Tuesday, January 31, 2012

සන් ක්‍රීම්...


මේ කියන්න යන්නේ පොඩි ආතල්, ඒත් අපි කාපු කට්ටක් ගැන පොඩී කතාවක්...
කතාවට මූලික වෙන්නේ මගේ හොදම යාලුවෙක්ගෙ ප්‍රියම්භිකාව(ප්‍රධාන නිළි)....එයා වැඩ කරන්නෙ ලංකාවෙ තියන ප්‍රමුඛ පෙලේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක. දන්නවනෙ ඉතින් කන්ස්ට්‍රක්ෂන් කිව්වහම.... අව්වෙමනේ...අනික ගෑනු ලමෙක්....හිතා ගන්න පුළුවන්නේ තමන්ගෙ රූප සොබාව ගැන කොච්චර සැලකිලිමත්ද කියලා...
දැන් ඉතින් කතාවට ප්‍රධාන නළුවෙක් එපායැ....මම සහය නළු නෙ....
නළු තමා ච_ල්...
මේ නම දැක්ක ගමන් අපේ කැම්පස් එකේ උන් නම් දන්නවා මිනිහා කවුද කියලා.
හරි....දැන් අර නිළිය අපේ ච_ල්ට පොඩි වැඩක් බාර දීලා තියෙන්නේ. මොකද්ද දන්නවද? එයා අව්වෙ ඉදලා කලු වෙන එක නවත්ත ගන්න සන්ස් ක්‍රීම් එකක් හොයලා ගේන්න. ඕන කරන එකේ නම ගම ජාති ජන්ම ඔක්කොම මූට දීලා තියෙන්නෙ.
මම එදා බෝඩිමේ ඉදන් ගෙදර යන දවසක්. ලෙක්චර්ස් කලින් ඉවර උනා 3.30 ට විතර.... 5.23 නේ කෝච්චිය. කරන්න දේකුත් නෑ.
ච_ල් - මල්ලි යමන්කො පොඩි ගමනක්.
මම - කොහෙද බං
ච_ල් - අරකිට සන්ස් ක්‍රීම් එකක් ගේන්න කිව්වා බං..
මම - ආ....යං යං...
ච_ල් - ෆුඩ් සිටියෙ බලමු නේ බං...
මම - හරි යං..
අපි දෙන්නා දැන් යනවා....ඒ මේකෙ තියෙයිද බං? ප්‍රශ්නය නළුවගෙන්. අනේ මන්දා බං ගිහිල්ලම බලමු. උත්තරේ මගෙන්.මේ යන ගමන් පාරේ ඉන්න කෙල්ලෝ ගැන එහෙම චුට්ටක්වත් කතා උනේ එහෙම නෑ.
@ Food City – Mount Lavinia
බෑග් දෙක තිබ්බා කවුන්ටරෙන්..ඇතුලට ගියා හා හා පුරා කියලා.
දැන් කෝ මේ උලන කරන ඒවා? අම්මේ....අර රාක්ක පෝලිම් වටේ කැරකිලා කැරකිලා යන්තං ආවා බඩු තියෙන තැනට..
හත්වලාමෙට ගහපු කලාබර,රුවිත,ඉස්කෝප්ප,හාරත කිව්වලු...කොහොමද යකෝ මෙතන එකක් කියලා හොයන්නෙ ඔක්කොම එක වගේනෙ.... හැම එකේම ගෑනියෙක් විරිත්තගෙන ඉන්නවා අනේ....මාව ගන්නකො කියන්නා වගේ.
ච_ල් - අඩෝ කොහොමද බං හොයන්නෙ?
මම - අනේ මන්දා බං මටනං ඔක්කොම එක වගේ...
‍ ටික වෙලාවකින්......
ච_ල් - මේකෙ නෑ වගේ බං....වෙන එකක බලමු.
මම - හා..හා... උඹේ කැමැත්තක්.
ච_ල් - තව කොහෙද බං තියෙන්නේ
මම - ආපිකෝ බලමුද?
ච_ල් - යං....
අපි දෙන්නා දෙහිවලට යන්න නැග්ගා බස් එකට...ගත්තා ටිකට් 2ක්ම (ආයෙ මොකටද හොරෙන් යන්නෙ)
අයියෙ...ඉස්සරහින් පොඩ්ඩක් දාලා යන්න. මම මෙහෙම කිව්වෙ ඩ්‍රයිවරයට. නොදකින් හාල්පාරුවා... ආපිකෝ එක පෙන්න පෙන්න අපිව අරං ගියානේ දෙහිවල හංදියටම. දැන් ඉතින් යමංකෝ ආපහු මීටර් 200 විතර.
@ Arpico Super Center - Dehiwala
මේකෙත් සුපුරුදු පරිදි තිබ්බා බැග් එක කවුන්ටරෙන්... ආවා දුවන පඩිපෙළ ගාවට, තිබ්බා අඩිය ලාවට. මෙන්න අරු දුවන පඩිපෙලේ ඇවිදගෙන යනවා. මම ඉතින් මොකුත් කියන්නේ නැතුව ශේප් එකේ හිටගෙන උඩට යනකන් ඉඳලා පළමු මහලට සැපත් උනා.
දැන් හොයනවා cream එක.

