Showing posts with label රාජ ආතල්. Show all posts
Showing posts with label රාජ ආතල්. Show all posts

Wednesday, May 6, 2020

කොල්ලන්ගේ ඇස් රතු වෙන්නේ ඇයි - Why boys have red eyes? 18+++

දැන් සීන් එක මෙහෙමය. අපි ඕනේ තරම් ඇස රතු වෙච්ච කොල්ලෝ දැකලා ඇත්තේය. ඇස් රතු වෙන්න හේතු කාරනා බොහෝය.  හඳට යන උන්ගේත් ඇස් රතු වෙන්නේය. ඒත් ගෙදර ඉන්න උන්ගේ ඇස් රතු වෙන්නේ මෙහෙමය. ඒත් ඒකෙන් බේරෙන එකම එක ක්‍රමයක් ඇත්තේය. එකම එක උත්තුංග කාරණයක් ඇත්තේය. 

අත් හොදපන් මිනිහෝ............. අත් හෝදපන් 











සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, April 16, 2020

හතර හන්දි හිරි වැටෙන ලදී - Creepy Scary Stories on Site


ඒ දවස් වල මං රජා හිටියේ හබරාදූවේ සයිට් එකකය. ABC කොම්පැනියට සෙට් වෙච්ච මුල්ම දවස් ටිකය. මේක පට්ට පතරංග සයිට් එකක්ය. සයිට් එක වටෙ යන්න ත්‍රීවීල් එකක් ඕනේය.  සයිට් එක වටේ වැටේ දිග විතරක් 2km විතර තිබ්බේය. එතන තියෙන්නේ ආන්ඩුවේ මිනිස්සුන්ට අඩුවට දෙන්න කියලා හදපු ගෙවල් සෙට් එකක්ය. සෙට් එකක් කිව්වට පොඩි ගානක් නෙමේය. ගෙවල් 600ක්ය. කරුමේ කියන්නේ එකම එක ගෙයක්වත් විකුන ගන්න බැරිවෙලා තියෙන එකය. අපිට කරන්න තියෙන්නේ එතන තියෙන ගෙවල් ඔක්කොගෙම දොරවල් ජනෙල් ගලෝලා අලුතෙන් ඒවා හයිකරලා ටයිල් අල්ලලා කිරි ටොයියා වගේ ලස්සන කරලා බාර දෙන එකය. අපේ ABC කොම්පැනියට තිබ්බේ පුදුම හදිස්සියක්ය. අච්චර ලොකු සයිට් එකට මොකෙක්වත් එවන්නේ නැතුව රජාව විතරක් යැව්වේය. සේෆ්ටි ඔෆිසර්, සුපවයිසර් එකෙක් දෙන්නෙක් මොකෙක්වත් නැත. ගෙවල් ටික කඩන්න බිදින්න සෙට් එකක් ආවේය. හබරාදූව කිට්ටුවම සෙට් එකක්ය. ආයේ නිකන් යක්කු වගේ ඩයල්ය. සයිට් එකේ බිල්ඩින්ග් 7ක් ද කොහෙද තිබ්බේය. 


සයිට් එකේ එක පැත්තකට මායිම කොග්ගල කලපුවය. ඒක හින්දා සයිට් එක මැද්දේ තිබ්බ පොකුණු දෙකේ තඩි ගැට කිඹුල්ලුත්  හිටියේය. 

ඒ හරියෙන් යද්දී පරිස්සමට යන්න මහත්තයා..

සයිට් එකේ කොල්ලෝ හැම තිස්සෙම වගේ රජාට උපදෙස් දුන්නේය. රජා ඒවා ටක්කෙටම පිළිපදින්නේ කිඹුලන්ට ඇති බය නිසා එහෙම නෙමේය. 

රෑට එහෙම තනියම මේ හරියේ ඇවිදින්න එන්න එපා මහත්තයා. සුනාමිය වෙලාවේ මිනිස්සුන්ගේ බෝඩිස් තිබ්බේ මේ පොකුණු වල. සමහර දවස් වලට සුදු ඇදගත්තු උන් මේකේ ඇවිදිනවා මහත්තයා... 

ඒ සයිට් එකේ සික්කන්ගේ කතාවය. අම්මපා මට මුන්ගේ දත් ඇන්ද යටි බඩේ හිරවෙන්න ගහන්න හිතෙන්නේ ඒ වෙලාවටය. අවජාතක හැතිකරේ. ඇයි යකෝ මං  මේ පොකුණ ගාවිනුත් ඈත් වෙලා යන අස්සේ මුන් හොල්මන් ගැන කියවන්නේය.

