Tuesday, October 30, 2012

මෙන්න මුං මට මහත්තයාලු



හා හා පුරා කියා මං රජා රස්සාවක් වගේ එකකට පය ගැහුවේ ඊයේ පෙරේදාය. වෙන්ඩ ඉන්ජෙක් ලෙස ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගමට බැදුනෙමි.  පොඩිකාලේ ඉදන් තාත්තාගේ අඩිපාරේ යන්න මටත් හෙන ලොකු අමාරුවක් තිබුනේය. එහි ප්‍රථිපලයක් ලෙස මම අද දොන්ත සයිස් බිල්ඩිමක් උඩ අව්වේ කරවෙමි. මෙය ෂැංග්‍රිලා, නෙළුම් කුළුණ, ක්‍රිශ් රෙසිඩන්සීස් නිමවන තුරු ලංකාවේ උසම බිල්ඩිම වනු ඇත.

සිවිල් ෆීල්ඩ් එක අමාරු බව මම හොදහැටි දන්නෙමි. ඉස්සර මම තාත්තත් එක්ක බිල්ඩිමක් හදන තැනකට ගිහින් පැයක් හිටගෙන ඉන්න බැරි එකෙක්ය. ඒකට අද... පැය 14ක් කකුල් දෙකෙන්ම හිටගෙනය. කොදු, තුනටි, යටිපතුල්, උරහිස්, හා සියළුම සන්ධි සංවේදනයෙන් තොරය. ඒ මදිවට හදපාන වගේ තිබ්බ මූණ පරණ කේතලේ වගේ වෙලාය. හෙල්මට්ටුවක් ඔලුවේ ගහන් ඉදලා ඒකේ පටිය යන පාර විතරක් සුදු පාටට මූණේ ඉතුරුය. 

වැඩ කරන අයියලා, අපේ වයසේ උන්, මල්ලිලා, අංකල්ලා අපිට කතා කරන්නේ මහත්තයා කියලාය. දවස් කීපයක් යනකන් ඒ ආමන්ත්‍රණය අතිශය ගුජුප්සාජනක විය. ඇයි යකෝ...අපිට කවුද බං මහත්තයා කියන්නේ? හිතට නැගෙන එකම වේදනාව එයය.

මෙවන් එකී නොකී දුක් කම්කටොළු මැද සයිට් එකේ පහස නිවන දසුන් දෙකකි. ගිය පළවෙනි දවසේ මං රජා විසින් අක්කේ යැයි ඇමතූ නංගිලා දෙන්නෙකි. නංගි කිව්වට මං රජාගේ වයසෙමය. එක වයසේ උනාට මම කලින් උ.පෙ කල නිසා මම බලෙන්ම අයියා උනෙමි. ඇයි මල වදේ...මම තැනකට ගියොත් එතන ඉන්න කෙල්ලෝ අක්කලාය.

සයිට් එක දැන් තහනම් අඩවිය යටතට පත්වී හමාරය. අඩවියේ මහ ඇමතියෝ තුන් දෙනාම ඉන්නේ මේකෙය. කලින් කතා වලින් කරලියට ආ ගවේෂක, වැල අශාන් සමග නිශාන්ය. රජා සුදුවට ඉන්න නංගි එක්ක කලින් කතා කීරීම හේතුවෙන් මුන් ටිකත් නංගිලාට රබර් ඇහැ දමමින් සිටින්නේය. එහෙන් මෙහෙන් යනගමන් වැඩ කරන අයියලාගෙන් නම් දෙක අසාගත්තෙමු. උන්ගේ අම්මලා උන් දෙන්නටම නම් තියලා තියෙන්නේ සින්දු වලින්ය. 

භවයෙන් භවේ...
පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ... 
නදීශානී//

මගෙ නෙත් මායිමේ ඉදන්...
මට ඉගි කරනා... පුංචි සමනළී//

අපි දෙන්නෙක් එකට ඉන්න තැනකින් මේ දෙන්නා ඇදී ගියොත් උන්ට නෑසෙන්නට මෙම ගීතය අලංකෘතව වාදනය වන බව වැඩකරන උන්පවා දන්නේය.

අපි ඉන්නේ මහරජතුමාගේ ගෙටත් උඩින්ය. මුළු කොළඹම අපේ දර්ශන පථයට අහු වෙන්නේය. පැත්තකින් බේරේ වැව ටිප්ටොපේට පෙනෙන්නේය. මේකත් සිරා සීන් යන තිප්පොලක්ය. ඉල ඇදෙන සීන් වැහි වැහැලාය. එකක් දෙකක් මෙසේය. 

වැඩකරන උන් ටිකක් 18වෙනි තට්ටුවේ පලංචි වගයක් ගහමින් සිටියේය. සේෆ්ටි ඔෆිසර් කෙනෙක් ආවේය. උන්ගේ වැඩේ අර දාඩිය පෙරාගෙන වැඩ කරන උන්ට බනින එකය. වැරදි හොය හොය වද දීමය. සේෆ්ටියා ආවේය.

සේෆ්ටියා - ඔය ඉතින්...අන්සේෆ් නේ....

