Tuesday, June 26, 2012

ආතල් ගමන (දවස 2) - The Journey (Day 2)

පලවෙනි දවසේ ෆන් එක මිස් වෙච්ච අය මෙතනින් ගිහින් බලන්න...

මැදියම් රැයත් පසුවී නිදාගත් හෙයින් පසු දින ඇහැරෙන විට  අලුයම 7 පමණ වී තිබුණි. වරකට එක බැගින් විනාඩි දහයකට වරක් එක්කෙනෙක් බාත්රූම් ගත විය. හෙමින් හෙමින් එක්කෙනා බැගින් ගොස් අවසන් උනි. අන්තිමයා ගවේශකය. ඇතැමුන් බුකි ගත වන අතර, කලින් දවසේ පොටෝ බලන අතර හා ඇලට් එකක් දමන් ඉන්න අතර ගවේෂක අප අතරින් වෙන්ව ගියේ රූම් එකටය. නොදැනීම වාගේ විනාඩි 40 ක් ගතව තිබුනි. චමියා තවත් නැත. 

ඒ කෝ බන් චමියා?

බලහන් කොමඩ් එකට වැටිලද දන්නේ නෑ.. 

මල මගුලයි ඇතුලට බැහැලා ෆ්ලෑෂ් කර ගත්තද දන්නේ නෑ...හිතේ අමාරුවෙන් හිටියේ...

මෙසේ විවිධ අදහස් දෝරේ ගලන්නට විය. මේ අතරතුර චමියා පැමිණියේය..

මොකද යකෝ මෙච්චර වෙලා කලේ...?

උඹලට කියන්න ඊයේ මඩොල් දූවේදී බෝකක් සෙට් උනා. පස්සේ එක එහෙම්ම නැතුව ගියානේ.. දැනුයි බං ඒකේ අමාරුව තේරෙන්නේ. අඩෝ බොක කොන්ක්‍රීට් වෙලා තිබ්බේ බං... මෙච්චර අමාරුවක් කවදාවත් හැදුනේ නෑ බං. හරි අමාරුයි.

එයේ රෑ මොනවා හරි උනාද දන්නේ නෑ.

රජ මල්ලි නේද උඹ ගාව හිටියේ.

විනාසයි.... 



කෙසේ හෝ දඩ බඩ ගා ලෑස්ති උණු අපි උදේ 9 වන විට ගෙදරින් එලියට බැස්සෙමු. කන්නලියටම යන්න වෑන් එක ගන්න ට්‍රයි එක්ක දැම්මද, එහි සිදුවු සියුම් තෙල් කාන්දුවක් හේතුවෙන් අපේ බලාපොරොත්තු සුන්නද්දුලි වී ගියේය. බසයෙන්ම කන්නෙලි යන්න සිදු උනේය. ගාල්ලෙන් උඩුගම බලා යන බසයකට අපි ගොඩ උනෙමු. ඒකත් ගියේ මගක් වනතුරු පමණි.  පාර කාපට් දමන හෙයින් ඒ ටික අපිට පයින්ම යන්න සිද්ද  උනේය. පයින් ගිහින් නැවත බසයකට ගොඩ උනෙමු. වෙලාවට වගේ පස්සේ සීට් එකම හිස්ය. පැනපු ගමන් ඉඳ ගත්තෙමු. අපිට ඉස්සරහ සීට් එකේ අක්කා කෙනෙක්ය. එත් ගවේෂකයාට හැම කෙල්ලක්ම නංගිය.


නංගි කන්නෙලියට ගොඩක් දුරද?

නෑ අයියේ තව ටික දුරයි..

ඕකේ කොටස් 3ක් තියෙනවා නේද නංගි ?

ඔව්..

මොකද්ද ලගම..

ඇය මේ සියල්ලටම සුක්ෂම ලෙස පිළිතුරු දුන්නාය. නැවත මද නිහඩතාවයකි.

නැවතත්.......නංගි කන්නෙලියට ගොඩක් දුරද?

ඒ අතර විශාල ශරීර කුඩු වලට උරුමකම් කියන උන් සියල්ලම පසුපස අසුනේ සිටි හෙයින් යශියට සිදු වුයේ ඉදිරිපස අසුනක හිද ගැනීමටය. මූ එතනත් ගිහින් පොටෝ ගහන්නේය. පොඩි උන්, බල්ලෝ, කොල්ලෝ, මූට පෙන්නන්න බැරිය...




