Thursday, February 16, 2012

පුදුම අතීතය ( ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )

අ.පො.ස. සා/පෙ ට සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වගේ එකක් කලා මතකය. මෙහෙම එකක් කිසිදින අසා නැත. වැඩිදුර ඉතිහාසය හදාරන අයියලා අක්කලා මෙය දන්නවාද? දන්න අයට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ විස්තරය කියවලාම බලන්න. පුනරාගමනයක්ද? මට නම් නොවැටහේ.

ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමුඋනාද?



ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1846.
ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1946.

ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.

දෙදෙනාම සිකුරාදා දිනක, හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.

දැන් මේක තවත් අවුල් වෙනවා......
ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
මේ  ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙ) ජොන්සන් කෙනෙක්.
ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
කෙනෙඩිගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් (උපත-1908)
ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939.
දැන් හොදට ඇස් ඇරගෙන, වාඩිවෙලා මේ ටිකත් කියවන්න....

ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්" නම් රංග ශාලාවක් තුල.
කෙනෙඩි  වෙඩි කන්නෙ "ෆෝඩ්" හදපු "ලිංකන්" නම් කාරයක් තුල.

ලිංකන් වෙඩි කන්නෙ රංග ශාලාවක් තුල. ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ විශාල ගබඩාවක් අස්සෙ.
කෙනෙඩි  වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු  වෙඩික්කරුවෙක්ගෙන්. නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ රංග ශාලාවක් අස්සෙ.

මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...



මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න. 
කොලේ දෙකට නමන්න
ඊලගට මෙහෙම
දැන් මෙහෙම
එහෙම්මම අනිත් පැත්ත හරවන්න
දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???
 
 ඉස්සරලාම,
 පෙන්ටගනය ගිනි ගනී.....
 නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී








 මෙන්න විශ්වාස කරන්න....

 $20කින්,
1) විනාසයක් - පෙන්ටගනය
2) විනාසයක් - නිවුන් කුළුණු
3) විනාසයක් - ඔසාමා???

තව.......

9 + 11 = $20
කට්ටිය කොර නෙහ් ??
 

Tuesday, February 14, 2012

තවත් එක් වැලන්ටයින් කතාවක් ( ID එක )


සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ
දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ
එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ
ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.
දවසක් වැඩ කරද්දී මහ දවාලක
ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක
ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක
පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක
ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය
කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය
තියෙනව අම්මෙ එය මා ගාවයි කීය
කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය
කලබල වෙලා සදුනා සිය පසුම්බිය
ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය
දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය
උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය.
කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති
අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති
බැන්කුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති
කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති.
බලපන් උඹේ සිහියක් නැති කමක හැටි
ඒ මදිවට තවත් මට බොරු කරන හැටි
අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි
දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි.
අම්මා දෙසනවා නැවකට පරළ වෙලා
බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා
ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා
ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා.
ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා
උඹගේ නමට තිබු හින්දා කියවූවා
සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා
අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා
මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ
හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ
සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ
මා අමතන්න අංකය මෙහි පහල තියේ
අම්මා අමතලා එහි තිබු අංකයට
අසලා කුමක්දැයි විමසා බලන විට
විස්තර කරලා කියලා සිද්ධිය ඈට
හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට
මේ නම තියෙන මහතා ළග දිනයකදී
අපගේ තැනින් කාමරයක් ගත් මිලදී
ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී
වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී
කියපන් සදුන් තවමත් මා නොකර මුලා
කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා
කොළඹදි රස්සාව කරනව යැයි කියලා
මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා
හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ
ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ
ෆන්ෂන්එකක් දුර බැහැරක සිදු වූවේ
රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ
අනෙ අම්මපා උඹ කියනා කෙබර මට
එන කෝපය බැරිය දැන්නම් දරන්නට
අසුවෙන අහක හිටියානම් තලන්නට
නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට
උඹලගේ තියෙන ෆන්ෂන්හරි අපූරුය
ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය
කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය
තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය
මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ
මං ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ
කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ
අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ
හොයලා බැලූ විට අපි විපරම් කරලා
ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා
අම්මා කතා කල විට ඒ ගොන් හිවලා
කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා 
විශේෂ ස්තූතිය,
Prabhath Darshana
http://ndpdarshana.tk


මේ වගේ තැන්වල කිසිදින ID එක අමතක නොකරන්න...

