Saturday, September 8, 2012

ඔහු ජීවිතය වෙනස් කලේය


කතාව මතක් උනේ මේ ඊයේ පෙරේද ජාතිය ඇමතීමට ගිය මොහොතේය. රජා පවුලේ නම හදාගන්නට ගත් ක්‍රියාමාර්ග අතර කෙල්ලන්ගේ කන් වලට රබර්පටි වලින් විදීම ලියන අවස්ථාවය. රජා ඒ වන විට හිටියේ 4 වසරේය. වර්ෂය 2000ය. මං රජා 5 වසරට යනතුරු හිටියේ මිශ්‍ර ඉස්කොලෙකය. ජුන්ඩන් ජුන්ඩන් කෙල්ලන් කොල්ලන් අතරේ රජ පැටියත් ජුන්ඩන් බට්ටෙක්ය. ඒ ජුන්ඩන් බව නිසාම බුට්ටා යන අන්වර්ථ නාමය පහ වසරට යනතෙක් වැටි තිබූ බව පවසන්නේ මහත් අභිමානයෙන්ය. 6 වසරෙන් පසු රජා ගියේ ගින්දර කොල්ලන් පමණක් සිටින පාසලකටය. එහිදී නම ටිකක් වෙනස් විය. බුට්ට -----> පොඩ්ඩි බන්ඩි විය. නම වැටීමට හේතුව නම් දන්නේ ඕක රෙජිස්ටර් කරපු එකාමය. මතකේ හැටියට ඕක දැම්මේ බමුණාය. පොඩ්ඩි බන්ඩි කාලයත් සමග බන්ඩිය හැලී නිකම්ම පොඩ්ඩේ බවට පත් විය. තවමත් ඉස්කෝලේ උන් හදුන්වන්නේ මේ නමින්ය. ගම්පහදී දැක්කත්, බුකියේ දැක්කත් අම්මට උඩු පොඩ්ඩියා නොවරදින්නේය... 

මේ ටික කිවේ මේ නම් ඔක්කොම වැටෙන්නට හා අද මම මේ සිටින තත්වයට එන්නට (බ්ලොග් අවකාසේ නෙමේ සැබෑ ජිවිතයේ) මුලික අඩිතාලමට පදනම් වූ මිනිසෙක් ගැන සදහනක් තැබීමටය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් විය. 4 හා 5 වසර වල රජ පැට්ටාගේ පන්තිභාර ගුරුවරයාය. 

ඒ දින වල අපිට තිබුනේ විද්‍යාව පාඩම් පෙලය. රබර් පටි ගෙනෙන්නට කියා තිබුනේය. හැම ලමෙයෙක්ම වාගේ පාඩමට නියමිත රබර්පටි ගෙනත් තිබුනේය. තියරිය නම් මතක නැත. අර බැලුමක් කම්බියක ගැට ගහලා හුලන් ඇරපුවාම බැලුම කම්බිය දිගේ යන සීන් එකය. ප්‍රැක්ටිකල් එකට කලින් පන්තියේ පාඩම කියා දිය යුතුය. රූප සටහන් තොගයකින් පාඩම කියා දුනි. අපිට පින්තුර ඇදගන්නට අණ කල සර්තුමා පන්තිය වටේට ඇවිදින්නට විය. හිටි ගමන් ආ....ව් ගාන සද්ද ඇසෙන්නට විය. ඒ කෙල්ලන්ගෙනි. අපිත් උන්ට හිනහා වෙමින් පින්තුර ඇන්දෙමු. ප්‍රශ්නාර්ථයක් මතු කරමින් කොල්ලන්ගේ පැත්තෙන්ද ඇ...ව් සද්ද මතුවෙන්නට විය. පුදුමයකට වගේ ඇ...ව් ගානවාත් සමගම වාගේ සර්තුමාත් ඒකා ගාවින් යන්නේය.  රජාට පිටුපසින් වූ පේලි වලින් හඩ මතුවෙන්නට විය. පොඩි රජාගේ හිත කීරි ගැහෙනවත් සමගම උගේ කටින්ද ඇ..ව් සද්දය පිට උනේය. සිද්ධිය පැහැදිලිය. සර් රබර් පටි අරගෙන ලගින් යන ගමන් අයිනේ ඉන්න එකාගේ කන් පෙත්තට විදින්නේය. 

