මෝහිණී මෝහිණී...
කවුරුත් අහල ඇති, සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනවලු. මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එකලු.(තවත් තේරුම් ඇති).කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගෙන බැල්ම දාලා වරදට පොලඹවා ගන්න එක තමාලු මෙයා කරන්නෙ.
විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.(මෝල් යකී)
අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන...සුදුසාරියක් ඇදගෙන...අත දරුවෙක් වඩාගන එන...කෑල්ල
සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.
සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් ,නංගි දරුව අල්ලගන්න, මම සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නවලු.
(අපේ මීගොඩයා කියන්නෙ මෙහෙමලු.... මෙතනින් බලන්න)
සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් ,නංගි දරුව අල්ලගන්න, මම සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නවලු.
(අපේ මීගොඩයා කියන්නෙ මෙහෙමලු.... මෙතනින් බලන්න)
මෝහිනී බටනලා සංගීතයට ගොඩාක් ආසයිලු...ඒ නිසා කළුවර වැටුනට පස්සේ තනිකම මකාගන්න බටනලා පිඹින අය ඉදිරියේ ඉතාමත් රූමත් විදියට මෙයා පෙනී සිටිනවලූ...බටනලා ගහනකන් මෙයා රූමත්...බැරිවෙලාවත් බටනලා පිඹින එක නැවැත්තුවොත් මෙයාගෙන් බේරුමක් නම් නෑලූ... ඒ නිසාම සමහර වැඩිහිටියෝ අදටත් ගොම්මන් වෙලාවේ බටනලා පිඹිනවට අකමැතිලු...
(දැනුයි මට තේරුනේ අපේ පියතුමා මම රෑට උරුවන් බානකොට බයින්නෙ ඇයි කියලා)
(දැනුයි මට තේරුනේ අපේ පියතුමා මම රෑට උරුවන් බානකොට බයින්නෙ ඇයි කියලා)
මේ විදියට ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා...කෙට්ටු වෙලා යනවලු. නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු..සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.
(මං අදුරන සෙට් එකක්ම ඉන්නවා)
(මං අදුරන සෙට් එකක්ම ඉන්නවා)
ඉස්සර කාලේ මිනිස්සු නම් ඔහොම ලක්ෂණ තියනව කියල දැනගත්තම යන්තර මන්තර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු. එතකොට ඒ ගතිය එක සැරේටම සනීප වෙනවලු
ඒත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ මේ ලක්ෂණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යා ත්මක ගැටළුවක් නිසා කියලලු.නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව), හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන්ලු. එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු. ඒ නිසා අපි වගේ තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තටම බය වෙන්න ඕන වෙන එකක් නෑලු. (ජය වේවා!)
ප/ලි:
ඉස්සර සූටි කාලේ ඉස්කෝලෙදි කියපු කතාවක්.. මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ..
කට්ට තනියම,
දවසක් 5 වසරෙදී මම ඕක ටෙස් කලෙමි... අම්මලා අපිව ගෙදර දාලා මල ගෙදරක ගියෝය. ඒ එහා ගෙදර අක්කා හා පිරිස සමගය. රජ, කට්ටිය එන තුරු ටීවී බැලුවේය.
ප/ලි:
ඉස්සර සූටි කාලේ ඉස්කෝලෙදි කියපු කතාවක්.. මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ..
කට්ට තනියම,
- රෑ 12ට නැගිටින්න
- රතු රෝස මලක් ගන්න
- ලේ බිංදුවක් ගන්න
- රෝස පෙත්තකට දාන්න
- දොරේ යතුරු හිලෙන් එලිය බලන්න
- බඩු ෂුවර්!!!!
- වේලාව රාත්‍රී 12ය.
- මල් වාස් එකෙන් රෝස මලක් ගත්තෙමි.
- මදුරුවෙක් මරා ලේ ගත්තෙමි.
- මල උඩ තැබුවෙමි.
