Saturday, March 31, 2012

The Architect - රූප කතාව (තෙවන දිගහැරුම)

කට්ටිය (ගැමියා , මඩිස්සලේ නිශාන්) කිව්වා වගේම ඔන්න අංක දාලාම ගෙනාවා තුන්වෙනි කෑල්ල. අංක වැඩේ ලේසියි තමා...මටත් ආපහු බලද්දි තමා මීටර් උනේ. එකයි දෙකයි මිස් උනානං ඒකත් බලලම එන්ඩකෝ.


ගිය සතියෙ කතාවෙදි අන්තිමට ඔලෑෆුයි එරිකයි පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙන අතරෙ, ස්මිත් හොරු අල්ලන්න හැදුවනේ

අද එතැන් සිට.....














මතු සම්බන්ධයි....

වැඩේ මාට්ටු වෙයිද? ඔලෑෆ්ව එලවයිද?
හමුවෙමු ලබන සතියෙත් තවත් රසබර කොටසකින්


Thursday, March 29, 2012

පශ්චාත් විනාශකාරී ජම්බුවා (තවත් එක් ඉස්කෝල කතාවක්)


නිකන් ඉන්න කොට ඉස්කෝලෙදි වෙච්ච දේවල් සැරටම මතක් වෙනවා. තාම ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙලා වැඩි කාලයක් ගියෙත් නෑනෙ. රජතුමා ගියෙ මොන ඉස්කෝලෙටද කියලා මතක් වන විට ඔබව පෝස්ටුවෙන් පස්සෙ දැනගත්තනෙ. මේ සිද්දිය උනේ රජ, කුමාරයා කාලේ ඒ කියන්නෙ 8 වසරෙදි විතර,

 
අපිට සමාජ අධ්‍යනය හා ඉතිහාසය උගන්නන්න හිටියා නහය ලොකුම ලොකු සර් කෙනෙක්. ඇත්තම කිව්වොත් මට එතුමාගෙ නම නං මතකම නෑ. අපි හුරතලේට කියන නම නං මතකයි. පිනි ජම්බුවා...වෙලාවකට පිනි හැලිලා නිකම්ම ජම්බුවා... තවත් වෙලාවකට පුකමරුවා. මෙතුමාට පුකමරුවා කියන්න එකම හේතුව තමයි වැරුද්දක් කරලා අහුඋනොත් ගහන්නෙම පස්සට. ඒකත් ගහන්නෙ අත දිගඇරලා අල්ල වකුටු කරලා. ෂොට් එක වැදුන ගමන් ඉතින් ආයෙ හෙන ගැහුවා වගේ පටොං!!!! ගානවා. එච්චරම රිදෙන්නෙත් නෑ... නැත්තෙමත් නෑ...අනිවා ඉතින් එකෙක් ගුටි කනකොට පන්ති දෙක තුනක උන්ගෙ කටවල් වලට පොඩී හිනාවක් එනවමයි.


 
ඒ කාලේ ජම්බු සර් තමයි අපේ අංශභාරව හිටියෙ. මෙතුමාට නායකත්වය පිළිබද පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ප්‍රශ්නයක් කිව්වට ප්‍රශ්නයකමත් නෙමේ නිකන් නායකත්ව මේනියාවක් වගේ එකක්. මොකද කියනවනං එක පන්තියක් ගත්තොත්  පන්තියෙන් බාගයක් විතර නායකයෝ.

 
මේ තියෙන්නෙ නායක පට්ටං ටික,

  • විනය නායක: පන්තියට ගුරුවරයා පැමිණෙන තුරු පන්තිය නිශ්ශබ්දව තබා ගත යුතුයි 

  • කලු ලෑල්ලේ නායක: මෙතුමා දෙන පැවරුම්,රූප සටහන්  නිවැරදිව කලු ලෑල්ලේ ලිවිය යුතුයි

  • කණ්ඩායම් නායක: පන්තිය කණ්ඩායම් පහකට බෙදා තිබූ අතර එම කණ්ඩායමේ නායකයාය.

  • ළකුණු දැමීමේ නායක: මෙතුමා දෙන ඇගයීම් වල ලකුණු නිවැරදිව ඇගයීම් පොතේ සටහන් කල යුතුයි

  • කුණු නායක: පන්තිය සෑම විටම පිරිසිදුව තබා ගත යුතුයි.