රබර් පටි උන ඉතා වේගයෙන් පන්තිය පුරා පැතිරුනේය. කෙල්ලෙකුට නිදහසේ පන්තියේ ඉන්නට නැත. කන් පෙති දෙක රතු වෙන්නේය. ඇතැම් විට දෙකම රතු වෙන්නේ එකවරය. ඇතැම් විට තනි තනිව රතු වෙන්නේය. ඇතැම් විට එකම පෙත්තය. වැඩි දවසක් ගත උනේ නැත. ඕනෙම නම් දවස් දෙකය. ඉන්ටවල් එක ලැබුණි. 4-C පන්තියේ සියළුම විනීත සුකුමාල පිරිමි ළමා කැල ප්‍රින්සිපල් සර් ගාවට කැඳවා තිබුණි. ඔක්කොම කොල්ලෝ 15ක් ඉන්නට ඇත.  1 සිට 5 වසර දක්වා ඉස්කෝලේ හැම එකාම වගේ බලාගෙන ඉද්දි පිට්ටනිය මැද්දේ අපේ කකුල් හරහා දැවැන්ත වේවැල් පාරවල් ගමන් කරේය. ගෙදර එද්දිත් අළුත් S12 කෝච්චියේ රෙඩ් එඩිෂන් එක වාගේ වේවැල් පාර කකුළේය.

රජා සිස්සත්ත පන්ති ගියේ මේ සර්ගෙ ගෙදරය. හූවයි බල්ටියේ දුරය. සර්ට රජා ගේ  වයසේ ගෑනු දරුවෙක් හා තවත් ගෑල්ලමයි දෙන්නෙක් විය. පන්තියේ හිටියේ කොල්ලෝ දෙන්නෙක් පමණය. ඒ රජ සහ උගේ බොක්කේ ෆිට් එකක් වූ කොල්ලෙක්ය. ටේබල් ටෙනිස් පොටෝවේ දකුණු කෙලවරේ ඉන්නේ ඌය. අද ලාවට චුරු චුරු වැස්සය. අපි හිටියේ සර්ගේ ගෙදරය. දබෝස්...!!! ගා සද්දයක් ඇසුනි. ඉගෙන ගන්න එක පැත්තක දමා අපි එලියට දිව ආවෙමු. කිරි කිරි වැල ගෙඩියක් ගහෙන් පත බෑවිලාය. ඌරන්ට මොන සෞඛයද කිව්වලු. සර් සමග කොල්ලෝ දෙන්නක් වැස්සෙම වැල ගෙඩියේ බාගෙකටම වග කිව්වේලු. 

තරු ගොඩක් මැදි කර ගත් සදක් මෙන් රජා කෙල්ලන් මැද්දට වී අකුරු කළේය. අපරාදේ කියන්නට දෙයක් තිබුනේ නැත. රජා ඇතුළු සෙට් එකම සිස්සත්තේ පාස් විය. සර් ගේ දුව ආනන්ද බාලිකාවට සෙට් විය. රජා යන්නට සිහින මැවු මලියදේවයට යන්නට ලකුණු 5ක් මදි උනේය. රජා ඉන්න ඉස්කෝලෙම තියන්නට අම්මලා තීරණය කළේය. නමුත් සර්තුමා රජාගේ තාත්තාට බැන්නේය. ඔයාලා සල්ලි නැති මිනිස්සු නෙමෙයිනෙ. ඔය ලමයව ගම්පහට දාන්න. මෙහෙ තියල මේ ලමයව ඇට්ටකුනා කරන්න එපා. දීර්ඝ සාකච්චාවකින් පසුව රජා 6 වසරේ සිට බණ්ඩාරණායකයට පිය මැන්නේය. අදටත් මට නායකවරුන්ගේ පුරුකක් වීම ගැන ඇත්තේ මහත් ආඩම්බරයක්ය. 