වැඩකරන එකා එකපාරට ආ වදන් මාලාවෙන් අන්ද මන්ද විය. මිනිහා බේරේ වැව දෙස බලමින්, හංසයෝ නං නෑ මහත්තයෝ.... කීවේය. ආරංචියේ හැටියට එදා හිනා වල සද්දේ මුළු කොල්ලුපිටියටම ඇසී ඇත.
  
මං රජා 19වන තට්ටුවේ කොලම් වල කම්බි බදින හැටි බල බල හිටියේය. කම්බි අවසන් වීම හේතුවෙන් වැඩ පැයකට පමණ නැවතුනේය. වෙලාව 5.30ට පමණය. වැඩකරන උන් රජා සමග කතාවට වැටුනේය. අංකල්කාරයෙක් පහල තියෙන කලම්බෝ ස්විමින්ග් ක්ලබ් එක දිහා කට ඇරගෙන බලාගෙනය. මමත් ලගට කිට්ටු කලේය. සුද්දියෙක් වත් හිටියොත්.... මට මීටරේට වැටුනේය. 

අංකල් - බලන්ඩකෝ මහත්තයා... ඔය සුදු කකුල් තිබුනට ඔවුන් ලංකාවේ. හැමදාම එනවා ඔතන පීනන්ඩ.

කූඹිච්චියෝ වගේ උඩට පෙනුනට දිලිසෙන සර්වාංගය 19වෙනි තට්ටුවටම මනාව දර්ශනය වෙන්නේය. 

රජා - ආ... එහෙමද? සල්ලිකාරයෝනේ... ( හිතෙන් - පට්ට කෑල්ල යකෝ...)

අංකල් - ඔව් මහත්තයා... උන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති වෙලා.

රජා - හ්ම්ම්... ( හිතෙන් - ශික්... අද කලින් වැඩ ඉවර වෙන්නේ නෑනේ)
මේ ඊයේ පෙරේදා ආයෙත් පාන් මිල වැඩි කලේය. ඊට පහුවෙනිදා එකෙක් වැඩ කරන වෙලාවේ හිටගෙන අරලිය ගහ මන්දිරේ දිහා බලාගෙනය. මම ලගට ගියෙමි. 

වැඩර් - මහත්තයා... මම කැන්ටිමට ගිහින් පාන් ගෙඩියක් අරං එන්නද?

රජා - ඇයි බඩිගිනිද? 

වැඩර් - නෑ මහත්තයා... මට ආං අර වත්තට වැටෙන්ඩ පාන් ගෙඩිය විසික්කරන්න. මූ මන්දිරේට අත දිගුකරමින් කීවේය.

රජා - හිකිස්.. 

අපි ඉන්න තට්ටුවට උදේ මීදුම එන්න කලින් සිරීපාදේ පවා දර්ශනය වෙන්නේය. මේ ගැන රජාව දැනුවත් කලේ මගෙ පැත්තේ හෙඩ් බාස්ය.
මේවට ගිහින් හරියට කන්නවත් දෙන්නැති වෙයි කියා සිතූ අපිට දවසට රුපියල් 70ට මුළු වේල් 3ම ලැබෙන්නේය. උදේ 10ට හා හවස 4ට කිරි තේ එකකි. එක එක දවසට එක එක ජාතිය. බදාදා රෑ කෑම එක නං ලොවෙත් නැත. අනිත් දවස් වල මොනවා තියෙනවාද දන්නේ නැත. තාම කෑවේ නැත.

බදාදට - බටර් ගාපු පාන් පෙති 8යි, සොසේජස් 2යි, බිත්තරයයි, තම්බපු අල ගෙඩියයි, කැරට් 1, ගෝවා ¼, බෝංචි කරල් 5යි.

වැඩ කරන්න සුපිරිම වෙලාව රෑ 6.30ය. සිරාවටම මෙච්චර ලස්සනට මම කවදාවත් කොළඹ දැක නැත. එක පැත්තකින් ගෝල්ෆේස්, හෝටල් සෙට් එක, වරායය. අනිත් පැත්තෙන් එකිනෙකට සමාන්තරව දිවෙන ගෝල් රෝඩ්, ඩුප්ලිකේෂන් සමග මැරීන් ඩ්‍රයිව් එකය. පාට පාට ලයිට් වැහි වැහැලාය. සුරපුර පරාදය. මංරජා වැඩි වෙලාවක් ඉන්නේ ඒ පැත්ත බලාගෙනමය.

වැස්ස වෙලාවටත් කොළඹ හරි ලස්සනය. ඈත ඉදන් වැහැගෙන එද්දි මාර හැගීමක් හිතට දැනෙන්නේය. වැස්සට පස්සේ කොළඹ ලස්සන නොවුනට උඩ ඉදන් වහින හැටි බැලීම නං වටින්නේය. අනිත් පැත්තෙන් මහ මුහුදය. මුළු දවසම වහින බව මුහුද දිහා බලලා කියන හැටි කියන්න මංරජාට කියා දුන්නේ හෙඩ් ෆෝමන් මහත්තයාය. මූදේ කුණාටු තත්ව පවා උඩය පැහැදිලිව පෙනෙන්නේය. පැහැදිලි කිව්වාට අපැහැදිලිය. කළු පාටය.

