Friday, December 21, 2012

ඒ මේ.... උඹලගේ තාම යනවද????



 කොහෙද ඉතින් මෙයාලගේ කැත හිතනේ...
මං ඇහුවේ තාම වයස යනවද කියලා... :) 


ඊයේ මැදියම් රැයට කිට්ටුය. බදාගෙනම ඉදලා හඩුගද උනත් මාගේ තනිය මකන පුළුන් කොට්ට කෑල්ල මට අමතක කල නොහැකිය. අර කෑල්ලක් නැති මට ලෑල්ල සැපයි කියන ප්‍රසිද්ධ ලේනා වගේ රජා කියන්නේ කොට්ටේ හොදයි කියාය. මන්ද ලෑල්ල මට රළු වැඩිය. බෝඩිමේ කොහු මෙට්ටෙට සීතල අල්ලාය. ෆ්‍රිජ් එක උඩ බුදියගත්තා වගේ රජා දොයියෑවේය. ඒ මදිවට ෆෑන් එකත් බඹරේ වගේ කැරකෙන්නේය.

2012.12.21 මහ පාන්දර 9ට අවදි උනෙමි. සයිට් එකේ නිවාඩුවකුත් දමා බෝඩිමට වෙලා ඉන්න තීරණය කලේ කලින් දවස් ටිකේම නිදාගනිද්දී 12 පහුවූ හෙයින්ය. නැතුව මේ ලෝක විනාසෙට බයේ එහෙම නොවේය .කරන්න වැඩකුත් නැති එකේ බුකියට ගොඩඋනෙමි. හප්පා...... නිවුස් ෆීඩ් එක නිකන් ලැට් එක වගේය. ලෝක විනාසේ.. ලෝක විනාසේ.. ලෝක විනාසේ.. නිකන් ඔක්කාරෙට වගේය. අද මේ අටමගලේ විනාස උනේ නැතත් මුන් කියෝන කියවිල්ලට මේක සුන්නද්දූලි වෙන්නටද පුළුවන.

මම මේ එහෙම කිව්ව අයට වැරැද්දක් කිව්වා නෙමේය. බැන්නාද නොවේය. ඒවා මේවා අතර පට්ට ස්ටේටස් පොටෝස් නැතුවාද නොවේය.

1) ලෝක විනාසයේ පෙරනිමිති..........

බාර් ඉදිරිපිට දිගු පෝලිම් හා මත්පැන් හිගය
ෆාමසි වල කොන්ඩම් තොග අවසන්!!!





මේ ලෝකේ මෙහෙම දුවනවට වඩා විනාස වෙලාම යනවානම් එකක් බං...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


Wednesday, December 12, 2012

12-12-12 අමතක නොවෙන්නම ( රිලවෙක්ගේ ලෝක විනාශය)

2012-12-12 ආයේ එන්නේ නෑ කිය කිය කට්ටිය මර ලතෝනි දෙන්නේය. ඉතින් ඕක ඔච්චර කෑගහන්නත් දෙයක්ද? හා දැන් කියහල්ලා 2011-11-11 ආයේ එනවද? නෑනේ...... ලෝකෙට හෙන ගැහුවත් රජා සුපුරුදු පරිදි නැගිට්ටේ අළුයම 8ටය. ඒ මේ දවස් වල රාජ සයිට් එක නිවාඩු හෙයින්ය. දත කට මැදගෙන පොල් සම්බෝල සමග ඉදිආප්පත් බයිට් එකට වඩේකුත් කකා කට පුල් කිරි කෝප්පෙකුත් බඩට හලා ගත්තෙමි.  හැරෙන තැපෑලෙන් රජා අඩවිගත උනේය. වැසියෝ කීපදෙනෙක් මට බයේ කමෙන්ට් කරලාය. උන්ට මොනාහරි කියන්න මම යන්න හැදුවා විතරය. 


අම්මා - ලොකු රජෝ.....  අන්න තාත්තා ප්‍රීකාස්ට් ලෝඩ් එකක් පටවන්න වැඩපොළට යනවා.. ගිහින් උදව් වෙන්න.

