Showing posts with label රාජ සයිට් කතා. Show all posts
Showing posts with label රාජ සයිට් කතා. Show all posts

Thursday, April 16, 2020

හතර හන්දි හිරි වැටෙන ලදී - Creepy Scary Stories on Site


ඒ දවස් වල මං රජා හිටියේ හබරාදූවේ සයිට් එකකය. ABC කොම්පැනියට සෙට් වෙච්ච මුල්ම දවස් ටිකය. මේක පට්ට පතරංග සයිට් එකක්ය. සයිට් එක වටෙ යන්න ත්‍රීවීල් එකක් ඕනේය.  සයිට් එක වටේ වැටේ දිග විතරක් 2km විතර තිබ්බේය. එතන තියෙන්නේ ආන්ඩුවේ මිනිස්සුන්ට අඩුවට දෙන්න කියලා හදපු ගෙවල් සෙට් එකක්ය. සෙට් එකක් කිව්වට පොඩි ගානක් නෙමේය. ගෙවල් 600ක්ය. කරුමේ කියන්නේ එකම එක ගෙයක්වත් විකුන ගන්න බැරිවෙලා තියෙන එකය. අපිට කරන්න තියෙන්නේ එතන තියෙන ගෙවල් ඔක්කොගෙම දොරවල් ජනෙල් ගලෝලා අලුතෙන් ඒවා හයිකරලා ටයිල් අල්ලලා කිරි ටොයියා වගේ ලස්සන කරලා බාර දෙන එකය. අපේ ABC කොම්පැනියට තිබ්බේ පුදුම හදිස්සියක්ය. අච්චර ලොකු සයිට් එකට මොකෙක්වත් එවන්නේ නැතුව රජාව විතරක් යැව්වේය. සේෆ්ටි ඔෆිසර්, සුපවයිසර් එකෙක් දෙන්නෙක් මොකෙක්වත් නැත. ගෙවල් ටික කඩන්න බිදින්න සෙට් එකක් ආවේය. හබරාදූව කිට්ටුවම සෙට් එකක්ය. ආයේ නිකන් යක්කු වගේ ඩයල්ය. සයිට් එකේ බිල්ඩින්ග් 7ක් ද කොහෙද තිබ්බේය. 


සයිට් එකේ එක පැත්තකට මායිම කොග්ගල කලපුවය. ඒක හින්දා සයිට් එක මැද්දේ තිබ්බ පොකුණු දෙකේ තඩි ගැට කිඹුල්ලුත්  හිටියේය. 

ඒ හරියෙන් යද්දී පරිස්සමට යන්න මහත්තයා..

සයිට් එකේ කොල්ලෝ හැම තිස්සෙම වගේ රජාට උපදෙස් දුන්නේය. රජා ඒවා ටක්කෙටම පිළිපදින්නේ කිඹුලන්ට ඇති බය නිසා එහෙම නෙමේය. 

රෑට එහෙම තනියම මේ හරියේ ඇවිදින්න එන්න එපා මහත්තයා. සුනාමිය වෙලාවේ මිනිස්සුන්ගේ බෝඩිස් තිබ්බේ මේ පොකුණු වල. සමහර දවස් වලට සුදු ඇදගත්තු උන් මේකේ ඇවිදිනවා මහත්තයා... 

ඒ සයිට් එකේ සික්කන්ගේ කතාවය. අම්මපා මට මුන්ගේ දත් ඇන්ද යටි බඩේ හිරවෙන්න ගහන්න හිතෙන්නේ ඒ වෙලාවටය. අවජාතක හැතිකරේ. ඇයි යකෝ මං  මේ පොකුණ ගාවිනුත් ඈත් වෙලා යන අස්සේ මුන් හොල්මන් ගැන කියවන්නේය.

දවසක් උදේම අපි වැඩ පටන්ගත්තේය. එදා මහා මුසල දවසක් උනේය. උදේ පාන්දර ගෙයක් ඇතුලට යද්දී පත කලවැද්දෙක් මැරිලා වැටිලා හිටියේය. ඌ දිරලා, කුණු වෙලා, කුඹි කාලා වෙන්න තියෙන ඔක්කොම ඒවා වෙලා තිබ්බේය. මං රජා හිතුවේ ඩයිනොසිරස් පොසිලයක් හොයාගත්තා කියලාය. මට මං ගැන මහා ආඩම්බරකය් දැනෙන්නට උනේය. 


PM ලොක්කා GM ලොක්කා එක්ක එලියට ගියේය. මං රජ කට්ටියට වැඩ ටික ලයින් කරලා දීල බිල්ඩින්ග් ටිකට කට්ටිය බෙදලා දාලා සයිට් එකේ පොඩි රවුමක් දාගෙන හිටියේය. ඉස්සරහම තියෙන යුනිට් එකට රජා අවේ අන්තිමටය. කට්ටිය ඕසේට වැඩය. එක පාරට දඩාස් ගාලා සද්දයක් ආවේය. යකෝ මුන්ට මන් කිව්වේ දොරවල් ටික ගලවන්නය. එහෙම සද්දයක් අවේ කොහොමද. මං රජා කල්පනා කරමින් කොරිඩෝව දිගේ ඉදිරියටම ඇදුනේය. 

කට්ටිය කෑගහගෙන දුවන්නේය. සික්කෝ ටික වේගයෙන් යුනිට් එක දිහාට දුවගෙන එනවා මට ජනේලයක් අස්සෙන් පෙනුනේය. මේ මොන අල ගුන්ඩුවක්ද.. රජා පොඩ්ඩක් ජනේලෙන් එබිලා බැලුවේය. හතර හන්දි හිරි වැටුනේ එතකොටය. 4 වෙනි තට්ටුවේ හිටපු එකෙක් බිම පත බෑවිලාය. අයියෝ...පොඩි කොල්ලෙක්ය වයස 19ක් උන විතරය. මං පල්ලෙහාට අවේ කොහොමද යැයි මට මතක නැත. හිතන පමාවට රජා වැටිච්ච කොල්ලා ගාව හිටියේය. 


කොල්ලව වීල් එකක දාලා කරාපිටියට යැව්වේය. ජිවිතේ බේරුනත් පොඩි එකාට ඇවිදගන්න බැරි උනේය. සිහියක් පතක් නැත. අත දරුවෙක් වගේ බිමට දාපු මෙට්ටයක් උඩය. කතා කරන්නෙත් ගොලුවෙක් වගෙය. මාසෙකට විතර පස්සේ අපි උන්ගේ ගෙදර ගියාම රජාට ඇඩුනේ නැති ටික විතරය. උන්ගේ අම්ම කියන ඒවාට පපුව පැලෙන්න වගේ එන්නේය. 

