Tuesday, May 29, 2012

මෝහිණීට ආදරය කිරීම - I Love U Mohinee.. Ummwah!!!


මෝහිණී  මෝහිණී...

කවුරුත් අහල ඇති, සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනවලු. මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එකලු.(තවත් තේරුම් ඇති).කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගෙන බැල්ම දාලා වරදට පොලඹවා ගන්න එක තමාලු මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.(මෝල් යකී)

ඔය සමහරු වැඩ ඇරිලා, දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති...ඒ වගේ අවස්ථා බලලා මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නවලු.


අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන...සුදුසාරියක් ඇදගෙන...අත දරුවෙක් වඩාගන එන...කෑල්ල



ඇවිත් කියනවලු... "අයියා... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද? මගෙ මේ සාරිය හදාගන්න" .

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.


සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් ,නංගි දරුව අල්ලගන්න, මම සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නවලු.
(අපේ මීගොඩයා කියන්නෙ මෙහෙමලු.... මෙතනින් බලන්න)

මෝහිනී බටනලා සංගීතයට ගොඩාක් ආසයිලු...ඒ නිසා කළුවර වැටුනට පස්සේ තනිකම මකාගන්න බටනලා පිඹින අය ඉදිරියේ ඉතාමත් රූමත් විදියට මෙයා පෙනී සිටිනවලූ...බටනලා ගහනකන් මෙයා රූමත්...බැරිවෙලාවත් බටනලා පිඹින එක නැවැත්තුවොත් මෙයාගෙන් බේරුමක් නම් නෑලූ... ඒ නිසාම සමහර වැඩිහිටියෝ අදටත් ගොම්මන් වෙලාවේ බටනලා පිඹිනවට අකමැතිලු...
(දැනුයි මට තේරුනේ අපේ පියතුමා මම රෑට උරුවන් බානකොට බයින්නෙ ඇයි කියලා)

මේ විදියට ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා...කෙට්ටු වෙලා යනවලු. නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු..සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු. 
(මං අදුරන සෙට් එකක්ම ඉන්නවා)

ඉස්සර කාලේ මිනිස්සු නම් ඔහොම ලක්ෂණ තියනව කියල දැනගත්තම යන්තර මන්තර  කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු. එතකොට ඒ ගතිය එක සැරේටම සනීප වෙනවලු

ඒත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ මේ ලක්ෂණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යා ත්මක ගැටළුවක් නිසා කියලලු.නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව), හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන්ලු. එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු. ඒ නිසා අපි වගේ තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තටම බය වෙන්න ඕන වෙන එකක් නෑලු. (ජය වේවා!)


ප/ලි:
ඉස්සර සූටි කාලේ ඉස්කෝලෙදි කියපු කතාවක්.. මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ..


කට්ට තනියම,

  • රෑ 12ට නැගිටින්න
  • රතු රෝස මලක් ගන්න
  • ලේ බිංදුවක් ගන්න
  • රෝස පෙත්තකට දාන්න
  • දොරේ යතුරු හිලෙන් එලිය බලන්න
  • බඩු ෂුවර්!!!!


දවසක් 5 වසරෙදී මම ඕක ටෙස් කලෙමි... අම්මලා අපිව ගෙදර දාලා මල ගෙදරක ගියෝය. ඒ එහා ගෙදර අක්කා හා පිරිස සමගය. රජ, කට්ටිය එන තුරු ටීවී බැලුවේය. 
  • වේලාව රාත්‍රී 12ය. 
  • මල් වාස් එකෙන් රෝස මලක් ගත්තෙමි.
  • මදුරුවෙක් මරා ලේ ගත්තෙමි. 
  • මල උඩ තැබුවෙමි. 
  • හිලෙන් බැලුවෙමි.
මල හත්තිලව්වය....

