Thursday, July 12, 2012

කවුද??????????? - නංගි සම්බන්ධ චිත්‍ර කතාව

ගෙදර ඉන්න සතියේ අත පය වෙහෙසල වැඩ කරන හොඳ රජෙක් විදිහට මගේ සැප දුක් විමසන්න එන පාරිබෝගික ජනතාව වෙනුවෙන් යමක් දෙන එක මගේ යුතුකමය. අන්න ඒ නිසා මම ඔබ සැම වෙනුවෙන් කෙටි චිත්‍ර කතාවක් ගෙන්න හිතුවෙමි. වැඩේ හිතන තරම් ලේසි උනේ නැතිය. මොකද මට චිත්‍ර අදින්න වැඩිය බැනේ. බලා ගෙන නං අදින්න පුළුවන්ය, එත් හිතල අදිද්දී ?

මලය තුමොත් ඉස්කෝලේ ගිහින්ය. දිය සායම් පෙට්ටිය හොයන්න ගේ පුරා ඇවිද්දෙමි. උගේ පොත් මේසය කණපිට පෙරලුවෙමි. ( පෙරලන්න දෙයක් නෑ කොහොමත් එතන අජුතයි) කොමහරි මව්තුමියට පින් සිද්ද වෙන්න සායම හොයා ගත්තෙමි. එදා කොපි කරලා මාට්ටු වෙච්ච එසයිමන්ට් එකේ කොළ ටිකත් හොයා ගත්තෙමි. සබ් වූපරේ කන පැලෙන්න සින්දු දාගෙන අදින්න දෙයක් ගැන කල්පනා කලෙමි. එක පාරටම පට්ට සින්දුවක් ඇසුනි.

දෑ සමන් මලක් වගේ ප්‍රියන්කරයි සුකොමලයි
සුරංගනාවියක් වගේ අහින්සකයි රටක් වටී.

කවුද???

සින්දුව රස විදින ගමන් කතාව බැලුවොත් තමා ඉතින් වටින්නේ. රාජ සම්පත්තිය ලැබෙන්නේ එතකොටය.



මේක රජතුමා මාර විදිහට ආස කරන සින්දුවක්ය. අදින වැඩේ පැත්තක තියාලා සින්දුව මුමුණ මුමුණ මේසෙට කොටන්නට උනෙමි. එකපාරට කවුද?  කියද්දී මට රාජ අයිඩියා එකක් ආවේය.
ඒ මේකය.










නංගිගෙ තාත්තා :- කවුද????????
|
|
|
|
|




නැවතත් මාලිගයට..
|
|
|
|
|
|
|
|
|
|
|




ප/ලි :

සූටි කාලේ දිය සායම් ගෑවට පස්සෙ ගෑවමද කොහෙද...  පජාතයි තමා..ඒ උනාට මූණටම කියන එක හරි නෑනෙ නෙහ්?  :-)

හෙන ගේමක් දී පොටෝ ටික ස්කෑන් කර දුන් අසංක අයියා (නාඔට්ටා) මචාට රාජ සම්පත්තිය ලැබේවා....!!!



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


අගබිසවගේ පිහියෙන් කපා ගත් රජා අද සිට මුහුණ අළුත් කර ගනී.. ලස්සනයි නේ? මේ......







බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් එක දිගට....

1. තෑගි ප්‍රශ්නය 6
2. නංගීට අම්මා අවසර දෙයි
3. නංගී යනු කවුද
4. බස් රේඩියෝව ගිනි තැබීම
5. ගලබොඩත් ඉවරයි



92 comments:

  1. මේක නම් අපේ වල් රාජටම වුනු එකක්ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. මට හිතුනා ඕක කියයි කියලා......අමතක උනානේ ප/ලි යක් දාන්න.. :(

      Delete
  2. මෙය වල් රජාගේ ජීවිත ඇත්දැකීමක් බව සිතෙහි තබා ගන්ඩ!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සිතේ තබාගෙන තප්පර 30න් අමතක කරන්න ඈ... :-)

      Delete
  3. ඇත්තම සීන් එකක්නෙ ඉතින් ඔය ඇඳල තියෙන්නේ.....

    කොහොම උනත් උබ චිත්‍රකලාව අතිනුත් මට වඩා හුඟක් ඉස්සරහින්.....

    ReplyDelete
    Replies
    1. හැම පැත්තෙන්ම ඉස්සරහින් තමා ඉතින් ඉන්නේ... :-)

      Delete
  4. හිකිස්,.,., පවු වල් රජා,., ඔහොම්මම තමයි වෙන්නේ ,., මොනා කරන්නද ,., සින්දුවනන් ෆට්ටයි ඈ,.,., මම මේ අහන ගමන් ඉන්නේ,,.,., මගෙ රත්තරන් හෙලේනා

    ReplyDelete
    Replies
    1. මමත් ආසම එකක් බං...