අනතුර වෙලා තිබ්බේ කෝල් එකක් හින්දාය. මූ වැඩ කර කර ඉන්නකොට කෝල් එකක් ඇවිල්ලාය. කෝල් එකේ ඉන්න ගමන් ගිහින් දිරච්ච යකඩ වැටකට හේත්තු වෙලාය. වට කඩාගෙන කොල්ලා බිමය. දුකම සීන් එක කෝල් එක අරන් තිබ්බේ උගේ අම්ම ම වීමය. අම්මට ඒ වේදනාවෙන් ගොඩ එන්න බැරි එකක් රජාට තේරුණේය. එහෙ ගිය වෙලේ ඉදන් කිව්වෙත් එකමය. 

මට මහත්තයෝ කොල්ලට කතා කරන්නේ නැතුව ඉන්නේ තිබ්බේ... 

කොල්ලගේ ගෙදරට සැහෙන කාලයක් ABC කොම්පැනිය උදව් කලේය. දැන් නම් කොල්ලට හොදවෙලද කියලවත් දන්නේ නැත. ටික දවසකින් ස්ටාෆ් එක හබරදුවට ගොඩ බැස්සේය. ඕකුන් එනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරය. මාස 6කට පස්සේ රජා කොළඹ සයිට් එකකට මාරු උනේ ගෙදර ඉදන් වැඩට යන්න ලේසි හින්දාය. අපිට නවතින්න දුන්නේ පරණ තේ වත්තක් මැද්දේ තිබ්බ පාලු ගෙදරකය. ඒ ආතල් ටිකත් එක්ක ඊළග පොස්ට් එකෙන් හම්බෙමු.



ප/ලි: 

ගෙදරටම වෙලා හිටපල්ලා.. කොරෝනා.................................

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, July 21, 2019

එදා මෙදා තුර - The Best Boss Ever




අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය. ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය. මේ අවරුදු 4,5 කාලය තුල මරු මරු සීන් උනේය. මතක් මතක් වෙන එක දෙක රජ අයෙත් ලියන්නේය. ඉස්සර වගේම එහෙන් මෙහෙන් පොඩි ආතල් එකක් දාල උපරිමෙන් කරන්න හෙනම ට්‍රයි එක දෙන්නේය. 

ඒ දවස් වල රජා රාගම පැත්තේ සයිට් එකක ඉන්ජා විදිහට වැඩ කරන කාලෙය. රජාගේ බොසා එලම ඩයල් එකක්ය. හෙන වස පොරක් උනාට පුල්ම අතල් එකේ ඉන්න එකෙක්ය. පොර කොච්චර වස උනත් බෙස්ට් බොස් එවර් ටයිප් කියන්න තරම් හිතෙන්නේය. පොරගේ වයිෆ් කැන්සර් එකකින් නැතිවෙලා දැන් ටිකක් කල්ය. ළමයි 4ක් එක්ක පොර තනියම කල් ගෙවන්නේය. වෙලාවකට මිනිහ හෙන පව් කියලත් හිතෙන්නේය. ඒ තියෙන අවුල හින්දමද මන්ද මිනිහ ඩේලි ගහනවාය. කොච්චර බිව්වත් මේකට වදින්නෙත් නැති තරම්ය. වැදිලා වැදිලා වදින තැන් ගෙවිලා ගිහින්ද කොහෙදෝය. 

දවසක් හවසක පොර අපේ සයිට් එකට කඩන් පාත් උනේය. අද බොන්න ඕනේ. යමල්ලා.. සයිට් එකේ හිටපු උන් ටික පුල් හොල්මන්ය. අපේ ස්ටෝර් කීපර් සයිට් එකට කන්න උයන ඇන්ටිට කෝල් එකක් දීලා ඌරු මස් බයිට් එකක් දාගත්තේය. ඌ එක කලේ කොයි වේලාවේද, කාගේ කීමටද කවුරුවත් දන්නේ නැත. යකෝ මුන්ගේ මේ උනන්දුව සයිට් එකේ වැඩ වලටත් තිබුන නං මේ තට්ටු 10 බිල්ඩින් ටික අපි ඉවර කරන්නේ මාස 6න් ය. 

ගම්පහ-ජා ඇල පාරේ වෙලක් මැද්දෙන් ගිහින් යන්න පුළුවන් බන්ට් එකක් තියෙන්නේය. අම්මටසිරි ආයේ බොන්න කියපු පොට් එකය. කට්ටිය එතනට යනකොට හොදටම කලුවර වෙලාය. කාර් වල ලයිට් එළියෙන් බොන්න පටන් ගත්තේය. බෝතල් 2ක් විතර ඉවර වෙනකොට සෙට් එකට තණකොළ කාගෙන යන්න වැදිලාය. කාපන්, බීපන්, සැපේ ඉදපන්.... මේං වඩේ ගෙඩිය. අපේ බොසත් මෙන්න මේකා වගේය.

  

කට්ටිය දැන් සින්දු කියන්න පටන් ගත්තේය. ඔහොම ඔහොම සින්දු කියාගෙන ආතල් එකේ කියාගෙන ගියේය. බොසා සින්දු කියන එක නැවත්තුවේය. 

බොසා: හරි දැන් උබලා මන් කියන සින්දුව කියපල්ලා.  එදා මේද තුර කියහල්ලකෝ...

කට්ටිය සින්දුව ගැම්මට පටන් ගත්තේය.  

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා.. 
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා.. 
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා.. 
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා..// 

කියනවත් එක්කම බොසා වතුර වල පැත්තට දුවගෙන ගියේය. මෙන්න මේකා වලට පනින්න යන්නේය. අපේ සේෆ්ටි ඔෆිසර් කොල්ලා සෙල්ලන් පිස්තොලෙන් තිබ්බ ටීක් බෝලයක් වගේ වේගෙන් ඒ පැත්තට දිව්වේය. ඒත් එක්කම ඔක්කොමලා දුවගෙන ගිහින් බොසාව අල්ලගත්තේය. 



සේෆ්ටි: සර්.. සර්.. මොකද මේ කරන්න හදන්නේ? 

බොසා: මට වයිෆ් ව මතක් උනා බං.. ඔය සින්දුව අහද්දී මට වයිෆ් ව මතක් වෙනවා බං...මට මේකට පනින්න දීපල්ලා..

සේෆ්ටි: සර් ලමයි ටිකට මොකද වෙන්නේ.. මෙන්න මෙහෙ එන්න පිස්සු නැතුව..  

රජාට නිකන් ඇඩෙන්න වගේ ආවේය. පොර මොන තරන් අවුලකින් ඉන්නවා ඇද්දෝ කියලා හිතෙනකොටත් මට නිකන් පිස්සු වගේය. බොහොම අමාරුවෙන් මිනිහව කුදලාගෙන කාර් එකට දාලා ගෙදර යැව්වේය.  

