Monday, March 3, 2014

සූර සරදියෙල් සොයා උතුවන්කන්දට | Hike Uthuwana | Castle Rock | Uthuwan Kanda


කොළඹ නුවර පාරේ මාවනැල්ල කිට්ටු වෙනකොට පැත්තකින් ගලක් උඩ ගලක් වගේ සීන් එකක් ඔය පාරේ වටපිට බල බල යන එන අය ඕනේ  තරම් දැකලා තියෙනවා ඇතිය. අන්න ඒ අපේ ලෝකල් රොබින්හුඩ්ගේ හෙවත් සූර සරදියෙල්ගේ මර්මස්තානය හෙවත් උතුවන්කන්දය. එදා තලේගල නැග්ග වෙලාවේ ඒක උඩට පේන  කදු ඔක්කොම කවදා හරි නගිනවා කියන මොංගල් සිතුවිල්ල පහල නොවන්නට මේ කදු කවදාවත් නගින්න වෙන්නේ නැත. බතලේගලට Bible Rock කියනවා වගේ උතුවන්කන්දට කියන්නේ Castle Rock ය. ඒ ඉස්සර සුද්දට ඕක පෙනුනේ උන්ගේ මාලිගාවේ දුම් කවුළුව වගේ නිසාලුය. ගමේ මිනිස්සු නම් මේකට කියන්නේ සරදියෙල් ගල කියලාය. සීයා කෙනෙක්ගෙන් පාර අහන්න ගිහින් රජා දැනගත් දේ ඔන්න ඕකය.

රජා බයික් එක අතට අරන් යන්න පටන් ගත්ත පාර නැවතුනේ කෙලින්ම මාවනැල්ලෙය. ස්මාට් පෝන් වල ප්‍රයෝජනේ දැනෙන්නේ එතකොටය. මම උතුවන් හන්දිය පහුකරගෙන ඇවිල්ලා තිබුනේය. ගූගල් මැප්ස් පිහිටෙන් ආපහු බයික් එක හරෝගෙන හන්දියට ගියේය. අපේ මධුරංග අයියලා බතලේගල නැගලා එනකන් බෝක්කුවක් උඩ ඉදගෙන හිටියෙමි. පාරේ ගිය පිස්සෙකුට රුපියල් විස්සකුත් දෙන්න උනේය. හරි යන්නේ නැත. මෙතන ඉදන් පාරේ වාහන දිහා බලන් ඉන්න බැරිය. මම හෙමින් හෙමින් උතුවන් කන්ද පාරේ ඉදිරියට ඇදුනෙමි. ගලට යන්න පොඩ්ඩක් එහායින් සරදියෙල් ගම්මානය ප්‍රතිනිර්මාණය වෙන්නේය. තාම ඔෆීෂියලි විවෘත කරලත් නැත. ඒ උනාට බලන්න සෑහෙන පිරිසක් නම් එන්නේය. මට වෙන කරන්න දේකුත් නැති එකේ රුපියල් සීයක් දීලා ඒක බලන්න ගියෙමි. විස්තර කරන්න ගයිඩ් කෙනෙක් එහෙම හිටියේය. මිනිහා ලස්සනට වැඩේ කලේය. අහන් ඉන්න ආසය මම සරදියෙල් කතාව කියන්න යන්නේ නැත. සිළුමිණේ ලස්සනට ලියලා තියෙන්නේ කැමති නම් කියවන අය සදහාය.

සරදියෙල් ගම්මානය

අම්බලමේ ඉදන් දෝලාවෙන් එන එකා පිළිගනිමින්
පිංචොහාමි ඉස්සර හෙන කෑල්ලලු. රාජසිංහ රජ්ජුරුවන්ගේ අන්තපුරෙත් හිටියය කියන්නේ
ප්‍රභූ නිවස මේ කලගෙඩි වල ජෝ ටික පට්ට!!
කෑලි ටිකක් නානවා! අර ඉන්නේ සරදියෙල් අර අර!!!
සරදියෙල් සුද්දට *ක පෙන්නලා දිව්වලු
මාවනැල්ල ගඩොල් පාලම දිගේ සරදියෙල් හා මරික්කාර් බෝගම්බරට
සරදියෙල් එල්ලා මරනු දුටුවෙමි
අන්න අර ගලේ සෑර් ඕකා ඉන්නේ
සුද්දා යන ගල්
සංවාරකයන්ට නවාතැන්
ගැමි කැවිලි
කට්ටිය එනකන් ගම්මානේ ඇවිද ඇවිද හිටපු මම ඊට ටිකක් එහායින් වූ පාරේ හෙවන ගහක් යටට වෙලා හිටියෙමි. අව්ව හොදටම සැරය. මී හරකෙක් වෙලේ මඩ නාන්නේය. ටික වෙලාවකින් උගෙ අයිතිකාරයා ඇවිල්ලා මූව ඇදගෙන රජා ඉන්න පැත්තට ආවේය. මූ මං ලගට ඇවිල්ලා නැවතිලා මගේ දිහා බලාගෙන හිටියේය. මට නිකන් හීන් දාඩිය වගේ දැම්මේය. ඇයි යකෝ උගේ අං දෙක මේම... මේමය.... ඇන්නන් එහෙම බොකු බඩවැල් අං දෙකේය. මම ෂේප් එකේ පැත්තකට උනෙමි. අයිතිකාරයා අරෑගේ ළණුවෙන් දාගෙන අදින්නේය. මූ මං දිහා බලාගෙන එක පාරට එතනින් දිව්වේය.

