පෘතුවි තලය හරිම වෙනස් ලෝකයක්. විවිධාකාර
මනුස්ස කොට්ටාස වලින් පිරිලා. බොග් එකේ ටයිටලෙටත් ඒකනෙ මම දාලා තියෙන්නේ මේ ලෝකේ
හරිම අප්‍රසන්නයි කියලා. අද කියන්න යන සිද්ධියෙ මුලාරම්බය නං දැනට අවුරුදු 12 කට
විතර කලිනුයි සිද්ධ වෙන්නෙ.
වසර 2002, අර අම්මලාගේ විභාගේ කියන විබාගේ පාස් වෙලා මමත් යනවා ලොකුයි කියල කියන
ඉස්කෝලෙකට. 6 වසරට පා තබනවා. දැන් ඉතින් සතුටින් සන්තොසින් අලුත් යාළුවොත් එක්ක ආතල්
එකේ ඉන්නවා. සෞන්දර්ය විෂයක් තෝරාගන්න එපැයි 7 වසරේ මුලදී. මට සෑහෙන ප්‍රශ්නයක්
ආවා මොකක් තෝරගන්නද කියලා.
- චිත්‍ර - බලන් ඇදීම ලෙසටම පුළුවන් උනාට මට හිතලා අදින්න ගිහාම ඇන්දේ මොකද්ද කියලා මටවත් මීටර් නෑ වගේ.
- නැටුම් - මම නැටුවොත් ඉතින් කට්ටියට ප්ලේස් නෑ. පව්නෙ අනිත් උන්
- පෙරදිග සංගීතය - අර ආආ....ගගා.... අදින ඒවා මට සෙට් වෙන්නේ නෑ.
- බටහිර සංගීතය - හරිම අමුතුයි. එහෙන් ඉරි ගහනවා මෙහෙන් ගහනවා. බෝල පාට කරනවා. හිටපු මිසුත් හෙන අමුතුයි.
![]() |
බලි කුරුටු |
එත් අනේ මන්දා මොකද්දෝ කරුමෙකට මට ඒකට හිත ගියා. දැන් ඉතින් 7 වසරේ පලවෙනි දවසේ අපි සංගීත කාමරේට ගියා ඉගෙනගන්න කියලා. මිස් කට්ටියගෙන් විස්තර අහනවා. කොහෙද? මොකද්ද කලින් ගියේ ඉස්කෝලේ? තාත්ත මොනවද කරන්නේ? අරකයි මෙකයි. ඔන්න මගේ වාරෙත් ආවා. මිස් මම ගිරිඋල්ලේ. කලින් ගියේ වික්රමශිලාවට. තාත්තා බිල්ඩින්ග් කොන්ත්‍රාත් වැඩ කරන්නේ. ආ... ඒ කියන්නේ මේසන් වැඩද? එහෙම අහනකොට ලමයි මට හිනා උනා. ඒ වෙලාවෙ මට නිකන් පොලව පලන් යන්න හිතුනා. එදා ඉඳන් මට මේ මිස්ව එච්චර දිරෙව්වෙ නෑ.
මට ඔය සබ්ජෙක්ට් ඒකට එන්ටර් වෙච්ච කාළෙම
එච්චර තේරුමක් නෑ මොකද්ද මේ බහුබූත පාඩම් කියලා. හැමදාම වගේ මට සංගීතෙට තමයි ලකුණු
අඩු වෙන්නේ. 7 වසරේ ඉඳන් මගේ පන්තිය ප්ලේස් බහින්නත් ඔය සංගීතේ සැහෙන්න බලපෑවා. ඒ
අස්සෙන් ඒ මල ඉලව්ව උගන්නන්නෙත් කඩ්ඩෙන් නොවැ. ඉතින් කොහොමත් මාන්ජමිකයි. අනික් ලමයි
වැඩේ ලෙසටම අල්ලන් ගියා. මම සමහර දවස් වලට උන්ගේ පොත් වලට ඇහැ දාල පන්තියේ දෙන වැඩ
කරලා මිස්ට පෙන්නනවා. දවස කීපයක් මාට්ටු වෙලා මම ඉන්න තැන මාරු කරලා මට බලු බැනුම්
බැනපු වාර ඕන තරම්.
හැමදාම පන්ති කව දවස් වලට අනිත් හැම ටීර්චම
මගේ හොඳ කියද්දී මේ මිස් විතරක් අපේ අම්මට මම ගැන කියා කියා බයිනවා. ඒ වෙලාවට අපේ
අම්මා මාර අපහසුතාවයකට පත්වෙන්නේ. එක මම මගේ අම්මගේ ඇස දෙකෙන් දැක්කා. ඉතින් එදාට
මම ගෙදර වසලා හමාරයි. ගෙදර ආපු වෙලාවේ ඉඳන් මම බැනුම් අහනවා. බැරිම තැන මම අම්මට
කිව්වා මට මේ විෂය තේරෙන්නේ නෑ කියල. එතකොට මොකද දන්නවද අම්ම කලේ. මගේ යාලුවෙක්ගේ
අම්මා කෙනෙක්ගෙන් මියුසික් මිස් ගේ නොම්බරේ ඉල්ලගෙන මිස්ට කෝල් කරලා මාව ඒ මිස්ගේම
පන්තියකට දැම්මා. පන්ති තිබ්බෙත් මිස්ගේ ගෙදරමයි.
වෙස්ටන් මියුසික් කියනවා තරම් මට සෙට්
නොවිච්ච දෙයක් ලොවෙත් නෑ. මම ඉස්කෝලේ ඇරිලා මේ පන්තියට ගියෙත් පුදුමාකාර බයකින්. ඇයි
ඉතින් තම 7 වසරේ කිරි සප්පයනේ. තාම ජීවිතේට කුනුහබ්බයක් වත් කියල නෑ ඔය කාලේ වෙනකොට.