- හිලෙන් බැලුවෙමි.
මල හත්තිලව්වය....
සුදු බ්ලවුසයක් හා හම්පඩ සුදු ඩෙනිමක් ගැසූ කතක් අපේ ගේ දිහාට පැමිණෙයි. මම දුවගොස් පුටු සැටිය උඩ ගුලි උනෙමි. ටිකකින් දොරට තට්ටු කරයි. බියෙන් ගැහි ගැහී දොර ඇරි මම ක්ෂණයකින් නතර වුනේ ඇද උඩය.
ලොකු පුතේ..... අම්මා කතා කරයි
මම හෙමින් හෙමින් ගියෙමි.
කොහෙද දිව්වේ? අම්මා ඇසුවාය.
මම මෝහිණී දැක්කා... මගේ පිළිතුර විය.
කොහෙද?
ඇයි මේ දොර ඉස්සරහ හිටියෙ ඩෙනිම ගහන්..
හහහා.... පිස්සුද ළමයෝ ඒ එහා ගෙදර අක්කා. අම්මා කීවාය.
ඒත් මාසයක් පමණ යන තුරු ඒ අක්කා දකින මට දරාගත නොහැකි චූචු බරක් ඇතිවූයේ මටත් නොදැනීමය....
- අපි කඩවසම් උනාට බය වෙන්න දෙයක් නැතෝ............ අපේ හිත හයියයි.... :-)
- කලින් දාලා තිබ්බේ මේ මාතෘකාව - මෝහිණී නිරුවත් කිරීම හෙවත් සාරිය ගැලවීම..
- බොගේ සබ්‍යත්වය සලකා එය වෙනස් කරන ලදී. අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!!
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අර දොරේ හිලෙන් බලපු වැඩේනම් මරු බං.. උබ අක්කට කිව්වේ නැද්ද.. සීන් එක..
ReplyDeleteහැබැයි රජෝ මම අහල තියන විදියට ඔය මෝහිනී සහ මදන යක්ෂනී කියන්නේ දෙන්නෙක්... මදන යක්ෂනී රෑ හීනෙන් තනිකඩ කොල්ලොත් එක මෙව්වා කරනවලු... හරියටම කළු කුමාරය කෙල්ලො ගාවට එනව වගේ..
මෝහිනී ඔය වැඩේ කරනව කියලනම් අහල නෑ.. එකි කරන්නේ ළමය අතට දීල භයකරල මරන එක..
එහෙම බැලුවහම මෝහිණීට වඩා මදන යක්ෂණී ෂෝයි නේද.. සැප දීලනේ දුක දෙන්නේ
( මම වැරදිද දන්නේ නෑ.. පොඩ්ඩක් හොයල බලන්න )
බලමු අද රෑට අහලා....කතාව ඇත්තද කියලා
Deleteදොරේ හිල් වලින් බය වෙච්ච අය කොච්චරක් නම් ඉන්නවද නේද?
ReplyDeleteමමත් අහලා තියෙන විදියට "මදන යක්ශනී" සහ "මෝහීනි" කියන්නේ දෙන්නෙක් තමා
සිරාවට? මමනං දන්නෙ නෑ. :-)
Deleteමෝහිනීගෙ එක් ආවේශයක් මදන මෝහිනී කියන්නෙ, වශී ගුරුකම් වලට එහෙම ගෙන්නන්නෙ මෙයාව තමයි. මෝහිනී බොරු නෙවෙයි ඇත්තට ඉන්නව,
Delete“ඒ නිසා අපි වගේ තරුණපහේ කඩවසම් පිරිමි“
ReplyDeleteකථාව අතරතුර ඇඩ් එකක් !
චැහ් ... දොරවල්වල යතුරු සිදුරෙන් බැලීම රජෙකුට තරම් නොවේ.
රජා එකල පැම්පස් තෙමාගත් බව ලියැවී ඇත්තේ ප්‍රමාද දෝශයකින් බව සලකන්න.