ඒ බස් එකෙත් ගිහින් අපි කන්නේලිය බෝඩ් එක ගාවින් බැස්සෙමු. තවත් කිලෝමීටරයක් පමණ ඇතුලට යාමට ඇත. ඒ ටිකත් දෙයියනේ කියා පයින්ම ගියෙමු. ඒ අතරමග දුටු එකම එක සත්වයා හැකරුල්ලෙක් පමණක්මය. 12.30 පමණ වන විට අපට ප්‍රධාන දොරටුව ගාවට යන්නට හැකි උනේය. කට්ටිය බෑග් තබා ටිකට් අරන් එනතුරු අපි මදක් ගිමන් නිවන්නට අසල තිබු බැංකුවක් උඩින් වාඩි උනෙමු. ඒ අතරම එදා යශියට උන දේ අද උනේ අශානයාටය. ඊයේ බැල්ම දැම්මේ බැල්ලක්ය. අද බැල්ම දාන්නේ බල්ලෙක්ය. දැන් කාලේ බල්ලොත් හරි බලු වෙලාය. උනුත් දැන් ගේ කුරුල්ලෝ වෙලාය. 




නාන තොටුපලත් මීටර් කර ගෙමන අපි සෙමෙන් සෙමෙන් කැලේ ඇතුලට පිය මැන්නෙමු. එක තණකොළ නොවැඩුණු ප්‍රදේශයක් පෙන්වූ ගයිඩ් අයියා කිවේ මෙතන භීෂන කලේ මිනි පුච්චපු තැනක් කියාය. එතන නැවත ශාක වැවෙන්නේ නැතිලුය. තව අපි ගල් උමගක් යටින්ද ගියෙමු. අඩි 10 ක් 12 ක් දිග ඒ උමග තුල වවුලොද සිටියේය. කට්ට කළුවරේ ඔලුව නමාගෙන කැම් එකේ ෆ්ලෑෂ් එකේ එළියෙන් අපි ඉදිරියට ඇදුනෙමු.

ඊළඟට හැරුනේ අනගිමලේ ඇල්ල බැලීමට යාමටය. එය පට්ටම දිය ඇල්ලක්ය. හැබැයි මේ පායන කලේ නිසා වතුර නං පොඩ්ඩක් අඩුය. එතෙනට වී සිහිල් පහස විදිමින් පාන් සමග දැල්ලෝ ඩෙවල් එක රස විදි අපේ උන්ට පුරුද්ද නං කිසිවිට අමතක වුනේ නැතිය. ඒ අතිශය සාටර් වූ පොටෝ ගැසීමය. 





ඇල්ලට සමු දුන් අපි නැවත උඩුගං බලා ඇවිද්දේ යොධ පුස් වැල බැලීමටය. ගියාටත් පාඩුය... එහි බලන්නට දෙයක් නැත. ඇත්තේ දගර ගැසුණු පුස් වැලකි. ඇත්තම තමාය.. එය දැන් පුස් කන්නත් ලගය. ඒ කොටස බලලා ඉවරය. ඊළඟට ඇත්තේ නාන්න යාමටය. අපි හෙමින් හෙමින් පල්ලම් බැස්සෙමු. අපිට නං දැන් ටිකක් මහන්සිය. එත් ගවේෂකට මහන්සි ඇත්තෙම නැත.

ඒ මහන්සි බං...පොඩ්ඩක් ඉඳලා යමු..

පිස්සුද බං? උඹලට කිලෝමීටර් 3ක් ඇවිද ගන්න බැරිද? මොකද්ද බං උබලා...

මෙසේ කියමින් ගවේෂක වැඩකරු වගේ ඇවිදගෙන යන්නේය. නාන තොටුපල ළඟ කෙල්ලෝ රංචුවක් නානවාය. මෙය දුටු ගවේෂක චමියාට කිචිය...

ඒ මහන්සී බං පොඩ්ඩක් ඉඳල යං...

නෑ නෑ බං මහන්සි නෑ යමන්. මූට කෙල්ලෙක් දිය රෙද්දක් ඇඳන් ඉන්නවා දැක්කහම තම මහන්සි.. $%^#$

කොහොමද දැන් ටිකකට ඉස්සරලා අපිට දුන්න ටෝක් එක..

අනේ බං මහන්සී බං. අර බලහන්කො....

නෑ නෑ මහන්සි නෑ වර යන්න.. #%%$^

උඹ ඕවා බලන් ඉන්න ගිහින් මොනවා හරි නැතුව ආවොත් එහෙම. අපි දෙන්නයෑ? ස්පෙයාර් වීලුත් නෑ....

නැවත බෑග් අරන් පැමිණෙන විට කෙල්ලෝ රංචුවේ ටික දෙනෙක් ගේට්ටුව ලඟට ආවෝය. ගවේෂකට ආයෙත් මහන්සිය. බොහොම අමාරුවෙන් ඌව ඇදගෙන තොටුපලට ආවෙමු. ඒ එන අතර මග නාන ගැන්සියේ කෙල්ලෝ ටිකක් අප කැමරා කාචයට හසු විය.