ඒවා කියන්න ගත්තේ 8 වසරේ ඉදන්නේ.
7
ඉඳන් 9 වසර වෙනකන් අපිට ඉගැන්නුවේ මිස්ගේ අම්මා. බුදු අම්බෝ එයාගෙ ලොකුකම. ඒ ගොල්ලෝ
තරම් දන්නා කට්ටිය වෙන කොහෙවත් නෑ. බීතෝවනුත් ඉගෙනගෙන තියෙන්නේ මෙයාලගෙන්. අපි දුර
ඉඳන් එනකොට උන් හිතන් ඉන්නේ අපි ගොඩේ කියල. එහෙම තමයි අපිට සැලකුවෙත්. ලස්සනට කතා
බහ කලේ අර රූපෙන් පොෂ්, කාර් එකෙන් ඇවිත් බහින, හොඳට සල්ලි තියෙන කට්ටිය එක්ක විතරයි. අපි
ඉතින් දාඩිය පෙරාගෙන බස් එකෙන් ඇවිත් බැහැල එන උන්නේ. එක හින්ද අපිව පුකෙන් යන පඩයක්
තරම් වත් ගණන් ගත්තේ නෑ.
8-9 ට එද්දී මට ටිකක් වැඩේ අහුවෙලා තිබ්බේ.
දැන් එච්චරම අවුලක් නෑ. ඔහොම ඉන්නකොට අපිව දැම්මා හෙන ලොකුයි කියල කියන විභාගෙකට.
එක තමා මම ඔය සංගීතෙන් කියල ලිව්වා පලවෙනි විභාගේ. මට ලකුණු 100 ක් ම තිබ්බා. අර
මිස් අපේ අම්මව ගෙන්නලා මොකද්ද දන්නවද කිව්වේ? ආ මේ බලන්නකෝ මෙයාට ලකුණු 100 ක් ම තියෙනවා.
කොහොමද දන්නේ නෑ. මෙය එහෙ ගිහිල්ලත් කොපි කලාද දන්නේ නෑ. මට නේද මාරයා. මේ ගැනිව බුල්සායි
දාන්න තරම් කේන්ති මට. ඇයි යකෝ මම හෙන මහන්සියෙන් අල්ලගෙන ගොඩ දාගන්න යන
සුබ්ජෙක්ටුව. සුබ දෙයක් වෙච්ච ගමන් බලපල්ලකො කිව්වා කතාව. එදා අපේ අම්මා බිම
බලාගෙන හිනා උනා. මිස් එක්ක කට ගහගෙන ගියේ නෑ. මිස්ලා කියන කියන එක කරන්න ගියෙත්
නෑ. අපේ අම්ම එහෙම තමා. අන්න ඒ හින්ද මිස්ට අපේ අම්මවත් එච්චර දිරෙව්වෙ නෑ. මොකක්
හරි අපේ අම්මවත් පදිරි කරන්න පුළුවන් දේවල් මයි කලේ. මම ගැන කියල හරි.
![]() |
බීතෝවන් |
වසර 2005 මම 9 වසරේ. මම තනියම පාඩම් වැඩ
කරන්න ගත්ත කලේ, වෙනදට අම්ම
ලඟින් ඉඳගෙන ප්‍රශ්න අහනවනේ. අම්මා මට චැලෙන්ජ් එක්ක දීලා තිබ්බේ වෙනදට වඩා හොඳට
ලකුණු ගන්න ඕන කියලා. මමත් වැඩර් වගේ එක බාරගත්තා. කිව්වත් හරි... මට හැම විශේකටම
හොඳට ලකුණු තිබ්බා. වෙස්ටර්න් මියුසික් වලටත් 85 ක් ම තිබ්බා. අම්බේ.....උන්නු
හැටියට මලා මදෑ. ඒත් මොකද්දෝ කරුමෙකට මට පේපර් එකේ නම ලියන්න අමතක වෙලා. මොකද්ද
දන්නවද මිස් මට කලේ. මේක අමතක නොවෙන්න වැඩක් කරන්න ඕනේ කියලා ලකුණු 50 ක් ම අඩු
කරලා දැම්මා. මම අනේ මිස් එහෙම කරන්න එපා කියල ඇඩුවා. මොන.......ඒ ගෑනිගේ හිත උණු
වෙන එකක් නෙමේ. එය හින්ද පන්තියේ 3 වෙනියා වෙන්න හිටිය මම පන්තියේ 15 වෙනියා
උනා.එකෙන් උනේ මම මිස් එක්ක තිබ්බ වෛරෙ වැඩි උනා එක විතරයි.
![]() |
අෆොයි!!! |
ලකුණු සටහන, (රිපෝට් එක හොයන්න කබඩ් එකක්
පෙරළුවා)
- 7 ශ්‍රේණිය - 64, 59
- 8 ශ්‍රේණිය - 70, 65
- 9 ශ්‍රේණිය - 80, 35
- 10 ශ්‍රේණිය - 81, 86
- 11 ශ්‍රේණිය - 86
2006-2007 මම සා/පෙ කරන අවුරුදු. දැන් මට සංගීතෙත්
ලෙසටම පුළුවන්. කොපි කරන්න ඕනේ නෑ. එත් අනික් උන්ට මගෙන් කොපි කරන්න පුළුවන්. මොකද
මම කල ගුණ සලකන්න දන්නවා. උන් මට ඉස්සර උදව් කලා. දැන් මම
උන්ට උදව් දෙනවා. අවුලක් නෑනෙ.ආයෙ බොරු කියන්න ඕනෙ නෑ. මේ කාලේ මම බැහැලම වැඩ.
