Saturday, June 2, 2012

එයා සුදු ගැල්ලමෙක් - She is a White gal

2012 ක් වූ වෙසක් මස 31 වන දින නොහොත් මාසයේ අන්තිම දින මම නිදා ගන්නට ගියේ ප්‍රිසන් බ්රේක් බලා මගේ ඩිග්රියත් ස්ට්‍රක්චරල් පැත්තෙන් කරන්නට හිතාගෙනය. ගණන් බැරි එක වෙනම දෙයක්ය. නමුත් කෝඩ් පොත් බලාගෙන බිල්ඩින්ග් එකක් අටවා ගැනීමට පුළුවන්ය. වැඩිම උනොත් වෙන්නේ කඩන් වැටීමය. එවිට මම සිර ගත වෙමි. මම ගේමක් නැතුව හිරෙන් පනිමි. මන්ද මම මයිකල් ස්කොෆිල්ඩ්  නොව අඩවි රජය. මට කල නොහැක්කක් නොමැත. මම DB කූපර් වගේ ඩයල් ඒකක්ය. බයිල කෙළියට චැප්ටර් එකින් එක ඉවර වෙන විට වෙලාව යනවා තේරෙන්නේ නැත. ඒකත් ඉවර කරන්නේ හොදම තැනින්ය. අනික නොබලා ඉන්නට කිසිසේත්ම නොහැක. මම නිකමට මෙන් ඔරලෝසුව දෙස බැලීමි.




හත්තිලව්වය... වෙලාව පාන්දර 1 ත් පසුවෙලාය. පසු දින ලෙක්චර්ස් ගත වීමට පාන්දර 7.30 ට අවදි විය යුතුය. බෝඩිමේ මා හිතමිතුරු මියෝ, කැරපොත්තෝ, දළඹුවෝ, කුබී සමග මම නින්දට ගියෙමි. සුපුරුදු පරිදි 7.30 ට නොව මට ඇහැරුනේ 8 ටය. අවුලක්ම නැත. ලෙක පටන් ගන්නේ 9 ටය. අද ඇත්තේ ස්ට්‍රක්චරල් ඇනලිසිස්ය. එය අනිත් උන්ට කෙසේ වෙතත් මට හෙන වැදගත්ය. මන්ද මම ඉන්නේ හිරෙන් පැනීමටය. කඩෙන් කා වතුර බී හරියට ටක්කෙටම 9 ට හෝල් එකට රිංග ගත්තෙමි. ඩොකා සම්ප්‍රාප්ත වී සිටියේය. නමුත් ලෙක පටන් අරන් නැත. මන්ද ඒ වන විට හෝල් එකේ හිටියේ 4,5 ක්ය. අනිත් උන් කැන්ටිමේ ඕමි ගහනවෝය.

ඉතාමත් ආශ්වාදජනක ලෙස මොලේ කුරුවල් කරමින් ගිනි මද්දහනේ 12 ට ලෙක අවසන් උනි. අද සිකුරාදාය. මං රජ හෝම් හෝම් ස්වීට් හෝම් යන දවසය. වව්නියාව සීග්‍ර ගාමී දුම්රිය 1.15 ට ගල්කිස්සෙන්ය. දඩ බඩ ගා කැන්ටිමෙන් බත් පිගානක් ගුජුප්සාජනක ලෙස ගිල්ලෙමි. මාගේ සහෘරද කෝච්චි සගයන් සොයා ගියෙමි. වෙඩින් අක්කාගම්පහ ලොකු අක්කා, සොදුරු ගවේෂක, දෙමටගොඩ හිකනලා ඒ අතර විය. හිකනලා හා ලොකු අක්කා අපිත් සමග අවේ නැත. 


අඩෝ උඹලා 1.15 යනවා නේද?


ඔව් ඔව් මල්ලි යමු..