සුදු බ්ලවුසයක් හා හම්පඩ සුදු ඩෙනිමක් ගැසූ කතක් අපේ ගේ දිහාට පැමි‍ණෙයි. මම දුවගොස් පුටු සැටිය උඩ ගුලි උනෙමි. ටිකකින් දොරට තට්ටු කරයි. බියෙන් ගැහි ගැහී දොර ඇරි මම ක්ෂණයකින් නතර වුනේ ඇද උඩය.

ලොකු පුතේ..... අම්මා කතා කරයි

මම හෙමින් හෙමින් ගියෙමි.


කොහෙද දිව්වේ? අම්මා ඇසුවාය.

මම මෝහිණී දැක්කා... මගේ පිළිතුර විය.

කොහෙද?

ඇයි මේ දොර ඉස්සරහ හිටියෙ ඩෙනිම ගහන්..

හහහා.... පිස්සුද ළමයෝ ඒ එහා ගෙදර අක්කා. අම්මා කීවාය.

ඒත් මාසයක් පමණ යන තුරු ඒ අක්කා දකින මට දරාගත නොහැකි චූචු බරක් ඇතිවූයේ මටත් නොදැනීමය....

ප/ප/ලි :
  • අපි කඩවසම් උනාට බය වෙන්න දෙයක් නැතෝ............ අපේ හිත හයියයි.... :-)
  • කලින් දාලා තිබ්බේ මේ මාතෘකාව - මෝහිණී නිරුවත් කිරීම හෙවත් සාරිය ගැලවීම..
  • බොගේ සබ්‍යත්වය සලකා එය වෙනස් කරන ලදී. අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!!

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

84 comments:

  1. අර දොරේ හිලෙන් බලපු වැඩේනම් මරු බං.. උබ අක්කට කිව්වේ නැද්ද.. සීන් එක..

    හැබැයි රජෝ මම අහල තියන විදියට ඔය මෝහිනී සහ මදන යක්ෂනී කියන්නේ දෙන්නෙක්... මදන යක්ෂනී රෑ හීනෙන් තනිකඩ කොල්ලොත් එක මෙව්වා කරනවලු... හරියටම කළු කුමාරය කෙල්ලො ගාවට එනව වගේ..

    මෝහිනී ඔය වැඩේ කරනව කියලනම් අහල නෑ.. එකි කරන්නේ ළමය අතට දීල භයකරල මරන එක..

    එහෙම බැලුවහම මෝහිණීට වඩා මදන යක්ෂණී ෂෝයි නේද.. සැප දීලනේ දුක දෙන්නේ

    ( මම වැරදිද දන්නේ නෑ.. පොඩ්ඩක් හොයල බලන්න )

    ReplyDelete
    Replies
    1. බලමු අද රෑට අහලා....කතාව ඇත්තද කියලා

      Delete
  2. දොරේ හිල් වලින් බය වෙච්ච අය කොච්චරක් නම් ඉන්නවද නේද?
    මමත් අහලා තියෙන විදියට "මදන යක්ශනී" සහ "මෝහීනි" කියන්නේ දෙන්නෙක් තමා

    ReplyDelete
    Replies
    1. සිරාවට? මමනං දන්නෙ නෑ. :-)

      Delete
    2. මෝහිනීගෙ එක් ආවේශයක් මදන මෝහිනී කියන්නෙ, වශී ගුරුකම් වලට එහෙම ගෙන්නන්නෙ මෙයාව තමයි. මෝහිනී බොරු නෙවෙයි ඇත්තට ඉන්නව,

      Delete
  3. “ඒ නිසා අපි වගේ තරුණපහේ කඩවසම් පිරිමි“
    කථාව අතරතුර ඇඩ් එකක් !

    චැහ් ... දොරවල්වල යතුරු සිදුරෙන් බැලීම රජෙකුට තරම් නොවේ.