  • පහන තැබීමේ නායක: සෑම උදෑසනකම අනිවාර්යයෙන්ම පහන තැබීම කල යුතුයි

  • පන්ති නායක: නමට විතරයිද මන්දා

  • පන්ති උප නායක: ඇති වැඩක් නැත. හිටියත් නෑ වගේ
 
මං රජතුමාටත් පට්ටං දෙකක්ම හම්බෙලා තිබුනා. එකක් තමා පහන තැබීමේ නායක. අනික කලු ලෑල්ලේ නායක. මේ ලෑලි පට්ටම දෙන්නෙ පන්තියෙ ලස්සනටම අකුරු ලියන එකාට. මගෙ අකුරු ලස්සනයිලුනේ. සර් අපේ පන්තියට ඇවිත් ලෑලි පට්ටම දෙන්න අහනකොට අපේ පන්තියෙ උන් වැඩේ දෙල් කලානේ... එකෙක් ඉදගෙන සර් සර් මේ රජතුමාගෙ අකුරු මාර ලස්සනයි කියපි.

 
හරි!! ඒ පට්ටමත් මට.. දැන් ඉතින් කරපන්කෝ. මේක ලේසි පහසු කර්තව්‍යක් නෙමේ. පිස්සු හැදෙනවා.. හුණු නාගෙන ලියන්නත් ඕනා හරියටම අකුරු ටික තියෙන්න ඕනා. මේ මගුල් පට්ටම හින්දා මට ඒ කාලේ පීනසේ වගෙත් තිබ්බා. ඇයි ඒ මදිවට සර්තුමාගේ අකුරු...හාපෝ!!! ඒවා හොයන්න පරණවිතාන මහත්තයා ගෙන්නන්න ඕනා.

ඔන්න දවසක් සමාජ අධ්‍යනය පීරියඩ් එකවෙලාවක්...ජම්බුතුමා ආවා පන්තියට ටිකක් වෙලා පාඩම ගැන පොඩි හැදින්වීමක් කලා. ඊට පස්සෙ..

රජතුමෝ මෙන්න මේ ආසියානු සිතියම බෝඩ් එකේ ඇදලා මේ විස්තර ටික ලියලා දානවා මම ඔෆිස් එකට ගිහින් එනකං...

හරි සර්..

 
මම පන දාගෙන සිතියම නං ඇන්දා කොලිටියටම, ඒත් මට කොලිටියට පෙනුන සිතියම සර්ට පෙනිලා තියෙන්නෙ රුවිතෙට.මම ඔක්කොම ඇදලා කරලා ඉවර වෙලා ඒ ටික මගේ පොතේ ලිය ලිය ඉද්දි සර් ආවා...


මොකද්ද ඕයි මේ ඇදලා තියෙන්නෙ? බලනවා ලංකාවයි ඉන්දියාවයි ඇදලා තියෙන කැත... නිකන් එළදෙනක්ගේ තනේකින් කිරි බිංදුවක් වැටෙනවා වගේ මෙහෙමද සිතියමක් අදින්නෙ?

 
කෝ මේ කලු ලෑල්ලේ නායක? මෙහෙට එනවා...මෙහෙට එනවා..
හරි රජතුමාට සම්මා සම්බුදු සරණයි!! මම දැන් ගුටි කන්න යන්නෙ කියලා මට හොදටම ෂුවර්. තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් පස්සට අධිපති දෙයියෝ (පල්ගස් යට දෙයියෝ) සිහිකරගෙන මමත් ගියා සර් ගාවට..

ගිය ගමන් මොකද උනේ කියලා මට තාම නිච්චියක් නෑ...ඒත් එක පාරට මාව ගුරු මේසේ දිහාට ඇදිලා ගියා මතකයි...ඒත් එක්කම පටාස් පටාස්!!! ගාලා සද්දයක් ආවා. මට රිදුනෙ නෑ...හිරිවැටුනා විතරයි. ගුටි කාලා ඇවිත් පන්තියෙ ඉදගෙන ඉද්දි තමයි ගුටියේ අතුරු ආබාධ එන්ඩ ගත්තෙ. අම්බෝ....නිකන් පුකට කටු අයිනවා වගේ, ඉන්ඩ බෑ. මතක් වෙද්දිත් නිකන් පුක නෑ නෑ වගේ.