Saturday, February 11, 2012

තාර්කික විඥ්ඥාණය ( සිංහලෙන්ම කියනවනං ලොජික් තිංකින් )


තර්ක සාස්තරේ කියන්නෙ මහා ගැඹුරු විෂයක්. අපි නං ඉතින් ඕවා ඉගෙනගෙන නෑ. ඒත් මොකෙක් හරි කට ගහගෙන ආවොත් එකට එක කියලා ඌව හලලා දාන්න බැරිකමකුත් නෑ. ඔය මොනව කිව්වත් තර්ක සාස්තරේ බැරූරුම්කම හරියටම තේරුනේ මට ආපු ඊමේල් පොඩ්ඩකින්. අපිට කවුද ඉතින් ඊමේල් එවන්නෙ...මේකත් ආවේ සුපුරුදු පරිදි අපේ බැච් එකේ ලොකු අක්කගෙන්.

මේ ඉස්ටෝරුව කියෝලම බලන්ඩකො තත්වෙ කොහොමද කියලා..


රස්සාවට බබා හම්බුන පුද්ගලයෙක්.....නගරයේ ප්‍රසිද්ධ බාර් එකකට ගොඩවෙන්නෙ හිතේ තියෙන දුක නිවාගන්න කියලා හිතාගෙන.

@ The  BAR,


බාර් එකට ආපු මේ අලුත් සාමාජිකයා දැකපු බාර් එකේ අයිතිකාරයා මිනිහත් එක්ක කයියට වැටුනා.

බාර්බුවා - මම මීට කලින් ඔබ දැක නෑ....ඔබ කවුද?


මිනිසා - මම ජිම්....මගෙ රස්සාව නැති උනා. නොදකිං.......


බාර්බුවා - මොකද්ද ඔබේ රස්සාව?


මිනිසා - මම උපදේශකවරයෙක්.


බාර්බුවා - ඇත්තටම උපදේශකවරයෙක් මොනවද කරන්නේ?


මිනිසා - හොදයි....ම්....ඒක තාර්කික විඥ්ඥාණයක් ඕන කරන රස්සාවක්.


බාර්බුවා - තාර්කික විඥ්ඥාණයක්???


මිනිසා - ඔව්..මට ඒක මෙහෙම විස්තර කරන්න බෑ...මම ඔබට ඒක ඔබට කරලා පෙන්නන්වම්. මෙහෙමයි.....
ඔබට බල්ලෙක් ඉන්නවද?


බාර්බුවා - ඔව්...

මිනිසා - ඒ කියන්නෙ ඔබ සත්තුන්ට ආදරෙයි...?


බාර්බුවා - ඇත්තෙන්ම...


මිනිසා - ඔබ සතුන්ට ඔච්චර ආදරෙයි නං....ඔබේ දරුවන්ට ගොඩක් ආදරේ ඇති.


බාර්බුවා - සත්තකින්ම....


මිනිසා - ම්...ඔබට දරුවො ඉන්නවනං ගෙදර ලස්සන වයිපරේකුත් ඇති...


බාර්බුවා - ඔව්....ලස්සන වයිපරයක් ඉන්නවා...ඔබ කොහොමද ඒක දන්නෙ?


මිනිසා - ඒ ඔක්කොම තාර්කික විඥ්ඥාණය....එහෙනං අන්තිමට...ඔබට දරුවො ඉන්නවනං, ලස්සන වයිපරයක් ඉන්නවනං... ඔබ කොලුකාරයෙක් (ගේ කුරුල්ලෙක් ) නෙමේ....


බාර්බුවා - මගුලක් කතා....ප්.. ඔව්, ඔව් එහෙම නෑ.


මිනිසා - හෙහ්....අන්න ඒකයි තාර්කික විඥ්ඥාණය.


බාර්බුවා - ෂාහ්...මාරයි..


මිනිසා - හොදයි....දැන් මම යන්න ඕනා අලුත් රස්සාවක් හොයාගෙන..ගිහින් එන්නං.


