Monday, May 14, 2012

ඇන්නෝ........මට ඇන්නෝ!!! - OoOh Shit!!!!



එදා රජට කැම්පස් නිවාඩු දවසක් විය. ගෙදරට වී කරන්න දෙයක්ද නැත. බෆලොස් ලා කිහිප දෙනෙක් ෆලෝ කරන බොගයක් තියෙන්නේ වෙලාවටය. හිමිදිරි පාන්දර 9 ට පමණ මට අවදිවිය. කවුරුවත්  වෙනදා මෙන් ඇහැරෙව්වේ නැත. ජනේලයෙන් කාමරේට කඩන් වදින දැඩි හිරු රැස් කෙලින්ම මගේ හපුටු  මුහුණ මත ආලෝකයේ වේගයෙන්  පතිත විය. හිල් වෙච්ච නෙට් එක සහ  කුඩාරම් සරම අකුලා ගත් මම සුපුරුදු පරිදි මුහුණ කට දොවා ගන්නට ගියෙමි. වෙනදා මෙන් සීතල නැත. පංකාදු උණු වතුර ටිකය. මව්තුමිය මලයා ඉස්කොලේ යන වෙලාවට හදා තිබු කිරි එක ඇස දෙක වහගෙන එක උගුරට ගැහුවෙමි. එය රස කර කර බොන්නට ගියා නම් බොන්න වෙන්නේ නැත. ඇල් වතුර ඊට වඩා රස්නෙය. ඒ මදිවට සම්පුර්ණ යොදය සහිත කිරි පිටි වලින් හදලා තිබුනයෙන් යොදය ගුරු පාටට උඩ පාවෙයි. 

බොගේට එන්න කලින් ටීවී එක පොඩ්ඩක් දමා බැලුවෙමි. බලන්නට දෙයක් ඇත්තෙම නැත. එකක මිල්ෆ් යුවතියන් ඇදුම් මහයි, එකක ග්‍රැනී ආච්චිලා කෑම පිහියි, තවකෙක ටීනේජෙර්ස් ලා මුනේ මොනවද අතුල්ලයි, බලන් ගිහාම ලංකාවත් ඇමෙරිකාව වෙලාය (නෝටි ලංකා - අඩෝ එකත් පට්ට වචනේ නේ? පටන් ගන්න ඕනේ සයිට් එකක්)

එකේ බලන්නට දෙයක් නැත. උදේ පාන්දර කාටුන් බැලිය නොහැක. ඒවා ඇත්තේ හවසට නිදහසේ බැලීමටය. (Pink Panther, Scooby Doo, Tom and Jerry, Ben 10 රජාගේ සිත ගත් කාටුන්ය) කෙලින්ම ආවේ හැලපය ළඟටය. දිග හැරියෙමි. මේල් බොක්ස් එකට ගියෙමි. හත්වලාමය....... කලින් දවසේ දාපු වලත්ත පොස්ට් එකට කට්ටිය මට හොඳටම බැනලාය. මමත් අතයි කටයි හදාගෙන ආපසු බැනීම අරම්භ කලෙමි. බැන බැන ඉන්නකොට ලොරියක් ගේ ඉස්සරහ නවත්තනවා මට ඇසුනි. 

මාත්තියා.......මාත්තියා.....

හරිය.... මේ ඇවිල්ල තියෙන්නේ තැබිලි කඩන සෙට් එකය. මම ටිකක් එලිය බැස බැලුවෙමි. වෙනදාට හතරක් එන මුන් අද තුනය. ඒ මදිවට තව අලුත් දෙමළෙකුත් එක්කන් ඇවිල්ලාය. අම්බෝ උගේ කළු... මුණ දැක්ක මට නිකන් මොකද්ද උනි. (රජා උනත් මහසෝනට බයයි මෙයාලා) 

අපේ ඒරියා එකෙන්ම රන් තැබිලි තියෙන්නේ අපේ වත්ත පල්ලෙහා ගහේ විතරය. රන් තැබිලි හා ගොන් තැබිලි හදුනා ගැනීමට අපේ කට්ටිය දන්නවා යයි සිතමි. දන්නේ නැත්තම් මෙසේය. රන් තැබිලි වල අර උඩ තොප්පිය වගේ එක ගැලෙව්වහම උඩ රෝසම රෝස පාටය. දෙමළා උනත් උඩ කළු ඒවාට වඩා උඩ රෝස පාට ඒවාට කැමතිය. 

