රජා ගේ මල්ලි හෙවත් යුව රජ, රජා වගේ නොවේය. හැන්සම් කොල්ලාය. මිනිහා දැන් ඉන්නේ 8 වසරේය. මොනවා උනත් මූත් හෙන සොමියට බර කොල්ලාය. මේ කියන්න යන්නේ ඌට සාටර් සිද්දියක්ය. අදින් ඇරබෙන යුවරජ සිද්දි ලේබලය යටතේ මුගේ කතා සෛබරයේ දිග හැරෙනු ඇත.
වර්ෂ 2009 ය. මල්ලි හිටියේ 5 වසරේය. එනම් ශිෂ්සත්තේ කරන කාලයේය. මුගෙ පන්තියේ දුප්පත් ගෑල්ලමෙක් සිටියාය. හැම විෂයක්ම ලියන්නේ එකම පොතේය. අපිත් නං ඉතින් එහෙමය. ඒ අපිට ඇති කම්මැලිකම නිසා නොව පොත් ගන්නට සල්ලි නැති නිසා නොවේය. පොඩි උන් කොහොමත් ලස්සනට වැඩ කරන්නට ආසාය. විශේෂයෙන් ගෑල්ලමයි කොහොමත් විස්චූර්නය. මේ ගෑල්ලමයාගේ අම්මා අපේ මව් තුමියගේ යාලුවෙක්ය. ඇගේ තාත්තා එම පවුල ඇත හැර දමා ගොස්ය. ජීවත් වෙන්නේ පොඩි පැලකය. මේ හේතුවෙන් හිත උණු වූ අපේ මව්තුමිය ඇයට හෙන පොත් පාර්සලයක් තෑගී දුන්නේය. ඒ සදහා මමද ඇගේ නිවසට යනු ලැබීය. තෑගි පාර්සලේ ගත් ඇය කෙතරම් සතුටට පත් වීද යත් ඇය කට කනේ තබාගෙන පුදුම හදිස්සියකින් එය ලිහා බලමින් පොත් වල සුවද බැලුවාය. පෑන් පැන්සල් වල හැඩ බැලුවාය. අපේ අම්මගේ ඇස් වල කඳුළුත් තිබ්බාද මන්දාය.
නිධාන කතාව එහෙමය. දැන් කියන්නේ අද කතාවය. මේ දවස් වල මලයට විභාගේය. මිනිහ බොක්කෙන් වැඩ කරන්නේය. තාම මිනිහට මං රජාට වගේ කෙල්ලෝ ගැන ආශාවක් නැත. මිනිහ බෝ පැලේය. මිනිහට මේ හෙන අකරතැබ්බය වෙලා ඇත්තේ විභාගේ ඉවරවෙලා වෑන් එක එනතුරු සිටින වේලාවේදීය. අර ගෑල්ලමයාගේ නම පුබුදු කුමාරිය. ඇය එතරම් ලස්සන කෙල්ලෙක්ද නොවේය. ශරීර වර්ණයෙන් කලුය. කළු කෙල්ලෝ ලස්සනය. එත් මේ කෙල්ලගේ ඒ හැටි ලස්සනක් නැත. ලොකු වෙද්දී ලස්සන වෙයිද මා දන්නේ නැත.
මලයා දැන් ගෙදර ඇවිත් අම්මත් සමග රන්ඩු අල්ලන සද්දේ ඇසී මමද දිව ගියෙමි. මන්ද අපිට වලි පේන්ඩ බැරිය.
මම ගිහින් බැන්න ඒකිට.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මලයා දැන් ගෙදර ඇවිත් අම්මත් සමග රන්ඩු අල්ලන සද්දේ ඇසී මමද දිව ගියෙමි. මන්ද අපිට වලි පේන්ඩ බැරිය.
ඔයා හින්ද තමයි අම්මේ මේ ඔක්කොම. මොනවා කරනවද මන්ද කෙහෙල්මල...!!!
මොකද ළමයෝ කෑගහන්නේ???
මොකද තමා. මම බෑන්න අද අර කෙල්ලට
මොන ළමයද ළමයෝ??
අර පුබුදු කුමාරි...
ඒ මොකද? මොලේ හොඳ නැද්ද අසරණ ලමයිට බයින්නේ?
