තරුෂි....A/Lකරන්නේ මේ අවුරුද්දේදීය. ඇය කලා විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරමින් සිටියාය. ඇය බෙහෙවින් රූමත්ය. දරුවන් දෙදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාලයාය. තරුෂි ගමේ සිටි හැදියාව අතින් උපරිම යුවතියයි. අදින් ඇදුම පැලදුම පවා චාම්ව ඇදීමට ඇය පුරුදුව සිටියාය. ඇගේ එකම අධිෂ්ඨානය වුයේ නීති පීඨයට රිංගා ගැනීමය. තරුෂි උපකාරක පන්ති සඳහා ගියේ බණ්ඩාරවෙල නගරයටය. යෞවන වියේ හිනිපෙත්තේ සිටි ඇයට එහිදී පෙම්වතෙක් හමු විය. රාගම වෛද්‍ය පිඨයේ ඉගැනුම ලබන අසංක ඇගේ පෙම්වතා විය. ඇය ඔහු හා සමග අප්‍රමාණ සිහින මැව්වාය. කුළුදුලේ ප්‍රේමයෙන් තරුෂි පිස්සු වැටි සිටියාය. නමුත් ජංගම දුරකතනයක් වත් නැති ඇය ඔහු හා දොඩමලු වන්නේ ටියුෂන් පන්ති නිමවී පමණය. දෙමාපියන් ගුරුවරුන් වූ තරුශිට ප්‍රේම සම්බන්දයකට කිසි සේත්ම නිවසින් අවසර නොලැබුණි. ඒ හේතුවෙන් ඇය සිටියේ මදක් හිතේ නොසන්සුන් ගතියෙනි.
වෙනදා මෙන්ම පන්ති නිමවා අසංක සමග ටික වෙලාවක් දොඩමලු වූ තරුෂි සුපුරුදු ලෙස තම නිවසට ගියාය. තරමක් හවස් වී තිබුණි. ළිදක් නොතිබුණු තරුශිලා තම ජල අවශ්‍යතා සපුරා ගත්තේ ගෙදරට හූවක දුරකින් වන්නට පිහිටා තිබු පීල්ලෙනි. තනියම යන්නට කම්මැලි සිතුනු තරුෂි තම අක්කාට කතා කලාය.
අක්කේ... අක්කේ... එන්නකෝ මට නා ගන්න යන්න...
මොකද්ද නංගී. දැන් මට අයියා කෝල් කරනවා කිව්වා...
කමනිගේ (අක්කාගෙ නම) සැමියා රැකියාව කරන්නේ මැදපෙරදිගය. ඔහු අද සවස ගෙදරට කෝල් කරනවා යයි ගෙදර දැනුවත් කර තිබුණු හෙයින් අක්ක එන්නට අදී මදි කලාය.
අනේ මොකද්ද අක්කේ.. අම්මා කෝල් එක ආපුවාම කියයි. එනවකො මාත් එක්ක යන්න...
පුදුම වදයක් නේ මෙයා දෙන්නෙ.. හා ..හා... යන්කො....
නංගිගේ කරදරයෙන් බේරෙන්නට බැරිම තැන ඇය තරුෂි සමග පීල්ලට ගියාය. තරුශි ඒ අතර තුර අසංක ගැන තම අක්කට පැවසුවාය. ඔහු වෛද්‍යවරයෙක් යයි ඇසුණු හෙයින් අක්කගේ හඩ මදක් බාල විය.
පිස්සුද නංඟී...අම්මලා එහෙම දැනගත්තොත් වසලා හමාරයි. දොස්තර කෙනෙක් කිව්වා නේද. එහෙනං ඉතින් කොල්ලා හොඳ ඇති. එත් පරිස්සමට කෙල්ලේ.
අනේ නෑ අක්කේ.. අසංක හරි හොඳයි...