අදටත් මං පොරට හෙන ගරු කරන්නේය. ඒ අර ළමයි 4 දෙන තනියම බලාගෙන ඉන්න එකටය. පොර කොච්චර බිව්වත් මොනවා කරත් මට එක වැඩක් නැත. රජා දැන් වෙන තැනක වැඩ කරන්නේය. එත් මේ බොසා තාමත් රජා එක්ක ෆිට් ය. එකේ පිස්සු පොටෝ එහෙම එවන්නේය. එත් පොර ඉන්න මානසික මට්ටම මට තාමත් හිතාගන්නවත් බැරිය. අච්චර ආදරේ කරන වයිෆ් එක පාරට දාලා ගිහාම එන වේදනාව මට නං සිරාවටම පිස්සු වගේය. 


ප/ලි:

එදා හොදටම රෑ උන හින්දා සැන්ඩි ගන්න කඩයක් සෙට් උනේ නෑ. වතුර දාලා බං ගැහුවේ. 

රජා ඉතින් බොන්නේ නෑනේ. බයිට් කනවා විතරයි :D 

M.S ගේ සින්දුවේ තාලෙට කියන්න හොදේ. 

M.S ගේ සින්දුවේ ලින්කුව... 



සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, January 15, 2013

කොට්ටෙන් පයින්න බැරුව කොහෙද ඕයි කන්දෙන් පයින්නේ???


අපේ සයිට් එකේ වැඩකරන උන්ට නිවාඩුව හම්බෙන්නේ පඩියෙන් පස්සෙය. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියාය. මුළු සයිට් එකේම උන් ගෙවල් දොරවල් බලා යන්නේය. ගෙයක් නැති අපි වගේ උන් විතරක් සේවයට වාර්තා කරන්නේය. කම්බි වැඩ බලන්න මහත්තුරු හෙන සෙට්  එකක් හිටියත් අද හිටියේ 3 දෙනාය. ඒ මං රජත් සමගය. අපිට පැවරී තිබුණු රාජකාරිය නම් ලිෆ්ට් එකේ බිත්ති වලට අවශ්‍යකරන කම්බි කුඩු හා කොලම් ටික 11,12,15 තට්ටු වල සිට 23 වන තට්ටුවට ගැනීමය. අපි තුන්දෙනාගෙන් දෙන්නෙක් උඩ ඉද්දි රජා වෝල් ටික එවන්න ක්‍රේන් එකේ හෙල්පර් කොලුවා සමග පහලට ගියෙමි. එක වෝල් එකක් යැව්වේය. අනිකත් යවන්න හදද්දී උඩ ඉන්න දෙන්නා ක්‍රේන් එක වෝල් එක තියන්න අරගෙනය. ආපහු ඒක එනකන් එහෙට මෙහෙට කැරකි කැරකි සිටියෙමු. එතකොටම වගේ අපේ සහෘද වැලයා අපි ඉන්න තට්ටුවට ආවේය. 

වැලයා : මොකද යකෝ මෙතන කරන්නේ?

රජා: වෝල් ටික යවන්න ආවා බං 

මූ දැන් අපිත් එක්ක කතාවය. අපේ සාකච්චාවට ක්‍රේන් එකේ හෙල්පර් කොලුවත් සප් එක දෙන්නේය.

වැලයා : අඩෝ... ඔන්න අද චාන්ස් එක. නැගපන් ක්‍රේන් එකට. මම නැග්ග ගිය ශට් ඩවුන් එකේ. පට්ට යකෝ!! මුළු කොලඹම පේනවා...

රජා : අඩෝ බයයි බං.... බලකො අර පඩිපෙලේ යන්නේ කෝමද කියලා....

කොලුවා : යන්න මහත්තයා.... ගිහින් බලල එන්න....

වැලයා : පලයන් යකෝ බය නැතුව....

රජා : බෑ බන්. අඩෝ මේ? උඹ හෙන ටෝක් දෙන්නේ උඹට මේකට නගින්න පුලුවන්. අර කිරිගල්පොත්තේ හෙන බැවුම අස්සෙන් තමයි යන්න බැරි නෙහ්?

වැලයා : හික්  :)

මේක අහන් හිටපු කොලුවා මැද්දට පැන්නේය.

ඕකට තියෙනවා මහත්තයා මරු කතාවක්. මෙන්න මෙහෙම. මිනිහා කතාව කියන්න පටන් ගත්තේය. සිද්දිය මෙසේය.
“ඔන්න ලස්සන ගෑල්ලමෙක්ට හද්දා පිටිසට ඉස්කෝලෙකට ගුරු පත්වීමක් හම්බුනාලු. මුළු ඉස්කොලෙටම උගන්නන්න ඉන්නේ මේ ටීච විතරලු. ටිචට නවතින්න පොඩි කාමර කෑල්ලක් ඉස්කෝලේ පිටිපස්සෙම තියෙනවලු. ටික දවසක් යද්දී තව අලුත් සර් කෙනෙක් පත්වීමක් අරන් මෙහෙට ආවලු.

දැන් තමා කැත සීන් එක. සර්ට නවතින්න තැනක් නෑ. ටීච ඉන්න කාමරේම එළිපත්තට වෙන්න ඇදක් දාල දුන්නලු. ඔහොම ටික දවසක් ගෙවිලා ගියාලු. වැහි කලෙත් ආවා. දැන් සර් හිරිපොදේ තෙමීගෙන ඔලුවේ ඉඳන් පොරෝගෙන නිදිලු. ටිචට දුක හිතිලා සර්ව එයාගේ කාමරේට ගත්තලු. අරගෙන මෙහෙම කිව්වලු.

අපි දෙන්නම මේ ඇදේ නිදා ගමු. හැබැයි ඔයා මේ කොට්ටෙන් මෙහාට එන්න බෑ.

එහෙම කියලා ඇද මැද්දෙන් කොට්ට දෙකක් තිබ්බලු. අනේ ඉතින් අර සර් මයිලක්වත් ටිචගේ ඇගේ නොගෑවෙන්න නිදාගත්තලු. සති ගානක් වැහැපු හින්දා දෙන්නම හිටියේ එකම කාමරේලු.

ඔහොම ඉද්දි ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් ලෑස්ති කලාලු නුවරඑළියේ. ලස්සන කන්දක් උඩට කට්ටියම ගියාලු. එතන සැහෙන්න හුලන්ලු. අර ටීච ලඳ වගේ අල්ලාගෙන හිටපු කුඩේ එක පාරට හුළගට ගියාලු. කන්දෙන් පල්ලෙහාටම. එක දැකපු සර් ටීචගෙන් ලකුණක් දාගන්න හිතාගෙන එකපාරටම දුවගෙන ඇවිත් මෙහෙම ඇහුවලු. 