රජා - ඇයි වැඩකරන උන් නැද්ද?

අම්මා - දෙන්නයි ඉන්නේ... අනිත් ඔක්කොම කිරිදිවැල වැඩට එක්ක ගිහිල්ලා...

රජා - හපුයි....

පියරජා බූම් ට්‍රක් එකේ ගියේය. යුව රජාටත් ඉස්කෝලේ නිවාඩු හින්දා ඌත් පස්සෙන් ගියේය. ඒ මදිවට මව්තුමියත් ඒකේය. මට යන්න ඉඩ නැත. අපිත් සෙකන්ඩ් වෙන්න කැමති නැත. ක්ෂණිකව නංගිව එළියට ගත්තෙමි. ඔක්කෝටම කලින් රජා යාඩ් එකේය. පාරේ හිටපු උන් පවා රජා යනවා දැක තිබුනේ නැත . ඒ තරම් ස්පීඩ් ඌ පිඹලා තිබුනේය. 

මට අඩගැහුව එකටත් පාඩුය. වැඩ කරන උන් දෙන්නා බූම් එකට කේබල් දදා ප්‍රීකාස්ට් බඩුකෑලි ලොරියට පටවන්නේය. රජා කරන්නේ නංගිව නාවන එකය. නංගියා මාසෙකින් නාලා නැත. ගියමාසේ ගෙදර ඇවිල්ලා නෑව්වට පස්සේ එකෙක් මගේ සුදූ ගැන හොයලා බලලා නැත. පණ තියෙන එකෙක් ගෙනාපු දාටත් ඉතින් ඔය සෙතේමය. රජා තාම සින්ගල් ඉන්නේ අන්න ඒකය. 

ගුජුප්සාජනක ජුජුබ්ස් සීන් එකය. වැඩපොල තියෙන වත්තට රිලවු පැනලාය. හතර මායිමක කැලේකුත් නැත. මේ හතරවරං සෙට් එක කොහෙන් පාත්වෙලාද මන්දාය. මේ අතර වැඩ කරන අයියෙක් ටොයිලට් එකට ගිහින්ය. මූ එකපාරට කෑගැසුවේය...

අයියා - ලොකු රජෝ...පොඩි රජෝ.... මෙහෙ එන්න බඩුවක් පෙන්නන්ඩෝ....

අෆ්ෆා හුක්සු... යකෝ මේවා අස්සෙත් බඩු ඉන්නවද? නංගිව හෝදන එක පැත්තක දැමූ රජා පණ කඩාගෙන දිවගියේය. 

හයියූ.... චාටර් සීන් එකය. රිලා මොටෙක් ඇස්බැස්ටෝස් සීට් එකක් අස්සේ බුදිය. අත්දෙකයි කකුල් දෙකයි පද්ද පද්ද සිටින්නේය. ඌව දැක්ක ගමන් අපි ඔක්කොටම බකස් ගා හිනා ගියේය. අනිත් වැඩකරන අයියත් සමග අම්මලත් මෙතෙන්ට ආවෝය. අපි හිතුවේ මූ ආතල් එකට මෙතන බුදි කියලාය. අයියෙක් මුගේ එක කකුලකට පටා....ස් ගා ෂොටක් දුන්නේය. මූ කකුල ඉස්සුවා පමණය. තව එකක් වැදුනි. මූ එපා!!!! කියන්න මෙන් අල්ල අපි දෙසට හැරෙව්වේය. මූ මෙතන හිර වෙලා යයි හිතාගන්නට අපිට වැඩි වෙලාවක් ගියේ නැත.