      මගෙ රත්තරන් හෙලේනා.......කැරකිලා....මගෙ රත්තරන් හෙලේනා.....

      Delete
    2. "කැරකිලා" කියලා එකක් ඒ‍කෙ නෑ...

      Delete
  5. අනේ මන්දා ඉතින් මේක කියලත් බෑ නොකියත් බෑ...7 වසරෙ ඉන්න අපේ පොඩි මල්ලිත් ඔයිට වඩා හොඳට අඳිනවා..කමක් නෑ ඉතින් රජානේ.මොන ගොන් වැඩක් කලත් යටත් වැසියන් වශයෙන් අපි ඒක අගය කරන්න ඕනෙනේ..චිත්‍රෙ නම් පට්ට ලස්සනයි රජතුමෝ

    ReplyDelete
    Replies
    1. හිකිස්......... හූ ඈ......... :-) :-) :-)

      අපේ අම්මත් කිව්වා..

      Delete
  6. පිකාසෝගේ මෙව්වා එකක් වගේ බං.රාජකීය චිත්‍ර.ලැස්කෝ ගුහාවෙත් ඔය වගේ චිත්‍ර තිබ්බා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට... තෑන්ක්ස් ඈ...

      (පිකාසෝ මිනී වලෙන් නැගිටලා ඇවිල්ලා බෙල්ලේ වැල දාගනීද දන්නෑ..)

      Delete
  7. මට නම් ඕවගෙන් කවදාවත් දිනන්න පුළුවන් වෙයිද මන්ද රජතුමනි..... :(
    ඔන්න ඔයා ආස සින්දුවත් ඇහුව හ්ම්ම්.. :)

    ReplyDelete
  8. ආ ප්‍රිය බිසව රජාගේ දෙකම කපලා.....

    මොකක්ද?????

    1)උඩු රැවුලයි
    2)යටි රැවුලයි

    හි හි....

    චිත්‍ර ටික එලමකිරි.....

    ReplyDelete
    Replies
    1. හූ........ තව මොනවාහරි අඩුද බලහන්.. :-)

      හෙන ගේමක් දීලා ඇන්දේ බං..

      Delete
    2. වෙන මුකුත් අඩු නෑ.... උඹේ කට තියෙන තැන අපි දන්නවනේ බොල.....

      Delete
    3. හූ..... මං සාටර් වෙනවද මන්දා :-)

      Delete
  9. හෙහ්.. ඒ ඔක්කොම පැත්තක තියමු.. කියහං උඹ ඔය කාත් එක්ක ඉදලද කොටු පැන්නේ කියලා.. කපන එක සාදාරණයි..

    විත්‍ර ටික ලස්සනයි හොදේ..

    ReplyDelete
    Replies
    1. මම කොටු පයිද්දි බැරියෑ... :-)

      තෑන්ක්ස් හොදේ...

      Delete
  10. ඊහ් හිහ් හිහ්...ඊහ් හිහ් හිහ්......(මේ මට ඇත්තටම හිනා ගිය විදිහ)
    මරු චිත්‍ර කතාව ....හයියෝ....
    රජා ඉවරයි...
    ආයෙ බබෙක් වෙලා.....

    ReplyDelete
    Replies
    1. හිකා....ස්....

      දැන් රජ බබා :-)

      Delete
  11. රජෙක් උනත් ආදරේ ළඟ දන ගහනවා කියන්නේ නිකන්ය
    අලුත් මූනේ පොඩි ලයින් එකක් තියෙනවා වගේ ය :))
    චිත්තර ගතිය,ආතල්ය

    ReplyDelete
    Replies
    1. අළුත් මූනේ පොඩි ලයින් එකක් අඩුයි බං..

      කට නෑ... :-)

      Delete
  12. දිය සායම් කෙසේ වෙතත් උබේ සායම ඉවරයි !


    රාජ සම්පත් හොදේ !

    ReplyDelete
    Replies
    1. හැමදාම අනිත් උන්ගෙ සායම් යවන එකේ ඕං මං අද යවා ගත්තා :-)

      Delete
  13. මේ පාර රජ මුණ මාර හුරුබුහුට්යි වගේ. නරකමත්නෑ ඉතින්. අහ්........ කතාවත් මරු. තව සායම් පාරවල් ටිකක් දිගටම කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කටක් නෑ බං.. :-)

      Delete
  14. ඔන්න අපිත් ගොඩ උනා මේ පැත්තට . අඩවි රජා බලන්න .