මිස්... මිස්... මම පහලට පැනලා කුඩේ අරන් දෙන්නද?
ඔරොප්පු මුණක් දාගත්තු ටීච මෙහෙම කිව්වලු.

සතියක් තිස්සේ කොට්ටෙන් පැනගන්න බැරි තමුසේ කොහොමද ඔයි කන්දෙන් පයින්නේ?

හම්මේ...... ඊට පස්සේ ආපු හිනා සද්දෙට අන්න කම්බි වගේකුත් ඇදවෙලා කියලා තමයි ආරංචිය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, January 2, 2013

එහෙනං මෙහෙම පටා..........න් ගමු


වෙනදා වගේම 2013 කම්මැලිකමෙන් පටන් ගත්තේ නැත. මං රජා හිටියේ අම්බානට උණ ගැනිලාය. උණ ගැනිලා කිව්වට උණ නම් හොදය. ඒ උනාට හිතට උණය. මොනවා උනත් අවුරුද්දේ පළවෙනි දවසේ නිකන් ඇද උඩට වෙලා උඩ බලාගෙන ඉන්න එක එච්චර සභ්‍ය නැති හෙයින් මහ පාන්දර අවදි වී සයිට් එක බලා ගෑටුවෙමි.

විශේෂයෙන්ම සයිට් එකට ගියේ අවුරුද්දේ පළවෙනි දවස නිසාම නොව නිකන් දෙන ටී ෂර්ට් එකයි කැලැන්ඩර් දෙකයි කුදලගෙන ඒමටය . අවුරුද්ද පුරාම ඔය කැලැන්ඩරේ ලොකුවට ගෙමැද්දේ ගහපුවාම එන එන හැම එකාම වපර ඇහෙන් ඕක දිහා බලන්නේය. බලලා නිකන් ඉන්නේද නැත. හා........නේ....... ලොකු රජා දැන් වැඩ මේකෙද? හොදයිනේ ඈ......මටත් නිකන් ප්ලේස් එකක් හැදෙන්නේ ඕකෙන්ය.

පාන්දර 4 කෝච්චියෙන් මම ගල්කිස්සට ඒමට මීරිගමට ආවෙමි . මොකද්දෝ හේතුවකට මම ටිකට් ගත්තේ කොටුවට පමණය.  2013ත් දුම්රිය දෙපාර්තුමේන්තුවට පාඩු වෙන එකත් අහන්න දෙයක් නොවේය . අපි කොටුවට ටිකට් අරං ගල්කිස්සටම යන්නේය. වේයන්ගොඩ දිහාට එනකොට මම ගස්බව්වා වගේ සීට් එකේ දපනේ දාගෙන දොයිය. ඇදට වඩා සැපට නින්ද ගියේය. කෙසේ හෝ 6 වනවිට බෝඩිමට ලගා වූ රජා නැවත වතාවක් බඩ එහෙම හිස්කර ගනිමින් සයිට් එක බලා පිටත් උනේය.

උණ හේතුවෙන් සති 2ක් පමණ සිටීමෙන් සයිට් එකේ බාසුන්නැහැලාට මාව අමතක වෙලා ඇති යැයි සිතා සතුටු වෙමින් ගේට්ටුවෙන් ඇතුලට අඩිය තිබ්බෙමි. හයියෝස්...පොල් සම්බෝලස්.....ය වැඩ කරන උන්ට පිස්සු හැදිලා වගේය. සුභ අළුත් අවුරුද්දක් මහත්තයා.... කියාගත්තු ගමන්ය අතට අත දෙන්නේය. ලබ්බට හෙන ගැහුවා වගේ මූණටම සුභ අළුත් අවුරුද්දක් කිව්වහම ආපහු කියන්නේ මොකද්ද කියලවත් මට මතකයක් තිබ්බේ නැත. එසේම වේවා... කියලා කියන්නත් මීටර් උනේ ටික වෙලාවක් ගිය පසුය.

උදේ කට්ටිය වැඩ කරලා 9.45 වෙනකොට ඔෆිස් එකට එන්නයැයි ඉහලින් උපදෙස් ලැබුනේය. එහෙ මෙහෙ කැරකි කැරකි ඉදලා සයිට් එකේ හැමෝටම වගේ සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා උඩම තට්ටුවට යන කොට 8ට කිට්ටුය. වෙනදා වගේ වෙලාව ගියෙත් නැත. වෙනදාටනම් උඩට ගියා, පල්ලෙහාට ආවා, තේ බිව්වා, ආයේ උඩ ගියා ,පල්ලෙහාට ආවා, බත් කෑවා, ආයේ උඩ ගියා, අයිසක් ගැහුවා වගේ රවුමක් යන්නේය ඊයේ නම් තනිකරම අයිසය. බෝර දාලා කඩන්න තරම් අයිස්ය. ඒ අයිස් කුට්ටි බේරේ වැවේ ගිල්ලුවත් දිය නොවන සයිස්ය.

9.30 වෙනකොට අපි ඔපීසියට රිංගුවෙමු. අම්මට උඩුය... ගංවතුර ආධාර පෝලිම වගේ කට්ටිය පෝලිමේය. මීටර් 200කට වැඩි බව නම් ටක්කෙටම සුවර්ය. ත්‍රාස්‍යජකන ෆිලුං එහෙක වගේ පිරිස අතරින් රිංගාගෙන දෙකට නැවීගෙන ඔපීසියේ දොර සොයාගත්තෙමි. පෙර කරුමෙකට ඇතුලට රිංගාගත් හෙයින් තැලෙන්න තිබූ අවස්ථාව මග හැරී ගියේය.

කිරිබත් කාලයි අපි වැඩ අඹරන්නේ... කියලා බඩ පැලෙන්න කෑවෙමු . අළුත් ටී ලබා ගත්තෙමු. ඊලගට තිබ්බේ බෝල ගහන්න යන්නය. අපිට කොතන ගියත් ස්පෙසොල් සැලකිලිය. අනිත් උන් වාහන වලින් ග්‍රවුන්ඩ් එකට යද්දී අපි පයින්ම ගියෙමු. වැඩි දුරක් නැත. මලින්ද මාමාගේ මන්දිරේ පිටිපස්සේ මැටිපාක් ග්‍රවුන්ඩ් එක අපේ මර්මස්ථානය විය. අපි ගාට ගාට යන විටත් කට්ටිය පිල් බෙදිලා එහෙමත් ඉවරය. ට්‍රේනින් උන් වෙනම ටීම් එකක් හදාගෙනය නම ට්‍රේනී කණ්ඩායමය. අපි ආ පසු එය ඕල් අවුට් කණ්ඩාමය යයි නම වෙනස් කරන්න ගියද එතකොට පරක්කු වැඩිය.
ග්‍රවුන්ඩ් එකට පේන අපේ බිල්ඩිම
තරගය පටන් ගත්තේය. කණ්ඩායම් 14කි. අපේ තරගය තිබ්බේ මැද හරියෙය. ඒක පටන් ගන්නකන් අපි ගංගාරාම පන්සල පැත්තට ඇවිද ගියෙමු. පන්සලේ සූ.... ගාලා සෙනගය. ඇතුලට යන්න සපත්තු ගලවන්න ඕනෑය. මේ සේෆ්ටි ෂූස් ගලවා ස්වසන ආබාධ හදිසි මරණ වලට වග කිව නොහැකි හෙයින් ඒ අදහස අත්හැර නැවත පිට්ටනියට ආවෙමු. බැරි වෙලා හෝ අපි එතන සපත්තු ගැලෙව්වා නම් නහය නිල් වීමෙන් සිහි සුන්ව බේරේ වැවට ඇද වැටුනු කිහිප දෙනෙක්ගේ මල ගම් අද ටීවී එකේ පෙන්නනවා සිකුරුය.