අයිිකාරයා ~ ඌ මල්ලිට බය වෙලා... හෙහෙ..!!

රජා ~ ආහ්.. හෙහෙ!

මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි යකෝ නිකන් මැරුනා වගේද හරකෙක් අතින් මැරුන් කන එක. මොන නව නිංගිරාවක්ද. මං හිතන්නේ ඌ බය උනේ The King is here කියන ටී ෂර්ට් එකටය. ඌ හිතලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවෝ වෙලට සම්ප්‍රාප්ත වෙලා කියලාය. ලොල්..!!!

මධුරංග  අයියලා සෙට් එක ආවේය. අපි ගමන පටන් ගතිමු. එක එක ටෝක්ස් ගොඩය. හම්මේ.... සරදියෙල් හොරෙන් හරි මේවා අහන් හිටියනම් ඌටම වෙඩිතියාගන්න දෙපාරක් හිත හිත ඉන්නේ නැත. අව්වට වේලිලා වේලිලා ගිය පොළවයි කර වෙලා ගිය කොලයි හින්දා අඩිය තියෙන තැන් වහා ලෙස්සන සුළුය. පරිස්සමට යන්න වෙනවාය. අනික ඉතින් අපේ ෆිට්නස් එහෙම සුපිරි නිසා අඩි දෙක යනකොට දිව ටයි පටිය වෙලාය. ඔය යන අතරේ සිරාම කතාව කිව්වේ මධුරංග අයියගෙ යාළුවාය.

අපි ගිය ආත්මේ සුද්දෝ වෙලා මූව අල්ලන්න එන්න ඇති බං එකයි මේ අපි ආයේ මේක නගින්නේ...


ගමනේ එකම එක තැනක පොඩි රිස්ක් එකක් තියෙන්නේය. ගල් පොත්තක් බදාගෙන ගහක් අල්ලගෙන තණකොල පදුරු වල එල්ලිලා නගින්න ඕනැය. හිත සැනසෙන්නේ මුදුනට ගිහාමය. අලගල්ල, අම්බුලුවාගල, තලෙගල, ඔක්කොම පෙනෙන්නේය. සතුට කියන්නේ ඒ ඔක්කොම නැග්ගා වීමය. උඩට ගිහින් වැඩිය සද්ද දාන්න බැරිය. මොකද දොන්ත සයිස් මීවද ගොඩක් තියෙන්නේය. උන් ඇවිස්සුනා නං වෙන දේ උන්වත දන්නේ නැත. සදා සොත්ති වෙන බං නං ටක්කෙටම ෂුවර්ය. මුදුනෙම තියෙන ගල්කෑලි ටික හරියට මිට මොලවන් ඉන්න අතක් වගේය. ඒක නං මාරම පිහිටීමක්ය.

මීයෝ


ටික වෙලාවක් උඩ පොටෝ අල්ලපු අපි බහින්න පටන් ගතිමු. ඒ අස්සේ එකෙක් ලොකු අම්මාට කෝල් එකක් ගන්නේය. අපි හෙමින් බහින්නේය. අරෑ කෑගන්නේය.

ඉදහල්ලා මම එනකං... අවසාන කෝල් එකද දන්නෙ නෑ. මතක තියාගනිල්ලා ලොකුඅම්මට ඈ ගත්තෙ අන්තිමට...



මධුරංග අයියා සහ රජා!!


කෝමහරි කිසි අවුලක් නැතිව අපි පහලට ආවෙමු. බැසයන ඉරයි උතුවන් කන්දයි මහ අමුතු දර්ශනයක් මවා පෑවේය. සරදියෙල්ට සමුදුන් අපි නැවත ගෙවල් බලා ඇදුනෙමු.


FB පොටෝ ඇල්බමය මෙතනින්
 
රොබින් හුඩ් වගේ ලක්දිව පල උන නමයි...
උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි... සූර සරදියෙල් මමයි...!!!
රාජ චාරිකා පෙල
 














සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, February 25, 2014

රත්නපුරේ කරක් ගැසුවෙමි | One day trip around Rathnapura

ඕයි... දහම් පාසලෙන් පුංචි දඹදිව බලන්න යනවා මුසේ එනවද... 