පීල්ල ළඟ කිසිවෙකුත් නොමැති විය. අක්ක නගෝ දෙන්නා උකුළු මුකුළු කරමින් නාන ගමන් කතාවේ යෙදෙන්නට විය. තාත්තා නිවස දෙසින් කෑ ගසනවා එක වරම ඇසුනි.
ලොක්කියේ....... ලොක්කියේ............ මෙන්න පුතා කතා කරනවා.....
අන්න නංඟී අයියා කතා කරනවලු. මම ටක් ගාලා ගිහින් එනකන් ඔයා නාන්න..
හරි අක්ක ..
රතු රෙද්දක් දැකපු කුළු හරකෙක් වගේ අක්ක නිවස දෙසට දුවන්නට විය. එය දැකපු තරුශිට මද සිනහවක් නැගුනේ නිරායාසයෙනි.
අක්කා ආපසු පැමිණෙන විට පැය කාලක් පමණ ගත වී තිබුණි. නැවත පැමිණි අක්ක දුටු දසුනින් ඇය බිරන්තට්ටු වී ගියාය. තරුෂි පීල්ල ළඟ සිහි සුන්ව අද වැටී තිබුණාය. කෝල් එකට වඩා ඉක්මනට නිවසට ගිව ගිය ඇය හති දමමින් විස්තරේ තාත්තාට මොර ගෑවාය.
තාත්තේ තාත්තේ......නංඟී පීල්ල ගාව වැටිලා කතා කරන්නෙත් නෑ..
ලොක්කිගේ ප්‍රකාශයෙන් සිරිසේනගේ කකුල් පන නැති උනා සේ ඔහුට දැනුනි.
ඒයි එයි........ඉක්මනට මෙහෙ එනවා... යයි තරුශිලගේ අම්මට කතාකළ ඔහු ලොක්කි සමග පීල්ල දෙසට දිව ගියේය. ඒ යන විටත් තරුෂි පීල්ල ලග දපනේ දලාය... වහාම තරුශිව උස්සා ගත් සිරිසේන ඇයව නිවසට උස්සගෙන ආවේය. හති දමමින් මගට දුවගෙන ආ අම්මා,
දෙයියනේ... මේ මොන නස්පැත්තියක්ද මේ උනේ? කියමින් විලාප තියන්නට විය.
කෑ ගහන්න එපා ගෑනියේ. මේකිගේ තාම හුස්ම වැටෙනවා...
සිරිසේන කෑගහන්නට විය. ඔය පත්තරයක් ගෙනෙන් මේකිට හුලන් ගහන්න. මේ බලනවලා දාඩිය වැක්කෙරෙනවා මේකිගේ ඇගෙන්.
තාත්තාගේ විදානයට ක්‍රියාත්මක වූ ලොක්කි පත්තරයක් ගෙනේවිත් නංගිට හුලන් ගසන්න විය. විමලා (අම්මා) තරුෂිගේ මුහුණට වතුර ඉසීමත් සමග ඇයට සිහිය ආවය..
මොකද මගේ දුවේ උනේ? විමලා ඇසුවාය
අන්දුන් කුන්දුන් වූ තරුෂි.. මම නාල ඉවරවෙලා ඇදුම් මාරු කරලා ගවුම අදිද්දී කවුද මගේ බෙල්ලට හයියෙන් ගැහුවා අම්මේ... එතකොටම මම වැටුනා. එච්චරයි මතක.
මේකිට යකෙක් වත් ගැහුවද? මුව අයාගෙන සිටි විමලාගේ කටින් එලියට ආ වදන්ය.
බය හිතෙන කතා කියන්න එපා අම්මා....කමනිත් මැද්දෙන් පැන්නාය.
දැන් මේ 7 වෙන්නත් කිට්ටුයි. දොස්තර කෙනෙක් ගාවට යන්නවත් ආටෙක් හොයා ගන්න වෙන්නේ නෑ....හෙට උදේම යමු.
සිරිසේනගේ අදහස එසේ කියැවුනි.
