවා. කාවින්දයගේ මූණ දිහා බලනවා. ආයේ හිනාවෙනවා. :D

________________________________________________________


ඔක්තෝම්බර් 9-13 වෙනකන් අපේ ඉස්කෝලේ තියෙන X BAN ප්‍රදර්ශනේට ඕල්ඩ් බෝයිස්ලා විදිහට මොනවාහරි දෙයක් කරන්න කියලා හිතාගෙන ඉස්කෝලෙන් අවුට් වෙච්ච බ්ලොග්කාරයෝ ටික ගම්පහ තානායමට සෙට් උනේය. 10 දෙනෙකුට එන්න කිව්වට සෙට් උනේ 6 දෙනාය. වැඩේ කතා කරන එක කෙසේ වෙතත් වෙනම සීන් එකක් එතන ගියේය.

ආපු 6 දෙනාගෙන් ටිකක්

ඔතන හිටපු මල්ලි කෙනෙක් අපිට අළුත්ය. ඒ වගේම වැඩියෙන්ම සූර් වෙලා හිටියෙත් ඌමය. දැන් කට්ටිය බ්ලොග් එකේ නම දන්නේ නැති උන්ට නම කියන්නේය. දැන් පොඩි පුතා මල්ලිගේ වාරයය...

රජා: ඒ උඹ ලියන්නේ මොකද්ද බං... ෂුවර් මම කියවලා නෑ... කියෙව්වනං මට අනිවා මතකයි. 

පොඩි පුතා: මම ලියන්නේ..........................

ඒ මගේ බ්ලොග් එකේ නම මොකද්ද බං??? (එහා පැත්තේ එකාගෙන් අසයි)

කාපුවා බීපුවා උගුරට එන්න ආවේය. ඇයි යකඩෝ ඔහොමත් ප්‍රශ්න අහනවද මේ වගේ වෙලාවට. විලි හැත්තෑවේ සීන් කෑලිය. 

ඔය අස්සේ එතන හිටපු එකෙක් බොන්න බෑමයි කියලා එකම එක තේ ෂොට් එකක් විතරක් දාගත්තේ හවස 5ට විතරය. කොහොමහරි ඒ වීදුරුව හවස 7 විතර වෙනකනුත් ඉවර උනේ නැත. ඌ නම් පට්ට වාසනාවන්තයෙක්ය. ඇයි යකෝ බොනවා බොනවා තේ එක ඉවර වෙන්නේ නැත. මම නං හිතන්නේ ඌ නැගිටලා එහෙ මෙහෙ යන යන සැරේට කවුරුහරි එතන හිටපු අසමජ්ජාතියෙක් වීදුරුවට අළුතෙන් අමු තේ වක්කරලාය. මොනවා උනත් කොහොම හරි සැර නොමරා වැඩිම තේ බීලා තියෙන්නේ ඌය. 

තේ බෝතලේ

ඔය ජර මර හාල් කෑලි අස්සේ අපේ නිල ආතල් සැපයුම්කරු හෙවත් අටම් ගොයියාගේ සීන් එකකුත් ඇදිලා ආවේය. එදා අවුරුදු උත්සවේ දවසේ සෙට් වෙච්ච තැනදි, මෙතන හිටපු එකෙක් ලේන්සුවක් හිල් කරලා පෑනක් දාන විදිහේ මැජික් එකක් අටමගේ දුවට කියලා දීලාය. දුව ගෙදර ගිහින් මේක ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ අටමගේ ජොක්කු ටිකක් එක්කය. මොනවා උනත් දවස අවසානයේ ජොක්කු ඔක්කොගෙම හිල් හැදිලාලුය (මැජික් එක වැරදිලා).  පහුවදා උදේ අසූ හාරදාහට තද වෙච්ච අටමා අරෑට දාගෙන බනිනවලු. රජා කෝකටත් ඕක අටමාගෙන් විමසුවේය. ඇයි යකෝ සැර සීන් එකනේ.......

රජා: මේ මොකද්ද බං අටමා, අර දුව ජොක්කු ටික හිල් කලා කියන කතාව??? :D :D

අටමා: නැ බං රං ගොජෝ, පෑනක් රෙද්දක් අස්සෙන් රිංගවන මැජික් එකක් පෙන්නලා අපේ කෙල්ලට අර අසමජ්ජාති පවනි තරංගා, ඒ දවස් ටිකේ කෙල්ල පෑණක් අරං විලිවහගන්ඩ තියන හැම වස්තරයක්ම හිල් කර කර හිටියා, මැජික් එක මොකක්ද කියලා මාත් හරියට දන්නේ නැ, අර අසමජ්ජාතියගෙන්ම තමා අහන්න ඕන...

ඒ කියන්නේ අටමා අදින්නේ හිල් විච්ච ජොක්කු කියන කතාව ඇත්තය. අනේ හම්මෝ....හිනා වෙලා පණ නැත. ඒක හින්දා අදට මේ ඇතිය. :D :D


ප/ලි:

මේ පාර X-BAN එකේදි අපේ Bloggers' Union එක IT Unit එකේ මල්ලිලත් එක්ක සහයෝගෙන් පොඩි සුකුරුත්තම් අයිටම් එකක් දාන්නයි යන්නේ. ප්‍රදර්ශනේ බලන්න එන අය ඒ පැත්තටත් එන්න හොදේ... ;)

X BAN විස්තරේ මෙතනින්

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, September 27, 2013

ජයග්‍රහණ සැමරුම - Victory Celebration at Galadari High Tea Buffet

කියන්න යන්නේ පට්ට හැපි ආරංචියක්ය. අපේ බැච් එකේ සෙට් එක රජගෙදර සවාරියට ආපු වෙලාවේ වෙන මොනවා නැතත් පට්ට පොටෝ ටිකක් නම් අල්ලගත්තේය. ඔය අස්සේ ආපු අන්තර්විශ්වවිද්‍යාලීය පොටෝ තරගෙකටත් ඔය පොටෝ එකක් දැම්මේය. කරුමේ කියන්නේ ඒ පොටෝ එක තුන්වෙනි තැන දින්නේය. ඔය පොටෝව ගහන්න අම්බලම ලග උඩ පනින්න ගිහින් එතන කඩේ අංකලයා අපිට බැන්නේය. දැන් ඉතින් ඒ ගැන දුකක් නැත. මන්ද අපි දින්නේය.

කොහොමටත් දෙවනි වටයට යන්න එකම සුදුසුකම උනේ බුකියේ වැඩිම ලයික්ස් ලබා ගැනීමය. අපිට ඉතින් ඔය හිගාකන වැඩ හෙනට පුරුදු හින්දා ලයික් හිගාකන්නම ගිහින් මැසේජ් යනවා මාසෙකට බ්ලොක් වෙලාම ගියේය. ඒත් කමක් නැත. තුන්වෙනි තැනට අදාල රුපියල් 5000 හේ තෑග්ග අපිට ලැබුනේය.