කාලය සෙමෙන් ගෙවී ගියේය. රජාට ඉස්කෝලේ යන්නම වෑන් එකක් ගත් පියතුමා පසුව එය පාසල් සේවයක් බවට පත් කළේය. දැන් රජා 8 වසරේය. එදා උදේ රජා ගෙදරින් පිටත් විය. වෑන් එකේ යන ගෑල්ලමෙක් ගන්නට වෙලක් අයිනෙන් වූ පාරක් දිගේ අපි ගමන් කළෙමු. ප්‍රධාන පාර පැත්තට වූ නියරේ කලබලයකි. මෝටර් සයිකලයක් හැප්පී තිබුණි. අනතුරු සාමාන්‍ය දෙයකි. ඒ දෙස බලමින්ම අපි පිටත්ව ගියෙමු. දිනය සාමාන්‍ය ලෙසින් ගෙවී ගියේය. පාසැල ඇරී ගෙදර එන අතරමගය. රජාගේ තාත්තලා ඉදි කරන දෙල්වල/මාලදෙනිය සණස ගොඩනැගිල්ල ළඟදී තාත්තා වෑන් එකට අත දැම්මේය. පසුපස ආසනයේ වීදුරුව ලඟට ආ තාත්තා හෙමිහිට මෙසේ පැවසුවේය.

පුතේ..... සර් හැප්පිලා. හොඳටම අමරුයි.
කකුල් හොඳටම කැඩිලා
සුසුම්නාවත් කැඩිලලු... බේරගන්න බැරි වෙයි.


මාගේ පපුව ගිනි ගෙන දැවුනි. මොනවා කියන්නද දන්නේ නැත. මම මොකුත් කිව්වේද නැත. නමුත් මම මෙසේ ඇසුවෙමි.

කොහෙදිද? කවද්ද?
අද උදේ... ඔයාල යනවත් එක්කම මට මිස් කතා කලා. අලව් හන්දියේදී වෙලා තියෙන්නේ.
එතකොට අපි දැක්කේ සර්වද??
වෙන්න ඇති පුතේ. ඔයාලා යන්න ටිකකට කලින් තමා හැප්පිලා තියෙන්නේ.
අපි ගිහින් වෙළෙන් උඩට ගත්තා. ඒ වෙනකොටත් මැරිලා වගේ තමා හිටියේ. කලුල් එහෙම ගන්නම දෙයක් නෑ.

සර් ගේ දුවව කොළඹ යන ස්කුල් වෑන් එකට ගෙනත් දාන්න සර් ගිරිඋල්ලට ගොස් ඇත. ආපසු එමින් සිටියදී දැන් රජයේ ඇමතියෙකුගේ නිල රථයක ඔහු හැප්පී තිබුනේය. සිද්ධියෙන් වැඩියෙන්ම කම්පනයට පත් වී තිබුනේ රජාගේ වයසේ දුවය. ඇයව ගෙනිහින් දමන්නට ගොස් මේ අනතුර සිදු උනා යන හැගීමෙන් ඇය සිටියාය. ඇයව සනසන්නට නොගත් උත්සහයක් නැත. ඇගේ වියදම් හා තවත් ගෑල්ලමයි දෙදෙනෙකුගේ වියදම් දරාගන්නට නොහැකි වූ සර් ගේ බිරිද ඇයව ආනන්දයෙන් අස්කර ගම්පහ රත්නාවලියට දැම්මාය. රජාගේ තාත්තා ඇයව නොමිලේ වෑන් එකේ එක්කගෙන යාමට කැමැත්ත පල කලද මිස්තුමියගේ දැඩි ඉල්ලීම මත සුළු මුදලක් ගත්තේය. 


මේ තාක් කාලයකට මලගෙදරකදී මගේ ඇහැට කදුලක් ඉනු එකම දවස අපේ සර් ගේ මලගෙදර දවසය. මිස් අඩන හැටි, සර්ගෙ දුවලා අඩන හැටි, මට තවමත් මතක් වෙන්නේය. මාගේ මව්තුමිය පවසන පරිදි සර් මිය යන විට හැද සිට ඇත්තේ අවුරුද්දට මං රජා ඔහුට තෑගි දුන් ෂර්ට් එකය. ඔහු මගේ ජීවිතය වෙනස් කළේය. ඉගෙනීමේ අවස්ථා පුළුල් කළේය. අවසානයේ නොසිතු ලෙස අප හැර ගියේය. 