ආ ඔව් ඈ... ඒක පොඩි මිස්ටේක්කුවක් :-)
Deleteඅපොයි ඔය වගේ හොල්මන් දකින ඒවා අහලා තිබුනෙම නෑ නෙ.වැඩිය ඔවුන් ගැන දැනගෙන හිටියෙත් නෑ ඒ කාලෙ.
ReplyDeleteඑහෙනං හොදා.... දැන් දැනගත්තනෙ :-)
Deleteමම හොල්මනුත් දැකලා තියෙනවා දැකලා තැපෑලෙන් බයවෙලත් තියෙනවා ඒත් මෙහෙම මූණ වෙනස්වෙන කේස් දැකලා නෑ... මෝහිණි බයානකයි වගේ ඒ නිසා අර මදන යකී නම් අවුලකුත් නෑ වගේ ඒත් මම දෙකඩ වෙලා නිසා මගෙ පස්සේ පන්නන එකක් නෑ...
ReplyDeleteමමත් දෙකඩ වෙලා තමා... ඒකනේ එයා හැමදාම රෑට එන්නෙ මං ගාවට තනිය මකන්න :-)
Deleteඉස්සරහා දොරේ යතුරු හිලෙන් බැලුවට...කාමරවල යතුරු හිල් වලින් බලනවා එහෙම නෙමෙයි ඕං...
ReplyDeleteඊයා... මේ හොද ලමයට කිව්ව කතාව... සික් :-)
Deleteවීපොකුරෝ පෝස්ට් එකක් දාපන්කෝ මම හැමදාම බලනවා උඹ එකක් දාලද කියලා
රජෝ මේ මදන යකින්න ගෙන්න ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද?
ReplyDeleteදන්නේ නැති හන්ද අහන්නේ වල් කමකට එහෙම නෙමේ ඕන්
සනී ලියෝන් ඉන්න වැලක් බලලා බුදියගනින්... නිකම්ම එනවා.
Deleteඅත්දැකීමෙන් කියන්නෙ... :-)
එයාම ඉන්න ඕනේද... මේකි ලංකාවට ආපුවෙලවෙ මදනිත් එක්ක ඇග්‍රිමන්ට් එකක් සයින් කොලාද?
Deleteඑයා හිටියොත් වටිනවා... පට්ට සර්වාංගෙනෙ බං :-)
Deleteමේ වගේ රජාල හින්ද යකින්නියොන්ටත් පාරෙ බැහැල යන්න බැරි කාලයක් උදාවෙනව වැඩි දවසක් නොගිහින්....
ReplyDeleteදැනටමත් වෙලාද මන්දා... :-)
Deleteමෝහිනී...!!!..??? අනේ මෙහෙමත් විකාර.....
ReplyDeleteමදනි නම් ඉතින්....අවු, 16 විතර ඉදන් 25 විතර වෙනකල් කී වරක් නම් දකින්න ඇද්ද...??
හපොයි...ඒ බෑ දැකීමෙන් පස්සෙ සරමට වෙන සන්තෑසිය...:-(
මෙහි දෙවෙනි කතාවනම් හරිම ක්‍රියේටිව්....!!
මං ගාවටත් එනවනෙ ඕකි...
Deleteතැන්කිව් ස්මිත් මාමේ... :-)
එහෙනම් සිතියම් බරගානක් ඇති දෙන්න ගාවම
DeleteMee Godayaa ++
Delete//ඇවිත් කියනවලු... "අයියා... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද? මගෙ මේ සාරිය හදාගන්න" .//
ReplyDeleteමම හිතන්නේ මේ රජාගේ මාලිගාව පැත්තේ මෝහිනීල වෙන්න ඕනා, මොකද මම අහලා තියෙන්නේ මෝහිනී කියන්නේ 'රෙද්ද' අදින අවතාරයක්, හැබැයි දැන් ඕනා තරම් සාරි / ඔසරි / මිනි ස්කර්ට් / ෂෝර්ට් අදින මොහිනිලත් ඉන්නවා.