ඒ කාලෙත් අර මිසා මට පදිරිය දාන එක නවත්තලා තිබ්බෙ නෑ. අපිව තාමත් දාලා තිබ්බෙ
දෙකේ කොලේට.
ඔන්න ඔය කාලේ අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල්
කෙනෙක් එනවා. හාමුදුරු කෙනෙක්. ඇත්තටම දෙවි කෙනෙක්. මේ මල හෝන්තුව උන්වහන්සේටත්
පානිය දාලා මියුසික් රූම් එක පට්ටටම හදනවා. ෆෑන් 3-4ක් දාලා, ටයිල් කරලා, වටේටම
කර්ටන් දාලා, පුෂින් දොරවල් දාලා, ටින්ටඩ් ජනෙල් ආයෙ ලොවෙත් නෑ....ඒක ඇතුලට ගිහාම
නිකන් අමුතු ලෝකෙකට ගියා වගේ. එලියෙ උන්ට රූම් එක ඇතුලේ මෙලෝ දෙයක් පේන්නෙත් නෑ.
මේ මිසා හින්දා අපිට පන්තියෙ ඉගෙන ගන්නත්
නෑ...හැමතිස්සෙම අපිට කතා කරනවා අර ඩේය මේ ඩේය..සින්දු පුරුදු වෙන්න එන්න නටන්න
එන්න. පුදුම වදයක්. අපි ඉතින් ඒ වෙලාවෙ උගන්නන මිස් හෝ සර්ගෙන්ත් බැනුං අහගෙන යන්න
ඕනා. ඔය අතරේ මිසාට එරෙහිව කට කතාවකුත් හැදෙමින් තිබ්බා හැමතිස්සෙම කොල්ලො ඇතුලට
දාගෙන දොර වහගෙන කියලා.
ඔහොම ඉද්දි දවසක් මේ මිසා....මියුසික් රූම්
එක 2500යේ රූම් එකක් කරගන්න ගිහින්. අපේ බැච් එකේ කොල්ලෙක් එක්කම කොටු පයින්න
හදලා. කොටු කප කප ඉද්දි සර් කෙනෙක්ට අතේ මාට්ටු වෙලා. ඇයි දෙයියනේ මේ ගෑනිට මෙච්චර
මෝල් අමාරුවද? අපිට වඩා අවුරුද්දක් වැඩිමල් පුතෙකුත් ඉන්නවා. ඔච්චර අමාරුව තියනවා
කියලා දන්නවනං අර මගේ අන්න:පුරේට ගන්නවනේ කලින්ම. එහෙනං මම දනි කරන හැටි මට කරපු
ඒවටත් එක්ක.
කොහොමින් හරි මම මහන්සි උන එකේ ප්‍රථිපල මට
හම්බුනා. මම ගන්න පුළුවන් A සාමාර්ථ
ඔක්කොම අරං තිබුනා.රිසල්ට් ෂීට් එක ලස්සනේ බැරුවා. මියුසික් වලටත් A.
අඩුගානෙ මම අර මිසාටනං වදින්නවත් ගියෙ නෑ. ඇයි
හත්තිලව්වේ....මේ අපේ අම්මලා වගේ ඉන්න ගුරුතුමියෝ කරන වැඩක්ද මේ ගෑනි කරලා
තියෙන්නෙ. වදින්න නෙමේ....හොද පුක් ෂොට් එකක් දෙන්නයි ඕනා. පස්සෙ ආරංචි උනා එයාව
අස් කරලා දාලා කියලා.
ප/ලි:
![]() |
ඇපල් නෙමේ උක් |
ප/ලි:
මගෙ මලයාතුමත් කරන්නෙ වෙස්ටර්න් තමයි.
හැබැයි මම කලින් ගිය ඉස්කෝලේ. මේ කතාව ලියන්න මුල් උන හේතුව වික්රමශිලාවෙ ඉන්න
වෙස්ටර්න් මියුසික් මිස්. අන්න ගුරුවරු. ලස්සන චූටි මිස් කෙනෙක්. ලමයි හැමෝටම එක
වගේ සලකනවා. කිසිම ලොකු කමක් නෑ. අම්මා කෙනෙක් ගියත් ඉදගෙන හිටියොත් නැගිටලා කතා
කරන්නෙ.
ප/ප/ලි :
- මිස්... මිස්... කියන තැන් වලට කතාවට අනුකූල වන පදයක් භාවිතා කල හැක. මන්ද මෙවන් චරිත ගුරු වෘත්තියට කිසිසේත් ගැලපෙන්නෙ නැත.
- අද වන තුරුත් මතක් වෙන විට මගේ ඇගේ මාළු නටයි. පේන දුරක ඉන්නවනං මරාගෙන මැරුනහැකි...සිරාවට.
- තව කියන්න දේවල් තියෙනවා. ඒත් කියවන්න ගිහාම එපා වෙන හින්දා ලිව්වෙ නෑ.
රූප කතාව පරිවර්තනෙත් කලා...ඒත් දැම්මෙ නෑ... තව දවස් 2කින් විතර දාන්නං. අවුලක් නෑනෙ?
මම 1
ReplyDeleteජය වේවා!!! අක්කගෙ පෝස්ටුවෙත් මම එක.
Deleteහු හූ...... :)
අම්මේ මාර මිස් කෙනෙක්නෙ එයා. ඉහේ ඉඳං පට්ට ගහන්නයි වටින්නේ ඔය වගේ එවුන්ව. නම ලියුවේ නැහැ කියලා 50 ක් අඩු කරන්න. පිස්සු හොදටම. මම වගේනම් මුනටම බනිනවා.
ReplyDeleteඅක්කෙ මම අහිංසක රජෙක්... ඒ ගෑනි මට කරපුවා මතක් වෙනකොට ර්ර්ර්ර්ර්
Deleteඇත්තමයි ගෙඩි පිටින් 50ක්..
