පහුගිය ටිකේම කැම්පස් එකේ වැඩ තොගේකට අහුවෙලා අපේ සෙට් එකම හිටියේ ආතක් පාතක් නැතුවය. වෙනදට පොඩි නිවාඩුවක් හම්බුන ගමන් කොහෙ හරි කන්දක්, ගලක් දිගේ, කැලයක් අස්සේ හෝ අඩුම තරමේ කොල්ලෙක්ගේ ගෙවල් පැත්තේ ගිහින් ගිහින් සවාරියටම පුරුදු වෙලා හින්දා, කොහෙවත් යන්න නැතුව නිකන් සාංකාව වගේය. කට්ටිය රජ ගෙදර ආපු වෙලාවේ යාපහුවේ යන්න හිටියත් ප්‍රවාහන පහසුකම් හා කාලය හිගතාවය මත වැඩේ ජෝන්බාස්ට ගියේය. නිවාඩු පිට දවස් දෙක තුනක් ගෙවී ගියේය. දැන් නම් ගෙදරට වෙලා ෆිල්ම් බල බලම ඉන්නට බැරිය. රජා වහාම ඉස්සරහ ගෙදර සැළලිහිණියට කතා කලේය.
රජා: ඒ බං...කොහෙහරි යමන්කෝ. මට එපා වෙලා ගෙදර ඉදලා.
සැලා: යමු... බයික් එකේ යාපහු යමුද?
රජා: සුපිරී... යමන්කෝ.
එලෙසින් යාපහු ගමනේ ආරම්භය ගැනින. සැලයාගේ යාළුවෝ දෙන්නෙකුත් බයික් එකේ එනවා කීවේය. මටත් තනියම යන්න බැරි එකේ අතිජාත පාප මිත්‍රෙයකුටත් කතා කලේය. ඌට තිබ්බ තදියම කොච්චරද කියනවානම් සෙනසුරාදා යන්න තිබ්බ ගමනට මූ සිකුරාදා හවස් වෙනකොටම අපේ ගෙදරය. කෝමහරි යන්න සෙට් එක පස් දෙනාය. සුපුරුදු පරිදි ඉතා වාසනාවන්ත ලෙස සැලයාගේ යාළුවෝ දෙන්නා හැලුනේය. දැන් යන්න ඉන්නේ 3ය. තියෙන්නේ එක බයික් එකය. බයික් එකේ යන වැඩේටත් ඉතා සම්භාව්‍ය ලෙස කෙල උනේය. ට්‍රිප නම් ලොවෙත් යන්නම ඕනේය. අම්බලම් බලන්න ගියාවගේ මේ පාරත් සැලයාගේ ආටා එකේ පිහිටය. අපි තෙල් ගහන පදනම මත වීල් එක හොරෙන්ම ඉස්සුවේය.
යුවරජා සමග රජා එක ඇදක නිදිය. දුලියා අනිත් ඇදේය. හෙට ඇදගෙන යන්න මල්ලිගේ ෂෝටකට පර්මිෂනුත් ඇද උඩදීම ලබාගත්තේය. යුවරජාගේ දැඩි පාපහරවල් හමුවේ රජා නොසැලී දොයියෑවේය. උදේ 6 නැගිටලා අම්මා කෙහෙල් බැදලා දුන්න සිමෙන්ති කොට්ටේ වගේ බත් දෙකත් අරගෙන 7.30 වෙනකොට ත්‍රී වීල් එකට නැග්ගේය. නගින කොටම බීපු කිරි එක උගුරට එන සීන් එකක්ය. අපේ රියදුරු සැලයා බයික් එලෝනකොට දාන අයිටම් එක වීල් එක එලවන්න දාගෙනය.
දුලියා: මොකද යකෝ මේ...?
සැලයා: බෑ බං... අත ඉවරයි.
රජා: සගකුත් දෙන්නද දාගන්න?
සැලයා: කෝ කෝ....
රජා: යකෝ උදේ පාන්දර සග දාන්න එපා. විලි ලැජ්ජාවේ බෑ...
සැලයා: ආහ්... ඕක දාගෙන ගිහාම ෂෙඩ් එකේ උන් මහත්තයා කියනවා. එදා මම දාගෙන ගිහින් මට මහත්තයා කිව්වා. මං හිතන්නේ ත්‍රීවීල් එලෝන එකෙක්ට මහත්තයා කිව්වමද කොහෙද.... වෙනදට මචන් පචන් නේ...
ලොල් සීන් |
ඔන්න මෙහෙ කෙල්ලෝ |
කොකා |
පාන් කමින් |
සැලයා: හි හි හි...