ච_ල් -
කෝ බන්.... අපි හොයන ඒවා කොහෙද තියෙන්නේ? මේකේ තියෙන්නේ සෙල්ලම් බඩුයි, ප්ලාස්ටික් කැලි නේ.
මම - එකනේ බන්. උඩ එකට ගිහින් බලමුද?
ච_ල් - යමන් බලන්න.
මම - මල සීන් එක. මේකේ තියෙන්නේ ඇදුම්, ලී බඩු නේ.
ච_ල් - මල්ලි අර බලහන්කො අර ඩමියේ ගැටේත් පේනවා..
මම - හි හි අනේ උබටත් පේන ඒවා.
ච_ල් - නෑ බන් සිරාවට. අර බලහන්කො. ඕව දැකල තම අපේ උනුත් ගැටේ පේන්න අදින්නේ.
මම - අම්මට...ඔව්මයි බං...

මු බොරු නෙමේ කියල තියෙන්නේ. සිරාවට පේනවා එක ලස්සනට. අපි ඉතින් උඩට ආපු එකේ ඇදුමක් එහෙම බලලා ගන්ඩ බැරි හින්දා ඒවට බැන බැන cream තියෙන තැනත් වැඩ කරන එකෙක්ගෙන් අහගෙන පහලට ආවා
අයියෝ සල්ලි....මේක තිබිල තියෙන්නේ පල්ලෙහම තට්ටුවෙනේ.
බඩු බනිස් කියල ආවා රාක්කෙ ගාවට.
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මේක ෆූඩ් citi යට හපන්. මීටර් 50 විතර දිගට තියෙනවා rack එක.
දැන් ඉතින් හොයපන්කෝ.... අපි වහාම සේවක සහය පැතුවා මේක හොයන්න.
ච_ල් - අක්කේ මෙන්න මේකයි ඕනේ එක. (අරු ෆොනේ එකේ ගහගෙන හිටපු නෝට් එක පෙන්නුවා අක්කට) අක්කත් බැලුව වටපිට නිකන් හොල්මන් වෙලා වගේ. ටිකකින්.....මල්ලි මේක නං නෑ වගේ. ඊට පස්සේ ගිහින් කිව්වා හෙන ලොකු ලයින් එකෙන් ඉන්න පොරකට. ඌ ආවා....පොඩ්ඩක් කැරකුනා. මේ තියෙන්නේ කියල ඇදල ගත්ත එකක්. ෂා අපිට මර හැපි.....

ච_ල් - මේ 45 නේ අය්යේ. අපිට ඕන 35.
අක්කා - මේක විතරමයි මල්ලි තියෙන්නේ
කෙලපන්කෝ හැලප.....මෙච්චර වෙලා හොයලත් හම්බුනේ 45 නේ.

මම - දැන් මොකෝ කරන්නේ.
ච_ල් - අඩෝ අර චොකලට් ගංගාවයි. ආපු එකේ එකක් කමු බන් මම 50 ක් දානවා.
මම - හරි සුපිරි එකක් කමු.මම 100 ක් දානවා.