ජයග්‍රාහී පොටෝව
ඔය 5000ට කරන්න දේකුත් නැත. සැමගේ එකම පැතුම උනේ ආයෙත් ගලධාරි බුෆේ එක සුද්ද කිරීමය.ගින්දර වගේ ඊයේ හවස ගලධාරියට කට්ටියම සෙට් උනේය. බඩට අරක්ගෙන සිටින හිගන පවුලේ සුදහගින්දර නිවා දැම්මේය. ඒ පිනම ලයික්ස් දැමූ සැමට බෙදා දිය යුතුය. උන් කිසිම ආකාරයක හිත් අමනාපයක් ඇතිකර ගත යුතු නොවේය. මන්ද අපි උන්ටත් හරියන්න කෑවේය.... ^_^

හැමදාම පොටෝ ගහලා ඇල්බම් හදන එකේ, මේ පාර අපි පොඩි වීඩියෝවක් කලෙමු. ඒකත් හැබැයි පොඩි ගතියකට ආවේය. ඩැඩීලගේ ජීවිතේ විදින්න සින්දුව ගත්තු වීඩියෝ ක්ලිප් කෑලි වලට ලෙසටම සෙට් උනේය. එහෙන් මෙහෙන් අමුණලා රජා වීඩියෝව ගොඩදැම්මේය. අපි ඉතින් වීඩියෝ එඩිටින් එක්ස්පර්ට්ස්ලා නොවේය. ඒ උනාට මේකෙ පොඩි ගතියක් නැත්තේමද නැත. 

කලින් සැරේ ගලදාරි සුද්දය මෙතනින් 


මේ පාර පිස්සු පීකුදු මොංගල් කෑලි විසිවෙන වීඩියෝව..........



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, August 13, 2013

එක දවසක්.. ගමන් ගොඩක් - Construct 2013/ Harbour/ Provincial T20


මේක නං මාරම දවසක්ය. කරුමයක් පටිසන් දුන්න දවසක්ද එහෙමත් නැත්තන් පින පලදුන්න දවසක්ද කියලා හිතාගන්න බැරිය. එක එක සිද්ධි දාමයක් එකට පැටලිලා, මිශ්‍ර වෙලා, මෙව්වා වෙලා, කම්බයින් වෙලා, අරහෙම වෙලා තිබ්බ මහා අමුතුම දවසක්ය. 

උදේ පාන්දර 7ට ඇහැරුන රජා හෙමින් හෙමින් ලෑස්ති වෙලා BMICH එක පැත්තට ගාටන්න 154ක නැග්ගේය. 154 විදින්න ඕනේ කරුමය ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැත. දන්නෝ දනිතිය. මට පුට් සයිකලයක් තිබ්බානං බස් එකට කලින් එතනය. කොහොම හරි 8.45 වෙනකොට මම එතනය. අපේ අනිත් උන් එතනය. පොකුණ උඩ ඉදගත් රජා එස්එම්එස් ක්‍රියාවලිය ඇරඹුවේය. ගෑණු ළමෙකුත් උදේ පාන්දර වද දුන්නා වගේ මතකය. ඒත් නැද්ද කොහෙදය. 

රජා: කොහෙද යකෝ උඹලා?

දුලියා: BMICH එක ගාව

රජා: වරෙන් යකෝ...මම පොකුණ උඩ

දුලියා: ලොල්... නෑ යකෝ අපි තාම බොරැල්ලේ...

රජා: නොදකින්...

ටිකකින් උනුත් එතනට කඩන් වැටුනේය. ඒ අළුත් සාමාජිකයෙක් සමගය. නම තෙසරුය. අද පටන් මුගෙ නමත් අඩවියේ යාවජීව වනු නියතය. ආපු ගමන් කට්ටිය BMICH  එකෙ වැසිකිළි වල පුරවා Construct ප්‍රදර්ශනේ බලන්න ලෑස්ති උනේය. තාම පටන් අරගෙනත් නැත. අපි පඩිපෙලක් උඩ ඉදගෙන ඔහේ කියෝ කියෝ සිටියෙමු. 9.45ට විතර ටිකට් දෙන්න පටන් ගත්තේය. ටිකට් අරන් ඇතුලට ගිහාම මෙලෝ වන සතෙක් ඇතුලේ නැත. අද ප්‍රදර්ශනේ විවෘත කලේ අපිද කොහෙදය. ප්‍රදර්ශනේ එක තැනක තිබ්බ ටයර් කඩයක් නම් දාලා තිබ්බේ රජාට අපහාස කරන්නමය. ඒකේ තිබ්බ ටයර් මටත් වඩා උසය. අපි වටේම කැරකිලා එලියට එනකොට නං ඔන්න සූ ගාලා 100ක් විතර ඇවිල්ලා හිටියේය. 

එතකොටම වගේ අශානයාගේ තාත්තාගෙන් කෝල් එකක් ආවේය. ඒ උන්ගේ කැබ් එක එනවා කියලාය. අපි කොහොමත් හිටියේ ඊලගට අළුත් වරාය කෑල්ල බලන්න යන්නය. වෙලාවට වගේ අන්කල් මාමා ආවේය. අම්මෝ... බොහෝම පෙරැත්ත කරලා කැබ් එකේ පිටිපස්සට හතර දෙනෙක් නැග ගත්තේය. ඇන්ටි නම් කිව්වේ ඕක පොලිසිය අල්ලන වැඩක් කියලාමය. පොලිසිය ඇල්ලුවොත් අපි බේරලා දෙනවා කියලා දුන් පොරොන්දුව මත අව්වේ කර වෙමින් වරයා බලා ඇදුනෙමු. යන අතරමග කට්ටිය අන්කල්ට පින් දෙන්නේය. නිකන් නෙමේය. මුළු හත්මුතු පරම්පරාවටමය. 

අංකල්ව හදා වඩා ගත්තු දෙමාපියන්ට, මේ ජොබ් එක ගන්න ඉගැන්නුව ගුරුවරුන්ට, ජොබ් එක ඉන්ටවීව් කරලා තෝරගත්තු එකාට  පින්සිද්ධ වේවා...කොටින්ම රජයේ වාහන වලට ජය වේවා... මේ තරම් හොද වාහන ලොවෙත් නෑ!!!!

අනේ අම්මියෝ.....ඒක බලන්න ඉන්න පෝලිම දැක්කම රජා ඇතුළු පිරිසට උණසන්නිපාතය වගේ හදුනානොගත් ලෙඩක් වැලදුනේය. ඒ තරමට සෙනගය. වෙලාවට අපි ගියේ රජයේ වාහනයකය. නිකන් වීඅයිපී වගේ සින් සින් ගාලා ඇතුලෙය. කොහොමත් වාහන වල එන උන්ට ඇතුලට යන්න පුළුවන්ය.  මූදු හුලන් කාගෙන, අව්වේ පිච්චි පිච්චි , පොටෝ ගගහ පාර දිගේ ඔහේ ගියෙමු. මේක බලන්න මිනිස්සු පෝලිම් වල ඉදලා ඇවිත් ආයේ පයින් ඇවිදලා විදින දුක දැක්කහම මුළු සර්වාංගෙන්ම දුක හිතෙන්නේය. බලන්න කියලා ඇති දෙකුත් නැති තරම්ය. අර නයිටීන් එකේ කෑගගහ කියන යකඩ අස්සයෝ දෙතුන් දෙනානම් ලොකුවට පේන්න තිබ්බේය. 