නිවසේ සියලු දෙන නින්දට ගියෝය. තරුෂි ද තමන්ගේ කාමරයට වැදුනේ හවස සිදු වූ සිද්දිය ගැන කල්පනා කරමිනි. ඇයට රාත්‍රී 10 පමණ වන තුරු නින්ද ගියේ නැත. වෙනදා මෙන්ම ඇයට සිහිනෙන් අසංක පෙනෙන්නට විය. නමුත් ඔහුගේ මොකද්දෝ අමුත්තකි. මුහුණ අසංකගේ උනාට ඇග විරුපීය. ඔහු සෙමින් සෙමින් තරුෂි ලගට ආවේය. ලගට එන්න එන්නම මුහුණ විරූපී වෙනවාය. විරූපී මිනිසා එක වරම තරුෂිගේ ඇගට ගොඩ විය.
එපා............................. ගේ දෙවනත් වෙන්න යටි ගිරියෙන් කෑගසමින් දාඩිය පෙරාගත් තරුෂි ඇද උඩම ඉද ගත්තේය. මහා හඩින් කෑගැසූ තරුෂි හේතුවෙන් මුළු පවුලම එකවරම තරුෂිගේ කාමරයේ පෙනී සිටියෝය.
මොකද කෙල්ලේ.... ප්රශ්නය විමලාගෙනි.
මම මහා නපුරු හීනයක් දැක්ක.... දාඩිය පිස දමන ගමන් තරුෂි කිවාය.
මේක බොන්න නංඟී. ලොක්කි ගෙනා වතුර වීදුරුව ඇයට දෙන ගමන් කිවාය.
එක උගුරට වතුර විදුරුව බිව් තරුෂි.... මට බයයි තාත්තේ... කිවාය.
සිරිසේනට කියන්නට දෙයක් නැත. ඔහු මැලවුණු දෑසින් අම්මා දෙස බැලුවේය.
________________________________________________________________________
උදෙන්ම තරුෂි සමග
සිරිසේන දොස්තර හමුවීමට ගියෝය. දොස්තරට පෙනෙන්නට තරම් රෝගයක් නොතිබුණි. ඔහු ඒ බව තරුශිලටද කිවේය. දොස්තර දුන් පැනඩෝල් පෙති කීපයක් හා සී පෙති කීපය අල්ලේ වකුටු කරගත් තරුෂි නැවත නිවාස බලා ආවාය. අද ඉස්කෝලේ ගියේද නැත. දවසම ඇද උඩට වී සිටියාය. ගුරුවරුන් වූ අම්මා හා තාත්තා උදෙන්ම ඉස්කෝලේ ගියෝය. අක්කා වැඩකට ටවුමට ගියාය. නොදැනිම තරුශිට නින්ද ගියාය. ආයෙත් අර හීනෙම පෙනෙන්නට විය. ඇය බිරන්තට්ටු වී අවදි උණාය. වහාම මේ ගැන අසංකට කියන්නට කෝල් කලේ ගෙදර කවුරුත් නැති නිසාය.
බලන්න අසංක මට මහා නපුරු හීන පේනවා....මට බයයි...
ඔයා පන්සිල් අර නිදා ගන්න ළමයෝ එතකොට හරි යයි...
සිහිසුන්ව වැටුණු ආකාරය, අනන් මනං වල් පල් ඇය අසංක සමග වරුවක් දෙඩෙව්වාය.
____________________________________________________________________
මෙසේ කාලයක් ගතවිය....
හැමදාම රාත්‍රියේ තම ඇදට පැමිණෙන අද්භූත පුද්ගලයා තමා සමග අඹු සැමියන් ලෙස හැසිරෙන වග ඇයට දැනෙන්නට විය. ඇය බලන් ඉද්දි වැහැරෙන්නට විය. නැවත බියට පත් වූ තරුෂි මේ පිළිබද තම දෙමාපියන් දැනුවත් කලාය.
රෑ කෑම මෙසෙදී මේ පිළිබද ඇය තම මවට පැවසුවාය...