මම හා ගවේෂක පොතක් ප්‍රින්ට් කරන්නට ගියෙමු. ඒකත් දෙමල කඩයක්ය. උන් පයිත්තියන් කෙලිනවාය. 12.30 ට එතෙන්ට ගිය අපිට 1 වන තුරුත් පොත ප්‍රින්ට් කරගන්නට හැකි වුයේ නැත. මට ඇදුම් බෑග් එකයි ලැපයි ගන්න බෝඩිමට යන්නටත් ඕනෑය. මම ගවේෂකට ස්ටේෂමට එන්න කියා බෝඩිමට ගියෙමි. බඩු අතින් කටින් උස්සන් එලියට ආවෙමි. ගවේෂක දොර ලගය. අපි දෙන්න චැටක් දාගෙන ස්ටේෂමට ගියෙමු. ඒ වනවිට අක්කා ඇවිල්ලාය.  සූ.... ගාලා සෙනග පිරුණු බැංකුවක ඉදගෙනය. (3 හිටියේ ). අපි දෙන්න එතෙනට ගියෙමු.


මට බෑග් එක තියන්න තැනක් නැත. අපි සිටි තැනට බංකු  2 ක් ඉස්සහින් හිස් බංකුවකි. ඊටම ඇලුණු අනිත් බැංකුවේ සුදු ජෝඩුවකි. ජෝඩුවක් කිව්වට මගේ අහිංසක ඇස් දිවගියේ සුදු අක්කා දෙසටය.

පොඩ්ඩක් ඉදහල්ලා මම අර සුදු ජෝඩුව හම්බෙලා එන්නන්.

ඇත්තටම මම ගියේ බෑග් එක ඊට පිටිපස්සේ බංකුව උඩින් තැබීමටය. නමුත් නොසිතු විරු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වූයේ අහම්බෙන්ය.

මම සුදු අක්කාගේ කිරි පාට පිට දෙස බලාගෙන බෑග් එක තියෙනවාත් සමගම ඇය පිටිපස්ස හැරුණි.

Excuse me ?

මට දෙලෝ රත් වුනි. අනේ බුදු අක්කේ මම පිට විතරයි දැක්කේ. වෙන මොකුත් බැලුවේ නෑ. සත්තයි. මට ඒක කියා ගන්නට ඕනේ උනත් වචන එන්නේ නැත. මම ඇස් දෙක ලොකු කරන් ඇය දෙස බැලීමි. 


අනේ..... අහිංසක මුහුනක්ය. ඇය මොනවද @#$% බලන්නේ? යයි අසන්නට කිසිම සම්භාවිතාවක් නැත. ඇය පෙනුමෙන් ස්පැනිෂ් පාටය. මට සුද්දියෝ ගින්දර වගේ හැඳිනීමේ හැකියාවක් ඇත. මන්ද පෝර්න් ස්ටාර්ස්ලා දැකලාම උන්ගේ රට මට පෙනුමෙන් කිව හැකිය.





Yes....

මම කඩුව කොපුවෙන් එලියට අරන් වනන්නට සුදානම් උනෙමි. ඇයගේ කට හඩ ඉතාමත් පැහැදිලිය. පශ් පොෂ් ගාන්නේ නැත. කෙල විසි වෙන්නේ නැත. වතුර වගේ වචන ගල එන්නීය.

Are u waiting for a train ?

මේ බලහං කෝ අහන එක. කොච්චි ස්ටේෂන් එකට එන්නේ වෙන මොන රෙද්දකටද? නෑ මම මේ නැවක් එනකන් ඉන්නවා. එහා පැත්තේ මුහුදනේ.... කියා ගන්නට ඕනේ උනත් කඩුව වැනෙන්නේ නැත. අතටම හිර වෙලාය.

Yes ma'm .... Why ?

මෙයා මොන එකකට එන්න හදනවද දන්නේ නැනේ. මම කෝකටත් වයි කියා ඇසුවෙමි.

Is the train coming to this flat form? We want to go to Colombo.

ආ.... ඔයා ඕකද අහන්න ගියේ. අන්න එහෙම එන්නකෝ. ඔය නිල් පාට මැණික් වගේ ඇස් දිහා බලාගෙන මම කොහොමද බොරු කියන්නේ.

