එදා රජට කැම්පස් නිවාඩු දවසක් විය. ගෙදරට වී කරන්න දෙයක්ද නැත. බෆලොස් ලා කිහිප දෙනෙක් ෆලෝ කරන බොගයක් තියෙන්නේ වෙලාවටය. හිමිදිරි පාන්දර 9 ට පමණ මට අවදිවිය. කවුරුවත් වෙනදා මෙන් ඇහැරෙව්වේ නැත. ජනේලයෙන් කාමරේට කඩන් වදින දැඩි හිරු රැස් කෙලින්ම මගේ හපුටු මුහුණ මත ආලෝකයේ වේගයෙන් පතිත විය. හිල් වෙච්ච නෙට් එක සහ කුඩාරම් සරම අකුලා ගත් මම සුපුරුදු පරිදි මුහුණ කට දොවා ගන්නට ගියෙමි. වෙනදා මෙන් සීතල නැත. පංකාදු උණු වතුර ටිකය. මව්තුමිය මලයා ඉස්කොලේ යන වෙලාවට හදා තිබු කිරි එක ඇස දෙක වහගෙන එක උගුරට ගැහුවෙමි. එය රස කර කර බොන්නට ගියා නම් බොන්න වෙන්නේ නැත. ඇල් වතුර ඊට වඩා රස්නෙය. ඒ මදිවට සම්පුර්ණ යොදය සහිත කිරි පිටි වලින් හදලා තිබුනයෙන් යොදය ගුරු පාටට උඩ පාවෙයි.
බොගේට එන්න කලින් ටීවී එක පොඩ්ඩක් දමා බැලුවෙමි. බලන්නට දෙයක් ඇත්තෙම නැත. එකක මිල්ෆ් යුවතියන් ඇදුම් මහයි, එකක ග්‍රැනී ආච්චිලා කෑම පිහියි, තවකෙක ටීනේජෙර්ස් ලා මුනේ මොනවද අතුල්ලයි, බලන් ගිහාම ලංකාවත් ඇමෙරිකාව වෙලාය (නෝටි ලංකා - අඩෝ එකත් පට්ට වචනේ නේ? පටන් ගන්න ඕනේ සයිට් එකක්)
එකේ බලන්නට දෙයක් නැත. උදේ පාන්දර කාටුන් බැලිය නොහැක. ඒවා ඇත්තේ හවසට නිදහසේ බැලීමටය. (Pink Panther, Scooby Doo, Tom and Jerry, Ben 10 රජාගේ සිත ගත් කාටුන්ය) කෙලින්ම ආවේ හැලපය ළඟටය. දිග හැරියෙමි. මේල් බොක්ස් එකට ගියෙමි. හත්වලාමය....... කලින් දවසේ දාපු වලත්ත පොස්ට් එකට කට්ටිය මට හොඳටම බැනලාය. මමත් අතයි කටයි හදාගෙන ආපසු බැනීම අරම්භ කලෙමි. බැන බැන ඉන්නකොට ලොරියක් ගේ ඉස්සරහ නවත්තනවා මට ඇසුනි.
මාත්තියා.......මාත්තියා.....
හරිය.... මේ ඇවිල්ල තියෙන්නේ තැබිලි කඩන සෙට් එකය. මම ටිකක් එලිය බැස බැලුවෙමි. වෙනදාට හතරක් එන මුන් අද තුනය. ඒ මදිවට තව අලුත් දෙමළෙකුත් එක්කන් ඇවිල්ලාය. අම්බෝ උගේ කළු... මුණ දැක්ක මට නිකන් මොකද්ද උනි. (රජා උනත් මහසෝනට බයයි මෙයාලා)
අපේ ඒරියා එකෙන්ම රන් තැබිලි තියෙන්නේ අපේ වත්ත පල්ලෙහා ගහේ විතරය. රන් තැබිලි හා ගොන් තැබිලි හදුනා ගැනීමට අපේ කට්ටිය දන්නවා යයි සිතමි. දන්නේ නැත්තම් මෙසේය. රන් තැබිලි වල අර උඩ තොප්පිය වගේ එක ගැලෙව්වහම උඩ රෝසම රෝස පාටය. දෙමළා උනත් උඩ කළු ඒවාට වඩා උඩ රෝස පාට ඒවාට කැමතිය.
