Saturday, March 30, 2013

අලගෙඩි සොයා අලගල්ලට - Hike Alagalla for "Hope Yashoda"


මේ කූඩැල්ලන්ට අධිපති කූඩළු දෙයියෝ සිහිකරලා ලියන පළවෙනි චාරිකා සටහනය. අපේ බැච්චෝ හතර පස් දෙනෙක් එකතු වෙලා හයික් යන්නම බුකියේ ගෘප් එකක් අටෝගත්තේ දැන් අවුරුද්දකට විතර කලින්ය. පබ්ලික් ඉවෙන්ට් එකක් විදිහට දියත් කල පළමු හයික් එක මෙයය. එනම් අලගල්ල කන්ද තරණයය. මේ වනාහී මම ගිය අතිශය කුප්පම චාරිකාව කිවහොත් ඉතාම නිවැරදිය. වැස්ස, කූඩැල්ලෝ මේවාට වග කිය යුතුය.

හුගක් දවස් වල වගේම අපේ ගමන කෝච්චියෙන්ය. රජයි ගවේෂකයයි මීරිගමින් යාල් දේවියට නැග පොල්ගහවෙලින් බැස්සෙමු. එතකොටම ආපු බදුලු කෝච්චියට නැග්ගේ ඉහල කෝට්ටෙන් බහින්නය. මේ කෝච්චියේම අපේ අනිත් ගමන් සගයනුත් හිටියේය. අළුතෙන් එකතු උනේ ගීත් සහ යාළුවෝ දෙන්නෙක්, බෝපගේ දොස්තර මහත්තයා, සහ කෝච්චි ඕනල්ය. සුපුරුදු සෙට් එක වන ගවේෂක, රජා, දුලියා, කාවින්ද, සහ විරාජ්ද ප්‍රසන්ට්ය. 

එ අස්සේ මල සීන් එකක් වෙලාය. ගීත්ගේ යාළුවෝ දෙන්නට පොල්ගහවෙලින් කෝච්චිය මිස් වෙලාය. උන් දෙන්නා එනකන් අපි මරු පොට් එකක් බලන්න ගියෙමු. ඒ පට්ට දිග බිංගෙයක්ය. බිංගේ හදන්න කලින් කෝච්චි පාර ගිහින් තියෙන්නේ ගලට පිටින්ය. ඒ පාර හරහා ඇදවැටුන දිය පාරක් හින්දා පීලි ස්ථාවර නැතුව කෝච්චියක් මෙතනින් පහලට පෙරලුනාලු. පස්සේ සුද්දා ගල විදලා බිංගේ හැදුවලු. බිංගේ දිග වැඩි හින්දා ඇතුලේ ගල් කුට්ටි, පස් එහෙම අයින් කරන්න විදපු හිලකුත් අදටත් මෙතන බලාගන්න පුළුවන්ය. බැරිවෙලා හරි කකුල ලෙස්සලා වැටුනානම් එහෙම මේ පෝස්ට් එක ලියනකනුත් තාම වැටෙන්නේය.


කොහොමද සුද්දගෙ ගල් කැඩිල්ල

ගල් යවපු හිල

“බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“

ඉස්සර මිනිස්සු කියා ඇත්තේ අන්න එහෙමය.අලගල්ල යනු ඉස්සර සුද්දා ලංකාව ආක්‍රමණය කරපු කාලේ උඩරට රාජධානියේ ආරක්ෂාවට තිබූ මුර කපොල්ලකි. ගල මුදුනට ගියාම ඒ බව පැහැදිලි වෙන්නේ හාත්පස සිසාර පේන සුන්දර දසුනින්ය.

“බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙ කඳු තුනට නායක සමනොළ කන්ද“

මේ කන්දට මෑත කාලීන කතාවක්ද ඇත. 1948 පෙබරවාරි 4 හෙවත් අපේ රටට නිදහස ලැබිච්ච දවසය. නිදහස ලැබෙනවා කියලා දැනගත්තු ගමේ කට්ටිය එකතු වෙලා පාන්දරම අලගල්ලට නැගලා කොළඹ පැත්ත බලාගෙන හිටියලු. පස්සේ කොහොම හරි සෙට් එකම හවස් වෙලා බැහැලා එද්දි නැගපු නැති ගමේ උන් අහනවලු.... 

දැන් තොපි ඔය දුන්නයි කිව්ව නිදහස දැක්කද?

නැගපු උන් ටික කිව්වලු....

කිරි අප්පුච්චියේ....ඒ වගේ නිදහසක් අපේ මුළු උපන් කට දැක්කේ නෑ බොලං....

දැන් ඒක පුරුද්දකට ගිහින් ගමේ කට්ටිය නිදහස් දවසට කන්ද නගිනවලු. ඉතින් අපිත් ජොලියට වගේ කන්ද බඩගාන්න ගියෙමු. 


අලගල්ල


ටිකක් උඩ ඉදන්
____________________________________________________

ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය අසලින් ඉහලට විහිදුන පඩි කීපයකි. අපි ඒවා දිගේ ඇදෙන්න ගත්තෙමු. බෝපගේ දොස්තරගේ ක්‍රීම්ක්‍රැකර් එකක් අතේ තියන් හිටපු රජා පස්සෙන් බලු මල්ලියෙක්ය. ඌවත් එක්කගෙනම අපි ඉදිරියට ඇදුනෙමු. බිස්කට් දෙනකං පස්සෙන් ආපු ඌ ටිකකින් නැවතුනේය. උපරිම මීටර් 500ක් යන්න ඇතිය. අපේ උන්ට අර බල්ලට වඩා හතිය. දිව එලියට දාගෙන වතුර බොන්නේය.


පඩි දිගේ
ඒ අස්සේ කට්ටිය පොටෝ අල්ලන්න, වොයිස් කට් ගන්න ගිහින් අම්බානට වෙලාව අපතේ ගියේය.  අපි වැනි වැනි පඩි ටික නැග්ගෙමු. පඩි ඉවර වෙනවත් සමගම මෙන්න ගෙවල් සමූහයකි. සමූහයක් කිව්වට 5ක් 6ක්ය.  අනිත් උන් එනකන් අපි හති ඇරියෙමු. ඒ අතර පොඩි කතා බහකි.

කාවින්ද: අඩෝ මුන්ගේ ගැට්ට කහනවා ඇති මේ ගල් උඩ ගෙවල් හදන්න.

දුලියා: ඒ මුන්ට ලියුම් එහෙම ගේන්නේ කොහොමද බං...වාහන ගන්නවත් බොරු. බයික් එකක්වත් ගේන්න බෑනේ.

රජා: ලියුම්කාරයා එනවා ඇති මුන්ගේ අම්මා අප්පා මතක් කර කර...

