Friday, June 15, 2012

තෑගි ප්‍රශ්නය 03 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ


පිළිතුර : 

මම කිව්වේ මුහුද මැද්දෙ ඉන්නවා කියලා හිතන්න කියලනේ.. ඉතින් හිතන එක නැවැත්තුවා නම් වැඩේ ඉවරයි... :)  :)


මෙන්න ජයග්‍රාහකයෝ දෙන්නා..


  • පළවෙනියටම උත්තර දුන්නා සමිත් හෙට්ටිආරච්චි සහෝදරයා. මේ යකා දැන් ඔටුනු 2ක් දින්නා.. තව එකක් දින්නොත් මං කපෝති. අඩෝ අද ප්‍රශ්නෙට එහෙම උත්තර දුන්නොත් එහෙම කපනවා ඩෝ.
  • සතියේ ඊළග ජයග්‍රාහකයා තමයි තොටියා සහෝදරයා..

ඔන්න ඒ අනුව ඒ තුන් දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.



______________________________________________________

අද ප්‍රශ්නය...

ඔන්න සිරිපාල කදු පන්තියකින් වට වෙච්ච විශාල කැලෑ දූපතක තනිවෙලා ඉන්නවා.

දවසක් බස්නාහිරින් හමාගෙන එන සුළගකින් කැලේ ගිනිගන්නවා. ගින්න සෑහෙන ප්‍රභලයි. කන්දෙන් පැනලා බේරෙන්නත් බෑ. 
කොහොමද සිරිපාල බේරෙන්නේ?

ඉගි: ගින්න නිවන්න සිරිපාල ලග මොකුත්ම ඇත්තෙත් නෑ

____________________________________________________________

තෑගි ප්‍රශ්නෙට උදව් කරන්න කැමති අය මේ විජට් එක එල්ලගෙන උදව්වක් දෙනවා නේද?
HTML/JAVASCRIPT එකක මේ කෝඩ් එක පේස්ට් කරන්න.


<object  data="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" type="application/x-shockwave-flash" width="250" height="250">
  <param name="movie" value="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" />
  <param name="quality" value="high" />
</object>


එතකොට උඩ කෙලවරේ වගේ දගලන ඇඩ් එක පෙනේවි..


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 


150 comments:

  1. Replies
    1. මීයෝ.....එක උනානම් උත්තරෙත් කියමු වෙඩි වගේ. :-)

      Delete
    2. මෙයාව කතාවට අල්ලන් ඉදලා හොරෙන් ආවේ එක වෙන්න.අපොයි බැලින්නම් එයත් කරලා තියෙන්නේ එකම තමයි...

      Delete
  2. හුරේ මම එක මම මේක දානකන් හිටියේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ.......බස්ටි දෙක වෙලානේ... :-)

      මොකක් හරි බොරුවක්වත් කියන්නකෝ අනේ...

      Delete
  3. උසම කන්දට නඟිනවා.

    ReplyDelete
    Replies
    1. බෑ බෑ... කන්දෙත් කැලේ ගිනිගන්නවා..

      Delete
  4. මචෝ වෙන බැනර් එකක් නැද්ද? තෑගී ගැන කියන්න. ෆ්ලෑෂ් දැම්මොත් සයිට් එකත් ෆ්ලෑෂ් වෙයි..

    ReplyDelete
  5. මේ රජෝ.. සමිතුයි තොටියයි විතරනම් දිනුවේ කොහෙද තුන්දෙනෙක්??

    */ ඔන්න ඒ අනුව ඒ තුන් දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව. /*

    ReplyDelete
    Replies
    1. ගිය සතියෙ එකම අරන් පේස්ට් කලේ හදිස්සියට... තුන්දෙනා දෙන්නා විය යුතුය..
      සමාව බජනය.. :-)

      Delete
  6. //කඳු පන්තියකින් වට වෙච්ච කැලෑ දූපතක්...//
    එහෙම එකක් තියෙන්න බෑ... තිබ්බත් සිරාට ඕකට යන්න බෑ... වට වෙලානෙ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඌව හෙලිකොප්පරේකින් අතහැරලා ගිහින් කියලා හිතපන්කෝ.. :-)