අසරණ??? හොද අසරණ
මොකද්ද ඕයි උනේ කියනවකො මගුලක් කියවන්නේ නැතුව... මම නොඉවසිල්ලෙන් ඇසුවෙමි.
බලනවකො ඔයි, මම අද වෑන් එක එනකන් ඉද්දි කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් මට කියනවා... මේ චන්දිම.. පුබුදු කුමාරි ඔයාට කැමති කියන්න කිව්වා කියලා... ඒ වෙලාවේ මුගේ මුහුණේ තිබු ඉරියව්ව මට වචනයෙන් විස්තර කල නොහැක. එය එතරම් සංකීර්ණය. ගුජුප්සාජනකය
නෑ............... ඉතින්??? මම හිනාව බොක්කෙම තද කරගෙන ඇසුවෙමි.
සිරාවට....?? මොනවද කිව්වේ??
මම කිව්වා..
මේ තෝ ආයේ ඕක කිව්වොත් පට්ට ගහනවා තෝව...
මේ තෝ ආයේ ඕක කිව්වොත් පට්ට ගහනවා තෝව...
බුදු අම්මියෝ... උගේ හුරතල් කටහඩින් කටහඩින් ඌ ඒක කිව්ව ආකාරයට මම හා අම්මා උඩ පැන පැන හිනා උනෙමු. හම්මෝ.... බඩත් කොර විය.
මලයා විස්තර කරන ආකාරයට ඇය දැන් සිටින්නේ අර මොකද්ද කර වෙන අවදියේය. ඇය අයියලා දෙතුන් දෙනෙක් එක්කත් ඉන්නවාලුය. මං රජාගේ උපදෙස උනේ... මල්ලි උඹ ටිකක් ඈත් වෙලා හිටපන්. දැම්ම ලෙඩනං දාගන්න එපා. පස්සේ දා ගනින් හොදම එකෙන් සුපිරි ලෙඩක්. නැත්තං මටත් එක්ක ලැජ්ජයි ඕයි!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
1
ReplyDeleteයකෝ පොඩි උනුත් නරක් වෙන්නේ උඹල වගේ අයියලාගේ නරක හැසිරීම් නිසා නෙව ... නේද මං අහන්නේ...:p
Deleteමං ගෙදරට බෝ පැලේ බොල...
Deleteඅනේ පවු!මේකා බාල අපරාධ කරන්නත් ලෑස්ති වෙලා වගේ!!!!!
ReplyDeleteමම??? පිස්සුද ඕයි!!!
Deleteහය්යූ මෙහෙමත් අයියෙක් වටේම ඉන්න යාලුවන්ට මඩ ගහලා මදි වෙලා සහෝදරයටත් මඩ ගහනවා.... චී චී... හරිම නරක රජෙක්
ReplyDeleteමඩ ගැහුවේ නෑ.. සිරා සීන් එකක් කිව්වේ :-)
Deleteහැම මල්ලියෙක්ම ඔහොමය.. අයියලා උන්ව නරක කොරන්නේය
ReplyDeleteමල්ලිට මංගල යෝග නැතුව ඇති
මම ඌව හොද කරන්න හැදුවේ :-)
Deleteඅපේ එකත් අටේමයි.. වෙනස ඇත්තෙ මූ කෙල්ලෙක්ට ට්‍රයි කරන එකය.. (ඒකි හෙන දතකි) වෙනස ඇත්තෙ එතනය...
ReplyDeleteමේකිගේ දතුත් නෑනේ බං.. :(
Deleteෂහ්ඃ .... නියම රජ පවුල. බලාන ගියාම ඔරිජිනල් එකට වඩා හපන්.
ReplyDeleteලොල්ස්..... :-)
Deleteරාජකීය පව්ලේ අභාෂය තමා
ReplyDeleteහෑ...??? :0
Deleteඅනේ හපොයි අයියලා මල්ලිලාට දෙන උපදෙස්....:D
ReplyDeleteහොදටනේ කිව්වේ අෆ්ෆා :-)
Deleteහච්චෝ..........ෂෝයි අනේ..ඔයාගෙ පෝස්ට්වල පින්තූර තමා ඔන්න පින්තූර.......නියමා.................යි සහෝ..:)
ReplyDeleteහිකිස්.... :-)
Deleteටැංකියු ඈ...