මම වැඩිය කතා කරන එකෙක් නෙමේ :)
yako mama ada ude meka gana ubata ube blog eke daanna kiyanna hithuwa witharai .. mama palla mage hama dema palla .. mama me blog eka kiyeuwe pereda .. okkoma kiyeuwa ,, fatta machan ,, maru ,, uba dannawada danne naa mama *SUGATH ASANKA* kiyala ekek :-D aththatama maru මිස් .. hik hik ..
ReplyDeleteඋඹලව අමතක වෙනවද බං?
Deleteඔය ඉන්නෙ උදේ හවස ටීවී එකේ කීබෝඩ් ගගහ වැඩකරු වගේ :)
ado uba ara pini jambuwa gana daala thiyena eka dakala mata hithuna ape ch___ මිස් ganath patta blog ekak daanna puluwanne mekata kiyala .. uba nam maarai .. :D ela machan digatama oya wage ewa liyapan ,, hik hik ara teacher wa amma karagaththu ewath daapanko ban ,, මිස් gana liyanna dewalda naththe neh :D LOL
Deleteඑව්වා දැම්මෙ නෑ බං..පස්සෙ අරුං මාත් එක්ක තරහ උනොත්.. :)
Delete[එහෙනං මම දනි කරන හැටි මට කරපු ඒවටත් එක්ක.] රජ වැඩ්ඩෙක්නෙ :D
ReplyDeleteඅැපල් උක් කතාවත් එබඳුමයි.
කාරණේ ගැන කෙලින්ම කතා කරල තියනව. සතුටුයි!
මචන් කියන්න ඒවා ගොඩයි මේ මල හෝන්තුව ගැන. සමහර ඒවා කියන්නත් බෑ. ලැජ්ජයි :/
Deleteබලාගෙන ගියාම ලංකාවේ ඔක්කොම වෙස්ටර්න් මියුසික් මිස් ලා ඔය වගේ වෙන්න ඕනෙ. මට තියෙන්නෙත් ඔයිට සමාන කතාවක්. හැබැයි මම මල්ලි තරම් වාසනාවන්ත නැ. මට ආවේ C එකක්. ක්ලාස් ගිහිල්ලා වත් මට වැඩේ මීටර් උනේ නැ... :D
ReplyDeleteමේකනෙ මචන් අයියෙ...ඕක උගන්නන්න කට්ටිය නෑ. ඒ හින්දා ඕකුන්ට කියන්නෙ සම්පත් ගුරුවරු කියලා. ඒකයි ඔය මහන්තත්තකම
Deleteවැඩේ කියන්නෙ මටත් ඒ සෙතේමයි. මම ඔය දෙන්න තරම් වත් වාසනාවන්ත නෑ. මට ආවෙ S එකක්. මල හෝන්තුවක් හිටිය 8 වසරෙද මාරු වෙලා ලොකුයි කියන කොළඹ ඉස්කෝලෙකට ගියා. එහෙ ගිහින් පජාත වෙලා කියලත් ආරංචි ආව. ඔක්කොම western music උන් එකයි. තුඃ විතරක්!
Deleteමටත් එපාම කරපු විශය තමයි සංගීතය උනේ..ඒක මම තෝරගත්තෙත් උඹ තෝරගත්ත විදිහටමයි.. ඒත් අපේ සර් නම් අවුලක් නෑ.. මගේ වොයිස් එකේ සුන්දර නිසාම මගෙන් ප්‍රැක්ටිකල් ගත්තේ නෑ.. හැබැයි ළකුණු දුන්නා..
ReplyDeleteහිකිස්!!! එහෙනං සිංදුවක් කියමු බලන්න :)
Deleteමාර මිස් කෙනෙක්නේ..උඹලට චාන්ස් එක මිස් වෙලා..නැත්තං පියානෝ ගහන්න තිබ්බා..මම කරේ චිත්‍ර අප්පා...බලාගෙන ඇඳීම කරලා කොල්ලෝ 50 ඉස්සරහ මගේ රෙදි ගැලවුනා..මල් පෝච්චිය මිස් දැක්කේ ලබු ගෙඩියක් වගේ...මම ලස්සනටම ඇන්දා ඒ උනාට මිස්ට ඒක ලස්සන නෑ.....
ReplyDeleteඅප්පා........පියානෝ? මම එව්වා ගැන කිව්වෙ නෑ. ඒවා කියන්න ගියොත් මට වෙනම බොගක් ලිව්වැහැකි :)
Deleteලබු නං කොච්චර ලස්සනද
කතාව හොදයි, එත් අපරාදේ ..... ...
ReplyDeleteඅපරාදේ කියන්න බෑ මට ඉගෙන ගන්න ලැබිච්ච සංගීත ගුරවරුන් හැම කෙනාම ගොඩක් හොඳ අය, එත් අපිට 6 - 7 වසර වල සෞඛය උගන්නපු මිස් නම් සෞඛය එපා කෙරෙව්වා, ඒ දවස් වල හිතුන ඌරෙක් වෙලා උපන්නා නම් හොදයි කියලා
බහුතරය හොදයි....කාලකන්ණි කොහෙත් ඉන්නවනේ
Deleteෂික් අපරාදේ මොනව හරි කරගන්න තිබ්බ නොවැ ගෙදරටත් ගිය එකේ ;)
ReplyDeleteමම කලේ චිතු එකෙන් තමා විනාස වුනේ. ඒ - 6ක් ගත්ත මම චිත්‍ර එස් වුණා. :(
අපි ඉස්සර වෙන එකෙක් අදින චිත්‍රයක් අරන් ටීචර් ලකුණු දාපු තැන තදට පාට කරල ආයෙ දවසක පෙන්නලා ලකුනු ගන්නවා.
ඉතිං හරි යයිද ?