දැන් ඉතින් 150 එකක් හොයන්න එපායේ....
යන්තන් එකක් හොයාගෙන ආවා කැෂියර් අක්ක ගාවට. නාකි ඩයල් එකක් ඉන්නවා දොඩන ගෙඩි දෙකක් අරන්. අපි වගේම පොරක් ද කොහෙද...ඇයි ඉතින් අපිත් මේ 150 චොකලට් එකක් විතරනේ අතේ තියාගෙන ඉන්නේ. ඉක්මනට කන්ඩ බලාගෙන ඉන්නවා දැන් බිල ගෙවන්න. එතන ඉන්නේ ට්‍රෙනින් වෙන අක්ක කෙනෙක්. අරු ඒ ටිකට නමත් බලාගෙන. නම සුමුදු....නාකිය සල්ලි දුන්න විතරි මැෂින් එක ස්ට්‍රක් උනා කියපි...
දැන් විනාඩි 3,4 අපි හිටගෙන. අක්ක අපි දිහා බල බල හිනා වෙනවා.

මම -
අක්කේ ගහන්නකෝ ඕකට හයියෙන් පාරක්. හරියයි සමහර විට
අක්කා - හිනාවෙනවා...............ආ හරි හරි (ගැහුවේ නෑ)
මම - යන්තන් ඇති...ඉක්මනට බිල දාන්න අක්කේ බඩිගිනි.

එලියට ඇවිත්,
මම - දැන් කොහෙද බන් බලන්නේ?
ච_ල් - odel යං...චොකලට් එක කාකා පයින් යං.
මම - යමන්..

දෙහිවල ඉඳන් ඔඩෙල් එකට මීටර් 500 විතර තියෙනවා. අපි ඉතින් පයින්ම ගියා..යන ගමන් Glitz එක තියෙනවා පාරෙන් එහා පැත්තේ. පාර පයින්න කම්මැලි හින්දා ගියේ නෑ ඒකට.

@ ODEL – Mount Lavinia
බැග් තියන ගමන් අපි එකේ සික්කිගෙන් (සික්කගේ ගැණු සතා) ඇහුව....
ච_ල් - sun cream එහෙම තියෙන්නේ කොහෙද?
සික්කි - ඒවා නැනේ. පර්ෆියුම් විතරයි තියෙන්නේ.

අනේ..... ඉතින් අපි දෙන්න නිකන් බල්ලෝ වගේ බැස්ස odel එකෙන් එලියට. නොදකින් විතරක් මහ ලොකු සල්ලි කාරයෝ එන කඩ....තුහ් විතරක් මුනේ උලන එකක් නෑ.. කඩ නෙමේ මේවා ලඩ.... මට ඉතින් හොඳ ඒවා මතක් උනා ඒ වෙලාවේ.
මම - මචෝ family super එකෙත් බලමු.
ච_ල් - කොහෙද බන් එක තියෙන්නේ
මම - ඔය තියෙන්නේ බන් ඉස්සරහා.
ච_ල් - ආ යමු බලන්න.

එකෙත් නෑ.........................ඇඩෙනවා...

අවසාන ට්‍රයි එක Keels super එක...දැන් වෙලාව 4.45. මට ඇදුම් බෑග් එක ගන්න බෝඩිමට යන්නත් ඕන.
මම - මචන් මම බැග් එක අරන් එන්නම්. උබ ගිහින් බලලා කෙලින්ම ස්ටෙසන් එකට වරෙන්...ok
ච_ල් - හරි බන් හරි....

@ Railway Station – Mount Lavinia

ච_ල් - අඩෝ එකෙත් නෑ බන්.....
මම - මොකද්ද බන් මේ ගල්කිස්ස නේ? මහ ලොකු නගරේ. මෙහෙත් නැද්ද ඕක? අනිවා උබ මීරිගම Pharmacy එකක බලපන් අනිවා ඕක තියෙනවා මෙහෙ නැති උනාට.
ච_ල් - අනිවා....