හිරවෙලා හිටි තැන
මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ විය. යකඩ බට, කැති පොරෝ රැගෙන හතර වටින් රාජ පුරුෂයෝ වට වූහ. හෙමින් සැරේ වහලේ උස්සලා රිලා මල්ලිව බිමට ගත්තේය. බිමට ගත්තා කිව්වට චොහ්.....ගා බිමට පත බෑවුනේය. පෙනුමේ හැටියට මූ දවස් ගානක් මෙතන හිරවෙලා ඉදලාය. ඇවිද ගන්නවත් බැරිය. කන්නත් නැතිව නිකන් හාමත් වෙලා වගේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ අපි ඌට වතුර පෙව්වෙමු. බත් ටිකක් ගෙනාවෙමු. වත්තේ කොනකට ගෙනිහින් ඌට නිදහසේ බත් කන්නට තබා ඈත්වුනෙමු. 

තාත්තලා ලෝඩ් එක අරං පිටත් උනේය. රජා සමග අම්මා මාලිගාවට සැපත් විය. මූව මතක හිටින්න පොටෝ එකක් ගන්න රජාට ඕනෑ විය. ක්ෂණික ක්‍රියාත්මක වූ මං නංගියා පිට නැගී ජිම්පප්පා විසි කල හෙල්ල වගේ බෘස් ගා වැඩපොළට සේන්දු උනේය. රිලා මොටා ළගට ගියෙමි. හයියෝ.... මාගේ හද සන්තානය දෙදරා ගියේය. බත් එකේ මූණ ඔබාගෙනම රිලා මල්ලියා අවසන් ගමන් ගිහින්ය. ඇස් දෙකත් ඇරගෙනම. 





සුභ ගමන් යාළුවා!!! ගිහින් වරෙන්!!!

ප/ලි:
▄█░ █▀█ ░░ ▄█░ █▀█ ░░ ▄█░ █▀█
░█░ ░▄▀ ▀▀ ░█░ ░▄▀ ▀▀ ░█░ ░▄▀
▄█▄ █▄▄ ░░ ▄█▄ █▄▄ ░░ ▄█▄ █▄▄

12.12ට
රජා මොකද කලේ?

අළුයම - පස්ස උඩ දාගෙන දොයි
දවල් - උයන්න උදව් වෙන්න පොල් ගානවා

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, December 10, 2012

එකෙක් පඩි අරං.... මේං මෙහෙ එක විකාරයයි


දෙයියනේ කියලා රජත් රටට වැඩක් කරන්න හිතාගෙන වැඩට ගිහින් දැන් මාස එක හමාරක් ඉවර වෙන්නත් කිට්ටුය. දාඩිය මහන්සියෙන් ගත්තු පළවෙනි පඩිය දවස් 6ක පඩියක්ය. ඒක පළවෙනි පඩිය විදිහට ගන්නත් බැරිය. ඒත් අම්බානට බර ඒ පඩි උරේ උස්සගෙන ගෙදර ආපු දවසට පස්සේ දවසේ පන්සලේ කඨිනෙය. රජත් ඉතින් යන තැනකට පින් තකා පඩියෙන් කොටසක් කඨින පෙරහැරට පූජා කලේය. ඉතුරුවයින් කලේ තලා ගත්තු පෝන් එක වෙනුවට වෙන එකක් ගැනීමය. දවස් 6 පඩිය එසේ විනාස විය. 

මේ මාසේ පඩි අරං රජා රාජධානිගත වී ඇත. ඇතැම් විට එය වැසියන්ට මහත් හිසරදයක් විය හැක. මුගේ කට කැඩිලා පල මේ කුප්ප, කුජීත කතා කියනවට. මුට වෙන්නේ ටොන් ගානට බර විලම්භීත සීන් ගොඩක්. ඔවුන් එසේ සිතනවාද විය හැක. 

එක එක කතන්දර අහගෙන, ඉරට බල්ටියේ දුරින් හිටගෙන කට්ට කාලා මේ පාර හෙන ගානක් රජා හොයාගත්තේය. බය නැතුව බොයිලර් කුකුල්ලු 40ක් මිලට ගන්න පුළුවන්ය. කෙසේ හෝ පඩි දවස උදා විය. පඩිය අරං 12.30ට සයිට් එකෙන් ඕෆ් වෙන්නේය. අනේ... වෙනදා නැති උනන්දුවක් හැමෝගෙම මූණු වල දිලිසෙන්නේය. පැණි වරකෙට කුඹි වහලා වගේය. එහෙ මෙහෙ දුවන්නේය. මාර කඩිසරය. බලන්න ආසාවේ බැරුවාය. 