අනේ අම්මේ මට අර හීනේ තාම පේනවා අම්මේ. දැන් ඒ මිනිහ මට කරදරත් කරනවා. අනේ මට බයයි අම්මේ.
තොයිලයක් නටන්න වෙයි වගේ.....සිරිසේන බිදුණු ස්වරයෙන් කිවේය.
සතියක් ඇතුලත තොයිලයට අදාල වැඩ කටයුතු සම්පාදනය උනි.... අදාල සිද්දිය පිළිබද යකැදුරා දැනුවත් කෙරුණි.
මොකද්ද වෙද මහත්තයා මගෙ දුවට වෙලා තියෙන්නේ? ප්රශ්නය
සිරිසේනගෙනි.
ඊට පිළිතුර දුන් යකැදුරා කිවේ.... මහත්තයෝ දුවට වැහිලා තියෙන්නේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කළු කුමාරයා
ප/ලි:
මට කතා ගොතන්න එච්චරම බෑ...දැනෙන විදිහට තමා ලිව්වේ.
මට කතා ගොතන්න එච්චරම බෑ...දැනෙන විදිහට තමා ලිව්වේ.
මම ගියානෙ තොයිලයක් බලන්න.. ගිහින් යක්කු ගැන ගොඩක් ඒවා ඉගෙන ගත්තා.. පව් අෆ්ෆා ඒ ගෑල්ලමයා... ගැහුවා උඩ දාගෙන (පොල් මලෙන් ඈ..)
කළු කුමාරයා යනු කවුද? කොහොමද හැදුනේ? කට කතා, අරවා මේවා... යක්ෂ සීරීස් එක බලාපොරොත්තු වන්න...!!!
අපිට නං ඉතින් හීනෙන් පේන්නෙ මේවා...
![]() |
යක්ෂණී උනත් සෙක්සි මචන්.. |
ඇනිමේටඩ් ජිෆ් ඉමේජ් පේනවා නේද? (කැරකෙන, නිවෙන පත්තුවෙන ඒවා)
XXX යකෙක්නේ බං කලු කුමාරයත්....?
ReplyDeleteඔක්කොම යක්කු වල් බං... දැන් බලහන් මෝහිණී :-)
Deleteඔව් බන් ඕකට රෙද්දෙ බිසො (රිද්දි හොඳේ) ගෑනියෙකුත් ඉද්දි අපෙ කෙල්ලන්ට පැණි හලනවා.. වනචරයා
ReplyDeleteහපූ.........මං තව හොදයි :-)
Deletefattaa machan...
ReplyDeleteතැන්ක්ස් ඇනෝ!!
Deleteඅම්මෝ.... මේක කියෙව්වෙ දවල් නිසා හොඳයි... ඊ..... මම නම් ආයෙ දවල් වරුවක මිසක් මේ බ්ලොග් එක පැත්ත පලාතෙ එන්නෙ නෑ... හොල්මන් කාටුන්, යක්ස කතා....
ReplyDeleteකළුකුමාරයා පට්ට ගැහීම මහ රාත්තිරියේ බලාපොරොත්තු වන්න පී පී තාරා :-)
Deleteයකෝ කතාව පටං ගත්ත විදිහෙන් මම හිතුවෙ සිංහල වල් කතාවක් කියල..ලොල්
ReplyDeleteඕං බලහන්... මම අමාරුවෙන් ලිව්ව එකත් වල් විදිහට දැකලනේ. යකෝ මේක සිරා කතාවක්. නම් විතරයි වෙනස්!!! :/
Deleteඅම්ම ගහයි බැට් එකෙන්....
ReplyDeleteකවුද බෝලින් :-)
Deleteයක්කුයි පෙරේතයොයිමනේ මේ ටිකේ බ්ලොග් වල ඉන්නේ.. තොවිලයක්වත් නටන්න වෙයිද දන්නෙ නෑ රජතුමනි...
ReplyDeleteහික්ස්.... නැද්ද යකැදුරෙක් අදුරන :-)
Deleteඔයා ගොතපු එකක් වුනත් ඔය කතාවෙ ඇත්තක් තියෙනව කියල මං අහල තියෙනව................