ටිකක් වෙලා කයිය ගහ ගහ ඉන්නකොට කෝච්චිය ආවා....අපි එකේ නැගල නිළියටත් ඉඳගන්න ඉඩ තියාගෙන ගෙදර එන්න පිටත් උනා....සුපිරි වෙළද සංකීර්ණ 5 ක බලලත් හොයා ගන්න බැරි උනා සුපිරි cream එකක් මේක.
මම කිව්වා වගේම නළුවා මට රෑ message එකක් දෙනවා....Cream එක මීරිගම ටවුන් එකේ Pharmacy යක තිබිල ගත්ත කියල....
ඔන්න ඔහොමයි උනා කියන්නේ.
කෙල්ලන්ව ලස්සනට තිය ගන්නත් ඕන....ඒකට කටු කන්න වෙන්නෙත් කොල්ලන්ටමයි කියන එක මට ලෙසටම පැහැදිලි උනේ එදා තමයි....



Friday, January 20, 2012

බිදුනු කුළුදුල් හද

වසර 2010,


ඒලෙවල් කියලා විභාගයක් කලා මතකයි පන දාගෙන. ඒත් ඉතින් නැහුන තරම් රිසාල්ට් එකක් නම් හම්බුනේ නෑ. මේ කාලේ මට FB Account, E-mail Account එකක්වත් තිබ්බෙ නෑ. අඩුම තරමෙ ආසාවට කියලා කෙල්ලෙක්ගෙ මූනක් දිහාවත් බැලුවෙ නෑ. අනේ ඉතින් සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න මොරටු යන්න කියලා හිතාගෙන ගිහින් බැලුවා රිසාල්ට්...අනේ දෙයියනේ.... තනි ඇහැට ඇඩුනා ෂීට් එක දැක්කහම. දැන් ඉතින් මක්කෙයි කොරන්නෙ, ඒ නැහුන හැටියට තව පාරක් ඒලෙවල් කරනවා තියා.. පොතක් දකින කොටත් මල පයින්නෙ බාල්දි පිටින්.


දැන් ඉතින් කොහොමහරි මොරටු යන්න බැරි උනානෙ. ඒක හින්දා මොරටුවට චුට්ටක් මෙහායින් ගල්කිස්සෙ තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට පය ගැහුවා දෙයියනේ කියලා. ඔය කාලේ මට කෙල්ලෙක් හිටියෙත් නෑනෙ. මේ වගේ ඒවට එන්නෙත් ඉතින් එසේ මෙසේ බඩු භාණ්ඩ නෙමේනේ. ඔන්න ඉතින් මේ කාලේ තමයි කොල්ලා කෑල්ලක් සෙවීමේ ගේමට බහින්න ගන්නෙ. අනේ ඉතින් කැම්පස් එකට ගිය කාලෙම පේන්න හිටපු හැම කෙල්ලටම ඇහැ දාලා හෙව්වා තත්වෙ කොහොමද කියලා. හත්වලාමේ.....හෙනම ගහපිය......මම තමා එතන ඉන්න පොඩිම එකා. ඉන්න කෙල්ලො ඔක්කොම මට වඩා අවුරුදු 2,3,4 වැඩිමල්. දැන් ඉතින් මොකෝ කරන්නෙ? ඇතුලෙන් කෙල්ලො හොයන අදහස අතඇරලා පොඩ්ඩක් වටේ පිටේ හොයන්න ගත්තා.

හොද වෙලාවට කැම්පස් එකට අල්ලපු වැටේම බෝඩිමකුත් සෙට් වෙනවා ඔය කාලෙදිම. ඔන්න ඔහොම මාස 2,3 ගත වෙලා යද්දි FB Account එක ටික ටික හොරෙන්ම ලංවෙනවා මගෙ පුංචි මනසට. වදුරට දැලි පිහිය අහුඋනා වගේ ඒ කාලේ දිගට හරහට ෆොටෝ අප්ලෝඩ් කරනවා පිස්සුවෙන්. දැන් මං මේ ගෑනු පරානයක් හොයමින්නෙ ඉන්නෙ. මෙහෙම ඉන්න කොට තමයි දවසක් මගෙ Profile pic එකකට චූටි හුරුබුහුටි කෙල්ලෙක් කොමෙන්ටුවක් දාන්නෙ.