"ජීවිතයක් වෙනස් කරන්නට ගැහැනියක්ම අවශ්‍ය වන්නේ නැත. මතකය මදක් පසුපසට ධාවනය කර බලන්න. අම්මා තාත්තා හැරුණු කොට ඔබේ ජීවිත වෙනස් කල, නව මානයකට යොමු කල, ඔබට අමතක වූ කවුරුන් හෝ ඔබට හමුවේවි. සදා මතකයේ රැදෙන්නට." 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

108 comments:

  1. නියම ගුරුවරයෙක් ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් යන්න ඕනි මිනිස්සු ඉතුරු වෙද්දි, ඉන්න ඕනි මින්ස්සු කලින්ම යනවා...................

      Delete
    2. //ලෝකෙන් යන්න ඕනි මිනිස්සු ඉතුරු වෙද්දි, ඉන්න ඕනි මින්ස්සු කලින්ම යනවා//
      සහතික ඇත්ත අමා!

      Delete
  2. සතුටුදායක ආරම්භයක්, දුක්බර අවසානයක්. ඔහොම තමයි බං ජීවිතේ. මොනව කරන්නද?

    ReplyDelete
  3. ජිවිතයක් වෙනස් කරන්න ගෑනුම ඉන්න ඕන නෑ. අම්ම ඇරුනාම මගේ ජීවිතෙත් වෙනස් කරපු දෙතුන් දෙනෙක්ම මතක් උනා :)

    ReplyDelete
    Replies
    1. අපිටත් කිව්වනං බලන්න :)

      Delete
  4. මට මගේ ජීවිතේ දී ගොඩක්ම හම්බවුනේ ගුරු හොරු. ගුරුවරු හම්බවුනා නම්, ඒ අතලොස්සක් විතරයි.

    ReplyDelete
    Replies
    1. උඹ සංවේදී පෝස්ට් ලියනවා වැඩියි වගේ මේ ටිකේ..

      Delete
    2. මේ ටිකේ ලිව්වේ ජීවන අත්දැකීම් ටිකක්නේ බං :)

      Delete
  5. හ්ම්ම්ම් මුලින් හිනා උනා මේක කියවමින් අන්තිමට දුක හිතුනා

    ReplyDelete
  6. Sir ta naya gewanna ona nam sir ge duwawa bandapan...duwa awul nam duwage nangi kenek bandat waraddak naa...

    ReplyDelete
    Replies
    1. ඒක හරි නෑනේ බං :)

      Delete
    2. anee pala ..eka tama hondama widiha ...mama umbe campus eke...hambetcha welawaka hota terum karala dennamm

      Delete
    3. හාකෝ එහෙනං :)

      Delete
  7. ගොඩක් නැතත් යම් තරමකට හරි එහෙම ජීවිතය වෙනස් කරපු අය ඉන්නවා
    රජාගේ පෝස්ට් එකක පලවෙනි පාරට අද දුක හිතුනා

    ReplyDelete
    Replies
    1. හෑ???

      එතකොට උඹට මම කාපු බූට් එකට දුක නෑ.. :)
      http://harshana-bc.blogspot.com/2012/01/blog-post.html

      ඇස් දෙක ගැන දුක නෑ... :)
      http://harshana-bc.blogspot.com/2012/08/blog-post_29.html

      Delete
    2. මෙන්න තව එකක්...

      http://harshana-bc.blogspot.com/2012/04/blog-post_06.html

      Delete
  8. ගුරුවරු තමයි ගුරුවරු.මගෙ ජීවිතෙත් වෙනස් කරන්ඩ හේතුවෙච්ච සාධක අතරේ ලොකුම සාධකයක් තමයි හොඳ ගුරුවරු

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. හොද ගුරුවරු!

      මේ ඉන්නේ මට කෙලවන්න ආපු වෛරක්කාර ගුරුවරු - http://harshana-bc.blogspot.com/2012/04/blog-post_06.html

      Delete
  9. දුක හිතෙන කතාවක්. :(

    ReplyDelete
  10. කියවාගෙන එද්දි මූඩ් එක ක්‍රමයෙන් වෙනස් උනා. ඉර බැහැලා ගියා වගේ!!

    ReplyDelete
    Replies
    1. එහෙම විශේෂයක් කරලා ලිව්වේ නෑ බං... හිතට ආපු ටික කොටාගෙන කොටාගෙන ගියා :)

      Delete
  11. මට නම් ගොඩක්ම හිටියෙ ගුරු හොරු.මේ වගෙ ගුරුවරු ලබන්න ඔයා පින් කරලා රජ මල්ලි,අද කාලෙ කොල්ලන්ට මුල මතක නෑ.ඒ අතින් ඔයා හොද රජෙක්!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම නපුරු ගුරුවරුත් මට නොහිටියෙත් නෑ :(

      Delete
  12. වෙනස් විදියක පෝස්ට් එකක්..