ලස්සනම ජවනිකා යන්නේ පඩි වෙලාවේ ඔෆිස් එක ඇතුලෙය. නිකන් වගේ හම්බෙන බත් එක කා රජා, වැලයා, ගවේෂක සමග නිශාන් කොලුවා අපේ ටේබල් එකට වී කට්ටිය දෙස බලාඋන්නේය. ඒ බේරෙන පැණි හිනා පොදවල් බෝතල් ගත කලහොත් වෙනම කොම්පැණි යක් දැමීම කජු කනවාටත් වඩා ඊසිය. සමහරු ලියුම් කවරයෙන් ගන්නා සල්ලි ගනිමින් ඉදිරියට ඇදීම හේතුවෙන් මේස පුටු වල තුන්මුල්ල වද්දාගත් අවස්ථාසුලභය. 

පඩි ගත් උන් ක්ෂණිකව සයිට් එකෙන් අතුරුදහන් වෙන්නේය. අංජනං දේවි තියා දේවිගේ නංගි ගෙනාවත් උන්නම් මේ කපේදී හොයාගන්න වෙන්නේ නැත. අපේ කැරැට්ටුවත් එසේමය. මමයි නිශානයයි කෙලින්ම නැවතුනේ කැම්පස් එකේය. සබ්බ සකල එසයිමන්ට් සබ්මිට් කිරීමෙන් අනතුරුව මේ කිරිටොයි කොල්ලො දෙන්නා පඩිය සමාජගත කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයක නිරත වුනෝය.

පළවෙනි මර්මස්ථානය ගල්කිස්ස ෆැබ් එකය. අනිවා ඒකේ හිටපු සුදුමැලි, කන් දෙකම කළු කෙල්ලෝ ටික බය වූවා නිසැකය. ඇයි යකෝ... හැමතැනම සිමෙන්ති ගාගත්තු සේෆ්ටි ෂූස්, මලකඩ ගෑවිච්ච ඩෙනිම්, ඉරිච්ච බෑග් දාගත්තු, අව්වට පිච්චිලා ගිය සරණාගතයෝ දෙන්නෙක් ඇතුළට ආවා පමණය. අපි යනකොට මුළු ෆැබ් එකම අති විශාල 5 දෙනෙකුගෙන් පමණ වූ ජනකායකගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේය. එකම හිස් ගොඩකි. සූ......... ගාන්නේය. 

ගාර්ලික් ටෝස්ට්, අයිස් කෝපි, කේක් කෑලි ඕඩර් විය. ටෝස්ට් එක පරක්කු වෙන හින්දා කේක් කෑල්ල රසවිදිමින් හිටියෙමු. මෙච්චර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවද බං? ෆැබ් එකට එන කෙල්ලෝ ඔක්කොම පට්ට කොලිටිය. කරමල් මෝදු වෙච්ච ඩෙවල් චිකන් කෑලි වගේය. එකක් නං ටක්කෙටම සුවර්ය. ඒ රජාගේ උපකල්පනයක්ය. කේක් කන කෙල්ලෝ ලස්සනය. මේවා දකින රජාටත් පෘතග්ජන සෞඛ්‍යසම්පන්න ඌරෙක් විදිහට ශෘංගාරාත්මක අදහස් පහල වෙනවාලුය.

ෆැබ් එකේ පදිංචි වෙලාම ඉදලා අපේ බුදු ෆිට් එක වූ කළු මිටි මහත ඇන්ටියා ටෝස්ට් එක උස්සන් ආවාය. එනකොට අපි කේකුත් කාලා, බීමත් බීලා ඉවරය. ඇන්ටියා මද කිපිච්ච ඇතෙක් දැක්ක අලි කෑල්ල වගේ තෝන්තු වුනාය. 

ඇන්ටි - අයියෝ... ටෝස්ට් එකට කලින් කේක් කෑවද?

