ඒ කාලේ දැන් වගේ නොවේය. සරල සුකම අතීතයකි. දැනුත් සුන්දර නැත්තේම නැත. නමුත්
ඉස්සර මෙච්චර ෂෝ එකක් නැත. රජා පැටිය කාලේ ගම වටේ හිටි මාමලාට එක එක නම්
දැම්මේය. මාලිගාව එහා පැත්තේ මාමා හෙන මහතය. කලුය. රජා ඉස්සර මේ මාමට හෙන බයය.
එත් වැඩිපුරම එල්ලෙන්න යන්නෙත් මෙයා සමගමය. එයට මම දාපු නම උනේ බක් මාමාය.
තවමත් හිටි ගමන් මම ඔය නමින් ඔහු අමතන්නේය.
තවත් මම නම් දැමු අයෙක් වුයේ අපේ අම්මාගේ තාත්තය. එනම් මගේ අත්තාය (සීයා). මේතාක් මම දැක ඇති තඩිම බඩ තිබුනේ අපේ අත්තාටය. එයාට මම දැමූ නම උනේ බඩ අත්තාය. ඉස්සර චුටි රජාට ඔහුව පෙනුනේ යෝධයෙක් වගේය. කට්ට කළු තඩි බඩ ගෙඩිය, හෙන උස මේ මහා දැවන්තයා හරියට Ben 10 එකේ ඩයිනොසිරස් වගේය.
බඩ අත්තා |
අක්කා: අපෝ... ඔය මොකෙද්ද ඔය?
රජා: මේ මගේ ජොලිබෝලේ...
අන්න එලෙසින් රජාට
ජෝලිබෝලේ යන නම යෙදුනි. එය පුරුද්දක් කර ගත් අක්කා පාරේ යන හැමවිටම මම පේන්න
හිටියොත් ආ...ජෝලිබෝලේ.....කියන්න ගත්තේය. එවිට පුරුද්දක් ලෙස රජා කලේ
ක්ෂණිකව කලිසම ගලවා අක්කට පෙන්වීමය. ඒත් මෙයා හැදුනේ නැත. හැමදාම ඕක කළේය.
රජා
ඉස්කෝලේ යන්න පටන් ගත්තහම නම් අක්කා මට ජෝලිබෝලේ කියන එක නැවැත්තුවේය. එත්
දැන් ඉඳල හිටලා හම්බුනාමත් මට ජෝලිබෝලේ කියන්නට ඇය අමතක නොකරන්නේය. දැන් උනත්
කලිසම ගලවන්න හිතුනත් එය කල නොහැකිය. මන්ද ඇය චූටි කෙලි පැටික්කියෝ
දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් නිසාවෙන්ය.
![]() |
අක්කාගෙ මාර්ග සිතියම |
මම කියන්න ආවේ ඒක නෙවේය. ඒ අපේ බඩ අත්තා ගැනය. රජා ඉස්සර වැඩි පුරම ඉන්න ආස
කලේ අපේ මව්තුමියගේ මහ මාලිගාවේය. හොරොම්බාව කියන ගමේ (නාරම්මල) එය පිහිටියේය.
බඩ අත්තා කලේ පුත්තලමෙන් ලුණු ගෙනත් මෙහෙදි අයඩින් මිශ්‍ර කරලා පැකට් කරලා
කඩ වලට දාන එකය. ලුණු පැකට් කරන මඩුව හෙන දිගට තිබුනේය. රජා ගමේ ගිහාම ආතල්
ලෝකයය. මඩුව පුරා ලුණු අතුරලාය. වැඩ කරන අය අයඩින් ඉහිනකන් රජා ඔය ලුණු ගොඩ
දිගේ එහෙ හෙමේ දුවන්නේය. මම තව ආසම වැඩක් නම් අර ටැංකියෙන් අයඩින් ඉහින
එකය. තවත් එකක් නම් ලුණු පැකට් කිරීමය. කිරිඅම්මා (ආච්චි) ලුණු පැකට් කරන
තැන ලුණු කිරමින් දමන්නීය. පැකට් එක සීල් කරන්න තියන්නේ පොඩි ගැජට් එකකින්ය. ඒක
කරන්ට් එකෙන් රත් වෙන්නේය. කකුලෙන් පෑගුවාම අර රත් වෙච්ච දාරේ කවරේ වැදී පැකට් එක සීල් වෙන්නේය. ඕක කකුලෙන් පාගන එකත් රජාගේ තවත් විනෝදාංශයක්ය.