යකෝ මුං මාර ඩයල්නෙ බලං යනකොට.. :)
Deleteසෑමො.. එතකොට උඹට ලැබුනෙත් අර ලකුණුමද?
Deleteඅපේ එවුන් ඔහොම කරලත් සමාන් ලකුණු නෑ.. ඒ කියන්නෙ අනිවා මූණ බලලනෙ දෙන්නෙ
ලස්සන ඇග පත තියන උන්ට ලකුණු වැඩී නේ? :)
Deleteවෙස්ටන් නෙ බන් ඉතින් මිසුත් වෙස්ටන් වෙන්න හදන්න ඇති දොරවල් වහගෙන අර නරක ඇමරිකාව වගේ ;)
ReplyDeletehikiz naughty america :D
Deleteහොහ් හොහ්!!! නෝටි ඇමෙරිකා...
Deleteමයි ෆස්ට් සෙක්ස් ටීචර් සීරීස් එකෙන් :)
විෂයන් තෝරද්දී ආපු ප්‍රශ්න ටිකනම් මරු...
ReplyDelete:D
මටත් ඒ කාලේ ඔය ටිකමයි හිතුනේ.
මාත් කරේ මල්ලී කරපු විශයම තමයි. ඒත් මං ක්ලාස් ගිය මිස් නම් ඇත්තටම හොද මිස් කෙනෙක්. පිළිවෙලකට ගානත් අඩුවෙන් ඉගෙන්නුවා. මාත් අහලා තියෙන විදියට ඔය විශය උගන්වන ගොඩක් මිස්ලා කරන්නේ බොරුව. අපේ මිස්ට අපි බොරු කරොත් ඇතිවෙන්න බණිනවා. ආයේම ඉතිං කෙලින්ම පොළව යට තමයි. ඒ මිස්ගෙ පිහිටෙන් මටත් හොදම රිසල්ට් 1ක් ලැබුනා.
උගන්නනවා අවුලක් නෑ අක්කෙ..
Deleteහැබැයි චරිතෙ නං ලාචෝරු :/
මටත් මියුසික් තමා බැරි... හැබැයි හොඳ රිසල්ට් එකක් ගන්න බැරිවුනා පන්ති යන්න සල්ලි නොතිබ්බ නිසා..
ReplyDeleteඅපේ මියුසික් මිස් නම් ඕකෙ අනිත් පැත්ත...... හරිම කරුණාවන්තයි...
අම්බෝ...මෙයාගෙ ගාණත් එහෙම තමා. ඒත් බෝම අමාරුවෙන් දුන්නා. නැත්තං මම පේල්නෙ :(
Deleteoya mista namak kariya athine.eveth meke dapn macho.gud luck....
ReplyDeleteඒක හරි නෑනෙ ඇනෝ...නිකන් බෙල්ල කැපුවා වගේ වෙනවනෙ.
Deleteහරිම කණගාටුයි අඩවි රජා. ඔහොම හෝන්තු ඉස්සරත් හිටයා, අදත් ඉන්නවා, හෙටත් ඉඳී අපි කාගෙත් කරුමෙට.
ReplyDeleteනමුත් හැමෝම ඔහොම නැති බවත් දන්නවා නේ?
henryblogwalker the Dude
ඔව් ඔව් ඒක ඇත්ත...
DeleteFatta fatta mis nisa api gaththu athal amathaka karanna epa macho.
ReplyDeleteDILANKA BC
හික්ස්!!! ආතල් කටේ :)
Deleteadooo.... Maxa storyaaa,,, kattiyata mathaka ethi neee,,, oya miss ee kollath ekka kotu painna hitiyata, thava podden kotu painna hitiye me maath ekka kiyalaaaa :D Ha Ha. 99.99 n belunaa. hebei aparaade kiyalath hithenava ooii :D Bu ha ha ha :D
ReplyDeleteඑහෙනං එහෙනං....තව පොඩ්ඩෙන් උඹ අම්මවත් දාලා යනවනෙ නෙහ්? :)
Deletehih hih hih tharinduwata ammala dennai ethakota ,, hik hik lole lol :D
Deleteමිස් නෙවේ bitch කිව්වනං හරි.
ReplyDeleteසිරාවටම....
Deleteai ubata e clz eke thgawa kenek amathaka wela. ai misge nangi. mamath oya clz giya. yakkala Wickreama place eke. uba kiyapu katha okkoma 100% hari.
ReplyDeleteඅම්බෝ......එයා?
Deleteඑයා ගැන කිව්වොත් වෙනම ලේබල් එකක් ගහලා පෝස්ට් 25ක් විතර දැම්මැහැකි.
මට අශාන් කියලා එකෙක් මීටර් නෑනෙ බං. :)
උබට අශාන් කිවිවට මතක නැති වුනාට අඤ්ඤා කවිෙවාත් දන්නවා අැති නෙද?
Deleteහෆ්ෆා මම කලේ පෙ:සංගීතෙනෙ.. මම අඅසම විශයක් ඉස්සරම. පස්සෙ අපේ ඉස්කෝලෙ උඅගන්වපු මිස් නිසා එපාම වුනා..:/ අන්තිමට O/L වලටත් ඒකට විතරක් B ආවා. ඊටපස්සෙ කවදාවත් මම වයලීන් එකවත් ඇල්ලුවෙ නෑ...:( එපාම වුනා..
ReplyDeleteමල්ලිගෙ මිස් මාර එක්කෙනෙක්නෙ.. ඔහොම මිස්ලා හින්දා ලමයි හුඟාක් විශයන් වලට දුරවල වෙනවා. මානසිකව වට්ටනවා සමහර මිස්ලා..:/
"මානසිකව වට්ටනවා සමහර මිස්ලා" මේ ටික දක්කම මතක් වුනා.. අපේ මල්ලී ඉගෙනීමට සෑහෙන දුර්වල වුනා එයාට 3-5 උගන්නපු මිස් නිසා.. අපේ මල්ලිට සෑහෙන වෙනස්කම් කලා..