අපේ පියතුමන් සමග වෙනදා එන දෙමළෙක් වත්ත පල්ලෙහට ගියේ පැහිච්ච වල්ලක් තිබෙදි බැලීමටය. උන්ගේ වෙලාවය. හෙන ගහන්ඩ පැහුණු තැබිලි වල්ලක් ගහේය. ගෙඩිත් 15 -20 ක් තිබුණි. සිත සතුටින් පැණි හිනාවක් ගෙන ඌ නැවත ගේ පැත්තට පියමැන්නේය. අලුත් දෙමළා කොල්ලට මොනවදෝ දෙමලෙන් කිව්වේය. කොලුවා පිහියයි, ලනුවයි අරගෙන වැඩකරු වගේ වත්ත පල්ලෙහට ගියේය. අනික් දෙන්නා පියානෝ සමග මොකද්ද බර කතාවකය. මටත් ඕවට කන් දෙන්න වෙලාවක් නැත. මම නැවත හැලපය දෙසට ආවෙමි. කමෙන්ටු දාන්න පටන් ගත්තෙමි. ලස්සනට බනිමි. එක්වරම.....
බුදු අම්බෝ...................(ඇත්තටම බුදු අම්බෝ නෙමේ....මොකද්ද මන්දා එකක් ඇහුනේ...)
මගේ ඇගිලි ටිකත් අක්වරම යතුරු පුවරුව හරහා විසි උනි. ටයිප් වෙලා තිබ්බේ කුණුහබ්බයකි.
කෑගැහුවේ මොකාද බලන්න මම මාලිගාව පිටි පස්සට දිව්වෙමි. වත්ත පල්ලෙහින් කළු මහසෝනා දාඩිය පෙර ගෙන දිව එයි.
එන්ගල !@#$@#%#$^%$&%& ටින් #@%$% කන් ෂින් ගල සාප්ප #@%$#$# ( හරි හරි... මු කිව්වේ මුට මොකෙද්ද ඇන්න කියාය)
අනික් උන් මු ගෙන මොනවදෝ ඇහුවෝය. උත්තර ලැබුණි. මුට දෙබරෙක් ඇන ඇත.
මාත්තිය... හොද පුවක් ගෙඩියක් දෙන්න මහ දෙමළා ඉල්ලුවේය. පුවකේ ලැබුණි. මු එහි ලෙල්ලේ ඉස්ම මිරිකා අර මහසෝන් කොලුවාගේ ඇන්න තැන ගෑවේය.
අශූ ........#@$@##@5 ශේන්න @%$^&* ( රිදුනලු ඈ...)
රිදෙනවද මල්ලි. ප්රශ්නය අපේ මව්තුමියගෙනි.(අම්මටත් පිස්සුනේ... අලියට පෑගිලා ගු ගියාද ඇහුවලු.)
මේක ඒ මදිවට සිංහල දන්නෙත් නැත. මු අපේ අම්මා දිහා බැලුවේ හරියට අපේ අම්මා මුට ඇන්න වගේය.
ශිංහල බෑ නෝනා. පිළිතුර මහ දෙමලාගෙනි.
මත්තියා මෙය කඩියෙක් කෑවත් බයයි. අපි වෙන දවසක් එන්නම් මේක කඩන්න. දැන් මෙය කීයටවත් ඔය ගහට නගින්නේ නී. කියූ මුන් පිටත්ව ගියෝය.
ඇයි හත්තිලව්වේ... මුට දෙබරෙක් ඇන්නේ කෙසේද? රහස් පරීක්ෂක අඩවි රජ හා පිය රජ වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කළේ දඩෝරි බල්ලා සමගය. උඩ බිම බලමින් වත්තේ ඇවිද්දෙමු.