ReplyDeleteයා යා මේක ඇත්ත සීන් එකක් :-)
Deleteබැහැයි කිව්වට ඔය ගොතල තියන්නේ නියම කතාවක්. ඉන්නකො මම ලඟදිම දෙන්නම් කළුකුමාරයා හැදුන හැටි ගැන විස්තරයක්. ඒ වගේම මේ සීරීස් එකත් ඉක්මනට කියවන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteමාත් එහෙම එකක් දානවා බදාදා දිහා බලන්නකෝ... :-)
Delete"කළු කුමාරයා" කියා ඊනියා යකකු හෝ දෙවියකු නැති අතර මෙය අදාළ තැනැත්තිය පත්වන මනෝ භාවයකි. එය මානසික රොඅගයක් පමණක් වන අතර නිසි ප්‍රතිකාර වලින් සුව කළ හැකියි. මිථ්‍යාව වපුරමින් යැපෙන හොර වෙදුන්ට නම් මෙවැනි මිථ්‍යාවන් ධන ආකර බවට පත් වේ.
Deleteමිත්‍ය වැපිරවීමෙන් වෙදුන්ට ඇති සෙතක් නැහැ. තියෙන්නේ කට්ටඩියෝන්ට. කට්ටඩියා හා වෙදැදුර අතර ලොකු වෙනසක් තියෙනවා.
Deleteකවුද යකෝ අපේ වෙද මහත්තයට හින්ට් අරින එකා...
Deleteඅඩෝ...... කන පලලා උල තියනවා දැන ගනින් :@
නෝටි යකෙක්....අත්තම්මලගෙ කාලෙ ඉඳලම ඉන්න...ඇත්තටම යක්කු වයසට යන් නෑද්ද රජතුමනි...........
ReplyDeleteඅනේ මන්දා දම්මි.. :-)
Delete"කළු කුමාරයා" යනු පරිණත ගැහැණු ළමයෙකුගේ ශෘංගාර හැගීම් පුපුරා යන අවස්ථාවයි.
ReplyDeleteගුරු දෙමව් පියන්ගේ සදාචාරාත්මක හිරගෙදර සිරකාරියක වූ තරුෂිට, ආගමට බර සෝමාරි වෛද්‍ය ශීෂ්‍යයෙකු වන පෙම්වතාගෙන් "උම්මා" එකක්වත් ලැබෙන්නට ඇතැයි සිතිය නොහැක.
මද අදුරත් දිය පිහිල්ලේ චොර චොර හඬත් ඇයට පාලනය කළ නොහැකි, අවනත නොවෙන ශෘංගාර හැගීමකින් ඈව ඔත්පල කළා විය හැකියි. ඒ වනාහි කළුකුමාරයාගේ සම්ප්රාප්ගියයි.
100%.........ස්මිත් අයියා දන්න දේවල් ඈ...
Deleteකළු කුමාරයගෙ රෙදි ගලෝන පෝස්ටුවට මේක දාන්න ඕනෙ ගෙඩිපිටින්.. :-)
යස්ස කතාවක් ම තමා!
ReplyDelete:-) :-)
Deleteතව එනවා ඉස්සරහට...
pau anaaaaaa
ReplyDeleteකවුද මේ අනා................. :-) :-)
Deleteඔහොම කියන, මම අදුරන එක්කෙනයි හිටියේ.... එයා වෙන්න බෑ කීයටවත්
අපිට අදාල නෑනේ.. :)
ReplyDeleteඅදාල ඒවා එනවා ඉස්සරහට :-)
Deleteයකෝ බ්ලොග් අවකාසෙ උන්ට මොන යකා වැහිලද මේ යක්කු හොල්මං ගැනම පෝස්ට් දාන්නෙ මේ දව්ස් වල? මාරයා, චමී, අටම්පහුර ඔක්කොම යක්කු ප්‍රොමෝට් කරන්නෙ රෙප් මහත්තයගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවද දන්නෑ.