      Delete
  7. සිරිපාල කොහේ දූපත් වල යන්නද අනේ උන්දැට පුස් සයිකල් එකක්වත් නැතිකොට...
    මෙතන මට තියෙන ලොකුම පුරස්නෙ මේ සුළග බස්නාහිර පැත්තෙම්ම හමනවා කියලා තියෙන එක...සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්... රාජ අවවාදයයි! පිලි පැද්දෙ නෑනේ අනේ අප්පේ මාත් මේ තරගෙට ඇබ්බැහි වුනාද මන්දා..?:'(

    ReplyDelete
    Replies
    1. හිකිස්.....
      අන්න ඒකෙන් තමා අල්ලගන්න ඕනේ උත්තරේ...
      ට්‍රයි අගේන්... :-)

      Delete
  8. ඔකට බස්නාහිරින් හුලන් හමන්න් බෑ
    උඩ හුලන් පමනයි එන්න පුලුවන්

    ගොන් ප්‍රෂ්න එපා...හරියට අහන්න.. අම්මපා රජා කියල බලන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මීයෝ.... :/
      හුලං උඩින් ඇවිත් පහලට පාත් වෙනවා.. පාත් උනාම එන්නේ බටහිර ඉදලා.

      මේක අඩි 2*2 දූපතක් නෙමේ.. විශාල දූපතක්... කදු වලල්ලකින් වට වෙච්ච.

      Delete
  9. බස්නාහිර පැත්තේ කන්ද උඩට නගිනවා

    ReplyDelete
    Replies
    1. බස්නාහිරින් හමන සුලගෙන් ඉස්සරලාම ගිනි ගන්නේ ඒ පැත්ත..

      Delete
  10. Replies
    1. චුට්ටක් තර්කානුකූලව හිතන්න අක්කෝ.. :-)

      Delete
    2. අදත් ඔලුව කචල් වෙන ප්‍රශ්නයක් හෙට උදේ පාන්දර නුවර යන්නත් තියෙනවා මම මුකුත්ම නොහිතා ඉන්නවා

      Delete
  11. හිටපන් කොහොම හරි උත්තරේ කියනවා...

    ReplyDelete
    Replies
    1. අන්න ගින්දර කොල්ලෙක්...
      රාජ සම්පත!!!

      Delete
  12. දූපතේ බස්නාහිර පැත්තට වෙලා ඉන්නවා, හුළං හමන නිසා ඒ පැත්ත ගිනි ගන්නෙ නෑනේ, ගිනිගත්තත් ගිනිදැල්ල යන්නෙ නැගෙනහිර පැත්තටයි.... කොහොමද රජෝ? දැන් මොකද කියන්නෙ? වැරදියි කිව්වොත් අම්මපා කපන එක කපනවාමයි ආයෙ රජා කියලා බලන්නෑ ඕං!

    ReplyDelete
    Replies
    1. වැරදියි බං.....
      මේක මහ විශාල ගින්නක්... පලාතම ගිනිගන්නවා :-)

      Delete
  13. හයියෙන් හුලං පාරක් ආවම ගිනි ගන්නවා කියලා මම් අහලා නෑ. ඔන්න ගිනි නිවෙනවා කියලා නම් අහලා තියෙනවා !!

    ReplyDelete
    Replies
    1. හයියෙන් හුලං එන්නේ නෑ... සාමාන්‍ය එකක් එන්නේ..
      ගින්න නිවන්න තරම් ප්‍රභල හුලගක් නෙමේ..

      Delete
    2. හුලඟකින් කැලෑවක් ගිනි ගන්නේ නෑ. ඒ කතාව බොරුවක් !!!

      Delete
  14. බස්නාහිරෙන් හමා එන හුලගක් නිසා ගින්න පැතිරෙන්නේ බටහිර සිට නැගෙනහිරට, සිරියා උතුරට හරි දකුනට හරි වෙලා ආතල් එකේ ගින්න ඉවරයක් වෙනකම් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බෑ මචන්.... මේ ගින්න පැතිරෙනවා. :-)

      Delete
  15. දුපතක් නේ බස්නාහිරෙන් ගින්න එනකොට නැගෙනහිරට දුවලා මුහුදට පනිනවා...... :D

    ReplyDelete
    Replies
    1. බෑ.. කන්දෙන් යන්න බෑ... :-)

      Delete
  16. කදු පන්තියකින් වට වුනා නම් ඒක කොහෙද යකෝ දූපතක් වෙන්නේ? :D
    ඒ කියන්නේ දූපතකුත් නැහැ ගින්නකුත් නැහැ සිරිපාලයෙකුත් නැහැ

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ කදු තියෙන දූපත් නැද්ද?