මල හුස්ටප්පරයකි. ඇහැ හිල් විය, වත පරල විය... දෙබරා බැට්, ස්ටම්ප්, තයි පෑඩ් , නිකන් පෑඩ් විතරක් නෙමේ අන්තිමට හෙඩ්ජියර් එකෙනුත් ගහනවාය. එක්තරා හිපාටු දබර කල්ලියක් අපේ වත්තේ බෝලයක් අඹලාය. අපරාදේ කියන්න ඕනේ නෑ. කන් කළු බෝළේය. මෙන්න සාක්කි.
කොහොමද වයිරම |
ආරක්ෂක සෙබලු |
ප/ලි:
රජ, වැඩිය සමීප රුප ගන්නට ගියේ නැත. අරූ මෙන් දැම්ම කෙලෝගන්නට මට කිසිම උවමනාවක් නැත. නමුත් ඕකට දුම් ගසා ඔවුන් මගේ අඩවියෙන් එලවන එක එලවනවාමය. එලවා ඔය කූඩේ දෙකට පළලා තව පොස්ටුවක් දානවමය.!!!!
රූප කතාව ඊලග පෝස්ටුවේ දානවාමය ^_^
රූප කතාව ඊලග පෝස්ටුවේ දානවාමය ^_^
බලාගන රජො බොට කෙලවෙන්ටත් පුළුවන්ය. ඇ රජො අරැට සීංහල බැ කියුවා නේද .එතකොට බුදු අම්මො කියුවෙ කවුද.
ReplyDeleteraja hooo
Delete//බුදු අම්බෝ...................(ඇත්තටම බුදු අම්බෝ නෙමේ....මොකද්ද මන්දා එකක් ඇහුනේ...)//
Deleteදෙමළෙන් කිව්වෙ බං.... මට හරියට ඇහුනෙ නෑ.. මේක තමා කියන්න ඇත්තෙ :-)
ආන්ඩවනේ සාමී ! කියලා කියන්න ඇත්තේ!
Delete// අම්බෝ උගේ කළු...// දවල්ට බලන්නත් ටෝච් එකක් ඕන...(එහෙම ද ?)
ReplyDeleteකොහොම උනත් රජෝ දෙබරෙ කඩන්න එපා, උනුත් ඉන්න එපායැ.....
දෙබරු ඔය කියන තරම් වස නෑ, අරූ මොකක් හරි අළුකුත්තේරු වැඩක් කරන්න ඇති.
එහෙමද?....
Deleteපොඩි වැරදීමක් වෙලා ඕක ඇවිස්සුනා එතකොට? :-(
සත්තුන්ට හිරි හැර කරන්න එපා බොල... ඔන්න ඔහේ ඉන්න දියන්.. අර වගේ මහසෝනලාට ව්තරක් අනින හැටි කියලා දුන්නම ශේප්.. මාලිගාවටත් ආරක්ශාව..
ReplyDeleteමුන් ඇනලා මං මැරුණම උඹලා මගෙ මලගෙදර වරෙන්....
Deleteපෝස්ටුත් ලියපල්ලා ඈ... :-)
අම්බෝ....රජතුමණි පරිස්සමෙන්....
ReplyDeleteහී..... ^_^
Deleteඅම්මෝ....... මම මෙහෙම දෙබර කූඩයක් දැක්කමයි.. ඒක හරි ලස්සනයි හැබයි.. ඒත් පරිස්සමින්....
ReplyDeleteප.ලි.: ඒන නෙමෙයි.. කවුද ෆලෝ කරන බෆලෝ ලා????
සිරාවටම මාර ගති... මමත් විනාඩි 10ක් විතර ඕක අධ්‍යයනය කලා
Deleteප/ලි: වෙන cowද ඉතින් ^_^
ඒ පවුවැඩ කලන්නෙපා අනී......කාගෙ හලි ගෙයක් කදන්නෙ මොන වෙඩිමටඩ ඔයාලට කලඩලයක් නැට්ටන්....:/
ReplyDeleteතාමටනං නෑ... ^_^
Deleteවෙඩින් නෙමේ මලවෙඩ්න්..