ඒ අව්ව නම් ඉවසන්නම බැරි තරම්ය. 

තෙසරු: ගහක්වත් නැති හැටි බලහන්කෝ...

කාවින්ද: වරායේ කොහෙද යකෝ ගස්...

ගයාෂාන්: ඒ උනාට පොල්ගස් දෙක තුනක්වත් හිටවන්න තියෙන්නේ බං...@#%$ අව්වයිනේ

රජා: සිරාවට බං... අඩුගානේ තණකොල ගහක්...


වරායට ආපු තඩී නැවක් නම් අපි ලගීන් ගියේය. ඒක දිහානම් කට ඇරගෙන බලාගෙන හිටියෙමු. වෙන බලන්න දෙයක් නම් ඉතින් නැති තරම්ය. ඔහොම නෙමේ...වරාය උඩ වරායවල් ගහලා, ඒ වරාය උඩ එයාපෝර්ට් එකක් ගහලා, ඒක උඩ ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැහුවත් රජාට නම් මහ රජාව පළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.

අපි වාහනේ හරෝගෙන ආපහු ආවෙමු. හවස තියෙන T20 බලන්න කොටුවට යන්න ගලදාරිය ගාවෙන් බැස්සෙමු. දුලියා සමග තෙසරුවා කොටුවෙන් හැලුන අතර රජා,ගයාෂාන් සමග කාවින්දයා කෙත්තාරාමේ බලා ඇදුනෝය. මැච් එක පෙන්නන්නේ නිකන්ය. ආයේ මොනාද ඉතින්. ලෙසටම බලන්න Block A එකේ හොදම සීට් එකක් බලලා ඉදගත්තෙමු. ගෙනාපු බත් දෙක දිගඇරගෙන කාලා එහෙම පෙප්සියකුත් බිව්වෙමු. කාලා බීලා ඉවරවෙනකොටම ලෝක පූජිත සංගා කොළුවා බැට් එක උස්සන් අපි ඉස්සරහටම ඇවිල්ලා පුහුණුවීම් පටන් ගත්තේය. අපි වෙනකොහෙවත් බැලුවේ නැත. ඒ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. ඒ තරම් ලස්සන ෂොට්ය. 


මැච් එක පටන් ගත්තේය. තරංගයා සට පට ගාලා ඕෆ් එකෙන් හතරේ ඒවා වනන්න ගත්තේය. විකට් එකක් වැටුනෙන් සංගා විකට් එකට ආවේය. ඒ වෙලාවේ ඉදන් අපි මැච් එකට බැහැලා තිබුනේය. සංගට කොහෙට දැම්මත් ෂොට් එකක් ඇත. මාරම ගතිය. හයේ ඒවා දෙක තුනකුත් බැස්සේය. සංගා දැන් 49ය. 

කාවින්ද: අඩෝ සංගට 50 ගහනවා කියන එක ගේමක් නෑනේ බං....

රජා: ඔව් බං...

ගයාෂාන්: ඌ දැන් ලකුණු මැෂිම බං...

කතාව ඉවර වෙන්න උනේ නැත. සංගා කැච් එක දීලා අවුට් උනේය. සියළු දෙනෙත් කාවින්දයා පැත්තටය. 

රජා/ ගයාෂාන්: මොකද්ද යකෝ කලේ....තොගෙ කට වස්ති...බලහන් උඹ කිව්වා විතරයි සංගා අවුට්. නොදකින්....

කොහෙම හරි ඕවර් ටික ගෙවිලා ගියේය. අපි ලෝක පුදුමයක් දැක්කෙමු. ඒ ටුක්ටුක්මාන්න (තිරිමාන්න) 6ක් ගහන එකය. ඒක නං මාරය. මූ අද ඇවිල්ලා තිබුනේ ලෑල්ල විසිකර බැට් එකක් අරගෙනය. අන්තිම ඕවරේදී කුලේගේ බැට්ට වැඩ කෙරුවේය. ලස්සනට 6, 4 බැස්සේය. අපිට ඇඩුනේය. අපි හිතුවේ බෝලේ අපේ ඇස් බෝල වලට කෙලවයි කියලාය. මොකද අපි හිටියේ කුලයාගේ ආක් එකේය. කොහොමහරි කදුරට උන් 159 ගැහුවේය. චේස් එක 160ය.

ගයාෂාන්: අඩෝ මැච් එක ඉක්මනට යනවා නේ බං...

කාවින්ද: ඔව් බං.... ඇඩ් පෙන්නන්නෙත් නෑනේ....

ගයාෂාන්: ඔව් නේ බං... හෑ....????

මූ නිකන් හෑ ගෑවේ පිට්ටනිය මැද්දේ වෙනදට ඇඩ් පෙන්නනවා වගේය. අම්බෝ...ඌ ඒක කියපු හැටියට අපිට මැරෙන්න හිනාය. නිකන් අර මිනියන් කෙනෙක් වගේය. උනුත් කෑගන්නේ මෙහෙමය. හෑ....??

චේස් එක කරන්න කට්ටිය පිටියට පිවිසියේය. කුලයා පැත්තට වෙලා සිගිති ආතල් එකක් ගන්නේය. මම උගෙ පොටෝ එකක් ගැහුවේය. සුපුරුදු මල් හිනවා දාලා අත වන වන මොනවදෝ කීවේය. අපිට තේරුනේ නැත. මං හිතුවේ ඌ මාව  අදුරගෙන කියලාය. ඇයි ඉතින් අපේ ඉස්කෝලේ බුවානේ. තේරුනේ පස්සෙය. මූ කියලා තියෙන්නේ පොටෝව ගහන්න එපා කියලද කොහෙදය. 


චේස් එකනං ගූ හතය. ඩිල්ෂාන්, කුසල්, මුබාරක් කට්ටියම පෝලිමට අවුට් උනේය. අපි බැහැලා එන්න ආවේමු. හිරිකිතම සීන් එක උනේ මෙතනය. කෙත්තාරාම එන්ඩ් එකෙන් බැහැපු අපි මාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව හොයාගෙන ගියෙමු. කෙලපන්කෝ හැලප....ඒක වහලාය. ආයෙත් මුළු ස්ටේඩියම් එක වටේට පයින් ගිහින් කෙත්තාරාම ගේට්ටුවෙන් එලියට ආවෙමු. ඊයා....ය. මේවා ඉතින් කාටවත් කියන්න පුළුවන් සිද්ධිත් නෙමේය. ඒතරම් චාටර්ය. 

මෙතනදී පොටෝගත උනේ ගෑණු ළමයා නොව,
ඊට එහායින් පේන සචිත්‍ර කොළුවාවය.

ප/ලි:

බුකියේ පලවූ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

මුළු දවසක ඔහොම හතර වටේ කැරකිලා එනකොට බෝඩිමේ වතුර නැත. නාගන්නත් නැත. බොන්නත් නැත. මොකද්ද බටයක් කඩාගෙන මුළු ඒරියා එකටම වතුර නැත. පහුවදා ලෙක්චර්ස් යන්න මූණ හෝදගන්නත් වතුර නැත. ක්ෂණික කඩේකට ගිහින් ජම්බෝ වතුර බෝතයක් අරන් ආවේ හදිසි අවශ්‍යතා සදහාය. කැතම සීන් එක කියන්නේ පස්සේ දවසේ උදේය. 

පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, August 11, 2013

රජෝ උඹ ඉවරයි...අපි උඹව හැක් කලා!!!! :D


හහ් හහ් හා...අද තමා රජාගේ රෙදි ගලවන දවස. ඕකා පෝස්ට් ලියන ස්ටයිල් එකෙන් නං අපිට ලියන්න බෑ. ඒ උනාට මූ අපිට මඩ ගහන විදිහට මූට මොනවා හරි කරන්නම ඕනේ. හැක් කලා කිව්වට එහෙම්මමත් එකක් නෙමේ. අපි උගේ ලැප පැහැරගත්තා වගේ සීන් එකක් තියෙන්නේ. 

වැඩි වෙලාවක් නෑ. විනාඩි 30යි උපරිම. දැන් වෙලාව හරියටම දවල් 12.00යි. අපිට ඉන්ටවල් එක දීලා තියෙන්නේ. රජා ගියා බෝඩිමට. කෑම එකකුත් අරගෙනමයි එන්නේ. අපිට ලැප දීලා ගියේ බලාගන්න කියලා. රාජකීය එක්ස්ටර්නල් හාඩ් එකත් තියනවා. මේක 12.25 වෙද්දිවත් ලියලා ඉවරවෙලා පබ්ලිශ් කරන්නත් ඕනේ. ඕකට වෙච්චි පජාත සීන් ටිකක් මේකෙ ලියන්නත්  ඕනේ. පටා........න් ගමු.

බ්ලොග් එක කියන කොටම අපිට ඉස්සරලාම මතක් වෙන්නේ ඕකාගේ ප්‍රේම පුරාණය. කෙල්ලෙක්ට මැසේජ් දානවා, කෝල් කරනවා හෝ.... ගාලා. ට්‍රිප් එකක් යන්නත් නෑ ෆෝන් එකේමයි එල්ලිලා හිටියේ. අනේ මන්දා ඉතින්. මූ ඒකිව දාගෙන හිටියේ කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක සෙට් වෙලා නෙමේ ඉදලා තියෙන්නේ. ඊයා යකෝ රෙදි නෑ. මූ ඒකාලේ හිටිය හැටි මතක් වෙනකොට අපිට සිරාවටම දුකයි බං.

අපි අර සයිට් විසිට් එක ගිය වෙලාවේ මූ ඔය ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒකේ අපේ කෝඩිනේටර් අක්කා ගැනත් මොනවද ලිව්වනේ. ඕක එයා කොහොමහරි දැකලා රජාව සතියක් විතර හෙව්වා. මොකටද දන්නෙ නෑ... ඕක දැනගත්තු වෙලාවේ ඉදන් රජා කැම්පස් එක ඇතුලේ හොරා පොලිස් කලා. අක්කා එනකොට මූ ලොවෙත් නෑ. ඔෆිස් එක ඇතුලට මලාට යන්නේ නෑ. ලෙක්චර්ස් වලට එන්නෙත් හැංගි හැංගි. අපි බොරුවටත් ඌව බයකරනවා අන්න උඹට ඔෆිස් එකට එන්න කිව්වා කියලා. මූ මලාට යන්නේ නෑ ඉතින්. අම්මෝ...ඌ ඒ කාලේ දුන්න ආතල් එකක්. මුගේ මූණ බලන්න ඕනේ ඒ වෙලාවට තමා. දැන්නම් වැඩේ ෂේප්. අක්කට අමතක වෙලාද කොහෙද. ඔය දැන් යන්නේ ඔෆිස් එකටත්. 

(රජෝ ඇවිල්ලා මෙතන්ට සයිට් විසිට් ලින්ක් එක අප්ඩේට් කරහන්...අපිට හොයාගන්න බෑ :D )

රජා තමා අපේ බැච් එකේ ඉන්න උසම එකා. ඕකා චූ කරන්න ගිහාම තමා ආතල් එක. වොෂ් රෑම් එකේ තියෙන සාමාන්‍ය උස යූරිනල් ඔක්කොම අපි දුවලා ගිහින් ඒ ඔක්කොම අල්ලගත්තම රජාට හම්බෙන්නේ උසම ඒවා. ඌට ඉතින් ඒවට උස නෑනේ. බල්ලා වගේ බලන් ඉන්නවා අපි චූ කරලා ඉවර වෙනකන්. අපි පැය ගානක් චූ කරලා තමා ඌට දෙන්නේ. ලොල් සීන් එක. අරෑ ඇඹරි ඇඹරි බලාගෙන ඉන්නවා. 

රජා: යකෝ... මටත් එකක් තියහන් @#$%

අපි: ඉතින් $%^ පලයන් වෙන එහෙකට

රජා: ඔය ටික තමා තියෙන පාතම ටික :/

අපි: බුහහහා...

රජාගේ හාඩ් එක තමා හාඩ් එක. අපේ බැච් එකේ හැම එකාගාවම තියෙන වැල ටික මුගේ එක්ස්ටර්නල් එකේ තියෙනවා. 250 GB තිබ්බ වැල ටික දැන් නම් 150 GB වලට බැහැලද කොහෙද... ඇයි බයිස්කෝප් එකට අළුතෙන් එන හැම මූවි එකක්ම ආපු ගමන් මූ බානවනේ. ඉතින් ඉඩ නෑ. ඒ අතින් නම් ඉතින් එල කොල්ලා...


මුගෙ හාඩ් එකේ, ඔන්න ඔය රවුම් කරලා තියෙන හිඩ්න් ෆෝල්ඩරේ තමා බඩු තියෙන්නේ. කාටහරි හාඩ් එක හම්බුනොත් චෙක් කරලා බලන්න හොදේ... ලොල්!

1- අඩෝ අරෑට කෝල් කරහන් කොහෙද කියලා අහලා..

2- උඹ කොහෙද බං...අපිට බඩිගිනී...

රජා - හරි හරි බං...අපි මේ එන ගමන්...හංදියේ ඉන්නේ!

2- යකෝ අරෑ හංදියෙලු. ඕක ලියලා දාපන් ඉක්මනට. 

අම්මටසිරි වෙනවා. අරෑ තව විනාඩි 5න් මෙතන. අපි මොකුත් කලේ නෑ ඔන්න...මේක පබිලිශ් කරලා රජාගේ එකවුන්ට් එකෙන්ම ෂෙයා කරනවා. ගෘප් වල දාන්න වෙලාවක් නැති වෙයි. රජාගේ තරහකාරයෝනේ මේකෙ ඉන්න ඔක්කොම. ඔන්න මේක උඹලා ඔය ගෘප් වලට පෝස්ට් කරහල්ලා හොදේ...