අපේ පියතුමන් සමග වෙනදා එන දෙමළෙක් වත්ත පල්ලෙහට ගියේ පැහිච්ච වල්ලක් තිබෙදි බැලීමටය. උන්ගේ වෙලාවය. හෙන ගහන්ඩ පැහුණු තැබිලි වල්ලක් ගහේය. ගෙඩිත් 15 -20 ක් තිබුණි. සිත සතුටින් පැණි හිනාවක් ගෙන ඌ නැවත ගේ පැත්තට පියමැන්නේය. අලුත් දෙමළා කොල්ලට මොනවදෝ දෙමලෙන් කිව්වේය. කොලුවා පිහියයි, ලනුවයි අරගෙන වැඩකරු වගේ වත්ත පල්ලෙහට ගියේය. අනික් දෙන්නා පියානෝ සමග මොකද්ද බර කතාවකය. මටත් ඕවට කන් දෙන්න වෙලාවක් නැත. මම නැවත හැලපය දෙසට ආවෙමි. කමෙන්ටු දාන්න පටන් ගත්තෙමි. ලස්සනට බනිමි. එක්වරම.....


බුදු අම්බෝ...................(ඇත්තටම බුදු අම්බෝ නෙමේ....මොකද්ද මන්දා එකක් ඇහුනේ...)

මගේ ඇගිලි ටිකත් අක්වරම යතුරු පුවරුව හරහා විසි උනි. ටයිප් වෙලා තිබ්බේ කුණුහබ්බයකි. 

කෑගැහුවේ මොකාද බලන්න මම මාලිගාව පිටි පස්සට දිව්වෙමි. වත්ත පල්ලෙහින් කළු මහසෝනා දාඩිය පෙර ගෙන දිව එයි. 

එන්ගල !@#$@#%#$^%$&%& ටින් #@%$% කන්  ෂින් ගල සාප්ප #@%$#$# ( හරි හරි... මු කිව්වේ මුට මොකෙද්ද ඇන්න කියාය)

අනික් උන් මු ගෙන මොනවදෝ ඇහුවෝය. උත්තර ලැබුණි. මුට දෙබරෙක් ඇන ඇත.

මාත්තිය... හොද පුවක් ගෙඩියක් දෙන්න මහ දෙමළා ඉල්ලුවේය. පුවකේ ලැබුණි. මු එහි ලෙල්ලේ ඉස්ම මිරිකා අර මහසෝන් කොලුවාගේ ඇන්න තැන ගෑවේය.

අශූ ........#@$@##@5 ශේන්න @%$^&* ( රිදුනලු ඈ...)

රිදෙනවද මල්ලි. ප්‍රශ්නය අපේ මව්තුමියගෙනි.(අම්මටත් පිස්සුනේ... අලියට පෑගිලා ගු ගියාද ඇහුවලු.)

මේක ඒ මදිවට සිංහල දන්නෙත් නැත. මු අපේ අම්මා දිහා බැලුවේ හරියට අපේ අම්මා මුට ඇන්න වගේය.

ශිංහල බෑ නෝනා. පිළිතුර මහ දෙමලාගෙනි.

මත්තියා මෙය කඩියෙක් කෑවත් බයයි. අපි වෙන දවසක් එන්නම් මේක කඩන්න. දැන් මෙය කීයටවත් ඔය ගහට නගින්නේ නී. කියූ මුන් පිටත්ව ගියෝය.

ඇයි හත්තිලව්වේ... මුට දෙබරෙක් ඇන්නේ කෙසේද? රහස් පරීක්ෂක අඩවි රජ හා පිය රජ වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කළේ දඩෝරි බල්ලා සමගය. උඩ බිම බලමින් වත්තේ ඇවිද්දෙමු. 