බාර්බුවා - සුබ පතනවා මහත්මයා...



ඔහු බාර් එකෙන් ගියාට පස්සෙ මේක බලං හිටපු එකෙක් ඇවිත් අහනවා



2 මිනිසා - කවුද ඒ පොර?


බාර්බුවා - ආ....ඒ උපදේශකවරයෙක්. ඔහු මට තාර්කිකව හිතන්න පුරුදුකලා


2 මිනිසා - මොකක්??


බාර්බුවා - ඉන්න මං ඔබට එය කරලා පෙන්නන්න... ඔබට බල්ලෙක් ඉන්නවද?


2 මිනිසා - නෑ.....


බාර්බුවා - ම්....ඒ කියන්නෙ ඔබ ගේ කුරුල්ලෙක්.




බල්ලෝ ඇති කරන්නෙ නැත්තං පොඩ්ඩක් කලින් කියපල්ලා ඈ.....අතේ දුරින් ඉන්න ඕනා ඒකයි.

*විඥ්ඥාණය කියන්න අකුරු හරිද මන්දා....වැරදි නං සමාව අනුභව හෝ භජනය කරමි...

Wednesday, February 8, 2012

මිෂන් පර්මිෂන්....

වාව්....වාව්...වාව්...............ගිරවෝ, කොවුලෝ මිදුනා මා අම්මගෙන්...

මේ බ්ලොගියෙ මම දාන හැම පෝස්ට් එකකටම පාදක වෙච්ච මොකාක් හරි නිධාන වස්තු කතාවක් තියනවාමයි. අද පෝස්ට් එකේ නිධාන කතාව මෙහෙමයි. අපේ සිවිල් බැච් එකේ උන් කදු නගින්න, ට්‍රිප් යන්න, කෑම්ප් ගහන්න ඇම්ම තියන උන් එකතු වෙලා හැදුවා මූණු පොතේ ගෘප් එකක් "It's Time to Hike" කියලා (කැමති අය මෙතනින් ජොයින් වෙන්ඩෝ..). දැනටමත් මේ ගෘප් එකට සෑහෙන ප්‍රතිචාර ඈ... අපි දැන් මේ අපේ පළවෙනි හයික් එක යන්ඩ කියලා හදන්නෙ. යන්නෙ හන්තානෙ තරණය කරන්න. මේක සෑහෙන ඔෆීෂියල් විදිහට කරන්නෙ. මූණු පොතේ ඉවෙන්ට් එකක් හදලා ඉන්වයිට් කරලා එහෙම තියෙන්නෙ ඕං.

දැන් සියල්ල සූදානම්...යන්ඩ විතරයි තියෙන්නෙ. මොනවා කොරන්ඩත් කලින් ගෙදරින් අවසරේ අරං ඉන්ඩ එපායැ ඉතින් යන්ඩ. ඕං ඉතින් මෙතන තමා අපේ අම්මට යක්ෂභූත දේවතාවිය ආරූඩ වෙන වෙලාව. මටත් එසේම මල පයින අවස්ථාවත් මේකම තමා. මොකද හේතුව ලේසියෙන් අවසර හම්බෙන්නෙ නැති එක. අපේ අම්මා හැමදාම උදැල්ල දානවනෙ දෙයියනේ. දන්න කට්ටිය දන්නවා අපේ අම්මා හෙන වසයි කියලා. මෙන්න මෙහෙමයි උනේ...


මම - අම්මෙ අපි බ්‍රහස්පතින්දා නුවර ගිහින් එන්නං ඈ...

අම්මා - ඒ මොකටද?

මම - කැම්පස් එකේ උන් එක්ක හන්තානෙ නගින්න යනවා...යන්නං ඈ...

අම්මා - දැන් මේ ළගදිත් ගලකට නැග්ගා නෙහ්...පිස්සුද ලමයෝ කදු දිගේ බඩගාන්නේ?

මම - ජොලියටනෙ අප්පා යන්නෙ....හැමදාම එසයින්මන්ට්, එක්සෑම් කර කර ඉන්න බෑනේ..

අම්මා - දැන් කවුද යන්නෙ? මොකේද යන්නෙ?