හ්ම්ම්ම්ම්......., මලයාට තද වුනු එක නම් හරි නෑ වගෙ පේන්නේ..,
ReplyDeleteඅනික අරහෙම හයියෙන් කිව්වමත් පව්නේ බන් කෙල්ල..
ඒත් ඉතින් ඔය වගෙ අකැමති කෙනෙක් ඇහුවොත් අපි වුනත් එහෙම්මමයි කරන්නේ නේද...
එකෙන්ම.. :-)
Delete//කළු කෙල්ලෝ ලස්සනය//// නෙගිටිව් කලාම...
ReplyDeleteඅයිය ගිය පාරට තනිකරම වෙනස් පාරකනේ මල්ලි යන්නේ...
ඒ කළු කෙල්ලෝ මේක බලනවා ඈ... :-))
Deleteමොකෝ මේ නොම්බර :-)
ReplyDeleteරජ පවුල් වල හැටි එහෙමය. කොයි රජාත් කොයි යුව රජාත් එකය. තිත් දෙකයි පී... ජය...
ReplyDeleteතිත් ගොඩා.........යි ඩී
Deleteකතිර තුනායි ...... :D
Deleteහපොයි අහිංසකය. මට මැවිල පේනව.
ReplyDeleteඅහිංසකයා???? නින්දගියාම :-))
Deleteබලනකොට මලයට මාර ප්‍රේක්ෂක ප්රතිචාරනෙ තියෙන්නේ...!
ReplyDeleteහිකිස්... යුව රජ නේ :-)
Deleteඅනේ.. හරිම cute මල්ලියෙක්....
ReplyDeleteඅයියට කලින් මල්ලි ලෙඩක් දාගනි වගේ... :P
කියුට්?????
Deleteමේ දෑස කෙසේ මේවා දකිම්ද???
ගිහින් අහපං පට්ට ගහනවා කියන එකේ තේරුම දන්නවද කියලා....
ReplyDeleteහිකිස්...
Deleteඕකා දන්නවා ඇති :-)
එක වාක්‍යයි, පොඩි එකාව හිතට අල්ලල ගියා
ReplyDelete//රජා ගේ මල්ලි හෙවත් යුව රජ, රජා වගේ නොවේය.//
අනේ මගේ මලයා....
Deleteඌව පරිස්සන් කරගන්න වෙනවා :)
අයියා වගේ නැතෑ මල්ලිත් :D
ReplyDeleteපව් ඕයි ඌ.. :-)
Deleteඅය්යන්ඩි බිය නොවන්න මම නියම කෑල්ලක් සෙට්කරගෙන පෙන්වමි....! බලපන්කො තව ටික දවසකින් ඔය ටික කියන්නැත්ද කියල...හැක...හැක..!
ReplyDeleteමටත් ලාවට හිතුනා :-)
Deleteහික්... බලාගෙන යුවරජ ඔබවහන්සේගෙ ගෙල සිඳ රාජ්‍ය පැහැර ගනීවි මෙව්ව ප්‍රසිද්දියෙ දානව කියල දන්නවනම්... :D
ReplyDeleteඌ මේවා දකින්නේ තව අවුරුදු 4,5කින් :-)
Deleteඅර අහිංසක කොල්ලට පාඩුවේ ඉන්න දීපන් ....
ReplyDeleteඋබගේ මේ අට මගලේ ඌව කුජීත කරන්න එපා
හිකිස්... හා.. :-)
Deleteකළු උනාට දොදොල් රහයි යකුනේ
ReplyDeleteඅර රතු ඒවා පට්ට ඕයි!!!!
Deleteමල්ලි සුපිරි කොල්ලෙක්ය....ගාණකට ගණන් උස්සන උන්ට කෙල්ලො වහ වැටෙති. දැනට රජා, යුව රජාට උපදෙස් දුන්නද, ඉතා ඉක්මනට යුව රජා, රජා ටත් ටොකු අනිනු ඇත.
ReplyDeleteඒවනං ඉතින් හදේ තමා :-)
Deleteමලයා රජ වගේ උන නැති උන එක නම් ලොකුම දෙයක්. නැත්නම් එකත ඉවරයි.