මල හුස්ටප්පරයකි. ඇහැ හිල් විය, වත පරල විය...  දෙබරා බැට්, ස්ටම්ප්, තයි පෑඩ් , නිකන් පෑඩ් විතරක් නෙමේ අන්තිමට හෙඩ්ජියර් එකෙනුත් ගහනවාය. එක්තරා හිපාටු දබර කල්ලියක් අපේ වත්තේ බෝලයක් අඹලාය. අපරාදේ කියන්න ඕනේ නෑ. කන් කළු බෝළේය. මෙන්න සාක්කි.

කොහොමද වයිරම

ආරක්ෂක සෙබලු


ප/ලි:

රජ, වැඩිය සමීප රුප ගන්නට ගියේ නැත. අරූ මෙන් දැම්ම කෙලෝගන්නට මට කිසිම උවමනාවක් නැත. නමුත් ඕකට දුම් ගසා ඔවුන් මගේ අඩවියෙන් එලවන එක එලවනවාමය. එලවා ඔය කූඩේ දෙකට පළලා තව පොස්ටුවක් දානවමය.!!!!


රූප කතාව ඊලග පෝස්ටුවේ දානවාමය ^_^


67 comments:

  1. බලාගන රජො බොට කෙලවෙන්ටත් පුළුවන්ය. ඇ රජො අරැට සීංහල බැ කියුවා නේද .එතකොට බුදු අම්මො කියුවෙ කවුද.

    ReplyDelete
    Replies
    1. //බුදු අම්බෝ...................(ඇත්තටම බුදු අම්බෝ නෙමේ....මොකද්ද මන්දා එකක් ඇහුනේ...)//

      දෙමළෙන් කිව්වෙ බං.... මට හරියට ඇහුනෙ නෑ.. මේක තමා කියන්න ඇත්තෙ :-)

      Delete
    2. ආන්ඩවනේ සාමී ! කියලා කියන්න ඇත්තේ!

      Delete
  2. // අම්බෝ උගේ කළු...// දවල්ට බලන්නත් ටෝච් එකක් ඕන...(එහෙම ද ?)

    කොහොම උනත් රජෝ දෙබරෙ කඩන්න එපා, උනුත් ඉන්න එපායැ.....
    දෙබරු ඔය කියන තරම් වස නෑ, අරූ මොකක් හරි අළුකුත්තේරු වැඩක් කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙමද?....

      පොඩි වැරදීමක් වෙලා ඕක ඇවිස්සුනා එතකොට? :-(

      Delete
  3. සත්තුන්ට හිරි හැර කරන්න එපා බොල... ඔන්න ඔහේ ඉන්න දියන්.. අර වගේ මහසෝනලාට ව්තරක් අනින හැටි කියලා දුන්නම ශේප්.. මාලිගාවටත් ආරක්ශාව..

    ReplyDelete
    Replies
    1. මුන් ඇනලා මං මැරුණම උඹලා මගෙ මලගෙදර වරෙන්....

      පෝස්ටුත් ලියපල්ලා ඈ... :-)

      Delete
  4. අම්බෝ....රජතුමණි පරිස්සමෙන්....

    ReplyDelete
  5. අම්මෝ....... මම මෙහෙම දෙබර කූඩයක් දැක්කමයි.. ඒක හරි ලස්සනයි හැබයි.. ඒත් පරිස්සමින්....

    ප.ලි.: ඒන නෙමෙයි.. කවුද ෆලෝ කරන බෆලෝ ලා????

    ReplyDelete
    Replies
    1. සිරාවටම මාර ගති... මමත් විනාඩි 10ක් විතර ඕක අධ්‍යයනය කලා

      ප/ලි: වෙන cowද ඉතින් ^_^

      Delete
  6. ඒ පවුවැඩ කලන්නෙපා අනී......කාගෙ හලි ගෙයක් කදන්නෙ මොන වෙඩිමටඩ ඔයාලට කලඩලයක් නැට්ටන්....:/

    ReplyDelete
    Replies
    1. තාමටනං නෑ... ^_^

      වෙඩින් නෙමේ මලවෙඩ්න්..