මම - කෝච්චියෙ යන්නෙ...අර මීරිගම එකයි ගාල්ලෙ එකත් යනවා....යන්නං ඈ.... (උන් දෙන්න විතරනේ අම්මා දන්නෙ)


සබ්බ සකලමනාවම අහගෙන එනකොට මම හිතුවා අනේ යන්ඩ කියයි කියලා.. මෙන්න අම්මා ගත් කටටම කියපි එපා එපා යන්ඩ එපා කියලා. ඔන්න ඉතින් දැන් මගෙ ඇගේ මාළු උන් දන්න ඔක්කොම ස්ටෙප්ස් දාලා නටනවා හෝ... පට ගාලා.


-යන්නෙ නෑ-


මම - මොකද්ද අනේ...මම කිව්වා උන්ට එනවා කියලා..බෑ බෑ මම යනවා.

අම්මා - ආ....බලමුකො යයිද කියලා.

මම - හරි බලමු....මම තාත්තගෙන් අහංනංකෝ..ඔයා ඉතින් මම කොහෙහරි යන්ඩ ඇහුවොත් හැමදාම එපා.......ගානවනේ.

අම්මා - දෙයි යන්ඩ බලං ඉන්නවකෝ.

මම - මං ඒක තාත්තත් එක්ක බලාගන්නංකෝ...


තාත්තා උඩ පත්තරේ බලනවා....මේ කයිය ගියෙ කුස්සියෙ. දැන් මම ක්ෂණිකව තාත්තා ඉන්න පැත්තට යනවා මී පැටියා වගේ. දැම්මා ටීවී එක....චුට්ට වෙලාවකින්,

-ගියා ඩැඩා ගාවට-



මම - ආ....තාත්තෙ බ්‍රහස්පතින්දා නුවර ගිහින් එන්නං ඈ...

තාත්තා - මොකටද?

මම -  හන්තානෙ නගින්න යනවා

තාත්තා -  කවුද යන්නෙ?

මම -  කැම්පස් එකේ උන්....යන්නං ඈ...

තාත්තා - එල පොට් එක....අම්මගෙන් ඇහුවද?

මම - වෙනදා වගේම එපාලු අප්පා....ඔයාගෙන් අහන්ඩලු. යන්නං ඈ...

ම්හ්........නෝ කතා නෝ සිනා......

මම - යන්නං ඈ..උදේ ගියා හවස ආවනේ

තාත්තා - ම්...හ් ගිහින් එනවකෝ....
මම - එළකිරි සහ හකුරු


මං වෙඩි වගේ දිව්වා කුස්සියට.....ඈ......ඇද්ද තාත්තා යන්ඩ කිව්වා. හූ හූ.....අම්මා බැලුව බැලිල්ලට මාව දැවී අලු වී කරුකුට්ටං වෙලා ගියා. දැන් මෙතන වැඩි වෙලා පේන්ඩ ඉන්ඩ හොද නෑ...ඒක හින්දා මම එතනින් මාරු වෙලා ආවා ටීවී බලන්ඩ.

-මෙන්න මෙහෙම බැලුවෙ-



විනාඩි 10ක් යන්ඩ ඇති පල්ලෙහා ඉදන් ගෑණු කටහඩක් එනවා....

ඒයි.....ඒයි.....


හරි.. වැඩේ මස්තබාල්දු වෙන්ඩයි යන්නෙ.....අම්මගෙන් තාත්තට කෝල් එකක්....තාත්තා නැගිට්ටා.... බැලුවා මං දිහා...ගියා.


ටීවී එකේ සද්දෙ අඩු කරං ඉන්නවා මම දැන් ගෝනා වගේ අහගෙන. නිකන් හීනියට ඇහෙනවා ධර්ම දේශනාවක්....බෙර සද්දෙ විතරයි අඩු.


තාත්තා ආවා උඩට...ආං අහරේ වැලලෙන්ඩ හදනවා... යන්නෙ නෑ කියපං..ගිහින්.


මම - ෂීක්......මොකද්ද අප්පා.....

මමත් ගියා කුස්සියට මාර සේනාවත් එක්ක.... මොනවද තාත්තට කිව්වෙ?

අම්මා - කිව්වෙ යන්ඩ දෙන්න එපා කියලා.. ඇයි?