දවසක් උදේම අපි වැඩ පටන්ගත්තේය. එදා මහා මුසල දවසක් උනේය. උදේ පාන්දර ගෙයක් ඇතුලට යද්දී පත කලවැද්දෙක් මැරිලා වැටිලා හිටියේය. ඌ දිරලා, කුණු වෙලා, කුඹි කාලා වෙන්න තියෙන ඔක්කොම ඒවා වෙලා තිබ්බේය. මං රජා හිතුවේ ඩයිනොසිරස් පොසිලයක් හොයාගත්තා කියලාය. මට මං ගැන මහා ආඩම්බරකය් දැනෙන්නට උනේය. 


PM ලොක්කා GM ලොක්කා එක්ක එලියට ගියේය. මං රජ කට්ටියට වැඩ ටික ලයින් කරලා දීල බිල්ඩින්ග් ටිකට කට්ටිය බෙදලා දාලා සයිට් එකේ පොඩි රවුමක් දාගෙන හිටියේය. ඉස්සරහම තියෙන යුනිට් එකට රජා අවේ අන්තිමටය. කට්ටිය ඕසේට වැඩය. එක පාරට දඩාස් ගාලා සද්දයක් ආවේය. යකෝ මුන්ට මන් කිව්වේ දොරවල් ටික ගලවන්නය. එහෙම සද්දයක් අවේ කොහොමද. මං රජා කල්පනා කරමින් කොරිඩෝව දිගේ ඉදිරියටම ඇදුනේය. 

කට්ටිය කෑගහගෙන දුවන්නේය. සික්කෝ ටික වේගයෙන් යුනිට් එක දිහාට දුවගෙන එනවා මට ජනේලයක් අස්සෙන් පෙනුනේය. මේ මොන අල ගුන්ඩුවක්ද.. රජා පොඩ්ඩක් ජනේලෙන් එබිලා බැලුවේය. හතර හන්දි හිරි වැටුනේ එතකොටය. 4 වෙනි තට්ටුවේ හිටපු එකෙක් බිම පත බෑවිලාය. අයියෝ...පොඩි කොල්ලෙක්ය වයස 19ක් උන විතරය. මං පල්ලෙහාට අවේ කොහොමද යැයි මට මතක නැත. හිතන පමාවට රජා වැටිච්ච කොල්ලා ගාව හිටියේය. 


කොල්ලව වීල් එකක දාලා කරාපිටියට යැව්වේය. ජිවිතේ බේරුනත් පොඩි එකාට ඇවිදගන්න බැරි උනේය. සිහියක් පතක් නැත. අත දරුවෙක් වගේ බිමට දාපු මෙට්ටයක් උඩය. කතා කරන්නෙත් ගොලුවෙක් වගෙය. මාසෙකට විතර පස්සේ අපි උන්ගේ ගෙදර ගියාම රජාට ඇඩුනේ නැති ටික විතරය. උන්ගේ අම්ම කියන ඒවාට පපුව පැලෙන්න වගේ එන්නේය. 

අනතුර වෙලා තිබ්බේ කෝල් එකක් හින්දාය. මූ වැඩ කර කර ඉන්නකොට කෝල් එකක් ඇවිල්ලාය. කෝල් එකේ ඉන්න ගමන් ගිහින් දිරච්ච යකඩ වැටකට හේත්තු වෙලාය. වට කඩාගෙන කොල්ලා බිමය. දුකම සීන් එක කෝල් එක අරන් තිබ්බේ උගේ අම්ම ම වීමය. අම්මට ඒ වේදනාවෙන් ගොඩ එන්න බැරි එකක් රජාට තේරුණේය. එහෙ ගිය වෙලේ ඉදන් කිව්වෙත් එකමය. 

මට මහත්තයෝ කොල්ලට කතා කරන්නේ නැතුව ඉන්නේ තිබ්බේ... 

කොල්ලගේ ගෙදරට සැහෙන කාලයක් ABC කොම්පැනිය උදව් කලේය. දැන් නම් කොල්ලට හොදවෙලද කියලවත් දන්නේ නැත. ටික දවසකින් ස්ටාෆ් එක හබරදුවට ගොඩ බැස්සේය. ඕකුන් එනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරය. මාස 6කට පස්සේ රජා කොළඹ සයිට් එකකට මාරු උනේ ගෙදර ඉදන් වැඩට යන්න ලේසි හින්දාය. අපිට නවතින්න දුන්නේ පරණ තේ වත්තක් මැද්දේ තිබ්බ පාලු ගෙදරකය. ඒ ආතල් ටිකත් එක්ක ඊළග පොස්ට් එකෙන් හම්බෙමු.



ප/ලි: 

ගෙදරටම වෙලා හිටපල්ලා.. කොරෝනා.................................

