බැන්දත් නැතත් ගෑණු ගෑණුමය. ආයේ ඉතින් ඕක බැන්දා කියලා වෙනස් වෙන්නෙත් නැත. ඕන්නං පොඩ්ඩක් මහත් වෙලා ලොකු වෙවිය. ඒත් හිත නම් ඒකමය. මේ ඊයේ පෙරේදා රට හිටපු රජාගේ යාළු අයියා කෙනෙක් අපේ මාලිගාවට ආවේය. දැන් එයා බැදලත්ය. ලංකාවේ එක්කෙනෙක් නොව ඉන්දියාවේ අක්කෙක්ය. අපේ මව්තුමිය එහෙම කියන ඒවා ඒ අක්කාට තේරෙන්නේ නැත. කඩ්ඩ පමණය.
ඒ සිදුවීම් මාලාව එසේ නිමාවිය. සිරාවටම නැන්දම්මා - ලේලි ප්‍රශ්නයෙන් මිදීමට හොදම විසදුම නම් රට කෙල්ලෙක් බැදගැනීමය. වලි නැත. ප්‍රශ්න නැත. එයා කියන එක මෙයාටත්, මෙයා කියන එක එයාටත් තේරෙන්නේ නැත. රට කිව්වට යුරෝපීය කෑලි නම් සෙට් වෙන්නේ නැත. ආසියානු කෑල්ලක් දා ගත යුතුය. තායිලන්ඩ්, ඉන්දියන්, සිංගප්පූර්, ජපන් වගේ ඒවා හොදය. උන් පවුල කියන එකට මාර විදිහට ගරු කරන්නේය.
රජා මේවා දන්නේ කොහොමද? හික් හික්....රාජ්‍ය රහසක් දැන් හෙලි වෙන්නේය. තායිලන්ත ලලනාවන් සෙට් එකක් රජා එනකන් මග බලාගෙන සිටින්නේය. වෙන මොකටවත් නෙමේය. ස්කයිප් එකෙන් හදුනාගත් මිතුදම ශක්තිමත් කරගැනීමටය. අතිශය රිම් එකෙන් දුවන ආර්ථිකය මත රජා හිදී ඇත. ට්‍රේනින් එකේ පඩිය දැන් ටික ටික අවසන් වීමත් සමග ටුවර් එක පස්ස ගහන්නේය.
කියන්න ආවේ වෙන එකක්ය. මොනාහරි කියන්න ගිහාම පදුර වටේ තලන එක දැන් මටත් බෝවෙලාද කොහෙදය. අපේ මාලිගාව හරියෙම එක පවුලකි. නිකටම වගේ මහත්තයාගෙ නම ලීලසේනත්, නෝනගෙ නම සිරියාවතී කියලත් හිතමු. ලීලේ ගොයියා හැමදාම වගේ හවසට කන සාක්කුවට පොඩ්ඩක් උඩට වෙන්න දාගෙන එන ඩයල් එකක්ය. ෂොට් එක දාගන්නෙත් කචල් ෆැන්ටා (වෙල් ෆැන්ටා) ගහලාය. මූ ඉතින් සිරාම ආතල් ඩයල් එකක්ය. වෙරිය තිබ්බට කෙලින්නෙම ආතල්ය. කුණුහරප නැත. සින්දු පමණය.
ලීලෙට වෙරිය වැඩිම උනාම හැමදාම කරන වැඩක් ඇත. ඒ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරලා දොර ඇරෙනකන් බලා ඉදීමය. සිරායාවතී නැන්දා දොර ඇරපු ගමන් අතේ තිබ්බේ මොනවද, මූ ඔක්කොම ටික මැණිකේ...... කියලා කෑගහමින් උඩ වීසිකරන්නේය. දවසක් රෑට කන්න ගෙනාපු ඉදිආප්ප මුලය. ළගම තිබ්බ කඩෙන් ගෙනාපු හින්දා කවරෙකවත් දාගෙන ඇවිල්ලා නැත. එදා නැන්දා දොර ඇරපු ගමන් මූ ඉදිආප්ප මුල උඩ දැම්මේය. ඉදිආප්ප සී සී කඩය. සම්බෝල ටික වැලි වලට මුසුවුනේය.