මම - එව්වනං කොහෙද? තාත්තා මට යන්ඩ කිව්වා....මං යනවා.
අම්මා - උඹ මීට පස්සෙ මගෙන් මොකුත් අහන්ඩ එපා...ඔක්කොම තාත්තගෙන් අහලා කරගනින්..

මම - හා..........නියමයි. ඔයාගෙයි මගෙයි දෙන්නගෙම ලේ ටික ඉතුරුයි. ඒක නෙමේ අම්මෙ මට උදේට බත් එකක් ඕනා...

අම්මා - දෙනවා දෙනවා..... තාත්තට කියලම හදාගන්නවා


මටත් ඉතින් පොඩ්ඩ ඇත්තං මල පයිනවනේ....මම එතනින් එන්ඩ ආවා. අම්මා මට තනියම බයිනවා හෝ ගාලා.....


මේක උනාට පස්සෙ දවසෙත් අම්මා හිටියෙ මාත් එක්ක ඔරොප්පුවෙන්...අද නං යන්තමට තරහා නිවිලා...කොහොමහරි බත් එකක් උයාගන්නත් කැමතිකර ගත්තා....යන්තං ඇති, දැන් හෙට යන්ඩ විතරයි තියෙන්නෙ.

ඔය අවුල දාන්නෙ මගෙම ආරක්ෂාවට කියලා මම දන්නවා (මේ පොඩි එකාට තාම 20 උනා විතරයිනෙ). ඒත් ඉතින් වැඩිපුර ආරක්ෂාව දෙන්න ගිහාමත් හෙනම ඇනයක් වෙනවනේ.ඔය මොනවා උනත් මම තාම හැම දේම වගේ කියන්නෙ අම්මටනෙ.අෆ්ෆා..... ඒ...තාමත් මම ආදරය කරන ලොව එකම කත අම්මා හින්දා කියලයි මටනං හිතෙන්නෙ. 






එහෙනං....අපි යහතින් ගිහින් එනකං ඔයාලා මේක කියෝ කියෝ ඉන්ඩ......ටටා බායි....සීයූ

ආ.... මේ තියෙන්නේ අපේ සෙට් එක කලින් ගිය තැන් (මූණූ පොතෙ රූප ඇල්බම්)
මෙතනින් බලනු මැන 
මෙතනින් බලනු මැන

කොඩිගහ යට ජීවිතේ..

අපි ඇතුගල්පුරය (කුරුණෑගල), ගම්පහ ඕනෑ තරම් කරක්ගසා ඇත්තෙමු. නොදන්නා පාරක්, පොට් එකක් ද නැත. අපහට නොපෑගුන එකදු වැලි කැටයකවත් ඒ නගර වල නොමැති තරම්ය. නමුත් කොළොම්පුරය......ඉස්සර ඉදහිට ආවා ගියාට එතරම් පුරුදුකාරයෝ නොවෙමු. මේ පරිසරයට හැඩ ගැහුනේ  කැම්පස් ඇවිත් බෝඩිමකට සෙට් වූවාට පසුය. මෙහි නියම තත්වය තේරුම් ගන්නට වැඩිකලක් ගතවූයේ නැත. මම කෑ ලනු අනන්තය අප්‍රමාණය. මේ බ්ලොගිය ලියන්නේ කියවන ඔබත් ඒ ලනු නොකෑමට මේ සිද්ධි මතකයේ තබාගැනීමටය. 

පිටකොටුව - මේක කවුරුත් දන්න ස්පොට් එක, ලංකාවේ පදික වෙළෙදුන්ගේ පාරාදීසය. හැම තිස්සෙම කඩිගුලක් ඇවිස්සිලා වගේ එහෙ මෙහෙ දුවන මිනිස්සුන්ගෙන් චුට්ටක්වත් අඩු නෑ. ඕල්කට් මාවත, බෝධිරාජ මාවත ඉදන් 5වන හරස් වීදිය වෙනකනුත්....මල්වත්ත පාර, ගුණසිංහපුර, වේල්ලවීදිය, අලුත්කඩේ, බැස්ටියන් මාවත කියන්නෙත් ගිහාම හොල්මන් වෙලායන ප්ලේස්. මේ තැන් වල වෙළෙන්දො එහෙම හරී....ම අඩුයි. යන්ඩ එන්ඩවත් විදිහක් නෑ ඒ මල පෙරේතයෝ හැම තැනම. හැබැයි ඉතින් තියෙන අරුමෝසම් බඩු දැක්කහම කොච්චර හදිස්සි උනත් ටිකක් නැවතිලා බලලා යන්නම හිතෙනවා.