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, July 21, 2019

එදා මෙදා තුර - The Best Boss Ever




අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය. ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය. මේ අවරුදු 4,5 කාලය තුල මරු මරු සීන් උනේය. මතක් මතක් වෙන එක දෙක රජ අයෙත් ලියන්නේය. ඉස්සර වගේම එහෙන් මෙහෙන් පොඩි ආතල් එකක් දාල උපරිමෙන් කරන්න හෙනම ට්‍රයි එක දෙන්නේය. 

ඒ දවස් වල රජා රාගම පැත්තේ සයිට් එකක ඉන්ජා විදිහට වැඩ කරන කාලෙය. රජාගේ බොසා එලම ඩයල් එකක්ය. හෙන වස පොරක් උනාට පුල්ම අතල් එකේ ඉන්න එකෙක්ය. පොර කොච්චර වස උනත් බෙස්ට් බොස් එවර් ටයිප් කියන්න තරම් හිතෙන්නේය. පොරගේ වයිෆ් කැන්සර් එකකින් නැතිවෙලා දැන් ටිකක් කල්ය. ළමයි 4ක් එක්ක පොර තනියම කල් ගෙවන්නේය. වෙලාවකට මිනිහ හෙන පව් කියලත් හිතෙන්නේය. ඒ තියෙන අවුල හින්දමද මන්ද මිනිහ ඩේලි ගහනවාය. කොච්චර බිව්වත් මේකට වදින්නෙත් නැති තරම්ය. වැදිලා වැදිලා වදින තැන් ගෙවිලා ගිහින්ද කොහෙදෝය. 

දවසක් හවසක පොර අපේ සයිට් එකට කඩන් පාත් උනේය. අද බොන්න ඕනේ. යමල්ලා.. සයිට් එකේ හිටපු උන් ටික පුල් හොල්මන්ය. අපේ ස්ටෝර් කීපර් සයිට් එකට කන්න උයන ඇන්ටිට කෝල් එකක් දීලා ඌරු මස් බයිට් එකක් දාගත්තේය. ඌ එක කලේ කොයි වේලාවේද, කාගේ කීමටද කවුරුවත් දන්නේ නැත. යකෝ මුන්ගේ මේ උනන්දුව සයිට් එකේ වැඩ වලටත් තිබුන නං මේ තට්ටු 10 බිල්ඩින් ටික අපි ඉවර කරන්නේ මාස 6න් ය. 

ගම්පහ-ජා ඇල පාරේ වෙලක් මැද්දෙන් ගිහින් යන්න පුළුවන් බන්ට් එකක් තියෙන්නේය. අම්මටසිරි ආයේ බොන්න කියපු පොට් එකය. කට්ටිය එතනට යනකොට හොදටම කලුවර වෙලාය. කාර් වල ලයිට් එළියෙන් බොන්න පටන් ගත්තේය. බෝතල් 2ක් විතර ඉවර වෙනකොට සෙට් එකට තණකොළ කාගෙන යන්න වැදිලාය. කාපන්, බීපන්, සැපේ ඉදපන්.... මේං වඩේ ගෙඩිය. අපේ බොසත් මෙන්න මේකා වගේය.

  

කට්ටිය දැන් සින්දු කියන්න පටන් ගත්තේය. ඔහොම ඔහොම සින්දු කියාගෙන ආතල් එකේ කියාගෙන ගියේය. බොසා සින්දු කියන එක නැවත්තුවේය. 

බොසා: හරි දැන් උබලා මන් කියන සින්දුව කියපල්ලා.  එදා මේද තුර කියහල්ලකෝ...

කට්ටිය සින්දුව ගැම්මට පටන් ගත්තේය.  

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා.. 
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා.. 
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා.. 
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා..// 

කියනවත් එක්කම බොසා වතුර වල පැත්තට දුවගෙන ගියේය. මෙන්න මේකා වලට පනින්න යන්නේය. අපේ සේෆ්ටි ඔෆිසර් කොල්ලා සෙල්ලන් පිස්තොලෙන් තිබ්බ ටීක් බෝලයක් වගේ වේගෙන් ඒ පැත්තට දිව්වේය. ඒත් එක්කම ඔක්කොමලා දුවගෙන ගිහින් බොසාව අල්ලගත්තේය. 



සේෆ්ටි: සර්.. සර්.. මොකද මේ කරන්න හදන්නේ? 

බොසා: මට වයිෆ් ව මතක් උනා බං.. ඔය සින්දුව අහද්දී මට වයිෆ් ව මතක් වෙනවා බං...මට මේකට පනින්න දීපල්ලා..

සේෆ්ටි: සර් ලමයි ටිකට මොකද වෙන්නේ.. මෙන්න මෙහෙ එන්න පිස්සු නැතුව..  