රජා - නිකන් බලන් ඉන්න බෑනේ... ඉස්සරහ බලාගෙන ඉද්දි නිකම්ම කැවුනා. කේක් කෑලි එහාට යනවා... මෙහාට යනවා... හරි නෑනේ නිකන් බලාගෙන ඉන්න

ඇන්ටි - :)

සෝස් බෝතලෙන් බාගයක් ඉවර කරමින් ඒකත් කා අවසන් විය. දැන් නිකන් අර චිලි සෝස් කාපු ස්කූබියා වගේ දිවත් අඤ්ඤකොරොස් වෙලාය. කට හරියන්නත් එක්ක ආයෙත් ගිහින් ලස්සන අක්කා කෙනෙක්ගෙන් කේක් පළුවක් අරං කෑවෙමි. තඩි ඇන්ටි කට කොනෙන් හිනාඋනාය. 

පඩියෙන් කොටසක් එසේ නිමවිය. එදා රෑ රජාව එක්කන් යන්න රජවාසල කාර් රථය පැමිණ තිබුනේය. එක්කන් යාමට ඒමට හේතුව රජා ඇදුම් බාගෙට හේදීමය. ගිය සතියේ මලකඩ මේ සතියෙත් තාම ඇදුමෙය. වත්තල ලයිට් හවුස් හෝටලෙන් රෑ කෑමට සෙට් උනේය. මෙතනදී දවසේ කතාව කලේ අපේ මව්තුමියය. ඉදිආප්ප සමග චිකන්ය. චිකන් කරියේ හෙන කකුල් 3ක් සමග කකුලාගේ බඩ පෙදෙසය. කෑම කා අවසන නැවත කාරයට ආවෙමු. නැවත ගමන් ආරම්භයට පෙර මොහොතකි...

තාත්තා - කෑම අවුලක් නෑ නෙහ්

රජා - මට නං හොදයි..

යුව රජ - අම්බෝ කුකුළගේ සයිස්.. මට හිරත් උනා

අම්මා - මෙහෙ දවසකට කොච්චර නං කුකුල්ලු යනවා ඇත්ද? අපිටම සම්පූර්ණ කුකුලෙක් හිටියනෙ. ඒ උනාට එක කකුලක් අඩුයි නෙහ්? බඩ හරියයි අඩු 3යි නෙ තිබ්බේ...

තාත්තා - ඉතින් කොහොමත් කුකුලට කකුල්2යි නේ...

කාර් එකේ වීදුරු හෙල්ලුනේය. හදමින් තිබ්බ හයිවේ එකේ තාර රැලි වැටුනේය. ඒ රජාගෙයි, යුව රජාගෙයි හූ හඩටය. 

අම්මා - ^_^

රජා & යුව රජා - @ හිනා වෙලා බඩ කොර වී

තාත්තා - අම්මා කකුල් 4 කුකුලෙක් කාලා... :)

එක එක කතා කියමින් එකිනෙකාව චාටර් කරගනිමින් මාලිගාවට ලගා විය. පසුදා පහන් වන තුරු නිදාගත් රජා හොරෙන්ම බයික් එක ගත්තේ ඩොන්ගලේ බිල ගෙවන්න ෆුඩ් සිටියට යනවා කියා හොරෙන්ම තිලකවර්ධන එකට රිංගා කට්ටියටම ඇදුම් අරං දීමටය. එදා නං මහ නරුම දවසක්ය. බයික් එකෙත් මෝටරේ වදින්නේ නැත. මාස ගානක් එකම තැන තිබිලා ඒකත් පුස්කාලාද කොහෙදය. 

හවස් වරුවේ කිරිඅම්මා අපේ ගෙවල් පැත්තේ ආවාය. එයා රට වටේ පන්සල් සිසාරා යමින් පින් දහම් කරන්නීය. මමත් පින් තකා ඇගේ වැඩ සදහා පඩියෙන් කොටසක් පූජා කලේය. 