දැන් වෙලාව 3 ටත් කිට්ටු වෙලාය. යශ් ගෙදරට යාමටත් පැය 2 ක් පමණ ගත වෙනවාය.. 6ට කලින් ගෙදර ගොස් කලින්ම බීච් එකට සෙට් වෙන්න තියෙනවානම් හොඳය. මන්ද නැතිනම් අදත් තාත්තා උදැල්ල දැම්මොත් සල්ලි දාලා ගත්තු බ්ලැක් ලේබලය අපරාදේය. අනික තව පට්ට ෆන් එක්කකුත් මිස් වෙන්නේය. අපි හොඳ ප්ලෑනක් ගැසුවෙමු.


මචන් චමියා උබේ ඔය මගුල් භාන්ඩේ අරං තියපන් ස්ටොප් වොච් එක පැය කාලකට. අපිව උඩ ගනින් හොඳද?


එල...


දැන් අපි ලස්සන ගල් අල්ලා සකස් කරන ලද නාන තොටුපලේ බඩක් වතුර දක්වා ඇති කොටසට ගොස් හිතේ හැටියට නා ගත්තෙමු. ඒ අස්සේ වෙලාව බලන්න තැබූ එකා කැම් එක අරන් දිගට, හරහට, ඇදේට, කෙලින්, පොටෝ ගහන්නේය. ඒවා නම් බලන්න ලස්සනය....අගනේය.....





ඒ පාරේ බස් එකක් යන්නේත් පැය ගානකට සැරයක්ය. අපි බස් එකක් එනකං පාරෙ ඉදගෙන සිටිසෙමු. ඒඅතර අපේ උන් දෙදෙනෙකුගේ කුමන්ත්‍රනයක් එලියට ඇවිත් තිබුණි. රහස් පරීක්ෂක වැඩ අතරතුර පාරේ ගිය ඩිමෝ බට්ටෙකුට අත දැමීම හේතුවෙන් ඒ අයියා අපේ දුක්බර මුහුණු දැක එක පයින් බ්රේක් ගසා නැවැත්තුව හෙයින් කලින් ගෙදර යාමේ අවස්ථාව අපිට සැලසුනි.





අපි නැවතත් යශ් ගෙදරට සේන්දු උනෙමු. එවිට වෙලාව හත පමණ වී තිබුණි. හනික බත් ටිකක් ගිල ගත අපි 

පෙති කපපු අඩි 3ක් දිග මාළු කුරියයි
පොල්තෙල් බෝතලයයි
භූමිතෙල් බෝතලයි
බ්ලැක් ලේබලයයි
දර ටිකකුයි
තාච්චියයි

රැගෙන කොග්ගල මුහුදු තීරයට ගියෙමු. ඒ සදහා අපේ ආරක්ෂාවට පට්ට අංකල් කෙනෙක් යශ් තාත්තා විසින් පත් කර තිබිණි. ඒ ගින්දර ඩයල් එකත් සමග අපි වැඩ අල්ලන්නට ගත්තෙමු.


අංකල් අපේ තාත්තට කියන්න එපා ඈ..


පිස්සුද පුතා... ඕන තරම් කැම්පස් කොල්ලෝ ඇවිත් ෆන් අරං යන්නේ..


ඉස්සරලාම කරන්නට දී තිබුනේ අඩි 3 මාලුවා බැද බයිට් එක සාදා ගැනීමය. අංකල්කාරයාගේ පිහිටෙන් අපි අර හෙන සැර මුහුදු හුලං වල බාධකය මත බොහොම අමාරුවෙන් ලිප පත්තු කර ගත්තෙමු. රජ සමග අශා මාලු බදින අතර යශ් සුපුරුදු පොටෝ ගැහිල්ලේ නිරතව සිටියේය. අනිත් උන් අංකල් සමග සුබ මොහොතින් වැඩ අල්ලා තිබුනි. හසියගේ ටෝච් එකේ පිහිටෙන් අර කට්ට කළුවරේ මාලු වල පාඩම සොයා ගත්තෙමු. බයිට් එකට බැද්දට, වැඩියෙන්ම කෑවේ රජා සමග ආශා බව අනිත් උන්ට නොතේරෙන්නට ඇත. තෙල් තාච්චියෙන් මාලු බිමට බානවා පෙනෙයි. ඊලග තප්පරයේ මාලු අතුරුදන් වී තිබුණි.



කෝ බං උඹලා තාම ඕක බදිනවද?

දැන් කොයි වෙලේ ඉඳන්ද?

බෑ බං මේ හුලං එක්ක කරන්න.... රස්නේ මදි....