රජාට නිකන් ඇඩෙන්න වගේ ආවේය. පොර මොන තරන් අවුලකින් ඉන්නවා ඇද්දෝ කියලා හිතෙනකොටත් මට නිකන් පිස්සු වගේය. බොහොම අමාරුවෙන් මිනිහව කුදලාගෙන කාර් එකට දාලා ගෙදර යැව්වේය.  

අදටත් මං පොරට හෙන ගරු කරන්නේය. ඒ අර ළමයි 4 දෙන තනියම බලාගෙන ඉන්න එකටය. පොර කොච්චර බිව්වත් මොනවා කරත් මට එක වැඩක් නැත. රජා දැන් වෙන තැනක වැඩ කරන්නේය. එත් මේ බොසා තාමත් රජා එක්ක ෆිට් ය. එකේ පිස්සු පොටෝ එහෙම එවන්නේය. එත් පොර ඉන්න මානසික මට්ටම මට තාමත් හිතාගන්නවත් බැරිය. අච්චර ආදරේ කරන වයිෆ් එක පාරට දාලා ගිහාම එන වේදනාව මට නං සිරාවටම පිස්සු වගේය. 


ප/ලි:

එදා හොදටම රෑ උන හින්දා සැන්ඩි ගන්න කඩයක් සෙට් උනේ නෑ. වතුර දාලා බං ගැහුවේ. 

රජා ඉතින් බොන්නේ නෑනේ. බයිට් කනවා විතරයි :D 

M.S ගේ සින්දුවේ තාලෙට කියන්න හොදේ. 

M.S ගේ සින්දුවේ ලින්කුව... 



සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, July 4, 2019

මියුසික් කෙරුවාව - Musicmania



මේ දවස්වල පට්ට කම්මැලිය. ඔෆිස් එකේ කරන්න දේකුත් නැත. නිකන් ඉන්න ගමන් වාගේ මේ බ්ලොග් ගල් කෑල්ල කුරුටු ගන්න හිතුනේය. දැන් ඉස්සර වාගේ නෙමේය. රජා දැන් බැදලාය. ඉස්සර දාපු සෙල්ලන් දාන්න බැරිය. පරිනත වෙලා එන්නන් කිව්වට එච්චර දවස් කම්මලිකමේ ඉන්න බෑ බෑ වගේය. මේ කතාව මතක් උනේ රජ බිසව් තොමෝ එක්ක කොටුවේ ඉඳන් ගෙදර යන ගමන් ඉන්න වෙලාවකය. පොඩි කාලේ වෙච්ච සීන් කොන් එකක්ය. මේක බ්ලොග් පොස්ට් එකක් දාන්න ඒ දවස් වල මට අමතක උනේ කොහොමද කියන එක හෙන ප්‍රශ්නයක්ය. රජ බිසව නං මේක යේ ලියන්න ගන්න එකට කොහොමත් කැමති නැතිය. 

ආ.. යේ පටන් ගන්නද යන්නේ? 

හොදා.. පාරේ බැහැල යන්න බැරි තැනට වැඩේ කරනවකෝ. 

රට වැස්සා අපි ගැන හිතන්නේ ඔන්න ඔහොමය. එහෙම කියද්දී මට මතක් වෙන්නේ අර ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ කියන සූටි නංගියාවය. සමහර ගති නං හදන්නම බැරි සීන් එකක් තියෙනවා වාගේය. 

මං රජාට ඒ කාලේ ඉඳන් පොඩි මියුසික් පිස්සුවක් තිබුනේය. පිස්සුව තිබුනට සින්දු නං කියන්න කොහොමත් බැරිය. ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් ගහන්න ලොවෙත් බැරිය. ඉස්කෝලෙදි වෙස්ටර්න් මියුසික් ගෑනිගෙන් අම්බානට බැනුම් ඇහුවෙත් ගුටි කෑවෙත් රජාට තිබු මේ උත්කුරුස්ට වූ හැකියාව නිසාය. ඒ දවස් වල ඕගන් එකක් ගන්න මන් රජාට තිබ්බේ තිබුනේ පුදුම අමරුවක්ය. මැද්දේ ඩිස්ප්ලේ එකක් තියෙන ඕගන් එකක් ඕනේ කියා රජා ගෙදර කනපිට ගැහුවේිය. ඒ දවස් වල ඉදන් එක එක ජාතියේ ඉත්තෑවෝ ප්‍රභේද ඒ ඒ අදාල ස්ථාන වල හොදට දගලපු බව වැටහෙන්නේ දැන්ය.