ඒ අස්සේ අයිස් පලම් විකුණන එකෙක් කෑගගහ එන්නේය. අපි රුපියල් දහයේ පලම් ගත්තෙමු. ඉස්කෝලේ අයිනේ නැන්දගෙන් කෑවයින් පස්සේ පලමක් කෑවමද කොහෙදය. පට්ට රහයි ඈ...අයිස් මාමගෙන් පාරත් අහගෙන අපි දිගටම ඇදුනෙමු.ටික දුරක් ඇවිදගෙන යන්න ඇත. උදේම කිරි එක විතරක් ගහලා ආපු රජාට හද්ද බඩිගිනිය.  

රජා: අඩෝ $රි බඩිගිනී බං...

දුලියා: ඔව් යකෝ....එකෙක් #$ ගහලා මට දියන්...මම කනවා

කාවින්ද: ඒකත් නරක නෑ...උඹලා දන්නවද එක ශුක්‍රාණුවක ශක්තිය මෙගාබයිට් 4ක්ලු.

රජා: නෑ...........යකෝ දන්නවනම් මම ටෙරාබයිට් 100ක විතර එක්ස්ටර්නල් හාර්ඩ් එකක් හදාගන්නවා...

කාවින්ද: එක සැරේට කිලෝමීටර් 2ක් දුවන ශක්තිය වැය වෙනවලු...හැමදාම එපා ඈ... :)


රජාට වගේම බඩිගිනි හැදිච්ච හප්පෙක්
දුලියාට කුරුල්ලන්ගේ පොටෝ ගහන්න, කුරුල්ලාව කැමරාව පැත්තට හරවන්න ඕනේ අපිය. ඒකත් පට්ට ආතල් වැඩේය. කල යුත්තේ කුරුල්ලාගේ ජාතිය ඇමතීමය. 

අඩෝ කුරුල්ලා...මෙහෙ බලපිය...
තටු කපනවා...
මුගේ ආච්චිට...
අඩෝ කැ$%^...

සමහර වෙලාවට ඌට මේ අදෝනාව අහන් ඉන්න බැරැවම ඉගිලිලා යන්නේය. අපි ටිකෙන් ටික හන්දියකට ලං උනෙමු. එතන හෙන ගලක් උඩ උළු හදන තැනක්ය. ඒත් එක්කම රෙදි වැලක්ය. රෙදි වැලේ පොඩි එකෙකුගේ ඇදුම් වනලාය. ඒක මාරම ගතිය. පාට පාට චූටි ජංගියේ ඉදන් ලොකු ඇදුම් දක්වා පිළිවෙලට වනලා තිබ්බේය. දුලියා කැමරාවත් අරං දිව්වේය. ටිකකින් මූ දිවත් එලියට දාගෙන මූණත් ඇඹුල් කරගෙන එන්නේය.

දුලියා: යකෝ....ගෑණු දෙන්නෙක් එලියේ...

රජා: හූඌඌඌ.... තව පොඩ්ඩෙක් උඹේ ජොකත් වැලේ තමා...

හන්දියේ බුදු පිළිමයකි. බුදු පිළිමෙට වැදලා එහෙම අපි ගමන පටන් ගත්තෙමු. පීල්ලක ආච්චි කෙනෙක් නාන්නේය. අපි ඇයගෙන් පාර ඇසුවෙමු. එතකොටම වීල් එකකින් අයියා කෙනෙක් ආවේය. මිනිහා අපිත් එක්ක එනවා කී හෙයින් අපි පීල්ල ලග නැවතුවෙමු. ආච්චි එක්ක පොඩි මල්ලි කෙනෙක්ය. අපි ඌව කතාවට අල්ලගත්තෙමු.


ගවේෂක: බබාගේ නම මොකද්ද?

මල්ලි: කවීෂ ****** **** (වාසගමත් එක්කම මුළු නමම කිව්වේය)

දුලියා: එතකොට බබාට තව කවුද ඉන්නේ?

මල්ලි: අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, නංගියෙක් ඉන්නවා...

ගවේෂක: එතකොට නංගිගේ නම මොකද්ද?

මල්ලි: දන්නෑ....

අපි: හොද බබා.... බබාට මොලේ තියෙනවා. 

අර අයියාකාරයා අපිට තේ වත්තක් මැදින් ඇදගෙන ගියේය. අපි කෝකටත් ගස්වල මාක් දාගෙන ගියෙමු. එන්නත් පාර මතක තියෙන්න එපායෑ. අයියා මගදී හැරුණ අතර අපිට පාර කියූ පරිදි අපි ඉදිරියටම ඇදුනෙමු. තේ වත්තෙන් පස්සේ ගමන ලාචෝරුය. අඩියෙන් අඩිය කූඩැල්ලෝය. කකුල තියලා ගද්දි දෙතුන් දෙනෙකු එල්ලිලාය. ඒ අස්සේ පාරත් ලිස්සනවාය. මඩ ගොඩය. කූඩැල්ලෝ හොයන්තන් බැරිය. ටික වෙලාවකින් අපි පොඩි ගලක් උඩට පැන කූඩැල්ලෝ ගැලෙව්වෙමු. 

මුගේ #$මට #$න්න @#යා....පල යන්න....
කූඩැල්ලෝ උඩී...න් විසික්වෙන්නේය.

මුන්ට රිංගන්න තැනක් නෑ.....$ස බල්ලෝ...සමහරු කලිසම් ගලව ගලවා බැලුවේය. ජොකා අස්සේ පීර පීර කූඩැල්ලෝ හෙව්වෝය.හරියට මැණික් ගරන උන් මැණික් හොයනවා වගේය. මේවා දැකපු කූඩැල්ලෝ පවා හිනාවෙනවා රජාටත් ලාවට ඇහුනේය. අසභ්‍ය වදන් අහන් ඉන්න බැරිම තැනද කොහෙද ටික දුරක් යනකන් කූඩැල්ලෝ හිටියේ නැත. 

අපි ආවේ හෙන හෙලක් වගේ තැනකටය. මෙන්න මෙහෙම නගින්න තිබ්බේය. එතන කූඩැල්ලෝ විමානෙය. කෙසේ හෝ ගස් අතු අල්ලාගෙන ගියෙමු. ඒ අස්සේ කාවින්දයාට කිඹුලෙක් හම්බෙලාය. අඩෝ ඔන්න.....රජා හිටියේ උගේ ලගමය. ඒ පත සයිස් ගෝතයා දැක්ක ගමන් මට කෑගැස්සුනේය. කොච්චර හයියෙන් කෑගැහුවාද කියතොත් එල්ලෙන්න ආපු කූඩැල්ලොත් ආපහු දිව්වේය. අඩෝ සිරාවට ඌ නම් තනිකර ගොඩ්සිලා පැටියෙක්මය. දකිද්දිත් බයහිතෙන්නේය. (ඌ මීට කලින් හොයාගෙන නැත්තම් දුලියගෙයි, මගෙයි, කාවින්දයගේ නමිනුයි නම් කරහල්ලා ඈ...)