අත්තට පරණ BMC ලොරි තුනක්ම තිබ්බේය. අත්තා මට කොච්චර ආදරේද කිව්වොත් ලොරි වල වීදුරුවේ ගැහුවෙත් මගේ නමය. ඔය ලොරි වල එහෙ මෙහෙ යන එකත් ඒ දවස් වල පට්ට ආතල් සීන් එකක්ය. පාරේ යනකොට ලොරියෙන් මුළු පාරම වැහෙන්නේය. ආයේ නිකන් පාර බදු ගත්තා හා සමානය.
රජා ලොරිය උඩ |
රජාගේ
කරේ පංචායුධේ බැන්දෙත් මගේ බඩ අත්තාය. එයා පංචායුද බැන්දහම ඒ ළමයට හෙනම
කික් එකක් එනවා යයි ඉස්සර අපේ පවුලේ මතයක් ගොඩ නැගී තිබුනේය. අහල පහල මාලිගා වල අය පවා තමන්ගේ දරුවාට පචායුද බැද ගත්තේ අපේ අත්තාට කියලාය. එත් බඩ අත්තගේ එක
නරක පුරුද්දක් තිබුනේය. ඒ බොන එකය. හැමදාම හවසට කන සාක්කුවේ වැටෙන්න
බිව්වේය. එත් වලි නැත. ඉඳල හිටලා එකක් දෙකක් ගියාට එහෙම වෙන්නෙත්
කලාතුරකින්ය. ඉස්සර අත්තගේ ඇදුම් වලින් ආවේ මජං සුවදය. ඒ අර කබල් ලොරි එක්කම ඔට්ටු වෙන නිසා විය යුතුය. තාමත් ඒ සුවදට රජා මාර විදිහට ආසා කරන්නේය.
රජාට පංචායුධ |
බඩ අත්තා මැරෙනකොට මම 3 වසරේය. යුව රජා ඉපදෙන්න මාස ගානක් තියෙනකොට අත්තා අපි
අතරින් සමු ගත්තේය. ඒ වෙන මොකවත් ලෙඩකින් නොවේය. අධික බිමත්කමය. අර
වකුගඩු දිය වෙලා, මුණ කළු වෙලා, බඩ ඉදිමිලා වෙන සීන් එකය. අත්තා මැරුනයින්
පස්සේ ලොකුම පාඩුව උනේ මටය. වෙනදා වගේ අපිව බලන්න එනකොට ටොපි, මිදි කිලෝ
ගණන්, චෝකෝ පෙට්ටි පෙට්ටි ගෙනත් දෙන්න කෙනෙක් මට අහිමි උනේය. අපි හැමදාම අත්තා මැරුණ දවසට ලොකු දානයක් දෙන්නේය. එය නොකඩවා අවුරුදු 14ක් සිදු විය.
ඉදිරියටත් සිදුවේවි.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියම මැප් එක රජෝ
ReplyDeleteහික් හික්.. :)
Delete;)
ReplyDelete;)
Deleteuba maara map kaarayekne, google ekata apply karala balahan
ReplyDeleteමම ගූගල් එක්ක තරහයි බං...
Deleteඌ අපේ ගේ ලගටම පට්ට ක්ලියර් පෙන්නනවා. අපේ ගේ හරියට පෙන්නන් නෑ කියහන්කෝ :/
උබ අර ජොලි බෝල පෙන්නන්න ගිහිං බෝලෙ පලාගත්තු නිසා නේද උබට අඩවි රැජින කියන්නේ දැං???????????
ReplyDeleteබඩ අත්තාට නිවන් සුව!!!!!!!!!!!
ඔව් ඔව්.. ඒක තමා :)
Deleteසුභ වේවා... රාජ සම්පත් ලැබේවා කියන්නේ පොඩි කාලේ ඉඳන් රජා වගේ ඉන්න නිසා වෙන්න ඇති...