රජාට ඕගන් ගහන්න උගන්නන්න සර් කෙනක් ගෙදරටම අපේ පිය රජා ගෙනල්ලා දුන්නේය. පොර ඇවිල්ලා නිකන් මණ්ඩුක භවනේ මණ්ඩුකයා වගේ ඩයල් එකක්ය. මෙහෙක් වෙච්ච කණ්නාඩි දෙකක් දාගෙන ස...රි...ග...මපා... ගාන්නේය. පොර එන්න කලින් මම තනියම නිල් අහස් තලේ ගැම්මට ගගහා හිටියේය. මේ වස්තු බීජේ ඇවිල්ලා මගේ ඒ ආතල් එක සුනු විසුනු කර දැමුවේ එක මොහොතකින්ය.

සර්: පුතා මොනවද ගහන්න දන්න සින්දු..

රජා: ආ.. මම නිල් අහස් තලේ ගහන්න දන්නවා...

සර්: ඕවා ගහලා වැඩක් නෑ පුතා.. මං කියලා දෙන්නං සුපිරි සින්දු..

අම්මට සිරි.. මං හිතුවේ පොර ඇවිල්ලා මාව නිකන් SUNFLOWER (ඒ කාලේ සහරා පෑස් තිබ්බේ නෑනේ) එකේ කීබෝඩ් ගහන එකා වගේ හදලා ගනී කියලාය. හරි... පොර දැන් පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ වත් ගහන්න උගන්නයි කියලා දත කට මැදගෙන රජා නොයිවසිල්ලෙන්ය. හිටපන්කෝ.. දෙල් ගෙඩි ටික පාරට වැටෙන්න ගහන්නේ සින්දුව ආ... රජා දැන් මනෝ පාරෙන් සර් දිහා බලාගෙනය. 

සර්: හරි පුතා පළවෙනි සින්දුව.. ලොවේ සැමා එකම දැයේ

කෙලියනේ ඉතින්.. ඈ බං සර්.. මේ ලොන්ත පතුර ගහන්න කියලා දෙන්නද මනුස්සයෝ මෙහෙ ආවේ. රජාට දැන් ඌරු ජුවල් නැග්ගේය. මොනවා කොරන්නද මිතුරේ ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවා  වගේ ඒක ගගහා හිටියේය. කමක් නෑ ඊලග එක තවත් රසවත්ලු. ඉවසපන් පපුව. රජා ඉවසුවේය. තත්වය වඩ වඩාත් සෝකජනක උනේය. ඊලග සින්දුව උනේ අන්න බලන් ඉදිකඩ ලග කොක්කු රෑන වගේ ඇවිත් අම්මපා දැන් නං මේ පාලං කොකාට ඉගිලිලා යන්න එකක් දෙන්න රජාට ඕනෑය. කොහොම පටන් ගෙන මොනවා කරන්නද කියා මට වැටහුනේ නැත. සති දෙක තුනක් ගෙවී ගියේය. සංගීත මාස්ටර්ගේ දූ දරුවන්ගේ දක්ෂතා එලි දක්වන උත්සවයක් පැවැත්උනේය. රජාගේ දක්ෂතාවය කොච්චරද කියනවානං  ඒකට රජාටත් ආරාධනා ලැබුනේය. මට තිබ්බේ ලොවේ සැමා එකම දැයේ කට්ටිය එක්ක ගහන්නය. ඩ්‍රම් සෙට් එක ගහන්න එකෙක්ද, ගිටාර් එක ගහන්න තව එකෙක්ද, වයලින් ද අරවද මේවද හෙනම සීන් එකක්ය. සිරාවටම කියන්න රජ එහෙම තැනක ඕගන් එකක් ගහනවා තියා හයියෙන් විසිල් එකක් වත් ගහල තිබුනේ නැත. උන් ටික දැක්කම රජාගේ හිත මිලින වී වත සලිත වෙලා ගියේය. හරි.. දැන් එලබී ඇත්තේ ලොවේ සැමා එකම දැයේ ගහන වෙලාවය. රජ ගැම්මට ඕගන් එක බදාගෙනය. අනිත් උන් ටික උන් උන්ගේ ඒවා බදාගෙනය.