      Delete
  7. මේච්චර ලස්සන බඹර කුඩයක් දැක්කමයි රජෝ මේ....ඕක කඩන්න එපා බන්..ඔන්න ඔහෙ හිටපුවාවේ.....උන් අහින්සකයෝ..උබේ මාලිගාව අහල පහල ***** ගෙයක් අටවගන්න හෙම යනවනම් ඒ මොහෙතෙම කඩලා දාපන්....ඒකා බඹරාට වඩා විසයි...

    ReplyDelete
    Replies
    1. පට්ට නේ බං...

      ***** - හ _ _ _ ක් ද

      හෙහ් හෙහ්... අනිවා :-)

      Delete
    2. මචන් ජාතික ප්‍රශ්නයක් වෙන්න යන එකක් මේක..

      Delete
  8. සත්තු ඉන්න ඕන තමයි. ඒත් මම නං කියන්නෙ කඩපන් කියල. මොකද මට ඔයවගේ අත්දැකීමක් තියන නිසා. වැරදිලාවත් ඔයින් සෙට්එකක් කෙනෙකුට වට කරල ඇන්නොත් මැරෙන්න උනත් පුළුවන්. අනෙක දෙබරු-බඹරු ඇවිස්සෙනව කුරුළු ප්‍රහාර වලින්. අන්තිමට කුරුල්ල බේරිලා අපිටයි කන්න වෙන්නෙ. හැබැයි කරන දෙයක් පරෙස්සමින්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා රාජ් අයියේ මාත් කියන්නෙ... බැරි වෙලා ඇවිස්සුනා..

      බුදු අම්බෝ...මොන දෙයියට කියන්නද?

      Delete
    2. දෙබරු 7ක් නයි විසලුද??

      Delete
    3. ඒ බබරු 7 ක් නේද ගැමි මල්ලියෝ නයි විස...? දෙබරු 7 ක් බබර විස කියලයි මට මතක...

      Delete
    4. දෙබරු 7ක් නයි විස

      Delete
    5. නයි 7ක් රාජ විස :-))

      Delete
  9. හපොයි මාත් ඔය වදේ විදලා තියෙනවා.ඒ මදිවට විද්දෙ කනට බෙල්ලත් එක්කම ඉදිමුනා.ඇතුලෙනුත් ඉදිමුන නිසා වතුර බොන්නවත් බැරුව හිටියා. ඒ දෙඹර කූඩෙනම් තිබුනෙ බිම.

    ReplyDelete
    Replies
    1. නෑ...... අම්බෝ...

      දැන්ම ගිහින් කඩලා දානවා බෝලේ :/

      Delete
  10. දෙබර කූඩුවක් කියල හොඳටම ශුවර්නම් ( චායා රූප පැහැදිලි මදි ) කඩන්න යන්න එපා... කූඩුව යටින් අමු කොළවලින් ගිනි ගොඩක් ගහපන්.. පව් කියල නිකන් හිටියොත් සොරි වෙන්නෙ බොලාට...

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වැඩේනම් අවුලක් නෑ. එතකොට උන් වෙන තැනකට යයි. අනික දෙබර කඩලා වැඩේ නවත්තන්න බෑ. ආයෙත් එතනම හදනවා. හැබැයි වැඩේ කරන්න ඕන නීත්‍යානුකූලව බයික් එකක යන්න සූදානම් වුනා වගේ කිට දාගෙන..

      මෙහෙම ලිව්වෙ වැඩේ හොඳ හින්දා නෙවෙයි "රජෙක් උනත් දෙබරෙක් ඇන්නොත්" කියලා කියමනකුත් තියෙනවනෙ..;)

      Delete
    2. පෝන් එකෙන් ගත්තෙ බං...

      ඒක තමා.... එකෙක් මැරුනොත් උන් ඒ සුවද අදුරගෙන පහර දෙනවලු හතර අතේ

      Delete
  11. අඩේ දෙබර කූඩුව පේන්ට් කොරලද ? නැත්නම් රජතුමාගෙ සරමකද මේක හදල තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. නෑ බං... ඔරිජිනල් වයිරම. පට්ට ඩිසයින් එක නේ? :-)

      එලවන්න කලින් මුන්ගෙන් මමත් ඉගෙන ගන්න ඕනා ගෙදරක ඉන්ටීයර්, එක්ස්ටීයර් ඩිසයින් දාගන්න විදිහ

      Delete
    2. ඔරිජිනල්ම එකක් තමයි මේ. මට මතකයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ට්‍රේනින් සෙන්ටර් එක ලග මේවගේ එකක් තිබුන.