    ReplyDelete
  13. සර්ගේ දුවලා අඩද්දි නම් අප්සට් ඇති

    ReplyDelete
    Replies
    1. සික්... කිව්ව කතාව

      ඒ කාලේ මම බබා යකෝව් :)

      Delete
  14. ඇත්ත මචං ඇත්ත....

    ReplyDelete
  15. උබෙන් දැක්ක හොදම පොස්ටුවක් ..මල්ලි විශිෂ්ටයි!!!

    ReplyDelete
  16. මම අද උඹේ තවත් පැත්තක් දැක්කාරජ තුමනි. ගුරු තුමාගෙ අභාවය ගැන දුක් වෙන අතරෙම උඹේ ගුරු ගෞරවය ගැන මට හරිම සතු‍ටුයි බං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපිටත් ගුරු භක්තිය වගේ එකක් තියනවලු සර් :)

      Delete
  17. අනේ ඒ සර්ට පින් සිද්දවෙන්න රජාගේ අඩවියේ හොද ලිපියක් දැක්ක...

    ReplyDelete
    Replies
    1. අඩෝ මේක එච්චර හොදයිද බං? :0

      Delete
  18. උඹ අනිත් රජවරු වගේ නෙමේ නේද ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද.....?? අපි වෙනස් ;)

      Delete
  19. උබට සංවේදී හදවතක් තියනවා නේද බං

    ReplyDelete
  20. නියම ගුරුවරයෙක් !

    ReplyDelete
  21. ගොඩාක් දුක හිතුනා රජෝ.. ගුරුවරයෙක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් කරන්න පුළුවන් අයෙක්. අඩවියෙන් දැක්ක වෙනස් විදියේ පොස්ටුවක්..

    ReplyDelete
    Replies
    1. මේක එච්චරටම වෙනස්ද ඈ? :)

      Delete
  22. "මතකය මදක් පසුපසට ධාවනය කර බලන්න. අම්මා තාත්තා හැරුණු කොට ඔබේ ජීවිත වෙනස් කල, නව මානයකට යොමු කල, ඔබට අමතක වූ කවුරුන් හෝ ඔබට හමුවේවි. සදා මතකයේ රැදෙන්නට."

    මේක නම් ඇත්ත රජෝ අපි ඉපදුනු වෙලාවෙ අපේ පිටට තට්ටු කරලා,අපිට ඉස්සෙල්ලම හුස්ම ටික දුන්නු කෙනෙක් පවා ජීවිතේ ඉන්නවා.

    ..මෙහෙම ගුරුවරු වාසනාවන්..

    ජය ශ්‍රී!!!

    ReplyDelete
    Replies
    1. හුම් හුම් හුම්ම්ම්...

      රාජ සම්පත!!!

      Delete
  23. රජාගෙ අලුත් වෙනස හොදයි....
    අමතක කරන්න එපා මල්ලි බ්ලොග් ලෝකයෙත් නායකන්ස් ලා කීප දෙනෙක්ම ඉන්නවා කියලා... ජය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...

      Proud to be a NAYAKEN

      NAYAKENZ for Ever!!!

      Go BC Go!!!

      BC Power :D

      Delete
  24. jiwithaya jaya ganna udaw dun ayawa mathaka thiyana ekath godak watina deyak..

    ReplyDelete
  25. රජා වෙනස් වීගෙන එනව වගේ......
    .....හොදයි හොදයි එහෙම තමා පරිණත වෙන කොට

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.... මාව හදන්න එච්චර ලේසි නෑ :)

      Delete
  26. මේ වගේ ගුරුවරු ලබන්න වාසනාවන්ත වෙන්න ඕනෙ. ගුරුවරු දෙවිවරු වගේය කියලා කිව්වේ ඉස්සර. දැන් ඉන්න හැම ගුරුවරයෙක්ම මෙහෙම නෑ.