අපේ මැච් එක පටන්ගත්තේය. මුලින්ම බැටින් අපිය නියමිත ඕවර් 3ට ලකුණු 60ය. අළුතෙන් ආපු ට්‍රේනි බුවෙක් 6 ඒවා වගා කලේය. උගේ පිහිටෙන් ලකුණු නම් ආවේය. ඊලගට බෝල රකින වැඩේය. රජා කීපර්ය .අපේ බෝලර්ස්ලගේ සියළුම අංග චලන මට නියමෙය විස්තර කල හැකිය. රජාට අත ඇරුන බෝලයක විස්තරය මෙසේය.

“X... දිව එනවා පන්දු යැවීමට. වමතින් වේග පන්දු යවන මොහු උඩ පැන දකුණතින් පන්දුව පිරිනැමුවේය. මැද ඉන්නට චුට්ටක් මෙහෙන් පතිත වූ පන්දුව පා ඉන්න හරහා භ්‍රමණය වී පන්දු රකින රජා වෙත යොමු වුනේය . පාරේ යන ඇන්ටියෙක් දෙස නෙත් යොමාගෙන සිටි ඔහුට පන්දුව අත ඇරුනේය. පිට්ටනියේ කොනක සිටි තුන්වෙනි කොළුවා හති හලමින් දූවගෙන ඇවිත් බෝලේ අහුල ගත්තේය. ප්‍රතිවාදීන්ට ලකුණකි.“

මෙන්න තෑගිස්
කෙසේ හෝ අපි දිනුවෙමු. නමුත් සෙමි ෆයිනල් එක අලංකාර ලෙස අනුභව කලෙමු. ඒක නම් මාර රහය. මෙවර හයේ පාරවල් සීනිබෝල රහය. පිට්ටනියේ බැල්කනි කෑල්ලට ගිහින් බලාගෙන හිටියෙමු. අඩේ අප්පා...... අර කලින් දැක්ක ඇන්ටි කෑල්ලද මන්දා මේ පැත්තට ඇදෙන්නීය. කෝකටත් පොට ගිය ඇහැ උල්කර බැලුවෙමි. නෑ... නෑ..... මේ වෙන එකක්ය. මික්ස් ටයිප් එකක්ය. තායිලන්තෙන් ඉම්පෝට් කරපු ට්‍රැනී අක්කෙක්ය. ඇය හරි හරියට කොල්ලොත් එක්ක නැටුවාය. හවස් වරුවෙම ෆන් එක මෙයා විය.




හෙඩ් ඔෆිස් එකේ කණ්ඩායම අවසන් තරගයේ ජය ලබාගත්තෝය. අපිට හුලංය. දවල්ට කන්නත් නැත. බොරුවට දගලලා උණ දෙපිටින් යන හැඩ මට තේරුනේය. ගුණසිංහපුර බස්ටෑන්ඩ් එකට ආපු මම කුරුණෑගල බස්කෑල්ලක් අල්ලාගත්තෙමි. ෂෝයි අක්කා කෙනෙකුත් ලගින් වාඩි උනේය. ඇය දිවුලපිටියට යනකම්ම මං ලගය. අක්කාගේ සුවදට මගේ ඔලුවේ කැක්කුමත් වාස්ප වී ගියේය. වත්තල හරියේදී මට නින්ද ගිහින්ය. මම අක්කාගේ ඇග උඩවත්, අක්කා මගේ ඇග උඩවත් හිටියේ නැත. මම ඉතා නිවරැදි ලෙස මගේ සීට් එකේ ස්ථානගත වී සිටියෙමි. මේ හොටු කෙල්ලෝ සීට් එහෙක බුදියන්න දන්නේ නැත. හැන්ඩ්සම් කොල්ලන්ගේ ඇගේම එල්ලෙනවාය.

රෑ 8 විතර වෙනකොට රජා මාලිගාවට සැපත් විය. පළවෙනිදා පන්සලක් ලගින් ගියේය. අම්මලා පන්සල් යන්නේ නැතුව මට කෑගහන්නේය. මං හින්දා යන්න බැරි උනාලුය. ඒකටත් පලි මේ අහිංසක රජ පැට්ටාය . 2013ත් එලෙස අසික්කිත කුජීත අලංකාර ආකාරයෙන් ආරම්භ උනේය. තව දවස් 364ක් එහෙම්මමය. ඒවටත් මේ සෙතේම අල්ලන්නේය. ඒක ජලයේ ඇදි ඉරක් මෙන් සුවර්ය.


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, December 10, 2012

එකෙක් පඩි අරං.... මේං මෙහෙ එක විකාරයයි


දෙයියනේ කියලා රජත් රටට වැඩක් කරන්න හිතාගෙන වැඩට ගිහින් දැන් මාස එක හමාරක් ඉවර වෙන්නත් කිට්ටුය. දාඩිය මහන්සියෙන් ගත්තු පළවෙනි පඩිය දවස් 6ක පඩියක්ය. ඒක පළවෙනි පඩිය විදිහට ගන්නත් බැරිය. ඒත් අම්බානට බර ඒ පඩි උරේ උස්සගෙන ගෙදර ආපු දවසට පස්සේ දවසේ පන්සලේ කඨිනෙය. රජත් ඉතින් යන තැනකට පින් තකා පඩියෙන් කොටසක් කඨින පෙරහැරට පූජා කලේය. ඉතුරුවයින් කලේ තලා ගත්තු පෝන් එක වෙනුවට වෙන එකක් ගැනීමය. දවස් 6 පඩිය එසේ විනාස විය. 