Ya... ma'm.... Exactly to this.

ඒ වචනේ කියන්න ගිහින් දිව ඇඹරිලා ගියත් එය එයාට තේරුනේ නැත. ඇය ලස්සන හිනාවක් දැම්මාය.

Thanks Dear.

අනේ මට මුවා කිව්වා. අල්ලාගෙන බදාගෙන උම්මා එකක් දෙන්නට සිතුනත් එහා පැත්තේ හීන්දරී පුස්ගලයෙක් සිටීම හේතුවෙන් මම අදහස ඇත හැර ගතිමි. ඌ නං මහා දාර පො%^&*කි. බැලූ බැල්මට කිව හැකිය. ගෑල්ලමෙක් වගේ හිර වෙන්නම කකුලක් පිට කකුලක් දාගෙනය.( මුට නැද්ද මන්දා)


සුදු චූටි සමග සංවාදය එසේ අවසන් වී මම අනිත් පැත්ත හැරුනෙමි.


අක්කා සමග ගවේෂක කට ඇරගෙන මා දිහා බලාගෙනය. 


මොකද්ද බන් ඇහුවේ?

මගේ කොච්චර දිගද ඇහුවා.

හැ...?


නෑ...බන්... කෝච්චිය එන්නේ මේකටද ඇහුවා.

සුදු අක්කා දිහා බලාගෙනම අපි එයාලට ඉස්සහින් තිබු හිස් බැංකුවේ වාඩි උනෙමු. වෙලාව 1.20 ය. වවුනියා කෝච්චිය තවත් නැත. දැන් ගවේශකයට එක තැන ඉන්නට බැරිය. සුද්දිට ටෝකක් දාන්නම ඕනෑලුය. මු ශේප් එකේ සුද්දිට ලං කළේය. මමයි අක්කයි බංකුව උඩට වී සිද්දිය බලාගෙනය.
 
Are u waiting for Wawuniya train?

මේකා ලංකාවේ කෙල්ලන්ට පැණි හලනවා මදිවට රට කෑලි වලටත් හලන්න ගත්තේය. යටි රැවුල ඇත ගගා මූ අසයි. සුද්දී මූ දිහා අහිංසක බැල්මක් දැම්මේය.

යකෝ ඔවුන් දන්නා වවුනියාවක් නෑ. උබ මගුලක් අහනවා. කවුදෝ කියනවා ඇසුනි. (මමද කොහෙද)

සුද්දී තුෂ්නිම්භූත විය. කළු කුමාරයා ගහන්නට සැරසේනවදෝ ඇයට නිකමට හිතෙන්නට ඇත.

සුද්දී සිතියමක් දිග හැර ගත්තාය. දැන් ඇය ගවේෂකට සිතියම පෙන්නමින් විස්තර කරන්නීය. ඇය සිතියම දුන්නෙ මරු එකාටය.. මං හිතුවෙම ඒක අරං සුද්දි එක්ක කදු නගින්න යයි කියලාමය.
 
First We want to go to Colombo and then to Kandy

ද මොකද්ද එකක් කීවාය. මට ඇසුනේ එසේය. කෙසේ හෝ කිව්වේ නුවර යනවා කියාය. තවද ගවේශකයා යේස් යේස් වගේ කෙටි පද භාවිත කරනවා අපිට ඇසුනි. ඇත්තම කියනවනම් ගවේෂක ගියේ එතන සුද්දිට ලයින් පාරක් දැමීමටය. නමුත් ඌට සිදු වුයේ අර වදුරට සිදු උණු දේමය.