ප/ලි: 

දැන් ඉතින් බලන්න එපා බ්ලොග් නොලියන උන් කොහොමද මේක ලිව්වේ කියලා. අපිත් කාලයක් එකක් ලිව්වා. දැන් වැඩිය ලියවෙන්නෑ. මෙන්න තැන 

මේක මේ පැය බාගෙන් ලිව්ව එකක් නෙමේ. අපි සෙට් එක මේ මගුල ගෙදරින් වර්ඩ් එකක ලියාගෙන ඇවිල්ලා මෙතන සෙට් කලේ. මේක රජා දෙල් කිරීමේ පුරා මාසයක් විතර ඇදුන දැවැන්ත සංවිධානාත්මක මිෂන් එකක්. :D :D

දායකත්වය...
ලව් එක ගැන -  අශාන්
සයිට් විසිට් එක - ගයාෂාන්/කාවින්ද
යූරිනල් එක - දුලියා

මීට රජාගේ අතිජාත කල්‍යාණ මිතුරු කැල,
දුලියා, ගයියා, අශාන්යා, හසියා සමග කාවින්දයා

රජෝ උඹ මේක ඩිලීට් කරලා විතරක් අහුවෙන්න එපා...
අර අපි ස්ක්‍රීන් ෂොට් ගත්තා...
ඩිලීට් කලොත් ස්ක්‍රීන් ෂොට් ටික අර නංගිට යවනවා හරී...

බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!

Thursday, August 8, 2013

ගලධාරි සුද්දය (කාලා මැරෙමු) - Galadari Buffet (Let's Eat & Die)


හැමදාම රංජි අයියගේ බත් කඩෙනුයි, සීයේ රයිස් කඩෙනුයි, කැන්ටිමෙනුයි කන එකේ අපි සෙට් එක තරු පහ පොට් එකකින් බඩ කට පුරෝ ගන්නට ගියෙමු. හැමදාම රචනා ලියන එකේ අද ගේම ගහන්නේ විරිදුවෙන්ය. 


සකල සිරින් පිරි සිරි ලංකාවේ, ගලධාරිය නම් හෝටලයේ...
අඩුවට තියෙනා බුෆේ බුදින්නට, දවසක් අපි ටික සෙට්වූයේ...
දුලියා යෂිකයා කාවින්දයා හා, ශිහාරා එන බව පැවසූයේ...
එලකිරි වාගේ අශානයත්, උඩ පැනගෙන අත්දෙක ඉස්සුවනේ...

එදා හවස තුන හමාර වෙනකොට, සෙට් වෙන්නට කතිකා කෙරුනේ...
රුපියල් දාහක් පර්ස් එකේ ගෙන, හෙමි හෙමිහට ඒ පැත්තට ඇදුනේ...
මේයව් අස්සේ අශානයා හට, බැක්පැක් ගන්නට ඕනේ උනේ...
රජා සමග ඌ බම්බා වලින් බැස, එම්.සී එතුලට රිංගුවනේ...

එම්සී ඇතුලේ කැරකෙන විටදී, යෂිකයා එතනට පාත්උනා...
අපි තුන්කට්ටුව බෑග් සොයා, හෙමි හෙමිහිට පියවර එසවූවා...
අම්බෝ ඒවගේ ගණන් ඇසූ විට, රජාට සිහිසුන් නැති වූවා...
මාවත් ඇදගෙන අශානයා හා, යශිකයා එතනින් යන්න ගියා...

එලියට ඇවිදින් පට් පට් ගාලා, ප්‍රයිවට් බසයට ගොඩ වූවා...
රුපියල් දොලහක් කොන්දට දීලා, ගලධාරිය ලග බැහැගත්තා...
කාර් එකක ආවා වාගේ අපි, පාක් එක හරහා ඇවිද ගියා...
සික්කා ඉද්දී අහක බලාගෙන, හෝටලේ ඇතුලට පාත් උනා...

දුලියා සමගින් කාවින්දයලා, හෙන තඩි පුටුවක ඉද සිටියා...
අපි සෙට් එක ඉද ගත් පමණින් එය, ඉණ ගාවට එරිලාම ගියා...
ඉදගත් පමණින් අකුණු ගැහුවා සේ, දුලියගේ කැමරා පත්තු උනා...
අහල පහල සිටි වේටර් කොලුවොත්, ඒ හෙන එළියට බය වූවා...

හතරට එළබුණ ශ්‍රී සුභ මොහොතින්, බුෆේ බකට් ටික විවර උනා...
දඩි බිඩි ගාලා නැගිටලා පුටුවෙන්, කෙල පෙර පෙර අපි ඇදී ගියා...
පළවෙනි වටයට පිගාන පුරවා, පාන් ජාති හොරකම් කෙරුවා...
කියන්න ලැජ්ජයි මෙලෝ රහක් නෑ, ගත්තු හින්දා කාලා දැම්මා...

ගින්දර වාගේ දෙවනි වටේටත්, අපි සෙට් එක පියවර තැබුවා...
පිගාන පුරවා ෂෝටීස් සමගින්, සොසේජස්ද පුරවා ගත්තා...
එහා පැත්තේ වූ අයිස් කෝපි, වීදුරු දෙක දෙක මුන් අරන් ගියා...
ඒක බලන් හිටි වේටර් මාමා, තනියම අඩනවා මම දැක්කා...

කනවට වැඩියෙන් පොටෝ ගහනවා, මම නං දැක්කේ මෙහෙදි තමයි...
අතට ගන්නවා කටට දානවා, බඩටත් යනවා මුන් ගැහුවයි...
අහල පහල සිටි අක්කලා නංගිලා, මෙදෙස බලාගෙන හිනාඋනයි...
නැවතත් පුටුවෙන් නැගිට ගිහිල්ලා, ස්ට්‍රෝබෙරි පුරවා ගත්තයි...

ගෙවනා මුදලට අඩුවෙන් කෑවේ, යෂිකයා කියලයි පැතිර ගියේ...
උගුරේ අන්තිම ගැටිත්ත වෙනතෙක්, එක එක අයිටම් බඩට ගියේ...
හෙට උදේට වන බඩේ අමාරුව, නැතිකෙරුමට උණු කෝපි තිබේ...
ගොජ ගොජ ගාලා උතුරන වතුරෙන්, කෝපි තුනක් මුන් ඇද බෑවේ...

කාලා බීලා අන්තිමේදී අපි, හෝටලේ ඇතුලේ ඇවිද ගියා...
පූල් එකේ සිරි නරඹන අටියෙන්, ලිෆ්ට් එක ඇතුලේ පියෑඹුවා...
එතන මුරට සිටි කාන්තාව හට, ශිහාරා කඩුවෙන් බැට දුන්නා...
අන්තිමේදී ඒ පොඩි නැන්දා, මුන් ටික පූල් එකට ඇතුල් කලා...

ගෝල්ෆේස් එක දිහා බලාගෙන, අපි පොඩි කයියක් ඇරඹුවා...
එහා පැත්තේ තිබු පුටු වල ඉදගෙන, සුද්දෝ කපල් සිරි නැරඹුවා...
එක පාරට ආ හුළං පාර දැක, සුද්දී හොදටම මෝල් උනා...
බෙල්ල බදාගෙන පුටුව පෙරලගෙන, සුද්දී සුද්දගේ කට කෑවා...