//(දැනුයි මට තේරුනේ අපේ පියතුමා මම රෑට උරුවන් බානකොට බයින්නෙ ඇයි කියලා)//
එහෙම කියනවා ඇත්තේ පුතණ්ඩිගේ වැඩ දන්න නිසා, පිය තුමා කැමති නැතුව ඇති මෝහිනී දරුවෝ දෙන්නෙක් එක්ක අනාත වෙනවට ....
ඒකනේ මං ඩෙනිම අදින එකක් දැක්කේ... :-)
Deleteහිකිස්... අර ඇම්ඩා කලා වගේ
රජාගේ වෙනස් වීම දරාගත නොහැක.(මු අන්තඃපුරේ කැන්සල් කරාවත්ද).එත් මම අහන ගියේ කොහේද මේ මෝහිනී සාරි අදින්නේ කියලා.පොස්ට් එක එලස්ය.....ජයශ්‍රී
ReplyDeleteමේං මේකා නම වෙනස් කරලා... මං බැලුවා මොකාද කියලා :-)
Deleteමං හොද උනා අනේ...
අනී මෙයාගෙ හොඩකම....කියන්නෑ තිං.....
ReplyDeleteඇහැහ්... ඇහැහ්... අග්ලියා මට බැන්නා... :-(
Deleteඅන්න...
ReplyDelete*/ අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!! /*
දැනටමත් වෙලා අහවරයි නේ!! ආයේ මොටෝ මේ???
හෑ... මම හොද ළමෙක් වෙලා හිටියා...
Deleteවෙන්ඩ බෑ.... :-)
මෝහිණී හරි මෝඩයි අනේ. කඩවසම් නැති තරුණයෝ ලඟට ගියා නම්, ඕන තරම් අයව හොයාගන්ට තිබුනා. :D:D:D
ReplyDeleteමෝහිණීට රජාගාවටම යන්න කියන්නේ.. පොකුට රජත් එක්ක පරණ තරහක් තියෙනවද මන්දා...
Deleteඅන්න ඒ ටෝක්ස් එක නං මටත් එච්චර දිරෙව්වෙ නෑ...
Deleteමේ හද පායලා වගේ තියෙන මූණ බලාගෙන කිව්ව කතාව... හපෝ......... :D:D:D
ඔය රෝස මල් වැඩේ කරලා බලන්න ඔනේ.. ලේසියි නේ..මදුරුවෙක් අල්ල ගන්න විතරයි නේ තියෙන්නේ..කඩවසම් මදුරුවෙක් හම්බුනොත් ගොඩක් හොදයි--
ReplyDeleteඔය තේරුනේ අක්කට ගිනි ගින්දර වගේ... :-)
Deleteප්‍රථිපලේ කියන්න ඈ...
එහෙනම් අපි බය වෙන්න කාරියක් නෑනේ රජෝ. අඩේ රජාට වෙලා තියෙන්නේ කුප්ප වැඩක්නේ. පට්ට සිද්ධිය.. අර පරීක්ශනේ මමත් කරලා බලන්න ඕනේ.
ReplyDeleteඑල එල.. ටෙස් කරලා බලහන්කෝ... දැක්කොත් කියපන් ඈ... :-)
Deleteමෝහිනීගේ බැල්ම වෑටුන සෙට් එකක්ම රජාගෙ අඩවියේ ඉන්නවද?......හිහී
ReplyDeleteඉන්නවා නේන්නං...අක්කෝ
Deleteඔය උඩින් පල්ලෙහායින් කමෙන්ට් කරපු කොල්ලො ඔක්කොටම බැල්ම වැදිලා ඉන්නෙ :-)
උඹ පොඩි එකා කාලේ මරු වැඩනේ කරලා තියෙන්නේ.. :)
ReplyDeleteබොලේ මාත් මේ තට්ට තනියම ඉන්න මනුස්සයා.. ටිකක් පරිස්සම් වෙන්න ඕන... :)
උඹ බය නැතුව ඉදහන්... ඉතාලියට මෝහිණී ඇන්ටි එන්නෙ නෑ කිව්වා මාත් එක්ක...