මේච්චර ලස්සන බඹර කුඩයක් දැක්කමයි රජෝ මේ....ඕක කඩන්න එපා බන්..ඔන්න ඔහෙ හිටපුවාවේ.....උන් අහින්සකයෝ..උබේ මාලිගාව අහල පහල ***** ගෙයක් අටවගන්න හෙම යනවනම් ඒ මොහෙතෙම කඩලා දාපන්....ඒකා බඹරාට වඩා විසයි...
ReplyDeleteපට්ට නේ බං...
Delete***** - හ _ _ _ ක් ද
හෙහ් හෙහ්... අනිවා :-)
100% හරි :D
Deleteනොතේරේ
Deleteමචන් ජාතික ප්‍රශ්නයක් වෙන්න යන එකක් මේක..
Deleteසත්තු ඉන්න ඕන තමයි. ඒත් මම නං කියන්නෙ කඩපන් කියල. මොකද මට ඔයවගේ අත්දැකීමක් තියන නිසා. වැරදිලාවත් ඔයින් සෙට්එකක් කෙනෙකුට වට කරල ඇන්නොත් මැරෙන්න උනත් පුළුවන්. අනෙක දෙබරු-බඹරු ඇවිස්සෙනව කුරුළු ප්‍රහාර වලින්. අන්තිමට කුරුල්ල බේරිලා අපිටයි කන්න වෙන්නෙ. හැබැයි කරන දෙයක් පරෙස්සමින්.
ReplyDeleteඒක තමා රාජ් අයියේ මාත් කියන්නෙ... බැරි වෙලා ඇවිස්සුනා..
Deleteබුදු අම්බෝ...මොන දෙයියට කියන්නද?
දෙබරු 7ක් නයි විසලුද??
Deleteඒ බබරු 7 ක් නේද ගැමි මල්ලියෝ නයි විස...? දෙබරු 7 ක් බබර විස කියලයි මට මතක...
Deleteදෙබරු 7ක් නයි විස
Deleteනයි 7ක් රාජ විස :-))
Deleteහපොයි මාත් ඔය වදේ විදලා තියෙනවා.ඒ මදිවට විද්දෙ කනට බෙල්ලත් එක්කම ඉදිමුනා.ඇතුලෙනුත් ඉදිමුන නිසා වතුර බොන්නවත් බැරුව හිටියා. ඒ දෙඹර කූඩෙනම් තිබුනෙ බිම.
ReplyDeleteනෑ...... අම්බෝ...
Deleteදැන්ම ගිහින් කඩලා දානවා බෝලේ :/
දෙබර කූඩුවක් කියල හොඳටම ශුවර්නම් ( චායා රූප පැහැදිලි මදි ) කඩන්න යන්න එපා... කූඩුව යටින් අමු කොළවලින් ගිනි ගොඩක් ගහපන්.. පව් කියල නිකන් හිටියොත් සොරි වෙන්නෙ බොලාට...
ReplyDeleteඅන්න ඒ වැඩේනම් අවුලක් නෑ. එතකොට උන් වෙන තැනකට යයි. අනික දෙබර කඩලා වැඩේ නවත්තන්න බෑ. ආයෙත් එතනම හදනවා. හැබැයි වැඩේ කරන්න ඕන නීත්‍යානුකූලව බයික් එකක යන්න සූදානම් වුනා වගේ කිට දාගෙන..
Deleteමෙහෙම ලිව්වෙ වැඩේ හොඳ හින්දා නෙවෙයි "රජෙක් උනත් දෙබරෙක් ඇන්නොත්" කියලා කියමනකුත් තියෙනවනෙ..;)
පෝන් එකෙන් ගත්තෙ බං...
Deleteඒක තමා.... එකෙක් මැරුනොත් උන් ඒ සුවද අදුරගෙන පහර දෙනවලු හතර අතේ
අඩේ දෙබර කූඩුව පේන්ට් කොරලද ? නැත්නම් රජතුමාගෙ සරමකද මේක හදල තියෙන්නෙ ?
