Friday, June 1, 2012

එන්ඩෝ.... තෑගි දිනන්ඩ එන්ඩෝ.....


හරි දැන් ඔබතුමා/තුමිය ආවනේ....

මේක පොඩි ගේම් එකක්..

මෙහෙමයි ගේම් එක යන්නේ... මම ඔයාගෙන් අහනවා මොලේ කුරුවල් වෙලා යන පුරශ්ණයක්. ඔයා හරි උත්තරේ දෙන්න ඕනේ අනිත් අයට කලින්.
හරි ලේසි වැඩක්... වැඩිය අමාරු නෑ.... බොග් අවකාසේ ඔහේ නිකන් රවුම් ගගහ ඉන්න එකේ පොඩි තෑග්ගක් දිනා ගත්තට අවුලක් නැනේ... ඔයා දැන් පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා මොලේට පොඩි විවේකයක් දීලා ප්‍රශ්නෙ කියවන්න..

නීති ප්‍රකාර,
  • ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
  • ඕනෑම ප්‍රශ්න සංඛ්‍යාවක් ඇසිය හැක.
  • බුකියේදී මගෙන් උත්තරේ අස මට කරදර කල නොහැක. (එසේ අසන උන් තරගයෙන් නෙරප නොහරී)
ජයග්‍රාහකයාට,
  • ප්‍රථමයෙන්ම පිළිතුර ලබාදෙන්න ජයග්‍රාහකයා වේ. 
  • ඔහු බ්ලොග් හිමිකරුවෙක් නම් ඔහුට එක තරග වාරයකදී ලබාදෙන නිවැරදි පිළිතුරකට ඔටුන්නක් හිමිවේ. එය බ්ලොග් එකේ එල්ලා ගත යුතුය. 


මගේ ඔටුන්න ඈ...
  • තම බ්ලොග් එක ලස්සන් කර ගැනීමට ඕනෑම උදව්වක් ලබා දේ. (මීගොඩයට වගේ)
  • ඔටුනු 3ක් ලබා ගන්න තැනැත්තෙකුට වටිනා තෑග්ගක් නිවසටම එවනු ලැබේ. (කලින් ඇඩ්රස් එක ඉල්ලගන්නවා )

මෙන්න එහෙනං අද ප්‍රශ්නේ.

අපි කඩේට යනවනේ බඩු ගන්න. අපි එතකොට ගිහින් කඩේ මුදලාලිගෙන් ඉල්ලන්නේ තියෙන හොදම එක දෙන්න කියලා.  එත් මේ බඩුව අපි කඩෙන් ඉල්ලන්නෙ නරකම එක දෙන්න කියලා...
මොකද්ද ඒ?


ප/ලි:
  • අද ප්‍රථම තරග වාරය නිසා ජයග්‍රාහකයන් තුන්දෙනෙක් තෝරනු ලැබේ... 
  • ලබන සිකුරාදා රාත්‍රියේ ප්‍රථිපල නිකුත් වේ..
  • කමෙන්ටු වල ඉගි කියවන්න...

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

131 comments:

  1. me rajata mole koloppan

    ReplyDelete
    Replies
    1. දැන්ද ඇනෝ දන්නෙ... :-)

      Delete
    2. puhu mole koloppan raja

      Delete
    3. මෙන්න මූ මට බයිනවා.. ඇඩෝ!!! උල තියනවා ඩෝ!!

      Delete
  2. මේ දිව අග තියනවා ඕයි මතක නෑ..

    ReplyDelete
    Replies
    1. මතක් කරහන් ගොයියෝ.... :-)

      Delete
  3. Replies
    1. වැරදියි... පුතා
      ට්‍රයි අගේන්... :-)

      Delete
  4. Replies
    1. නැත...නැත.. වැරදිය :-)

      Delete
  5. උත්තරේ ඇසුවෙමි..ම්හ් බැරිලු... :( මේ කුප්ප කුපාඩි රජා වෙන රජාල වගේ අල්ලසට ආස නෑ අප්ප... ශික්... මුට විරුද්ධව කැරැල්ලක් ගහන්න ඕනෙ 3:D

    ReplyDelete
    Replies
    1. මට විරුද්ධව කැරලි ගහන්න....:/
      එව්වා හදේ...

      උඹට කියන්නෙම නෑ... උත්තරේ :-)

      Delete
  6. මී පාසානම් වගේ එකද්ද රජෝ

    ReplyDelete
  7. ම්ම් හිතෙන් නැනේ.. ලංකාවේ දැන්ම කඩේට ගිහින් අහන් එන්න තිබ්බා ..මොකද්ද කඩේ නරකම එක කියලා..