එදා ඉදන් මේ පිනි ජම්බුවාව මට පෙන්නන්න බැරි සත්වයෙක් උනා.. මේ යකා තාමත් ඉස්කෝලෙ ඉන්නවා නොවැ...මීට් එක බලන්න ගිය වෙලාවෙ දැක්කෙ. මම කෝකටත් ටිකක් ඇතින් හිටියා. එදා දෙයියොන්ටත් මාව බේරගන්න බැරිඋනානං අද කවර කතාද?

 
ප/ලි:
  • පුක යනු කුණුහරපයක් නොවන වග බ්ලොග් අවකාශයේ ඔප්පු කොට ඇති හෙයින් කිසිදු ලැජ්ජාවකින් තොරව පුක ප්‍රසිද්ධියේ භාවිතා කලෙමි. 

  • මෙම පෝස්ටුව ජම්බුතුමාට අපහාස කිරීමක් නොවේ.

Saturday, March 24, 2012

The Architect - රූප කතාව (දෙවන දිගහැරුම)

ඔන්න අද තමා අපේ රූප කතාවෙ දෙවන දිගහැරුම. බ්ලොග් එකේ මූණත් සම්පූර්ණයෙන් කනපිට ගහල තියෙන්නෙ ඕං. 

පළවෙනි කොටසෙදි වෙච්ච දේ කට්ටියට මතකද දන්නෙ නෑ...

මතක නැත්තං ඕං බලාගන්ඩකෝ...
මතක කස්ටිය ඉන්නව නං ඒත් බලන්ඩකෝ...
බෑ වගේ නං  ඒත් බලන්ඩ...


මෙච්චර දවසක් එරිකා නැතුව පාළුවෙන් හිටපු ස්මිත්, එරිකත් එක්ක පොඩි ෆන් එකක් ගන්න අතරතුර හෙනහුරෙක් කඩන් පාත්උනානෙ ගිය සතියෙ කතාවෙ අන්තිමට

අද එතැන් සිට.....












මතු සම්බන්ධයි....
හමුවෙමු ලබන සතියෙත් තවත් රසබර කොටසකින්
 

Tuesday, March 20, 2012

ඤාව්වන්ගේ පැටිකිරිය

පූසන් ගැන ලිවීමට මට හේතු කරන බොහෝ ඇත. ඒ මම උන්ට ආසා නිසා නොවේ. මමද කාලයක් පුසියකට පෙම් බැන්දෙමි. කෙල්ලන් මේ තරමට පූසන්ට කැමති බව දැනගත්තේ එවිටය. මේ කාලය තුල අපේ අම්මා නිවසට තවත් පූසියක් කැන්දන් එන්නීය. ඒ දින වල මම මගේ දඩෝරි බල්ලා සමග පූසිට ඇටෑක් කලේ සෙල්ලමටය. ඒත් දැන් නම් මට පූසන් පෙන්නන්නට බැරිය. මන්ද මම පෙම් කල පුසිය මට කෙලවා පිටගියාය. දැන් මම පූසාට ගහන්නේ පයින්ය. ඒත් ඌ එන්නේම මා ලගටමය.
(*පූසිය හා *පුසිය වෙන්කර හදුනාගැනීමට කාරුණිකවන්න) 




නිධාන කතාව අවසන්.....

විශ්වාස හා ඇදහිලි,

පැරණි ඊජිප්තු වැසියන් චිත්‍ර වල පුසාන් ද තිබෙන්නේ මීට වසර 3600කටත් පෙර
වන්නේය. ඔවුන්ට පුසන් වන්දනීය සත්ව කොට්ටාශයක් විය. ඔවුන් බස්ටට් නම් බළල් දෙවියෙකුට වැදුම් පිදුම් කළහ. අතීත ජපන් වැසියන්ටද පුසා වාසනාවේ සංකේතක් විය.ඇතැම් කතුවරුන් පවසන්නේ මොහම්මඩ් නබි තුමා සතුව  සතුව මුඑසා නම් ඔහු ආසම පුසෙක් සිටි බව‍ය.