මේක බලාගෙන ඉන්න බැරුව අපි, ආපහු එන්නට පිටත් උනා...
රජා සමග ආ ශානයා ඇවිදන්, මහ ලේකම් දුම්රිය පලට ගියා...
පානදුරේ යන දුම්රියේ එල්ලි, බෝඩිම දක්වා ගමන් කලා...
තව ඩිංගෙන් උන් සෙනගට හිරවී, බුෆේ කෑලි එලියට පැන්නා...

වෙනත් එවුන් එක දෙක ගෙන කන විට, අපි සෙට් එක පහ හය කෑවා...
ස්ට්‍රෝබෙරි හා අයිස් කෝපි, මම වීදුරු හතක්ම ඇද බෑවා...
හෝටලේට ෆුල් පාඩු කරලා අපි, තව දවසක් එන බව කීවා...
අන්න එලෙස ගලධාරී සුද්දය, සැම තුටු කරමින් නිමා උනා... 



ප/ලි:



සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

තාලෙ දන්නේ නැති අයට මෙන්න තාලේ....මේ තාලෙට තමා කියන්නේ. වෙන තාල දාගෙන නාගන්න එපා...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, August 3, 2013

නිවරැදිම කෙල්ල තෝරා ගන්නේ කෙසේද? - How to choose the perfect GIRL

දැන් සීන් එක මෙහෙමය. රජා වගේ හැන්සම්, හුරුබුහුටි, හුරතල් කොල්ලෙක් ගත්තම ඌට සූ....ගාලා කෙල්ලොය. මොන කෙල්ල තෝරගන්නද කියලා හිතාගන්න එක හද්ද අමාරුය. කරන්න තියෙන්නේ බොක්කේ සෙට් එකේ එකාට එක ගානේ බෙදලා දෙන එකය. ඒ බෙදලා දෙන්නත් හොදම කෙල්ල අපි ලග තියාගන්න ඉන්න ඕනෑය. නැත්තන් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවාය. අර මොකෙද්ද රිලා පැටියෙක් සල්ලි වලට කරන්න දෙයක් නැතුව කියන සින්දුවකුත් තියෙන්නේ,

ගිය ගිය තැන යන යන තැන කෙල්ලෝ අපිට පිස්සු වැටෙනවා...
කොහේ ගියත් කවදා උනත් කෙල්ලෙක් අපේ පස්සෙන් එනවා...


මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නොවේය. අනාගතය ගැන සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක්ය. මේක විසදිය යුත්තේ බොක්කෙන්ය. ටිකක් විතර මොලෙත් ඕනෑය. සමහරු නිකන් වැරදිලා වගේ මොලේ උඩ ඉදගෙන ඉන්නවා නම් ඒ පිරිස මේ පොස්ටුව කියවිය යුත්තේ හිටගෙනය. නැත්තම් පස්සේ තේරුනේ නෑ කිය කිය කන්කෙදිරි ගෑම තහනම්ය. ඉදගෙන කියෝලත් තේරුනේ නැත්නම් ඒ අයත් හිටගෙන කියවා පරීක්ෂා කල යුතුය. මන්ද ඔවුන් තමන් මොලේ උඩ ඉදගෙන සිටියා යැයි නොදන්නවා වෙන්නට පුළුවන. 

උදාහරණ ලෙස ගෑණු ළමයි 5 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න මං වගේ කොල්ලෙක් ගමු... දැන් මට ඕනෑ වෙන්නේ මට ගැලපෙනම කෙල්ල තෝරා ගන්නටය. පල්ලෙහා ඉන්න ගෑල්ලමයින්ට අදාල මාක් එක මතක තියාගෙන පහලට එන්න. පොටෝ එක දිහාම වැඩි වේලා බලා සිටීම ඇස් වලට අහිතකරය. 


දැන් මෙහෙමයි......

අපි මේ ගෑල්ලමයිට ලකුණු ක්‍රමයක් මගින් හිමි තැන ලබා දිය යුතුය. ළකුණු දිය යුත්තේ පහත සදහන් ගුණාංග සළකා බැලීමෙන් අනතුරුවය. 

1. ඔබ ඇගේ අහිංසක බවට අශා කල යුතුය. ඇය දකින විට ඔබේ සිතට සතුටක් දැනිය යුතුය.

2. ඇය තරමක් ලස්සන විය යුතුය. අනිත් කොල්ලෝ හැමෝම එයාට කැමති නිසා ඔබ ඇයව තෝරා නොගත යුතුය. එහෙම තෝරගත්තොත් වෙන්නේ නිකන් උඹේ ප්‍රසිද්ධිය සදහා එයාව ගත්තා වගේ සීන් එකක්ය. 

ලස්සන අර්ථ දැක්වීම - There's no Barrier, under the Buriya කිව්වට... දැක්කම වමනේ යන ඒවා හරියන්නේ නැත. මට නං ඇය පැහැපත් විය යුතුය. කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය. 

3. ඇය නිකන් අමුතුම ශෛලියක කෙනෙක් විය යුතුය. 

අමුතුම ශෛලිය අර්ථ දැක්වීම - අමුතුම ශෛලිය කිව්වම ඉතින් මේකි වේස කෑල්ල වගේ එකක් නොවිය යුතුය. ඔය කියන අමුතු එක නැටුම් කරපු ගෑල්ලමයිගේ, රේඩියෝ ස්ටේෂන් වල කෙල්ලන්ගේ තියෙන්නේය. අනිත් අයත් නැතුවාම නොවේ. කොහෙන් හරි ඇයට අමුතු ශෛලියක් තිබිය යුතුය. 

4. තමන්ගේ කොල්ලා ලග ඉන්නකොට අනිත් කොල්ලෝ එක්ක වැඩිපුර භජනෙට යන එක්කෙනෙක් නොවිය යුතුයි. කොල්ලට සෙකන්ඩ් වෙන්න ඉඩ නොදෙන කෙනෙක් විය යුතුයි

5. ඇය පිරිසිදුව ඉන්න කෙල්ලෙක් විය යුතුයි. හොදට නාලා කරලා, ඔළුව පීරලා එහෙම

ආ....ඔය ඇති. වැඩිය කියන්න ගියොත් මෙතන මොනවා ලියවෙයිද දන්නේ නැත. දැන් කරන්න තියෙන්නේ ළකුණු දීමය. ඒකට මෙන්න මෙහෙම රේටින්ග්ස් තියෙන කොලයක් අරන් පිරවිය යුතුය. 


මේකෙදි වෙන්නේ සැසදීමක්ය. 1-2, 1-3, 1-4, 1-5, 2-3, 2-4, 2-5, 3-4, 3-5, 4-5 පිළිවෙලටය. 

දැන් උඩ වගුවේ වගේ ‍දෙවෙනි ගෑණු ලමයට වඩා පළවෙනි ගෑණු ළමයට ගොඩා....ක් කැමතී නම් ළකුණු 7ක් දෙන්න. ගොඩක් කැමතී නම් 5ක්, ටිකක් නම් 3ක්. දෙන්නටම එක වගේ කැමතී නම් 1යි. 