අම්මට සිරි මට බුදු ආතල්....පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ කියලා. ඉස්කෝලෙ නම් අපේ එකට පිටිපස්සේ...මගේ පොඩිම කාලේ ඉදන් යාලුවෙකුත් හිටියා මේකේ...(අනන්‍යතාව සුරැකීමට, නම් සදහන් නොකරමි) කෝකටත් කියලා ඇඩ් කරගත්තා. මෙන්න බොලේ පහුවෙනිදා ඉදන් Message කරනවා...


ඇඩෙනවා... මේ ඉන්නෙ අර මගේ පොඩිම කාලේ ඉදන් යාලුවගේ හොදම යාලුවා. දැන් ඉතින් ඔහොම මාස ගානක් FB Message කරගන්න ගමන් මං මගේ නොම්බරෙත් දීලා එහෙම තිබ්බෙ. ඒත් එයාගෙ නොම්බරේ නම් එක පාරටම ඉල්ල ගන්න බැරි උනා. එයාම මට ඒක දෙන්නම් කිව්වා වෙලාවක. ඒකට හේතුව උනේ එයා කවමදාවත් කොල්ලෙකුට ඒ නොම්බරේ දීලා නැති එකලු.



ඔන්න දැනුයි කතාව පටන් ගන්නේ.....!!!!

ඔහොම කාලය ගෙවී යනකොට එක දවසක් හවසක මගෙ Phone එක හැඩවෙන්නෙ ඇයගේ හඩ වෙනුවෙනි. එලෙස ගොඩනැගුන මිතුදම නොදැනීම ආදරයක් බවට පත්වන්නේ ලෝක න්‍යාය ධර්ම අනුවයි. (මගේ හිතේ විතරද කොහෙද)

එදා සිට මෙමස 17 වනදා තුරුම මම ඇය සමග කොතරම් දේවල් නම් කතාබස් කරන්නට ඇත්ද? මම මගේ ජීවිතයෙ අම්‍මගෙන් පසු වැඩියෙන්ම ආදරය කල යුවතිය ඇයයි, මම කරන හැම දෙයක්ම කිව්වෙ ඇයටයි.එදා මෙදා තුර කාලය තුල මැසේජස් 3100 හා පැය 5 කට අධික කතා කාලයක් ඇය නමින් මගේ දුරකතනයේ සටහන්ව තිබුනා.



මෙතරම් කලක් ඇසුරු කලද ඇය මාගේ ආදරය නියමාකාරව හදුනාගෙන නැත. මම දන්නා කියන සියලු වැඩ කිඩ දැම්මෙමි. ඒත් ඒ සියල්ල ගගට ඉනි කැපීමක් වී ඇත්තා සේය. නමුත් ඇයගේ යහලුවන්ට පවා වැටහී තිබූ යථාර්තය ඇයට නොවැටහීම අරුමයකි...නැත පෙර කරුමයකි.


උසස් අධ්‍යාපන කටයුතු සදහා ඇය පිට වන්නේ මීට සති ගනනකට පෙරය. මට කෙලවුන තැන මෙතනය. ඇය වෙනත් සම්බන්දයක් පටන් ගෙනය...... එකෙක් ඇගේ පස්සෙන් එන බව පැවසුවද මම ගනනකට ගත්තේද නැත. කෙසේ හෝ ඌ ගේම ගසන තුරු මමද නිහඩය. මෙහි සත්‍යතාව එහි සිටි මගේ මිතුරන්ගෙන්ද දැනගන්නට ලැබිනි. ඇය නොදන්නවා වුව මම ඈ ගැන නිරන්තර අවධානයෙන් සිටියෙමි. දුරක සිටියද මා, ඈ ගැන සෙවීමට මගේ හොදම යහලුවන් පත්කර තිබිණි.

එක් දිනක් අර *_ කන්නා මගේ ෆොටෝ වලට කොමෙන්ටු දාන්න විය. මාගේ සියලු ඉවසීමේ සීමා පැන්නේය.