මේ මාසේ පඩි අරං රජා රාජධානිගත වී ඇත. ඇතැම් විට එය වැසියන්ට මහත් හිසරදයක් විය හැක. මුගේ කට කැඩිලා පල මේ කුප්ප, කුජීත කතා කියනවට. මුට වෙන්නේ ටොන් ගානට බර විලම්භීත සීන් ගොඩක්. ඔවුන් එසේ සිතනවාද විය හැක. 

එක එක කතන්දර අහගෙන, ඉරට බල්ටියේ දුරින් හිටගෙන කට්ට කාලා මේ පාර හෙන ගානක් රජා හොයාගත්තේය. බය නැතුව බොයිලර් කුකුල්ලු 40ක් මිලට ගන්න පුළුවන්ය. කෙසේ හෝ පඩි දවස උදා විය. පඩිය අරං 12.30ට සයිට් එකෙන් ඕෆ් වෙන්නේය. අනේ... වෙනදා නැති උනන්දුවක් හැමෝගෙම මූණු වල දිලිසෙන්නේය. පැණි වරකෙට කුඹි වහලා වගේය. එහෙ මෙහෙ දුවන්නේය. මාර කඩිසරය. බලන්න ආසාවේ බැරුවාය. 

ලස්සනම ජවනිකා යන්නේ පඩි වෙලාවේ ඔෆිස් එක ඇතුලෙය. නිකන් වගේ හම්බෙන බත් එක කා රජා, වැලයා, ගවේෂක සමග නිශාන් කොලුවා අපේ ටේබල් එකට වී කට්ටිය දෙස බලාඋන්නේය. ඒ බේරෙන පැණි හිනා පොදවල් බෝතල් ගත කලහොත් වෙනම කොම්පැණි යක් දැමීම කජු කනවාටත් වඩා ඊසිය. සමහරු ලියුම් කවරයෙන් ගන්නා සල්ලි ගනිමින් ඉදිරියට ඇදීම හේතුවෙන් මේස පුටු වල තුන්මුල්ල වද්දාගත් අවස්ථාසුලභය. 

පඩි ගත් උන් ක්ෂණිකව සයිට් එකෙන් අතුරුදහන් වෙන්නේය. අංජනං දේවි තියා දේවිගේ නංගි ගෙනාවත් උන්නම් මේ කපේදී හොයාගන්න වෙන්නේ නැත. අපේ කැරැට්ටුවත් එසේමය. මමයි නිශානයයි කෙලින්ම නැවතුනේ කැම්පස් එකේය. සබ්බ සකල එසයිමන්ට් සබ්මිට් කිරීමෙන් අනතුරුව මේ කිරිටොයි කොල්ලො දෙන්නා පඩිය සමාජගත කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයක නිරත වුනෝය.

පළවෙනි මර්මස්ථානය ගල්කිස්ස ෆැබ් එකය. අනිවා ඒකේ හිටපු සුදුමැලි, කන් දෙකම කළු කෙල්ලෝ ටික බය වූවා නිසැකය. ඇයි යකෝ... හැමතැනම සිමෙන්ති ගාගත්තු සේෆ්ටි ෂූස්, මලකඩ ගෑවිච්ච ඩෙනිම්, ඉරිච්ච බෑග් දාගත්තු, අව්වට පිච්චිලා ගිය සරණාගතයෝ දෙන්නෙක් ඇතුළට ආවා පමණය. අපි යනකොට මුළු ෆැබ් එකම අති විශාල 5 දෙනෙකුගෙන් පමණ වූ ජනකායකගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේය. එකම හිස් ගොඩකි. සූ......... ගාන්නේය. 

ගාර්ලික් ටෝස්ට්, අයිස් කෝපි, කේක් කෑලි ඕඩර් විය. ටෝස්ට් එක පරක්කු වෙන හින්දා කේක් කෑල්ල රසවිදිමින් හිටියෙමු. මෙච්චර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවද බං? ෆැබ් එකට එන කෙල්ලෝ ඔක්කොම පට්ට කොලිටිය. කරමල් මෝදු වෙච්ච ඩෙවල් චිකන් කෑලි වගේය. එකක් නං ටක්කෙටම සුවර්ය. ඒ රජාගේ උපකල්පනයක්ය. කේක් කන කෙල්ලෝ ලස්සනය. මේවා දකින රජාටත් පෘතග්ජන සෞඛ්‍යසම්පන්න ඌරෙක් විදිහට ශෘංගාරාත්මක අදහස් පහල වෙනවාලුය.

ෆැබ් එකේ පදිංචි වෙලාම ඉදලා අපේ බුදු ෆිට් එක වූ කළු මිටි මහත ඇන්ටියා ටෝස්ට් එක උස්සන් ආවාය. එනකොට අපි කේකුත් කාලා, බීමත් බීලා ඉවරය. ඇන්ටියා මද කිපිච්ච ඇතෙක් දැක්ක අලි කෑල්ල වගේ තෝන්තු වුනාය. 

ඇන්ටි - අයියෝ... ටෝස්ට් එකට කලින් කේක් කෑවද?

රජා - නිකන් බලන් ඉන්න බෑනේ... ඉස්සරහ බලාගෙන ඉද්දි නිකම්ම කැවුනා. කේක් කෑලි එහාට යනවා... මෙහාට යනවා... හරි නෑනේ නිකන් බලාගෙන ඉන්න

ඇන්ටි - :)

සෝස් බෝතලෙන් බාගයක් ඉවර කරමින් ඒකත් කා අවසන් විය. දැන් නිකන් අර චිලි සෝස් කාපු ස්කූබියා වගේ දිවත් අඤ්ඤකොරොස් වෙලාය. කට හරියන්නත් එක්ක ආයෙත් ගිහින් ලස්සන අක්කා කෙනෙක්ගෙන් කේක් පළුවක් අරං කෑවෙමි. තඩි ඇන්ටි කට කොනෙන් හිනාඋනාය. 

පඩියෙන් කොටසක් එසේ නිමවිය. එදා රෑ රජාව එක්කන් යන්න රජවාසල කාර් රථය පැමිණ තිබුනේය. එක්කන් යාමට ඒමට හේතුව රජා ඇදුම් බාගෙට හේදීමය. ගිය සතියේ මලකඩ මේ සතියෙත් තාම ඇදුමෙය. වත්තල ලයිට් හවුස් හෝටලෙන් රෑ කෑමට සෙට් උනේය. මෙතනදී දවසේ කතාව කලේ අපේ මව්තුමියය. ඉදිආප්ප සමග චිකන්ය. චිකන් කරියේ හෙන කකුල් 3ක් සමග කකුලාගේ බඩ පෙදෙසය. කෑම කා අවසන නැවත කාරයට ආවෙමු. නැවත ගමන් ආරම්භයට පෙර මොහොතකි...

තාත්තා - කෑම අවුලක් නෑ නෙහ්

රජා - මට නං හොදයි..