පළවෙනි ගෑණු ළමයට වඩා දෙවනි ගෑණු ළමයට කැමතී නම්, පාට කල යුත්තේ දෙවනි ගෑණු ළමයගේ පැත්තේ 7 ඉලක්කමය.

අන්තිමට.. ළකුණු ඔක්කොම වගුවකට අරන් එකතු කරලා ප්‍රතිශතයක් බැලිය යුතුය. 


මෙහෙමයි හරිද... 2ට වඩා 1ට කැමති හින්දා, 1ට ලකුණු 7යි. එතකොට... 1ට වඩා 2ට කැමති 1/7යි. හරිද??? අන්න ඒ වගේ පැත්ත මාරු වෙවී වගුව පිරවිය යුතුය. අන්තිමට එක එක්කෙනාගෙ ළකුණු එකතු කරලා % අගය හොයාගෙන වැඩිම ප්‍රතිශතේ තියෙන එක්කෙනා තමන්ගේ කර ගත්තම වැඩේ ගොඩ!!!

මේකෙ හැටියට 

1- 11.2
2- 10.3
3- 15.3
4- 6.5
5 - 2.3

එතකොට වැඩිම ප්‍රතිශතේ එන්නේ තුන්වෙනි නංගිට - 
15.3/45.6 *100
= 33.5%

හරි... දැන් උඩට ගිහින් බලමු. කවුද තුන්වෙනි නංගි කියලා!!!

අම්මටහුඩු...
කෑල්ල නෙහ්? ඇඩෙනවා....

එයා මට හොදා...

දැන් ඉතින් කියහන් ඕකට යකෝ ඔච්චර මැරෙන්න ඕනෙද කියලා. එහෙම තමා ඩෝ...ගෑණිව තෝරගද්දි රිසර්ච් එකක් කරලා තෝරගන්න ඕනේ. මෙච්චර ගේමකුත් ගහලා...අර හදහනේ යෝනි පොරොන්දම් ද මොනවද ගැලපුනේ නැත්තන් ඉතින් පුතේ මම නෑ....


ප/ලි: 

මචන්ස්ලා... අපේ සෙට් එක පොඩි තරගෙකට ඉල්ලුම් කරලා තියෙන්නේ. පොඩි අන්තර් විශ්වවිද්‍යාල පොටෝ තරගයක්. වැඩිම ලයික්ස් තියෙන පොටෝව දිනනවා. රුපියල්ම 10000ක් දෙනවා. රජාලගේ පොටෝව දිනවන්න ලෝබ නැතුව ලයික් එකක් දානවලකෝ....පොටෝව ලොවෙත් ඉතින්. මේ තියෙන්නේ.... ඔය කට්ටිය විසිවෙන්න පවර්ස් දාන්නේ රජාලු ඉතින් :)



මෙතන ක්ලික් කරලා  ගිහින් ලයික් එකක් දාන්ඩකෝ අනේ.....
(මේවට හිගාකාලා පුරුදු හින්දම හොදා ඉතින්)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, July 15, 2013

බෑ බෑ...මුන් එක්ක ඉන්න බෑ!!! - It's Impossible to spend time with these Bastards


හම්මා... අපි කට්ටිය එදා ගලදාරිය සුද්ද කරන්න සෙට් උනාට පස්සේ ලෙක්චර්ස් ආවේ අදය. වෙනදා වගේම මොකාක් හෝ චාටර් වැඩක් සෙට් වෙන බව මට ඉවෙන් මෙන් දැනුනේය. හුගක් වෙලාවට ඉරිදට වැටෙන්නේ ස්ට්‍රක්චරල් ලෙක්චර් එකය. ගිය සතියේ වගේ මේ සෙනසුරාදත් ටොයිලට් ගැන ඉගෙන ගන්න ආවාට තිබ්බේ වෙන ලෙක්චර් එකක්ය. අද මුළු දවසම ස්ට්‍රක්චරල්ය. උදේ ලෙක්චර් එකනන් ටිකක් විතර බෝරින්ග් ය. එතන තිබ්බේ සර් ගාන දෙනවා...එයාම හදනවා... අපි ලියා ගන්නවා වගේ සීන් එකක්ය. ඒ අස්සේ සමහරු රජාගේ එක්ස්ටර්නල් එක උදුරගෙන ෆිල්ම් හිටන් කොපි කරනවා වගේ ලාවට දැක්කේය. එලෙසින් උදේ ලෙක්චර් එක අහවර උනේය. 

රුපියල් 100ට තියෙන ප්‍රයිඩ් රයිස් 2කුත් අරගෙන අපි බත් කන්න සෙට් උනේය. අනිත් උන්ගේ බතුත් එක්ක ඔක්කොම බත් පැකට් 6ක් 7ක් තියෙන්නට ඇත. සුපුරුදු පරිදි සරණාගතයෝ වගේ කන්න පටන් ගත්තේය. ලොකු ලොකු ඇන්ටි පාරවල්, ලස්සන අක්කා කෑලි සුපුරුදු පරිදි අපි දිහා කට ඇරගෙන බලාගෙනය. අපිට දැන් ඒවා පුරුදුය.

ඕ මයි ගෝඩ්... 
අර බලන්න අනේ..... 
අපේ පොඩි එක්කෙනත් ඔයිට වඩා හොදට කනවා...
අපරාදේ බත්....

මෙවැනි වදන් දැන් ඇහිලාම අපට පුරුදුය. මේ සංස්කෘතිය වෙනස් කරන්න හැමදාම අපි ප්‍රසිද්ධියේ එකට කන්නේය. ඕක හැමදාම දකිනකොට උන්ටත් ඕක පුරුදු වේවිය. ඔය සීන් එක තියෙන්නේ ඉරිදට විතරය. MBA කරනවා කියලා උන් ඉන්නේ හෙනම එකෙන්ය. ඇවිදින්නේ නැත. දැහැනකට සම වැදිලා පාවෙනවාය. ටීවී එකේ ප්‍රවෘත්ති කියන අක්කා කෙනෙකුත් අපි දිහා බලාගෙනය. 

දුලියා: අද රෑ ප්‍රවෘත්ති බලහල්ලා...

රජා: ඒ මොකටද බං...

දුලියා: අපි කන හැටි අද රෑට ප්‍රවෘත්ති වල යනවා බං. 8ට කියන්න එකට දාන්නේ බලහන්කෝ... :D

කාලා ඉවරවෙලා ආයෙත් ලෙක්චරේට ගියෙමු. MBA ලෙක්චර් එකක් ඉවරවෙලාය. ඒත් තාම කෑලි හතර පහක් සර් වට කරගෙන ප්‍රශ්න අහන්නේය. අපිටත් මොකද....අපිට ලෙක තියෙන්නේ මේ හෝල් එකේය. අපි කෙලගෙන ඇතුලට ගිහින් ඉදගත්තෙමු. ප්‍රශ්න අහ අහ හිටපු කෑල්ල දැකපු කට්ටිය ඇසි පිය නොසලා ඒ දිහා බලාගෙනය. ඒ අතර කවුදෝ එකෙක් උගේ එක්ස්රේ විෂන් එක දාලා ඇදුම් හරහා බලලාය.