    රජා එකල පැම්පස් තෙමාගත් බව ලියැවී ඇත්තේ ප්‍රමාද දෝශයකින් බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඈ... ඒක පොඩි මිස්ටේක්කුවක් :-)

      Delete
  4. අපොයි ඔය වගේ හොල්මන් දකින ඒවා අහලා තිබුනෙම නෑ නෙ.වැඩිය ඔවුන් ගැන දැනගෙන හිටියෙත් නෑ ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනං හොදා.... දැන් දැනගත්තනෙ :-)

      Delete
  5. මම හොල්මනුත් දැකලා තියෙනවා දැකලා තැපෑලෙන් බයවෙලත් තියෙනවා ඒත් මෙහෙම මූණ වෙනස්වෙන කේස් දැකලා නෑ... මෝහිණි බයානකයි වගේ ඒ නිසා අර මදන යකී නම් අවුලකුත් නෑ වගේ ඒත් මම දෙකඩ වෙලා නිසා මගෙ පස්සේ පන්නන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. මමත් දෙකඩ වෙලා තමා... ඒකනේ එයා හැමදාම රෑට එන්නෙ මං ගාවට තනිය මකන්න :-)

      Delete
  6. ඉස්සරහා දොරේ යතුරු හිලෙන් බැලුවට...කාමරවල යතුරු හිල් වලින් බලනවා එහෙම නෙමෙයි ඕං...

    ReplyDelete
    Replies
    1. ඊයා... මේ හොද ලමයට කිව්ව කතාව... සික් :-)

      වීපොකුරෝ පෝස්ට් එකක් දාපන්කෝ මම හැමදාම බලනවා උඹ එකක් දාලද කියලා

      Delete
  7. රජෝ මේ මදන යකින්න ගෙන්න ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද?
    දන්නේ නැති හන්ද අහන්නේ වල් කමකට එහෙම නෙමේ ඕන්

    ReplyDelete
    Replies
    1. සනී ලියෝන් ඉන්න වැලක් බලලා බුදියගනින්... නිකම්ම එනවා.
      අත්දැකීමෙන් කියන්නෙ... :-)

      Delete
    2. එයාම ඉන්න ඕනේද... මේකි ලංකාවට ආපුවෙලවෙ මදනිත් එක්ක ඇග්‍රිමන්ට් එකක් සයින් කොලාද?

      Delete
    3. එයා හිටියොත් වටිනවා... පට්ට සර්වාංගෙනෙ බං :-)

      Delete
  8. මේ වගේ රජාල හින්ද යකින්නියොන්ටත් පාරෙ බැහැල යන්න බැරි කාලයක් උදාවෙනව වැඩි දවසක් නොගිහින්....

    ReplyDelete
    Replies
    1. දැනටමත් වෙලාද මන්දා... :-)

      Delete
  9. මෝහිනී...!!!..??? අනේ මෙහෙමත් විකාර.....

    මදනි නම් ඉතින්....අවු, 16 විතර ඉදන් 25 විතර වෙනකල් කී වරක් නම් දකින්න ඇද්ද...??
    හපොයි...ඒ බෑ දැකීමෙන් පස්සෙ සරමට වෙන සන්තෑසිය...:-(

    මෙහි දෙවෙනි කතාවනම් හරිම ක්‍රියේටිව්....!!

    ReplyDelete
    Replies
    1. මං ගාවටත් එනවනෙ ඕකි...

      තැන්කිව් ස්මිත් මාමේ... :-)

      Delete
    2. එහෙනම් සිතියම් බරගානක් ඇති දෙන්න ගාවම

      Delete
  10. //ඇවිත් කියනවලු... "අයියා... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද? මගෙ මේ සාරිය හදාගන්න" .//

    මම හිතන්නේ මේ රජාගේ මාලිගාව පැත්තේ මෝහිනීල වෙන්න ඕනා, මොකද මම අහලා තියෙන්නේ මෝහිනී කියන්නේ 'රෙද්ද' අදින අවතාරයක්, හැබැයි දැන් ඕනා තරම් සාරි / ඔසරි / මිනි ස්කර්ට් / ෂෝර්ට් අදින මොහිනිලත් ඉන්නවා.