    ReplyDelete
    Replies
    1. යේ... මරු මරු... මෙන්න මං ඈ... :-)

      Delete
  15. මට නම් රජාගේ අළුත් මුහුණට වඩා පැරණි මුහුණ හොඳයි. බෙල්ල ගහල ගියත් අපි ඕන් ඇත්තම කිව්වා

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ....? පරණ එක හෙන අලි මිනිහා වගේනේ.. දැන් ඉන්නවා බටු පැටියා වගේ :-)

      Delete
    2. ඒ වුනාට ඒකෙ කිසිම රජ ලීලාවක් නෑ.. හරියට අර ගිස්බන් කොළුවා වගේ

      Delete
  16. ඇත්ත වශයෙන්ම කියනවා නම් ......... නෑ .... එක්කො ඕන නෑ. මම මොකුත් නොකිය ඉන්නම්. දන්න කියන මනුස්සය නෙව.

    ReplyDelete
    Replies
    1. කිය කිය මොනවාහරි... :-)

      Delete
  17. මෙන්න පුවත්පත් සිරස්තල......
    "රජාගෙ වල් ජීවිතය හෙලිවේ....!"

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ පත්තරේ....?

      කියහන්.... යවනවා නිල් වෑන් එකක් :/

      Delete
  18. රජා නිකන් පජාත උන වගේ සින් එකක් නේ.
    එල එල ... දේවයන්වහන්ස මොන්ටිසෝරියෙන් පස්සේ චිත්‍ර අදාලම නැ වගේ.
    රාජ සම්පත් තැපෑලෙන් ලැබේව.

    ReplyDelete
    Replies
    1. හිහිහී......... :-) :-)

      ඊමේල් එකක් එවහන්... තැපෑල පරක්කුයි

      Delete
  19. ඈ බන් රජෝ අර පිය රජතුමා දුන්න පනිෂ්මන්ට් එක ගැන ඇදලා නැහැනේ ...?

    ReplyDelete
    Replies
    1. එයාගෙන් බේරිලා පැනලා එද්දි තමා... මෙයාට අහු උනේ :-)

      Delete
  20. ඉල්ලන් ටින්කිරි ගාගන්නවා මෙයා :)

    ReplyDelete
    Replies
    1. ලොල්........ මිල්ක්මේඩ් :-)

      Delete
  21. මොනවා උනත් උඹට චිත්‍ර කලාව පැත්තෙන් හොඳ අනාගතයක් තියනවා රජෝ!උඹේ චිත්තර වගේ ඒවා දැක්ක වෙලේ ඉඳං අපේ බල්ලා බත් කන්නෙත් නෑ! හොක්ස්‌ හික්ස්.... :පි

    ReplyDelete
    Replies
    1. මල මංගල්ලයයි....

      බල්ලට කන්න කියහන්... ඕකට මොනවාහරි උනොත් මම නෑ ඕං ඈ.. :-)

      Delete
  22. මළා ..... මෙන්න නාඩිය කොල්ලගෙ බල්ලත් ‘තහනම් අඩවිය‘ බලනවළු. හයියූ .... ෂල්ලි. :)

    ReplyDelete
    Replies
    1. බල්ලොත් එක්ක බෑ................ :-)

      Delete
  23. රජා කියන්නෙ වල් ගහක් නෙව !
    සිත්තර ටික පංකාදුයි බොල ! කතාවට දිගටම සිත්තරයක් අඳින්න තියෙනවා නම් එල ! ට්‍රයි කරලා බලහන් කොල්ලෝ !

    ReplyDelete
    Replies
    1. අඳින්න තියෙනවා නම් එල නේන්නං.....

      දවසට පැය 72ක් වගේ තියනවා නම් පංකාදු පහයි ඈ.. :-)

      Delete
  24. හැමදාම කියෙව්වට ඔන්න අදයි කොමෙන්ට් කළේ..
    රජතුමාගේ අලුත් පෙනුම නම් ලස්සනයි,පොඩි එකෙක් වගේ.;)
    බලනකොට,රජාට චිත්‍රත් පුලුවන් !!...:D

    ReplyDelete
    Replies
    1. මෙන්න අළුත් යාළුවෙක්....

      බලන්න......මෙයා හොරෙන් බලලා ගිහින්.... හොර ළමයෙක් :-)

      මම ඉතින් පොඩී නේන්නං.. තාම යන්තං 20යි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හොර ළමයෙක් නෙවෙයි රජතුමනි,හොඳ ළමයෙක්.වැඩි කාළයක් නෑ.දැන් මාසයක් විතර ඇති කියවන්න පටන් ගෙන,මම හිතන්නේ මම පරණ posts ඔක්කොම වගේ කියෙව්වා.නියමයි ඈ.