    ReplyDelete
    Replies
    1. අයියෝ මට කලින් මෙයා ඇවිල්ලා

      Delete
    2. හික්z එහෙනම් මට කියන්න අලේ රහසින්..මම නේ ඉස්සෙල්ලම ආපු ස්ත්‍රි පරාණේ..අන්න එතකොට කාව්‍යාට මම කියන්නම්කො..මොකෝ තුන් දෙනෙක්ට ම හම්බෙනවනේ-

      Delete
    3. කෝ නිම්ශා අක්කත් කන මේල් කරන්න. :-)

      Delete
  8. අනෙ මමනේ මේ පෝස්ට් එක බලන්න ආව පලවෙනි ස්ත්‍රී පරානේ. මට සහසින් කියනවකො වදේ උත්තරේ.

    ReplyDelete
    Replies
    1. කෝ කන මේල් කරන්න... :-)

      Delete
  9. අනේ මම ඔය තෑගිවලට ආස නෑ අෆ්ෆා ....
    අර ඔටුන්න නම් කොහෙත්ම එපා බං, ඒක ඔටුන්නෙ ෆීමේල් වර්ශන් එකක්ද කොහෙ ද? උඹ පාවිච්චි කරන්නෙ ඒක ද?
    උඹ පුටුවෙන් නැඟිටලද මොලේට විවේක දෙන්නෙ? චැහ් ... කොයි රජත් ඔහොම්මමයි.

    ReplyDelete
    Replies
    1. බලකො ඒකේ ගතිය... කොහෙද ඉතින්... :-)

      Delete
  10. පාන්ද? මං කියන්නෙ මේ පාං

    ReplyDelete
    Replies
    1. නැත...නැත...
      ඇයි උඹ කන්නෙ පරණ පාන්ද? :-)

      Delete
  11. Replies
    1. මෙන්න මගේ උත්තරේ මන් කියද්දීම කියලා...:O

      Delete
    2. හයියෝ හිරු අක්කේ.... :-)

      කොහොමහරි ඒක නෙමේ උත්තරේ..

      Delete
  12. අපෝ..මේ රජාගේ ඔටුන්න නම් මට එපා....ඕක දාන කෙනාට දෙයියන්ගේම පිගිටයි...:P
    මන් හිතන්නේ කරවල...(කොහෙන් හරි අහල තියනෝ මතක නැනේ අප්පා...)

    ReplyDelete
    Replies
    1. අයියෝ ලස්සන ඔටුන්නනේ...අක්කෝ :-)

      Delete
    2. මේ රජෝ කබල නේද....? අපෝ මට නම් එපා ඔය ඔටුන්න ඔයිට හොදයි තොප්පියක් දාගෙන ඉන්නවා...;)

      Delete
  13. Replies
    1. මෙන්න උත්තරේ හෆෝ රජාගෙ වල්කම

      Delete
    2. නෑ... නෑ... නෑ... :-)

      Delete
  14. ඔන්න එහෙම බඩුවක් නෑ කියල කිව්වොත්.. රජා කියල බලන්නෙ නෑ ගලවනවා දත් දෙකක්

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා....

      ගෑනු අයට තමා වැදගත් වෙන්නෙ (ඕං ඉගියක් දුන්නා)

      Delete
  15. හැක්ස් මූ හදන්නේ අපෙන් උත්තරේ ගන්න මම දන්නවා කියන්නෙම නෑ.....

    ReplyDelete
  16. හිටාගන්න බා හලේ.............මඩුරුකොයිල්.......

    ReplyDelete
    Replies
    1. හයියූ... හිතන්න හිතන්න... :-)

      යකඩ වලිනුත් හදනවා (තව ඉගියක්)

      Delete
  17. kupadiya @ XXXX campusJune 1, 2012 at 10:00 PM

    mee paasanam

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ නෑ... :-)

      මොකද්ද යකෝ මේ නම?

      Delete
  18. Replies
    1. හිතපං හිතපං.. හිතලා කියපන් හෙට දිහාට... :-)

      Delete
  19. තාම අදහසක් නෑ බං...

    ReplyDelete
    Replies
    1. අයියෝ බං.....

      මේක කුස්සියට ඕනෙ වෙනවා.... (ඔන්න දැං මාට්ටු උනේ නැත්තං බෑම තමා)

      Delete
  20. Replies
    1. වැරදී බං....
      ඉගි බලහන් ආයේ... :-)

      Delete
  21. අඩේ මොනවද බන් ගෑණුන්ට යකඩෙන් හදන්නේ...ෆිෆ්ටි ෆිෆ්ටි උපකාරකයවත් දිපන්කෝ බන්...මටනම් මෙලේ දෙයක් හිතෙන් නැතෝ...මී කතුරක්වත්ද ? (රෑට මීයෝ අල්ලන්න???????)