රජා - කිරිඅම්මේ... මේ සල්ලි ඔයාගේ පින් වැඩ වලට තියා ගන්න...මගේ පළවෙනි පඩියෙන් ඈ..

කිරිඅම්මා - ආනේ.... මම මැරෙන්න කලින් ලොකු මුණුබුරාගෙන් කීයක් හරිත් හම්බුනා එහෙනං... බුදුසරණයි පුතේ!!! තව හොදට ඉගෙන ගනින්...

රජා - තව හොදට පඩි ගන්න දවසක වැඩියෙන් දෙන්නංකෝ... :)

ඇගේ රත්තරං ටෝක් එකට මට ඇඩුනේය. තනි ඇහෙන් නොව හිතෙන්ය. 

අද උදේ රජා හොරෙන් කරන්න හිටපු දේ එලිපිටම කරලා දැම්මේය. එක එක්කෙනා ළගට ගිහින් ඕනේ ඕනේ කියන එක අරං දෙන්න තීරණය කලේය. 

අම්මා - මට ඇදුම් එපා... ලස්සන සෙරෙප්පු ජෝඩුවක් බැලුවා ලවර් එකේ... ඒක ගම්මු..

යුව රජ - මට ඕනේ කැප් 2ක්...

තාත්තා - මොකුත් ඉල්ලුවේ නෑ... අරං දුන්නා කමිස අතර ෂර්ට් එකක්.

බව්වා - කිඹුලා බනිස් 2යි...

පූසා - නැට්ට කැඩිච්ච හූනයි...

එහෙන් මෙහෙන් ඒවට මේවට ඕවට වියදම් කරලා... අම්මගෙන් දෙදහක් ඉල්ලගෙන, දහයක් හදාගෙන කොල්ලා කොමර්ෂල් බෑන්ක් එකේ එකවුන්ට් එකකුත් ඕපන් කලාලු.. ඇයි ඉතින් අර අර තායිලන්තේ ටුවර් එකට කීයක් හරි එපායෑ ;)


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, December 9, 2012

එතකොට ඒක වැටුනේ නැද්ද ඈ...???


අයියෝ.... පඩි දවසේ 12.30ට ඕෆ් වෙලා, ෆැබ් එකෙන් මත් වෙන්න කේක් කාලා, හවස් වරුවම අරං ලියලා දාපු ලැජ්ජා නහරේ කපපු සීන් එක බ්ලොග් රෝල් වලට වැටුනේ නැද්ද???? කැත සීන් එක ඈ....

බලහල්ලා බලහල්ලා...මෙන්න මෙතනින් ගිහින් බලහල්ලා....!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, December 8, 2012

කක්කා බාබෙන්ඩර්ස් සමග ලැජ්ජා නහරය කපා දැමුවෙමි


කුජීතම සීන් එකනං රජා ලියන අඩවි කෑල්ල අපේ සයිට් එකේ මහත්තයෙකුට මාට්ටු වීමය. එයාටත් කියලා තියෙන්නේ යාගේ යාළුවෙක්ලුය. මේ ළගදි මං ගාවටම ඇවිත් මල්ලි ඔයාද සයිට් එක කරන්නේ කියා ඇසුවේ. එදා ඉදන් රජා සයිට් එකට යන්නේ දුම් මගින් ගලලාය. යි යකෝ... ලියලා තියෙන වයේ හැටියට ඇදුමක් ඇදගෙන ඉන්න පුළුවනෑ... ඒ මදිවට දැන් මහත්තයා මංතුමා දැක්ක හැටියේ එක එනම් වලින් අමතමින් හිනා වෙන්නේය. 

ආ.... රජතුමා.....
ආ....මං රජා.....
වල් රජා.... 

ඇයි තව පෝස්ට් වල විස්තරද අහන්නේය. අරයා කවුද? මෙයා කවුද? අර බස් එකේ ගෑල්ලමයා... අයියෝ... රෙදි නැත. අනිවා දැන් ඕක ඔපිස් එකේ කට්ටියම කියවපු දවසට මපෙරගෙන ගහන්නේය. විශේයෙන් අ තුනී ලෑලි සංස්ථාවේ ගෑල්ලමයි සෙට් එකය.     