මූ ඊටත් පස්සේ පාදෙණිය හන්දියට වැටෙන ෂෝට් කට් එකක් කියලා හද්ද කැලේ පාරකින් අපිව එක්කගෙන ගියේය. ඒක ඊට හපන්ය. වලවල් විමානයය. අර වාරියපොළට ගිහින් ගියානම් ඊට වඩා සැපය. පාදෙණියට එනකොට නම් බඩ සැලඩ් වෙලා තිබුනේය. එහෙම්මම කෙලීන්ම දළදාගමට විදලා මහවට ආවේය. මහව ස්ටේෂන් එක පහුකරනවත් එක්කම අපිට ඇඩුනේය. අම්මටසිරි ඒ වන්නි හත්පත්තුවේ පොශ් කෑල්ලක්ය.
සැලයා: යකෝ අර බලහල්ලා...
කාගෙදෝ මන්දා හොම්බ දිග ලොකු කැමරාවක් සටපට ගාලා ක්‍රියාත්මක උනේය.
රජා: ඔන්න බලාගනිල්ලා... මහවටම එකයි....!!!
මහවටම එකයි... |
දුලියා: අයියේ ටොයිලට් කොහෙද?
අයියා: අර තියෙන්නේ..
දුලියා: සුදුපාට එකද?
එහෙම අහගෙනම මු ඒ පැත්තට ක්ෂණිකව ගියේය.
අයියා: සුපිරි නම් නෑ...ඔහොම තමා තියෙන්නේ. මූ හිනා වෙවී කීවේය.
සීන් එක කියන්නේ, අරෑට ඇහිලා තියෙන්නේ සුදුපාට එකද කියන එක සුපිරිද කියලා වගේය. මට නිකන් තෝන්තුව වගේය. පස්සේ ඕක රජා දුලියගෙන් ඇහුවේය.
රජා: මොකද්ද යකෝ උඹ ඇහුවේ? ටොයිලට් සුපිරිද කියලද ඇහුවේ?
දුලියා: ඒක තමා යකෝ... ඌ මොනා කිව්වද මන්දා.
අපි ගල් පඩිපෙළ ලගට ගියෙමු. හත්වලාමේ... බඩපපුව හෝස් ගාලා ගියේය. පඩිටික තියෙන්නේ මේමය. නිකන් ඉනිමගේ යනවා වගේය. කලින් ආපු නඩ 2ක් විතර පඩිපෙලේ ගාටනවාය. ඒ අසේසේ කෙල්ලෝද සිටියාම නොවේය. අපිට පොටෝවක්වත් ගහන්න බැරිය. උන් අයින් වෙනකන් අපි ඉදගෙන සිටියෙමු. ඔය අස්සේ ඕක බලාගන්න අංකල් අපිට සෙට් උනේය.
අංකල් - පුතාලා කොහෙද?
අපි - ගිරිඋල්ලේ අංකල්..
අංකල්- ආ.... කට්ටිය යනකන් ඉදලා පොටෝ ගහන්න නිවාඩුව.
අපි - හරි හරි...
වයසක කට්ටිය හති දාගෙන නැග්ගේය. නොපෙනී ගියාට පස්සේ අපි වැඩ ඇල්ලවෙමු. එක එක ඇක්ෂන් වලින් පොටෝ ගහන්නේය. බිම බඩගාගෙන, උඩ බලාගෙන, බිම බලාගෙන, හිටගෙන, ඉදගෙන එක විකාරයය. බැරි වෙලා හෝ ඒ වෙලාවේ යාපහු සිංහයෝ දෙන්නට පණ ආවානම් එහෙම අපිව මරන්නේ හපලාය. ඇයි යකෝ උන් දෙන්නට දීපු වදයක්. අර රජා කියන එකා උගේ කම්මුලකුත් කොනිත්තලා පොටෝ ගැහුවනේ.
පොටෝ ගහලා ඉවරවෙලා අපි කෙලින්ම ඇදුනේ යාපහු ගල මුදුනට යන්නය. පඩි සකසා ඇත. සෑහෙන කාලෙකින් යන හින්දා පඩි 10 නගිනකොට බල්ලට වගේ හතිය. දිව පපුවේය. මුදුනට කිට්ටු වෙනකොට දාඩිය හැලි ගණන්ය. දිව ගිලිලාය.
දුලියා: යකෝ අර කෙල්ලෝ කොහොම නැග්ගද මන්දා...
සැලයා: හා හා... කෙල්ලෝ ගැන කියන්න එපා.... මතකනේ එදා.....