විනාඩි 5ක් පමණ ඌ අර සුද්දී සමග කතාවට අසු උනේය. ඒ මුළු කාල සීමාව තුලම Yes Yes Ok Ok වැනි පද ගණනාවක්ම තිබුණි. අක්කා සමග මම සිනා සෙමින් ජවනිකාව නැරඹුවෙමු. අවසානයේ දාඩිය පෙරාගත් ගවේෂක අප අසලින් වාඩි උනේ හති දමමිනි. (මු එතන ගිහින් වැඩ කරලා වගේ)

ඉතාමත් වෙහෙස මහන්සියෙන් පැමිණි ගවේශකට අපි මොකුත් නොකිව්වෙමු. වෙලාව 1.30 ය. කොටුවට යන කෝච්චියක් ආවේය. සුදු අක්කා අපේ දෑස් ඉදිරියේ බොද වී ගියාය. අපිට එකේ යන්නට බැරිය. මන්ද අපි මීරිගමට යා යුතුව ඇත. අපේ වවුනියා කෝච්චිය තාම නැත. අපි නිදහසේ මුහුදු හුලං වැදෙමින් වාඩි වී සිටියෙමු. පස්වරු 2 ට පමණ අපේ කෝච්චිය ආවේය. අපි එහි නැගී ගෙදර එන්නට ආවෙමු.

රාජ නිගමන:

  • වවුනියා කෝච්චිය මෙතරම් ප්‍රමාද වූයේ ගල්කිස්ස චුට්ටක් පැන්න ගමන් අධිම අධි වේගයෙන් කෝච්චි යන්න අළුතෙන් පාර හදා විවෘත කිරීමය. දැන් කෝච්චි යන්නේ ආලෝකයේ වේගයෙන්ය.
  • නිදහසේ ඉන්න සුද්දියන් ෆෝම් නොකරන්න. කඩු, කිනිසි, බොඩි ආමර් නිතර පැළද සිටින්න.

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 



ඒ මේ.... මේ මගේ 51 වෙනි පෝස්ට් එක.. මම දන්නෙත් දැන්. සුභ පතනවකෝ... ^_^

94 comments:

  1. ජය වේවා රජෝ පෝස්ට් පනහට මගෙන් උණුසුම් සුබ පැතුම්
    හැබැයි මචෝ දැන්නම් උබේ භාෂා ශෛලිය අන්තිමයි ඈ.බ්ලොග් එකට එන බවලත් උදවිය ගැනත් ටිකක් විතර හිතපන්.ඇනිවේ වලා රජාට ජය හෝ..

    ReplyDelete
    Replies
    1. හා හා... උඹලට විතරයි ඒ ශෛලෙ හොද... අපි ලිව්වම තමා හොද නැත්තේ :-)

      ඇනිවේ තැන්කියු ඈ...

      Delete
    2. ඔය බ්ලොග් කියෝන බවලත් උදවිය අපිට වඩා ඒවා දන්නවා... :-)

      Delete
  2. හොදම සීන් එක සුදු අක්කා සිතියමින් කොළඔ පෙන්නපු එක...ඒකි හිතුවද දන් නෑ මමත් කොළඔ හොයනවා කියලා...හපොයි ආයෙ නම් සුද්දන්ගෙන් ලන්කාවෙ පාරවල් අහන් නෑ මාවත් නිකන් ෂෝට් වෙලා ගියා උන් දෙන්නා කියපුවා අහලා...50 ට සුබ පැතුම් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි දැක්කනේ ලයිව් ෂෝට් උන හැටි... :-)

      Delete
  3. 50 ට මගෙනුත් සුබ පැතුම් රජෝ.......... මේ බන් උබලා එන trin එකේ මාත් සෙට් වෙනවනේ ගෙදර යන්න :P

    ReplyDelete
    Replies
    1. සිරාවට?
      එහෙනං හම්බෙමු දවසක...

      තැන්කියු කිව්වා..

      Delete
  4. ඉස්සරහට තව තවත් ලංකාවේ සංචාරක කර්මාන්තේ දියුණු වෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. රජාට දෙන්න ඕන රාජධානියේ සංචාරක ආමාත්‍යාංශය... ආයෙ නෑ රාජධානිය සුදු අක්කලාගේ අන්තහ්පුරයක් වෙනවා අනිවා ඩෙෆා......