ReplyDeleteරජෙක් ලියයි.. භයානකයිනෙ? :D
henryblogwalker the Dude
මම තාම ලියන්න පටන්ගත්තෙ නෑ... හිටපන්කො 100 ගහනකම්.. ;)
Deleteහිකිස්...
Deleteමාත් දැක්කා.. :-)
හපොයි මෙන්න ඒ ගමන මේ යක්කු පෙරේතයො කතාවලට මාවත් ඇදගෙන. ඔය යක්කු පෙරේතයෝ එක්ක නම් මගේ වැඩි ගනු දෙනුවක් නෑ අප්පා :((
Deleteරතු රෙද්දක් දැකපු කුළු හරකෙක් වගේ අක්ක නිවස දෙසට දුවන්නට විය.
ReplyDelete:D එහෙම තමයි රජෝ...
කතාව නම් වෙලාවට දවල් වෙලාවක කියෙවුවේ... රෑ වෙනකොට මේ කතාව අමතක වේවි නේද..
අපිනං දන්නෙ නැතෝ........ :-)
Deleteමේවයේ ඇත්ත නැත්ත ගැන දන්නේ නැහැ. එත තනි පංගලමේ ගෑනුන්ට ඒ වගේ තැන වල නාන්න හොඳ නැහැ කියලනම් දන්නවා.
ReplyDeleteඇත්තද බොරුද කියලා මනෝ ඩොකෙක් කියපු කතාව ලගදීම...!!!
Deleteහම්මෝ.. බයයි!! ආයෙත් එනෙන් නෑ මෙහෙට..:( මෙව්වා කියෝලා මටත් නරක හීන පෙනුනොත්..:P
ReplyDeleteඅනී........බය නැතුව එන්න මෙයා.. :-)
Deleteඅපේ කළු කුමාරය දැක්කොත් බඩ කපාගන්නව... උඹ ගොතපු එකක් කිව්වට ඕක තමයි වෙන්නෙ.. :)
ReplyDeleteහැක්ස්........හක හක :-)
Deleteදැන් මේකේ ගෑල්ලමයින්ට විෂේශ මොනවද?
ReplyDeleteකළු කුමාරයද?
හික්ස්... ඔව් ඔව්..
Deleteපරිස්සන් වෙන්ඩ ඈ..
අඩේ අප්පේ මේක ගොතපු කතාවක්ද ? මං හිතන් උන්නේ සිරා කතාවක් කියල. කෙල්ලන්ට කළු කුමාරයා වගේ තමයි කොල්ලන්ට මෝහිනී අක්කා.
ReplyDeleteඑයා ගැනත් එකක් එනවා මග...
Deleteඅනේ අම්මප මූ ලිව්වොත් කළු කුමාරය හරි වලත්තෙයෙක් කරලමය් ලියන්නේ :ඩ
ReplyDeleteකලින් එක නම් කියෙව්වේ නෑ ඔන් 18+ ලු නේ :ප් මේ මේ එක නිකන් 17+ වලට සංශෝදනය කරගන්න බැරිද :/
මේක මගේ පළමු කමෙන්ටුව, කියවපු පළමු පොස්ට් එක නෙමෙය් ඕන්
යකෝ මම වාක්‍යක් ලිව්වත් මුන්ට වල් විදිහටනෙ පේන්නෙ... :-)
Deleteඇයි රජෝ හැමෝම කලු කුමාරටම බනින්නේ. ඉදල හිටල ඌත් ආතල් එකක් ගත්තම ඒකේ ඇති වරද මොකක්ද.? ජය..! ප/ලි ලස්සන කෙල්ලෙක් කියපු නිසා අපේ උන්ට ඉරිසියාවෙද මන්දා.