      Delete
    4. එල එල ඈ.... දිගටම එන්න ඈ... :-)

      Delete
  25. වට්ටක්කා ජංගි අඳින,
    පපුවෙ ස්ටේපල් දෙකක් ගහපු,
    ඔ‍ටුන්න දාගෙන නිදාගන්න,
    ඕනෙම වෙලාවක් ඇස් කන් එක තැන තිබියදී මුහුණ වටා අංශක අනූවක් කරකැවියහැකි නහයක් සහිත
    එකම ෆුල් ඔප්ෂන් රජා
    මූ විය හැකිය.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. //ඕනෙම වෙලාවක් ඇස් කන් එක තැන තිබියදී මුහුණ වටා අංශක අනූවක් කරකැවියහැකි නහයක් සහිත//

      හැකෑ...ස් :-)

      Delete
  26. හැක හැක.
    හොඳ වැඩේ වල් රජාට :පී

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      කවුද ඈ වල්... :-)

      Delete
  27. එළZ......!!

    අකුරුත් අතින්ම ඇන්ද නම් වඩාත් හොදයි.....

    ReplyDelete
    Replies
    1. එහෙනං වැඩේ දෙල් :-)

      Delete
  28. අහිංසක බුද්ධියටත් කෙලින්ඩද හදන්නේ

    ReplyDelete
    Replies
    1. ඒවාට කිට්ටු කරන්නවත් පුළුවන්ද මේවා...

      හැටි බලහල්ලකෝ මේවගේ..

      Delete
  29. රජා චිත්‍ර පිටුව එලටම ඇදලනෙ. නියමයි. නියමයි. කතාව නම් අත්දැකීමක් වගේ. "රජා කොටු පැන්න හැටි" කියලනෙ මාතෘකාව දාන්න තිබ්බේ. කොහොම වුනත් චිත්‍ර අංශෙ තව දියුණු කරගන්න පුළුවන් වගේ. බුද්ධියාට සෙට් වුනොත් ගොඩම තමා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.... අනේ මං නං නෙමේ ඈ... :=)

      Delete
  30. හිකිස් ‍රජාට මේ වගේ පොඩි දෙයක්වත් හරියට කොරගන්න බෑ වගේ.. හිකිස්.. ර‍ජ පොඩ්ඩ (චිත්‍රෙ) මරු

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      ටැංකියු ඈ... :-)

      Delete
  31. හැක හැක හැක ඊයා :/

    ReplyDelete
    Replies
    1. ඔය මදි තව අදින්න ඕනේ...

      ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආආආආආආආආආආආආආආආ........

      Delete
  32. සික් ඒ.. කුජීතයි නේ?

    ReplyDelete
  33. අලුත් මූන නරකම නෑ

    ReplyDelete
  34. @රජා :- අම්මෝ චිත්‍ර නම් හරි ලස්සනයි...
    @ රට වැසියෝ :-[මූණට චිත්‍ර කැතයි කියන්න බෑ රජාට.. පස්සේ රට වැසියෝ ටික සෙට් වුනාම චිත්‍ර විවේචනය කරමු]

    ReplyDelete
  35. මරු චිත්තර ටික..... :D

    ReplyDelete
  36. හික්ස් මරු චිත්තර ටික....අළුත් පෙනුමනම් නියමයි...මොකද කට නෑනේ..අපේ කන්දෙකට නිවනක් ලැබෙයි නේ...

    ReplyDelete
  37. කොච්චර උනත් ඇත්ත කියන එක වටිනවා..දැන් ඉතින් බොරු කිව්වට දික් වෙන්න නහයකුත් නෑ නොවැ.

    ReplyDelete
  38. හිකිස්,.,., පවු වල් රජා,.කොච්චර උනත් ඇත්ත කියන එක වටිනවා

    ReplyDelete
  39. ප්‍රදර්ශනයක් තියපන්.

    ReplyDelete
  40. පදිරි චිත්තර ටික ඈ......................... ඇඩෙනව තනි ඇහැට ............

    ReplyDelete
  41. මටත් චිත්‍ර අඳින්න ඉගෙන ගන්න හොඳ චිත්‍ර ටික !

    ReplyDelete
  42. මරු ඈ... චිත්‍ර ටික ද නැත්තම් කතාවද!!!

    ReplyDelete
  43. පට්ට රජෝ .... නිකන් 5 වසරට ගියා වගේ චිත්‍ර ටික දැක්කම ............

    ReplyDelete
  44. මට චිත්‍ර අදින්න ආසයි ආසයි වගේ

    ReplyDelete
  45. පට්ට චිත්‍ර ටික රජෝ....!

    ReplyDelete
  46. බ්ලොගය එලය රජුනි.! ආවේ අදය, යලි ඒමට අවසර ද ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)