ReplyDeleteපව්!!! :-))
Deleteමොකක්ද බන් අර අයියලා දෙතුන් දෙනෙක් එක්ක ඉන්නවා කියපු එකේ තේරුම ? යුව රජාගේ හඳහන බලෝපන් සිකුරා cඋච්ච වෙලාද දන්නෑ...
ReplyDeleteසිකුරා c කියලා එකෙකුත් ඉන්නවද? :-)
Deleteඔව් උඹ දන්නැද්ද ? පොඩි උන්ට ලබන්නෙ සිකුරා C . ඒ කියන්නෙ සිකුරා Child කියන එක.. දන්නැත්තම් අපෙන් අහගනින්.. හෙහ්...
Deleteවැරදිලා වැදිච්ච මගුලක් බන් ඒක.. උඹටත් ඕනා නැති එකමයි පේන්නෙ..
අහපු ප්‍රශ්නෙට උත්තර දියන්.. උඹ අහන ප්‍රශ්න වලට විතරද උත්තර දෙන්ඩ ඕනා ? :-)
උඹ වගේම මල්ලිට මඩ ගහන තව එක බ්ලොගර් කෙනෙක් මට මතක් වුනා. මේ පාර සතියේ ප්‍රශ්ණය මගෙන්. ඌ කවුද? උත්තර දිය හැක්කේ කුජීත රජාට පමණි. වෙන එවුන් උත්තර දීම තහනම්ය.
ReplyDeletehenryblogwalker the Dude
රත්ගමයාස්!!!!
Deleteරජාටම ගැලපෙන යුවරජ.
ReplyDeleteඑකෙන්ම... මගෙ මල්ලිනේ :-)
Deleteඅයියා වගේම නැතෑ..
ReplyDeleteපව් අසරණ කෙල්ල..
කලු කෙල්ලො ලස්සන බව මටත් පසක් උනේ හෙන කාලයක් ගිහිල්ලා බං..
එතකොට සුදු කෙල්ලො ලස්සන නැහ්..??...පට්ට ගහනව ඉහේ ඉඳලම..!
Deleteතරියෝ හැංගියන්.... :-))
Delete@ කිරිල්ලි,
DeletePA ද ?
//මලයා දැන් ගෙදර ඇවිත් අම්මත් සමග රන්ඩු අල්ලන සද්දේ ඇසී මමද දිව ගියෙමි. මන්ද අපිට වලි පේන්ඩ බැරිය.//
ReplyDeleteහැක් හැක් හැක් එසේය එසේය...!! වෙරි වෙරි තුරූය..!!!
හිකිස්.... :-)))
Deleteහැබැයි 5 වසරෙ මල්ලි කතකරන විදිය වෙරි වෙරි බෑඩ්ය..!!!
Deleteදැන් 8 වසරෙය.
DeleteThis comment has been removed by the author.
Delete\\හැබැයි 5 වසරෙ මල්ලි කතකරන විදිය වෙරි වෙරි බෑඩ්ය..!!!\\
Deleteහර්ශන මල්ලි...ඔය උඩ කොමෙන්ට් එක දාල තියෙන්නෙ මම නෙවේ..මගෙ නමින් ඉන්න අසහනකාරී .
පුද්ගලයෙක්...බලන්න එයාගෙ ප්‍රොෆයිල් එක
වෙනස්....මේ ගැන මම පෝස්ට් එකක් දාල ඇති බලන්න....
mallita kiyanna ayya mama kiwwa kiyala oyagen parissam wela inna kiwwa kiyala hode.............nattam paw ara chuti malaya.eyath narak wei..... :D
ReplyDeleteහිකිස්... හරි හරි මම කියන්නන්කෝ... :-)
Deleterajo ban malaya ube pare yanawa athi.epa kiyanna epa kiyanna kello lan wenawane nadda ban man kiyanne ???.
ReplyDeleteහූ ඈ.. :-)
Deleteමල්ලිට මේ රජ ගේ අය්යා සදාලා,,,,,,,,,,,,,,,අපෙ රජ අය්යා සදාලා,,,,,
ReplyDeleteහක්ක හක හක... :-)
Delete//ලොකු වෙද්දී ලස්සන වෙයිද මා දන්නේ නැත. //
ReplyDeleteපස්සේ කෑල්ල වුනොත් මල්ලි උබට සාප කොරයි.. :ඩී
එහෙම වෙයිද බං... :/
Deleteඔන්න ඔහේ මල්ලිට ඕක කරගන්න කියපන් බන්.....