ඒ කෑගැහුවේ අපේ මලයාය. යකෝ කොහෙහරි ට්‍රිප් එකක් යනවානම් අපි එහෙම නෑවිත් ඉන්නවද... යමු යමු... මේ දවස් වල ගෙදර ඉන්න එකේ ගමනට මමත් නම දුන්නෙමි. කාලයක් දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වගේම පොඩි උන්ට උගන්නන්නත් ගිය එකේ කට්ටිය රජාව අදුරන්නේය. කිසි අවුලක් නැත. යන්නේ ගමේ උන් ටිකය. ළමයින්ගේ අම්මලා තාත්තලා උනත් ගමේ සෙට් එකය. අපේ ගෙදරින් අපේ මව්තුමියයි, එයාගේ මව්තුමියයි, රජායි සහභාගි උනේය. මෙචර කාලෙකට ගිහින් නැති ප්ලේස් තුන හතරකට යනවා කිව්ව හින්දම අම්මලා එක්ක උනත් ගමන යාමේ පොඩි ආසාවක් ඒ වෙනකොටත්ති වෙලා තිබ්බේය.


ගිරිඋල්ලේ ඉදන් රත්නපුරේට ඒ හැටි දුරක් නැත. උදේ 6ට බස් දෙකක නැගුනු කට්ටිය රත්නපුරේ බලා ඇදුනෝය. මග දිගට කට්ටියගෙ අල්ලාප සල්ලාප අහගෙන හිනා වෙවී ඇදුනෙමු. උදේට කන්න කොහෙදෝ මන්දා නැවැත්තුවේය. මට ගම මතක නැත. කොහොමහරි කන්න නවත්තපු තැන ඉස්කෝලයක්ය. ඔය වගේ ගමන් යද්දි අසාමාන්‍ය ලෙස චූ බර හැදෙන එක සාමාන්‍යයය.  එදා ඉරිදා දවසක් හින්දම හොදාය. රජා, යුවරජා සමග ඔටුවා පෙරමුණ ගෙන ඉස්කෝලේ වැට පැනගෙන ගිහින් ටොයිලට් හොයා ගත්‍තේය. ඒවාට ගියාට නං අපිට කීයක් හරි දිය යුතුය.

ආයෙත් ගමන පටන් ගත්තේය. පිටිපස්සේ පොඩි කෙල්ලෝ කුරුට්ටෝ සින්දු කියන්නේය. හම්මේ උන් කියන ඒවාට සහ ඒවාට අම්මලා  තත්තලාගේ ප්‍රතිචාර ඇහුවම මැරෙන්න හිනා යන්නේය. පොඩි උන් සින්දු කියන අතරේ රජා එක දෙයක් හොදට නිරීක්ෂණය කලේය. මුන්ට ළමා සින්දු කියන ඒවා පොඩ්ඩක්වත් මතක නැත. හිංචි පිංචි හාවා කියන්න පටන් අරං පද දෙකකින් නැවැත්තුවේය. යකෝ මට තාම ඕක පාඩම්ය. මුන්ට මතක නැත. ඒ උනාට මොකද ඔයා නිසා හඩලා, පෙරදාක සුසුමන්, වගේ සින්දු සම්පූර්ණයෙන් කිව්වාද කොහෙදය. දැන් හැදෙන උන් එහෙමය.

පළවෙනි නැවතුම දෙල්ගමුව විහාරයය. දෙල්ගමුව වැදගත් වෙන්නේ විශේෂ හේතුවක් මතය. ඒ දන්ත ධාතූන් වහන්සේ අවුරුදු 43ක් සගවාගෙන සිටි තැනක් වීමය. ඒකත් එසේ මෙසේ හැංගිල්ලක් නෙමේය. හංගලා තියෙන්නේ කුරහන් ගලක් ඇතුලෙය. මේ විහාරයේ බිතු සිතුවම් වලත් විශේෂත්වයකි. ඒ මෙහි තියෙන්නේ දළදා කතාවට අදාල බිතු සිතුවම් පමණය. අනිත් පන්සල් වල වගේ බුද්ධ රිය ගැන නොවේය. 






  පන්සල ගැන වැඩිපුර විස්තර හා කතාව මෙතනින්

ඒ සිද්ධිය එහෙම වෙද්දි ඊළගට අපි ගියේ  ත්නපුර මහ සමන් දේවාලේ වැදලා පුංචි දඹදිව බලන්නය. එදා සිරීපාදේ යද්දි පලාබද්දල බස් එක ගියා පාරෙම කැරකෙන වැලමිට වංගු දිගේ එහාට මෙහාට ඇඹරෙමින් අපි ඇදුනෙමු. කච්චර කැරකුනාද කියනවානම් සමහරු කබරයා හිටන් දැම්මේය.  පුංචි දඹදිවත් පොඩි මෙව්වා එකක් නැත්තේම නැත. බලන්න කියා ඒ හැටි ලොකු දෙයක් නැත. ඒ උනාට වටපිටාව නං සුපිරිය. වටේටම මීදුමෙන් වසාගත් කදු පන්තිය.