      Delete
  17. "බස්නාහිර" හ්ම්ම්
    මෙතන රජාගේ රාජ ගැටයක් කල්පනාකොරමු බලන්ට
    මූ "බස්නාහිර" කියල දැම්මේ අපිව අන්දන්ටවත්ද ම්ම්ම්...
    හොදට හිතමු--->
    "දවසක් බස්නාහිරින් හමාගෙන එන සුළගකින් කැලේ ගිනිගන්නවා."
    ‍දවසක් කියල කිව්ව නේද?
    ----> ෂුවර් එකට ඒ දවසේ සිරිපාල හිටියෙ නෑ

    ReplyDelete
    Replies
    1. වැරදියෝ.......... ඌ එදා හිටිවා..

      Delete
  18. ඇනෝ වෙසින් කුණුහබ්බ කමෙන්ට් කරන කොන්ද පන නැති පරයා වෙත සෙනෙහසින්,

    ඔබතුමා කුණුහරප දන්නවා ඇති. මමත් හොදහැටි දනිමි..බ්ලොග් බලන උනුත් දනිති... මම කියන්න ගත්තොත් තොට දුවන්න පාරවලුත් නැතිවේවි. ඒ නිසා කරුණාකරලා කට පියාගෙන ගිහින් දත් මැදලා, චූ කරලා නිදා ගන්න, මෙතන ඇවිත් සිගිති ආතල් ගන්නෙ නැතිව...
    ටටා......බායි.......සීයූ........

    මීට,
    තදවුනු අ.ර.

    ReplyDelete
  19. සුලඟකින් ගිනි ගන්නේ නෑ රජතුමනි... මන් හරිදෝ.......?

    ReplyDelete
    Replies
    1. ලැව් ගින්නක් ගින්නක්....

      Delete
  20. ගිණි ගන්නෙ සිරිපාල ඉන්න දූපත නෙවෙයි.

    ReplyDelete
  21. කන්දෙන් පැනලා බේරෙන්න බැරිනම් පනින්නේ නැතුව ඉන්නවා.......

    ReplyDelete
    Replies
    1. කන්දත් ගින්ගන්නවා

      Delete
  22. අදත් අන් අයට ඉඩ දෙමි :D

    ReplyDelete
  23. මුකුත් හිතෙන්නේ නැනේ අප්පා දැනට...

    ReplyDelete
  24. ආ... මට ඔටුන්නකුත් හිමිවෙලා නේද? මාරයිනෙ.. ඔන්න බොහොමත් ස්තූතියි කියල භාරගත්තා... රටවැසියන්ට මෙලෙස ඔටුනු පළඳන රජුන් අඩවියට ආශිර්වාදයකි... ඔන්න අද ප්‍රශ්නයටත් උත්තර දෙන්න පොඩි උත්සාහයක් දෙන්නම්කෝ...
    ප්‍රශ්නයේ කියලා තියන විදියට සුලඟ හමන්නේ බස්නාහිරින්. ඒකියන්නෙ බටහිර සිට නැගෙනහිරට.. දැන් ඔය ගින්න ඇතිවූ ස්ථානය තියනවනෙ. සිරිපාල හිටියේ ඊටත් බටහිරට වෙන්නට නම් ඔහුට ප්‍රශ්නටක් වෙන්නේ නෑ; මන්දයත් ගින්න නැගෙනහිරට ව්‍යාප්තවන නිසා.
    එහෙමත් නැතිව සිරිපාල දෙසටම ගින්න පැතිරෙනවනම් කරන්න තියෙන්නෙ තමාට ඉදිරියෙන් ගස් පෙලියක් එක පළල් තිරුවක් වනසේ කපාදමා ගින්න පැතිරෙන එක වලක්වගන්න එකයි..

    ReplyDelete
    Replies
    1. ගස් කපන්න මොකුත්ම සිරිපාල ලග නෑ...