      Delete
  12. කඩාපන් රජෝ ඔය කුඩුව. එත් අර කිව්වා වගේ ෆුල් කිට ගහගෙන ග්ලවුස් හිට දාගෙන යන එක ගුණයි. දුම් ගහල එළවලා කුඩුවත් පුච්චපන්. මොකද ඔය දෙඹර කුඩුවක්. මිනිස්සුන්ට විෂයි දෙඹරු. http://en.wikipedia.org/wiki/Asian_giant_hornet බලන්න. මේ තියෙන්නේ ඔය වගේම තව කුඩුවක්.
    http://www.google.lk/imgres?hl=en&safe=off&client=firefox-a&hs=wbs&sa=X&rls=org.mozilla:en-US:official&biw=1366&bih=653&tbm=isch&prmd=imvns&tbnid=L3J2MV1uKNkt9M:&imgrefurl=http://www.elharo.com/blog/birding/2007/10/21/wasp-week-day-0/&docid=-XKGXvC33fFTaM&imgurl=http://www.elharo.com/blog/wp-content/uploads/2007/10/baldfacedhornetsnest.JPG&w=640&h=480&ei=ewSyT7HVHKWriAe90eWVBQ&zoom=1&iact=hc&vpx=902&vpy=240&dur=1424&hovh=194&hovw=259&tx=131&ty=91&sig=114247562568763683885&page=4&tbnh=145&tbnw=186&start=70&ndsp=26&ved=1t:429,r:5,s:70,i:274

    ReplyDelete
    Replies
    1. ෂාහ් මාරයි... බං :-)

      Delete
  13. මචන් උබේ උගත් කම මොකද්ද බන්, අපේ බ්ලොග් අවක්කාශයේ පොදු හිතවතා වෙච්ච ඔබා මාමා අවසන් ගමන් ගිහින්, එතුමාගේ මිතුරෝ විදියට අපි මේ වෙලාවේ උබ වගේ කුණුහරුප කියවන්නේ නැතුව අපේ ස්ශෝකය ප්‍රකාශ කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි, බැරි වෙලාවත් උබ මැරිලා ඔබා මාමා ජිවත් උනානම් උන්ද අඩුම ගානේ උබේ මිනිය වල දානකම්වත් උබ වගේ හිට්ස් ගන්න දගලන එකක් නෑ (කොහොමත් ඔබා මාමාට හිට්ස් වල මදි පාඩුවක් උබට වගේ තිබුනෙත් නෑ නොව)

    ReplyDelete
    Replies
    1. හා.... එතුමා මැරුණා තමා... ඇත්ත... ‍ශෝකය ප්‍රකාශ කරන්න ඕනා... ඇත්ත...
      ඒක මාමා මැරුණ දවසෙම කලා... තව ඉස්සරහට පින්කම් ලංකාවෙදි කරනවා නං ඒවටත් මම යනවා...

      //සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.// - කතන්දර (ඔබා මාමා වෙන්වෙන් ලිව්ව පෝස්ට් එකේ)

      කොහෙද මේකෙ කුණුහරප... එකක් පෙන්නපන්...මම ලිව්වෙ මට වෙච්ච ඇත්ත සිද්ධියක්

      මට හිට්ස් කන්නද? අනික මම විතරද අද පෝස්ට් දැම්මේ?

      කියන්න දෙයක් තියෙනවා නං හැංගිලා ගහන් නැතුව කෙලින් කියපන්..

      Delete
    2. අරෙහෙ ලියපු උන්ගේ පලු අරිනවා මෙහෙ ලියන්න කියල පලු අරිනවා. මොකද්ද බං මේකේ තේරුම?

      Delete
    3. අනේ මන්දා බං ඕවා....