Deleteලොකු ළමයින්ගෙන් සල්ලි ඉල්ලනවා කියලා වාර්තා පොතේ ලිව්වා.. ඒ ඉල්ලුවෙත් මගෙන්මයි.. ඒත් මිස් විශ්වාස කරේ නෑ.. පෝසත් ඉස්කෝලෙකට ගියත් අපි දුප්පත් නිසා බාල්දු කරන්නමයි බැලුවෙ...
ඔව් අක්කෙ එයානං මාරයි... :)
Deleteඇනෝගෙ ටෝක් එකට මට ඇඩෙන්න වගේ. :(
"ඇනෝගෙ ටෝක් එකට මට ඇඩෙන්න වගේ. :("
Deleteඔය මොනාද බං.. මල්ලිට වඩා දෙවල් වෙලා තියෙනවා මට..
මම මහන්සි වෙලා නිදි මරලා විභාගෙට පාඩම් කරලා ඉස්කෝලෙ යනවා.. ඉස්කෝලෙට ගෙවන්න ඕනෙ සල්ලි ගෙවලත් ස්පෝර්ට් මීට් එකට සල්ලි දුන්නෙ නෑ කියලා විභාගෙ ලියන්න නොදී එළියට වෙලා ඉන්න වුනොත් මට ඇතිවෙන හැඟීම නිකමට හිතපන්කො.. මම අඬ අඬ අනිත් එවුන් විභාගෙ ලියන දිහා බලං හිටපු එකෙක්...
ඔය විදිහට කීප සැරයක් වුනා.. අම්මට අසනීප නිසා බේත් වලට එව්වට මෙව්වට ගිහින් සල්ලි නැතිවුනාම පස්සෙ ආපහු දෙන්න නෑයොන්ගෙන්වත් සල්ලි ඉල්ල ගන්න බැරිවුනා.. උන් ඇහුවෙ ලොකු ඉස්කෝලවලට ගියෙ අපිට ඕනාවටද කියලා.. මට සිද්ධ වුනේ අනිත් උන් විභාග ලියනකම් බලන් ඉන්න..
නෑ..........?
Deleteපිස්සු වගේ බං මට.
මේ ඇනෝගෙ කමෙන්ට් එකට නම් ගොඩාක් දුක හිතුනා...කෙසේ වෙතත් ඔයාට සුභ අනාගතයක් පතනනව...!
Delete@වින්චැට්කිරිල්ලි.,
Deleteස්තුතියි. මම කොහොමහරි උපාධිය දක්වා ඉගෙන ගත්තා. දැන් රස්සාවකට යන්නයි තියෙන්නෙ.
මට හිතුනොත් කතාව බ්ලොගේ ලියන්නම්. හිතෙයිද ශුවර් නෑ. මම ඇනෝ ආවෙත් මේක කියවන මිනිස්සු ඉස්කෝලෙ ගැන වැරදියට හිතන නිසා. මොනාවුනත් මම තාමත් ඉස්කෝලෙට ආදරෙයි.
සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඇනෝ...
Deleteජය!!!!
ඔයවගේ අත්දැකීම් මටත් තියේ..
Deleteඔය වගේ යක්ෂනියො ලංකාවෙ හැම තැනම ස්කෝල වල ඉන්නවා...ඒ අතින් අපි වාසනාවන්තයි..මෙහෙ නම් ඒ සෙල්ලම් කරන්න ආවොත් අපිම තමා දෙන්නෙ ෆනිෂ්මන්ට් එක........
ReplyDeleteකිරිල්ලි හරි වසයි වගේ :)
Deleteඅන්තිම පින්තූරේ ඉන්න බෑඩ් ටීචර් කියන ෆිල්ම් එකෙත් ඔහොම සීන් තමා බන්.ඒත් ටීචර් අන්තිමට කොල්ලෙක්ට සප් එක දෙනවා බ්ලව්ස් එක නොගලවා බ්‍රා එක ගලෝලා උගේ ලව් එක ගොඩ දාගන්න :)
ReplyDeleteහික්ස් මාත් බැලුවා... මාත් බැලුවා...අපිට මිස් වෙනවද ඕවා
Deleteගෑනි බූබ්ස් හදන්න සල්ලි මාටියත් ගහනවා නෙහ්?
ඒක නං ලොල් ගොඩක් :)
ඔය වගේ අය ගුරුවරු නෙවේ, ගුරු හොරු... ළමයෙක්ගෙන් අසාධාරණ විධියට ලකුණු අඩු කරන එක නම් අන්තිම අසාධාරණයි...
ReplyDeleteමමත් අළුත් ඉස්කෝලෙකට ගියේ 2001 ශිෂ්‍යත්වෙන් පාස් වෙලා 2002දි ඒ කියන්නේ අපි එක වයසෙද?? හපෝයි මම තෝරගත්තේත් සංගීතේ තමා ඒකට හේතුව ඉස්සර අපි නිතරම දැක්කේ ලොකු අයියලා අක්කලා සංගීත කාමරේ සිංදු කිය කිය ජොලියෙන් ඉන්න එක...කොරන්න ගියාම තමා දෙලෝ රත්වුනේ සිංදු කියන්න අවුරුදු ගානක් බලාගෙන ඉන්ටෝනලු ඒ මදිවට ජාතික ගීය පාසල් ගීය කියන්න කට්ට අව්වේ ඉන්න ඕනලු....