      Delete
    2. ඕ.ඕ.ඕ...ඒකත් එහෙමද. පොරවකුත් නැද්ද? මම දවසක් රක්ෂිතයක ස0චාරයක් යද්දි Guide කෙනෙක් කිව්ව මතකයි ලැව් හිනි ඇවිලුනාම ගින්නෙන් ගින්න නසන තව ක්‍රමයක් ගැන.මට හරියටම ක්‍රමේ මතක නෑ. මතක විදියට නම් මෙහෙමයි. ගින්න වේගයෙන් පැතිරෙනකොට ගස් කපලා "ගිනි පටියක්" ගහගන්න වෙලා නැතිනම් පාලනය කරන්න පුලුවන් අන්දමට තව ගින්නක් ගහලා ගස් කොළ නැති ප්‍රදේශයක් හෙවත් "ගිනි පටියක්" හදනවලු. ඒ තියරිය මෙතනට දැම්මොත්, නැගෙනහිර මායිමේ ගස් ටිකකට ගිනි තියලා ඒ වගේ ගින්නෙන් පිළිස්සුන ප්‍රදේශයක් ටක් ගාල නැගෙනහිර මායිමේ හදන්න පුළුවන්නම් ගින්න නැඟෙනහිරට එනකොට කලින් පිළිස්සුන ඒ දිහාට පැනලා බේරෙන්න බාගවෙලාවට පුළුවන් වෙයි.. (දැන් රජා කියයිද දන්නෑ ඒ පැත්තෙ රස්නෙ තාම තියන නිසා යන්න බෑ කියලා. ඔන්න මම last try එකත් දුන්නා අර ගමන යන්න පිටත් වෙන්න පොඩියකට කලින්)

      Delete
    3. චුට්ටක් හරි...

      Delete
  25. යකෝ මේක හරියන මඟුලක් නෙවෙයි. මූ හැමදාම මොකක් හරි මොලේ කුරෝළුවෙන අඤ්ඤකොරොස් ප්‍රශ්නයක් අහල උත්තර දෙන්න එන එවුන්ව මඩවනව.

    ReplyDelete
  26. කොයි කැලේද දැන් ගිනිගන්නෙ සිරා ඉන්න කැලේ නෙමේනෙ

    ReplyDelete
  27. සුළඟින් කෝමද රජෝ කැලයක් ගිනි ගන්නෙ..??

    ReplyDelete
    Replies
    1. ලව් ගිනි ලව් ගිනි... :-)

      Delete
  28. ඒ බං.. මටත් උත්තර දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්ණේකුත් අහපන්කෝ........... රජෝ...

    ReplyDelete
    Replies
    1. හිකිස්... ලබන සතියේ බලමු... :-)

      Delete
    2. මේන් මේකාට මම කිව්වා..

      Delete
  29. උත්තරේ මේකද?? දන හුළඟ ආවේ බස්නාහිරින්නේ??? ඒ කියන්නේ බස්නාහිර පැත්තෙන් තමයි ගින්න පටන් ගන්නේ..... මේ දවස්වල නිරිතදිග මෝසම වැඩ කරනවනේ... ඒ කියන්නේ බස්නාහිර පැත්තෙන් වහින්න ඉඩ තියෙනවා හොඳටෝම!!! ඔන්න වහිනවා,ගින්න නිවෙනවා!!! :))))

    ReplyDelete
    Replies
    1. ඒක හරියන්නෙ නෑ... මොකද මේක සෑහෙන ඝර්ම කලාපීය දූපතක්

      Delete
  30. ම්ම් මට ආවා ටිකිරි මොලයක්..රජෝ එහෙනම් බලන්නකෝ හරිද කියලා..

    දැන් බස්නාහිරෙන් නේ ගින්න පටන් ගන්නේ, බස්නාහිර ඉදන් නැගෙනහිරට හුලන් හමන නිසා ගින්න පැතිරෙන්නේත් ඒ පැත්තටනේ.. සිරිපාලයා දර කොට්ටක් අරන් ගින්න පටන් ගන්න බස්නාහිර පැත්තට පටස් ගාලා ඇවිත් ඒක පත්තු කරගෙන දුපතේ මැදට යනවා.. ඊට පස්සේ මැද්දට ගිනි තියනවා.. එතකොට දුපතේ බස්නාහිර කෙලවරේ ඉදන් ගින්න නැගෙනහිර පැත්තට පැතිරිලා එනෝ වගේම මැද ඉදනුත් නැගෙනහිර පැත්තට පැතිරිලා යනෝ.. ඉතින් මැද ඉදන් නැගෙනහිර පැත්තට යන ටික පිච්චිලා ඉවර උනාම සිරිපාලට පුළුවන් ඒ කොටසට වෙලා ඉන්න.. මොකද ඒ කොට පිච්චිලා තියෙන නිසා ආය ගිනි ගන්නේ නෑනේ..