කට්ට කාගෙන මාස 3ක් හෝ 6ක් මේක ඇදගෙන යා යුතුය. කවර් කල යුත්තේ පැය 300ක්ය. ඒක එක මාසෙන් විනාස කල හැක. නමුත් මේ ගන්න අත්දැකීම අපිට සෑහෙන්න වටින්නේය. ඉදිරි ගමනට මහත් රුකුලක් විය හැක්කේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, October 24, 2012

අපි ඇදේ සූ කොලමු... Definitely 18+



කලාව වූ කලී විකලාවට කලින් වූ එකය. කලාවන් එකිනෙකට වෙනස්ය. ඒ අතර විවිධාකාර වූ කලාවන් රාශියකි. බලාගෙන ගිහාම හැම දෙයක්ම වගේ කලාවකි. හරියට කන එක කලාවකි. කෙල්ලෙක් සෙට් කර ගැනීම, ත් කෑම, මල් කැඩීම එකිනෙකට වෙනස් වූ ක්ෂාරීය මාධ්‍යයන්ගේ විචල්‍ය වන කලාවන්ය. 

එසේ අනන්ත අප්‍රමාණ වූ කලාවන් අතර චූ කිරීමද කලාවකි. ඕනේ තරම් පාර තොටේදී ගස් ගල් අස්සේ රට්ටුන්ට නොපෙනෙන්න චූ කරන ජනතාව බොහෝය. ඒ... චූ කිරීමේ කලාව ප්‍රගුණ කල උන්ය. මං රජ චූ කිරීමේ කලාව ප්‍රගුණ කලේ 2 වසරේදීය. ඒ කිසිදු බයකින් තොරව මිස්ටත් හොරෙන් ප්‍රසිද්ධියේ පන්තිය තුල චූචු කිරීමෙන්ය. එසේ ලැබුනා වූ ඒ චිත්ත ශක්තිය තවමත් මගේ ලේ, මස්, ට, නහර තුල වේගයෙන් ගලා යන්නේය.  

නමුත් ඇදේ චූ කිරීම යනු, පාරේ චූ කිරීමට අනුලෝමව සමානුපාතික වන නියතයකි. මෙහි ඇති මිහිරියාව දන්නේ අත්දැකිම් ඇති උන්ම පමණය. අනිත් උන්ට හිතාගන්නවත් නොහැකිය. ඉපදුන දා පටන් 6 වසර දක්වා වූ ගණනාවක ත් නොබිදුනු අත්දැකීමෙන් මේ ලිපිය ලියන්නෙමි. 

මතකේ හැටියට ඇදේ චූ කරන්නට ප්‍රථමයෙන් ශු මුහුර්ති සිහින පෙනෙන්නේය. ඒවා නම්,
සුදුසු තැන
සුදුසු වෙලාව
සුදුසු කාලය
වේ. 

සාමාන්‍යයෙන් එදා මාදුටු ශු සිහින එකක් දෙකක් ලියතොත් ඒවා මෙසේය,

රජා විශාල න කැලයක් මැද්දෙන් හෙමිහිට ඇදෙන්නේය. හිටි ගමන් අලි කොටියෙක් ගට කඩන් පනී. රජා දැඩි පරිශ්‍රමයක් යොදා කොටියාව මෙල්ල කළේය. කොයි තරම් මහන්සි උනාද කියතොත් මට දැන් චූ බරය. මම කොටියා සමග ඉදිරියටම දුනෙමි. දොන්ත සයිස් ගසකි. ගහක් වැඩෙන්නට යූරීන් අවශ්‍ය බැවින් මම ගස මුලට චූ කලෙමි. හම්මා.... දැනෙන සනීපෙ. මම ඇති පම් චූ කරමි. ඇති පම්.... චූ කර අවසානයේ මට කකුල් හරියෙන් තෙත් ගතියක් දැනෙන්නේය. 


හීනෙ ඉන්ටර්වල් එකේ වෙන්නේ මෙහෙමය....මම වහා නැගිට කාමරයේ ලයිට් එක දමන්නෙමි. වැඩි දෙයක් සිදු වී නැත. බෙඩ් ශීට් එකේ අදුරු පැහැ ලපයකි. ළඟට සිදු වන්නේ චූ සරම පිටින් අම්මලාගේ කාමරයට ගොස් කුණු බැනුම් අසමින් අලුත් සරමක් හා බෙඩ් ශීට් එකක් ඉල්ලා ගැනීමය. 

ඇතැම් දිනවල හීනෙන් පෙනෙන්නේ ස්කෝලේ ටොයිලට්. කොල්ලොත් එකක් සෙල්ලම් කර කර හිද දුවගෙන පැමිණ යූරිනල් එකකට උ පැන පැන චු කරන්නේය. අනේ අපරාදේ කියන්න ඕනේ නැත. අගේට යන්නේය. වෙනදා මෙන්ම නැවතත් තෙත ගතිය දැනෙන්නේය. නැගිටින්න කම්මැලි උන විටෙක කතාව වෙනස්ය. තෙත් වූ ස්ථාන මග හරිමින් වියලි තැන් වල ස්ථානගත කර ගනිමින් නිදා ගැනීම මගේ උපක්‍රමයය. සරලව පැහැදිලි කරොත් එය මේ කාර වේ. එළිමහනේ කක්කි දැමීම හෝ වැල්ලේ දැමීම හා සමානය. ඕකට ප්‍රසිද් කයියකුත් ඇත. එය මෙසේය...