      Delete
    2. අනිවාර්යයෙන්ම... :-)

      Delete
    3. @ සොඳුරු ගවේෂකයා

      විදේශ කටයුතු අමාත්‍යංශය වුණත් වරදක් නැහැ වගේ :D

      Delete
    4. :D :D දෙකම කම්බයින් කරලා මෙව්වා කරලා දෙමු....

      Delete
    5. දැන් දෙන්නට ඒ අමාත්‍යංශ දෙක විතරක් ඇතිද...?
      වනිතා කටයුතු එහෙම එපැයි.........:P

      Delete
    6. හිරු අක්කට අපේ හිත කියවන්න පුළුවන් නේ? :-)

      Delete
  5. පෝස්ට් පනහකුත් ලියලා එහෙනම්. ඔන්න මගෙනුත් සුබ පැතුම් රජෝ !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මධුරංග අයියා ආවාමයි නේද මේ?

      ස්තූති කිව්වා එහෙනං :-)

      Delete
  6. 50 ට සුභ පැතුම් මලේ...

    බොලාටත් පොත්ත සුදට තියනවනම් කෙල ගිලෙන්නෙත් නෑ නේද..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මී.... :-)

      ආයෙත් අහලා...
      පොත්ත සුදුයි.. ඇතුල රතුයිලු :-)

      Delete
  7. සුභ පැතුම් වේවා රජතුමනි...චිරාත් කාලයක් වැජඹේවා...
    මමත් හෙට ඉඳන් කෝච්චියේ යනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූති කුරුළු සහෝ...

      පරිස්සමට යන්න ඈ.. :-)

      Delete
    2. ජය වේවා..............
      ඕං දැන් කිරිල්ලිට චැලේන්ජ් එකක් :-)

      Delete
  8. ඔය ගවේසක ය නම් ලඟදිම හොඳ පෝරියල් එකක් කාල පුකේ ඉන්න ඉස්ස අයින් කොර ගන්නව ශුවර්..ආයෙ ගෑනු එපා වෙන්නම!

    ReplyDelete
    Replies
    1. හිකිස්.... අෆ්ෆා....... :-)))))

      Delete
    2. හේ හේ :D :D උබටත් හිතෙන දේවල් දුලියෝ....

      Delete
  9. හොඳා..හොඳා..වචන ටික සුට්ටක්...හොඳ උනානම් තවත් හොඳා...!

    ReplyDelete
    Replies
    1. ඔය වචන දාන්නෙ කොල්ලා කාලේනේ... නැතුව නාකි වෙලා දත් හැලිලා ගිය දාක මුනුපුරෝ එක්ක කියන්නයැ... :-)

      Delete
  10. I dont like the fact that you liked it...

    ReplyDelete
    Replies
    1. අර මොකක්ද එකකුත් කරන්න කිව්ව නේද.. ඔන්න මමත් සුභ පැතුව එහෙනම්...

      Delete
    2. Doesn't matter... that's my taste. :D
      Anyway... Thanks bro.. \m/

      Delete
  11. පට්ට සීන් ඒක නේ බන් :ඩ
    මේ ඒක නෙමි කව්ද බන් අර පෝ#@ ස්ටාර් කියන්නේ :ඩ :ඩ
    අර්ධ ශතකෙට සුබපැතුම්!!

    ReplyDelete
    Replies
    1. ආ... පොඩි උන් ඕවා දන්නෙ නෑ...
      ටැංකියු ඈ.. මලයා :-)

      Delete
  12. උබට කියන්න ඔනේ උනේ සුද්දියෙක් උබත් එක්ක කතා කලා කියලනේ? :පි

    ReplyDelete
    Replies
    1. අනේ උඹට විතරයි බං සීන් එක තේරුනේ... සිරාවට
      මම පනදාගෙන ලියලා කියන්න හැදුවේ ඕක...

