හා හා පුරා
කියා මං රජා රස්සාවක් වගේ එකකට පය ගැහුවේ ඊයේ පෙරේදාය. වෙන්ඩ ඉන්ජෙක් ලෙස ලංකාවේ
විශාලතම ඉදිකිරීම් සමාගමට බැදුනෙමි. පොඩිකාලේ ඉදන් තාත්තාගේ අඩිපාරේ යන්න මටත් හෙන
ලොකු අමාරුවක් තිබුනේය. එහි ප්‍රථිපලයක් ලෙස මම අද දොන්ත සයිස් බිල්ඩිමක් උඩ අව්වේ
කරවෙමි. මෙය ෂැංග්‍රිලා, නෙළුම් කුළුණ, ක්‍රිශ් රෙසිඩන්සීස් නිමවන තුරු ලංකාවේ උසම
බිල්ඩිම වනු ඇත.
සිවිල් ෆීල්ඩ්
එක අමාරු බව මම හොදහැටි දන්නෙමි. ඉස්සර මම තාත්තත් එක්ක බිල්ඩිමක් හදන තැනකට
ගිහින් පැයක් හිටගෙන ඉන්න බැරි එකෙක්ය. ඒකට අද... පැය 14ක් කකුල් දෙකෙන්ම හිටගෙනය.
කොදු, තුනටි, යටිපතුල්, උරහිස්, හා සියළුම සන්ධි සංවේදනයෙන් තොරය. ඒ මදිවට හදපාන
වගේ තිබ්බ මූණ පරණ කේතලේ වගේ වෙලාය. හෙල්මට්ටුවක් ඔලුවේ ගහන් ඉදලා ඒකේ පටිය යන පාර
විතරක් සුදු පාටට මූණේ ඉතුරුය.
වැඩ කරන
අයියලා, අපේ වයසේ උන්, මල්ලිලා, අංකල්ලා අපිට කතා කරන්නේ මහත්තයා කියලාය. දවස්
කීපයක් යනකන් ඒ ආමන්ත්‍රණය අතිශය ගුජුප්සාජනක විය. ඇයි යකෝ...අපිට කවුද බං මහත්තයා
කියන්නේ? හිතට නැගෙන එකම වේදනාව එයය.
මෙවන් එකී
නොකී දුක් කම්කටොළු මැද සයිට් එකේ පහස නිවන දසුන් දෙකකි. ගිය පළවෙනි දවසේ මං රජා
විසින් අක්කේ යැයි ඇමතූ නංගිලා දෙන්නෙකි. නංගි කිව්වට මං රජාගේ වයසෙමය. එක වයසේ
උනාට මම කලින් උ.පෙ කල නිසා මම බලෙන්ම අයියා උනෙමි. ඇයි මල වදේ...මම තැනකට ගියොත්
එතන ඉන්න කෙල්ලෝ අක්කලාය.
සයිට් එක දැන්
තහනම් අඩවිය යටතට පත්වී හමාරය. අඩවියේ මහ ඇමතියෝ තුන් දෙනාම ඉන්නේ මේකෙය. කලින් කතා වලින් කරලියට ආ ගවේෂක, වැල අශාන් සමග නිශාන්ය. රජා සුදුවට ඉන්න නංගි එක්ක
කලින් කතා කීරීම හේතුවෙන් මුන් ටිකත් නංගිලාට රබර් ඇහැ දමමින් සිටින්නේය. එහෙන්
මෙහෙන් යනගමන් වැඩ කරන අයියලාගෙන් නම් දෙක අසාගත්තෙමු. උන්ගේ අම්මලා උන් දෙන්නටම
නම් තියලා තියෙන්නේ සින්දු වලින්ය.
භවයෙන්
භවේ...
පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ...
නදීශානී//
මගෙ නෙත්
මායිමේ ඉදන්...
මට ඉගි කරනා... පුංචි සමනළී//
අපි දෙන්නෙක්
එකට ඉන්න තැනකින් මේ දෙන්නා ඇදී ගියොත් උන්ට නෑසෙන්නට මෙම ගීතය අලංකෘතව වාදනය වන
බව වැඩකරන උන්පවා දන්නේය.
අපි ඉන්නේ
මහරජතුමාගේ ගෙටත් උඩින්ය. මුළු කොළඹම අපේ දර්ශන පථයට අහු වෙන්නේය. පැත්තකින් බේරේ
වැව ටිප්ටොපේට පෙනෙන්නේය. මේකත් සිරා සීන් යන තිප්පොලක්ය. ඉල ඇදෙන සීන් වැහි
වැහැලාය. එකක් දෙකක් මෙසේය.
වැඩකරන උන්
ටිකක් 18වෙනි තට්ටුවේ පලංචි වගයක් ගහමින් සිටියේය. සේෆ්ටි ඔෆිසර් කෙනෙක් ආවේය.
උන්ගේ වැඩේ අර දාඩිය පෙරාගෙන වැඩ කරන උන්ට බනින එකය. වැරදි හොය හොය වද දීමය.
සේෆ්ටියා ආවේය.
සේෆ්ටියා - ඔය ඉතින්...අන්සේෆ් නේ....
වැඩකරන එකා
එකපාරට ආ වදන් මාලාවෙන් අන්ද මන්ද විය. මිනිහා බේරේ වැව දෙස බලමින්, හංසයෝ නං නෑ
මහත්තයෝ.... කීවේය. ආරංචියේ හැටියට එදා හිනා වල සද්දේ මුළු කොල්ලුපිටියටම ඇසී ඇත.