පොලීසියට ඔත්තුවක් |
ලීලෙට වෙරිය වැඩිම උනාම හැමදාම කරන වැඩක් ඇත. ඒ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරලා දොර ඇරෙනකන් බලා ඉදීමය. සිරායාවතී නැන්දා දොර ඇරපු ගමන් අතේ තිබ්බේ මොනවද, මූ ඔක්කොම ටික මැණිකේ...... කියලා කෑගහමින් උඩ වීසිකරන්නේය. දවසක් රෑට කන්න ගෙනාපු ඉදිආප්ප මුලය. ළගම තිබ්බ කඩෙන් ගෙනාපු හින්දා කවරෙකවත් දාගෙන ඇවිල්ලා නැත. එදා නැන්දා දොර ඇරපු ගමන් මූ ඉදිආප්ප මුල උඩ දැම්මේය. ඉදිආප්ප සී සී කඩය. සම්බෝල ටික වැලි වලට මුසුවුනේය.
සිරියාවතී නැන්දාට මලම පැන්නේය. විසිවුන ඉදිආප්ප අහුලාගත් නැන්දා අමුවෙන්ම ඉදිආප්ප ලීලයගේ කටේ එඹුවේය. ලීලයා මර ලතෝනි දුන්නේය. මේ ගෑණි මාව මරන්න හදනෝ..........බෙරිහන් දුන්න සද්දෙට ගමේ සෙට් එකම ලීලයාගේ වත්තේය. හයියෝ පොල් සම්බල්ස්ය. අර නිකන් හින්දි ෆිල්ම් එකක වගේ ලීලයාව බිත්තියකට හේත්තු කරගෙන නැන්දා ඉදිආප්ප කටේ ඔබන්නේය. අනේ පව් ලීලයා...ඉදි ආප්ප කෙදි කට දෙපැත්තෙන් වැක්කෙරෙද්දි අපි දිහා බලාගෙන හිටියේය.
ගමේ කට්ටිය එකතු වෙලා සිරියාවතී නැන්දව ඇදලා අහකට ගත්තේය. නැන්දා වෙනදට ඔහොම නැත. හරිම හොදය. ඒත් අද නම් මලම පැනලාය. ඇයි යකෝ රෑට කන්න ගෙනාපු ටිකනේ අරූ උඩ දැම්මේ. ඒත් ඉතින් ලීලෙ මාමට කරපු දේ හොද නෑ කියලා ගමේ උන් නැන්දට දොස්මුර නැගුවෝය.
මන්ද....
වෙරිකාරයොත් මනුස්සයෝය ^_^
ප/ලි:
මේ වගේ ඒවා කරන හබියන්ට කලයුත්තේ මෙය නොවේය. මෙන්න මේකය. රජා දැන් මේක ලියලා ඉවරවෙලා කෙලින්ම යන්නේ සිරියාවතී නැන්දා හම්බෙන්නය. ඒ මේ වීඩියෝව පෙන්නන්නය. පෙරේදා අර වසවර්ති කෙලීගෙන් කාපු නියපොතු පාරවල් තාමත් තියෙන්නේය. අර කොසු පාරක්වත් කන්න බලාගෙන අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කර රජා ඇදෙන්නේය.
Heart Attack Warning
සිනහවීම පාලනය කරගත නොහැකි අය මෙය නැරඹීමෙන් වලකින්න.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අප්පටසිරි..... සිරියාවතී නැන්දා මරුනේ..... හික් හික්..... මට මැවිලා පෙනුනෝ.......
ReplyDeleteහුටා..... මං හෙඩිම දැක්කේ කියෝල කමෙන්ටුවක් කෙටුවටත් පස්සෙනේ..... සොරි ඈ......
Deleteඕං හෙඩිම චුට්ටක් වෙනස් කලා... :)
Deleteඅනේ රජාගේ ගෑණි කවදා හරි මේ වීඩියෝ එකේ තියන එකම කරපිය දෙයියනේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මාමේ... ඇයි දෙයියනේ... ^_^
Deleteවෙරිකාරයෝ මිනිස්සුය ^_^ හික් හික්....
ReplyDeleteහා බොරුද?
Deleteරජාටත් තායිලන්ත ලලනාවන්ගෙන් වීඩියෝ එකේ වගේ එකක් සෙට් වීම අනිවාර්යය.
ReplyDeleteඒවා ඉදින් හදේ තමා.... :)
Deleteපෝස්ට් හෙඩින් එක නිසා කියෙව්වේ නැත,, ආවා කියා පෙන්වීමට ක්මෙන්ට් කලෙමි.. දැන් යමි..
ReplyDelete@යමින්..
හා... උඹලා දැන් ලොකු සීන්නේ
Delete:O ඇ බොල ගෙම්බෝ,, බොලාම නේද කියලා තියෙන්නේ //අතිශයින්ම විවාහක කාන්තාවන්ට පමණයි// කියලා,, ඉතින් අපි කියවන්නේ කෝමද?? ,, @මම කියෙව්වා කියලා මේක දන්න එකක්යැ...