Deleteෆ්ලයිට් එකට සල්ලි නෑ කිව්වා...
රෑට හම්බෙන එක කොල්ලෙක්වත් දැන් පගාව දෙන්නෑ කියන්නෙ :-)
ඉර බැහැගෙන යන වෙලාවේ ඒවා මේවා කරන්න එපා කිවුවේ එහෙනම් එකයි නේ.
ReplyDeleteඅන්න ඒකයි සීන් එක.
Deleteඑළියේ පොල් තෙල් පහනක් පත්තු කරලා තිබ්බාම පොල් තෙල් ගාගන්න එන්නේ මෝහිනීලු නේද ???
ReplyDeleteපහනක් එක්ක බුලත් කොලයක් තිබ්බහම බඩ තවාගන එක්කෙනා නේද මේ කියන්නේ... මං දන්න විදියටනම් ඒ මෝහිනී අක්කා නෙවෙයි.. බෝදිලිමා..එයාගෙනුත් කරදර වෙන්නෙ පිරිමින්ටම තමා..
Deleteබෝදිලිමා... ඒ මොකාද බං ඒ....
Deleteමං හිතුවෙ මෝහිණීට ක්‍රීම් ගන්න සල්ලි නැති හින්දා පොල්තෙල් ගාගෙන යන්න එනවා කියලා.....
හුහ්හුහ් හූ....... :-) :-)
රජ්ජු කවදද බොලේ හොඳ ලමයි උනේ මේකත් රාජපක්ශ ගැටයක් වගේ එකක් ද කොහෙද....
ReplyDeleteහරි බලමුද? ඉදලා හිටලා මිසක් මම යලි කුප්ප කතා නොලියමි :-)
Deleteමාත් ටිකක් පරිස්සම් වෙන්න ඕන අප්පා මීට වඩා ඒත් මම නම් ගොම්මන් වෙලාවට කොහෙවත් යන්නේ නැහැ.
ReplyDeleteඅයියෝ බං.. එයාව හම්බෙන්න තියෙන චෑන්ස් එකනේ
Delete///අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!!///
ReplyDeleteආයෙත් අහල , හොල්මන් සීරිස් එක ඉවරදෝ??
නෑ නෑ තාම ඉවර නෑ...
Deleteදැන් බොග් අවකාසයම බය වෙලා ඉන්නෙ...
ආයෙ ටික දවසකින් බය කරමු... :-)
මෝහිනි කිව්වම මගේ හැගිම් ඇවිස්සෙනවා බොල..
ReplyDeleteමචං.. උබ රාජ මාලිගාව කනත්තක් කරගත්තද ? හොල්මන් ගැන ලියන්නේ ??
මේ මගුල් ලියලා මට බෝඩිමේ තනියම ඉන්නත් බයයි බං... සිරාවට...
Deleteකරුමෙ තමා..............
ReplyDeleteඅපි වගේ දුප්පත් කොල්ලන්ට එහෙමවත් චාන්ස් එකක් සෙට් වෙනනනෙ නෑනෙ බන්........
ඒවත් රජාට විතරයි................
අපිටත් දවසක හද පායනවා...
Deleteඑදා අපිත් මල් පැණියෙන් නානවා.. :-)
පුස් ඌරා වගේ හිටපු රජත් කෙට්ටු උනේ මොහිනීට අහුවෙලාද මන්දා.....
ReplyDeleteඅනේ මන්දා... :-)
Delete"කොන්ඩේ කඩාගන...සුදුසාරියක් ඇදගෙන...අත දරුවෙක් වඩාගන" මෝහිනී ආවෙ ඒකාලෙලු.