ද ගොඩ්සිලා

අපි කන්ද උඩටම ආවෙමු. අයියෝ හත්තිලව්වේ....ඒක උඩ තවත් ගල්කෑල්ලක්ය. තව නම් අඩියක්වත් හෙල්ලෙන්න බැරිය. කකුලුත් ලොක් වෙලාය. එහෙන් වහිනවාය. රජා සමග හතර දෙනෙක් ආපහු බහිද්දී අනිත් උන් උඩටම නැග්ගේය. අපේ වේගේ කොහොමද කියනවානම් අපිට පස්සේ ආපු උන් දෙන්නා අපිට කලින් ගල උඩය. 


අපෝ...වෙන නම් බෑ...
වැස්ස අපේ ගමන චොර කලේය. ඒ අස්සේ වෙලාවත් තුනට කිට්ටුය. 4.50 කෝච්චියත් අල්ලගන්න ආපහු එන්න ඕනේය. ආපසු බහින එකත් හිතන තරම් ලේසි නැත. වැහැලා මඩ වෙලා අම්බානට ලෙස්සන්නේය. මාන ගස් අල්ලගෙන බැහැලා අල්ල හම ගිහින්ය. ඒ අස්සේ කටු ගස්ය. සමහර තැන්වල ගියේ අර ඉස්සර ලෙස්සන බෝට්ටුවේ යනවා වගේය. බිම ඉදගත්ත ගමන් රූ......ස් ගාලා ලෙස්සලා යන්නේය. අහල පහල ගස් කදවල් වල ආධාරයෙන් ලෙස්සන ගමන් පථය පහසුවෙන් වෙනස් කරගත හැක. කූඩැල්ලන්ටද එල්ලෙන්න චාන්ස් නැත. මන්ද අපි රූටලා යන්නේ සොනික්ටත් වඩා වේගයෙන්ය. 


අති විශිෂ්ඨ නෑමක් උදෙසා
එක තැනකදී රජාව ගල් කුලකින් ලෙස්සා ගියේය. පහල අඩි 10ක පමණ හෙලය. කඩු ශිල්ප, දුනු ශිල්ප දන්නා හෙයින් ගුවනේදී අනිත් පැත්ක හැරුන හෙයින් රජා බේරින. නැත්තන් මගේ හොයන්න වෙන්නේ කැඩුන අත පයය. හෙන ගේමක් දී අපි ආපසු පීල්ල ලගට ආවෙමු. කූඩැල්ලෝ ඔක්කොම ගලවා දමා නෑවෙමු. ඒත් හරියන්නේ නැත. හැම තැනින්ම ලේ වැක්කෙරෙන්නේය. දුලියාගේ කොන්දේ හිටන් කූඩැල්ලොය. 

සනීපෙට නාගත් රජා බෑග් එක ඇරියේය. අයියෝ මට ඇඩුනේය. මම තුවාය සහ ජොකා දාලා ඇවිත්ය. අනිත් උනුත් ගෙනල්ලා නැත.  බැනියමෙන් ඇග පිහගෙන තෙත ජොකා පිටින්ම කලිසම ඇද ගත්තෙමි. කොහොමත් වැස්සට තෙමිලා හිටපු එකේ ඕවා නම් මොනාද? හදිස්සියට දුවගෙන ඇවිත් තෙත ජොකාට ඉකිලිත් කැපිලාය. වෙව්ලන කකුල් දෙකන් අඩිය තියන්න ගිහින් ගලක හැප්පිලා නියපොත්තකුත් ගැලඋනේය. 

හොද වෙලාවට කෝච්චිය පරක්කුය. සෙකන්ඩ් ක්ලාස් සීට් ඔක්කොම හිස්ය. දැක්කේ තර්ඩ් ක්ලාස් ටිකට් ගත්තට පස්සෙය.  අපි තුන්දෙනෙක් කෝච්චියට නැග්ගෙමු. විරාජයා නුවරට යන එකාය. අපි කොළඹ පැත්තට යන උන්ය. අනිත් 5 තාම ගල උඩය. අපි තුන්දෙනා හිටියේ පිටිම පස්සේ පෙට්ටියේය. කෝච්චිය S12 එකක්ය. දොර ලග බිම හොදට ඉඩය. අපි නගිනකොට හෙන දුප්පත් (නිකන් දෙමළ වගේ...ඒ උනාට සිංහල කතා කරන්නේ) කට්ටියක් බිම ඉදගෙනය. අම්මයි, තාත්තයි, දුවයි, එයා බැදපු එක්කෙනයි, බබයි එතන හිටියේය. 

උන් මොකද...අපි මොකද...ඔක්කොම මිනිස්සුනේ. අපි නිකන් වල්ලට හෙන ගහපු වැද්දෝ ටික වගේය. මඩ සෙරෙප්පු, තෙමිච්ච ඇදුම්...කතා කරලා වැඩක් නැත. අපි අර මනුස්සයෝ එක්ක කතාවට වැටුනෙමු. මම මොහොතක් බලා සිටියෙමි. උන්ගේ ජීවිත හරිම සරලය. හැමතිස්සෙම හිනාව. ඒ හිනාම සිරාවටම අව්‍යාජය. 

දුලියා: අක්කලා කොහෙද මේ යන්නේ?

අක්කා: අපි යන්නේ රාගමට. මල්ලිලා කොහෙ ගියේ?

අපි: මේ අලගල්ල කන්ද නගින්න ගියා...

අක්කා: කොහෙ?

අපි: මේ මෙතන තියෙන කන්ද...

කෝච්චියේ ඉදගෙන හිටපු උන් ඔක්කොම අපි දිහා බැලුවේය. රජා හොදටම දැක්කේය. ඇයි අපි හිටියෙත් බිම ඉදගෙන බෑග් වලට ඔලුව තියාගෙනය. පොල්ගහහවෙලදී අනිත් උන් දෙන්නට ඉදගන්න ලැබුනේය. රජා බැස්සේය. මන්ද කෝච්චිය මීරිගම නවත්තන්නේ නැත. මම ගෙදර එන්නට ස්ලෝ එකකට නැග්ගෙමි. ආරංචියේ හැටියට අනිත් උනුත් යහතින් ගෙදර ගියාලුය. 


ප/ලි:

අපි මේ හයික් එක නම් කලේ යශෝධා අක්කා නමින්. එයාගේ සැත්කමට අවශ්‍ය මූල්‍යමය ආධාර එකතු කරන්න. අපි දහදෙනාගෙම සහයෝගෙ ඒකට ලබාගත්තා. 


උදව්කරන්න කැමති නම් මෙතනින් විස්තර බලන්න
_______________________________________


සියළු පොටෝ ඇතුලත් බුකියේ ඇල්බමය මෙතනින්

වෘත්තීයමය චාරිකා සටහන ළගදීම ගවේෂකගේ යන එත තැන් තුළින්

මේවා සමග නිරන්තර සම්බන්ධව සිටීමෙන් ඔබටත් අපිත් එක්ක ට්‍රිප් යා හැක. 



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, March 27, 2013

ඇයටත් හුස්ම ගන්න ඉඩ දෙන්න - Hope Yashoda!!!