මං රජා සයිට් එකේ වැඩ කරන්නේ කම්බි අංශයේ බව දැන් සෑම සිළු ජනී ජනයා දන්නා ප්‍රසිද්ධ රහසක්ය. අපිට කොහේ ගියත් මොකාක් හෝ පොල් ටොපියක් අනිවා සෙට් වෙන්නේ. අනේ ඉතින් මෙහෙදිත් එකේනම් වෙනසක් නැත. රජාට අළුතෙන් ආපු කම්බි බදින ගෘප් එකක් හෙවත් බාබෙන්ඩර්ස්ලා සෙට් එකක් භාර දුන්නේය. අනේ දෙයියනේ....උන් කම්බි තියා මේ ලෝකේ සංසාරයක් දන්නේ නැත. අඩුම තරමේ හෙඩ් බාසුන්නැහෙත් වැඩ්ඩෙක් නෙමේය. ඌත් වෙලාවකට කෙලින්නේ බයිලාය. ගෘප් එකේ නම KKB ය. නමුත් අපි කියන්නේ කක්කා බාබෙන්ඩර්ස්ය. ඒ තරමට උන්ගේ වැඩ සුපිරිය. කම්බිය ගැට ගහන තැන ළකුණු කරලා එතනින් ගැටගහපන් කියලා ගිහාම ගැට ගහන්නේ වෙන තැනකය.

රජාටත් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එකපාරට වැරදි ක්ලික් වෙන්නේද නැත. උන් කියන දේ හරියට නොකරන නිසා එක එකාගෙන් කතන්දර අහන්න වෙලා තියෙන්නේ මටය. උන් දැන් දවස් දෙක තුනක්ම වැරැද්දුවේය. අනික වැඩ කරන්නෙත් හෙමින්ය. පළවෙනි වැරැද්ද මීට හරියටම මාසෙකට කලින්ය. ලින්ටල් බීම් එකක උස මිලි 100ක් වැඩිපුර තියලා මුන් බැන්දේය. ඒ රජා සයිට් ගත වූ මුල්ම කාලෙදිය. ඒ නිසා කවුරුවත් මට බැන්නේ නැත. නමුත් මෙහෙප කරපන්.... මෙහෙම බලපන් කිය කිය උපදෙස් දෙන්නේය. ඒක බැනුම් ඇහුවාට වඩා හිතට වදින්නේය. පොව හාරගෙන හාරගෙන හාගෙන වැළලෙන්න හිතෙන්නේය. 

මංතුමා ළග හිටියත් වරද්දන එකේ ළග නැතිකොට කවර කතාද? රජා දවස් දෙකක් නිවාඩු ගත්තේය. ඒ නිවාඩු දවස් දෙකේ මුන් ටික පඩිපෙලේ කම්බි වැඩ කරලා තිබුනේය. මම මොකුත් දන්නේද නැත.දා මුන් හද්ද වැරුද්දක් කරලාය. බැදපු බීම් ඔක්කොතැන් තැන් වල වැරදිය. පහුවදා මම නකොට එකම ගූ හැලියය. ඒ මදිවට වටේ කම්බි බැදපු උනුත් වරද්දලාය. කෙසේ හෝ එහෙන් මෙහෙන් ගොඩ දාගෙන වැඩේ ඉවර කරනකොපෙරහැර ගිහිල්ලා ඉවරය. බලන්න ආපු උනුත් ගිහිල්ලාය. වඩේ විකුණන්න ආපු උන් දෙන්නෙක් හිටියා වගේ මතකය. 

කෙන් මෙකෙන් උනේ ෂෙඩූල් කරලා තිබ්බ දවසට වැඩිය දවසක් කොන්ක්‍රීට් එක පස්සට යාමය. ප්‍රොජෙක්ට් මැනේර් මහත්තයාට හෙන අප්සට්ය. උදේම තියන යිට් මීටිමේදී මගේ රෙදි ගැලෙව්වේය. 