    //(දැනුයි මට තේරුනේ අපේ පියතුමා මම රෑට උරුවන් බානකොට බයින්නෙ ඇයි කියලා)//
    එහෙම කියනවා ඇත්තේ පුතණ්ඩිගේ වැඩ දන්න නිසා, පිය තුමා කැමති නැතුව ඇති මෝහිනී දරුවෝ දෙන්නෙක් එක්ක අනාත වෙනවට ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං ඩෙනිම අදින එකක් දැක්කේ... :-)

      හිකිස්... අර ඇම්ඩා කලා වගේ

      Delete
  11. රජාගේ වෙනස් වීම දරාගත නොහැක.(මු අන්තඃපුරේ කැන්සල් කරාවත්ද).එත් මම අහන ගියේ කොහේද මේ මෝහිනී සාරි අදින්නේ කියලා.පොස්ට් එක එලස්ය.....ජයශ්‍රී

    ReplyDelete
    Replies
    1. මේං මේකා නම වෙනස් කරලා... මං බැලුවා මොකාද කියලා :-)
      මං හොද උනා අනේ...

      Delete
  12. අනී මෙයාගෙ හොඩකම....කියන්නෑ තිං.....

    ReplyDelete
    Replies
    1. ඇහැහ්... ඇහැහ්... අග්ලියා මට බැන්නා... :-(

      Delete
  13. අන්න...
    */ අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!! /*
    දැනටමත් වෙලා අහවරයි නේ!! ආයේ මොටෝ මේ???

    ReplyDelete
    Replies
    1. හෑ... මම හොද ළමෙක් වෙලා හිටියා...
      වෙන්ඩ බෑ.... :-)

      Delete
  14. මෝහිණී හරි මෝඩයි අනේ. කඩවසම් නැති තරුණයෝ ලඟට ගියා නම්, ඕන තරම් අයව හොයාගන්ට තිබුනා. :D:D:D

    ReplyDelete
    Replies
    1. මෝහිණීට රජාගාවටම යන්න කියන්නේ.. පොකුට රජත් එක්ක පරණ තරහක් තියෙනවද මන්දා...

      Delete
    2. අන්න ඒ ටෝක්ස් එක නං මටත් එච්චර දිරෙව්වෙ නෑ...
      මේ හද පායලා වගේ තියෙන මූණ බලාගෙන කිව්ව කතාව... හපෝ......... :D:D:D

      Delete
  15. ඔයාගෙ කථාව හරි....අපේ පැත්තෙත් රෑට විසිල් කරන්නවත් නලා පිඹින්නවත් දෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හී.... ඔයා වෙන මොනවහරි ගහන්න අනේ ඒ වෙලාවට :පී

      Delete
  16. ඔය රෝස මල් වැඩේ කරලා බලන්න ඔනේ.. ලේසියි නේ..මදුරුවෙක් අල්ල ගන්න විතරයි නේ තියෙන්නේ..කඩවසම් මදුරුවෙක් හම්බුනොත් ගොඩක් හොදයි--

    ReplyDelete
    Replies
    1. ඔය තේරුනේ අක්කට ගිනි ගින්දර වගේ... :-)
      ප්‍රථිපලේ කියන්න ඈ...

      Delete
  17. එහෙනම් අපි බය වෙන්න කාරියක් නෑනේ රජෝ. අඩේ රජාට වෙලා තියෙන්නේ කුප්ප වැඩක්නේ. පට්ට සිද්ධිය.. අර පරීක්ශනේ මමත් කරලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එල එල.. ටෙස් කරලා බලහන්කෝ... දැක්කොත් කියපන් ඈ... :-)

      Delete
  18. මෝහිනීගේ බැල්ම වෑටුන සෙට් එකක්ම රජාගෙ අඩවියේ ඉන්නවද?......හිහී

    ReplyDelete
    Replies
    1. ඉන්නවා නේන්නං...අක්කෝ
      ඔය උඩින් පල්ලෙහායින් කමෙන්ට් කරපු කොල්ලො ඔක්කොටම බැල්ම වැදිලා ඉන්නෙ :-)