වැල්ලේ සීලා...වැල්ලෙන් වහලා...

රැල්ලෙන් හෝදන් එනවා...
කලි සීපු ටික ටුකේ වදිනකොට...

පප්පප්පා....පපර පපර පපර පා...
ටුක වෙන තැනකට ගෙන යනවා.....


 18+ WARNING

සම්පූර්ණ ගීතය මෙහි ච්චර ලස්සන වචන නැති හෙයින් ශබ්දය අඩුකර හෝ හෙඩ්ෆෝනයකින් ඇසීම ගුදායකය. කුණුහබ්බ නැත. ඵුඛ, සෙනවා වගේ සභ්‍ය වචකිහිපයකි. සිනාසී මිය යාම් වලට වග කියනු නොලැබේ.


විඩීයෝව මෙතනින්.

පොඩි කාලේ ඇදේ චූ කල උන් දිනේවා. මන්ද යත් උන් එක්තරා කා රසිකයන් පිරිසක් වූ බැවිනි.

ප/ලි:  
මේ කිව්වේ මීට වසර ගණනාවකට කලින් සිදුවූ ක්‍රියාදාමයක් වන අතර වර්තමානඈදා නොගන්.
  
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, October 19, 2012

යකෝ මේ මගේ එකා.. ඉඹලා බලහන් සුවද...



මේ අපේ කැම්පස් එක වගේ එකට අපි ගිය මුල් කාලෙය . එක එක නගර වල පිහිටා ඇති ශාඛා වල සුහදතාවය වර්නය කිරීමේ අරමුණින් සත්සමාජික කිරිකට් තරග සංවිධානය වී තිබුනේය. අපේ ගල්කිස්ස කඩෙනුත් මේසඳහා සහභාගි කරවනු ලැබුවේය. සාමාජිකයන් හත්අටදෙනෙක් පිටත්ව ගොස් තිබුනේය. සියලුම තරග ඉතාමත් උත්කෘෂ් ලෙස අනුව කිරීමෙන් අනතුරුව මොවුන් රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන්ගේ නවාතැනට පැමිණියෝය. 

කෙසේ හෝ මෙතන හිටි උන් දෙන්නෙකුගේ ඉන්දීය උප මහද්වීප දෙකක් මාරු වී ඇත. දෙකම එකම හැඩයය. එකම පාටය. දෙන්නා එකම ජෝක් රාජකුට මරාගන්නේ.

1 - යකෝ මේක මගේ...

2- නෑ යකෝ... මේක මගේ...

1- උ කොහොමද යකෝ කියන්නේ... මේ ඉඹලා බලහන්කො සුවද... මේක මගේ.... 

කෙසේ හෝ මේ සිද්ධිය හෝල් එකක් තුළදී නැවත පිටපත් විය. ඒ මොහොතේ ලෙක්චර් හෝල් එකේ සිවිලම හූ හකින් හෙල්ලි ගිය ව එම ස්ථානයේ සිටි උන් මනාව දන්නේය. ඒ වෙනකොට අර සුදු අක්කෙක් රගපාන ඩ් එක ඇවිල්ල තිබුනේ නැත. නැත්තන් "ආ එහෙමත් පුලුවන්ද" කියා අගේට අහන්න තිබුනේය.

ප/ලි:
අපේ බැච් මෙට්ටුවෝ ගින්දර සෙට් එකය. එකදහස් නමසිය බර ගණන් වල, රජා විසින් ලෙකා හෝල් එකට එනතුරු හා හෝල් එකේ උගන්නන අතරතුර මහත් වූ ශක්ති විපර්යාසයක් යොදා රූප ගත කරන ලද රූප රචනාවේ අතුරු ඵලයයි මේ,


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, October 16, 2012

නූල්බෝල හොරා

රතු නැන්දා එහාට දුවනවා මෙහාට දුවනවා. හරිම කලබලේ

සද්දෙට කළු මාමත් දුවගෙන ආවා. මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න.

මගේ ළුත්ම නූල් බෝලේ...කෝ..ඒක නෑ...මේ දැන් මෙතන තිබුනා...පුදුම වැඩක්නේ මේක..ඉතින් මං දැන් කොහොමද මගේ චීත්තේ මහගන්නේ... රතු නැන්දා තාමත් කෑගහනවා.

කෑගහන්න එපා යෝදියේ...අහල පහල මිනිස්සුන්ටත් හෙයි...නූල් බෝලේ දැන් තිබුනානම් නැති වෙන්නේ කොහොමද? අපි තව ටිකක් හොයලා බලමු...

හොයලා බැලුවා තමයි..කෝ...ඒත් නූල් බෝලෙවෙච්ච දෙයක් නෑ..