ReplyDeleteහෙහ්... ඕක මේ ලගදි දාපු වචනයක්නේ :)
Deleteබඩ අත්තා දැක්කම ඇත්තටම බය .එහෙත් ඔහු තුල සුන්දර මනුෂ්‍යෙයකු සිටි බව ඔබේ සටහනින් පෙනි යයි.හොඳ මිනිසුන්ට ආයුෂ අඩුය.බිමත්කම රකුසෙකු මෙන් ජිවිත සොරා ගනි. රජාගේ බඩ අත්තාට හොඳ තැනක ඇත.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඇත්තටම මටත් අපේ සීයව මතක් උනා එයා මැරුනෙත් බීලා.
ReplyDelete//රජාගේ කරේ පංචායුධේ බැන්දෙත් මගේ බඩ අත්තාය. එයා පංචායුද බැන්දහම ඒ ළමයට හෙනම කික් එකක් එනවා යයි ඉස්සර අපේ පවුලේ මතයක් ගොඩ නැගී තිබුනේය. අහල පහල මාලිගා වල අය පවා තමන්ගේ දරුවාට පචායුද බැද ගත්තේ අපේ අත්තාට කියලාය.//
ReplyDeleteමේ ටික දැක්කාම පප්පා(අම්මගේ තාත්තා) මතක් වුනා අපේ,,එයත් ඒමයි,, අදටත් ඒ පැත්තේ ළමයි ඉපදුනාම පංචායුධේ බදින්නේ පප්පා තමයි.. :D
ජිම් පප්පද? සූර පප්පද? නැත්තම් ලොකු පප්පද? ^_^
Deleteඔය ජාතියේ මැප් තියෙනවා ෂර්ලොක් හෝම්ස් පොත්වල.
ReplyDeleteඅම්මපා? මම ඕකගෙ පොත් කියවන්නේ නෑනේ :)
Deleteමොකද්ද බං මාලිගාවල් අස්සෙ "කඩවල්"! දාපිය "සල්පිල්" කියල.
ReplyDeleteසුබ වේවා රාජ සම්පත් ලැබේවා!
හෙහ් :)
Deleteසල්පිලක් තිබ්බා ගිය අවුරුද්දේ :)
මටත් මහ රජට කියලා මැප් එකක් අන්දවගන්ට හිතයි. මාර ලස්සනයිනේ. ඒ වගේම හොඳ අදහසකුත් දෙනවා ඒ කාලේ තිබුනු රාජධානියා ගැන, රජ මාලිගා සහ රජ කාලේ තිබුනු මංමාවත් ගැන එහෙම. :D
ReplyDeleteඅයියෝ සිම්පල් වැඩක්නේ :)
Deleteබ්ලොග් කියවන අයට දැනුමක් දෙන්න එපායෑ ^_^
මගෙන් නම් සීයාලා දෙන්නම මං ඉපදෙනකොට මැරිලා... මට හිටියේ ආතා විතරයි.. ආච්චිගේ තාත්තා.. එයාව මතක් උනා...
ReplyDeleteඅයියෝ... :(
Deleteමට මතක් උනේ මගේ අත්තව නැතිවෙලා අවුරුදු 3යි මම ඒ ලෙවල් කරල ඉවරවෙනකන්ම හැම නිවාඩුවකටම මාව ගමේ එක්කන් යන්න ආව .. අන්තිම කාලේ එයාගේ හැම වඩක්ම මගේ අත් වලින් කාරන්න මට වාසනාව ලැබුණා.. අදටත් ලග ඉන්නවා වගේ ... රජාගේ අත්තටත් මම නිවන් සුව ප්‍රාර්තනා කරනවා ....
ReplyDeleteඇඩෙනවා! :(
Deleteසීයා කියනකොට නම් කියාගන්න බෑ හට හිටපු එකම සීයාත් කියාගන්න බෑ 1 වසරේ සිටිනවිට අප අතරින් වෙන් වුවේය... :(
ReplyDeleteරජා හට ඒ කාලේ රජ සැපනේ?
මට මේක කියෝගන්න බෑ... ^_^
Deleteඅනේ මේකා ඉස්සර ඉඳලම වල් නේ යකෝ! පුහ්! ජොලිබෝලේ!!! වෙන නැතිවට!
ReplyDeleteමැප් එකනම් ලෙසටම ඇඳලා තියනවා! හිටු මාලිගාව ළඟදීම ආක්‍රමණය කරන්න!
කලින් කියලා ආක්‍රමණය කරහන් ඈ...