පුළුවන්නම් ඇය වෙනුවෙනුත් උපකාරයක් කරන්න. ඇය මගෙන් කල ආයාචනයයි. සිනහසෙන්නන් සමග සිනහසෙන්නත්, අඩන ඇත්තන් සමග අඩන්නත් හැක්කේ උණුවන හදවතක් ඇත්තෙකුට පමණමය. අපි එකසැරයක් එකතු වී හසංගි අක්කා වෙනුවෙන් පෙල ගැසුනෙමු. ඇයගේ ශල්‍යකර්මය වෙනුවෙන් උදව් කලෙමු. ඇගේ ශල්‍යකර්මය සාර්ථක වුන බව ඇසුනු මොහොතේ පටන් සිතට දැනුනේ පුදුමාකාර සතුටකි. 

ඇය නමින් යශෝධා ජයරත්නය. වයස අවුරුදු 24කි. ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියාය. සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලැබුවද ලියුකේමියා රෝගයේ අතුරු ආබාධයක් ලෙස ඇයට ඇවිදීමේ වාසනාව අහිමිව ගියාය. 5 වසර ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත්ව ඉදිරිය දකින්ට ඇයට නොහැකි වූවාය. ඇගේ ඉනෙන් පහල අප්‍රාණිකව ගියේය. වරසකට අධික කාලයක් එක්තැන් සිටීමෙන් පීඩන තුවාල පවා ඇගේ හටගත්තේය. 1999 වසරේ සිට ඇයට රෝද පුටුවක වාඩිවෙන්නට වූ ඇයගේ මේ වන විටත් ඉනෙන් පහල අප්‍රාණික තත්වයකය. 

2005 වසරේ සිට යශෝධාගේ කොදුඇට පේලිය නැමෙන්න පටන් ගත්තේය. උකුල් ඇටයේ වැරදි පිහිටීමත්, කොදුඇට පේලිය එන්න එන්නම නැමීමත් හේතුවෙන් කෙතරම් දොස්තරලගෙන් බෙහෙත් ගත්තද ඇය සුව නොලැබුවාය. දැන් අසනීප තත්වය දරුණුවටම හැරී ඇත. scoliosis රෝගයේ උච්චතම අවස්ථාව වන Kyphoscoliosis නම් රෝගී තත්වයට ඇය ගොදුරුව ඇත. මේ වන විට ඇයට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇතිවී ඇත.



වරෙක යශෝධා ලංකාවට පැමිණි ඉන්දියානු වෛද්‍යවරයෙකු මුණගැසුනාය. ඉන්දියානු ඇපලෝ රෝහලේ සජාන් හෙජ් මහතාගෙන් ඇයට ලැබුණේ සතුටුදායක පිළිතුරකි. නමුත් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල ඇසූ විට එම සතුට සුණුවිසුනු වී ගියේය. ඇයව නැවත යථාතත්වයට ගෙන ඒමට ආසන්න වශයෙන් ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය බවද හැකි ඉක්මනින් ශල්‍යකර්මයද කරන මෙන් වෛද්‍ය උපදෙස් ලැබුනේය. 

කඩවත ජීවත්ව සිටි ඔවුන්ගේ ජීවිත වලට කනකොකා ඇඩුවේය. 2010 වසරේදී ඇගේ පියා යශෝධාගේ මවගෙන් දික්කසාද වුනේය. ඔහු තම නිවස බෙදා පිටුපස කොටස මොවුන්ට ලබාදී ඉදිරි කොටසේ විසුවේය. ඔහුගේ නොමනා හැසිරීම බලා සිටීමට බැරිම තැන අම්මා, යශෝධා හා නැගණිය නිවසින් එළිබැස්සේය. 

ඇයගේ නැගණිය නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස්පෙල අංශයේ ඉගැනුම ලබන බැවින් ජීවත් වෙන්නවත් තැනක් නැති වූ ඔවුන් නුවර පදිංචියට ආවෝය. ඇගේ විභාගය අවසන් වන තුරු ඔවුන් දැන් ජීවත්ව ඉන්නේ නුවරය. ඒත් කුලියට ගත් නිවසකය. ඇගේ මව විශ්‍රාමික ගුරුවරියකි.  එදිනෙදා ජීවත්වෙන්න මුදල් හදල් තිබුනද ඇයට මේසා විශාල මුදලක් සොයාගැනීමේ කිසිම මාර්ගයක් නැත. 

අම්මාගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන ඔවුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන්නේ යශෝධාගේ අක්කාය. විවාහා වී සිටියද ඇය ඇගේ සතුට ගැනවත් නොසිතා මොවුන්ගේ සතුට වෙනුවෙන් සියල්ලම කරන්නීය. 

මේ ඇයගේ පරීක්ෂණ වාර්ථා කිහිපයකි.




අසාමාන්‍ය ලෙස පිහිටි උකුල් ඇටය

ඇගේ කොන්ද

________________________________________________

ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග 

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208 
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

 ගිණුම් අංකය : 8150914277 
කොමර්ෂල් බැංකුව, මහනුවර නගර ශාඛාව. CCEYLKLX (Swift code)


වැඩිදුර විස්තර සදහා

0775262396 / 0728571983

yashodha.jayarathne@gmail.com



ප/ලි: 

මේ අවුරුද්දේ චැරිටි වර්ක්  එකක් විදිහට බ්ලොග් අවකාසේ අපිට මේක ගන්න බැරිද??? මම යෝජනා කරනවා.... 

සභාපතිතුමා, ලේකම්තුමිය මෙය සැලකිල්ලට ගනිත්වා!!!


මේ අක්කලා ටිකට් වගයක් ගහලා විකුණන්නයි හදන්නේ. මම ටිකට් පොත් ටිකක් අරගන්න යනවා. විකුණලා දෙන්න පුළුවන් උන් ඉන්නවනම් කියහල්ලා. ලැබෙන්න සලස්වන්නම්.


මෙන්න පොටෝව.. පුළුවන්නම් බ්ලොග් එකේ එල්ලගෙන සප් එකක් දෙමු.


විජට්ටුව සදහා HTML Code :

<a href="http://harshana-bc.blogspot.com/2013/03/yashoda-needs-you.html" target="_blank">
<img src="http://img834.imageshack.us/img834/897/60207710200828806188303.jpg" width="210" height="300" border="0" alt="HOPE YASHODA" />
</a> 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, March 24, 2013

උඹේ ලග්නෙට කොහොමැයි? - හප්පූ.... සෑහෙන්න අපලයි


සතියේ ලග්න පලාඵල ඔබවෙත ගෙන එන්නේ,ප්‍රවීණ මන්ත්‍රාචාර්ය ජෝතිශ්‍යය පිළිබද ජනාධිපති උපදේශක මුළු දිවයිනටම සාම විනිසුරු කීර්තිවේදී පණ්ඩිත ඉන්දියන් ස්ලම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මානලාභී තහනම් අඩවිය භාර විශේෂ නියෝජිත අඩවි රජා විසිනි. 