මං රජා 19වන
තට්ටුවේ කොලම් වල කම්බි බදින හැටි බල බල හිටියේය. කම්බි අවසන් වීම හේතුවෙන් වැඩ
පැයකට පමණ නැවතුනේය. වෙලාව 5.30ට පමණය. වැඩකරන උන් රජා සමග කතාවට වැටුනේය.
අංකල්කාරයෙක් පහල තියෙන කලම්බෝ ස්විමින්ග් ක්ලබ් එක දිහා කට ඇරගෙන බලාගෙනය. මමත්
ලගට කිට්ටු කලේය. සුද්දියෙක් වත් හිටියොත්.... මට මීටරේට වැටුනේය.
අංකල් -
බලන්ඩකෝ මහත්තයා... ඔය සුදු කකුල් තිබුනට ඔවුන් ලංකාවේ. හැමදාම එනවා ඔතන පීනන්ඩ.
කූඹිච්චියෝ
වගේ උඩට පෙනුනට දිලිසෙන සර්වාංගය 19වෙනි තට්ටුවටම මනාව දර්ශනය වෙන්නේය.
රජා - ආ...
එහෙමද? සල්ලිකාරයෝනේ... ( හිතෙන් - පට්ට කෑල්ල යකෝ...)
අංකල් - ඔව්
මහත්තයා... උන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති වෙලා.
රජා -
හ්ම්ම්... ( හිතෙන් - ශික්... අද කලින් වැඩ ඉවර වෙන්නේ නෑනේ)
මේ ඊයේ පෙරේදා
ආයෙත් පාන් මිල වැඩි කලේය. ඊට පහුවෙනිදා එකෙක් වැඩ කරන වෙලාවේ හිටගෙන අරලිය ගහ
මන්දිරේ දිහා බලාගෙනය. මම ලගට ගියෙමි.
වැඩර් -
මහත්තයා... මම කැන්ටිමට ගිහින් පාන් ගෙඩියක් අරං එන්නද?
රජා - ඇයි
බඩිගිනිද?
වැඩර් - නෑ
මහත්තයා... මට ආං අර වත්තට වැටෙන්ඩ පාන් ගෙඩිය විසික්කරන්න. මූ මන්දිරේට අත
දිගුකරමින් කීවේය.
රජා -
හිකිස්..
අපි ඉන්න
තට්ටුවට උදේ මීදුම එන්න කලින් සිරීපාදේ පවා දර්ශනය වෙන්නේය. මේ ගැන රජාව දැනුවත්
කලේ මගෙ පැත්තේ හෙඩ් බාස්ය.
මේවට ගිහින්
හරියට කන්නවත් දෙන්නැති වෙයි කියා සිතූ අපිට දවසට රුපියල් 70ට මුළු වේල් 3ම
ලැබෙන්නේය. උදේ 10ට හා හවස 4ට කිරි තේ එකකි. එක එක දවසට එක එක ජාතිය. බදාදා රෑ කෑම
එක නං ලොවෙත් නැත. අනිත් දවස් වල මොනවා තියෙනවාද දන්නේ නැත. තාම කෑවේ නැත.
බදාදට - බටර්
ගාපු පාන් පෙති 8යි, සොසේජස් 2යි, බිත්තරයයි, තම්බපු අල ගෙඩියයි, කැරට් 1, ගෝවා ¼, බෝංචි කරල් 5යි.
වැඩ කරන්න
සුපිරිම වෙලාව රෑ 6.30ය. සිරාවටම මෙච්චර ලස්සනට මම කවදාවත් කොළඹ දැක නැත. එක
පැත්තකින් ගෝල්ෆේස්, හෝටල් සෙට් එක, වරායය. අනිත් පැත්තෙන් එකිනෙකට සමාන්තරව දිවෙන
ගෝල් රෝඩ්, ඩුප්ලිකේෂන් සමග මැරීන් ඩ්‍රයිව් එකය. පාට පාට ලයිට් වැහි වැහැලාය.
සුරපුර පරාදය. මංරජා වැඩි වෙලාවක් ඉන්නේ ඒ පැත්ත බලාගෙනමය.
වැස්ස
වෙලාවටත් කොළඹ හරි ලස්සනය. ඈත ඉදන් වැහැගෙන එද්දි මාර හැගීමක් හිතට දැනෙන්නේය. වැස්සට
පස්සේ කොළඹ ලස්සන නොවුනට උඩ ඉදන් වහින හැටි බැලීම නං වටින්නේය. අනිත් පැත්තෙන් මහ
මුහුදය. මුළු දවසම වහින බව මුහුද දිහා බලලා කියන හැටි කියන්න මංරජාට කියා දුන්නේ
හෙඩ් ෆෝමන් මහත්තයාය. මූදේ කුණාටු තත්ව පවා උඩය පැහැදිලිව පෙනෙන්නේය. පැහැදිලි
කිව්වාට අපැහැදිලිය. කළු පාටය.
කට්ට කාගෙන
මාස 3ක් හෝ 6ක් මේක ඇදගෙන යා යුතුය. කවර් කල යුත්තේ පැය 300ක්ය. ඒක එක මාසෙන්
විනාස කල හැක. නමුත් මේ ගන්න අත්දැකීම අපිට සෑහෙන්න වටින්නේය. ඉදිරි ගමනට මහත්
රුකුලක් විය හැක්කේය.
සුභ වේවා!!!
රාජ සම්පත් ලැබේවා!!!