රජා: හහහා... දවසේ කතාව ඕයි!!!
සැලයා ඒ මතක් කලේ, වැලයා විසින් සිදු කලා වූ ශතවර්ශයේ හොදම කතාවය. මැරෙනතුරා ඒ වචන කීපයනම් අපිට අමතක නොවෙනු ඇත. අපි කන්ද මුදුනට යනකොට අනිත් අය බහින්නේය. අපි හොදට ගිමන් හැරලා හිතුසේ පොටෝ ඇල්ලුවෙමු. ගල උඩ දර්ශනය නම් පට්ටය. සුපිරිය. ලොවෙත්ය. හුලං පාරත් පංකාදු පහය. ටික වෙලාවකින් කොහෙදෝ මන්දා ඉදලා ආපු වැස්සක් කඩන් පාත් උනේය. අපි ගලෙන් පල්ලෙහාට බැස්සෙමු. තබ වැස්සේ කුඩ ඉහලගෙන කැමරා තෙමෙන්න නොදී, අපි තෙමි තෙමී වීල් එකට නැග්ගෙමු.
වැස්සේම නැවතත් ඇදුනේ කලින් කතිකාකර ගත් පරිදි රිදීබැදි ඇල්ල බලන්න යන්නය. ඒ උනාට හෝ ගාලා වහින්නේය. ඒ අස්සේ සැලයා හෙන හයියෙන් යන්නේය. වතුර ආටාව ඇතුලටත් විසිවෙන්නේය.
රජා: යකෝ හිමින් යමන්...පාර ලෙස්සනවා.
අනේ මන්දා බං... හිමින් ගියත් මූට බයිනවා. හයියෙන් ගියත් බයිනවා. හි හි හි...
සැලයා: හොද වෙලාවට දැන් එන වීල් වල ෆියුස් එක යට නෙමේ. නැත්තන් වැස්සනම් ඉවරයි...
අපි: එහෙමද?
සැලයා: ඒත් වෙලාවකට මේකත් හිටිනවා...
රජා: කට වහගෙන ඕක එලෝපන්... මග ඉන්න බෑ යකෝ....
බයික් එකේ එන්න නොවුනේ වෙලාවටය. නැත්තන් ගෙදර යනකොට තෙමිලාම ජලභීතිකාව හැදිලාය. ටිකක් දුර යනකොට වැස්ස පෑව්වේය. කුරුලු පැටව් එලියට බහින ටයිම් එකය. හෙන ගාලක් අස්සේ හිටපු කුරුල්ලෝ අල්ලන්න වෙල් යායක් දිගේ හිටන් රිංගුවේය. වැඩි වෙලාවක් ගියේ නැත. මේ පැත්තට සුපුරුදු කට්ට කරවෙන අව්ව නොඅඩුව ලැබුනේය. රිදීබැදි ඇල්ල ලගට ඇවිත් සිමෙන්ති කොට්ටේ වගේ බත් එක කෑවෙමු. ටිකක් වෙලා කැරකි කැරකි ඉදලා වේල්ල කිට්ටුවට ගියෙමු. එතනත් පොටෝය. මේ දවස් වල වැස්ස හින්දා වේල්ලෙන ලස්සනට වතුර වැක්කෙරෙන්නේය. ටිකක් වෙලා ඒක දිහා බලන්හිටපු අපි නැවතත් ගෙදර බලා එන්න ආවෙමු.
මගදිගට කම්මැලිකම මකන්න හැමෝටම ඇහෙන්න සින්දු දාන්න රජාගේ බටු ෆෝන් එක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනේය. සැලයාගේ අටමගල් ආටාවේ සෙට් එකක්වත් නැති එක දුකක්ය. ෆුල් වොලියුම් දුන්නට අතේ තියන් හිටියට ඇහෙන්නේ නැත. විසදුම සරලය. ස්පීකරේ කන ගාවින් තියෙන්න ෆෝන්එක වහලේ අස්සේ ගැසිය යුතුය.
මෙන්න ක්‍රම |
යාපහුවේ පඩිපෙල අංශක 70ට හදලා තියෙන්නේ සතුරන්ගෙන් දළදා වහන්සේට වන හානි අවම කරන්නලුනේ.
අපි තුන්කට්ටුව ආටාව සමග |
රාජ චාරිකා සටහන්
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය
6) තොටුපල කන්ද
7) කිරිගල්පොත්ත
8) බෙලිහුල්ඔය
10) කරගහගෙදර අම්බලම
11) අලගල්ල තරණය
14) ඇතුගල (කුරුණෑගල)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!