ReplyDeleteඇහුන්නෑ.. :-)
Deleteඋපාසක පූසෝ මීයෙ දෙන්න දෙන්න අල්ලනවාලු . . මල්ලිව හොඳට බලා ගනින් . . :D
ReplyDeleteලොල්..... :-)))
Deleteමමත් මල්ලිට ආදරෙයි කිව්වා කියන්න..
ReplyDeleteඅනේ මගේ මල්ලි... :(
Deleteඅනිවා කොල්ලා ලොකූ වෙනකොට ගෙම්බා වෙනවා.
ReplyDeleteසජ්ජුලුවෝ මොනවද ඔට්ටු
මටත් හිතෙනවා බං.. :-)
Deleteහයියෝ...අසරණ පොඩි එකා :)
ReplyDelete"මේ තෝ ආයේ ඕක කිව්වොත් පට්ට ගහනවා තෝව..."
:P:P:P:P:P
අපිට එහෙම උනානං??? :-))))
Deleteමල්ලි හැන්සම් කොල්ලා කියලම පටන් අරන් මේ මඩ ගහන්නේ තියෙන පැහැදිළි ඉරිසියාවට.. අපි දන්නේ නැද්ද මූ ගැන.. අයියට කලින් කෙල්ලෙක් මල්ලිට සෙට් වෙයි කියලා හිතලා තමයි මේ..... :)
ReplyDeleteමට එපා බං දැම්ම කෙල්ලෝ... එකක් දාගෙන කෙලෝගත්තනේ. මේ තනිකඩ ජීවිතේ මල්
Deleteහා හා... මාත් මේ ටික කාලෙකට කලින් ඔහොම තමයො කිය කිය හිටියේ.. " තනිකඩ ජීවිතේ මල්.." :)
Deleteඋඹ ගම්පහ කනත්තගාව පිට්ටනිය තියන පාසැලට ගියා කියලා අපේ සිරා කිව්වා එක එහේමනම් තුන් දෙනාම එක ස්කොලේ එවපං මෙලක් raj1981@gmail.com
ReplyDeleteවැරදුනා traj1981@gmail.com අපේ සිරා http://siragekamare.blogspot.com/2012/07/blog-post_28.html#comment-form
Deleteඑකෙන්ම... දාන්න 5ක් :-)
Deleteඑව්වා!!!
උඹල හෝලි ක්‍රොස් ද ගියේ . හුටා..
Deleteඇයි උඹ රතනාවලීද?
Deleteඅඩෝ මචන් කම්මල.......
උඹ මේ දැම්මේ 5000 වෙනි කමෙන්ට් එක.
පට්ට පට පට ඈ..
5000 සෙල්ලන්ද රජ කිව්වලු, රත්නාවලියේ ගේට්ටුව ගාවට යනකම් ගියා. ඇතුලට යන්න දුන්නෙම නෑනේ සිකුරිටි මාම.
Deleteවැලි පිට්ටනිය ලග තාප්පෙන් පැනලා යන කසගහවත්තෙ කනත්ත ගැන වෙන්න ඇති ඔය කියන්නෙ...මෙන්න තව එකෙක් :D
Deleteමලයත් අයියට නොදෙවෙනි වගේ ...
ReplyDeleteගෙදර අයියා ඌ.. මම මල්ලි
Deleteබලං ගියාම රජාත් එකයි යුව රජත් එකයි...
ReplyDeleteමුගේම මල්ලි නේ ඉතිං.. හිකිස්!!
හික් හික් හූ...
Deleteනියම මල්ලියෙක් මොනවා උනත්.....ඩී
ReplyDeleteමගේ මල්ලිනේ :-)
Deleteරජමැදුරේ රජ්ජුරුවොයි, යුවරජාලයි, ඔක්කොම එකයි වගේ . යුවරජා නම් පට්ට බුවෙක්. අනාගතය ගැන හිතලා තීරණයක් අරන්. ඒක කියපු විදිහට හිනා නොයා තිබුනොත් තමයි පුදුමේ. අඩේ අර කෙල්ලගේ මොකක්ද කර වෙලා කිව්වා නේද ?