වන්.. ටූ.. ත්‍රී... ආ... ගැම්මට සින්දුව පටන් ගත්තේය. බිස්කට් කුඩු බීට් එකට සින්දුව නැගලම යනවාය. සෙට් එකක් හෝ ගාගෙන සින්දුව මලවමින් සිටියේය. හැබැයි රජ ගහන එක නොට් එකක්වත් මට ඇහුනේ නැත. මන් හිතන්නේ උන් ලොවේ සැමා ගහද්දි මම පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ ගහලද කොහෙදය. පියරජ මන් දිහා ඔරොගෙන බලන් ඉන්නවා මට ඇස් කොනෙන් වගේ පෙනෙන්නේය. අනිත් උනුත් හොරෙන් හොරෙන් මේ පැත්ත බලනවා වගේය. මොකාක් හෝ හුට්ටප්පරයක් වෙලා කියල මට තේරුණේය. ගහන නෝට්ස් ඔක්කොම වැරදි බවක් මට හැගී ගියේය. පිය රජා නෝට්ස් තියෙන තැනට යතුරක් දැම්මේය. හම්මටසිරි සින්දුවේ නෝට්ස් යන තැන හරියට රජා දැක්කේ එතකොටය. සින්දුවේ මුල් ටිකේ නෙලුම් මල් පිපෙයි පිට කසයි වගේ සින්දුව ගහලා තිබුනේය. තවත් නං චාටර් වෙන්න කොහොමත් බැරිය. රජා ඕගන් එකේ සද්දේ හොදටම අඩු කළේය. වැඩිය කවුරුත් දැක්කේ නැත.  කොල්ලා දැන් නිකන් ඕගන් එක උඩ නැගගෙන උඩ පැන පැන සෙල්ලම් කරන්නේය. අනිත් උන් සින්දුව ගහන හින්ද වැඩි සීන් එකක් නැත. විනාඩියකින් විතර සින්දුව ඉවර උනේය.

රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි අප්පා චාටර් වෙනවා කියල ඔහොමත් වෙන්න කොහොමත් බැරිය. එයින් පස්සේ තිබ්බ සංගීත මේනියාව ටිකෙන් ටික හොද වෙන්න පටන් ගත්තේය. සර් කාරයව හෙමිට හෙමිට රජා මග ඇරියේ මුණ දෙන්න තිබු ලැජ්ජාව නිසා නොවේය. වෙන ලමෙකුට ඉගෙනගන්න තියෙන චාන්ස් එක නැති කරන එක හොද නැති හින්දාය. ඒ පින් බලෙන් අදටත් රජාට කිසිම සින්දුවක් ගහගන්න බැරිය.

ප/ලි: උත්සවේ පොටෝ වගයක් තිබ්බා. පස්සේ වෙලාවක දාන්නං :P 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, April 22, 2014

ඉඳින් පසුව හමුවෙමු ~ Good Bye Fellas.. C U Later!


තවත් එක සයිබර් සිහිනයක් නිමාවිය. වෙනදට වඩා පට්ට ෆන්ය. ඒ අර කට්ටිය අඳුරගන්න එක වැඩි වෙන තරමට කට්ටියගේ මොන්ගල් ක්‍රියාකලාපය කෙලින්ම එලියට පනින නිසා වෙන්නටත් පුළුවන්ය. අනේ මට මෙතනින් එහාට මොකුත් කියාගන්න බෑ වගේය. මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...! 

දැං ලිව්වා ඇති වගේය. ලියන්න
ත් කම්මැලිය. අනික අපි පරිණත නැ. ආයේ පරිණත වෙලා අවුරුදු 40 පැන්නට පස්සේ ඇවිත් ලියනවාය. ඊට කලින් පරිය ණත උනොත් සමහර විට ලිවීම සැලකිය හැකිය. මම තනියම යන්නේ නැත. ඒ කාලේ ඉඳන් එකට හිටපු කෙහෙල් තරියාද මේ සමඟ සමුගන්නේය. එහෙනං අපි දෙන්නට සුභ ගමන්ය. ටටා බායි සීයූ වේවා!!!

ලිව්වේ නැති උනාට සිහින උළෙලට ගෙට්ටු වලට කෝමහරි එනවා යකෝ..!

ස්ලෝ මෝෂන් දුවන්න, දුකට වැනෙන්න, බඩිගින්නට බනිස් කන්න, කෙල්ලෙක් අතින් යෝගට් කවාගන්න, බැලුම් පුපුරවන්න, කෝච්චි යන්න වෙන කොහෙන්වත් හම්බෙනවායෑ!! xD

හා දැන් වීඩියෝ කරපු කට්ටිය ඕවා දාන්න බලන්න එහෙනං....

දුකට වැනීම
සහයෝගයෙන් දිවීම

දිවීමෙන් පසු

 
ජයග්‍රහණය එක්ව සමරමින් 


පොටෝ ගහන කෙල්ලන්ට බනිමින්
කෝච්චි යමින්

කෙල්ලන්ගේ පොටෝ අල කරමින්
ඔස්කාර් සෙල්ෆි මොනාද මේවා එක්ක


හොඳම ෂොට් 3

















වීඩියෝ කෑල්ලක් හම්බුනා



~ හරි එහෙනං නාකි වෙලා හමුවෙමු ~

සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, February 25, 2014

රත්නපුරේ කරක් ගැසුවෙමි | One day trip around Rathnapura

ඕයි... දහම් පාසලෙන් පුංචි දඹදිව බලන්න යනවා මුසේ එනවද... 