ඊලග කාර්යය උනේ ගිනි මැලයක් ගැසීමය. එකට දැන් දර ඕනෑය. අපි ළඟ තිබු දර සියල්ල ඉවර වෙලාය. අන්කල් සිටියේ වෙලාවටය. පොර මේ වෙරළේ හැම අගලක්ම දන්නේය. අපිත් සමග පෝර උරයක් උස්සන් ගිය ඔහු පෝර උරේ පුරවන් ආවේ වෙළුන තැබිලි කෝම්බ, පොල් කොම්බ වලින්ය. ඒ අතර බ්ලැක් ලේබල් එකත් අසාමාන්‍ය වූ වේගයකින් ඉවර වෙන්න ලංවී තිබුණි. මෙය සිදු උනේ කොහොමද? වෙනදාට මෙහෙම වෙනවද? සීමාවේ රැදී සිටි පිරිසට මහත් ප්‍රශ්නයකි. 

ඒ කොහොමද බං මේක ඉවර උනේ?

අනේ මන්ද ඕයි.... මම ෂොට් 3 ක් වත් ගැහුවේ නෑ

මමත් බං....

කවුද යකෝ එතකොට බිව්වේ..?

අර අංකලයා බං. ඒ යකා අමුවෙන්ම කට පුරෝලා නෙස්කැෆේ කෝප්පේ ගහනවා මං ලාවට දැක්කා...

ඒ කවුද බං මූව එක්කන් ආවේ?

කට්ටිය පොල් කෝම්බ ගෙනෙන තුරු රජ, ගයියා සමග ආශා, රැල්ල පාගන්නට කියා ගියෙමු. අපි දැන් රැල්ලක් එනතුරු සිටින්නෙමු. වෙන වෙලාවට එන තැනට වී සිටිමු. රැලි එතෙන්ට එන්නේ නැත. ආයේ කලින් ආපු තැනට ගියෙමු. ආයෙත් රැල්ල මග නවතී.

කෝ බං රැලි.... අපිත් එක්ක තරහා වෙලාද?


යමන් තව ටිකක් ඉස්සරහට..


මෙතෙන්ට වෙලා ඉමු. එන වෙලාවක එන්නේ නැතෑ...


අපි එකම තැනකට වෙලා සිටියෙමු. මහපට ඇගිල්ල තෙමෙන්න තරම් රැල්ලක් ආවේ වෙලාවටය. නැත්තන් අපිට වෙන්නේ එතෙන්ටම වෙලා සිටින්නටය.


ටිකකින් අංකල් කවරේ උස්සන් ආවේය. ඒකත් හෙන ගේමක් දී පත්තු කර ගත්තේය. දැන් නම් බුදුම ආතල්ය. බුර බුරා නැගෙන ගිනි දැල් කොග්ගල මුහුදු තිරය ආලෝකමත් කරන්නේය. 



අපි ගිනිමැලේ වටේට ඉඳගෙන සින්දු කියන්නෙමු. සමහරුන්ට ටිකක් වැදිලාය. හුලනුත් හින්දා හොඳටම වැදිලාය. අංකල්කාරයට නම් කුණු වෙන්නම වැදිලාය. කෙලින් ඉන්නත් බැරිය. එදා වෙඩිමේදී වගේ චමියා ඇඩුවේ නැත. නමුත් හද්දම සාටර් තවත් දවසේ කතාවක් ඉදිරිපත් කළේය. 

පාරේ එහා පැත්තේ උස පොල් ගස් දෙකකි. එහි වම් පැත්තේ ගසේ කදට අංශක 50 ක් පමණ ආනතව පිහිටි පොල් අතු දෙකකට පාරේ යන වාහන වල ලයිට් එලිය වැටී එක පාරට දිලිසෙන්නේය. චමියා මෙය දැක ඇත්තේ මල් වෙඩි හෝ වල්ගා තරු වගෙය. කියමින් සිටි සින්දුව හදිසියේම වචන හිර වීම නිසා අතරමග නැවතුණි. එත් සමගම මෙසේ ඇසුනි.

ඒ ආං...බලහකෝ අර... උඩ... මල්.... ආ..... නෑ නෑ....

හක්ක හැක හැක හූ.............. ඒ ආපු හූ පාරට මුළු කොග්ගලම හෙල්ලුනද කොහෙද. 

මේ වන විට බෝතලෙත් ඉවරය. ගිනි මැලෙත් නිවෙන්නට ලගය. වෙලාවත් 12 පහුවෙලාද මන්දාය. දැන් එන්න කියා යශ් ගෙදරින් කෝල් එන්නේය. අපි කොහොමත් උප්පත්තියෙන් වැද්දෝය, පුරුද්ද අත හරින්නට බැරිය. ගිනි මැල පේන්න බැරිය. වටේ නටනවාය. අදත් එය එසේමය. පට්ටම ෆන් එක මෙතනින් නිමා කල යුතුය. අවසන් ගාලු රාත්‍රිය මෙසේ සනිටුහන් විය. කොග්ගල් මුහුද ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය. මන්ද අපි ඇයව ප්‍රසිද්ධියේ දූෂණයට ලක් කලේමු. 