    කොමද මගේ ටිකිරි මොලේ... :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔන්න හංගන් හිටපු එක දැම්මා.....

      කොහොමද බං මේක හොයාගත්තේ... :-)

      ඒත් තව චුටි කෑල්ලක් අඩුයි බං..

      Delete
    2. මම මලෙන් හිටියේ, මගේ කමෙන්ට් වාරණය කරනවාදෝ කියලා හිත හිත..:P
      හිතට ආවා හිත හිත ඉන්නකොට.. :D :D

      Delete
  31. මේ සතියේ බෑ, ඊළඟ සතියේ උබේ ඔටුන්න ගන්න එක ගන්නවා මයි ,,

    ReplyDelete
  32. ම්ම්ම්...... ගල් ගුහාවකට රිංගනවා

    ReplyDelete
  33. යකෝ!!! වටේටම කන්දෙන් වට වෙලානම් ගිනි ගන්න හුලං එන්නේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. හුලං එනවා බං... කිව්වහම අහපන්කෝ.. :-)

      Delete
  34. //"බස්නාහිරින් හමාගෙන එන සුළගකින් කැලේ ගිනිගන්නවා"

    සුළඟකින් කොහොමද ගිනි ගන්නේ??

    ReplyDelete
    Replies
    1. ලැව් ගින්නක් බොලව්.......... :-)

      Delete
  35. බස්නාහිරින් හැමුවත් නැගෙනහිරින් හැමුවත් වෙන පැත්තකින් හැමුවත් කදුවලින්වට වෙලා නිසා කැලේ ඇතුලට හුළං හමන්නෙ නෑ. ඒ නිසා ගිනිගන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ගිනිගන්නවා...

      Delete
    2. මෙන්න උත්තරේ... කැලේ ගිණිගද්දි කොල්ලා කන්ද උඩට නගිනවා... කන්දෙ කැලේ තියෙනවා කියලා නෑනේ..

      Delete
  36. අම්මප තිත්ත බව දැන දැනම මමත් මිදිමනෙ හොයන්නෙ... අර බට්ටී කිව්වවගෙ රාජ උපදේස පිලිනොගන්නවට මෙව්ව හොඳ පාඩං...

    ඒක නෙමේ මචන් රජතුමනි... හැබෑටම කඳු පංතියකින් වට වෙලා නම් කොහොමෙයි හුලං හමන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේක විශාල දූපතක් බං..
      නුවරඑළිය වගේ...
      හා දැන් නුවරඑලියට හුලං හමන්නෙ නැද්ද?

      Delete
  37. ඔන්න සිරිපාල ඉස්සර වෙලාම නැගෙනහිරට දුවනවා....
    ගින්න එහෙට එනකොට උතුරට හරි දකුණට හරි..... දෙපැත්තෙන් ගින්න අඩුවෙන් තියෙන පැත්තට දුවනවා......
    ඊ ගාවට ගින්න ඇවිලිලා ඉවර වුනු බස්නාහිරට දුවලා එහෙට්ට වෙලා ඉන්නවා....
    දුවනවා..දුවනවා...දුවනවා.....
    හප්පා මේක ලියලම මටත් මහන්සියි රජතුමෝ............

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      උත්තරේට ටිකක් විතර කිට්ටු උනා ඈ...
      සලකා බලන්න පුළුවන් කවුරුවත් හරිම උත්තරේ දුන්නෙ නැත්තං... :-)

      Delete
    2. හෑහ්......අනේ එහෙනම් කාටවත් හරි උත්තර දෙන්න බැරි වේවා............ඒස් වාහ්!

      Delete
  38. අපෝ බේරෙන්න ක්‍රමද නැත්තේ..? ඕක කෑලැ දුපතක් කිවුවට ගස් නැති තැන් ඕන තරම් තියනවනේ, එහෙම තැනකට ගිහින් සිරිපාල සැපට වැඩි වෙලා ගිනි ගන්න දිහා බලන් ඉන්න ඇති.. අනික කැලෑවක්,කදු තියනවා නම් දිය ඇල්ලක් නැති වෙන්න බැනේ .ඒ වතුර වලකට පැනල බේරෙන්නත් පුළුවන් අනේ...!!! :)

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම බෑ අනේ.... :-)

      Delete
  39. ane manda appa....mewata uttara hoyanna gihilla mata pissu hadila ait pissu hadenawa.mata nam tama mukutma hitune ne ayyo.........