ReplyDeleteඅනේ මන්දා :-)
Deleteමං පත්තරත් කියවනවා බ්ලොගේට අමතරව :)
ReplyDeleteහා ඈ... :-)
Deleteයකා ගහනකොට කොහොමද දන්නේ නෑ නෙ? ලොල්
ReplyDeleteඅනේ මන්ලල්ලෑ.. :-)
Deleteබන්ඩාරවෙලට කළු කුමාරයා.. ගම්පහට මෝහිනී... කෝට්ටෙ පැත්තෙත් මොකෙක් හරි කැරකෙනව දැක්කොත් කියපල්ලා....
ReplyDeleteරීරි යකා...මහසෝනා................
Deleteමම නම් ඔය හොල්මන් භුතයො විශ්වාස කරන්නෙ නැහැ..භයවෙන්නෙත් නැහැ...හොල්මන් භූත ෆිල්ම්ස් නම් නිතරම ආශාවෙන් බලනවා..(මහ රෑට කලුවරේ කාමරේ ලයිට් නිවාගෙන තනියම ඈ..)
ReplyDeleteමාර කිරිල්ලියක්නෙ ඈ.... මම දැක්කමයි මේ වගේ නිර්භිත කිරිල්ලක්... එල!!!
Delete(අපේ මාලිගාව පැත්තෙලුනේ ඒකයි මේ.....)
නරක කෙල්ලෙක්.. චීයා.. :පී
Deleteමගදිම තේරුනා කලු කුමාරය තමා කියල.
ReplyDeleteකලකට ඉහත් බ්ලොග් එකක තිබ්බ කලුකුමාරය ගැන ඇත්ත කතාව. මට මතක නැහැ කොහෙද කියලා.
රාජ්ට සම්පත් ලැබේවා.. ;)
ජයෙන් ජය !
අනේ රජෝ ගෑල්ලමයින්ට විශේෂයෙන් ලිව්වම අපිට මොකද වෙන්නෙ.
ReplyDeleteඔන්න රජෝ ගොම්මන් වෙලාවල තනියම නාන්න යනව එහෙම නෙවෙයි. (විශේෂයෙන් ගෑල්ලමයි නාන තැන්වලට)
කවුද අනේ අර උඩ ෆොටෝ එකේ නාන ඉටිකිරිස් කෑල්ල.
කතාව සුපිරියි එල .....
ReplyDeleteඊට පිළිතුර දුන් යකැදුරා කිවේ.... මහත්තයෝ දුවට වැහිලා තියෙන්නේ......................................................................................................................................................................................................................................
ReplyDeleteඅඩවි රජා! :P
හපෝ රජෝ ඔන්න මම නම ඔය යක්ෂ කතා කියවන්නේ නැ හොදේ තරහ අවසර...:( මේකැ කියෙව්වා දවල් නිසා..හපොයි මේ දවස් වල තියන බය හොදටම ඇති...:/
ReplyDeleteකළු කුමාරයත් මාර ආතල්නෙ දෙන්නෙ.
ReplyDeleteහපොච්චියේ...මූට මොකෑ වෙලා තියෙන්නෙ. :O
ReplyDelete:O :O :O :D
Deleteමරු මරු ලියන්න තව යක්ෂ කතා. අමං කියවන්න ආසම ඔව්වා තමයි :පි
ReplyDeleteMachan oya kathawa umba wenas karala liyala thienne!!!!oka Psychiatric case ekak!!this is one type of Histeria!!kawadawath kollek inna kellekta kalu kumaraya wahenne na!!kollekta hithen love kara kara katawtha kiyannawath bariwa bohoma pidanayakin inna grl kenekta thama mehema wenne!!meka eyage hithe therapena hangim pitata penwana vidiyak banz!!elaz elaz!!kamak na obhoma yan!!
ReplyDeleteඑළ!
Deletemachan Ano........ Sathi dekakata kalin LANKADEEPA paththare balanna... :) :)
DeleteEla... Jaya!!!
This comment has been removed by the author.
ReplyDeleteඑල මචන්, මම මේ ගැන ගොඩාක් කරුණු දැනගත්ත....
ReplyDeleteකතාව කියවලා මම නොමග ගියා.
ReplyDelete