ඒ කෑගැහුවේ අපේ මලයාය. යකෝ කොහෙහරි ට්‍රිප් එකක් යනවානම් අපි එහෙම නෑවිත් ඉන්නවද... යමු යමු... මේ දවස් වල ගෙදර ඉන්න එකේ ගමනට මමත් නම දුන්නෙමි. කාලයක් දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වගේම පොඩි උන්ට උගන්නන්නත් ගිය එකේ කට්ටිය රජාව අදුරන්නේය. කිසි අවුලක් නැත. යන්නේ ගමේ උන් ටිකය. ළමයින්ගේ අම්මලා තාත්තලා උනත් ගමේ සෙට් එකය. අපේ ගෙදරින් අපේ මව්තුමියයි, එයාගේ මව්තුමියයි, රජායි සහභාගි උනේය. මෙචර කාලෙකට ගිහින් නැති ප්ලේස් තුන හතරකට යනවා කිව්ව හින්දම අම්මලා එක්ක උනත් ගමන යාමේ පොඩි ආසාවක් ඒ වෙනකොටත්ති වෙලා තිබ්බේය.


ගිරිඋල්ලේ ඉදන් රත්නපුරේට ඒ හැටි දුරක් නැත. උදේ 6ට බස් දෙකක නැගුනු කට්ටිය රත්නපුරේ බලා ඇදුනෝය. මග දිගට කට්ටියගෙ අල්ලාප සල්ලාප අහගෙන හිනා වෙවී ඇදුනෙමු. උදේට කන්න කොහෙදෝ මන්දා නැවැත්තුවේය. මට ගම මතක නැත. කොහොමහරි කන්න නවත්තපු තැන ඉස්කෝලයක්ය. ඔය වගේ ගමන් යද්දි අසාමාන්‍ය ලෙස චූ බර හැදෙන එක සාමාන්‍යයය.  එදා ඉරිදා දවසක් හින්දම හොදාය. රජා, යුවරජා සමග ඔටුවා පෙරමුණ ගෙන ඉස්කෝලේ වැට පැනගෙන ගිහින් ටොයිලට් හොයා ගත්‍තේය. ඒවාට ගියාට නං අපිට කීයක් හරි දිය යුතුය.

ආයෙත් ගමන පටන් ගත්තේය. පිටිපස්සේ පොඩි කෙල්ලෝ කුරුට්ටෝ සින්දු කියන්නේය. හම්මේ උන් කියන ඒවාට සහ ඒවාට අම්මලා  තත්තලාගේ ප්‍රතිචාර ඇහුවම මැරෙන්න හිනා යන්නේය. පොඩි උන් සින්දු කියන අතරේ රජා එක දෙයක් හොදට නිරීක්ෂණය කලේය. මුන්ට ළමා සින්දු කියන ඒවා පොඩ්ඩක්වත් මතක නැත. හිංචි පිංචි හාවා කියන්න පටන් අරං පද දෙකකින් නැවැත්තුවේය. යකෝ මට තාම ඕක පාඩම්ය. මුන්ට මතක නැත. ඒ උනාට මොකද ඔයා නිසා හඩලා, පෙරදාක සුසුමන්, වගේ සින්දු සම්පූර්ණයෙන් කිව්වාද කොහෙදය. දැන් හැදෙන උන් එහෙමය.

පළවෙනි නැවතුම දෙල්ගමුව විහාරයය. දෙල්ගමුව වැදගත් වෙන්නේ විශේෂ හේතුවක් මතය. ඒ දන්ත ධාතූන් වහන්සේ අවුරුදු 43ක් සගවාගෙන සිටි තැනක් වීමය. ඒකත් එසේ මෙසේ හැංගිල්ලක් නෙමේය. හංගලා තියෙන්නේ කුරහන් ගලක් ඇතුලෙය. මේ විහාරයේ බිතු සිතුවම් වලත් විශේෂත්වයකි. ඒ මෙහි තියෙන්නේ දළදා කතාවට අදාල බිතු සිතුවම් පමණය. අනිත් පන්සල් වල වගේ බුද්ධ රිය ගැන නොවේය. 






  පන්සල ගැන වැඩිපුර විස්තර හා කතාව මෙතනින්

ඒ සිද්ධිය එහෙම වෙද්දි ඊළගට අපි ගියේ  ත්නපුර මහ සමන් දේවාලේ වැදලා පුංචි දඹදිව බලන්නය. එදා සිරීපාදේ යද්දි පලාබද්දල බස් එක ගියා පාරෙම කැරකෙන වැලමිට වංගු දිගේ එහාට මෙහාට ඇඹරෙමින් අපි ඇදුනෙමු. කච්චර කැරකුනාද කියනවානම් සමහරු කබරයා හිටන් දැම්මේය.  පුංචි දඹදිවත් පොඩි මෙව්වා එකක් නැත්තේම නැත. බලන්න කියා ඒ හැටි ලොකු දෙයක් නැත. ඒ උනාට වටපිටාව නං සුපිරිය. වටේටම මීදුමෙන් වසාගත් කදු පන්තිය.