    ReplyDelete
    Replies
    1. ට්‍රයි ඇන් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි... :-)

      Delete
  40. කඳු වලින් වටවෙච්චි දූපතක් නේ?දූපතේ බටහිරින් ගින්න එන්නෙ.අනික ලව් ගින්නක් ඈ......
    බොන්න ඕන පුරස්නයක්. :O
    සිරාට මෙහෙම බැයිද කරන්න?ඌ කඳු වලින් වටවෙච්චි දූපතේ හරි මැද තියෙන ආවාටෙට වෙලා ඉන්නව.කැලේ තියෙන්නෙ කඳු වලනෙ.මැදට එනකොට ගිනිගන්න අහවල් එකක්වත් නෑනෙ

    මං දිනුවැයි මචං රජෝ?

    ReplyDelete
    Replies
    1. මැද්දෙත් කැලේ බටයෝ... :-)

      Delete
    2. එහෙනම් සිරා ඉන්න පැත්ත ගිනි ගන්නකොට ඌ යනව කලින් ගිනි අරන් පිච්චිල ඉවර වෙච්චි පැත්තට..
      දැං වත් හරිය බං?

      Delete
  41. ane manada raja ayye oyat ahanne mole pissu wattana prashnane......mage moletanam okata uttarayak tama awe ne appa.......

    ReplyDelete
  42. රජෝ.. මගේ කමෙන්ට් එක පබ්ලිෂ් නොකළේ, ඒක හරි නිසාද? වැඩේ කැතයි අරී.. :P නෝටි රජෙක්..

    ReplyDelete
  43. මේ රජෝ මොකද කමෙන්ට් වලට Reply දාන්නේ නැත්තේ? දේවිය එක්ක කොමල කර කර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දේවියගේ අම්මා ආවනේ බං... :-)

      Delete
  44. සිරා ඇදන් ඉන්න ඇදුමකින් පැරෂුට් එකක් හදාගෙන යනවා.. හුලගත් තියනවා ගින්දරත් තියනවා.. ඇදුමුත් තියනවා

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ... ඒත් බෑ... :-)

      Delete
  45. බේරෙන්න විදිහක් නෑ, ඕකා මැරෙනවා :D

    ReplyDelete
    Replies
    1. උත්තරේ මදි බං... හේතුවත් ඕනේ...... :-)

      Delete
  46. කිරි අප්පේ....මං බයවෙච්චි තරමක්....
    උගෙ වෙලාව හොඳා
    මේ ගිනිගන්නෙ වෙනින්...........

    ReplyDelete
  47. තියරි අංක එක.

    මු ඉන්නේ කඳු වලින් වටවෙච්ච දුපතක නේ. ඉතින් කඳු ටික ගිනි ගනී. අවුලක් නෑ නේ. වතුර දිගේ ගින්න දුපතට එන්නේ නෑ නේ. ඉතින් මු ඔන්න ඔහේ දුපතේ ඉඳි..

    තියරි අංක දෙක.

    ගිනි ගන්නේ කඳු වලින් වටවෙලා නිසා සිරිපාල ඉන්න හරිය පිච්චෙන්නේ නෑ. ගින්න කඳු මැද්දේ ගිනි අරන් නිවිලා යාවි, සිරා බබකිව් එකක් කාරිය දාගෙන සෙටමෝල් වෙලා ආතල් එකේ ඉඳි.

    දැන් කියන්න රජෝ.. කෝකද හරි??

    ReplyDelete
    Replies
    1. දෙකම වැරදියි වගේ.. :-)

      Delete
  48. සිරිපාල ඉන්නෙ අඩ නිරුවත් ගෑණු විතරක් ඉන්න වෙන දූපතක බං.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මොකද්ද සර් මාමේ ඒ කිව්ව හරුපේ... :-)

      Delete
    2. @ Dude,

      ඔය කිව්වෙ අර අමාත්‍යංශෙ මැදින් ආකිමිඩිස් කිට් එකෙන් දුවපු ‘අයියෝ සිරිපාල‘ ගැන ද?

      Delete
  49. වෙන මොනවා කරන්නද?
    ගිනිගෙන ඉවර වෙච්ච තැනකට වෙලා ඉන්නවා.