    ReplyDelete
  22. හලේ මන්දා අප්පා මේ දවස් ටිකේම රජා හොම්මන් පෝස්ට් දාපු නිසා ගෑණු ළමයි බයවෙලා යකඩෙන් හදපු අයිටම් එකක් තියාගන්න යනවද දන්නෑ තනියට...

    ගෑණු ළමයි මීයෝ මරන්න අකමැති නිසා මී කතුරු තියන්නෑනේ...
    ම්ම් දරණුවක්ද??

    අතුරු ප්‍රශ්නයක් මේක හදන්න පුළුවන් යකඩින් විතරද??
    හැම කඩේකම තියෙනවද??

    යකඩින් විතරක්ම නෙමේ නම් ඉතින් බම්බුව.... අර ගිනි පිඹින බම්බුව

    ReplyDelete
    Replies
    1. වැරදියි.... අනේ...
      ඒක නෙමේ.. :-)

      Delete
  23. මේ මම මෙක රේඩියො චැනල් එකක ඇහැව්වා උත්තරෙ කියන්නද ?

    ReplyDelete
    Replies
    1. අන්න කියහන් මචන් උඹවත්...
      3ක් තෝරනවා.. :-)

      Delete
  24. අපි නරක ඒවා ඉල්ලන්නෙ නෑ...ඒ නිසා ප්‍රශ්නය ප්‍රතික්ශේප කරනවා.....

    ReplyDelete
    Replies
    1. උත්තරේ දන්නෙ නැති හින්දා නෙමේනේ.. :-)

      Delete
  25. මම උඹට ඉතාලි කෑල්ලක් සෙට් කරලා දෙන්නම්.. මට බුකියේ හරි උත්තරේ කියපං හොද රජා වගේ..

    ReplyDelete
    Replies
    1. අර අර අර අරකනේ අයියේ ඔය අර අර තියෙන්නේ......................

      Delete
    2. ඉතාලි කෑල්ලක්....? පට්ටනේ...
      වරෙන් ඔන්ලයින් :-)

      Delete
  26. Replies
    1. ඕකේ....
      ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි :-)

      Delete
  27. Replies
    1. නෑ රොබිනෝ වැරදියි....

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. පොල් ගෙඩියක් වගේ එකක්ද? ඒවා ගන්නේ පැහුනමලු නේද? පොඩ්ඩක් ඉන්ට තාම ඔලුවට ආවේ ඔච්චරයි.
    මම කඩේ යන්නේ නැති හන්දා මේක හිතාගන්ටම අමාරුයි. :D

    ReplyDelete
    Replies
    1. මේක කුස්සියට ඕනෙ කරන දෙයක්... කන දෙයක් නෙමේ...
      කන්න දෙයක් හදන්න ගන්නෙ... පොලුත් ඕනා.. :-)

      Delete
    2. හිරමනේ...හී හී...

      Delete
    3. නැත්නම් පොල් ගෙඩිය බිඳින එක...:D:D:D
      කෝ ඔටුන්න...:)))

      Delete
    4. නෑ.. නෑ..
      පොල් දාලා හදන කෑමකට මේ භාණ්ඩය අවශ්‍ය වේ...

      Delete
  30. Replies
    1. නෑ බං... ඒවා නෙමේ..

      සම්පූර්ණ අකුරු 3 වචනයක්... (ඇලපිලි, පාපිලි, ඉස්පිලි මොකුත් නෑ)

      Delete
  31. Replies
    1. නෑ බං මිරිස් නෙමේ...
      කන දෙයක් නෙමේ බං..

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඇයි මැකුවේ..

      Delete
  33. කබල

    ඕන්න උත්තතරේ මුලින්ම දුන්නේ මම හර්සන රජෝ මම දිනුම් ‍හොදේ තෑග්ග මගේ...

    ReplyDelete
    Replies
    1. ++++++++++
      මෙන්න උත්තරේ......:)

      Delete
    2. අනිවා දැන් බලමුකෝ මේ රජා පොරොන්දු ඉටුකරන රජෙක්ද
      නැත්නම් අපේ කාලයේ තවත් එක් රන් ගොජෙක්ද කියලා හේ හේ
      අඩෝ හර්ශනයෝ වරෙන් ඩෝ හිකාස්... :P

      Delete
    3. හරි බලමුකෝ හරිද කියලා...