වෑන් එකේ නැගුනු අපි නැවතත් යශ් ගෙදරට එමින් සිටියෙමු. ඒ අතර හබරාදූව හන්දියෙන් හැරී ටික දුරක් එන විට ටොක් ගා සද්දයක් ඇසුනි.. ඒත් සමගම ගිනි පුපුරු විසිවෙනවා ලාවට පෙනුනි. සිදුවී තිබුනේ මෙවන් දෙයකි. 


ලාවට වගේ බ්ලැක් ලේබලයේ අතුරු ප්‍රථිපල ලැබුනු එකෙක් ෆිල්ටර් කොටයක් වීදුරුවෙන් එලියට විසි කරන්නට ගොස් ඇත. ලාවට වැදී තිබුනු හෙයින් ඔහු වසා තිබුනු වීදුරුව දැක නැත. නම නොකියමි. මන්ද මේ ගැසූ මඩ හොදටම ඇතිය. මම නැවත ලෙක්චර්ස් යා යුතුය.


ප/ලි :

මේ බලන්න... අපි හොඳ ලමයි.... කොච්චර ලස්සනට ඉන්නවද? ගහපු පොටෝ වල හිතට අල්ලලා ගිය පස්ටම පින්තුරෙ තමා මේ තියෙන්නේ. ගිනි මැලේ නිවෙන්න ඔන්න මෙන්න. ඒ එළියෙන් අපේ මුණු.... ඇඩෙනවා.....


රජා, හසියා, ගයියා, චමියා, අශා

බුකියේ සම්පූර්ණ මඩ ඇල්බමය මෙතනින්...........


කන්නෙලිය ගැන ගවේෂකගේ සම්පූර්ණ වෘත්තීමය වාර්ථාව මෙතනින්..

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

92 comments:

  1. කන්නෙලියේ නේද බං අර කූදැල්ලෝ තොග පිටින් ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. අනේ අපිටනං එක කූඩැල්ලෙක් විතරයි බං හම්බුනේ....
      ඌත් ආතක් පාතක් නැතුව හිටියේ... :-)

      Delete
  2. එල එල!! තව ලියපන්...
    ජය වේවා!

    ReplyDelete
  3. එල එල...
    බුකිය හින්දා පින්තූර ටික කලින්ම දුටුවා..
    රජා ඇතුලු පිරිසට ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හා හා... ඒ රාජ සභාව... :-)

      එල.....

      Delete
  4. ආතල් එක මෙන්ම මඩ ගැසීමද පස්ටය.... එහෙත් කිසිදු පොටෝවක බෝතලය නොතිබීම නොහොබිනා ක්‍රියාවකි....
    අනේ.... රාජ සම්පත් තව තවත් ලැබීයන්

    ReplyDelete
    Replies
    1. බුකියෙ එකක බෝතලේ තිබ්බා මයෙ හිතේ... බලහන් ටිකක්...

      Delete
  5. ලෝකයේ සතුටින්ම ජිවත්වන ලිස්ට් එකේ ලංකාව 35. ඇමරිකාව 111 ද කොහෙද . පුදුමයක් නැහැ . මේ කට්ටිය දැක්කම

    ReplyDelete
    Replies
    1. අයියෝ 35ද?

      අපි වගේ කට්ටිය ඉද්දි එකවත් වෙන්න එපෑ... :-)

      Delete
    2. එක භූතානය. උන් හැමදාම මේ වගේ ගමන් යනවා ඇති...

      Delete
    3. භූතානෙද? එහෙනං අපිත් යං එහෙ... :)

      Delete
  6. ගිනි මැලේ වටේ නටන ටිකනම් නියමයි! :ඩී

    ReplyDelete
    Replies
    1. හි හි හී...... මට මතක් වෙනකොටත් හිනා... :-)

      Delete
  7. කන්නෙලිය එච්චරම බලන්න දෙයක් නැද්ද බං...
    සිරාවටම ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. තියනවා බං... අපි ගියේ එක කොටසකට විතරයි.... තව කොටස් 2ක් තියනවා. ඒවා මීට වඩා ලස්සනලු.
      අපිට යන්න වෙලාවක් තිබ්බේ නෑනේ...
      ඒවට වෙනම දවස් 2ක් වත් යනවා..

      Delete
  8. උබල පට්ට ආතල් එකක්නේ අරන් තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... ලොවෙත් නෑ...