දිනය මෙමස 17 වනදාය. වේලාව රෑ 10.30 ය,
මම ඇයගෙන් සදාකාලිකවම සමුගැනීමට තීරණය කලෙමි. යලි කිසි දිනක මට Message, Call නොකර මා අමතක කර දමන්න යැයි ඇයට කීමි. මෙය කෙතරම් අමාරු වීද යත් මාගේ හෘදය වස්තුව විදි දරුණුම වේදනාව එය විය. ඇය ඇත්තට හෝ බොරුවට මට කෝල් කරමින් හැඩුවාය. Love Movies වල වෙන සීන් දැකලා මුන්ට සයිකෝ කියලා හිතපු මම, එදා ඒ වේදනාව ලස්සනට වින්දෙමි. අවසාන Messages 30 හා Call 2 හි ගැබ්වූ වේදනාව මට විස්තර කල නොහැක.

එක් මොහොතක ඇය අනෙකාට බැහැ කියා මට කැමති වෙන්නද යැයි ඇසීය....මට නේද ඉතින් ඌරු ජුවල්. ඒ වෙලාවෙ තමයි මට හරියටම තේරුනේ ගැහැණියකගේ බොළද බව. ඇය තව මනසින් දියුණු විය යුතුව ඇත. අර කතාවකුත් තියනවානේ... "අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර වූ ආලයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැක" කියලා.

ඇය තවත් මට Message කරයි. මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. ඇයව මගේ හොදම යාලුවා කරගන්නලු. මම කොහොමද දෙයියනේ එහෙම කරන්නෙ. ඊයේ වනතුරු ආදරය කල කෙනා දිහා කොහොමද ඊට පස්සෙ දවසෙ ඉදන් යාළුවෙක් විදිහට බලන්නෙ?

දැන් මම මේ කියන දේ කිසිම කෙනෙක් දන්නෙ නැත. එදා රෑ ඇය මට කෝල් කරලා ඇඩුවනේ. අන්න ඒ වෙලාව තමයි මට දරුණුවටම වැදුන වෙලාව. මටත් තනි ඇහැට ඇඩුනෙ අන්න එතනදි. මම ඇගේ සියලු මතක මුහුදට දාන්න හිතාගෙන කට්ට තනියම රෑ 11.30 ට ගල්කිස්ස බීච් එකට ගියෙ පහුගිය 6 වෙනිදා ඈ මට එවපු Birthday Card එකත් අතේ තියාගෙන. ඒ වෙලාවෙ බීච් එකත් හිටියේ මාව පිලිගන්න බලාගෙන. එදා වෙනදා වගේ පාටිත් නෑ. පැත්තකින් ගල්කිස්ස මහ හෝටලය මා දිහා බලාගෙන, ඈතින් පේන වරායේ ලයිට් පෝලිම, මලානික උන මුහුදු රල... ඔක්කොම මම හිටපු තත්වෙ තේරුම් අරං වගේ.

මහ රෑ මුහුදු හුළග විදිමින් ඈ එවූ සියලු Messages මකා දැම්මා. Birthday Card එක ඉරනවද නැද්ද කියලා ඉන්න කොට තමා මට එතෙන්ට ආපු මොරටුව කැම්පස් එකේ අයියා කෙනෙක් සෙට් උනේ. ඌ මට දුන්න උපදෙස් ටිකනං සුපිරි. ඒක හින්දා මම කුළුදුල් පෙම මතක් වෙන්න ඒ කාඩ් එක පරිස්සමට තියාගත්තා.

මේ හැමතිස්සෙම හිනාවෙලා හංගගෙන ඉන්න දුකට මම අනිවා බොන එක බොනවාමයි. මට මෙච්චර කල් බොන්න කිසිම කික් එකක් නැතුව හිටියෙ. දැන් හරි, බබා හම්බුනානේ. හැබැයි කබරයෝ අල්ලන්න බාල්දි නං ගේන්න වෙනවා ටික දවසක් යනකං.