ආපහු එනකොට එක එක බඩු ගත්තු පොඩි උන් බස් එකට නැග්ගේය. එකෙක් තේ කුඩු පැකට් අරගෙන නැග්ගේය ඌව දැකපු බස් එකේ අම්මලාගේ හදවත් උණු වී වැටුනේය..

කීයද පුතා එකක්....

පොඩ්ඩා: සීයයි....

9ක්ම විකිණිලා ඉවර උනේය.  තව එකක් ඉතුරුය.

අංකල් කෙනෙක්:  තව එකායි...... එකායි...... කාටද ඕනේ.......

ආන්ටි කෙනෙක්: කෝ කෝ.... මට දෙන්න.... කියලා ඒක ගත්තාය.

දහයම විකිණිලා ඉවර උනා විතරය. බස් එකේ උන්ටික හුරේ... යේ... ගගා කෑගගහා පොඩි එකාට අත්පුඩි ගැහුවේය. ඊලගට නැග්ගේ කිතුල් හකුරු ගත්තු පොඩි එකෙක්ය. උගෙත් හකුරු ටික ඔක්කොම විකිණිලා ඉවර උනේය. ඌටත් අප්පුඩි ගහලා බස් එකෙන් බැස්සෙව්වේය. එක බස් එකකින් මෙහෙම දාහා දාහා ගානේ හොයනකොට, මේ පොඩි උන් දවසකට කීයක් නම් හොයනවා ඇද්ද කියා අපිට කල්පනා උනේ පස්සෙය.

හකුරු මල්ලි
ඊලගට යන්න නියමිත් උනේ දිවාගුහාව විහාරය  බලන්නය. යනකන් කට්ටිය නිදිය. ආන්ටිලා අංකල්ලා කෙල පෙරාගෙන බුදියන් ඉන්න හැටි රජාගේ පැපරාසි කැමරාවට අහුඋනේය. කට්ටිය නැගිට්ටම රජා ඒවා කට්ටියට පෙන්නුවේය.

රජා: ආන්ටි මේ මරු පොටෝව ඈ....

ආන්ටි & අංකල්: ඕවා ප්‍රසිද්ධ කරනවා එහෙම නෙමේ ඔන්න...

රජා: ආන්ටි වැඩිපුර සාරි තියෙනවා නේ ගෙදර....

කට්ටිය: හහහා....

ප්ලේස් එකට යනකොට ටිකක් වහින්න වගේය. පළාතම ටිකක් කළුවරය. ගුහා කට ගාවට යන්න නම් ටිකක් පඩි නැගගෙන යන්න ඕනෙය. පඩි දෙසීයක් තුන්සීයක් විතර තිබුනේය. ඕක නැගගන්න බැරුව කට්ටිය දිව ටයි පටිය වගේ හදාගෙන හති අරින හැටි දැක්කම දුක හිතේන්නේය.  බැරිම තැන රජා මුරුක්කු පැකට් එකක් ගත්තේ ඒකවත් කකා යන්නය. තව උන් සෙට් එකක් අග්ගලා කන් ඩෝං පුතා කිය කිය අර පඩි ටික නගින්නේය. මුන් නිකන් මේ පොඩි දුර යන්නේ සිරීපාදේ යනවා වගේය. කෝම හරි හෙන ගේමක් දීලා උඩට නැග්ගේය. ෂා හෙන ලොකු ගුහාවක්ය. ඝන්ඨාරේ ගාවට හරි ලස්සනට සීරීපාදේ පෙනෙන්නේය. මෙහෙත් අර සිරීපාදේ වගේම පොඩි ක්‍රමයක්ය. ආපු වාර ගානට ඝණ්ඨාරේ නාද කරන එකය.





නගිමින්
උඩින් වැටෙන ජලය




වටේ කැරකිලා කැරකිලා ආපහු බස් එකට ආවේ බෝපත් ඇල්ල බලන්න යන්නය. වැඩේ හරිගියේ නැත. හෝ... ගාලා වහින්න පටන්ත්තේය. ඇල්ල බලන එක පැත්තකට දැමූ අපි ගෙවල් බලා ඇදුනෙමු. ගෙවල් වල උන් එක්ක ගමන් යද්දි ආතල් නෑ කිව්ව එකාගේ කන පැලිය යුතුය. එකේ ඇත්තේ අමුතු ලල් එකක්ය...

පොඩ්ඩො සෙට් එක
  
රාජ චාරිකා පෙල


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!