Friday, June 8, 2012

තෑගි තරගය 02 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ


අපි කඩේට යනවනේ බඩු ගන්න. අපි එතකොට ගිහින් කඩේ මුදලාලිගෙන් ඉල්ලන්නේ තියෙන හොදම එක දෙන්න කියලා.  එත් මේ බඩුව අපි කඩෙන් ඉල්ලන්නෙ නරකම එක දෙන්න කියලා...
මොකද්ද ඒ?

පිළිතුර...

කබල

හේතුව...

මේක කඩෙන් ගද්දි මොන තරම් අළුත් උනත් ඉල්ලන්නේ කබලක් දෙන්න කියලනේ... ^_^

________________________________________________________________

මම කිව්වනේ පළවෙනිම තරගෙ හින්දා ජයග්‍රාහකයෝ 3ක් තෝරනවා කියලා.. මෙන්න ජයග්‍රාහකයෝ 3දෙනා..

  • පළවෙනියටම උත්තර දුන්නා සමිත් හෙට්ටිආරච්චි සහෝදරයා. මෙයා කැළණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය මෙව්වා එකේ ඉගෙනගන්නවා.
  • එයා අනුව යමින් ඊළගට උත්තරේ දුන්නෙ හිරු අක්කා.. හුගක් අය දන්නවනේ හිරු අක්කව
  • තුන්වෙනියා තමා CP. මෙයා ගැන විස්තරයක් මම දන්නෙ නෑ..

ඔන්න ඒ අනුව ඒ තුන් දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.

මෙන්න ඕනෙ නං...
________________________________________________________________

මෙන්න මේ සතියේ ප්‍රශ්නය..


මෙහෙම හිතන්න..
ඔයා ඉන්දියන් සාගරේ මැද්දේ චූටි බෝට්ටුවක තනිවෙලා ඉන්නවා. හබලකුත් නෑ. මිනී මෝරු සෙට් එකක් ඇවිත් බෝට්ටුව වට කරගන්නවා.
කොහොමද ඔයා බේරෙන්නේ?



ප/ලි:

කමෙන්ට් ඇප්රූවල් දාලා තියෙන්නෙ. හදිස්සියෙවත් උත්තරේ දුන්නොත් අනිත් අය පව්නේ.. (හිරු අක්කගේ අයිඩියා එක)


තෑගි ප්‍රශ්නෙට උදව් කරන්න කැමති අය මේ විජට් එක එල්ලගෙන උදව්වක් දෙනවා නේද?
HTML/JAVASCRIPT එකක මේ කෝඩ් එක පේස්ට් කරන්න.



<object  data="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" type="application/x-shockwave-flash" width="250" height="250">
  <param name="movie" value="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" />
  <param name="quality" value="high" />
</object>


එතකොට උඩ කෙලවරේ වගේ දගලන ඇඩ් එක පෙනේවි..

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

155 comments:

  1. උඹ ඒ පාර සීරීස් එකක්ම පටන්ගත්ත ද?

    මැති ඇමති උතුමන්ල නම් ඔය අත්දැකීම නිතරම ලබනව. මම කිව්වෙ, මිනී මෝරු වටකරන් ඉන්න එක ගැන.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... :-)

      උත්තරේකුත් කිව්වනං.....

      Delete
  2. කබල කිව්වේ දුම් කබල වෙන්න ඇති නේද :D

    පිලිතුරු දීමට කල් ගමි :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා....

      ගන්න ගන්න... ලබන සිකුරාදා වෙනකං කල් තියෙනවා... :-)

      Delete
  3. habalak nathi unata boat 1ke redio set 1k athine. eken call karala help illagannawa.

    ReplyDelete
    Replies
    1. රේඩියෝත් නෑ බං... තව උත්තරයක් කියහන් බලන්න..

      Delete
  4. ඉන්දියන් සාගරේ මෝරු නැහැනේ බන් :)
    ඔන්න ඕක තමා උත්තරේ
    මම දිනුම් නේද?

    ReplyDelete
  5. මිනි මෝරු ඉන්දියන් සාගරේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා..... :-)
      දිනුම් නැතෝ............................