මේෂ

ලග්නාධිපති කුජ එකොලොස්වැන්නේ කොලොප්පන් කීරීම ඉතාම ශුභය. උත්සාහවන්තව කටයුතු කිරීමෙන් කම්මැලි කම නැතිවේ. බලාපොරොත්තු මුදුන්පත් වීමෙන් ඉහේ මලක් පිපේ. මල්කැඩීමට යාමෙන් පිපුණ මලද අත්වැරදීමෙන් කඩා දැමීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුය. 

ප්‍රීති උත්සව වලට ඉඩ සැලසේ. විවාහ කටයුතු ප‍්‍රමාද වී සිත් තැවුලෙන් පසුවු මේෂ ලග්න තරුණ තරුණියන්ට කලාතුරකින් යෙදෙන විශේෂ මංගල යෝගයක් යෙදී තිබුණත්, පවතින වැසි සහිත කාළගුණය ඒ කටයුතුවලට බාධා ගෙනදීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කෙරේ. මේෂ ලග්න ඔබ අසනීප අනතුරු ගැන මදක් විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. අනිවාර්යෙන්ම ළගම සිටින ලේඩි ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත යුතුය.


වෘෂභ

ලග්නාධිපති සිකුරු හකුරු අනුභවය හේතුවෙන් දියවැඩියා තත්වයකට ගොදුරුව පවතින සතියකි. ඔබේ ධනස්ථානයත්, පස්වැන්නත් අධිපති බුධ, රාහු සමග එකගෙයි ගත කරයි. වෘෂභ ලග්න හිමියන් හැකි පමණ වෘෂභ ක්‍රියාවලින් වැලකිය යුතුය. ඇදුම් පැළදුම් තෑගි වශයෙන් ලැබෙන සතියකි. තිබෙන පරණ ඇදුම් විසිකර දැමීම අල්මාරියට හොදය. 

අසහනකාරී හැගීම් පුබුදුවන සතියකි. හැකි පමණ ක්‍රියාදාම, ආලවන්ත හා අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් වලකින්න.අසනීප තත්ත්වයෙන් පසුවූවානම්, ඔබ අනිවාර්යෙයන්ම මේ සතිය ඇතුළත මියැදෙන බැවින් හැකිතාක් පින්දහම් සිදුකරගන්න.


මිථුන

මෙම සතිය තුළදී ඔබේ ලග්නාධිපති බුධ නෙප්චූන් සමග එච්චර හොද නැත. එම නිසා අටවැන්නේ රවි බුධගේ භාර්යාවට බැල්ම හෙලන වකවානුවකි. එබැවින් මිථුන ලග්න හිමියන්ට මංගල යෝග බහුල සතියකි. ඔබ යුවතියක් නම් ඇතැම් විට එක දවසට ඔබ පසුපස පිරිමි ළමයි සිය ගණනක් ඇදී එන්නටද පුළුවන. ඔබ පිරිමි ළමෙක් නම් රටේ පවතින තත්වය අනුව දෙපාර්ශවයේම තරුණ මහළු අය ඔබ පසුපස හඹා එන්නටද පුළුවන.

මෙම සතිය තුළ මුදල් ඉතා අරපිරිමැස්මෙන් භාවිත කල යුතුය. මාරු කාසි සාක්කුවේ දමාගෙන සිටීම ඉතාම අනතුරුදායකය. හිගන්නන්ගේ බක්මහ අකුණු සක්‍රීය වී ඇත. වැදුනොත් නැගිටිනවා බොරුය.  සතුරු කරදර පෙන්නුම් කරන අතර, ඒ ගැනද බොහෝ සේ සැලකිලිමත් විය යුතුව ඇත. සතුරා සමග පොඩි අඩියක් ගැසීමෙන් අපලය දූරීම්භූත වේ.


කටක

කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන සඳු නැප්චූන් සමග අටවැන්නේ ලැම්බොගිනියකින් ගමන් කරන අතර, හත්වැන්න අධිපති සෙනසුරු ග‍්‍රහයා සමග පංචමහා පුරුෂ යෝග බලයෙන් ඉතාම බලගතුව කැරම් ගසයි. ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් ඉවසීමේ පුරුද්ද වැඩි දියුණු වේ.

කැරම් තරග වලින් ජය හිමිවන අතර මේ සතිය ඇතුලත කටක ලග්න ඔබ කැරම් ගසන්නේ නම් අනිවාර්යෙන්ම බෝල්ගාඩ් එක පැළදිය යුතුමය. නැතහොත් පවුලේ අයට රෝහල් ගානේ යාමට සිදුවීම අනිවාර්යය. මිල මුදල් අධික ලෙස වියදම් වන සතියකි. රෑ වේල නොකා සිටීමෙන් ඉතිරි කිරීම සිදුකර ගත හැක. කක්කුටු මස් කරිය තුන් වේලම බඩිගින්නෙන් තොරව සිටීමට මහෝපකාරී වන්නේය. 



සිංහ

රාහු, කේතු ග‍්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය මාගේ සභ්‍යත්වය හමුවේ භංග වී ඇත. ඔබේ වික‍්‍රමස්ථානය ජොකාට පහලින් පිහිටීම හේතුවෙන් ජයග්‍රහණ රාශියකට මග පෑදේ. සෑම උදයකම සුපිරිසිදු ජොකෙක් ඇදීමෙන් දවසම ශුභ වේ.

විවාහ පැත්තෙන්ද මදක් බාධා ගෙන දුන්නද සෞඛ්‍ය පැත්තෙන් සිංහ ලග්න ඔබට ඉතාම සුබදායක සතියකි. රැකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන අයගේ ඒ බලාපොරොත්තු සඵල වේ. නමුත් ගුවන්ගත විය යුත්තේ මත්තල ගුවන්තොටුපලින් බැවින් ජීවිතය පිළිබද අවදානමක්ද නැත්තේමම නොවේ.


කන්‍යා

ඔබේ ලග්නයට යෝගකාරක බලගතු ග‍්‍රහයෙකු වන නවවැන්නාධිපති සිකුරු පස්වැන්න වන ති‍්‍රකෝණස්ථානයේය. පොල් ත්‍රිකෝණයට ආසන්නව ඇති හෙයින් නිවසට ආහාර වලින් අඩුවක් නොවේ. 

කන්‍යා ලග්න පිරිමි ඔබ හැකිතාක් චීත්ත ගණයේ ක්‍රියාකාරකම් වලින් ඇත් වීමෙන් කීර්තියට ලක්වේ. කාන්තා ඔබ තම සුපුරුදු ක්‍රියාපටිපාටියේ දිගටම යෙදෙන්න.  සඳු ග‍්‍රහයා නැප්චූන් සමග රොගස්ථානයේත්, සතුරු ස්ථානයේත් ගත කිරීම අනුව අසනීප තත්ත්වයන් ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න. හදවත් සහ උදරයෙන් පහළ කොටසේ අසනීපවලින් පෙලී සිටියෙකු නම් හැකි ඉක්මනින් ප්‍රසව හා නාරි විශේසඥයකු මුණගැසෙන්න.


තුලා

සෙනසුරු ග‍්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්, ඔබ දැනට සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරන්නේය. ඒ සස ගේ ස්ත්‍රී පරාණය පුරුෂ යෝගය සමග ඔරොප්පුවෙන් ඇති නිසාය. 

නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමය. සැප කනෙන් ගන්න යෑමෙන් කන ආශ්‍රිත රෝග වැලදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේය. ගිය සතියට වඩා මේ සතිය ආතල්ය. තුලා හිමි තරුණ ඔබ කෙල්ලන් පසුපස ඇවිදින විට ආරක්ෂිත උපාංග භාවිතය වඩාත් සුදුසුය.


වෘශ්චික

විවාහක ස්ථානයේ නීච කේතු සිටීම අනුවත් වෘශ්චික ලග්න විවාහ දිවි ගත කරන අයටත්, විවාහ අපේක්ෂකයන්ටත් මදක් අසුබදායක සතියකි. උතුරු මැද පලාතෙන් හමුවූ ගෝනුස්සෙක් කෑ හැකි බැවින් රෑ ගමන් අඩු කිරීම ඇගට ගුණය. 

ප‍්‍රසිද්ධිය, කීර්තිය මේ සතියේ ඔබට හිමිවන අතර, අසනීප තත්ත්වයන්ගෙන් පසුවු වෘශ්චික ලග්න හිමියන්ට මේ වසරේදී සුවය ලැබේ. චීනෙන් ආනයනික බැදපු ගෝනුස්සන් හැකි පමණ අනුභවය සියළු රෝග වලට දිව ඔසුවකි. 


ධනු

ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු, ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ උච්චව සිටී. සියල්ල ලැබීමෙන් ඔළුව ලොකු කර ගැනීම විනාශයට හේතු වේ. 

ඔබේද රාහු, කේතු ග‍්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය මාගේ සභ්‍යත්වට හමුවේ භංග වී ඇත. ඔබේ වික‍්‍රමස්ථානය ජොකාට පහලින් පිහිටීම හේතුවෙන් ජයග්‍රහණ රාශියකට මග පෑදේ. සෑම උදයකම සුපිරිසිදු ජොකෙක් ඇදීමෙන් දවසම ශුභ වේ. අසල්වැසියන් හා සහෝදරයන්ගෙන් විශේෂ උදව් උපකාර ලැබේ. එනම් හදිසියේවත් ජොකෙක් නැති වුවහොත් එහා ගෙදරින් එකක් ඉල්ලාගෙන ඇදගැනීමට ඔබට මේ සතියේදී වාසනාව හිමිවේ.



මකර

මකර ලග්නයෙන් උපන් ඔබේ දොලොස්වැන්නාධිපති ගුරු ඡුන්මපථයේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ බලගතුව ගමන් කරන්නේය.  අටවැන්නාධිපති රවි ප්ලූටෝ සමග වැයස්ථානයේත්, කේතු පස්වැන්නේත්, යුරේනස් තුන්වැන්නේත් ගමන් කරයි.


රැකියා අපේක්ෂිත මකර ලග්න තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වන වසරකි. විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී ඇත. කඩිමුඩියේ බදින්න කැමති අයට පර්ෆෙක්ට් නැකත් ඇත. විවාහ දිවි ගතකරන්නන් අතර පැවති ගැටුම් නිරාකරණය වන සතියකි. හැමදාම මුට්ටියක බත් ඉවීමෙන් ගැටුම් නිරවුල් වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙයි. හැකිතාක් අන්තර්ජාලයේ සෙක්ස් යන සර්චි වර්ඩ් එක භාවිතයෙන් වැළකිය යුතු සතියකි. කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නියුතුවූවන්ට එම කටයුතුවලට බාධා ඇතිවන අතර, නිවසට වී තනියම සෙල්ලම් කිරීම හොදය.



කුම්භ

කලින් කී පරිදිම ලග්නාධිපති සිකුරු හකුරු අනුභවය හේතුවෙන් දියවැඩියා තත්වයකට ගොදුරුව පවතින සතියකි. ඔබේ ධනස්ථානයත්, පස්වැන්නත් අධිපති බුධ, රාහු සමග එකගෙයි ගත කරයි. කළයක් තුළ සැගවූ හකුරු අනුභවය ශරීර සෞඛ්‍ය නංවාලීමට උපකාරී වන්නේය. තවද කුම්බලාවෝ කරවලද හෙළ ඔසුවක් වනු ඒකාන්තය. 

නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමය. සැප කනෙන් ගන්න යෑමෙන් කන ආශ්‍රිත රෝග වැලදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේය. ගිය සතියට වඩා මේ සතිය ආතල්ය. සෑම කටයුත්තක්ම ඔබට වාසි දායක ලෙස අවසන් වන්නේය. දුර බැහැර ගමන් බිමන් යෙදේ. වැසි සහිත කාලගුණය හේතුවෙන් මතක ඇතුව රේන් කෝට් දෙක තුනක් රැගෙන යාම වටී.


මීන

රවි එකොලොස් වැන්නේ පොලොස් කමින් සිටි මීනා, මීන රාශියෙන් මේෂ රාශියට යෑම හේතුවෙන් මීනාගේ හස්බන්ඩ් හෙවත් මාළුවා අප්සට් ගසා ඇත. හැකි තාක් මෙම සතිය තුළ මාළු කෑමෙන් වැලකිය යුතුය. 

වැය පාර්ශවය මදක් ඉහළ ගියත් ලැබීම් අතින් ඉතාම සුබදායක බවක්, පෙන්නුම් කරන්නේය. හවුල් ව්‍යාපාරිකයන් අතර, ආරවුල් ඇති වේ. කරන දෙයක් තනියම කරන එක හොදය.තමා හිසට තම අතමය සෙවනැල්ල කියන්නේ කට කහනවට නෙමේය. දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් යම් දේපළක් ලැබීමට තිබුණා නම්, මේ සතියේදී ඒ කටයුතු ප‍්‍රමාද වේ. ප්‍රීතිමත් ගමන් වලට ඉඩ සැලසේ.




ප/ලි:


වුෂ්....
හප්පේ හරි අමාරුයි ඈ...



වෘශ්චික ධනු මකර කුම්භ
කොස් ටික‍ බෙරි නොකර තම්බ
මෙච්චර හොඳ අපට සිද්ද
වෙන්නට යන අකරතැබ්බ!


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

හාස්‍යයය සදහා පමණි. ජෝතිශ්‍යයට හෝ කිසිවෙකුට අපහාස කිරීමක් නැත.

Thursday, March 21, 2013

මෙන්න තවත් එක් කඩදාසි වීරයෙක් - Another Real Hero

කඩදාසි, කාඩ්බෝඩ් වීරයෝ අපි අතර බහුලය. මේකාට අනිත් උන්ට වගේ නොව යාවත්කාලීන වූ අතීතයක් ඇත. පළමු ආගමනය මීට වසර කීපකට පෙර ලාංකීය රූපවාහිනී චැනලයකින් සිදු විය. එතකොට රජා පොඩිය. මැරුණත් මේ කතාව නම් මිස් උනේ නැත. රජාට ඉතින් හිත ගියේ නම් වීයාට නොව එහි ප්‍රධාන කාන්තා චරිතය රග පෑ කුමරියටය. 