ReplyDeleteඕක කර වෙලාම ගියොත් බඩුම තමයි !!!
මම ටෙස්ට් කරලා බලන්න ඕනේ වෙලාවක.. ෆියුස් එකක්වත් ගිහින්ද දන්නේ නෑනේ :-)
Delete"ටෙස්ට් කරලා බලන්න ඕනි" හෙහ්.. හෙහ්.. :-)
Deleteයුවරජු මැඩවීමේ මහා මංගල්‍යය... අද සිට ඇරඹෙන වගයි!!!
ReplyDeleteවප් මගුල... :-)
Deleteහෑ.... අප්පටසිලි!!! මල්ලිට ගිය කල හහ්හ්හ්හ්..... :D
ReplyDeleteඉල්ලුම ඉල්ලුම.. :-)
Deleteහැබැයි අයියණ්ඩිට කිසිම ඉල්ලුමක් නැතිවීම ගැන අපගේ සාතිශය ස0වේගය...!
Deleteමල්ලි කොල්ලා බොට හපන් වෙයි වගේ ඉස්සරහට...
ReplyDeleteඑහෙම වෙයිද බං :(
Deletefatta story eka
ReplyDeleteඑලාස්..
Deleteෆට්ටයි ඕයි!! අන්න මල්ලිල :D
ReplyDeleteහිකිස්...
Deleteකළු මෙලෝ රහක් නැති නිසා ඔහොම කියන්න ඇති...පට්ට මැක්සා කෙල්ලෙක් වුනා නම් ඔහොම කියායි ද ??
ReplyDeleteඅන්න එතන තියනවා පොඩි කොරහක් :-)
Deleteමලයා දියුණු වෙලා නෙව... :)
ReplyDeleteඅර පොත් අරන් දීලා කරපු වැඩේ අගය කරමි. එතනින් එහාට්ට රජා ගැනවත් රජාගේ මලයා ගැනවත් මුකුත් නොකියමි. (මේ කුප්පයෝ දෙන්නා ගැන මුකුත් කියලා වැඩක් නෑ.)
හිකිස්... එහෙමයි නේ හිතන් ඉන්නේ? :-)
Deleteහෝමෝන ටිකක් අරන් විදිමු ඌට!
ReplyDeleteවිදිමු විදිමු :-))
Deleteහෆ්ෆා අයියා රජාගේ අහලින් වත් තියන්න බෑනේ...
ReplyDeleteළගින් තියහන්කෝ :-)
Deleteඅයිය වගේ හැදෙන්න මල්ලී
ReplyDeleteඔව් මල්ලී
Deleteපිස්සු හැදෙනවනේ රජෝ. අනේ ඉතින් අපිව කව්රුත් ඔය වගේ පිං අතේ වැඩ වලට ගාවගන්නැති හැටි !!!!!
ReplyDeleteහික්... :-)
Deleteරජාණන් කුපාඩියාය. :P මුට්ටියත් නිතරම පෙරලි කට කොනින් ගලනවා වගෙය. :P
ReplyDeleteමල්ලි යුවරජ ලොකු ල ඉ න් වගෙය. මල් පුදිනකොට ඔයකෙරුන් අහවල්ල්ය. රජාට වඩා ඉදිරියට යන්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.
එකෙන්ම...
Deleteසුපිරි මල්ලියෙක් නේ, රජාට ඉන්නේ
ReplyDelete(ඒත් අර කෙල්ල පව්.පොඩි එකෙක් නේ.නොතේරෙන කමට කියන්න ඇත්තේ) :)
වෙන්න ඇති.. :-))
Deleteයුව රජට ජය වේවා !!! , රාජ්‍ය පාලනය ඉක්මනටම ලැබේව!
ReplyDeleteඋඹලා මාව එලවන්නමයි හදන්නේ නේ? :-)
Deleteඅනේ බං මලයව ඇස් දෙක වගේ බලාගනින් හොඳේ. කරදරයක් කරගත්තොත්.
ReplyDeleteහිකිස්.. හා හා..
Deleteමලයට ජය වේවා !
ReplyDeleteඑකෙන්ම..