      //අරෙහෙ ලියපු උන්ගේ පලු අරිනවා//

      මටත් ආරංචි උනා.. :-(

      Delete
  14. කාටුන් සෙට් එක නම් ඇස්දෙකේ පොට යනකම්ම බලලා තියෙනවා....දැන් අවුරුදු දෙකක් තිස්සේ පට්ට කාටුන් එකක් හොය හොය බලනවා Naruto පට්ට සීරිස් එකක් අප්පා ඔන්ලයින් බලන්නත් පුළුවන් චිත්‍ර කතාත් තියෙනවා.... හොයාගෙන බලන්ඩෝ....

    මේක මාර කලාත්මකයිනේ කොහොම වයිරම් දැම්මද දන්නැ නේද

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං... මාර වයිරම නේ?

      Delete
  15. යකෝ ගෙදර (වැරදුණා මාලිගාවේ) දෙබරයක් බඳිනවා කියන්නේ පට්ටයි නේ..
    ඕක ඔහොමම තියෙන්න ඇරපන්...

    ReplyDelete
    Replies
    1. මේ බලහන් මූ කියන කතාව.. පට්ට කොහෙද බං.

      Delete
  16. කූඩෙනං පට්ට... අපේ ගෙදරත් ඔය සයිස් එකක් තිබ්බා... ඔ්කක් කඩනවා කියන්නෙ ගමක් විනාස කරනවා වගේ පවු වැඩක් දරු පවුල් පිටිං පිච්චෙද්දි කොහොමද...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා සීන් එක.... පව් වැඩේ බං :-(

      Delete
  17. රජාට අඩවිය හැර යන්න වෙලා...:P රජාගේ අඩවිය දෙබරු ආක්‍රමණය කල වගයි...:)
    උනුත් ඉන්න ඕන තමා එත් පරිස්සමින් හොදේ...දෙබර කුඩුව හරි ලස්සනයිනේ..මන් දැකලා තිබ්බේ නෑ ඔය වගේ වයිරම් වැටුන එකක්...
    අයින් කළා නම් හොදයි තමා වැඩි ආරක්ෂාවට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ....බලන්ඩකෝ හිරු අක්කෙ :-)

      Delete
  18. උඹ හලන පැණි වලට දෙබරු බඹරු මී මස්සොත් එනවා තව ටික කලකින්.කට දෙපැත්ත පිහදාගෙන හිටු.ටික කලකින් උන් හිටි දිහාවටම යාවි.හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. හික් පික්...! ඊලගට මොක්කු එයිද දන්නෙ නෑ... :-)

      Delete
  19. //46 ක් මට බයේ කමෙන්ට් කරලා://


    මම 47?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔව් ඔව්..

      මට බය වෙයන් ඈ.. සැමා අයියේ :-)

      Delete
  20. //ජනේලයෙන් කාමරේට කඩන් වදින දැඩි හිරු රැස් කෙලින්ම මගේ හපුටු මුහුණ මත ආලෝකයේ වේගයෙන් පතිත විය.//
    ඔය කියලා තියෙන්නෙ හූනා කිවුවා වගේ ඇත්ත. මම කිවුවෙ "හපු‍ටු මූණ"

    ReplyDelete
    Replies
    1. සික්... මුණටම කිව්ව කතාව.. :/

      Delete
  21. දුම් ගස්සන්න නෙමයි බන් ඕකට ගිනි තියන්න ඕන මම දන්න විදිහට.... පව් වැඩේ වුනාට කරන්න දෙයක් නෑ..

    (දෙබර දැකල තියෙනව ඒත් මෙහෙම රෙද්දක් වගේ එකක් දැක්කමයි... කැම් එකේ කොලිටිය මදි හින්ද වෙන්න ඇති නේද මේ පාට පාට?... )

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. කොලිටි මදි.. ඒ උනාට මොකෑ ස්මාර්ට් පෝන්.. :/

      (කලුවර හින්දා බැක් ලයිට් වැඩි කලා.. පාට ඩොට් ආවා.. සොරි ඈ..)