      Delete
    4. දැන් රජෝ තෑගි දියව්...නැත්නම් රජාව උලතියමු අපි සෙට් වෙලා.........;)

      Delete
    5. අනිවා දෙනවා.... ලබන සතියේ පෝස්ටුවෙන්. ;-)

      Delete
  34. අනිවා කොච්චි!

    ReplyDelete
  35. Machan oka kabala wage deyaka.Umba dunnu ingi anuwa nam....

    ReplyDelete
    Replies
    1. හොද උත්තරයක්... බලමු අපි

      Delete
  36. ටීවී වලවත් මෙහෙම අමාරු ප්‍රශ්න අහන්නෙ නෑ... අපිට එපා රජෝ උඹේ ඔටුනු... හදාගන්නව කොස් කොළ වලින් ඔටුන්නක්...

    ReplyDelete
    Replies
    1. හිකිස්... දිමියෝ කයි උඹව

      Delete
    2. අපට ඉන්නවා කොස් කොළ ඔටුනු විශේසඥයෝ. ඌට කියලා හදා ගන්නවා මරු ඔටුන්නක්. උඹේ කබල් ඔටුනු වලට වඩා හොදා කොස් කොළ ඔටුනු.

      Delete
  37. Replies
    1. රොටි තැටිය බං.. නැත්තන් ආප්ප තාච්චිය. පදම් කරපු තාච්චියක තැටියක හදන්න ලේසි. ඉක්මනට ගැලවෙනවා. ඔන්න...

      Delete
    2. ලගින් යනවා බං... :-)

      Delete
    3. කබල කියන්නේ අහවල් එකටද? ඊයා මේ රජා මගේ සුපියල් පා කෑවා.. කෑවා කෑවා සුපියල් පා කෑවා..

      Delete
  38. උත්තරේ පිහිය...මේක වැරදියි කිව්වොත් රජාව උල තියනවා ඕන් නොකිව්වයි කියන්න එපා හරි......

    ReplyDelete
  39. මම කඩේ යන්නෙ නෑ... ගියත් නරක එව්වා ගන්නෙ නෑ... ^_^

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අක්කෝ....ඔයා මේක ගන්න ගියොත් ඉල්ලන්නෙ මෙහෙමනේ... ^_^

      Delete
  40. අයියෝ මම එන්න කලින් උත්තරේ දීලනේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ.....
      ඔන්න ඊළග දවසේ කලින් එන්න හොදේ...
      තෑග්ගක් දිනන්න :-)

      Delete
  41. අහවල් දෙයක්ද.... අනේ මන්දා!

    ReplyDelete
    Replies
    1. උත්තරේ ඇවිල්ලා බං... :-)

      Delete
  42. කබල.......
    ඒ කියන්නේ නරකම දෙයක්නේ....
    හරි හරි....කබලම තමා

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. මම කියන්නමයි ආවේ උත්තරේ දීලා නෙව

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඊලග සැරෙ ට්‍රයි කරමු සදරු අයියේ.. :-)

      Delete
  45. සිංහල බැරි බව දන හිටියෙමි. එය අද ප්‍රත්‍යක්ෂ කර ගත්තෙමි... මොකද මගෙ වොකැබුලරි එකේ ඕක ඇත්තේම නැති නිසාය...

    ReplyDelete
  46. හරි! මම උත්තරේ හොයා ගත්තා!!!!! උත්තරේ තමා සව්බර (ඒ කියන්නේ සව්බර)

    ReplyDelete
    Replies
    1. නැත්තම් ගල් බනිස්!

      Delete
  47. අපි එද්දින් උත්තර දීලා..එක අසාදාරණයි...මගුල...

    ReplyDelete
    Replies
    1. ලබන සිකුරාදා බලමු... :-)

      Delete
  48. අනේ උබටත් ගෑනුන්ට ඕනි දෙවල්මනේ ඕනි.වල් රජා

    ReplyDelete
    Replies
    1. දන්නවද? සාමාන්‍යයෙන් රජෙකුට අන්තප්පුර බිසෝවරු 500 විතර ඉන්නවා

      Delete
  49. මම ඔන්න උඩ කමෙන්ට් කියෙව්වෙම නෑ. ඇස් වහගෙන තමයි කමෙන්ට් බොක්ස් එකට ආවේ.
    හරි උත්තරේ කබල !!!

    එපා ඔටුනු මගෙ සිරසට !!!

    ReplyDelete
    Replies
    1. අනේ... ලබන සිකුරාදා දෙනවා ගන්න... :-)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)