Deleteඅයියට හපන් මල්ලි වගේ..අනේ අහිංසක කෙල්ල.:)))))
ReplyDeleteකෙල්ල???? :)
Deleteඋඹත් රත්ගමයා වගේ මලයට මඩ ගහන්නද හදන්නේ?.භාෂා විලාසය නම් සෑමාගේ වගේ.ඒත් ව්‍යාකරණ වැරදියි බං.වරදවා හිතන්න එපා උබේ මොරාල් අප් කරන්න කිව්වේ ඈ.
ReplyDeleteලොල් ඈ ;)
Deleteඅයියගෙම මල්ලිනේ... ඉතිං කවර කතාද? :))))
ReplyDeleteඑහෙම කියන්න එපා ඉතින් :)
Deleteපොඩි එකා උනාට යුව රජෙක් නේ..එහෙම ආවට ගියාට කෙල්ලෙකුට කැමති වෙයි ද ඒකා ? :) මොකක් උනත් අර ළමයට උදවු කරපු එක නම් අගය කරනවා මම. ----<<@
ReplyDeleteඅනිවා අනිවා ;)
Deleteඑක ඉදිච්ච කෙහෙල් ගෙඩියකට ඇහැක්ය කියනවනේ කැනේ අනික් කෙහෙල් ඉදවන්න....
ReplyDeleteඔය ඉදෙන්නේ අපූරුවට.... උඹේ රජකමට කවද හරි උරුමකම් කියන්න හොඳටම සුදුසුකම් තියෙනවා.උඹේ කටම නැතෑ මල්ලිටත්... පට්ටම කතාවය නැවත නැවතත් කියවා හිනා උනෙමි...
දැන් මල්ලි සිදුවේචි දේ ගැන කම්පා වෙවිද දන්නෑ ඉන්නේ...
අඩෝ... කෙහෙල් මම ආසම කෑමක් බං :)
Deleteරජාගේම මල්ලි යුවරජ....හික්ස්....දැම් ඔහොම වුණාට ෂුවර් රජාගේ කැත ගතිම පිහිටයි දෙයියනේ කියලා....මොනව වුනත් එසේ නොවී යුවරජට ඉක්මණින් ඔටුන්න හිමිවේවා....
ReplyDeleteඅනේ මගේ ගති ලස්සනයි... මේ......... :)
Deleteහයියෝ අයියා වගේම ඇති මලයත්.....
ReplyDeleteඅපේ රජු බයවෙලා අයියාලාගෙන් ගුටිකන්න වෙයබ කියලා අයියෝ සල්ලි ...........................
ReplyDeleteහයියෙන්ම හූ ඈ ;)
Deleteade boralu uba meheth innawada ?
Deleteman EK silent...
හනේ අම්මප මෙහමත් රජෙක් ඇත්තට... :D
ReplyDeleteශෝයි නෙහ්? ;)
Deleteකෝ ඩූ මම කලින් කියවලා මේකට දැම්ම කොමන්ටුව? :/ මට මතකයි කොමන්ටුවක් දැම්ම වගේ. අනේ මන්දා :O
ReplyDeleteමූ ඔහොම කියන්නේ තව ටික කාලයයි. ඊට පස්සේ අයියට එහා. අපි නොදන්න යුව රජ :D LoL
අලේ මොනා උණත් කියුට් කොල්ලා ඈ. තෝයී :) :) :) :) :)
ඈ... කලින් එකක් දැම්මද? බලමු...
Deleteහිකිස්..
පව් රජෝ මල්ලි... මඩ ගහන්නවනේ එයාටත්..
ReplyDeleteහෙහ් හෙහ්.. මඩ නෙමේ.
Deleteසිද්ධ වුන දේ කිව්වේ :)
අනේ රජෝ මලය නියම කොල්ලෙක්නේ ඉතින් ඌව හොඳට හදාගන්න එක ඔයාගේ වැඩක්.
ReplyDeleteමගේ වැඩක්??? :)
Deleteඅද තමා නිවී හැනහිල්ලේ ආවේ .. මොනා උනත් එළලු ඈ
ReplyDeleteme raja hinda ara podi ekath narak wenawa pau appa
ReplyDeleteමොක උනත් සෝක් අයිය ඈ
ReplyDeleteරාජ සම්පත්ම ලැබේවා ඉඳගෙන
යකූ..මං හිතුවෙ මෙහෙම වැඩ කරන්නෙ අපේ එකා විතරයි කියල :D
ReplyDelete