    ReplyDelete
  50. බස්නාහිරින් හුලග හමද්දී දුවල උතුරෙන් හරි දකුනින් හරි පස්සේ ආපහු බස්නාහිරපැත්තටම එනවා බස්නාහිර පැත්තේ ගස් ගිනි අරන් ඉවර නිසා දැන් ඒ පැත්තට ගින්නක් නෑ
    හරි නේද?

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට හරි ඈ... බලමු ඉස්සරහට...

      Delete
    2. හාකෝ හාකෝ
      මේක මට පොඩ්ඩක් අමාරු උනානේ
      කමක් නෑ කොහොම හරි තව ඔටුන්නක් අරන් උඹට ඇඩ්රස් එක දෙන්නම්කෝ..(තෑග්ග එවන්න)

      Delete
  51. මොන මගුලක්ද.....බං මේ...???

    ReplyDelete
  52. මොකක්ද බටහිර හුළගේ තියන විශේෂත්තවය ?

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තමා උත්තරේ අල්ලගන්න ඕනේ.. :-)

      Delete
  53. හුලං එන්නේ බස්නාහිරින් නිසා වතුර වලක්වත් හමුවෙනකම් පන එපා කියලා දුවනවා නැගෙනහිරට..........

    ReplyDelete
  54. වටේට ගිනි ගන්න හින්දා ගින්නට ඉස්සරහි යනවා.. උබ කිව්වනේ ලොකු දූපතක් කියල ඉතින් වටේ ඉවරවෙනකොට මුල හරියෙ ගින්න නිවිලා...
    :P

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට හරි...බලමු...

      Delete
  55. රජා පුතේ. ඔය ගින්න හටගන්න කැලෑව තියෙන්නෙ එක දූපතක. පැසි‍ෆික් සාගරේ එකවගෙ දූපත් දාස් ගානක් තියෙනවානෙ. සිරිපාල ගිය නැව මුහුදුබත් වෙලා. කොටේකට නැගපු සිරිපාල පාවෙලා ගිහින් ගොඩ බැහැලා තියෙන්නෙ රජා පුතාගෙ අන්තහ්පුරේ වගේ දූපතක. ගෑණු ව්තරලු ඉන්නෙ. ඉතින් ඇඳුම් අඳින්න අවශයතාවයකුත් නෑනෙ. හා හා උඹට දෙන්නෙ නෑ ඒ GPS reading එක. රාජ සම්පත් දුන්නත්.
    :D

    ReplyDelete
    Replies
    1. අනේ අනේ සුදු (කළු) මාමානේ ඔයා....GPS reading එක ප්ලීස්......... :-)

      Delete
  56. මට මේක තේරෙන්නෙ නැ‍තෝ.....!
    කලින්..කමෙන්ට් එක හරි නැත්ද,රජ තුමනි.????

    ReplyDelete
  57. 1.ගින්න පටන්ගන්න වෙලාවේ සිරිපාලයා ඉන්නේ කොහෙද(දුපතේ මොන පැත්තේද) ??
    2.ඔය දුපතේ වතුර නැද්ද ??
    වතුර නැත්තම් ගින්නෙන් බේරුනත් සිරිපාලයා ඉන්නේ කොහොමද??
    3.දුපතේ කිසිම සන්නිවේදන උපකරණයක් නැද්ද??
    4.බස්නාහිරින් හමාගෙන එන සුළගකින් කැලේ ගිනිගන්නේ බස්නාහිර ඉදන්මද?
    5.මේකත් ප්‍රශ්න අංක02 වගේමද ??
    මේ ටිකටත් උත්තර දෙන්ඩෝ.......................

    ReplyDelete
    Replies
    1. 1. මැද
      2. නෑ
      3. නෑ
      4. ඔව්
      5. නෑ

      Delete
  58. සිරිපාලකොලුව බස්නාහිර වෙරලෙ ඉන්න කොට ඒකට පිටිපස්සෙන් ගින්න පටන් ගන්නව.
    හුළඟත් බස්නාහිරින්ම හින්ද මොන කෙංගෙඩියක්වත් ඒකට වෙන්නෙනැ.

    මම කලින් උත්තරේ ‍ “වෙනින්......“තිබ්බෙ
    වෙන කැළයක් කියන්න.

    ReplyDelete
    Replies
    1. වැරදියි වගේ පැටියෝ..