      Delete
  6. මෝරුන්ට කියලා බෝට්ටුවට තල්ලුවක් දාගන්නවා

    ReplyDelete
    Replies
    1. මෝරා දෙයි තල්ලු නෙමේ..... එක්කෝ ඕනෙ නෑ...
      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  7. Replies
    1. අනී........ කියන්නකෝ... තෑග්ගක් දෙනවා......... :-)

      Delete
  8. ඉන්න බෝට්ටුව ගැන විස්තර අවශ්‍යයි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය බෝට්ටුවකි
      හබලක් හෝ කිසිදු සන්නිවේදන උපාංග නැත

      Delete
  9. ඩොල්‍ෆින් කෙනෙක්ට කතා කරනවා

    ReplyDelete
    Replies
    1. මෝරු අස්සෙ මොන ඩොල්‍ෆින්ලද? :-)

      Delete
  10. මෝරු ටික යනකම් ‍ෆේප් එකේ ඉන්නවා
    ඒ අතරේ tweet කරනවා මට වෙච්ච සන්තෑසිය කියලා
    එක්කො මෝරුටික චාටර් වෙලා යයි.නැතිනම් කවුරුහරි එයි මාව බේරගන්න.
    අ‍ඩෝ ඒක නෙවේ මේ මෝරු ටික මං අදුනන ෆේස්බුක් සෙට් එකක් වෙන්නත් පුලුවන් එහෙම උනොත් ෆෙප් එකේ 5ක් දාල මාරුවෙන්නත් පුලුවන්නේ :දිව
    ඒත් බැරිවුනොත් හයියෙන් සින්දුවක් කියනවා මෝරුන්‍ට කම්පන දරාගන්න අමාරුයිලුනේ(මගේ සින්දු ඒ තරම් චාටර් බව කරුනාවෙන් සලකන්න)
    ඔන්න එකක්වත් හරිගියෙ නැත්නම් වතුරට චූ කරනවා අනිවා මෝරු ටික කූරිය ගහනවා :ඩී

    ReplyDelete
    Replies
    1. පෝන්...කොම්පීටර් මොකුත් නැත...
      උන්ගෙ කනේ හට්ස් හෙන වැඩීලු...
      චූ ඉවරයිලු... අනික උඹේ චූ රහයිලු...(මෝරෙක් කිව්වේ) :)

      Delete
  11. නැවක්හරි බෝට්‍ටුවක්හරි එනකන් නිදාගන්නවා..
    මෝරුන්ට බොට්‍ටුව උඩට පනින්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් එන්නෙ නෑලු බේරගන්න... :)

      Delete
  12. හැංගෙන්න තියෙන්නේ..

    නැත්තං මෝරුන්ට නොපෙනෙන්න ඇස් දෙක පියා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. හිකාස් අනේ පලයං උ‍‍‍ෙඕ ඇස්දෙකෙන්නෙ මෝරු බලන්නේ :දිව

      Delete
    2. හි හි හී........ බිත්තර කට්ටක් අස්සක තමා ඉතින් හැංගෙන්න වෙන්නෙ.. :-)

      Delete
  13. bottuwe engine eka start karanawa,60ta erarala tiyala paganawa!habal oneth nee! mama harine,?

    ReplyDelete
    Replies
    1. බෝට්ටුව හොල්ලන්නවත් බෑ... :-)
      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  14. මමත් හොදට ගුලි ගැහිලා නිදාගන්නවා..

    ReplyDelete
    Replies
    1. අයියෝ...... එතකොට? :-)

      Delete
    2. එතකොට මෝරුන්ට කන්න නෑ.... උන් ආපහු බඩගින්නේ යනවා.... මෝරුන්ට කින්ඩි 11 නොන්ඩි 7.

      Delete
  15. ඔබතුමාගේ මොරාල් අප් කරන්නවත් උත්තරයක් දෙන්න පොඩි උදව්වක් කරන්න පුලුවනිද දේවයන් වහන්ස?

    ReplyDelete
    Replies
    1. මේක හරි ලේසි සද අක්කෝ... චූට්ටක් හිතන්න... :-)

      Delete
  16. ඔයා මෙහෙමනේ කිව්වේ......

    "(b)මෙහෙම හිතන්න..(/b)
    ඔයා ඉන්දියන් සාගරේ මැද්දේ චූටි බෝට්ටුවක තනිවෙලා ඉන්නවා. හබලකුත් නෑ. මිනී මෝරු සෙට් එකක් ඇවිත් බෝට්ටුව වට කරගන්නවා.
    කොහොමද ඔයා බේරෙන්නේ?"

    උත්තරේ සිම්පල්-----> හිතන එක නවත්තනවා

    ඕන්න උත්තරේ දුන්නා තෑග්ග මගේ :ඩී

    ReplyDelete
    Replies
    1. ඕං හැංගුව කමෙන්ටුව දැම්මා...