      Delete
  19. උඹ පොඩි එකා කාලේ මරු වැඩනේ කරලා තියෙන්නේ.. :)

    බොලේ මාත් මේ තට්ට තනියම ඉන්න මනුස්සයා.. ටිකක් පරිස්සම් වෙන්න ඕන... :)

    ReplyDelete
    Replies
    1. උඹ බය නැතුව ඉදහන්... ඉතාලියට මෝහිණී ඇන්ටි එන්නෙ නෑ කිව්වා මාත් එක්ක...
      ෆ්ලයිට් එකට සල්ලි නෑ කිව්වා...
      රෑට හම්බෙන එක කොල්ලෙක්වත් දැන් පගාව දෙන්නෑ කියන්නෙ :-)

      Delete
  20. ඉර බැහැගෙන යන වෙලාවේ ඒවා මේවා කරන්න එපා කිවුවේ එහෙනම් එකයි නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි සීන් එක.

      Delete
  21. එළියේ පොල් තෙල් පහනක් පත්තු කරලා තිබ්බාම පොල් තෙල් ගාගන්න එන්නේ මෝහිනීලු නේද ???

    ReplyDelete
    Replies
    1. පහනක් එක්ක බුලත් කොලයක් තිබ්බහම බඩ තවාගන එක්කෙනා නේද මේ කියන්නේ... මං දන්න විදියටනම් ඒ මෝහිනී අක්කා නෙවෙයි.. බෝදිලිමා..එයාගෙනුත් කරදර වෙන්නෙ පිරිමින්ටම තමා..

      Delete
    2. බෝදිලිමා... ඒ මොකාද බං ඒ....

      මං හිතුවෙ මෝහිණීට ක්‍රීම් ගන්න සල්ලි නැති හින්දා පොල්තෙල් ගාගෙන යන්න එනවා කියලා.....

      හුහ්හුහ් හූ....... :-) :-)

      Delete
  22. රජ්ජු කවදද බොලේ හොඳ ලමයි උනේ මේකත් රාජපක්ශ ගැටයක් වගේ එකක් ද කොහෙද....

    ReplyDelete
    Replies
    1. හරි බලමුද? ඉදලා හිටලා මිසක් මම යලි කුප්ප කතා නොලියමි :-)

      Delete
  23. මාත් ටිකක් පරිස්සම් වෙන්න ඕන අප්පා මීට වඩා ඒත් මම නම් ගොම්මන් වෙලාවට කොහෙවත් යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ බං.. එයාව හම්බෙන්න තියෙන චෑන්ස් එකනේ

      Delete
  24. ///අද පටන් මේ රජා බොග් අවකාශයේ හොදම ලමයා වේ!!!///
    ආයෙත් අහල , හොල්මන් සීරිස්‌ එක ඉවරදෝ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තාම ඉවර නෑ...
      දැන් බොග් අවකාසයම බය වෙලා ඉන්නෙ...
      ආයෙ ටික දවසකින් බය කරමු... :-)

      Delete
  25. මෝහිනි කිව්වම මගේ හැගිම් ඇවිස්සෙනවා බොල..

    මචං.. උබ රාජ මාලිගාව කනත්තක් කරගත්තද ? හොල්මන් ගැන ලියන්නේ ??

    ReplyDelete
    Replies
    1. මේ මගුල් ලියලා මට බෝඩිමේ තනියම ඉන්නත් බයයි බං... සිරාවට...

      Delete
  26. කරුමෙ තමා..............

    අපි වගේ දුප්පත් කොල්ලන්ට එහෙමවත් චාන්ස් එකක් සෙට් වෙනනනෙ නෑනෙ බන්........

    ඒවත් රජාට විතරයි................

    ReplyDelete
    Replies
    1. අපිටත් දවසක හද පායනවා...
      එදා අපිත් මල් පැණියෙන් නානවා.. :-)

      Delete
  27. පුස් ඌරා වගේ හිටපු රජත් කෙට්ටු උනේ මොහිනීට අහුවෙලාද මන්දා.....