    ReplyDelete
  27. ලස්සන post එකක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තැන්ක්ස් රෝසියෝ :)

      Delete
  28. ලෝකෙට යමක් කරපු මිනිස්සු ඉක්මනට අපි අතරින් ඈත් වෙනවා. එකට ලේසියෙන්ම දෙන්න පුළුවන් වචන දෙකේ අර්ථකථනය...
    "අපි පවුකාරයි....."

    ReplyDelete
    Replies
    1. සිරාවටම... අන්න වචනේ :)

      Delete
  29. අම්මප හොද මිනිස්සුන් වැඩිය මෙහෙ තියා ගන්නේ නෑ ඉක්මනට මෙහෙන් ගෙනියනවා.ගුරුවරු තාමා බං අපේ දෙවිවරු....:)
    ඔය අතරේ හොරුත් ඉන්නවා එත් දෙවිවරුන්ගේ ඇසුර ලබන්න ළමයිනුත් පින්කරලා තියෙන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. මම එක හොරෙක් ගැන කිව්වා.. මතකද දන්නේ නෑ උඹලට

      http://harshana-bc.blogspot.com/2012/04/blog-post_06.html

      Delete
  30. මටත් මචං සර් කෙනෙක් ගැන ඔහොම අත්දැකීමක් තියනවා...මම අද මෙතන ඉන්නේ ඒ සර් නිසා..පන්සලකට ගියත් අනිවා මචං මම ඒ සර්ට තාම පින් දෙනවා....

    ReplyDelete
    Replies
    1. උඹ එල කොල්ලෙක් නාඩියා!

      Delete
  31. තනි ඇහැට නොව ඇස් 2 කටම ඇඩෙනවා... ඕය්

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම අඩමු බං :)

      Delete
  32. ගුරුවරු ගැන මාත් ලිවුවා.. මේ වගේ මහත්මා ගුරුවරු අපි ජීවිත වලට ටික කාලෙකට හරි ලං උන එක කොච්චර දෙයක්ද.. දුක හිතුන කතාවක් මලයා..

    ReplyDelete
    Replies
    1. ඒ හුගක් ඒවා මම කියෙව්වා... සිරාවට බං අයියේ

      Delete
  33. හ්ම්ම්..කැමතියි මේ යන විදිහට..හොඳ පෝස්ට් එකක්..
    ලියම්දෝ නොලියම්දෝ කියල එකක් හිතෙනවා..වෙන විදිහකටම කියන එක හොඳයි වගේ..:)

    කොහොම උනත් ජයෙන් ජය රජ! :)

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහ වැඩි කල් යන්නේ නෑ... බලන්ඩකෝ ඊලග පෝස්ටුව ;)

      Delete
  34. මේකට කියන්න දෙයක් හිතා ගන්න බෑ බන්.සිරාවට අවුල්.සමාවෙන්න * තියල යනවා

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්න එපා බං..

      Delete
  35. රජා සම්භාව්‍ය වේගන එනව වගේ..හ්ම්..හ්ම්..!
    ඔව් ජීවිතයේ..වෙනස් වීම් තීරනාත්මක වෙන අවස්තාවලට....සම්භන්ධවෙන ඈයො...!
    අපේ දමව්පියන්ම නොවෙන්න පුලුවන්...ගෑනුලමයෙක් නොවෙන්න පුලුවන්(බූට් කාල) ඒක හිතාගනන බෑ..හැමෝටම එකවගේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මම???? සම්භාව්‍ය????

      අනේ අම්බෝ... නෑ :)

      Delete
  36. ඇත්තම කියනවනම් රජෝ මටත් ඇඬුනා මෙහෙම අවසානයක් නම් බලාපොරොත්තු උනෙ නෑ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතින් :(

      Delete
  37. සහතික ඇත්ත කතාවක් මචං... තව එකක් තමයි ගොඩාක් හොඳ මිනිස්සු මේ ලෝකෙන් යන්නේ ගොඩාක් ඉක්මනට... මට ශිෂ්‍යත්වයට උගන්නපු කමලා ටීචව මතක් වුනා... එයා නොහිටින්න මම කොහෙ ඉඳියිද මංදා... උසස් පෙලට එද්දි හිටිය කමල් කාන්ති මිස් තමා අනිත් කෙනා එයා නොහිටින්න මම අද බෝක්කු ගානේ ඉන්න එකෙක්... මගේ ජීවිතේට අරමුණක් දුන්නේ ඒ මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.....