යුව රජ - අම්බෝ කුකුළගේ සයිස්.. මට හිරත් උනා

අම්මා - මෙහෙ දවසකට කොච්චර නං කුකුල්ලු යනවා ඇත්ද? අපිටම සම්පූර්ණ කුකුලෙක් හිටියනෙ. ඒ උනාට එක කකුලක් අඩුයි නෙහ්? බඩ හරියයි අඩු 3යි නෙ තිබ්බේ...

තාත්තා - ඉතින් කොහොමත් කුකුලට කකුල්2යි නේ...

කාර් එකේ වීදුරු හෙල්ලුනේය. හදමින් තිබ්බ හයිවේ එකේ තාර රැලි වැටුනේය. ඒ රජාගෙයි, යුව රජාගෙයි හූ හඩටය. 

අම්මා - ^_^

රජා & යුව රජා - @ හිනා වෙලා බඩ කොර වී

තාත්තා - අම්මා කකුල් 4 කුකුලෙක් කාලා... :)

එක එක කතා කියමින් එකිනෙකාව චාටර් කරගනිමින් මාලිගාවට ලගා විය. පසුදා පහන් වන තුරු නිදාගත් රජා හොරෙන්ම බයික් එක ගත්තේ ඩොන්ගලේ බිල ගෙවන්න ෆුඩ් සිටියට යනවා කියා හොරෙන්ම තිලකවර්ධන එකට රිංගා කට්ටියටම ඇදුම් අරං දීමටය. එදා නං මහ නරුම දවසක්ය. බයික් එකෙත් මෝටරේ වදින්නේ නැත. මාස ගානක් එකම තැන තිබිලා ඒකත් පුස්කාලාද කොහෙදය. 

හවස් වරුවේ කිරිඅම්මා අපේ ගෙවල් පැත්තේ ආවාය. එයා රට වටේ පන්සල් සිසාරා යමින් පින් දහම් කරන්නීය. මමත් පින් තකා ඇගේ වැඩ සදහා පඩියෙන් කොටසක් පූජා කලේය. 


රජා - කිරිඅම්මේ... මේ සල්ලි ඔයාගේ පින් වැඩ වලට තියා ගන්න...මගේ පළවෙනි පඩියෙන් ඈ..

කිරිඅම්මා - ආනේ.... මම මැරෙන්න කලින් ලොකු මුණුබුරාගෙන් කීයක් හරිත් හම්බුනා එහෙනං... බුදුසරණයි පුතේ!!! තව හොදට ඉගෙන ගනින්...

රජා - තව හොදට පඩි ගන්න දවසක වැඩියෙන් දෙන්නංකෝ... :)

ඇගේ රත්තරං ටෝක් එකට මට ඇඩුනේය. තනි ඇහෙන් නොව හිතෙන්ය. 

අද උදේ රජා හොරෙන් කරන්න හිටපු දේ එලිපිටම කරලා දැම්මේය. එක එක්කෙනා ළගට ගිහින් ඕනේ ඕනේ කියන එක අරං දෙන්න තීරණය කලේය. 

අම්මා - මට ඇදුම් එපා... ලස්සන සෙරෙප්පු ජෝඩුවක් බැලුවා ලවර් එකේ... ඒක ගම්මු..

යුව රජ - මට ඕනේ කැප් 2ක්...

තාත්තා - මොකුත් ඉල්ලුවේ නෑ... අරං දුන්නා කමිස අතර ෂර්ට් එකක්.

බව්වා - කිඹුලා බනිස් 2යි...

පූසා - නැට්ට කැඩිච්ච හූනයි...

එහෙන් මෙහෙන් ඒවට මේවට ඕවට වියදම් කරලා... අම්මගෙන් දෙදහක් ඉල්ලගෙන, දහයක් හදාගෙන කොල්ලා කොමර්ෂල් බෑන්ක් එකේ එකවුන්ට් එකකුත් ඕපන් කලාලු.. ඇයි ඉතින් අර අර තායිලන්තේ ටුවර් එකට කීයක් හරි එපායෑ ;)


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, December 8, 2012

කක්කා බාබෙන්ඩර්ස් සමග ලැජ්ජා නහරය කපා දැමුවෙමි


කුජීතම සීන් එකනං රජා ලියන අඩවි කෑල්ල අපේ සයිට් එකේ මහත්තයෙකුට මාට්ටු වීමය. එයාටත් කියලා තියෙන්නේ යාගේ යාළුවෙක්ලුය. මේ ළගදි මං ගාවටම ඇවිත් මල්ලි ඔයාද සයිට් එක කරන්නේ කියා ඇසුවේ. එදා ඉදන් රජා සයිට් එකට යන්නේ දුම් මගින් ගලලාය. යි යකෝ... ලියලා තියෙන වයේ හැටියට ඇදුමක් ඇදගෙන ඉන්න පුළුවනෑ... ඒ මදිවට දැන් මහත්තයා මංතුමා දැක්ක හැටියේ එක එනම් වලින් අමතමින් හිනා වෙන්නේය. 

ආ.... රජතුමා.....
ආ....මං රජා.....
වල් රජා.... 

ඇයි තව පෝස්ට් වල විස්තරද අහන්නේය. අරයා කවුද? මෙයා කවුද? අර බස් එකේ ගෑල්ලමයා... අයියෝ... රෙදි නැත. අනිවා දැන් ඕක ඔපිස් එකේ කට්ටියම කියවපු දවසට මපෙරගෙන ගහන්නේය. විශේයෙන් අ තුනී ලෑලි සංස්ථාවේ ගෑල්ලමයි සෙට් එකය.     

මං රජා සයිට් එකේ වැඩ කරන්නේ කම්බි අංශයේ බව දැන් සෑම සිළු ජනී ජනයා දන්නා ප්‍රසිද්ධ රහසක්ය. අපිට කොහේ ගියත් මොකාක් හෝ පොල් ටොපියක් අනිවා සෙට් වෙන්නේ. අනේ ඉතින් මෙහෙදිත් එකේනම් වෙනසක් නැත. රජාට අළුතෙන් ආපු කම්බි බදින ගෘප් එකක් හෙවත් බාබෙන්ඩර්ස්ලා සෙට් එකක් භාර දුන්නේය. අනේ දෙයියනේ....උන් කම්බි තියා මේ ලෝකේ සංසාරයක් දන්නේ නැත. අඩුම තරමේ හෙඩ් බාසුන්නැහෙත් වැඩ්ඩෙක් නෙමේය. ඌත් වෙලාවකට කෙලින්නේ බයිලාය. ගෘප් එකේ නම KKB ය. නමුත් අපි කියන්නේ කක්කා බාබෙන්ඩර්ස්ය. ඒ තරමට උන්ගේ වැඩ සුපිරිය. කම්බිය ගැට ගහන තැන ළකුණු කරලා එතනින් ගැටගහපන් කියලා ගිහාම ගැට ගහන්නේ වෙන තැනකය.