      අනිත් උන් දකින්නෙම මේකේ තියෙන නරක වචනයක්මයි.. බලහන්කෝ :-)

      Delete
    2. මෙහෙමය ඔයි අවස්ථාවෙ රජාට තදටම හිත ගිහිල්ලයි තිබ්බේ... එයි හරි අහින්සක ගැල්ලමයෙක් කිය කිය ඇඩුවෙ නැති ටික විතරයි....මම හිතුවේ රජා ගෙදර යන එක පැත්තක දාලා නුවරවත් යයිද කියලා...

      Delete
  13. සුභ පැතුම්.... තව කියන්න තියෙන්නෙ "උබට පේන්නේ ඉතින් මරු මරු අයගේ කොඳු" කියලා තමා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්....

      හිකිස්... :-)

      Delete
  14. රජෝ උඹ මීරීගමද ? මමත් මීරිගම මිහිරි ජීවිතයක් ගත කරපු කොල්ලෙක් තමා.

    මොනවා වුනත් අන්ඩක් නොකැඩී ඔයින් බේරුන එක ගැන මාගේ අප්‍රමාණ සතුට.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. මම ගිරිඋල්ලේ..
      අර ගවේෂක නං මීරිගම..

      ජය!!!

      Delete
  15. දැන් අපි උඹට සුභ පතන්නෙ 50 ට ද 51 ට ද? ඔන්න ඔහෙ කමක් නෑ, මගෙනුත් සුභ පැතුම් !

    සුභ වේවා !! රාජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ආ ... මට අහන්න අමතක වුණා. අර මොකක්ද අර උඩ ලියල තියෙන්නෙ,

      “She is a White gal“

      මොකක් ද බං ඒ කුණුහරුපෙ. ෂුවර් එකටම උඹ දැක්කෙ පිට විතරනේ. :D

      Delete
    2. ටැංකියු ඩීඩීටී....

      ඒකනං මටත් ෂුවර් නෑ.. :-)

      Delete
  16. නියම නිගමනය : පෝස්ට් එක ලිවීමට හේතුව -
    ගවේශණය සොඳුරුය... රජාට පට්ට ඉරිසියාය...

    ReplyDelete
    Replies
    1. මට ඇති රුසියාවක් නැත...
      බලන්න ඕනෙ හරිය මම උඩින් දැක්කෙමි... :-)

      ගවේෂක ගියේ එය නැරඹීමටය.. සිදුවූයේ විපතකි...

      Delete
  17. ඇයි බං ඊයේ නේ කියන්න තිබ්බේ. එක අතකින් සුට්ටක් පරක්කු උනාට මක්කැයි වෙන්නේ.ඕං මමත් සුබ පැතුවා කිව්වා.50ටයි 51ටයි දෙකටම. ඒක නෙමෙයි සිරාවටම උබ දැක්කේ පිට විතරමද.? යකෝ උබ අදහන්න වටින රජෙක් නොවැ.පිට දැකලා රටත් කියනවනම් ඇතුල දැක්කනම්...... අනේ මංදා.... හෙහ් හෙහ්... ජය.!

    ReplyDelete
    Replies
    1. මමත් දැන්නෙ දැක්කේ සීන් එක... බලනකොට 51යි..

      ස්තූතියි සරත් අයියා... :-)

      Delete
  18. රාජ සම්පත් ලැබේවා.

    සුද්දියෝ මැප් අරන් තමා බං ලංකාවේ රවුම් ගහන්නේ. නැතිනම් අපේ එකාලා රවට්ටනවනේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකත් ඇත්ත තමා.. :-)

      Delete
  19. මයෙ ජීවිතේට කොච්චියක ගිහින් නෑ අප්පා..රාජ සම්පත් එපා යන්න ලැබෙන්න කියන්ට.
    සුභ පැතුම් 50ට.

    ReplyDelete
    Replies
    1. බට්ටිට ඉක්මනටම කෝච්චියක යන්න ලැබේවා!!!!

      තැන්කියු බස්ටි... :-)

      Delete
  20. ආව් අප්ප.....ඔන්න මං බබීගෙනුත් උණුසුම් සුබ පැටුම්.......^_^

    ReplyDelete
    Replies
    1. මෙයාල සුඩ්ඩියෙක්ටවට් ඉන්න ඩෙන්නෙ නානෙ අෆ්ෆා....:P

      Delete
    2. හෑ....? බබී කියන්නෙ අපේ මලයනේ...