ReplyDeleteඒවත් කොලා කියමුකෝ මට හම්බුනේ බටනලාව මුලින්ම ගහන්න කිව්වේ සස රිරි ගාමා සරිගම පධපා හපෝයි මට එපාම වුනා හැබැයි ටික කලක් යද්දි ඒක ගතියට ගහන්න පුළුවන් වුනාට විභාගෙට ලකුණු 7,7,9,15,12 හරියට ටැලිෆෝන් නම්බර් එකක් වගේ ඉතින් ඕක එපාම වුනා අන්තිමට චිත්‍ර කරන එවුන් එක්ක චිත්‍ර කාමරේට ගිහින් අයිස ගැහුවා චිත්‍ර නොඇඳ...අන්තිමට අතේ කෝට් ඊට පස්සේ මට බෑ මම චිත්රම කරනවා කියලා එහේ නැවතිලා ඇඳපු මුල්ම චිත්‍රය නිසා මම ගැමියා උනා....එච්චර ලස්සනට අමුඩේ චිත්‍රයට නගපු නිසා කාලයක් බාබන්ඩේසියා මලක් එම්බ්‍රොයිඩර් කරපු අමුඩයක් ඇඳි ගැමියා කියලත් වැටුනා ඉස්කෝලෙම කස්ටිය මාව දන්නේ ගැමියා කියලා...අන්තිමට සාපෙ c එකක් ගන්න තරම් වාසනාවන්ත වුනා...... මේ ගැන කියන්න කතා ගොඩායි අප්පා ලියන්න වෙලාවක් නෑනේ දුක තමා...
මේ ටීචර්ට පුදුම අමාරුවක්නේ තිබිලා තියෙන්නේ අසරණයා අයියට වල කපපු ටීචර් ගැනත් මතක් වුනා... හොඳ ගුරු මෑණිවරු පියවරුන්ටත් නිග්‍රහයක්
අප්පට හුඩු... ඔය කොටු පැනිල්ල මටත් ලාවට කණට වැටුන... පොඩි ඉන්වෙස්ටිගේශන් එකකදි..අහන්නෙප ඔන්න අගමුල.... ඔහොම මිනිස්සු තමා බං ගුරු සේවෙ වෘත්තියක් කරන් කෙළවන්නෙ... එළ කතාව...
ReplyDeleteAhhh elatama ela :D mamath dannawa oya MIS gana hodaatama :D Dan oya MIS koheda danne na ne wada karanne? kohe unath e lamainta Devi pihita thama :D
ReplyDeleteAmmatasiri meka adane ban dakke.ubath maru wadaarayek tama machan.ube liweme hakiyawa anargai.kathawa nana api itin lesatama dannawane,;) ammapa unge lokukama nan tama ati.
ReplyDeletesamawenna aiyala.comment palaweidha dhane.members only da.oyathathwaya sthrithwaya tula thebena sahaja,nilina jaanawalath thibena kusalathawayak.sangeethaya bawitha kirema(sometime),musical tallenat thibima,nisa western music guru thumiyage hengem(imotions) thiunuwenawa.(manasika athathiya palayanawa)namuth ethama bolandha wenawa.shajaa sansaarika dakshatawayata samajaya uranawima nisa eya ewathwenawa.{} liyanna wana mama essara tec yanalee(ku) ekthara mis kenek sitiya.mama moter micanic egenagathe.wada honda tharunain stiya .a mis ethama sungarathmakawa madiha balana.misuth sios kenek bawa dehalakshanawlin ma danimi.mis hitiye wenath ansayak barawa.apata ho kaatawath eya iganwuye neha.ethin mata edath beha adath beha.api mithuran samaga mis enna kamareta giyama.aeya etahama akarshaniyawa madesa balanawa.namuth ma erehiwanne neha.yaluwo kiyanawa mista mawa wedila kiya.(adhAta gelapena se (wEdela),YALUWO e mista "baduwa miss" kila anwartha namakuth hadagena thibuna.ethin aadharaniya hada bedi tharganmaka wadhan dekka nisa liyanna hithuna.jayawewa,niduk nirogi wasana sapa sammpath lebewa.amamaha nirwaanaya saksathwewa.
ReplyDeleteතරහ නැතුව මෙයාගේ නම පොඩ්ඩක් කියනවද.. මොකද අපේ ඉස්කෝලේ කෙනත් මේ වදේටම මට්ටු වෙලා එව්වේ ගම්පහ ඉස්කෝලෙකට 2000 දී විතර.
ReplyDeleteම්ම්ම්.. වෙස්ටන් මියුසික් කරන ඔක්කොම මෙහෙම ද දන්නේ නෑ.. නුවරිනුත් මෙහෙම කේස් එකක් මාට්ටු වුනා. අනේ මන්දා. මම මේ කියන්නේ 99-2000 කාලේ.
ReplyDeleteමේ කතාව ඇහුවම නම් අපේ වෙස්ටර්න් මියුසික් මිස්ට මල් තියල වඳින්න හිතෙනවා. අපේ මිස් හරිම අහිංසකයි. අපි ඔක්කොටම එයාගේ පුතාට සලකනවා වගේ සලකනවා. මට මතකයි ස රි ග ම සංගීත මිස්ගේ පුතාට prefect හම්බ උනේ නැහැ කියල ප්‍රින්සිපල් සර් ලඟට ගිහින් ඉල්ලලා දුන්න. අපේ මිස්ගේ පුතයි මමයි අපි ඔක්කොම එක පන්තිවල. මට prefect හම්බ වුණා කියල හරි මලෙන් හිටියේ ස රි ග ම මිස්. එත් අපේ වෙස්ටර්න් මියුසික් මිස් ගියේ නැහැ එයාගේ පුතාට prefect කම අරන්දෙන්න. අපේ මිස් මට විශ් කරා. හොඳ පුතා කීව. prefect නිසා දැන් ඉස්සරවගේ නටන්නේ නැතුව හොඳට ඉන්න කියලත් කීව. ඉතින් මම කීවා ප්‍රින්සිපල් සර් හම්බවෙලා prefect කම අරන් දෙන්න කියල මිස්ගේ පුතාට. මිස් මට කීව, අනේ පුතේ එක මගේ වැඩක් නෙවෙයි. දෙන්න ඕනෙ හොඳම අයට තමයි දීල ඇත්තේ. මගේ පුතා එකට සුදුසු මදි ඇති කියල.