      Delete
  59. bata hira hulan kiyala deyak thiyeda rajo???

    ReplyDelete
  60. රජාට පික්සු.... හි හි...

    ReplyDelete
    Replies
    1. හි හී........
      පී පී තාරා :-) :-)

      Delete
  61. මේ වගේ රන් ගොජෙක් මෙහෙම ගොන් ප්‍රශ්න අහන බවත් අපි වගේ පිස්සෝ මේකට උත්ත දෙන්න දගලන බවත් දන්නේ නැති ඒ අසරණ සිරිපාලයා වතුර වත් නැති දුපතකට වෙලා දුක් විදගෙන තට්ට තනියම ඉන්නවට වඩා හොදයි මැරෙන එක කියලා අර මහා ගින්නට පැනලා දිවි නසාගන්නවා කියලා සිරිපාලයාගේ ඩයරියේ අන්තිම පිටුවේ සදහන් වෙලා තිබ්බලු.

    ReplyDelete
    Replies
    1. වැරදියි. ඩයරිය ගින්නට අහුවෙල පිච්චිල. :)

      Delete
  62. සිරිපාල ඉන්නෙ කැලේ ගිනි ගන්න දූපතේ නෙමේ නෙද ?

    ReplyDelete
  63. බටහිර ගිනි ගන්නකොට නැගෙනහිරටත්, නැගෙන හිර ගිනි ගන්නකොට බට හිරටත් යනවා. මොකද මැද හිස්නේ..


    එතකොට ரஇயவய ிளைளர ரயெவய றிந நரவெய ிரளளர නිසා ிரமங னநநெ யெவாறைய யைநம බේරෙනවා..

    හරි නේද?

    ReplyDelete
    Replies
    1. ரயெவய றிந நரவெய ிரளளர මෙන්න මෙතන පොඩී වැරුද්දක් තියෙනවා... :-)

      Delete
  64. යකෝ රජාට උනත් මෙහෙම පෝරියල් දෙන්න හොඳ නෑ බං.

    ReplyDelete
  65. ගිනි අරගෙන මැරෙනවට වඩා සැපයි වලක් හාරගෙන වැලලෙනවා... භූමදානය අනවශ්‍යයි

    ReplyDelete
  66. ගිනි ගන්නකොට නැගෙනහිරට දුවන්න කියහං සිරිපාලට... දූපත වටේ දිව්වම කැලේම ගිනිගත්තට පස්සේ ආයේ ඇවිලෙන්න දෙයක් නෑනේ... ඒත් වැඩක් නෑ ඕකා මැරෙනවා බොන්න වතුර නැතිව

    ReplyDelete
  67. ප්‍රශ්නේ හරි නෑ නැත්තම් උත්තර දෙනවා :ප
    අනේ ඔය ප්‍රශ්න අමාරුයි බං :/ ලේසි එකක් අහපියකෝ :ප
    මම උත්තර බලන්න එනවෝ

    ReplyDelete
  68. රජෝ බටහිර සුලඟ කිව්වට, කැලේ ගිනි ගන්නෙ බටහිර කොනේ ඉදලද ? නෑ නේද ? සිරිපාල ඉන්නෙ බටහිර කොනේ නේද ?

    ReplyDelete
  69. මෙකත් කලින් කතාව වගේ සිතුවිල්ලක් ද ?

    ReplyDelete
  70. දවසක් බස්නාහිරින් හමාගෙන එන සුළගකින් කැලේ ගිනිගන්නවා" කියල කියනවනේ. එන්න ඒ දවසෙ සිරිපාල කැලේ නෑ නේද ?

    ReplyDelete
  71. අයියෝ මන් පරක්කුයි උත්තරේ කියලානේ.....:(

    ReplyDelete
  72. අඩෝ.. හරි උත්තර තුනක් තෝරනවා නේ? කෝ දෙන්නෙක්ගේ නම් විතරයි නේ කියලා තියෙන්නේ? මම තුන! හරි ය??

    ReplyDelete
  73. This comment has been removed by the author.

    ReplyDelete
  74. This comment has been removed by the author.

    ReplyDelete
  75. This comment has been removed by the author.

    ReplyDelete
  76. This comment has been removed by the author.

    ReplyDelete
  77. This comment has been removed by the author.

    ReplyDelete
  78. ගිණි ගන්නෙ සිරිපාල ඉන්න දූපත නෙවෙයි.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)