    ReplyDelete
  28. "කොන්ඩේ කඩාගන...සුදුසාරියක් ඇදගෙන...අත දරුවෙක් වඩාගන" මෝහිනී ආවෙ ඒකාලෙලු.
    දැන් නම් මෝහිනී එන්නෙ මීට ටිකක් වෙනස් විදියකටලු..
    කවුද රජෙක්ගෙ රාජ උදහසකට පස්සෙ එයා දැන් එයා එන්නෙ සුදුපාට සාරිය ඔළුව වටේ ඔතාගෙනළු.(ඉතිරි ඇදුම් ගැන හිතාගන්නවලා). ඇවිල්ල අහනයව කියන්නෙ. "අයියෙ මට සාරිය පොඩ්ඩක් අන්දනවද" කියලලු :O

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      නෑ බං... දැන් එන්නෙ ලයින් පේන්න ටයිට් ඩෙනිම ගහලා.. අර මං දැක්කෙ. අන්න ඒ වගේ

      දැන් කියන්නෙ... අයියෙ මගෙ ෂිප් එක වහන්කෝ කියලලු :-) :-)

      Delete
  29. අද කාලේ මෝහිනී වුණත් පාරට බහින්නේ පන බයේ කියන්නේ .. උඹලා වගේ හොඳ කොල්ලෝ නිසා තමා ඒ

    ReplyDelete
    Replies
    1. ඒකනේ සදරු අයියේ....
      යක්සනී උනත් ඉන්න ඕනා අපිට ඕන විදිහට... :-)

      Delete
  30. නැවතත් කියමි. මෝහිනී ඔරොප්පු වෙනු නිසැකය.නමුදු ඇයව ෂේප් කරගැනීමට බැරි නොවනු ඇත. පෝස්‍ටුවෙන් පසු එහා ගෙදර අක්කා කුමක් කරනු ඇද්දැයි සිතා ගැනීම උගහටය. රජා නිදහසේ උයන් සක්මනේවත් යෙදී හමාරය.ගල්මුල්,පොල්ක‍ටු, ඉදුල් වතුර කුනු බිත්තර ප්‍රහාර නුදුරේදීම දියත් වන බව තතුදත් ආරංචි මාර්ග පවසයි. රජාට දෙවිපිහිටය. මෝහිනීට එහා ගෙදර අක්කාගේ පිහිටය. ඒත් කියවන අපට.......? ජය..!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වැරදියි......

      රජාට අක්කාගේ පිහිටය....
      මෝහිණිට දෙයියන්ගේ පිහිටය...

      Delete
  31. Replies
    1. බය වෙන්න එපා සුදූ... :-)

      Delete
  32. ආ.... ඔයාට නං හිනා. මෙයා වැහෙන්නෙ අපිටනේ :-)

    ReplyDelete
  33. රජා මොකද මෝහිණි ගැන මෙච්චර interest...
    ???

    ReplyDelete
    Replies
    1. සෑහෙන වැදගත් ප්‍රශ්නයක්... ඇත්තටම මොකද මම එයා ගැන ලිව්වේ?
      මගෙ හිත එයා අරන් ගිහින්වත්ද?

      Delete
    2. මීලඟ පෝස්ටුව

      රජා මෝහිනීව අන්තඃ පුරයට ගෙන එයි... Mohini came to my Anthahpura

      Delete
  34. හපොයි...එනකොටම උඩින්ම මිනී ඔලුවකුයි ඇට කටු දෙකකුයි දැක්කා....ඊට පස්සේ පෝස්ටුවේ මාතෘකාව බලනකොට "මෝහිනී" ගැන. දාලා තියන පින්තුරේ ඊට හපන්...මේකා ඇත්තටම රජෙක්ද කියලා සුවර් නෑ දැන් මට...මොනවා උනත් අන්තිම හරියේදී නම් හිනා ගියා ඇති වෙන්න. :))

    ReplyDelete
  35. දේවයන් වහන්සෙට කියන්න.. අපිනම් උදේ හවා යන තැනක් තමා ඔය මෝහිනී කියන්නෙ. අපි ඉන්න බිල්ඩිමේ පහල තියන රෙස්ටුරන්ට් එකේ නම මෝහිනී. අපි ඉතින් උදේ හවා යනවා මෝහිනීව හම්බෙලා බඩට මොකුත් දාගන එන්ඩ.