දැන් බලන්න... ස්ටෙයාකේස් එකේ කොන්ක්‍රීට් එක අපිට දවසක් පස්සට දාන්න උනා.. ඇයි එහෙම උනේ?

කම්බි වරද්දලා මහත්යා

ඒ මොකද ? කවුද එතන කම්බි බලපු මහත්තයා?

රජා කියලා මහත්යෙක් තමයි බැලුවේ..

කෝ රජා මහත්තයා?

තාඇවිල්ලා නෑ....

මම එදා මොද්දෝ වෙලාවට සයිට් කට ආවේ පරක්කු වෙලාය. මේ කතාව යද්දී මම පිටීමපස්සට වෙලා හැංගිලා සිටියෙමි. ඇත්තටම ගත්තොත් අවුල් ගිහින් තියෙන එක කම්බියක් බැදපු තැනක මම හිටියේ නැත. ඒත් ස්ටාෆ් එකේ ලොකු ලොකු මහත්තුරු කලේ මේ පොඩි එකාගේ නම විකුණලා තමන්ගේ ඇග බේරාගත්තු එකය. හේතුව ඒ ගෘප් එක බලන්නේ රජා වීමය.

දා හවස ස්ටාෆ් මීටින් කය. කෙත් මේ කතාව ඇදුනේය. 

කවුද එතන කම්බි බැලුවේ?

හරියට හරි... පසුස කලාපයේ ඉදගෙන සිටි මට හීන් දාඩිය දැම්මේය. ගලනාල, බල නහර, සිරා මනි ඔක්කොම හිර විය. කරකියාගන්න දෙක් නැති විය. කුණු බැනුම් අහන්න හිත හදාගෙන බල්ලා වගේ, ක්ෂණිකව නැගී සිටියේය. රජාගේ මුහුණේ වූ අහිංසක ලීලාව රැස්ව සිටි පිරිසගේ ඇස් කදුලින් තෙත් කලේය. 

මීට කලින් කම්බි බලලා තියෙනවද?

චනයක්වත් කතා නොකර හිස දෙපැත්ට වැනුවා වගේ මට මකය. ආයේ ඉදගන්නවාත් යන්තමට මතකය. ඊට පස්සේ ගෙනාපු කිරි තේ එක බිව්ව එකනං ලෙසම මතකය.

එක්ස්පීරියන්ස් අඩු එක්කෙනෙක් වැඩට යොදවපුවාම අපේ මහත්තුරු එතන ගිහින් බලන්න ඕනේ... නැතුව එයාට තාම තේරුමක් නෑනේ.

අන්න ඒ වටිකෙන් රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේය. තව ටික වෙලාවක් එතන හිටියානම් සුදු රුධිරාණු වැඩි වෙලා ලියුකේමියාව හැදිලා ම සොට්ටපොච්චි වෙන්නේය. මට එවෙලෙම පී.ම් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වදින්න හිතුනේය. 

මට ස්ටාෆ් එකේ එක ගොබ්බයෙක්ට ප්‍රසිද්ධියේ බැනීමේ අවශ්‍යතාවයක් දැඩිව ඇත. ත් ඒක ත කරන්න බැරිය. හේතුව මට ට්‍රේනින් එක ඉවර කගත යුතු නිසාය. නමුත් වෙලාවට ගේම ගැසිය යුතුය. පොර හිතාගෙන ඉන්නේ මිනිහා හෙන ලෝඩ් කියලාය.  

ව ටික දවසකින් අව්වේ කට්ට කාපු කාලේ නිමා වෙන්නේය. රජාගේ දැඩි ඉල්ලීම පරිදි කන්ස්ට්‍රක්ෂන් මැනේජර් හත්තයා, රජාව හා ගවේෆිනිෂින් සෙක්ෂන් එකට මාරු කර දෙනවා කීවේය. ඒ කියන්නේ රෝස් කරපු කුකුළා වගේ ඉන්න රජා තව ටික දවසකින් කලින් තිබූ සුදු පාටට එන්නේ..

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!