මේ වීරයාට පුදුම වේගෙකින් දිවීමේ හැකියාවක් තිබ්බේය. ඩයල් එක හැම වලියකින්ම දින්නේ මේ සුපිරි බලයෙන්ය. මතක විදිහට වතුර වලකින් හම්බෙන වලල්ලකින් මිනිහාට මේ බලය ලැබෙන්නේය. යුවරජා නම් තාමත් මේක නරඹන්නේය. ඌට ඇත්තේ මට තිබ්බාට වඩා ක්ය. උණේ තරකෙතරම්ද කියතොත්, වීරයා වගේ ඇදගෙ මට අතින් යින් ගගෙනම ගේ  ඇතුලේ දුවන්නේය. මිනිහව අල්ලන්න ගේ වටේ දුවන එක බොරු වැඩක්ය. මන්ද මට එච්චර හයියෙන් දුවන්න බැරි නිසාය. 

යුවරජා අර වීරයා වගේ ඇදගන්න යොදා ගන්නේ කඩදාසිය. ආයේ ඉතින් හැදුවාම මාරම ගතිය.  මේවා අර බට්ටි කෙල්, නිපුසා අක්කා  හදන කදාසි මල් වගේ නෙවේය. අනික උන් දෙන්නා අපිඒවා හදන හැටිවත් කියලා දෙන්නේ නැත. අඩුගානේ හදපු එකක් එවහන්....හෙමත් නැත. ^_^

මෙන්න අර වීයා වගේ ඇදගත්තු යුවරජා...

හා කවුද වීරයා????
  
අපි ලග ගුරු මුට්ටි නැත. මෙන්න හදන හැටි...



1. හරිහතරැස් කඩදාසියක් ගන්න

2. අර රොකට් එක හදන්න වගේ තටු දෙකක් නමන්න.

3. කඩදාසි කොටුවේ විකර්ණය දිගේ නමන්න.

4. රූපයේ පරිදි එළියට ත්‍රිකෝණ කෑල්ලක් හිටින්න නවන්න.

5. එළියට පැනපු කෑල්ල වටේට ඔතන්න.

6. මේ වගේ සෙට් එකක් හදලා එකට අමුණගන්න.

හරි සිම්පල්....


ප/ලි:

තහනම් අඩවියට බලාපොරොත්තු වූ විදේශාධාර ලැබුනේය. බිත්ති ටික පාට ගා මාලිගාවේ බෝඩ් එකද අළුත් වචන සෙට් එකකින් හැඩ කලේය.
මේ සදහා තම නොමසුරු දායකත්වය ලබා දුන්....

ලකියා - බෝඩ් එක හැඩ කිරීම

ප්‍රභාත් - හිරි ඔතප් නැති රජවාසල කෑල්ල

මුදියෝ නොහොත් සමියා - සිරියහනෙත් නැති ආතල් කෑල්ල 

ටැංකිව් ඈ..... ^_^

________________________________________________


ළගදීම දෙස් විදෙස් රූපවාහිනී තිරයේ දිගහැරෙන අඩවියේ ඇඩ් එක...

තම කුළුදුල් ආදරය අහිමි කරගත් තරුණයෙක්...තම දුක සගවාගැනීමට සයිබරයෙන් ඉඩක් වෙන්කර ගනී...හැරගිය ඇය වෙනුවට කිසිදා නොදුටු මිතුරන් දහස් ගණනක් ඔහු වටා එක් වෙයි (දැන් දැකලා තියෙනවා)...සිනහ වීම තම විනෝදාංශය කරගත් ඔහු අන් අයටද එය බෝ කරමින් සිටී...බෝ වීමට පෙර පිවිසෙන්න...!


සියළුම පස්වන මණ්ඩලයේ පෙරගෙවුම් හා පසුගෙවුම් අන්තර්ජාල සම්බන්ධතා වල දැන් තිරගත වේ... 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, March 17, 2013

තව ඩිංගෙන් මම දිව්‍ය ලෝකේ - You Know what? I saw the Heaven

එක එක පුද්ගලයාට විවිධාකාර අත්දැකීම් ඇත. අනූනමයෙන් ජීවිත බේරුන අවස්ථාද වෙන්නට පුළුවන. මේ ටික කාලෙට මටත් අපායේ දොර ලාවට පෙනුන අවස්ථාවක් උදා උනි. ඒ මීට වසර 5කට පෙරය. රජා හිටියේ උසස්පෙළ ආරම්භක අවදියේය. සා/පෙ ඉවර වෙලා මාස ගණනක් ගත වෙන්නට ඇත. 

ඒ දවස්වල ෆේස්බුක් එකවුන්ට්, බ්ලොග් නොතිබ්බ හෙයින් රජා සුපුරුදු පරිදි ටීවී එකේ කතා ටික වැළදීමෙන් අනතුරුව නින්දට වැටුනේය. සුභ සිහින වෙනදා මෙන්ම මා මනසේ නලියමින් තිබුනේය. සූර පප්පා එකේ ක්ලියෝපැට්රා වගේ ලස්සන කෙල්ලය. පොඩ්ඩක් නහය දිග වැඩි උනත්  ඒකෙත් පොඩි ගතියක් තිබ්බේය. රජා ටික වෙලාවක් ඇය පහසේ රැදෙන්නට ඇත. කාච දාගෙන නිදා නොගත් හෙයින් හීනේ හරියටම පැහැදිලිව පෙනුනේ නැත. 

ඇය සතුව තිබුනේ නොකියා N90කි. හම්මේ....ඉස්සර නයින්ටියට තිබ්බ ප්ලේස් එක දන්නේ ඉතින් ෆෝන් පස්සේ දුවපු අපි වගේ උන් පමණක්මය. රජාට පුදුමාකාර හිතේ අමාරුවක් දැනුනේය. රජා උගේ ලහුටු ෆෝන් එක අතේ තියාගෙන හිතෙන් ඇඩුවේය. මට දැනුනේ අවුරුදු 12ක පොඩි එකෙක්, මගෙ ඉස්සරහා, මට වඩා හොද ෆෝන් එකකින්, වැඩ පෙන්නනකොට මට දැනෙන්නාවූ කෘර ජුගුප්සාජනක හැගීම් සමුදායය. ඒකත් දැනෙන්නේ මීට කලින් මේ අත්දැකීම විදපු එකෙක්ම පමණය. 