    මේ ලිපියනම් හාස්‍ය උපදවන සුළුය. අනිත් රජ වරුන්ට වගේ නෙමේ, ඔබ වහන්සේට හොඳට ලියන්ඩත් පුලුවන් නෙව.

    සුබ වේවා !!! රාජ සම්පත් ලැබේව !!!

    ReplyDelete
    Replies
    1. සිරාවට කඩේ නම මෝහිණීද ඈ.. :-)

      ටැංකියු ඈ..

      Delete
  36. අම්මපා කෝ මේ මොහිනි............

    ReplyDelete
    Replies
    1. එයා බය වෙලා මෙයා... :-)

      Delete
  37. ane meka follow karanda puluwan gadget eka dapanko bnzzzzz

    ReplyDelete
    Replies
    1. ඇයි මචන් උඩ තියෙන්නෙ.... පොටෝ එකට යට

      Delete
  38. මෝහිනී ලයිව් බලන ක්‍රමය මම නම් අහලා තියෙන්නේ වෙන විදිහකට

    අවශ්‍ය දෑ

    *රතු රෝස මලක්
    *ඉටිපන්දමක්
    *කැඩපතක්
    *ඉදිකට්ටක් හෝ පින් එකක්


    රෑ 12.00 ඇරපු ජනේලයක් ලගට ගිහින් ජනේලයට පිටුපාල කන්නාඩිය තමුන්ට ඉස්සරහින් තියාගන්න ඕනෑ.ජනේලය තියෙන්නේ කාමරයක නම් ලයිට් ඔෆ් කරලා ඉටිපන්දම පත්තු කරන්න.ඊට පස්සේ රෝස මල අරගෙන තමුන්ගේ ඇගිල්ලක් ඉදිකට්ටෙන් හරි පින් එකෙන් හරි තුවාල කරලා රෝස මලට ලෙ බින්දුවක් දාන්න.එක අතකින් රෝස මල අරගෙන අනික් අතින් කන්නාඩියෙන් ජනේලයේ ප්‍රතිබිම්බය බලාගෙන ඉන්න .ටික වෙලාවකින් මෝහිනී එනවලු .එයා එන්නේ අර ලෙ බින්දුවේ සුවදට .එයාව දැක්ක ගමන් ඉටිපන්දම නිමන්න ඕනලු .නැත්තම් මෝහිනී එයාව බිලිගන්නවලු .

    ප.ලි -මේක කිබුලි ඉස්කෝලේ වෑන් එකේ යද්දී අහපු කතාවක්. මීගමුවේ ගෑනු ළමයෙක් මැරිලා තියෙනවලු .2002 විතර වෙච්ච සිදුවීමක්.

    මමත් කරන්න හිටියේ එත් බයට කලේ නැ .රජා දාපු පොස්ට් එකෙන් මතකය අලුත් උනා.
    (කිබුලි මීගමුවේ සිද්දිය දන්නේ මීගමුවේ ඉස්කෝලේ ගිය නිසා .ඒ ගෑනු ළමය අවේ මරිය නැත්තම් නිව්ස්ටඩ් ලු)

    ReplyDelete
  39. අයියේ, මේ දරුවා පොඩ්ඩක් අල්ලාගන්නවාද ටයිට් ඩෙනිමේ සිපර් එක හදාගන්නකන්.

    මාත් මේ ලඟදී මොහිනියෙක්ට අහුවෙන්ට ගිහින් අපේ අක්කා නිසා බේරුනා... ඒකි නැත්තං මම දැන් මෝහිනියක්ට මැසේජ් කොර කොර ඉන්නවා :v

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)