ReplyDeleteදැන් නම් මෝහිනී එන්නෙ මීට ටිකක් වෙනස් විදියකටලු..
කවුද රජෙක්ගෙ රාජ උදහසකට පස්සෙ එයා දැන් එයා එන්නෙ සුදුපාට සාරිය ඔළුව වටේ ඔතාගෙනළු.(ඉතිරි ඇදුම් ගැන හිතාගන්නවලා). ඇවිල්ල අහනයව කියන්නෙ. "අයියෙ මට සාරිය පොඩ්ඩක් අන්දනවද" කියලලු :O
හිකිස්....
Deleteනෑ බං... දැන් එන්නෙ ලයින් පේන්න ටයිට් ඩෙනිම ගහලා.. අර මං දැක්කෙ. අන්න ඒ වගේ
දැන් කියන්නෙ... අයියෙ මගෙ ෂිප් එක වහන්කෝ කියලලු :-) :-)
අද කාලේ මෝහිනී වුණත් පාරට බහින්නේ පන බයේ කියන්නේ .. උඹලා වගේ හොඳ කොල්ලෝ නිසා තමා ඒ
ReplyDeleteඒකනේ සදරු අයියේ....
Deleteයක්සනී උනත් ඉන්න ඕනා අපිට ඕන විදිහට... :-)
නැවතත් කියමි. මෝහිනී ඔරොප්පු වෙනු නිසැකය.නමුදු ඇයව ෂේප් කරගැනීමට බැරි නොවනු ඇත. පෝස්‍ටුවෙන් පසු එහා ගෙදර අක්කා කුමක් කරනු ඇද්දැයි සිතා ගැනීම උගහටය. රජා නිදහසේ උයන් සක්මනේවත් යෙදී හමාරය.ගල්මුල්,පොල්කටු, ඉදුල් වතුර කුනු බිත්තර ප්‍රහාර නුදුරේදීම දියත් වන බව තතුදත් ආරංචි මාර්ග පවසයි. රජාට දෙවිපිහිටය. මෝහිනීට එහා ගෙදර අක්කාගේ පිහිටය. ඒත් කියවන අපට.......? ජය..!
ReplyDeleteනෑ නෑ වැරදියි......
Deleteරජාට අක්කාගේ පිහිටය....
මෝහිණිට දෙයියන්ගේ පිහිටය...
හිහ් හිහ් හී.... ඔයා වෙන මොනවහරි ගහන්න අනේ ඒ වෙලාවට :පී
ReplyDeleteමට බයායි........
ReplyDeleteබය වෙන්න එපා සුදූ... :-)
Deleteහිහී අයියෝ මට හිනා
ReplyDeleteආ.... ඔයාට නං හිනා. මෙයා වැහෙන්නෙ අපිටනේ :-)
ReplyDeleteරජා මොකද මෝහිණි ගැන මෙච්චර interest...
ReplyDelete???
සෑහෙන වැදගත් ප්‍රශ්නයක්... ඇත්තටම මොකද මම එයා ගැන ලිව්වේ?
Deleteමගෙ හිත එයා අරන් ගිහින්වත්ද?
මීලඟ පෝස්ටුව
Deleteරජා මෝහිනීව අන්තඃ පුරයට ගෙන එයි... Mohini came to my Anthahpura
හපොයි...එනකොටම උඩින්ම මිනී ඔලුවකුයි ඇට කටු දෙකකුයි දැක්කා....ඊට පස්සේ පෝස්ටුවේ මාතෘකාව බලනකොට "මෝහිනී" ගැන. දාලා තියන පින්තුරේ ඊට හපන්...මේකා ඇත්තටම රජෙක්ද කියලා සුවර් නෑ දැන් මට...මොනවා උනත් අන්තිම හරියේදී නම් හිනා ගියා ඇති වෙන්න. :))
ReplyDeleteඑහෙනං ඒ මදෑ... :-)
Deleteදේවයන් වහන්සෙට කියන්න.. අපිනම් උදේ හවා යන තැනක් තමා ඔය මෝහිනී කියන්නෙ. අපි ඉන්න බිල්ඩිමේ පහල තියන රෙස්ටුරන්ට් එකේ නම මෝහිනී. අපි ඉතින් උදේ හවා යනවා මෝහිනීව හම්බෙලා බඩට මොකුත් දාගන එන්ඩ.