විශේෂ ලක්ෂණ,

හද නැගීම, පුරු පුරු ගෑම, පිඹිම, ගෙරවීම පුසන්ගේ කතාකිරීමේ අවස්ථාලු, බුදියගන්න වැඩි කාලයක් ගතකරන අතර අන්න එතකොට පුසන්ට අවශ්‍ය ශක්තිය ලැබීමත් වර්දනයත් ලැබෙන්නේලු, වැඩි වශයෙන් ක්‍රියාශීලි වෙන්නේ රාත්‍රී කාලයේදීලු


ශරීර ස්වභාවය,

පූසා ශරීරයෙන් කුඩාය සිරුර ඉතා ශක්තිමත් හා නම්‍යශීලී වේලු. පුසා පූසියට වඩා
විශාල වෙන අතර පූසන්ගේ මුහුණ ඉතා වියලිය. උස සෙන්ටිමීටර් 23-25 අතරද දිග 40-46 අතර වෙඉ. එලියට අරන් අපහු දාගන්න පුළුවන් චූටි වක් වූ නියපොතු පුසන්ට ඇත්තෙලු.



පෙනීමේ හැකියාව
,

පූසන්ට රැට හොඳ පෙනීමක් ඇත්තෙලු. පාට හඳුනාගැනීම අතින් පූසන් එතරම් දක්ෂ නොවන්නේලු. දිගටි කලු ඉංගිරියාවක් ඇත්තේලු. එමගින් ආලෝකය පරාවර්තනය කල හැක්කේලු.


 


ඇසීමේ හැකියාව

පූසන්ගේ ඇසීමේ හැකියාව ප්‍රබල වන්නේලු. එය හර්ට්ස්
45-64000 දක්වා විහිදෙන්නේලු. එත් තම එදිනෙදා දඩයම් කටයුතු වලදී එය භාවිත කරි ඉතා සියුම් ශබ්දයට පවා සංවේදී වන පූසාට උපකාරී වෙන්නේ තරමක් විශාල, සෙලවිය හැකි කන් දෙකක්ලු.

ගඳ සුවඳ දැනීම,


ඉතා සියුම් ගඳ සුවඳ හඳුනා ගැනීමට හැඩ ගැසුණු නාසයක් පුසන්ට ඇත්තෙලු. උන් තම
මුත්‍රා ගස් හා වෙනත් ස්ථාන වලට විද තම ජීවත් වෙන ප්‍රදේශ සලකුණු කරන්නේලු. ඉව දැනීම හෙවත් සංවේදනය සඳහා සෙලවිය හැකි දුසිමකට වඩා වැඩි රැවුල් ගස් මුහුණේ ඇත්තෙලු. මේ රැවුල් අවට වාතයේ සංඥා දැන ගැනීමෙන් අනතුරු වලින් බේරීමේ හැකියාව පූසන්ට ඇත්තෙලු.



මා දන්නා තරමින් කෙල්ලන් පූසන්ගේ මේ රෝස පාට හොම්බ අතගෑමට මහත් කෑදරය. 
ආහාර රටාව,

පූසන් වැඩියෙන් ප්‍රතිචාර දක්වන්නේ අම්ල හා තිත්ත රසයන්ටලු. එසේම එහි සුවඳ හා අඩංගු දේ ගැන විමසිලිමත් වෙන්නේලු. පූසා සීතල අහාර,තෙත අහාර, පැණි රස අහාර ගැනීමට වැඩි කැමැත්තක් නැත්තෙලු. කිහිප සැරයකට කෑම ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේලු.
පිරිසුදුව සිටීම,

තම ශරීරය පිරිසුදුව තබා ගැනීමට පූසන් ඉතා කැමැත්තෙලු. මේ සඳහා උපකාරී වෙන පූසන්ගේ දිව මික්රෝමිටර් 500 පමණ දිගු නම්‍යශීලී දිවක්ලු. එය බුරුසුවක් මෙන් ක්‍රියා කරන්නේ එම දිවේ ඇති රළු බව නිසාමලු.




 ලොව පුරා පූසන් බර ගානක් සිටිත්ලු මේ උන්ගෙන් ටික දෙනෙක්ලු...





දැන් නං පූසෝ වහ කදුරුය...පෝස්ටුව ඉවර වෙද්දි ගෙදර පූසා මාගේ සුරතින් වලකජ්ජ ගහනවා සිකුරුය.