කළු මාමයි...රතු නැන්දයි දෙන්නත් එක්කම නූල් බෝලේ හොයනවා. උඩ බලනවා...බිම බලනවා.ඒත් නෑ. නූල් බෝලේ හොයලා කළු මාමටයි රතු නැන්දටයි දැන් හොටම මහන්සියි. කළු මාමා නළල දිගේ බේරෙ දාඩිය ඔලුවේ බැදගෙන හිටපු ලේන්සුවෙන් පිහ දාගෙන බංකුව උඩින් ඉදගත්තා

මේකනං පුදුම වැඩක්... දැන් කොච්චර වෙලාවක් නම් හෙව්වද? හැබෑ හිරවයවත් ගෙනිච්චද දන්නේ නෑ... රතු නැන්දා ඇස් දෙකත් ලොකු කරගෙන නිකටටත් අත තියාගෙන බිත්තියට හේත්තුවෙන ගමන් කිව්වා.

ඔය අතරේ ක කළු මාමා දැක්කා අද යට නූල් පොටක් එහාට මෙහාට ඇදෙනවා. කළු මාමා හෙමින් සැරේ ඇද යටට එබිලා බැලුවා... කළු මාමාට හිනා. රතු නැන්දත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා කළු මාමා හිනා වෙන්නේ මොකද කියලා. රතු නැන්දා කළු මාමාගෙන් ඇහුවා වෙන්නේ මොකද කියලා... ඒ ගමන කළු මාම තවත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. රතු නැන්දට දැන් කළු මාමා එක්කත් තරහයි.

හිනායන්නැතුවයි...මේ තියෙන්නේ ඔහේගේ නූල් බෝලේ...මේ ඉන්නේ බහිරවයා. නූල්බෝල හොරා... එහෙම කියලා කළු මාමා ඇද යට ඉදලා එළියට ගත්තේ කිටියව.උගෙ ඇග පුරාම නූල් එතිලා. ඌ නූල් බෝලේ අරගෙන එහාට මෙහාට පෙරළි පෙරළි ඉදලා නූල් බෝලේ ඇග පුරාම එතිලා.

ඇගපුරා එතිච්ච නූල් පිටින්ම කිටියා පුරු...පුරු ගගා කළු මාමගේ කකුලේ දැවටෙන්න පටන් ගත්තා. දැන් නම් රතු නැන්දට හොදටම තරහයි. කේන්තිය ඉවසාගෙන ඉන්න බෑ..

හොර බළලා.. දැන් ඉතින් නූල් බෝලේ ගන්න දෙයක් නෑ.. ඒ මදිවට කකුලේ දැවටෙන්නත් එනවා.. හිටපං උඹට හොද පාඩමක් උගන්නන්න...

එහෙම කියලා ගෙයි තිබිච්ච කොස්සත් අරගෙන රතු නැන්දා දුවගෙන ආවා. එතකොටත් කිටියා මිදුලට පැනගෙන.

_______________________________________________

ප/ලි:
මේ දවස් වල හවසට හිටගෙන පශ්චාත්භාගය/ඵුඛ හෝදන්නට වහින්නේය. ඒ මදිවට තඩි හෙනද පාත්වෙන්නේය. කරන්ට් එක එක්ක වැඩ මව්තුමිය තහනම් කරන බැවින් මටත් කරන්නට දෙයක් නැත. පොත් රාක්කය ඇද්දෙමි. උසස්පෙල පොත් වලින් අච්චාරුවක් දැම්මෙමි. කතන්දර පොත් ඇද්දෙමි. මාගේ පළමු කතන්දර පොත හම්බුනේය. සාලෙට ඇවිත් ආසාවෙන් පොත කියෙව්වෙමි. මේ අතර අම්මා ලගින් ගියේය. 

මම - අම්මේ මේ...... මම පොත පෙන්නුවෙමි.

අම්මා - හිහ් හිහ්... ඉස්සර ඔය පොත මට පාඩම්. ඇයි ඉතින් හැමදාම රෑට ඕක කියවන්න ඕනැනේ

මම - හිකිස්.. ^_^

ඉස්සර මාගේ ආසම කතන්දර පොත මේකය. අම්මාට පින්සිදු වෙන්නට ඒ හැම පොතක්ම වාගේ මා සතුව ඇත. 

පිටකවරේ

ඩි අකුරු

කොහොමද චිත්‍ර හැකියාව

රචනය: ධම්මිකා අක්මීමන
පැල්පොලවත්ත
ගොඩගම
මීගොඩ

ප්‍රථම මුද්‍රණය - 1995 ජනවාරි    

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
  

Saturday, October 13, 2012

කලවම්, කවලම්, අච්චාරු, සම්බෝල, රීමික්ස්



මිනිහෙක් යම් කාර්යයකින් ඉහලට යන අතරම වටේ උන් හූල්ලන්නේ ඔප දැමු පෘෂ්ඨ වලින් තාපය විකිරණය වන්නේ කෙසේද, දුර්වල භෂ්ම මවුලයක් මුළුමනින්ම විඝටනය වීම සදහා අවශෝෂණය කර ගන්න තාප ප්‍රමාණය එකිනෙකට ආනතව ඇති දෘඩ ඊෂා දෙකක් අතර සුනම්‍ය මූට්ටුවක් ඇති කරලීම සදහා දසත මූට්ටු භාවිත කරන්නා සේය.