ආදරයත් හරියට හැමදාම ඉගෙන ගන්න සිවිල් ඉංජිනේරු විද්‍යාව වගේ. වැඩේට ගැලපෙන ඉඩමක් ඉස්සරලාම තෝරගන්න ඕනා. ඊට පස්සෙ නියමිත විදිහට අත්තිවාරම් දාන්න ඕනා. අත්තිවාරමට කෙල උනොත් ඉතින් ඔක්කොම ඉවරනේ. මටත් උනේ ඕකම තමා....ලස්සන ඉඩමක් නං හම්බුනා, ඒත් අත්තිවාරමට කෙල උනා. මැද්දෙන් තව බාස් කෙනෙක් පැන්නා, මේ බාස්ට නෝ ප්ලේස්. ඉතින් මම ඉඩම කුණුකොල්ලෙට විකුණුවා. සමහර විට මේ ඉඩම පසු කාලීනව සංචාරක පුරවරයක් වේවි. සුද්දො ඒවි යාවි. ඒත් කිසිදින එසේ නොවේවා කියලා මම එක සිතින් පතනවා.

අනේ ඉතින් ආයෙ මුල ඉදලා කෙල්ලෙක් හොයන වැඩේට මට බහින්න වෙනවා. ඕක තමා එපාම වෙන වැඩේ මේ තියන වැඩ ගොන්නත් එක්ක. මේ බ්ලොග් එක කියවපු අය කවුරුවත් මේ යුවතියට බනින්න එපා. මෙතන එක පැත්තකින් මගෙත් වැරුද්දක් තියනවා. ඒ මම මගෙ හොදම යාලුවෙක් කියපු දේ කනකට නොගැනීමයි. "හර්ෂ්!!! මම මෙයා ගැන හොදට දන්නවා...ඔයා පරිස්සමින් වැඩ කරන්න". එදා ඒ කියපු දේ මම ඇහුවා නම් මේ වගේ දුකක් මට අද නෑ.

අවසාන Messages 30 යවනකොට මම Hand free එක ගහගෙන රේඩියෝ එක අහමින් සිටියේ. පුදුමයට වගේ ඒ වෙලාවෙ විකාශය උන විරහ ගීතත් අවස්ථාවටම උචිතයි. ඒ ගීත 2,3 කින් මේ කතාව අවසන් කරන්නම්.....


දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුඋනේ
දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ
: : :
: : :
පුංචි ලදැරියක් වගේ හුරතලෙන් ඔබ හිනැහුන ඒ කාලය මතකද
- දයාරත්න රණතුංග ශූරීන් -


සද එලිය ගලා එන රාත්‍රියයි ඔබ මගෙන් සමු අරන් යන්න ලගයි
තව ටිකක් ඔබේ ලග ඉන්න හිතයි ඒ උනත් සමු අරන් යා යුතුමයි
: : :

: : :
කදුලු පිරුනු.... දෙනෙත ඔබගේ.... බලන්නට බෑ....දුකයි දැනුනේ
අහිමි වූවා.... ප්‍රථම ප්‍රේමේ....කදුල පමණි උරුම සෙනෙහේ.....
- අසංක ප්‍රියමන්ත පීරිස්
-


ඔබට සිත ආදරේ.... කරයි
දෙතොල් ගොලුවී සිටී....
නැගුණු සෙනෙහේ... කියනු බැරිවී...
මගේ සිත වේදනා විදී....
- දයාරත්න පෙරේරා
-



ලස්සන කෙල්ලෙක් දැක්කහම ඕනැම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිලා බලනවා. නැත්තන් ඌ කොල්ලෙක් නෙමේ..ඒත් ජීවිත කාලෙ පුරාවට තමන්ගෙම කරගෙන කියාගන්න බැරි තරමට ආදරය කරන්න හිතෙන්නෙ එකම එක කෙල්ලෙක්ට විතරමයි..

ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරේද කියලා කියා ගන්න උන්ට තේරෙන්නෙ නෑ..ඒක කියන්නෙත් නෑ...කරුමෙට කියාගන්න දන්නෙත් නෑ..ඒ කොල්ලන්ගෙ හැටි...ගලක් වගේ හිතක් තියෙනවා වගේ හිටියට ඕනැම කොල්ලෙක්ගෙ ඇස් දෙකට කදුලක් ඉනුවොත් ඒ අනිවා කවුරු හෝ ස්ත්‍රී පරානයක් නිසාමයි...

ඒත් අවාසනාවට සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ..


සැ.යු. සියලු කරුණු සත්‍ය සිද්ධියක් මත පාදක වී ඇත.