දිනය දැන් හරියටම දවස් දෙකකට උඩය. සිද්ධියට කලින් දවස රෑ අම්බානට වැස්සේය. අතීත හා වර්තමාන දත්ත අනුව රාජ සයිට් එකේ කොන්ක්‍රීට් එකක් යනු අනිවා එදාට කොළඹට වහිනවාමය. මෙවරත් එසේමය. හිටගෙන පශ්චිම යාමය හෝදන්න වැස්සේය.
පහුවදා කොම්පැණියේ පරණ සුපිරින්ටන් මහත්තයෙක් අපේ සයිට් එකට වැඩට ඇවිල්ලා තිබුනේය. මං රජා ඉන්න සෙක්ෂන් එකේ ලොක්කා වගේ ඉන්නේ මිනිහාය. මිනිහා රජා එක්ක කයියට වැටුනේය. වල්පල් ටිකක් කියෙව්වේය. වැඩට බැස්සේය. හදමින් පවතින 20 වන තට්ටුවේ අපි බීම් බදිමින් සිටියෙමු. අළුත් ලොක්කා නැවත මං ලගට ආවේය. මිනිහා මට මල්ලි කියා කතා කලේය. මට මල්ලි කිව්වට එයා අපේ තාත්තටත් වඩා වයස බව ටක්කෙටම සුවර්ය.
ලොක්කා - මල්ලි.... බීම් ලේ අවුට් එකක් දෙන්න.
රජා දැන් ෆයිල් එකේ කොල එහෙ මෙහෙ පෙරලන්නේය. කොලේ නැත. මේ ලොක්කගෙන් ලකුණක් දාගන්න තියෙන චාන්ස් එකය. රජා දැන් පුක කැඩිච්ච කඩියා වගේ ස්ලැබ් එක පුරා ඇවිදිමින් ඩ්රෝවින්ග් එක හොයන්නේය. එක් වරම අරලිය ගහ මන්දිරයට ඉහල අහස දෙදරා ගියේය. මං රජාය කියන පුද්ගලයා ලොක්කාගේ දර්ශන පථයෙන් ඉවත් වී තිබුනේය. ඌ බීම් එකක් අස්සේ නිදාගෙන සිටියේය. හෙල්මට් එක උඩී.....න් ප්රක්ෂිප්තයක් ලෙසින් අඩි කීපයක් ඈතට විසිවෙනවා ඌ දැක තිබුනේය.
යකඩ නෙත්ති දෙකක රජාගේ දකුණු කකුල හා වම් කලව පැයට සැතපුම් 150 ක වේගයෙන් දඩෝ.....ස් ගා වැදුනේය. මට රිදුනේ නැත. කකුල් දෙකම හිරිවැටී තිබුනේය. ලොක්කා හිතුවේ රජා ඉවරම තමා කියාය. මම ක්ෂණිකව නැගිට්ටෙමි. කොලේ සොයා ලොක්කට දුන්නෙමි. තාමත් ලොක්කා තුෂ්නිම්භූත වෙලාය.
ලොක්කා - බලහන් මල්ලි කකුල... අමාරුද?
රජා - නෑ... නෑ... මහත්තයා... අවුලක් නෑ...
අවුලක් නෑ කිව්වට ටොපිය හම්බෙන්න ගත්තේ පැයකට විතර පස්සෙය. අර කාටූන් වල වගේ ඉදිමෙච්ච පාර කලිසම හිල් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුනේය. ඒක ඉස්සරහා මයිල් ගස්ද දෙකකි. කලවයත් අම්බානට රිදෙන්නේය. කෝකටත් සාක්කුවට අත දාලා කලවෙ මසාජ් කලෙමි. ඒත් එක්කම නිකමට වගේ ෆෝන් එකත් අතට ගත්තෙමි. රජා සිහිමූර්ජා විය. අයියෝ.......නොකා නොබී ඉතුරු කරලා ගත්තු X8 එක. ඩිස්ප්ලේ කුඩුය. බැක් කවර් පැලිලාය. බැටරියත් ඇද වෙලාය. සුනාමියට අහුවුනා වගේය. දැන් කකුලටත් වඩා හිත රිදෙන්නේය.
මේ සිද්ධිය 15ක් විතර වැඩකරන උන් බලාගෙනය. සෙට් එකම දැන් රජා වටේ වට වෙලාය. එක එකා මරු මරු ප්‍රශ්න අහන්නේය. පඩි ටෝක් දෙන්නේය.
1 - මහත්තයා... මේ බෝඩ් වල තෙල්... පරිස්සමට අඩිය තියන්න.
2 - මහත්තයා මිටීනේ... ඔය ඕපනින් වලින් පයින්න යන්න එපා..
3 - කොහෙද මහත්තයා වැදුනේ?
4 - කෝ බලන්න කකුල...
රජා යටතේ ඉන්න ගෘප් එකේ සුපවයිසර් අර සෙට් එකම ඉස්සරහා ඉදිමුම බහින ප්‍රශ්නයක් ඇහුවේය. මට උඩ ඉදන් කෙලී...න්ම ජබුක් ගාලා මුහුදට පයින්න හිතුනේය.
5 - මහත්තයා... තුන්මුල්ල එහෙම වැදුන්නෑනේ??
රජා - නෑ....නෑ....^_^
වැඩකරන උන් ඔක්කොම හිනාවෙන්නේය. අනේ අම්මපා.... මට අරූගේ තුන්මුල්ල කාගෙන කාගෙන යන්න හිතුනේය. ඒ අතර මම උන්ට ෆෝන් එක පෙන්නුවේය. අනේ..... මෙච්චර වෙලා මගෙ කකුල හදන්න හදපු උන් දැන් වැඩත් නවත්තලා පෝන් එක හදන්න යන්නේය. මං එතන මලත් උන් දන්නේ නැත.
පෝස්ටුව ලියද්දිත් කකුල ඇදුම් කන්නේය. සේෆ්ටි බූට් දෙක ඇන්ටි ස්ලිප් කිව්වට ඒ ලෙස්සපු ලෙස්සිල්ල දැක්කනම්, බූට් හදපු එකා බෙල්ලේ වැල දාගන්නේය.
ප/ලි:
අන්තිම ට්‍රිප් එකේ හොම්බතලා ගත්තු හැටි මෙතනින්..... ඒකනං පොටෝත් ගහලා කනාවට :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!