කඩ පෝලිම


දැන් මම මේ කියන්න යන්නෙ මං කාපු එක ෂෝක් ලනුවක්...අහං ඉන්න....අහගෙන ඉන්න...හොදේ?

දවස නං හරියටම මතකයක් නෑ. කොහොම හරි මේක සිද්ද උනේ ගෙදර ඉදන් බෝඩිමට එන දවසක උදේ. ඔන්න දැන් මම පිටකොටුවෙ අර කඩ වගේ තියෙන ලඩ අස්සෙන් ඇදුම් බෑග් එකත් උස්සගෙන බොහොම අමාරුවෙන් රිංග ගෙන එනවා. ඔහොම එද්දි පිස්සු පහර බෙල්ට් එකක් දැක්කා. ඒක නං පට්ට. ODEL, GLITZ එකේවත් දැක්කෙ නෑ ඒ වගේ එකක්. මටත් ඉතින් ඔය වගේ එකක් දැක්කහම මාර අමාරුයිනෙ. ගිහින් ඇහුවා ගාන.

මම - අයියෙ කොහොමද මේකෙ ගාන?

ලඩයා - 100 යි මහත්තයෝ...ගන්ඩ ගන්ඩ නියම බඩු

ඈ.....මූ මට මහත්තයාලු ඌ කොහෙ බලංද දන්නෙ නෑ කතාකරේ.. කොහොම හරි කමක් නෑ බෙල්ට් එක පට්ටනේ...හැබැයි ඒකේ හිල් විදලා තිබ්බෙ නෑ. 

මම - කෝ අයියේ මේකේ හිල්?
ලඩයා - ආ....මහත්තයට ඕන ගාන පෙන්නන්කෝ මම විදලා දෙන්නං

අනේ ඉතින් මමත් ඕන ගාන පෙන්නලා දුන්න විදපං කියලා.


ලඩයා - මෙන්න මහත්තයා....250ක් දෙන්න.

මම - මොකක්...? ඉස්සෙල්ලා 100යි කිව්වෙ?

ලඩයා - හිල් විදලා 250යි.. නැත්තං 100යි.. මේවගේ හිල් විදලා අනිත් අයට දෙන්න බෑනේ මහත්තයා (බෙල්ට් එක මගෙ බෑග් එකට ඔබන ගමන්)

ඇත්තමයි මට ඒ වෙලාවෙ ආව කේන්තියට ලඩයව ඩොමිනෝස් කරලා දාන්න තිබ්බා. අනේ ඉතින් මමත් බල්ලා වගේ 250ක් දීලා  බෙල්ට් එක අරං ආවා (වෙලාවට සල්ලි තිබ්බා). හිල් විදපු එක ආපහු තියලා එන්නත් බෑනේ...අනික ඌත් එකක් ඕක ගැන තර්ක කරන්න ගියොත් මට රෙදිත් නැතුව තමා එතනින් යන්න වෙන්නෙ.

ඔන්න වැඩේ... පටියට 100යි, හිල් තුනට 150යි....


මේවගේ එකක් ඈ...

යකෝ...මෙහෙම සීන් එකක් දන්නවානං තව කීයක් හරි අතින් දාලා ඊට වැඩිය ලොකු හිලක් බෝඩිමට එක්කං යනවනේ..

මම ඉතින් අර ලඩයාගෙ හත්මුතු පරම්පරාවටම පින් දෙන ගමන් මොරටු බස් ගහන පැත්තට ආවා... 

ඔන්න කොල්ලනේ පිටකොටුවෙන් බෙල්ට් ගද්දි පරිස්සමින් හොදේ..