කවුදෝ එකා: අඩෝ...ඒකි ඇදන් ඉන්නේ අර පැත්තට කප් එක තියෙන බ්‍රා එකක් ඕයි...

රජා: තෝ ඒකත් බැලුවද????

එකා: නැත්තන්උඹලා බැලුවේ මොනවද???

රජා: නෙදකින්...!!!

ඒකා: කොහොමද ඒකි ඇදගෙන ඉන්නේ ජී ස්ට්‍රින්ග් එකක් නං....
හම්මා.........චක චක චක චක

අපි: :D :D

දැන් වෙලාව දවල් 1ය. උදේ 9ට පටන් ගත්තු ගාන තාමත් හදන්නේය. හති දාගෙන අපිත් හදන්නෙමු. සමහර තැන් වල නං ලාචෝරුය. සුළු කිරීම කරන්න කැල් එකත් ඉඩ මදි වගේය. ඔහොම එපා වෙලා බෝඩ් එක දිහා බලාගෙන ඉන්නකොට බාගෙට ඉවර වෙච්ච වතුර බෝතලයක් රජා ගාවට ආවේය. 

රජා: මොකටද යකෝ මේක මට එව්වේ???

එකෙක්: ඕකෙ කට ඉඹලා බලහන්කෝ....ස්ට්‍රෝබෙරි සුවදයි බං... අරකිගෙ ලිප්ස්ටික් එකේ....

රජා: අම්මට ඔව් යකෝ....හම්මා...සුවද!!!

කාවින්ද: ඒකිගේ විදුරුමස් දියවෙලා ගද ගහනවා ඇති බං.... ඒකයි ඕවා ගාන්නේ. තොපි ඉඹිනවා දාගෙන. ක්ෂය රෝගයද දන්නෙත් නෑ....

රජා: අවුලක් නෑ.... තොපි ඔක්කොම ඉම්බනේ.ඔක්කොටම තමා හැදුනොත්. 



හවස 3.30ට තේ ඉන්ටවල් එකය. සිං ගාලා නෙස්කැෆේ මැෂින් එක ගාවට දිව්වෙමු. ගොජ ගොජ ගාලා කෝපි 2ක් දාගෙන ඉදගෙන පොඩි වට මේස සාකච්ඡාවක් දැම්මෙමු. ඒක අස්සේ කැන්ටිමේ ටීවී එකේ රගර් මැච් එකක්ය. දැන් කට්ටිය රගර් ගැන කතාවය. 

ගයාශාන්: අඩෝ අර කාල්ටන් 7 සුපිරි නේ බං...කවද්ද තියෙන්නේ?

රජා: සිරාවට කවද්ද බං ෆයිනල්???

හසියා: මතක නෑ බං....

ගයාශාන්: එතකොට ඒ ටීම් එකේ 7යි නේ බං??? 

කාවින්ද: ඔව් බං... එතකොට නිකන් එකේ කීයක් ඉන්නවද? 16ද

හසියා: වෙන්ඩ ඇති බං...

ගයාශාන්: මොකද්ද යකෝ... තෝ රගර් ගැහුවා නේද?

හසියා: ඕවා මතක කාටද බං...අපි බෝලේ එන්නැති මුල්ලක් අල්ලන් අයිස ගහපු උන්නේ.

ඒවා අස්සේ රගර් ටීම් වල නම් ගැන කතාවය. 

ගයාශාන්: අඩෝ මහ අමුතු නම් නේ බං තියෙන්නේ. අපිත් හදමුද ටීම් එකක්. 

කාවින්ද: මොකද්ද දාන නම???

කට්ටිය එක එක අදහස් දෙන්නේය. එක එකාගෙ ගමේ නම දාලා කියන්නේය. හිනා කාලා මැරුනේය. මේ ඒ ටිකක්ය. 


අංගොඩ මොංගල්ස්
ගම්පොල ලබ්බ බසාස්
ගිරෑලු ගෙම්බෝ
හංවැල්ල මඩකරි
පානදුර පරයි
කැළණි කිඹුල්ලු

කොහොමහරි උදේ 9ට හදන්න ගත්තු ගාන හවස 5 වෙනකනුත් හැදුවේය. ඒත් ඉවර නැත. මේවා විභාගෙට ආපුවාම කොහොම හදන්නද මන්දාය. හැබැයි අන්තිම පැය කීපයේ බොක්කෙන්ම ගණන් හදපු හින්දා රජා ස්ට්‍රක්චරල් සමග පෙමින් බැදුනේය. සිරාවටම මාරය!

ඔක්කොම ඉවර වෙද්දී අමිල අයියාට හෙම්බිරිස්සාව උග්‍ර වෙලාය. යන ගමන් කතාව ඒ ගැනය. 

අමිල අයියා: ඉක්මනට යමන්... මට රුපියල් 3000 ක විතර බේත් ගන්න තියෙනවා.

ගයාශාන්: එච්චර යනවද බං හෙම්බිරිස්සාවට???

අමිල අයියා: නැතුව...ඩොකා හම්බෙන්නම 1000යි. බේත්වලට 2000යි. 

රජා: යකෝ...අපේ ගෙදර යමන් ආයේ. මම අරන් දෙන්නං ගෙට එහා පැත්තේ ලේඩි ඩොක්ටගෙන්. ඔයිට බාගයක් අඩුවෙන් යයි. ලස්සන ඩොක්ට..

අමිල අයියා: එහෙම හරින්නෑ බං. මගෙ මේ විසබීජයක් කැරකෙනවලු. ඒකලු මෙහෙම වෙන්නේ...

ගයාෂාන්: ඕක අල්ලන්නද 3000ක් ගන්නේ? මම ඕක අල්ලලා දෙන්නං. මට 3000 දියන්....

හසියා: උඹ නහයෙන් රිංගනවද?

ගයාෂාන්: ඔව්... හැබැයි උඹ එහෙම රිංගන්න එපා... උඹේ තඩි බඩ හිරවෙයි.

රජා: බුහහහා....ඔව් බං!!

ගයාෂාන්: කොහොමද නහය ඇතුලේ පඩයක් යැව්වොත්....??? ඕක කොහෙන් පිටවෙයිද දන්නෑ....

අපි: බුහහහා....අම්බෝ!!!!! :D :D

අමිල අයියා: කන් දෙකෙන් යයි නේ මෙහෙම මෙහෙම.... අත් දෙකෙන් දුම පෙන්නමින් කීවේය. 




බෝඩිම ගාවට යනකන් එකම හිනා ලෝකයය. පාරේ හිටපු උන් අපි දිහා බැලුවා වගේ යන්තමට මතකය. තාමත් නිකන් බුරියේ උල් ගතිය බැහැලා නැද්ද මන්දාය. 


තවත් මොංගල් දවසක් එසේ නිමාවිය.....

කලින් මොංගල් දවස්

1) ළමයි හදන හැටි (ලිව්ව තුන්වෙනි පෝස්ට් එක...අන්න කාව්‍යා අක්කට ප්‍රථිපලත් හම්බෙලාලු ^_^ )


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!