      Delete
  9. කලින් කිව්වා නම් මමත් එනවනේ..ඉස්ට්‍රයික් එකක් හින්ද මේ දවස් ටිකේම ගෙදරට වෙලා සාටර් වෙනවා. අපරාදේ...ඉහි ඉහි :'(

    ReplyDelete
    Replies
    1. අපිත් යමු මචන්....
      වෙලාවක සෙට් වෙමු අනිවාර්යෙන්ම.... :-)

      Delete
  10. පොටෝ ටික නම් බුකියෙන්ම දැක්කනේ පට්ට ආතල් ඇඩෙනවා ශික්... ඔය අහල පහලින් නිතරම ගියාට එක දවසක්වත් තාම කන්නේලියේ යන්න බැරි උනා නේ. ආයේ ඔය පැත්තේ එනවනම් එහෙම කියපන් රජෝ. :))

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම....

      ඉතුරු ටික බලන්න යන්නම ඕනා.... :)

      Delete
  11. රජාගේ වැඩ... ලොවෙත් නෑ... :)

    ReplyDelete
    Replies
    1. ලොවි ගහෙත් නෑ.. ලෝවැඩ සගරාවෙත් නෑ.. :-)

      Delete
  12. රජ සෙට් එක පට්ට වැඩ නේ කරලා තියෙන්නේ.
    කතා කරන ෆොටෝ සෙට් එක පංකාදුයි !!

    ReplyDelete
    Replies
    1. හි හි හී.... මාර ජොලි ඈ... :-)

      Delete
  13. //ඒ අතරමග දුටු එකම එක සත්වයා හැකරුල්ලෙක් පමණක්මය.,
    ලාවට වගේ බ්ලැක් ලේබලයේ අතුරු ප්‍රථිපල ලැබුනු එකෙක් ෆිල්ටර් කොටයක් වීදුරුවෙන් එලියට විසි කරන්නට ගොස් ඇත. ලාවට වැදී තිබුනු හෙයින් ඔහු වසා තිබුනු වීදුරුව දැක නැත. නම නොකියමි//
    පට්ට කෑලිඕයි...!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ආං බුකියේ හිටියා හැකරැල්ලා.. :-)

      Delete
  14. පට්ට සැපක් අරන්නේ ..

    රජා බොන්නෙ නැහැනේ.. අපි වගේ..

    ReplyDelete
    Replies
    1. සැප කනේ ඈ...

      අනේ ඔව්... අපි ඉතින් තාම සූටි ලමයිනේ :-)

      Delete
  15. වරෙල්ලා වරෙල්ලා මඩ හෝදගෙන රජවෙන්න :D

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ට කතා කරන්න එපා... උන් ආවොත් මට මඩ කන්න වෙන්නේ :-)

      Delete
  16. Oiiii ubata ekak amathaka wela...............aye bola beach yanna kalin mama ekekwa happala marana giya eka dala nanee oiiiiii..........wadak naaaaa ubanam bagetaneee dala thiyenne..:P :P :P

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි!!!!!!! ඒක අමතක උනානේ....
      මෙහෙමයි........

      අපි යශ් ගෙදර සිට වෑන් එකේ බීච් එකට යන්නෙමු. යශියා පට්ට වේගෙන් වෑන් රිය පදවයි...

      යකෝ හිමින් යමන්... මෙකෙක් හරි පැන්නොත්?

      මේ රෑ කොහෙද බං වාහන මේ පාරේ...

      කියා කට ගන්න හම්බුනේ නැත. බයික්කාරයෙක් පාර හරහා දමන්නට ගියේය. ක්‍රී................ස්........... බ්රේක් පාරක් වැදුනි. බයිකා අන්නමන්ද විය. සමහර විට චූ යන්නට ඇත. ඌ නැවත අහකට කැපුවේය. බ්රේක් නිදහස් විය. ඒ සමගම ආයෙත් පාර හරහා දැම්මේය. නැවතත් ක්‍රී.............ස්...........

      මුගෙ අම්මට #$%%$#$ #$%^&$^&^%$^#$@#@

      බයිකා අනූ නමයයි තුන් කාලෙන් දිවි ගලවා ගත්තේය... පසුදින උදේ බලනවිට පාරේ එම ස්ථානයේ කළු පැහැ ටයර් පැල්ලමකි..

      Delete
  17. එක පයින් නැතුව යකෝ කකුල් දෙකෙන්ම බ්‍රේක් ගහන්නේ මොන රටේ ද?

    ReplyDelete
    Replies
    1. හිහිහී.........ඒක තමා ඉතින් කිව්වේ... :-)

      Delete
  18. සෑ උඹල පසට ආතල් එකක් අරන් නෙව
    පොටෝ ටික පට්ටයි ඕයි

    ReplyDelete
    Replies
    1. පස්ට කියන්නේ පස්ටටටටටටටටට........ :)

      Delete
  19. ෂහ්: ඊරිසියාවෙ බෑ...
    අපිට ඉතිo එහෙ මෙහෙ යන්න බෑනෙ.
    කොහෙ ගියත් හවසට ගෙදර. ඇයි ඉතිo රෑට එලිය දෙන්න තියෙනවනෙ.