      ඒ මිනිස්සුන්ව මතක එක කොච්චර දෙයක්ද බං

      Delete
  38. මේවගේ ගුරුවරු අහම්බෙන් හම්බවෙලා ඉක්මනින් සමුගන්නවා. ඒක ලෝකයේ ස්වභාවය ද මංදා. හමුවිම් සහ සමුගැනීම්වල ඉතිරිවන්නේ සදාකාලික මතකයන් විතරයි.

    ReplyDelete
  39. "ජීවිතයක් වෙනස් කරන්නට ගැහැනියක්ම අවශ්‍ය වන්නේ නැත. මතකය මදක් පසුපසට ධාවනය කර බලන්න. අම්මා තාත්තා හැරුණු කොට ඔබේ ජීවිත වෙනස් කල, නව මානයකට යොමු කල, ඔබට අමතක වූ කවුරුන් හෝ ඔබට හමුවේවි. සදා මතකයේ රැදෙන්නට."



    මේ කතාවනම් හරියට හරි රජෝ.....මගෙ ජීවිතයටත් ඔය වගේ අද්දැකීමක් තියෙය්

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගිහාම හැමෝටම කවුරුහරි ඉන්නවා නේ බං.. :)

      Delete
  40. රජාගෙන් සංවේදී කතාවක් ඇහුවමයි. සිරාවටම රජෝ හිතම කීන් ගාන කතාවක්. මේවගේ මිනිස්සු ඉන්නේ අතලොස්සයි. ගොඩක් ඉන්නේ ගුරුමුෂ්ටිය තියාගෙන ඉරිසියාවෙන් පැලෙන ගුරුවරු මචන්

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත බං... ගුරුමුට්ටි නෙමේ ඒවා හැලි :)

      Delete
  41. හප්පා............ඇඩෙනවා..

    ReplyDelete
  42. අපේ ජීවිත වෙනස් කරන මේ වගේ ගුරුවරුන්ට ඇත්තටම රාජ සම්පත් ලැබෙන්න ඕන.

    ReplyDelete
  43. ohoma guruwaru tamai me rtata oni...karumeta nattet a aya tamai...atalossak innawa et madi..
    Good post..

    ReplyDelete
  44. උබේ බ්ලොග් එකේ වෙනස් විදිහක පෝස්ට් එකක් තියෙනව දැක්කමයි ........... ලියල තියෙන ශෛලියත් මරු දිගටම ඒ වගේ වෙනවනම් තවත් මරු......... (පමාවට කමාව)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් හැමදාම දුක හිතෙන කතා ලියන්න වෙයි :)

      Delete
  45. සංවේදී සටහනක් . රජවරුන්ටත් හිතක් පපුවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. හිත කෙසේ වෙතත් පපුවක් නං තියනවා :)

      Delete
  46. ඇත්තමයි රජෝ ඇහැටත් ජුන්ඩක් ජුන්ඩක් කඳුළු උනනකොට මේ කථාව කියනව අතරේ පපුව ගොඩක් ගැහුනා. ඇත්ත කථාවක් රජෝ. මේ කථාව කියවනකොට මගේ මතකයත් ඒ අස්සෙක් ඈතට අරගෙන ගියා... ගොඩත් සංවේදී හැමදාම වගේ රජාගේ ලිපියක් එනකන් මග බලාගෙන ඉන්න කෙනෙක් මම රජෝ. ඇත්තටම වයසෙන් මට වඩා රජා බාල උනත් මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...
    සුභ අනාගතයක් රජෝ

    ReplyDelete
  47. මම හිතන්නේ උඹ මාව වැරදියට තේරුම් අරන් .අවුල් කිව්වේ මේක ඇතුලේ තියන සිද්දියට හිත අවුල් ගියා කියන එක මිසක් පොස්ට් එක අවුල් කියන එක නෙවෙයි. :(

    ReplyDelete
  48. හ්ම්ම්ම්... අම්ම තාත්ත ඇරුණු කොට පනුච්චිගේ ජීවිතෙත් එහෙම තුන හතර දෙනෙක් ඉන්නවා...
    හොඳටම දැනෙන්න ලියල තියෙන පොස්ට් එකක් රජෝ...

    ReplyDelete
  49. Useful information ..I am very happy to read this article..thanks for giving us this useful information. Fantastic walk-through. I appreciate this post.personalised teddy bear

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)