ඇයට මගේ පොටෝ එකක් ගැනීමට අවශ්‍ය විය. රජා ඉතින් කොහොමත් හැන්ඩි කොල්ලා හින්දා කෙල්ලන්ට මේ වගේ ආශාවල් ඇති වීම ස්වාභාවිකය. මම ඇයට ඇගෙ මනදොළ සපුරා ගැනීමට ඉඩ ලබාදුනෙමි. අපි හිටියේ පාරක් අයිනේ ගස් හෙවනක් යටය. පොඩ්ඩක් කළුවර නිසා ෆ්ලෑෂරේ පත්තු විය. ෆ්ලෑෂරය මාර එළියය. මගේ ඇස් දෙකේ කණීනිකාවෙන් ඇතුළුවුනු ආලෝක කදම්භය මොලේටම වදිනවා මට දැනුනි. බාගවෙලාවට කොණ්ඩගස් වලින් එළියට ආ ආලෝකය හේතුවෙන් රජා නිකන් යමාමහ පෙළහැර පෑවා වගේ කෙනෙකුට පෙනෙන්නත් ඉඩ තිබ්බේය. 

ඒ මදිවට ඇය ෆටර් සවුන්ඩ් එකට දාලා තිබ්බේ අර වීදුරු බිදෙන ටෝන් එකය. ඒ කාලේ පොන් වල මේ ටෝන් එක සුලභය. චක බ්ලා.........ස්... සල බලාන්....සද්දේ මීට හාත්පසින්ම සමානය. බස් එකේදි එහෙම ඕක ප්ලේ උනොත් බස් එකේ උන් උඩ බිම බලන්නේ “ඌ බාර් එකෙන් සල්ලි දීලා ගත්තු බෝතලේ මම පොලේ ගැහුවා වගේය.“

ඇගේ පොටෝවත් සමග පොළව දෙදරවමින් මල්වරුසාවක් වගේ මගේ ඇග උඩට මොනවදෝ වැටෙනවා මට දැනුනේය. සමහර විට තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් පවා අපි දෙන්නාට ආශිර්වාද කලා විය යුතුය. රජා යන්තමට වගේ ඔලුව ඉස්සුවේ ඇගට වැටුන මලක් ඇහිද ගන්නය. ඒත්.....එක පාරටම කාන්තා හඩවල් කීපයක්ම සමග එක පුරුෂ රුවක් කාමරේ දොරෙන් ඇද දිහාවට එනවා රජා දුටුවේය.

හත්වලාමේ.....ක්ලියෝපැට්රා??? එතකොට පිටිපස්සෙන් එන්නේ සීසර්ද??? හනේ.......මම ඉවරයි. අනේ සීසර් උතුමාණෙනි. මාව කොටියට නම් කන්න දෙන්න එපා!!!

ලොකු ළමයෝ....ලොකු පුතේ.....තුවාලද තුවාලද???? 

පියවි සිහියට ආපු රජාට සිද්දිය වැටහුනේය. මේ අපේ පියරජතුමයි, මව්තුමියයිනේ. දැනුයි ඇගට ලේ ඉනුවේ. මොකාද යකෝ මට මල් ගහපු එකා? මම ඇද අතගෑවෙමි. දෙයියන්ට ඔප්පුවෙච්චාවේ...ජනේලේ වීදුරුව සහමුලින්ම ඇද උඩ. මම ජනේලේ දෙස බැලුවෙමි. ඇහැ කඩාගෙන යන ලයිට් එලියක් මගේ දෙනෙත ගිණිකන වැට්ටුවේය. යකෝ මේ කාණුවේ කොහෙද ලයිට්???

නැගිටිනවා....ළමයෝ. අන්න වාහනයක් බෝක්කුවට වැටුනා. තමුසෙට තුවාලද බලනවා. තාත්තා කලබලෙන් කෑගහගෙන කාමරෙන් එළියට දිව්වේය. 

මටත් නිකන් තෝන්තුව වගේය. මොකාද බං මේ මහ රෑ බෝක්කු ගානේ රිංගන්නේ. මම වැනි වැනී සාලෙට යන්නෙමි. වෙනදාට වඩා මාලිගාව ඇතුලේ සෙනගය. අනික කාමරේ ඉදන් සාලෙට යන පාරේ දිගත් වැඩි වෙලාද කොහෙදය. මග දෙපස ජනතාව රජාගේ ඉහේ සිට දෙපතුලටම බලමින්...

තුවාලද මල්ලි? 
තුවාලද පුතේ? 
තුවාලද බං? 
ඒ තමුසේ මැරුන්නැද්ද ඕයි? ( ඒ යුවරජ)

අහන්නේය. එක විකාරයය. වෙලා තියෙන්නේ මේකය. අපේ ගෙට එහා පැත්තේ බෝක්කු වලට කැබ් එකක් පෙරළිලාය. බෝක්කුව තියෙන්නේ රජාගේ කාමරේත් එක්කමය. ඌ ආපු ඒමට බිත්තියේ ඇනලා මගෙ ජනේලෙත් කඩලාය. 

අදුරන්නැති එකෙක් අපේ මාලිගාවේ පෝන් එකේ එල්ලෙමින් කෝල් එකක් ගන්නේය. ඒ අස්සේ අම්මා තාත්තට කෑගන්නේය. 

මව්: අර වාහනේ ආපු එක්කෙනා මැරිලද අනේ?

පිය: කට කට... එයා තමා අර කෝල් එක ගන්නේ...

හම්මා....වෙලාවටය. වාහනේ ඇවිත් තිබ්බේ එකෙක් වෙන අතර ඌත් පණපිටින්ය. උගේ කුඩුහමක්වත් කැඩිලා නැත. ඒකා වලේ මලා නං එහෙම රජා එවෙලම ගේ අතෑරලා අභිනිෂ්ක්‍රමණය කරනවා සිකුරුය. 

කැබ් එක කන්ඩම්

රාජ කාමරේ ජනෙල් දෙක

මෙන්න කැබ් එක උස්සලා අරන් කෙලින් කරපු හැටි...




මේ සිද්ධියෙන් පසු රජාගේ කාමරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල මහලකට ගෙන ගිය අතර අදාල කාමරය අමුත්තන්ගේ කාමරය බවට පත්කලේය. එදා කැබ් එක බිත්තිය කඩාගෙන ආවේ නම් රජා අද දිව්‍යලෝකේ කෑල්ලක් දාගෙන ආතල් එකේ කන පැලෙන්න අමෘතේ ගහගෙන සැප නින්දේය. කියන්න වෙන දෙයක් නැත. පින නෑ....පින නෑ.... ^_^


ප/ලි:

රාජ මාලිගාව පිහිටා තියෙන්නේ අමුතු භූමියකය. මේ වගේ හදපු ගෙවල් මම දැකලා තියෙන්නේ අපේ එකත් එක්ක දෙකය. පළමු මහල තියෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් යටය. දෙවන මහල පාර මට්ටමේය. තෙවන එක පාරෙන් උඩය. පාරේ යන කෙනෙකුට පේන්නේ තට්ටු දෙකය. ඒත් ඇත්තටම තුනක්ය. 

තේරුන්නැද්ද? මෙන්න පොටෝ එක්කම



රජාගේ පොටෝ හා වීඩියෝ ඔක්කොම හාඩ් එක සොට්ටපොච්චි වීමෙන් අහිමිවිය. මේ සියළු පොටෝ හා වීඩියෝ සැපයූ ඉස්සරහ ගෙදර සැළලිහිණියාට මාගේ ස්තූතිය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!