ReplyDeleteමේ ලිපියනම් හාස්‍ය උපදවන සුළුය. අනිත් රජ වරුන්ට වගේ නෙමේ, ඔබ වහන්සේට හොඳට ලියන්ඩත් පුලුවන් නෙව.
සුබ වේවා !!! රාජ සම්පත් ලැබේව !!!
සිරාවට කඩේ නම මෝහිණීද ඈ.. :-)
Deleteටැංකියු ඈ..
අම්මපා කෝ මේ මොහිනි............
ReplyDeleteඑයා බය වෙලා මෙයා... :-)
Deleteane meka follow karanda puluwan gadget eka dapanko bnzzzzz
ReplyDeleteඇයි මචන් උඩ තියෙන්නෙ.... පොටෝ එකට යට
Deleteමෝහිනී ලයිව් බලන ක්‍රමය මම නම් අහලා තියෙන්නේ වෙන විදිහකට
ReplyDeleteඅවශ්‍ය දෑ
*රතු රෝස මලක්
*ඉටිපන්දමක්
*කැඩපතක්
*ඉදිකට්ටක් හෝ පින් එකක්
රෑ 12.00 ඇරපු ජනේලයක් ලගට ගිහින් ජනේලයට පිටුපාල කන්නාඩිය තමුන්ට ඉස්සරහින් තියාගන්න ඕනෑ.ජනේලය තියෙන්නේ කාමරයක නම් ලයිට් ඔෆ් කරලා ඉටිපන්දම පත්තු කරන්න.ඊට පස්සේ රෝස මල අරගෙන තමුන්ගේ ඇගිල්ලක් ඉදිකට්ටෙන් හරි පින් එකෙන් හරි තුවාල කරලා රෝස මලට ලෙ බින්දුවක් දාන්න.එක අතකින් රෝස මල අරගෙන අනික් අතින් කන්නාඩියෙන් ජනේලයේ ප්‍රතිබිම්බය බලාගෙන ඉන්න .ටික වෙලාවකින් මෝහිනී එනවලු .එයා එන්නේ අර ලෙ බින්දුවේ සුවදට .එයාව දැක්ක ගමන් ඉටිපන්දම නිමන්න ඕනලු .නැත්තම් මෝහිනී එයාව බිලිගන්නවලු .
ප.ලි -මේක කිබුලි ඉස්කෝලේ වෑන් එකේ යද්දී අහපු කතාවක්. මීගමුවේ ගෑනු ළමයෙක් මැරිලා තියෙනවලු .2002 විතර වෙච්ච සිදුවීමක්.
මමත් කරන්න හිටියේ එත් බයට කලේ නැ .රජා දාපු පොස්ට් එකෙන් මතකය අලුත් උනා.
(කිබුලි මීගමුවේ සිද්දිය දන්නේ මීගමුවේ ඉස්කෝලේ ගිය නිසා .ඒ ගෑනු ළමය අවේ මරිය නැත්තම් නිව්ස්ටඩ් ලු)
අයියේ, මේ දරුවා පොඩ්ඩක් අල්ලාගන්නවාද ටයිට් ඩෙනිමේ සිපර් එක හදාගන්නකන්.
ReplyDeleteමාත් මේ ලඟදී මොහිනියෙක්ට අහුවෙන්ට ගිහින් අපේ අක්කා නිසා බේරුනා... ඒකි නැත්තං මම දැන් මෝහිනියක්ට මැසේජ් කොර කොර ඉන්නවා :v