    ඔන්න මෙච්චර කල් හැoගි හැoගි ඉඳල අද එලිපිට දැම්ම කොමෙන්ට් එකක්.

    සුභ වෙවා. රාජ චාරිකා තව තව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අර අපි බීච් එකේ කළුවරේ හිටියේ... එළිය දෙන්න ආවානම් මොකෝ.. :)

      Delete
  20. අර කන්නෙලියේ ගුහාව නම් පට්ටම තැන රජෝ!!!!හ්ම්ම්...මතක වෙද්දීත් කටට කෙල උනනවා!

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ... සුපිරි පොට් එක..

      නැමීගෙන... වතුර ගොඩේ යද්දි මාරම කික්...

      Delete
  21. ඊරිසියාවෙ බැහැ රජෝ......අපිත් ලංකාවෙ ආවම ඔහොම තමා..අයියලගෙ යාලුවො එනව අපි එක්ක ඇවිදින්න යන්න....මේ පාර හිතාගෙන ඉන්නෙ යාපනේ පැත්තට යන්නයි.......පොටෝ ටික නම් මරු...නියම වැදි නැටුම් ටික....!!!

    ReplyDelete
    Replies
    1. මම තාම ගියේ නෑනේ යාපනේ... යන්න ඕනේ වෙලාවක...
      කොහෙද... මේ අපේ බව්වා තඩියා එක්ක බෑනේ මොකුත් කරන්න.. :/

      හිහී.... ඕයේ ඔජායේ.... හු හූ........ :)

      Delete
    2. @රජා ඇයි බව්වත් යාපනේ යන්න අහනවද? කමක් නෑ ඔන්න ඔහේ ඌවත් එක්කන් යන එකනෙ තියෙන්නේ

      Delete
    3. ඔව් බං... ඌට කන්න දෙන්න කෙනෙක් නැතුව යනවනේ... පව්නේ අසරණ බව්වා :)

      Delete
  22. කන්නෙලියේ කූඩැල්ලෝ ඉන්නවා. නමුත් එහෙමට නැහැ. කොහොම හරි ඔබට රැයක් එතැන නවතින්නයි තිබ්බේ. මාරයා කියලා අපි ගියා. අපි නම් එක රැයක් එතැනම නතර වුනා. සුන්දර ගමනක්. කොල්ලො ටික හොද ෆන් එකක් අරන් තියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමද? අපිට නං එකම එකයි හම්බුනේ...

      ආයෙ යනවා දවස් තුනක් විතර මුළු කැලේම කවර් කරලා එන්න.. :)

      Delete
  23. මම මේ බලන් හිටිය නොදුටු කන්නෙලිය ගැන විස්තර ටිකක් දැන ගන්න මේකා මඩ මිසක් වෙන මුකුත්ම මෙ පෝස්ට් එකේ ලියලා නෑනේ. යාන්තන් අර ලින්ක් එක දිගේ ගිහින් කන්නෙලිය ගැන බලා ගත්තෙ.මොනවා උනත් ට්‍රිප් එකනම් නියමයි වගේ. හැබැයි රජෝ මේ අනුන්ගේ ෆොටෝ අවසරයකින් තොරව ගැනීම සහ පල කිරීම සදාචාර විරෝදී වැඩක්. බොට රාජ උදහසට අහු වෙන්න වෙයි

    ReplyDelete
    Replies
    1. මම ඉතින් එහෙම අධ්‍යාපනික ඒවා ලියන්නෙ නෑ කියලා ඔයාලා දන්නවනේ... :) :)

      ගවේෂක කොලුවා ලියන්නෙම වෘත්තීයමය පෝස්ටු... නොදන්න තැන් එයාගෙන් අහගන්න පුළුවන්..

      පොඩි විහිළුනේ අනේ.... දුරදිග යන්නෙ නැති වෙයි :) :)

      (එයාලා විහිළු දන්නවා යැයි උපකල්පනය කරමින්)

      Delete
  24. හිනා වෙලා පන නැහැ ඔෆිස් එකේ මට එහා පැත්තේ ඉන්න පොර පින්තුර ටික බලලා නියම වැද්දෝ ටික කියුවා හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. හෑ.... වටේ පිටේ උන්ටත් පෙන්නුවද? :) :)

      පළවෙනි දවසත් බැලුවා යයි සිතමි.... ඒකත් මාර ෆන් :)

      Delete
  25. මෙහෙම සතුටින් ඉන්ට පුලුවන් නම් මොනා කරන්ට බැරිද? රාජ සභාව හරිම අගෙයි. කට්ටියට රට පාලනය කරන්ට වෙලා තියනවද?:D

    ReplyDelete
    Replies
    1. වෙලාව වැඩිත් එක්ක... :)