Deleteඉතින් ගෙම්බියේ... වරහන් ඇතුලෙත් වචන ටිකක් තියෙනවා කියලා බොලාට පේන්නැද්ද?
Deleteරජාටත් ඔය ටිකම වේවා...... හි හි
ReplyDeleteකට කූඹිම කාපිය..
Deleteඅපෙ පොඩි එකානම් අපිට දෙනවා ඔය පනිෂ්මන්ට් එක..
ReplyDeleteහැකැස්.. :)
Deleteදැන් එතකොට මේක කියවන්න ඕන විවාහක කාන්තාවො පමණයිද?
ReplyDeleteයකෝ .... දොඩම් ගෙඩි දෙකක් උස නැති උනාට මූ දෙන ටෝක්ස්. විවාහක කාන්තාවන්ට..... පුහ්!
හිටපිය, මව් රැජිනට ඔත්තුව දෙමි. තොට තායි කෑලි තියා මෙහේ එකක්වත් නැති වෙනව අන්තිමට.
නෑ නෑ... උඹලත් කියවහල්ලා. කවදාහරි මෙහෙම දේකට මූණ දෙන්න උනොත් ^_^
Deleteඅතිශයින්ම විවාහක කාන්තාවොත් ඉන්නවද? :D
ReplyDeleteඈ...? හා.... ඕ.... ^_^
Deleteමමත් ඕකමයි අහන්න හැදුවෙ?
DeleteAbsolutely married or strictly married women?
මම හිතන්නෙ ඕකට මුද්දර ගාස්තු වැඩි ඇති.
අනේ බුදු මාමේ.......... ^_^
Deleteමමත් ආවෙමි. නොකියවාම යමි. ;P
ReplyDeleteඒ උනාට ඉඳිආප්ප සීන් එක මරු ඕයි
හැක්... :)
Deleteමේ රජාව නම් හදන්න බැහැ..:P
ReplyDeleteකවුද කියන්නේ? මම හැදිලා ඉන්නේ :)
Delete//ඕන්නං පොඩ්ඩක් මහත් වෙලා ලොකු වෙවිය.//
ReplyDeleteමොකක්ද බන් එහෙම වෙන්නේ?
ආ...පෝ... ඕං බලහන් වල් හිත. මම කිව්වේ ශරීර කූඩුව!
Deleteරජෝ සිරියාවතී නැන්ද තාම ඉන්නෙ මලේ නම් බලාගෙන යන එක හොඳයි
ReplyDeleteමලක් උඩ නෙමේ ඇත්තේ. කුස්සිය පැත්තේ ඉන්නවා ඇත්තේ ^_^
Deleteඅනේ දෙවියනේ රජාටත් එසේම වේවා...
ReplyDeleteකොටියම කාපිය..
Deleteඅර වීඩියෝ කෑල්ලෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා බං
ReplyDeleteඅතේ තියන එව්වා උඩ දාගෙන සිරියාවතී නැන්දා බදා ගන්න හැටි මට මැවිලා පෙනුනා බං
Deleteඒ අපිටත් කියනවකෝ... ලගදි බදින්න ඉන්න එකා නේද?
Delete// මූ ඔක්කොම ටික මැණිකේ...... කියලා කෑගහමින් උඩ වීසිකරන්නේය.//
ReplyDeleteඒ මොකද බන් ඒ??? සිරියාවතී නැන්දගෙ සිරියාවන්ත මූණ දැකල බයවෙලා වත්ද???
ඒක උගේ ආතල් එක බං... දොර ඇරපු ගමන් උඩ දානවලු ;)
Deleteකසියා සෙට් එක මේක දැකල රජාට නෙලන්න තියෙන්නේ ලොවෙත් නැතිවෙන්න :D @-හිතින් මවාගනිමින්
ReplyDeleteඋන් කියෝන බොලොග් :)
Deleteමූ කියන්නෙ නම් කොහොමද "මම පොඩි එකා මට කෙල්ලෙක් හොයා ගන්න විදිහක් නෑ සේරම අක්කල", බලන් ගියාම මූ ඉම්පොර්ට් කරන්නනේ හදන්නෙ... කොහොමද නයි පොලොන්ගු කකා තායි කෙල්ලෙකුට කණවැල අල්ලද්දි? යස වැඩේ..
ReplyDeleteහැකැස්.... ගෝනුස්සෝ, කැරපොත්තෝ කන්නේ මෙයා ;)
Deleteඅපේ ගෙදර කැරපොතු ප්‍රශ්නෙටත් විසදුමක්නේ :)
මූත් කවදා හරී ලීලයා මෙන් අම්බානකට ගෑණිගෙන් කනවා ඒකාන්තය.........