ආපහු එනකොට එක එක බඩු ගත්තු පොඩි උන් බස් එකට නැග්ගේය. එකෙක් තේ කුඩු පැකට් අරගෙන නැග්ගේය ඌව දැකපු බස් එකේ අම්මලාගේ හදවත් උණු වී වැටුනේය..

කීයද පුතා එකක්....

පොඩ්ඩා: සීයයි....

9ක්ම විකිණිලා ඉවර උනේය.  තව එකක් ඉතුරුය.

අංකල් කෙනෙක්:  තව එකායි...... එකායි...... කාටද ඕනේ.......

ආන්ටි කෙනෙක්: කෝ කෝ.... මට දෙන්න.... කියලා ඒක ගත්තාය.

දහයම විකිණිලා ඉවර උනා විතරය. බස් එකේ උන්ටික හුරේ... යේ... ගගා කෑගගහා පොඩි එකාට අත්පුඩි ගැහුවේය. ඊලගට නැග්ගේ කිතුල් හකුරු ගත්තු පොඩි එකෙක්ය. උගෙත් හකුරු ටික ඔක්කොම විකිණිලා ඉවර උනේය. ඌටත් අප්පුඩි ගහලා බස් එකෙන් බැස්සෙව්වේය. එක බස් එකකින් මෙහෙම දාහා දාහා ගානේ හොයනකොට, මේ පොඩි උන් දවසකට කීයක් නම් හොයනවා ඇද්ද කියා අපිට කල්පනා උනේ පස්සෙය.

හකුරු මල්ලි
ඊලගට යන්න නියමිත් උනේ දිවාගුහාව විහාරය  බලන්නය. යනකන් කට්ටිය නිදිය. ආන්ටිලා අංකල්ලා කෙල පෙරාගෙන බුදියන් ඉන්න හැටි රජාගේ පැපරාසි කැමරාවට අහුඋනේය. කට්ටිය නැගිට්ටම රජා ඒවා කට්ටියට පෙන්නුවේය.

රජා: ආන්ටි මේ මරු පොටෝව ඈ....

ආන්ටි & අංකල්: ඕවා ප්‍රසිද්ධ කරනවා එහෙම නෙමේ ඔන්න...

රජා: ආන්ටි වැඩිපුර සාරි තියෙනවා නේ ගෙදර....

කට්ටිය: හහහා....

ප්ලේස් එකට යනකොට ටිකක් වහින්න වගේය. පළාතම ටිකක් කළුවරය. ගුහා කට ගාවට යන්න නම් ටිකක් පඩි නැගගෙන යන්න ඕනෙය. පඩි දෙසීයක් තුන්සීයක් විතර තිබුනේය. ඕක නැගගන්න බැරුව කට්ටිය දිව ටයි පටිය වගේ හදාගෙන හති අරින හැටි දැක්කම දුක හිතේන්නේය.  බැරිම තැන රජා මුරුක්කු පැකට් එකක් ගත්තේ ඒකවත් කකා යන්නය. තව උන් සෙට් එකක් අග්ගලා කන් ඩෝං පුතා කිය කිය අර පඩි ටික නගින්නේය. මුන් නිකන් මේ පොඩි දුර යන්නේ සිරීපාදේ යනවා වගේය. කෝම හරි හෙන ගේමක් දීලා උඩට නැග්ගේය. ෂා හෙන ලොකු ගුහාවක්ය. ඝන්ඨාරේ ගාවට හරි ලස්සනට සීරීපාදේ පෙනෙන්නේය. මෙහෙත් අර සිරීපාදේ වගේම පොඩි ක්‍රමයක්ය. ආපු වාර ගානට ඝණ්ඨාරේ නාද කරන එකය.





නගිමින්
උඩින් වැටෙන ජලය




වටේ කැරකිලා කැරකිලා ආපහු බස් එකට ආවේ බෝපත් ඇල්ල බලන්න යන්නය. වැඩේ හරිගියේ නැත. හෝ... ගාලා වහින්න පටන්ත්තේය. ඇල්ල බලන එක පැත්තකට දැමූ අපි ගෙවල් බලා ඇදුනෙමු. ගෙවල් වල උන් එක්ක ගමන් යද්දි ආතල් නෑ කිව්ව එකාගේ කන පැලිය යුතුය. එකේ ඇත්තේ අමුතු ලල් එකක්ය...

පොඩ්ඩො සෙට් එක
  
රාජ චාරිකා පෙල


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!