Deleteආ.. මේ... වැරදිලා වෙන මාලිගා වලට පැනලා, ගුටිකාලා, මගෙන් යුධ ආධාර එහෙම ඉල්ලනවා නෙමේ ඕං :)
යකෝ දැන් ලේසි නෑ නේහ්? සිතියං හෙම ඇඳලයි කතාව කියන්නෙ.
ReplyDeleteඋඹ මේ ලඟදිත් කොඹළ බිල්ඩිමක් උඩ ඉඳලා පහල තියෙන ස්විමිං පූල් එකකට චූ කරන්න ට්‍රයි කරලා මොකක් හරි කේස් එකක් ගියාද හුළඟේ පැත්ත මාරු වෙලා?
අනිවාර්යෙන් ඈ... දැන් අදින්න පුළුවන් හැම එකටම අදිනවලු ඈ... ;)
Deleteනෑ...නෑ... ඒ මම නෙමේලු!
රජ මැප් එකක්නේ බොල.මාළිගාවල් අස්සෙ කඩ කොහෙද යකෝ
ReplyDeleteඇයි නැත්තන් අපි බඩු ගන්නේ කොහෙන්ද? :)
Deleteමාළිගාව ළග කඩේ අනවසර එකක්ද?
ReplyDeleteඅපෝ නෑ... පූර්ණ අවසර මත :)
Deleteඅපේ සීයව නම් මට දකින්නවත් හම්බ වුනේ නැහැ බන්.උඹවත් සීයගෙන් පාඩමක් ඉගෙන ගනින් වැඩිය බොන්න එපා.
ReplyDeleteඔව් බං... මම බොන්නෙම නෑ! ^_^
Deleteජොලි බෝලේ :D
ReplyDeleteඒ කාලෙත් තිබිල තියෙන්නේ වලත්ත කටක් නේ මේකට :p
හික්... හයියෙන් හූ... ;)
Deleteමූ දැන් කතාවත් එක්ක සිතියම නොමිලේ දානවා..
ReplyDeleteහිටු මම අක්කව අල්ලගන්න...
එකෙන්ම... සිතියම් ෆ්‍රී ;)
Deleteඅඩෝ අක්කා අම්මා කෙනෙක් ඈ...
බද අත්තා මාර පොරක් වගේ පළාතේ.
ReplyDeleteඇයි බන් මැප් දාන්නේ. අපි එයි කියලා හිතුවද දැම්ම පලියට? හුහ්.. එව්වා හඳේ...
උඹ ආවාත් ගන්නේ නෑ... :)
Deleteආ ජොලි බෝලේ..!
ReplyDeleteපෙන්නහන් බලන්න පුළුවන් නම්. :D
මේ.......
Delete@සරම බිමට ^_^
මං කිව්වේ නැද්ද මේ රජා හෙන වලා කියල.පාරේ යන මිනිස්සුන්ට කලිසම ග්ලෝ ග්ලෝ පෙන්නන එක රජ වැඩක් කියල හිතේ
ReplyDeleteහක්ක හක හකකකකකක :)
Deleteනැත්තං... ඒකට හෙන අධිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕනේ බොලව් :)
ඒකට ඕනි අධිෂ්ඨාන ශක්තිය නෙමෙයි බොල ආත්ම ශක්තිය....
Deleteහැකැස්... ^_^
Deleteරජෝ, මේ පොඩි එවුන් දාන නම් රෙජිස්ටර් වෙන එක මටත් හරිම කරදරය. මගේ අක්කලා තුන්දෙනාගෙම එවුන් අද කසාද බන්දලා ළමයිනුත් ඉන්නවා. උන් මගේ ඔඩොක්කුවේ චූ කරපු කාලේ ඉඳලා මට කිව්වේ I මාමා කියලා. අදටත් එහෙමමයි කියන්නේ ප්‍රසිද්ධියේම. බලන්ඩකො රජෝ මේ අවනඩුව.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හප්පුච්චියේ... ^_^
Deleteරජා ජොලි බෝලේ කිව්වෙ ඒකෙන් ජොලියට බෝල ගැහුවවත්ද? ;)
ReplyDeleteඅනේ මන්දා... කොහෙන ආව වචනයක්ද කියලා ;)
Deleteඒ අක්කට ඒවා දකිද්දී හෙන ජොලි ඇති :p
Deleteපුදුමයි ඒ අක්ක පහුවෙලා හරි කසාද බැදපු එක. උබේ ඕක දැකල සසර කලකිරෙන්නේ නැතුව
ReplyDeleteඅඩේ පව් යකෝ! ^_^
Deleteනෙද්දකින් වැල රජා ඒ කාලෙත් වල්......................