ReplyDeleteහීනෙන් තමා පුතා!
Deleteජරා මල්ලි (සොරි සොරි රජා මල්ලි) තායිලන්තෙ යනකොට කෝකටත් කියලා වැහි කබා ටිකක් අරන් යන්න.. එහේ වහින්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.. තෙමුනොත් "විදේශාධාර" බෝවෙයි.... තායිලන්න ලලනාවො විදේශාධාරවලට බොහොම ප්‍රසිද්ධයි.
ReplyDeleteඅනිත් එක තමයි ඔය ඉස්කයිප් එකෙන් හම්බ වෙලා (බොදු බල සේනා ගහයිද මන්දා) කතා කරලා තායිලන්තෙට එන අයියලාගෙ දත් ගනවන්නත් ඔය ලලනාවො දක්‍ෂයි...
දත කෙසේ වෙතත් කිඩ්නිය බේර ගන්න කියලා උපදෙස් දෙනවා... අන්තිමට බ්ලොග් අවකාශෙ කිඩ්නි හොයන්න ආධාර එකතු කරන්න වෙයි...
අයියෝ කිඩ්නි ^_^
Deleteගියාට මුන්ව හම්බෙන්න යනවද අප්පා. මම යන්නේ පොඩි ටුවර් එකක්
සුන්දර කතාව..
Deleteai ban thai yanne nadda .air asia th dan enne na lankawata ban
ReplyDeleteසිරාවට?????????????? යන්නේ බයිසිකලේද එතකොට :(
Deleteරජා ඇල් කිව්වා වගේ වැහිකබා නම් ගෙනියන්නම වෙයි. බලලා ආවම මදිද??? පතාය ගියා නම් සජීවිව බලන්නත් පුළුවන්. හැබැයි රජෝ ඔන්න කිව්වා ඔය ස්කයිප් කෑලි විශ්වාසයෙන් නම් යන්න එපා. යන කාලෙක කියන්නකො අපි සප් එක දෙන්නම්.
ReplyDeleteනෑ නෑ... ටුවර් එකක් පමණි :)
Deleteරජා තායිලන්ඩ් ගියාම මම ඊලඟ වීඩියෝ එක දානවා. "කෙල්ලෙක් රජෙකුට අතවර කරයි" කියල
ReplyDeleteඇයි උඹත් එනවද මාත් එක්ක යන්න?
Delete//ඕන්නං පොඩ්ඩක් මහත් වෙලා ලොකු වෙවිය.//
ReplyDeleteමොකක්ද බන් එහෙම වෙන්නේ?
ඇග බොල ඇග...
Deletehttp://kkroxc.blogspot.com/2012/12/blog-post.html
ReplyDeleteමගේ තායිලන්ත ගයිඩ් එක කියවන්ඩ අඩුවට ගිහින් එන්න පුළුවන්
අඩේ... වටිනවා මේක.
Deleteතෑන්ක්ස් මචන්!
ලීලේ එදා නම් නැන්දගේ ලීලේ දකින්න ඇති.. ;)
ReplyDeleteඕ යේස්.... ;)
Deleteප්රුප්!!!!!
ReplyDeleteහා හා.. ^_^
Deleteහිනා බෝ වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බේත් තියෙනවද?
Deleteකොහෙන්ද බං අර ගියේ..!! ස්පයිඩ මෑන් යනකොට හුලං ගියා වගේ.
ReplyDeleteමමනං දන්නේ නෑලු :)
Deleteගොම්මන් යාමයේ පෙනෙන්නට සිටි රජා සවස හයයි හයේ සිට දක්නට නැත. අවසන් වරට සිරියාවතී නැන්දා බැලීමට ගිය බව පෙනෙන්නට තිබේ.
ReplyDelete@ අහල පහල එවුන්ට: අනේ බුදු නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, පුවක් ගෙඩි දෙකක් තරම් උස නැති මේකා බිත්තියට හේත්තු කරගෙන සිරියාවතී නැන්දා ඉඳිආප්ප කවනවාද දන්නේ නැත. විපරම් කොර බැලුවොතින් හොඳා නේද? අනේ අපේ රජා..
මම ආවා.. බයවෙන්න එපා සුදෝ... ^_^
Delete:D
ReplyDelete^_^
Deleteඅන්න නියම වැඩේ මීට පස්සේ ලීලේ මාමා බොන්න තියා කටේ තියෙන එකක් නෑ ඉන් පස්සේ .. හික්ස්
ReplyDeleteබොන්නේ නෑ කොහොමත්... නානවනේ :)
Deleteඅඩේ මේක ගිය ආත්මේ බොට වෙච්ච් එකක් වගේ රජෝ...