      Delete
  26. ආ.. අහන්න දෙයක් නෑ ස්ප්‍රයිට්, කොකා කෝලා, එහෙමත් තිබිලා තියෙනවා. අර බ්ලැක් ලේබල් එක් ලාවට පේනවා ඈතින්. ෆන් එක නියමයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔව්මයි... මමත් ඒක දැක්කේ කිව්වට පස්සේ... :)

      Delete
  27. ඇඬෙනවා ඕයි.... මෙහෙම ගිනි මැලයක් ගහගෙන කැලයක් මැද්දේ නටන්න මටත් මාර ආසාවක් තියෙනවා වහින කාලෙක යන්ඩෝන නැත්තම් කැලෑ ගිනිතිබ්බා කියලා හිතයි ආණ්ඩුවෙං

    ReplyDelete
  28. පට්ට..ගන්න ආතල් අදම ගන්න පස්සට කල්දමා පසුතැවිලි නොවන්න කියල කවුදෝ ලියල තිබ්බ හික්ස්...ජය

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට එහෙමද? හික්ස්... එල එල

      රාජ සම්පත!!!

      Delete
  29. හූරලා ටික එහේ ගොහින් දඩ මස් එහෙම කෑවෙ නැතේ??

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ මොන දඩ මස්ද බං....

      මාළු මාළු මාළුළුළුළුළුළුළුළුළුළුළුළුළුළුළුළු විතරමයි :)

      Delete
  30. ෂික්. මුන් වෘත්තීයමය බේබද්දොනේ.

    ReplyDelete
    Replies
    1. හෑ.....? හිකිස්...

      ෂ්ෂ්ෂ්......කෑගහන්න එපා.... :)

      Delete
  31. පස්ට පට පට ආතල් ටික
    මට මතක් වුනේ අපි අනුරාධපුරේ ගිය ගමනයි බං.

    ReplyDelete
    Replies
    1. ආ.... ඒකද? ගුටිත් කාලා ඇවිල්ලා තිබ්බේ... :) :)

      Delete
  32. මට නම් ඔක්කොටම වඩා මරු අර තූති බබා තූ බල වෙලා ඉද්දි ගහපු පොටෝ කෑල්ල තමා.... :))))

    ReplyDelete
    Replies
    1. හිහිහී.... ඒක මරු තමා :)))

      Delete
  33. කන්නෙලියට බුදු සරනයි ,.,.,

    ReplyDelete
    Replies
    1. අඹ බං අඹ...

      අඹ සරණයි... :)

      Delete
  34. අර ෂෝට් නැතුව අමුඩ ගහං හිටියානම් වැදි රජා සහ වරිග සභාවම තමයි!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දැන් වැද්දොත් ගහන්නේ ශෝටනේ... අර පේන්නේ නැද්ද දඹානේ.. :)

      Delete
  35. එදා වගේම ඇති වෙන්න හිනා වුනා.....ඔක්කොටම වඩා විස්තර කිරීම අගෙයි....හීහීහීහී

    ReplyDelete
    Replies
    1. හි හි හී................. හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ... :)

      Delete
  36. ලොවෙත් නැති පට්ට ෆන් එකක් අරන් තියෙන්නේ රජා. පට්ට ආ... මම ආතල් ගමන් දෙකම එක පාර කියෙව්වේ.

    බෝතලේ ගෑවේන්ඩවත් ඇති වුනාද අප්පා.

    ReplyDelete
  37. ලොවෙත් නැති පට්ට ෆන් එකක් අරන් තියෙන්නේ රජා. පට්ට ආ... මම ආතල් ගමන් දෙකම එක පාර කියෙව්වේ.

    බෝතලේ ගෑවේන්ඩවත් ඇති වුනාද අප්පා.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඇති... තව පොඩ්ඩෙන් වැඩිත් වෙනවා... පේනවනේ ඒ ටිකට වෙච්ච දේවල්.. :)

      Delete
  38. මඩ ගැහුවා වගේ නෙවේ රජෝ.කට්ටිය දැක්කම තමයි රජාට දුවන්න පාර මදි වෙන්නෙ

    ReplyDelete
  39. ඇඩෙනව හයියූ......................:‘(

    ReplyDelete
  40. Replies
    1. දෙන්නං දෙන්නංංංංංංං :)

      Delete
  41. තොට නං හෙණ ගහනව රජො ඈ.අපිව දාල ආතල් එක අරන් ඇවිත් මෙතන@#$()%$^&%#@#$$%

    ReplyDelete
    Replies
    1. මේ අසික්කිත රජාගේ අන්තඃපුරේටත් දස්කොන්ලා වැහි වහීවා..!
      හයියෙන් හූ ඈ :D

      Delete
  42. පංකාදු අත්දැකීම් පෙලක් නොවැ.

    ReplyDelete
  43. කන්නෙලිය කියන්නේ ඇත්තටම මරු තැන ආතල් එකක් ගන්න.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)