ReplyDeleteනෑ බං... ඔරිජිනල් වයිරම. පට්ට ඩිසයින් එක නේ? :-)
Deleteඑලවන්න කලින් මුන්ගෙන් මමත් ඉගෙන ගන්න ඕනා ගෙදරක ඉන්ටීයර්, එක්ස්ටීයර් ඩිසයින් දාගන්න විදිහ
ඔරිජිනල්ම එකක් තමයි මේ. මට මතකයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ට්‍රේනින් සෙන්ටර් එක ලග මේවගේ එකක් තිබුන.
Deleteකඩාපන් රජෝ ඔය කුඩුව. එත් අර කිව්වා වගේ ෆුල් කිට ගහගෙන ග්ලවුස් හිට දාගෙන යන එක ගුණයි. දුම් ගහල එළවලා කුඩුවත් පුච්චපන්. මොකද ඔය දෙඹර කුඩුවක්. මිනිස්සුන්ට විෂයි දෙඹරු. http://en.wikipedia.org/wiki/Asian_giant_hornet බලන්න. මේ තියෙන්නේ ඔය වගේම තව කුඩුවක්.
ReplyDeletehttp://www.google.lk/imgres?hl=en&safe=off&client=firefox-a&hs=wbs&sa=X&rls=org.mozilla:en-US:official&biw=1366&bih=653&tbm=isch&prmd=imvns&tbnid=L3J2MV1uKNkt9M:&imgrefurl=http://www.elharo.com/blog/birding/2007/10/21/wasp-week-day-0/&docid=-XKGXvC33fFTaM&imgurl=http://www.elharo.com/blog/wp-content/uploads/2007/10/baldfacedhornetsnest.JPG&w=640&h=480&ei=ewSyT7HVHKWriAe90eWVBQ&zoom=1&iact=hc&vpx=902&vpy=240&dur=1424&hovh=194&hovw=259&tx=131&ty=91&sig=114247562568763683885&page=4&tbnh=145&tbnw=186&start=70&ndsp=26&ved=1t:429,r:5,s:70,i:274
ෂාහ් මාරයි... බං :-)
Deleteමචන් උබේ උගත් කම මොකද්ද බන්, අපේ බ්ලොග් අවක්කාශයේ පොදු හිතවතා වෙච්ච ඔබා මාමා අවසන් ගමන් ගිහින්, එතුමාගේ මිතුරෝ විදියට අපි මේ වෙලාවේ උබ වගේ කුණුහරුප කියවන්නේ නැතුව අපේ ස්ශෝකය ප්‍රකාශ කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි, බැරි වෙලාවත් උබ මැරිලා ඔබා මාමා ජිවත් උනානම් උන්ද අඩුම ගානේ උබේ මිනිය වල දානකම්වත් උබ වගේ හිට්ස් ගන්න දගලන එකක් නෑ (කොහොමත් ඔබා මාමාට හිට්ස් වල මදි පාඩුවක් උබට වගේ තිබුනෙත් නෑ නොව)
ReplyDeleteහා.... එතුමා මැරුණා තමා... ඇත්ත... ශෝකය ප්‍රකාශ කරන්න ඕනා... ඇත්ත...
Deleteඒක මාමා මැරුණ දවසෙම කලා... තව ඉස්සරහට පින්කම් ලංකාවෙදි කරනවා නං ඒවටත් මම යනවා...
//සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.// - කතන්දර (ඔබා මාමා වෙන්වෙන් ලිව්ව පෝස්ට් එකේ)
කොහෙද මේකෙ කුණුහරප... එකක් පෙන්නපන්...මම ලිව්වෙ මට වෙච්ච ඇත්ත සිද්ධියක්
මට හිට්ස් කන්නද? අනික මම විතරද අද පෝස්ට් දැම්මේ?
කියන්න දෙයක් තියෙනවා නං හැංගිලා ගහන් නැතුව කෙලින් කියපන්..
අරෙහෙ ලියපු උන්ගේ පලු අරිනවා මෙහෙ ලියන්න කියල පලු අරිනවා. මොකද්ද බං මේකේ තේරුම?
Deleteඅනේ මන්දා බං ඕවා....