එවිට අප කල යුත්තේ උන්ගේ ඉරිසියාව හුණුගල් සමග මිශ්‍ර කර කාබනේටයක සංශුද්ධ ප්‍රතිශතය සෙවීමට අනුමානය දීමය. එවිට අක්ෂයක් වටා භ්‍රමණය විය හැකි අයුරු විවර්තනය කොට ඇති දෘඩ වස්තුවක් වන අවලම්බයක් මෙන් උඩු අතට ඇඳි සිරසට ආනත වන කෝණයේ ශ්‍රිතයක් සේ එහි කෝණික ප්‍රවේගය සදහා ප්‍රකාශනයක් අපට ගත හැකි වේ. 

නැතහොත් ඉරිසියාව යනු එකාකාර ඝණත්වයක් ඇති වස්තුවක් යයි සලකා සමමිතික අක්ෂය වටා ස්කන්ධ කේන්ද්‍රය සලකමු. උදාහරනයක් ලෙස අශ්ඨතලීය වූ සජල සංගත සංකීර්ණ වලදී 3d උපශක්ති මට්ටමේ කාක්ෂික සහ ස්ඵටික ක්ෂේත්‍රවාදය අනුව එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් දෙකකට වෙන් කරමු. 

ජිවන ගමනේ වංගුව තුලට ඇති ඉදිරි රෝදය වංගුවෙන් පිටතට ඇති ඉදිරි රෝදයට වැඩ ස්වල්ප වශයෙන් වැඩිවූ කෝණයකින් හැරිය යුතුය. ඒ ඇකර්මන් මුලධර්මය අනුවය. එසේ නොවුනහොත් අසන්තෘප්ත සදහා වූ පරීක්ෂණ දෙකට බෙන්සීන් ඍන ප්‍රතිචාරයක් දක්වන බැවින් එහි අසන්තෘප්තතාවක් නැත්ත සේ පෙනිය හැකි වන්නේය.

හැලජන් කුලයේ පරමාණුවක ඉලෙක්ට්‍රොන ව්‍යාප්තිය සලකා බැලීමේදී භුමි අවස්ථාවේදී හා ඔක්සිකරණ අවස්ථාවේ මෙන් ක්‍රියා කරන මිනිස් සිත, කාමර උෂ්ණත්වයේදී වාතයේ ඉබේ දැවේ. හෘදයෙන් පිටතට ලැබෙන සම්පුර්ණ යාන්ත්‍රික ශක්තිය එලවුම් රෝද කරා සම්ප්‍රේෂණය වන්නේ අවරපෙති කන්ද තුලින් වේ. මෙම ශක්තිය දෛශික සමීකරණයට ආදේශ කිරීමෙන් ලැබෙන සුදු ආලෝකය ඇසට සංවේදී වන සියලුම විකිරණ තරංග වලින් අර්ධ ආරෝපිත වන්නේය.

වැරදීමකින් හෝ මෙය එක දිගට කියවමින්ම පහලට එමෙන් මඤ්ඤං වූ දෙනෙත හා මොලය යලි උදාසීන තත්වයට ගෙන ඒමට ඔබ කල යුත්තේ ලැසෙන් විලයන නිස්සාරකයට අලුත සැදු ෆෙරස් සල්ෆේට් එකතු කර රත් කර, සල්ෆුරික් සමග බීමය. ඊට පැයකට පසුව නිල් පැහැයට මුත්‍රා පිටවුණි නම් ස්පර්ශක සියල්ලේම කෙලවර වෘත්තයක් මත පිහිටන්නේය. එය දෘශ්‍ය ක්ෂිතිජය වන අතර, එකම සරල රේඛාවේ නොවන බැවින් සම්ප්‍රයුක්ත බල වල ඝූර්ණවල වීජ ඓක්‍යයට අනුලෝමව සමානුපාතික වන්නේය.  

You needn't make two copies. one will do. the tense is formed by the present perfect of the verb to be + the present participle. the most useful verbs which can be followed directly by the infinitive are,

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ප/ලි:
පොත් රාක්කේ ලගින් යද්දි උසස් පෙල පොත් රාශියකට නෙත යොමු විය. වෙන වෙනම ලස්සනට තබා තිබූ පොත් ගෙන පෙරළුවෙමි. මගේ හද සන්තායට නැගුනු අදහස් සමූහය ඉහතින් අකුරු කලෙමි. 

ආශ්‍රිත ග්‍රන්ථ:
  • උසස් පෙළ ව්‍යවහාරික ගණිතය - ඩබ්. කේ. හේවගේ
  • ශක්ති විද්‍යාව - හේමචන්ද්‍ර බස්නායක
  • රසායන විද්‍යාව - ලක්ෂ්මන් පැලැන්දගේ
  • S,P,D ගොනු - සුදන්ත ලියනගේ
  • ත්‍රිකෝණමිතිය - එස්. එල්. ලෝනි
  • තාපය - ලක්ෂ්මන් දිසානායක
  • උසස් පෙළ කාබනිකය - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
  • මෝටර් යාන්ත්‍රික විද්‍යාව 2 - ඩී. එල්. ගුණරත්න
  •  A Practical English Grammar - A.J Thomson, A.V Martinet 

Friday, October 12, 2012

සල්පිලක්... සල්පිලක්...