ReplyDeleteආ ඹ් ඹ්... :)
Deleteවෙරිකාරයොත් මනුස්සයෝ ය :) :P :P
ReplyDeleteනැතුව... ^_^
Deleteකිව්වත් වගේ රජෝ අද්දැකීමෙන් කියන්නේ
ReplyDeleteප්‍රශ්නයට විසදුම ..:P
හැකෑස්..
Deleteවිවාහක නැති නිසා කියෙව්වෙ නෑ ඕන් ..... @ එපා කියන දේම කරන එක දැන් පුරුද්දට ගිහින්ද මන්දා :p
ReplyDeleteආ... එහෙනම් බය වෙන්න දෙයක් නෑ. නිරෝගී ශ්‍රී ලාංකිකයෙක් ;)
Deleteතහනම් අඩවිය නරකම නෑ.රජා නම් (........)අනේ....මන්දා,
ReplyDeleteහැබැයි ඔය වෙරිකාරයො ගැන නම් කියන්න එපා මට නම් පේන්න බෑ..
ලේ ටිකක් පිරිසිදු කරගන්න ඕනා උනාම මේ පැත්තට එනවා හැබැයි අද තමයි කොමන්ට් කොලේ හොදෙ
එල එල... දිගටම එන්න ඈ :)
Deleteමට මතක් උනේ සිකුරු හතේ...
ReplyDeleteහැකැස්... ඒ මොකෝ බං :)
Deleteරජාටත් මෙයම වේවා !!!!!
ReplyDeleteඒක සිතින් ප්‍රර්ථනා කරනවා
එකෙන්ම අපිත් පතනවා...
Deleteගෑනු පඩ....
ReplyDeleteසුවදයි..
Deleteමං මේ පැත්තේ එන එක අත් හිටවන්න ඕනෙ අෆ්ෆා..ගෙදරදිනම් කමක් නෑ..පාරක තොටක තනියෙන් යන එන වෙලාවක මේවා මතක් උනොත් මොන දෙයියන්ට කියලා හිනාව නවත්ත ගන්නද? :D :D :D
ReplyDeleteහහහා..... නියමයි නේ? :))
Deleteතායිලන්තේ ගැන කිව්වම මට කතාවක් මතක් උනා :P ඉඳි ආප්ප කතාව නම් මැවිලා පේන විදිහටම ලියලා තියෙනවා ඈ ...
ReplyDeleteඑලකිරි ඈ! :)
Deleteමට අර අන්තිම එකේ සුගන්ධය නිකන් දැනෙනවා දැනෙනවා වාගෙ රජෝ...
ReplyDeleteමේක ඉඹලා බලහන් :-f
Deleteදෙමල ෆිල්ම්ස් වල තියෙන්නේ සිද්දියක් නේද උඹේ ගමෙත් වෙලා තියෙන්නේ.
ReplyDeleteඅන්න..... :))
Deleteඉඳි ආප්ප කතාව නම් මැවිලා පෙනුණා.. වීඩියෝ එකනම් ඊයා හොදේ..:D මම මේක කියෙව්වට අතිශයින්ම විවාහක නම් නෙවෙයි හරිද? :P
ReplyDeleteහෙහ්.... කමක් නෑ මෙයා :))
Deleterajakam keruwath, kalakam paladee.........
ReplyDeletekiyanne ookata thmai rajoo.
ලොල්...:-f
Deleteමේ රජාට ඉදිරියේ වෙන්න තියෙන කතාවක් මු මේ බොරුවට ලියලා දාල වගේ. සිරාවටම අර මනුස්සයට මල පාන්නේ නැත්නම් තමයි පුදුමේ ඉන්න ඇත්තේ බඩගින්නේ එකයි මල ඩබල් වෙන්න ඇත්තේ
ReplyDelete=))
DeleteSUNRISE CABS.
ReplyDeleteWe have many modern vehicles for hire cheaper prices with safety and comfortable travel from any destination to any place in Sri Lanka. We will provide well satisfied service for your money. Please call 0814 926 927 to book your vehicle.
Hot Line : 0814 926 927(Hunting)
Mobile : 0777 810 341, 0727 223 224, 0719 810 341, 0785 692 104, 0754 551 152,0718 143 624
Address: No.05, Dharmasoka Mw.,Kandy.
email : sunrisecabs1@gmail.com
Like us on http://www.facebook.com/pages/Sunrise-cabs/115709491913605?ref=hl