Delete//අරෙහෙ ලියපු උන්ගේ පලු අරිනවා//
මටත් ආරංචි උනා.. :-(
කාටුන් සෙට් එක නම් ඇස්දෙකේ පොට යනකම්ම බලලා තියෙනවා....දැන් අවුරුදු දෙකක් තිස්සේ පට්ට කාටුන් එකක් හොය හොය බලනවා Naruto පට්ට සීරිස් එකක් අප්පා ඔන්ලයින් බලන්නත් පුළුවන් චිත්‍ර කතාත් තියෙනවා.... හොයාගෙන බලන්ඩෝ....
ReplyDeleteමේක මාර කලාත්මකයිනේ කොහොම වයිරම් දැම්මද දන්නැ නේද
අනේ මන්දා බං... මාර වයිරම නේ?
Deleteයකෝ ගෙදර (වැරදුණා මාලිගාවේ) දෙබරයක් බඳිනවා කියන්නේ පට්ටයි නේ..
ReplyDeleteඕක ඔහොමම තියෙන්න ඇරපන්...
මේ බලහන් මූ කියන කතාව.. පට්ට කොහෙද බං.
Deleteකූඩෙනං පට්ට... අපේ ගෙදරත් ඔය සයිස් එකක් තිබ්බා... ඔ්කක් කඩනවා කියන්නෙ ගමක් විනාස කරනවා වගේ පවු වැඩක් දරු පවුල් පිටිං පිච්චෙද්දි කොහොමද...
ReplyDeleteඅන්න ඒක තමා සීන් එක.... පව් වැඩේ බං :-(
Deleteරජාට අඩවිය හැර යන්න වෙලා...:P රජාගේ අඩවිය දෙබරු ආක්‍රමණය කල වගයි...:)
ReplyDeleteඋනුත් ඉන්න ඕන තමා එත් පරිස්සමින් හොදේ...දෙබර කුඩුව හරි ලස්සනයිනේ..මන් දැකලා තිබ්බේ නෑ ඔය වගේ වයිරම් වැටුන එකක්...
අයින් කළා නම් හොදයි තමා වැඩි ආරක්ෂාවට...
ඒකනේ....බලන්ඩකෝ හිරු අක්කෙ :-)
Deleteඋඹ හලන පැණි වලට දෙබරු බඹරු මී මස්සොත් එනවා තව ටික කලකින්.කට දෙපැත්ත පිහදාගෙන හිටු.ටික කලකින් උන් හිටි දිහාවටම යාවි.හෙක් හෙක්.
ReplyDeleteහික් පික්...! ඊලගට මොක්කු එයිද දන්නෙ නෑ... :-)
Delete//46 ක් මට බයේ කමෙන්ට් කරලා://
ReplyDeleteමම 47?
හික්ස්.. ඔව් ඔව්..
Deleteමට බය වෙයන් ඈ.. සැමා අයියේ :-)
//ජනේලයෙන් කාමරේට කඩන් වදින දැඩි හිරු රැස් කෙලින්ම මගේ හපුටු මුහුණ මත ආලෝකයේ වේගයෙන් පතිත විය.//
ReplyDeleteඔය කියලා තියෙන්නෙ හූනා කිවුවා වගේ ඇත්ත. මම කිවුවෙ "හපුටු මූණ"
සික්... මුණටම කිව්ව කතාව.. :/
Deleteදුම් ගස්සන්න නෙමයි බන් ඕකට ගිනි තියන්න ඕන මම දන්න විදිහට.... පව් වැඩේ වුනාට කරන්න දෙයක් නෑ..
ReplyDelete(දෙබර දැකල තියෙනව ඒත් මෙහෙම රෙද්දක් වගේ එකක් දැක්කමයි... කැම් එකේ කොලිටිය මදි හින්ද වෙන්න ඇති නේද මේ පාට පාට?... )
ඔව් බං.. කොලිටි මදි.. ඒ උනාට මොකෑ ස්මාර්ට් පෝන්.. :/
Delete(කලුවර හින්දා බැක් ලයිට් වැඩි කලා.. පාට ඩොට් ආවා.. සොරි ඈ..)