මේ ඊයේ පෙරේදා අවුරුදු ගානකට පසුව සල්පිලක් අත්විදින්නට ලැබුනේය. මතකේ හැටියට මේ මාගේ 3වන සල්පිල් අත්දැකීමය. එකක් නම් ටක්කෙටම සුවර්ය. මේ පොස්ටුව කියෝන “තරුණ පරපුරේ“ උන්ගෙන් 40%ක් සල්පිලක අත්දැකිම විද නැත.(පරීක්ෂණයක ප්‍රථිපලයකි)

මාගේ පලවෙනි සල්පිල් අත්දැකීම ලැබුනේ මම 4 වසරේ විතරදීය. දහම් පාසල් අරමුදලට ආධාර පිණිස එය පවත්වනු ලැබුවේය. උනේ මොකද්ද, මොනවා කලාද කියා මට ඒ හැටි තේරුමක් නැත. දෙවැනි එකේ මතකේ හැටියට මම හිටියේ 8 වසරේය. එය තිබුනේ දඹදෙණිය රාජධානියට හූවයි බල්ටියයි තරම් දුරකින් පිහිටි ගමකය. එයනම් කොඤ්ඤං කොඤ්ඤං තේරුණේය. එදා අපේ පියතුමා අපිට කන්ඩ කජු මුලක් ලන්සු තබා ගත්තේය. ගාන නම් ටක්කෙටම මතක නැත. හැබැයි ඉන්ග්ලන්ඩ් රේට් එකකට බව නම් මතකය. කජු....මෙන්න බඩු.... කාටද ඕනේ.... ස්ටෙජ් එක උඩ ඉන්න එකා කෑගහන විදිහට ඒක ගන්නම හිතෙන්නේය. එදා කජු මුලේ පුස් කජු හිටන් තිබූ බව මගේ දිව දන්නේය.  

තුන්වෙනි එක මේ ඊයේ පෙරේදාය. ඒකත් දහම් පාසලට ආධාර පිණිසය. දහම පාසලේ ඉඩ නැති හෙයින් සල්පිල ඊට බල්ටි දෙකක් මෙහායින් වූ, රජ මාලිගාවට හරියටම අංශක 180 සරල රේඛාවේ කෙලින්ම පිහිටි භූමිය වෙත ගෙන එනු ලැබිය. මටත් හෙන ආතල්ය. ඇයි ඉතින් ගේ ඇතුලේ ඉඳන් උඩ දාගෙන, කට ඇරගෙන, සල්පිල බලන්න ලැබෙන චාන්ස් එකය. කෝකටත් ලෑස්ති පිට හිටියෙමි. පාර මට්ටමේ වූ තට්ටුවේ ඉඳගෙන ලැපෙන් එසයිමෙන්ට් එකක් කරමින් සිටියෙමි. දහම් පාසල් ප්‍රධානාචාර්යතුමිය පැමිණියාය. එළියේ තිබු කොන්ක්‍රීට් පුටුවක ඉදගත්තාය. මමත් දැක්කේ නෑ වගේ වැඩය. 


 ටික වෙලාවකින් දහම් පාසලේ ගෑල්ලමයි එකින් එකා අපේ මාලිගාව පැත්තට ඇදෙනවා මට දැනුනි. දැනුනා වාගේම දර්ශනය වන්නටද විය. ඒක නං දැක්කේ නෑ වගේ හිටියේ නැත. ක්ෂණිකව නැගිට දොර ලඟට ගියෙමි. ෆුටා.... මේ ලමයි සල්පිලට බඩු ගෙනල්ලාය. හෙමින් සැරේ එකතු කල බඩු සෙට් එක මගේ ඇස් ඉදිරියේ ටිකෙන් ටික ගොඩ ගැසෙන්නට විය. රජා...... ඔය අටමගලේ අරන් ඔතනින් අයින් වෙන්න. මව්තුමියගෙන් අණ ලැබුණි. ඒකත් අර චූ කෙල්ලෝ ඉස්සරහමය. රජෙක් උනත් අම්මට ගරු කරන බැවින් වහාම එතනින් අයින් උනෙමි.

මං රජාටත් දැන් කරන්න වැඩක් නැත. උඩ තට්ටුවට යන්න බැරිය. එහි ගෑල්ලමයි රංචු පිටින්ය. යුව රජා සමග තව පොඩි ගෑල්ලමෙක් පහල තට්ටුවේ විරිඳු පුරුදු වෙන්නේය. මං රජත් හෙමින් පහලට ඇදුනි. උන් දෙන්න ලෙසටම කවි කියන්නේය. මටත් පොඩි උන් චූන් කිරීමේ සහජ හැකියාවක් ඇති හෙයින් උන් කවි කියන කොට මම ඈත මේසයක් ලග සිට උඩරට වන්නම් නටන්නේය. උන් කවි කියන එක පැත්තක තබා බක බක ගා හිනාවෙන්නේය. විරිදුව පුරුදු කරන ඇන්ටි පිටිපස්ස බලද්දී මං රජා ලොවෙත් නැත. එහෙම එකෙක් ගේ ඇතුලෙවත් නැත. රජාගේ කරදර කිරීම් හමුවේ මව්තුමිය පැමිණ හරහට හිට ගත් හෙයින් ඔවුන් හා මා අතර තිබු දර්ශන පථය සම්පුර්ණයෙන් වැසී ගියේය. ඒ ෆන් එකත් හරි නොගිය තැන මම නාන්නට ගියෙමි.  