තවත් මේ වගේම සෙල්ලමක් පළතුරු තට්ටු අස්සේ වෙනවා....මේ සිද්ධිය නං  පිටකොටුවෙන් පළතුරු ගත්තු ඕන කෙනෙක් වගේ  මුහුණදීලා තියෙන සීන් එකක්. මමනං මේකට වැඩිය අහුවෙලා නෑ මොකද මම පළතුරු ගන්නෙ මම අදුරන එකෙක්ගෙන් හින්දා...

ඇපල්, දොඩම් එහෙම හෙන ලස්සනට අහුරලා තියෙනවා පිටකොටුවෙ ඇවිදින ඕන කෙනෙක් දැකලා ඇතිනෙ. 6ක් 100/- කියලා ගහලත් තියෙනවා ලොකූවට...



ඔහොම කිව්වට ගණුදෙනුව සිද්ධ වෙන්නෙ ගෙඩි 6න් 3ක් වත් තට්ටුව යටින් අරං කවරෙට දාලා කියලා ඔහෙලාට මීටර් වෙලා තියෙනවද? තට්ටුව යට තියෙන්නෙ අවුල් ගිය ඒවා, සෑහෙන්න ඩැමේජ්. හැම ලඩයම මෙහෙම නෑ...ඒත් බහුතරය මෙහෙමයි. කලාතුරකින් තමයි එහෙමත් එකෙක් හිටියොත්.


සුපර් මාකට් එකක 50ක් 60ක් වෙන ඇපල් ගෙඩි මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද? මේකට උත්තරේ හම්බුනේ මගෙ අර පළතුරු බොක්කගෙන්.


කන්ටේනර් ගනන් පළතුරු ගේන මුදලාලිලගෙ ගබඩා වලින් හෙන අඩුවට ඩැමේජ් වෙච්ච ඒවා ගෙනල්ලා හොදට හෝදලා අර චූටි ලේබල් ගහලලු තට්ටුව යට තියන් ඉන්නෙ. හොද ඒවා උඩ. පළතුරු ගන්න උන්ට තෝරන්න දෙන්නෙත් නෑ. ලඩයට ඕන ඒවා තමයි අපි කන්න ඕන...

මිදි බිස්නස් එකත් මීට එහා...හුගක් වෙලාවට තරාදියෙ බර පෙන්නන්නෙ වැඩියෙන්ලු. ඒ කියන්නෙ අපි 500ක් ගත්තොත් ඇත්තටම තියෙන්නෙ 400ක් 450ක් විතරලු. මේ සීන් කෝන් එක කිව්වෙත් අර බොක්කම තමා.



මෙහෙම දං කනවට වඩා හොද නැද්ද ටිකක් වැඩියෙන් හරි දීලා සුපර් මාකට් එකකින් හොද නැවුම් පළතුරු කන එක?


කොලොම්පුරේ මේ වගේ කේස් තව ගොඩා....යි.....
  • රෑ කුමාරියෝ
  • ඔරලෝසු
  • මාල වලලු
  • සීඩී
  • ඇදුම්
මේවගෙ සවිස්තරාත්මක විස්තරයක් එක්ක කොඩිගහ යට ජීවිතේ II න් හමුවන තුරු ඔබට ජය ශ්‍රී....

 

Monday, February 6, 2012

කවි ඇස....

කවිය......කවිය කියන්නේ ඕනෑම කෙනෙක්ට සරලව තේරුම් යන විදිහට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. මමත් පෞද්ගලිකවම කවිරස විදින්නෙක් හැබැයි වැඩිය කවි රචනා කරලා නං නෑ. හැබැයි ලියපු අතලොස්සට හොද ප්‍රතිචාර නං ලැබිලා තියෙනවා. 

කවි වලට ආස නිසාම මූණු පොතේ සංහිද පාමුල කියන ගෘප් එකට සෙට් උනා. එකේ පුදුමාකාර කවියෝ, කිවිදියෝ සෙට් එකක් ඉන්නෙ..මාර ලස්සන කවි දාන්නෙ. ඒකෙ ආදරය, බිදුනු පෙම ගැන පලවෙච්ච කවි කීපයක් ඔයාලට රස විදින්න කතෘ අයිතීන් තියලා මෙන්න මෙහෙම පලකරන්න හිතුවා....