ReplyDeleteඒ මිස්ගෙන් සංගීතය වගේම ජීවිතයටත් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. මට සාමාන්‍ය පෙළ මියුසික් වලට A එකක් තියනවා. අපේ අවුරුද්දේ 29ක් වෙස්ටර්න් මියුසික් ලිව්වා. 27කටම A ලැබුන.
ඉතින් යාලුවනේ හැම වෙස්ටර්න් මියුසික් ගුරුවරු ඔයාල කියනවා වගේ නෙවෙයි. නරක අය ගොඩාක් හිටියත් මේ වගේ ගොඩක් හොඳ මිස්ල ඉන්නවා.
මම අපේ මිස්ට නීරෝගී දීර්ගයුෂ ප්‍රර්ථනා කරනවා.
- ජය වේවා..
I know who is that woman!! lol true story :P
ReplyDeleteHonda wede!!
මලේ මටත් මෙහෙම ශෝයි ටීචර් කෙනෙක් හිටියා... ඇත්තටම කියුවොත් දෙන්නෙක්ම හිටියා... එක්කෙනෙක් ප්‍රයිමරියේ වෙස්ටන් මියුසික් කෙරුවා අනික් එකි සා පෙට කෙරුවා ඔය උඹලාට කෙරුවා වගේ. හැබැයි මම නම් ගෑනු දෙන්නාවම ධමනය කෙරුවා මොකද මොනවා වුනත් අපේ තාත්තා ඕවාට උපන් හපනා... එක පාරක් මොකක් හරි හුටපටේකට ඔය ප්‍රයිමරි ගෑනි මට බැනලා ඔන්න මම ගෙදර ගොහින් කියුවා කියමුකෝ... ඊට පස්සේ එදා හවස මම එල නිදිමන්ට් එකක් දාගෙන ඉන්නකොට අපේ තාත්තා ඇවිත් මාව එක පාරට ඇහැරෙවුවා කියමුකෝ.. මට නිදිමත වැක්කෙරෙනවා... තාත්තා එක්ක අසූතුන්දාස් නවසීය අනූ නවයට මල... ඒත් ඉතින් පොඩි එකා නොවැ.. ඉතින් කට පියාගෙන කියන විදිහට ශෝයි ඇඳුමක් එහෙම දාල පවුඩර් දාල චබී බබීයා වගේ එළියට ගියා ගෙදරින්.. අම්මට සිරි ෆට්ට වන්ඩියක් ගේ දොරකඩ නවත්තලා තියනවා.. ආසාවේ බැ.. ඔන්න අපෙ තාත්ත කියාපි නගින්න කියලා.. මටත් ඉතින් සියලු මල අමතක වී ගියා වන්ඩියේ තිබිච්ච පින් පාට දැකපුවහම... ඔන්න මාවත් ඒකේ දාගෙන අපේ තාත්ත ගියා වීදුරු සැට් එහෙම තියන කඩේකට ඔන්න ඒකෙන් හොඳ පෙනුමට තියන සැට් එකක් එහෙමත් ගත්තා. කඩකාරයා එක්ක අපේ තාත්තා හැමදාම බිස්නස් කොරන නිසා පොරට පිච්චියක් වත් නොදී ඔන්න සැට් එකත් අරන් ආවා ආයෙත් වන්ඩියට.. ඊට පස්සෙ තමඉ ෆට්ටම සිද්ධිමන්ට් එක... තාත්තා පොරවගේ විද්දා අර ටීචර්ලා ඉන්න ගෙවල් දිහාට... ඔන්න තාත්තයි පුතයි ටීචර්ගේ නිවස්නෙට ළඟා වෙලා... වන්ඩිය එතන ක්‍රීශ් ගාල පාක් කෙරුව... මොකාද ආවේ බලන්ට ඔන්න ටීචර් ගෙදර දොරත් හෙමිහිට ඇරගෙන එනවා... ඉස්සරවෙලාම ටීචර් දැක්කේ මාව.. ඉට පස්සෙන් ඔන්න අපේ තාත්තා අලී තෑගි පෙට්ටියකුත් උස්සාගෙන දත් තිස් දෙකම එළියේ දාගෙන එනවා.. ඉතින් ආයේ වෙන මොනවද... ටීචර්ගේ ගෙදර පන්තියකුත් තිබ්බා.. ඒකට එදා ඇවිත් හිටපු ග්රහයොන්ටත් පේන්නම ටීචර් අපිව ගෙදරටත් එක්කරන් ගිහින් කිරි තේකකුත් හදලා දීලා ඔන්න එවරිතින් ඉස් ඔකේ කියලා අපිව ගෙදර පිටත් කොළ... ඔන්න ඔහොමයි එකියක් දමනය කලේ. අනික් එකීගෙ කතාව තවත් ෆට්ට පස්සේ වෙලාවක ඒකත් දාන්නම්කෝ වෙල තිබ්බොත්.
ReplyDeleteඅපෝ මමත් හතේ පන්තියේදී වෙස්ටන් කරා හිටපු හැටියේ යන්න ගියා අපිත් පොඩි හින්ද සීන් එක තේරුනේ නෑ පස්සේ තමා මොකද උනේ කියල තේරුනේ ඒ ගෑනිගේ හෙන ඔලුව තමා
ReplyDeleteEla
ReplyDelete