      Delete
  22. ".. අලියට පෑගිලා ගු ගියාද ඇහුවලු."// පට්ට ටෝක් එක මට තවමත් හිනා.. හැක හැක..
    මොනා උනත මාට ලස්සන දෙබර බෝලයක්නේ.. රාජධානිය හැරදා ගියත් ඕක නම් කඩනව එහෙම නෙවි...

    ReplyDelete
    Replies
    1. කඩන්න වෙනවා බං.. පව් තමා කරන්න දෙයක් නෑ.. :-(

      Delete
  23. වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ අණක් නිකුත් කරන්න, දෙබරුන්ට ගහෙන් ඉවත්වෙන්න කියල.. (අනවසර ඉදිකිරීම්නෙ)

    ReplyDelete
    Replies
    1. මං කිව්වට යයිද දන්නෑ... දෙබරු නේ :-)

      Delete
  24. රජතුමනි .. පරිස්සමෙන් .. ඔහොම ගියොත් ඔබ තුමාගේ පරම්පරා කුට්ටමේත් දෙබර කූඩ බදින්ද ඉඩ තියෙනවා ඕන්

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද මාත් එක්ක..

      Delete
  25. // එලවා ඔය කූඩේ දෙකට පළලා තව පොස්ටුවක් දානවමය.!!!! //

    ඊට කලින් පැනි ටිකට වැඩේ දෙනවාමය

    ReplyDelete
    Replies
    1. ඒ සිරාවට දෙබරෙ ඇතුලේ පැණි තියෙනවද? දන්නැති හින්දා අහන්නෙ...

      Delete
  26. හැමෝම වගේ කියල තියෙන්නේ දෙබර කූඩුව කඩන්නෙපා කියලා.නැවතිල්ලේ හිතලා බැලුවම ඒ කතාවත් ඇත්තනේ බං.අර හිපා‍ටුව ඕක අස්සේ රිංගලා කෙලෝ ගත්තේ නැතිනම් පියරජතුමා වත් දන්නේ නෑනේ ඔය ගැන.තියෙන්න දියන් රජෝ ඔන්නඔහේ.කවද හරි බොට කෙලියොත් එදාට කොරමු මොනා හරි.ජය...!

    ReplyDelete
  27. අම්මපා බයටමයි මේ කමෙන්ට් එක දැම්මෙ..

    මචන් රජෝ ඔය චක්කරයක් තියනවා නේද..

    මී මැස්සො හතක් බබරු එකයි
    බබරු හතක් දෙබරු එකයි..
    දෙබරු හතක් නයි එකයි...

    ඔන්න ඔය වගේ...

    බලාගන ආ.. අපි බොට බයේ කමෙන්ට්ස් දැම්මට දෙබරු බය නෑ හරිය.. ?

    ReplyDelete
  28. පස්වහන් දහසකට රජ තුමනි, දෙබරු නම් අයින් කරන්නම වෙනවා... මොකද රජ පැටියෙක්ට ඇන්නොත් එහෙම ඉඳල ඉවරයි,ඔකට කරන්න ඔනේ ගහ යට හොඳ දුමක් ගහන එකයි..... දුම් ගොඩට මිරිස් ටිකකුත් දාලා පුච්චන්න(පැය 2ක් විතර).....පුලුවන්නම් ක්ලොරීන් වගෙ වායුවකුත් ගහන්න තියෙනවනම් හොඳයි.......ඔකට කලින්ම අත් දිග ජසීයකුයි,දිග ඩෙනිම් කලිසමකුයි, ෆුල් කවර් හෙල්මට් එකකුයි පැලඳ ගන්න....... හැබැයි දෙබර වදය පුච්චන්න නම් එපා, අපිට වගෙම එ ගොල්ලන්ටත් ජිවත් වෙන්න අයිතියක් හියෙනව.........රාජ සම්පත් ලැබේවා...!

    ReplyDelete
  29. පස්වාන් දහසකට බලු (සමාවන්න ටයිපින් මිස්ටේකයකි) වන්න රජතුමනි
    ඔබතුමාගේ රාජ ඌෂ්ණය බාවිතා කොට රාජකීය හමුදාවට වැඩේ බාර දුන්නනම් ගොඩ නොවෙද..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)