      සුබ පැටුමට ටැංකියු අග්ලියෝ....... ^_^

      සුඩ්ඩි ලත්තනයි අනී..

      Delete
  21. හහා.... මේ රජාගෙ අඩවිය එහෙද එහෙනම්....ගිරිඋල්ල රාජධානිය...
    මගෙන් සුභ පෑතුම් රජතුමනී....

    ReplyDelete
    Replies
    1. ඇයි දම්මි අක්කත් ඒ පැත්තෙද?

      තැන්කියු අක්කෝ..

      Delete
  22. ඔන්න මගෙනුත් රජාට සුබපැතුම්.....ඉක්මනටම 100 ලියමු....!!!
    අනේ මන්දා සුදු ගැණු ළමයෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි හැටි අද කාලේ...:D
    මෙහෙමත් කඩු වැනිල්ලක් අම්මපා....
    එකට හරියන යාලුවත් ඉන්නවා ඉතින්...:P

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තූතියි අක්කෝ... :-)

      හිකිස්....

      Delete
  23. සුබ පැතුම් (අර රාජ සම්පත්ද මොකක්ද එක ලැබෙවා )

    ReplyDelete
  24. ආහ් ඔන්න මුලින්ම පනස් එකට සුබ පතනවා හොදද.. :)

    අනිත් එක රජෙක් වෙච්චි කොට තමන්ගේ සගයෙක් අමාරුවේ වැටෙන කොට පොඩ්ඩක් රජාගේ කඩුව වනන්න ඔනෙනේ ගිහින්...ආහ් නැද්ද.. හිනා වෙවි බලන් උන්නේ..

    ReplyDelete
    Replies
    1. ටැංකියු අක්කෝ... :-)

      මගෙ කඩුවත් මොට්ටයි අනේ

      Delete
  25. " නිදහසේ ඉන්න සුද්දියන් ෆෝම් නොකරන්න."

    ආ බං උඹ එහෙම කිවුවම මම මොකද කරන්නේ කිය.. :)

    50ට සුභ මෙවුවා එකක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකනේ උඹලා කියන්න කලින් කිව්වේ..

      ටැංකියු වේවා!!!

      Delete
  26. 50 ට සුබ පැතුම්!!!
    බලාගෙන සුද්දියෝ වගේම ලංකාවේ කෙල්ලොත් ඉන්නවා. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැම්...

      හිහිහී... :-)

      Delete
  27. 50ට සුභ පැතුම්!!!

    හික්ස්ස්... සුදු හමට රජ්ජුත් සාක්කිලු!!! ;)

    ReplyDelete
    Replies
    1. තැන්කියු අක්කෝ...

      සුදු ඉතින් ඕනේ දේකට මැච්වෙන පාටනේ.. :-)

      Delete
  28. 51 යි නේද................
    සුබපැතුම් ඈ.......................

    සුදු අක්ක හැරිල බලපු වෙලාවෙ රජාට මු‍‍‍ත්‍රා අමාරුව හැදෙන්ඩ ඇති නෙහ්.................

    ReplyDelete
    Replies
    1. ටැංකියූ..................

      ඒ ඇස් අමතක වෙන්න නම්... මගෙ ඇස් පියවෙන්න වෙයි... (හරි නේ කිව්වා)

      Delete
  29. සුද්දියො/සුද්දෝ එක්ක ඉංග්‍රීසි කතා කරන එක එච්චර අමාරු වැඩක් නෙමේ රජෝ ,මෙහෙ උන් එක්ක තමා බේරෙන්න බැරි

    50 ගැහුවට උණුසුම් සුබ පැතුම් ආ...

    ReplyDelete
    Replies
    1. අනිවා.... අපි නොදන්න ඉංගිරීසි... :-)

      තැන්ක්ස් කිව්වා

      Delete
  30. ඔය කතාවෙන් ආදුරුස දෙකයි..