 


නුඹ විතරක් හිනාවෙන්න
පුලුවනි මට දුක දරන්න
රත්තරනේ මේ අහන්න
පුලුවන්නම් මගෙම වෙන්න
 
සන්සාරෙම නුඹේ ලගයි
කියලා දවසක කියන්න
පුලුවන් වෙයි ඒ දවසට
කදුලු එන්න හිනාවෙන්න
 
නුඹට කියන අකුරු හතර
හිත ඇතුලෙම තියාගන්න
ඒ අකුරින් නුඹ ගියදා
අකුරු හතර මට ලැබෙන්න
 
ආදරයයි නුඹට දුන්නු
අකුරුහතර ඉගෙන ගන්න
මට හිමිවෙයි නුඹ ගියාම
මලගම මගෙ බලාගන්න
 
අහිතක් නෑ මේ කවිපද
රත්තරනේ මටම දෙන්න
පුලුවන්වෙයි දවසක මට
කවිහිත උගසට තියන්න.....

- Asanka Sandaruwan -



 


ලන්ද කෙලවර මාන පඳුරක
හැංගිලා කඩතොළු වදන්
නෑනෙ තවමත් දෑස මානෙක
රෑන ඉගිලෙන සමනලුන්.......

පින්න මල් අඟ බින්දු තවරන
පින්න නැහැ අහසම අරන්
ඉද්ද මල් ගහ සිල් අරන් මුත්
පොහොය නැහැ සඳ අරන් විත්.......

මන්ද නොදනී බැන්ද පෙම් සඳ
ලන්ද හැරදා නික්මිලා...........
කන්ද පොදිබැඳ බැන්ද සිතුවිලි
හදේ ගැඹුරක තනිවෙලා.......


- Chaminda Pradeep Silva Gunarathne -



කටු පොකුරු දැක දැකම
මල් පොකුරු සිඹින නුඹ
කටු ඇනී හඩන විට
බලා ඉන්නේ කොහොම මම....

නුඹෙ කදුළු විෂ පෙවූ
හිසක් විලස
මගේ හදවත පාරවයි නම්
දරා ගන්නේ කොහොම මම..

නොදන්නා කමට නොව
දැන දැනම ඇද වැටෙන නුඹ
අතැර මග හැර දමා
දිව යන්නේ කොහොම මම

සුමුදු මල් පෙති යටින්
රුදුරු විස කටු ඇතැයි
පුන පුනා කී නමුදු
රිදව ගත් බොළද හිත
තවත් රිදවන්නේ කොහොම

හඩන්නට කදුළැල් නැතත්
අසන්නට සවන් ඇති
ඉදින් කිය කියා හඩනු නුඹ
හිස තියා මේ උරහිස් මතම...

එපමණකි කල හැක්කේ
නුඹ වෙනුවෙන් මෙමට
සමාවෙනු සබද මට..
නුඹ නමින් කදුළු නැත තවත්
මේ නෙත් මත රැදුන...


- Waruni Kodithuwakku - 



සලා නෙත් මිනි මද නිලෙන් ඔපදූ
දුලා තොල් පෙති තද රතක් කැන්දූ
සිනා දසනඟ දිමුතු පෙළ රැන්දූ
සිතා සැනහෙමි හදෙහි රුව ඇන්දූ

මුදා වරලස නෙක හැඩින් බැන්දූ
බලා නුඹෙ ඔය උවන සිසි පැරදූ
සරා සතුවිලි නොනිමි දද රැන්දූ
මරා නොදමමි ප්රේමයක් ඉපදූ......


- Chaminda Pradeep Silva Gunarathne - 




හීන වලට ආසයි මම..
හීනයෙ ඔබ නැතිනම්..

මල් සුවඳට ආසයි මම....
ඔබේ සුවඳ නොදැනේ නම්...

තරු අහසට ආසයි මම...
ඔබෙ නෙතු එහි නොපෙනේ නම්...

පවන් රොදට ආයි මම....
ඔබේ සුසුම් එහි නැති නම්...

පිණි සිසිලට ආසයි මම...
ඔබෙ උණුසුම ලඟ නැති නම්...



- වස්සාන සිහිනය -




ඔයාලත් මේ ගෘප් එකට බැදෙන්න ආස හිතුනා නං මෙන්න ලින්ක් එක,