ReplyDeleteපල පල... සුරුට්ටුවා! :)
Deleteඅඩේ උඹට ඔය බෝලේ විතරද තිබ්බේ ඒ කාලෙ ඉඳලා...
ReplyDeleteනෑ තව අමතර එකක් තිබ්බා! :)
Deleteරජාගෙ රජකම අද ඊයෙ පටන්ගත්තු එකක් නෙමෙයි එහෙනම්,
ReplyDeleteමම කිව්වෙ අර මාළිගාව ලඟ කඩේ අක්කටත් පෙන්නලා තියන්නෙ, ඒකත් රජකමක්ද? :D :D
අත්තට නිවන් සුව ප්‍රාර්තනා කරනවා..!
නැත්තන්... ඒකට කොච්චර ගටක් ඕනේ කියලද හිතන්නේ? ඔයාලට හිතාගන්නවත් බෑ ^_^
Delete'වැඩ කරන අය අයඩින් ඉහිනකන් රජා ඔය ලුණු ගොඩ දිගේ එහෙ හෙමේ දුවන්නේය' ඒ දුවනකොට චූ බර හැදුනොත් ඔය ලුණු වලට අයඩීන් වලට අමතරව යූරියත් දානවලු රජා.
ReplyDeleteඑතකොට රජාට එක බෝලයයිද තියෙන්නෙ.
එතකොට රහ වැඩීනේ මෙයා..... :)
Deleteනෑ නෑ... තව එකක් තිබ්බා!
කිරි කිරි බෝලේ..
ReplyDeleteරැලි රැලි මාලේ...
Deleteඅයියෝ.. බීමත්කම හින්දා තවත් කාලයක් ඉන්න පුළුවන් මනුස්සයෙන් නැති වුනා
ReplyDeleteඔව් අප්පා... නැතිවෙනකොට වයස 54යි :(
Deleteඅතීතය...සොඳුරු නමුත් දුක්බර මතක.
ReplyDeleteඇඩෙනවා සුදූ....
Deleteයකෝ මූට පට්ට වයසයි වගේ..!
ReplyDeleteබඩ ආත්තගෙ අහලකින් තියන්නබෑ රජාව. 7ය්4රේ පොරක්නෙ.
උඹ අක්කට ඕව පෙන්නන්න යන්න එපා..!!!
පට්ට වයසයි??? බොරුවට නාකි කරන්න එපා යකෝ ;)
Deleteඒක ඇත්ත ඈ!
අත්තට නිවන් සැප !!!! අපෝ මේ වගේ එකෙක්.. බලාගෙන මල්ලි දැන් මේ පරණ කතා මතක් වෙලා පාරෙ යන අයට ආපහු ජොලි බෝල පෙන්නනව එහෙම නෙමෙයි..
ReplyDeleteමට ඉතින් අක්කේ.......... ^_^
Deleteජොලිබෝලේ...කිව්වම මට මැවිලා පෙන්නේ ජිල් බෝල (1 ක්) බන්..
ReplyDeleteඇයි ජිලේ දැක්කම උඹට ජොලිද? ;)
Deleteඅත්තලා අත්තම්මලා තමයි දරුවන්ට වැඩියෙන්ම ආදරේ.. දැන් ඉතින් තාමත් ඔය ලොරිවල රජාගෙ නමද ගහල තියෙන්නේ..
ReplyDeleteදැන් ඒ ලොරි විකුණලා.. :(
Deleteමචං ඒ කාලෙමට ජෙලි බෝල දෙකෙන් එකක් නැති වුනේ. පරණ පුරුද්දට වෙනත් කෙනෙකුට පෙන්වන්න ගිහිං.
ReplyDeleteඋඹේද? ;)
DeleteAdoooo..........maaligawa thiyenne pannala needa rajoooo.....????????
ReplyDeleteනෑ බං ගිරිඋල්ල!
Deleteමටනම් හිතෙන්නේ රජෝඕ අර අක්ක උඹට ජෝල්ල්ය් බොලේ කියන්නේ... උඹේ බොලේ බලන්න තියන අසවටමි.... :-p
ReplyDeleteමටත් එහෙම හිතෙනවා =))
Delete