රජාටත් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එකපාරට වැරදි ක්ලික් වෙන්නේද නැත. උන් කියන දේ හරියට නොකරන නිසා එක එකාගෙන් කතන්දර අහන්න වෙලා තියෙන්නේ මටය. උන් දැන් දවස් දෙක තුනක්ම වැරැද්දුවේය. අනික වැඩ කරන්නෙත් හෙමින්ය. පළවෙනි වැරැද්ද මීට හරියටම මාසෙකට කලින්ය. ලින්ටල් බීම් එකක උස මිලි 100ක් වැඩිපුර තියලා මුන් බැන්දේය. ඒ රජා සයිට් ගත වූ මුල්ම කාලෙදිය. ඒ නිසා කවුරුවත් මට බැන්නේ නැත. නමුත් මෙහෙප කරපන්.... මෙහෙම බලපන් කිය කිය උපදෙස් දෙන්නේය. ඒක බැනුම් ඇහුවාට වඩා හිතට වදින්නේය. පොව හාරගෙන හාරගෙන හාගෙන වැළලෙන්න හිතෙන්නේය. 

මංතුමා ළග හිටියත් වරද්දන එකේ ළග නැතිකොට කවර කතාද? රජා දවස් දෙකක් නිවාඩු ගත්තේය. ඒ නිවාඩු දවස් දෙකේ මුන් ටික පඩිපෙලේ කම්බි වැඩ කරලා තිබුනේය. මම මොකුත් දන්නේද නැත.දා මුන් හද්ද වැරුද්දක් කරලාය. බැදපු බීම් ඔක්කොතැන් තැන් වල වැරදිය. පහුවදා මම නකොට එකම ගූ හැලියය. ඒ මදිවට වටේ කම්බි බැදපු උනුත් වරද්දලාය. කෙසේ හෝ එහෙන් මෙහෙන් ගොඩ දාගෙන වැඩේ ඉවර කරනකොපෙරහැර ගිහිල්ලා ඉවරය. බලන්න ආපු උනුත් ගිහිල්ලාය. වඩේ විකුණන්න ආපු උන් දෙන්නෙක් හිටියා වගේ මතකය. 

කෙන් මෙකෙන් උනේ ෂෙඩූල් කරලා තිබ්බ දවසට වැඩිය දවසක් කොන්ක්‍රීට් එක පස්සට යාමය. ප්‍රොජෙක්ට් මැනේර් මහත්තයාට හෙන අප්සට්ය. උදේම තියන යිට් මීටිමේදී මගේ රෙදි ගැලෙව්වේය. 

දැන් බලන්න... ස්ටෙයාකේස් එකේ කොන්ක්‍රීට් එක අපිට දවසක් පස්සට දාන්න උනා.. ඇයි එහෙම උනේ?

කම්බි වරද්දලා මහත්යා

ඒ මොකද ? කවුද එතන කම්බි බලපු මහත්තයා?

රජා කියලා මහත්යෙක් තමයි බැලුවේ..

කෝ රජා මහත්තයා?

තාඇවිල්ලා නෑ....

මම එදා මොද්දෝ වෙලාවට සයිට් කට ආවේ පරක්කු වෙලාය. මේ කතාව යද්දී මම පිටීමපස්සට වෙලා හැංගිලා සිටියෙමි. ඇත්තටම ගත්තොත් අවුල් ගිහින් තියෙන එක කම්බියක් බැදපු තැනක මම හිටියේ නැත. ඒත් ස්ටාෆ් එකේ ලොකු ලොකු මහත්තුරු කලේ මේ පොඩි එකාගේ නම විකුණලා තමන්ගේ ඇග බේරාගත්තු එකය. හේතුව ඒ ගෘප් එක බලන්නේ රජා වීමය.

දා හවස ස්ටාෆ් මීටින් කය. කෙත් මේ කතාව ඇදුනේය. 

කවුද එතන කම්බි බැලුවේ?

හරියට හරි... පසුස කලාපයේ ඉදගෙන සිටි මට හීන් දාඩිය දැම්මේය. ගලනාල, බල නහර, සිරා මනි ඔක්කොම හිර විය. කරකියාගන්න දෙක් නැති විය. කුණු බැනුම් අහන්න හිත හදාගෙන බල්ලා වගේ, ක්ෂණිකව නැගී සිටියේය. රජාගේ මුහුණේ වූ අහිංසක ලීලාව රැස්ව සිටි පිරිසගේ ඇස් කදුලින් තෙත් කලේය. 

මීට කලින් කම්බි බලලා තියෙනවද?

චනයක්වත් කතා නොකර හිස දෙපැත්ට වැනුවා වගේ මට මකය. ආයේ ඉදගන්නවාත් යන්තමට මතකය. ඊට පස්සේ ගෙනාපු කිරි තේ එක බිව්ව එකනං ලෙසම මතකය.

එක්ස්පීරියන්ස් අඩු එක්කෙනෙක් වැඩට යොදවපුවාම අපේ මහත්තුරු එතන ගිහින් බලන්න ඕනේ... නැතුව එයාට තාම තේරුමක් නෑනේ.

අන්න ඒ වටිකෙන් රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේය. තව ටික වෙලාවක් එතන හිටියානම් සුදු රුධිරාණු වැඩි වෙලා ලියුකේමියාව හැදිලා ම සොට්ටපොච්චි වෙන්නේය. මට එවෙලෙම පී.ම් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වදින්න හිතුනේය. 

මට ස්ටාෆ් එකේ එක ගොබ්බයෙක්ට ප්‍රසිද්ධියේ බැනීමේ අවශ්‍යතාවයක් දැඩිව ඇත. ත් ඒක ත කරන්න බැරිය. හේතුව මට ට්‍රේනින් එක ඉවර කගත යුතු නිසාය. නමුත් වෙලාවට ගේම ගැසිය යුතුය. පොර හිතාගෙන ඉන්නේ මිනිහා හෙන ලෝඩ් කියලාය.  

ව ටික දවසකින් අව්වේ කට්ට කාපු කාලේ නිමා වෙන්නේය. රජාගේ දැඩි ඉල්ලීම පරිදි කන්ස්ට්‍රක්ෂන් මැනේජර් හත්තයා, රජාව හා ගවේෆිනිෂින් සෙක්ෂන් එකට මාරු කර දෙනවා කීවේය. ඒ කියන්නේ රෝස් කරපු කුකුළා වගේ ඉන්න රජා තව ටික දවසකින් කලින් තිබූ සුදු පාටට එන්නේ..

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!