නාගෙන එහෙම ටීවී බලන්න උඩ තට්ටුවට ආවෙමි. විනාඩි පහක් ගත වෙන්නට ඇත. රජා...... පහලට යන්න.... මේ නංගිලාගේ නැටුම් වලට ඇදුම් මාරුකරගන්න දෙන්න ඔතන. ඉද්ද ගැහුවක් මෙන් මං රජා කෙලින් විය. හීනෙන් වගේ පඩියෙන් පඩිය බහිනවා මට මතකය. මට සිදුඋනේ කුමක්ද? මටවත් මීටර් නැත. බොහෝවිට ඒ මග හැරුන දර්ශනයක් නිසා මාගේ පපු කැනැත්තෙන් බුරා බුරා නැගුන ස්වකීය ප්‍රතික්‍රියාවේ තිරස් විභේදනය, ධරයේ සිට ආයාසයට ඇති දුරින්, විඛන්ඩිත ප්‍රේරණය වී ඉන් උත්පාදනය වූ න්‍යශ්ඨික ආරෝපණයක අවසාන නිරීක්ෂණය විය හැකිය. 

ඒ මිදී ඇඹුල්යයි කියා සිතමින් මම තුන්වෙනි තට්ටුවට ඇදුනේ දඩයමක් මිස්උන හයිනාවෙක් පරිදිය. පශ්චාත්භාගය හොඳටම පාත්වෙලා තිබුනේය. මූණ බෙරි වී තිබුනේය. රෑ 7.30ට විතර සල්පිලේ වැඩ ඇරඹුනේය. ඒ වන විට මං රජා හිටියේ වහලේ උඩය. වහලේ උඩට හයි ඩෙෆිනිෂන් HD රූපරාමු දර්ශනය විය. රජා කොහොමත් සෙනග ඉන්න තැන වලට කැමතිම නැත. පොදු ප්‍රවාහන සේවාවල යන්නෙත් යන්නම ඕනේ නිසාය. සල්පිල් භූමියට ආවේ නැති හෙයින් පසු කාලීනව පිය රජාගේ හා මව්තුමියගේ දැඩි දෝෂාරෝපණද පසුවට එල්ල විය.  

වහලේ උඩ සිට සල්පිල් භූමිය
මම අවදි වී සිටි කාලය අතර තුර වැඩිම ලන්සු තිබ්බේ කෑම වලටය. ඉස්සරලාම දෙයියනේ කියලා මල් වට්ටිය ගියේ රුපියල් 600කටද කොහෙදය. පසු කාලීනව හිතට වදින්නම ලන්සු තිබ්බේ කට්ලට් 30කටය. එකනං ලොවෙත් නැති ලන්සු තැබිල්ලක්ය.

හාහ් හා.......මෙන්න තියෙනවා කට්ලට් 300ක්.....

30යි 30යි (පිටුපසින් රහසින්)

හරි හරි.....මෙන්න තියෙනවා කට්ලට් 300ක්...හැබැයි මට 0 පේන්නේ නෑ....
 
තියන්න බලන්න ලන්සුවක්....මේ ගමේ කොල්ලෝ බෝල කන්නැද්ද?

100යා......යි (පාරේ එහා පැත්තෙන්)

100න් පටන් ගත්තු ලන්සුව පෙට්‍රල් මීටරේ කැරකෙනවා මෙන් සට පට ගා ඉහල නැග්ගේය. දැන් ලන්සුව යන්නේ 800 ගානකටය....

ඒ අතරින් පතර එක දෙන්නා කෑගසයි.

කෑවද කට්ල.......ට්
ආ....කෑවද???
මේ කනවා.....
කාපන් කට්ලට්.....

මං රජ මධ්‍යම රාත්‍රී 11.45ට පමණ නිදා ගත්තේ පසුදින කැම්පස් එක වගේ එකට යන්නට මහා පාන්දර 4ට අවදි විය යුතු බැවින්ය. මගේ කාමරේ නිදියන්නත් මට නිකන් මොකද්ද වගෙය. ටීවී එක තියෙන්නේ මගේ කාමරේ ළඟය. ඒ කියන්නේ ගෑල්ලමයි ඇදුම් ඇන්දේ මෙතනය. එතනින් යනකොට මට නිකන් ඔක්කාරෙට වගේය. 

රජ මලයා හෙවත් යුවරාජ් දුන් කොන්ක්‍රීට් මල් බදුන රුපියල් 1100කට විකිණී තිබුණි. එය අපේ වැඩපොළේ විකුනන්නෙත් රුපියල් 700කටය. එහෙන් මෙහෙන් එක එක ඒවා විකිණී සල්පිල ඉවර වෙනකොට වෙලාව පාන්දර 3 යයි මව්තුමිය පසුදින මා හා පැවසුවාය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!