".. අලියට පෑගිලා ගු ගියාද ඇහුවලු."// පට්ට ටෝක් එක මට තවමත් හිනා.. හැක හැක..
ReplyDeleteමොනා උනත මාට ලස්සන දෙබර බෝලයක්නේ.. රාජධානිය හැරදා ගියත් ඕක නම් කඩනව එහෙම නෙවි...
කඩන්න වෙනවා බං.. පව් තමා කරන්න දෙයක් නෑ.. :-(
Deleteවහාම ක්‍රියාත්මක වන පරිදි රාජ අණක් නිකුත් කරන්න, දෙබරුන්ට ගහෙන් ඉවත්වෙන්න කියල.. (අනවසර ඉදිකිරීම්නෙ)
ReplyDeleteමං කිව්වට යයිද දන්නෑ... දෙබරු නේ :-)
Deleteරජතුමනි .. පරිස්සමෙන් .. ඔහොම ගියොත් ඔබ තුමාගේ පරම්පරා කුට්ටමේත් දෙබර කූඩ බදින්ද ඉඩ තියෙනවා ඕන්
ReplyDeleteඑව්වා කොහෙද මාත් එක්ක..
Delete// එලවා ඔය කූඩේ දෙකට පළලා තව පොස්ටුවක් දානවමය.!!!! //
ReplyDeleteඊට කලින් පැනි ටිකට වැඩේ දෙනවාමය
ඒ සිරාවට දෙබරෙ ඇතුලේ පැණි තියෙනවද? දන්නැති හින්දා අහන්නෙ...
Deleteහැමෝම වගේ කියල තියෙන්නේ දෙබර කූඩුව කඩන්නෙපා කියලා.නැවතිල්ලේ හිතලා බැලුවම ඒ කතාවත් ඇත්තනේ බං.අර හිපාටුව ඕක අස්සේ රිංගලා කෙලෝ ගත්තේ නැතිනම් පියරජතුමා වත් දන්නේ නෑනේ ඔය ගැන.තියෙන්න දියන් රජෝ ඔන්නඔහේ.කවද හරි බොට කෙලියොත් එදාට කොරමු මොනා හරි.ජය...!
ReplyDeleteඅම්මපා බයටමයි මේ කමෙන්ට් එක දැම්මෙ..
ReplyDeleteමචන් රජෝ ඔය චක්කරයක් තියනවා නේද..
මී මැස්සො හතක් බබරු එකයි
බබරු හතක් දෙබරු එකයි..
දෙබරු හතක් නයි එකයි...
ඔන්න ඔය වගේ...
බලාගන ආ.. අපි බොට බයේ කමෙන්ට්ස් දැම්මට දෙබරු බය නෑ හරිය.. ?
පස්වහන් දහසකට රජ තුමනි, දෙබරු නම් අයින් කරන්නම වෙනවා... මොකද රජ පැටියෙක්ට ඇන්නොත් එහෙම ඉඳල ඉවරයි,ඔකට කරන්න ඔනේ ගහ යට හොඳ දුමක් ගහන එකයි..... දුම් ගොඩට මිරිස් ටිකකුත් දාලා පුච්චන්න(පැය 2ක් විතර).....පුලුවන්නම් ක්ලොරීන් වගෙ වායුවකුත් ගහන්න තියෙනවනම් හොඳයි.......ඔකට කලින්ම අත් දිග ජසීයකුයි,දිග ඩෙනිම් කලිසමකුයි, ෆුල් කවර් හෙල්මට් එකකුයි පැලඳ ගන්න....... හැබැයි දෙබර වදය පුච්චන්න නම් එපා, අපිට වගෙම එ ගොල්ලන්ටත් ජිවත් වෙන්න අයිතියක් හියෙනව.........රාජ සම්පත් ලැබේවා...!
ReplyDeleteපස්වාන් දහසකට බලු (සමාවන්න ටයිපින් මිස්ටේකයකි) වන්න රජතුමනි
ReplyDeleteඔබතුමාගේ රාජ ඌෂ්ණය බාවිතා කොට රාජකීය හමුදාවට වැඩේ බාර දුන්නනම් ගොඩ නොවෙද..