    1 සූදානං සරීරෙ පට්ටම හොඳයි..
    2 මඩ ගහන්න ඕනේ එකෙක් රජාට කිව්වනම් ලෙසටම දෙයි.

    පනස් එකට පට්ටම මෙව්වා එකක් මගෙනුත් ඈ.....

    ReplyDelete
    Replies
    1. අනිවා.... මඩ කන්න/ගහන්න/නාන්න ඕනේ අය විමසන්න
      තහනම් අඩවිය රාජ මඩ සේවය.
      නොමිලේ..........................

      මෙව්වා එකට මගේ මෙව්වා එක ඈ...

      Delete
  31. එහෙනම් සුදු අක්කියෙක්ටත් රාජ බැල්ම වැටුනා.හපොයි අසරණ සුදූ
    පෝර්න්පුරේට 501 වෙයිද?
    මොක උනත් කමක් නෑ රජා නේ.51 ට ජයවේවා

    ReplyDelete
    Replies
    1. හිකාස්.................

      තැංකියු හොල්මන්... :-)

      Delete
  32. අපිනම් කොමෙන්ට් කරයි......






























































    හූ..... හු............................................

    ReplyDelete
    Replies
    1. මේකත් මුගේ පෝස්ටුව වගේමයි...

      හිස් ගොඩා................................යි.... :-)

      Delete
  33. 50 සුභ පතන්නම් 60 වෙනි එකේ දී.

    අරු වන්න කඩු වලින් බේරිලා විතරයි ඌ වන්න ගියානම් ලේ පෙරෙන්නත් ඉඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බං 60දි?

      හිකිස්... ලේ විලයි එහෙනං :-)

      Delete
  34. අර ගවේශකත් එක්ක ඉන්නකොට ඔය වාගේ දේවල් ගොඩක් දකින්න පුළුවන්.කෙසේ වෙතත් ලංකාවේ කෙල්ලෝ එකෙක් හරි බේරෙනවා.

    ReplyDelete
  35. කාලා තියෙන්නේ.. ඒ අරූට තුවලයිද බං කඩු පාරවල් වලට? ආහ් හැපි ෆිෆ්ටි ඈ...

    ReplyDelete
    Replies
    1. බැන්ඩේජ් දාගෙන ආවේ.... :-)

      හැපි හැපි.... :-) :-)

      Delete
  36. අපොයි රජාට සුදු බැල්මක් වගේ....

    ReplyDelete
  37. 50 ට සුබ පැතුම්!!!

    ReplyDelete
  38. සුදු කෙල්ලොන්ට කෙල හලන්නේ බලාගෙන.. සංචාරක අමාත්‍යාංශයෙන් නඩුවක් වැටේවි. බලාගෙන රජෝ. හාෆ් සෙන්චරියට හොට් හොට් සුභ පැතුම් ආ...........!

    ReplyDelete
  39. 500ක් ලියනකන් රාජ සම්පත් වැලදිමට වාසනාව ලැබේවා

    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
  40. එල එල රජෝ මගෙන් සුභපැතුම්.............

    ReplyDelete
  41. 50ට මගෙනුත් සුභපැතුම්.... පුදුමයි මූ සුද්දි කෙල්ලටත් මොකක් හරි කුප්ප කතාවක් නොකියා ආපු එක

    ReplyDelete
  42. හිකිස්.........
    50ට ආවද...එහෙනම් සුබ පැතුම්....

    ReplyDelete
  43. අඩෝ මුනිය සුද්දිට ටෝක් දෙන්න ගිහිං ඇදගෙන නාල නේද... අපොයි. මූට කෙල්ලෙක් දැක්කොත් ඉතිං

    ReplyDelete
  44. මුකුත් ඕන නැහැ අදයි මම මේ බ්ලොග් එක පැත්තේ ගොඩ වුනේ
    සුපිරි කතාවක්
    හොදට(තත්පර 10ක් විතර) හිනා වුනා :D :D :D =D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)