      ඇහුවා නේද ගූගල් දෙයියගෙන්... දෙන්නෑ උඹට තෑගි... කපටියා... :-)

      Delete
    2. හිකාස් 
      ගූගල් දෙය්යන්ව දැක්ක කාලයක් මතක නෑ :P

      Delete
  17. පොඩ්ඩක් හිටු හිතනකන් :ප

    ReplyDelete
    Replies
    1. හිතපන් හිතපන්.... හිත ගෙවෙනකන් හිතපං... :-)

      Delete
  18. කැත වැඩ අෆ්ෆා.. මගේ ඔටුනු බිස්නස් එක රාජසන්තක කලාම මං පව්නේ... දෙවෙනි තෑග්ග මට දෙන්න ඒකට හිලව් විදියට...

    ReplyDelete
    Replies
    1. පගාවක් පගාවක්...
      (අත යටින් දෙන්න..)

      Delete
    2. පගා එපා... මමනෙ කොස්කොල ඔටුනු බිස්නස් කරන්නේ... ඒක නැති කරන්න එපා... මහරජයි අඩවි රජයි දෙන්නම එකයි...

      Delete
    3. හිකිස්... කොස් කොළයා.... :-)

      Delete
  19. පුංචි බෝට්ටුව මෝටර් බෝට්ටුවක්... ඇන්ජිම ස්ටාට් කරගෙන හයියෙන් මෝරු නැති දිහාවකට යනව :D

    ReplyDelete
    Replies
    1. ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....) :-)

      Delete
  20. මම නෙවෙයි චූටිනෙ බෝට්ටුවෙ ඉන්නෙ ඉතින් මට මොකො

    ReplyDelete
    Replies
    1. හිකිස්... නෑ නෑ ඔයාම තමයි අක්කෝ ඒකෙ ඉන්නේ... :-)

      Delete
  21. රජාගෙ රටේ මිනිස්සු බෝට්‍ටු පදින්නෙ හබල් ගහලා ද? අනේ ඒ මිනිස්සු නම් පව්. මම නම් බෝට්‍ටුව ස්ටාට් කරලා උපරිම වේගෙන් යනවා මෝරුන්ට හූ කිය කිය. මොකද අපේ රටේ බෝට්‍ටු වල එන්ජින් තියනවනෙ

    ReplyDelete
    Replies
    1. මේක ආදි කාලේ බෝට්ටුවක්.... එන්ජිමක් නෑ...අක්කෝ. :-)
      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  22. හපෝ මට කස්ටිය අල්ලගෙන් ගහයිද දන්නේ නැ..මන් මේ කිසි දේකට සම්බන්ද නැතෝ.........:D
    තෑගි කෙසේ වෙතත් ඇග බේරන් ඉන්න එපැයි....ඔන්න මන් ඔය ඔටුන්නේ දැම්මේ නැතත ගිහං බ්ලොග් එකේ එල්ල ගත්තා...ඔයිට හොදා තොප්පියක් දාගන්න එක...:P (මගේ තෑග්ග ඕන කෙනක්ට මන නිකන් දෙනවා තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා...)
    මැරුණා වගේ ඉන්නෝ මරුන අවුන් කන්නේ නැලුනේ......:D
    ඒ වලහද කොහෙද..කමක් නැ ඒ තියරියම මෙතන්ට දාලා බලමු..;)

    ReplyDelete
    Replies
    1. හි හි හී...... අයියෝ ඉර....:D

      Delete
  23. බෝට්ටුව හුලං වලින් පුම්බපු එකක් නිසා... ගොඩබිමට විරුද්ද පැත්තෙන් හිල්කරනවා... නැත්තම් වෑල් එකද මොකද්ද එක අද්දල් දිසාවට යොමු කරලා ඇරල දානවා...පාවෙලා මුහුදට ගිය පිසුස් රජා පියාඹලගොඩට එනවා..........

    ඔබත් නිතරම කාටුන් බලන්න.... එවිට මා මෙන් නිර්මාණ ශීලීව හිතීමට හැකිවනු ඇත..එවිට රජවරුන්ගේ ගොං ප්‍රශ්න වලට සාර්තකව පිළිතුරු දීමට හැක..

    ReplyDelete
    Replies
    1. වටේටම මෝරු බං.... හිතපන්.....
      හිකිස්.......:D

      ඉදපන්කෝ ඊලගපාර අහනවා දන්න ඔක්කොම තියරි දාලා ඉංජිනේරු ප්‍රශ්නයක් කොර වෙලාම යන්න....

      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  24. මිනී මෝරුනම් ඉතින් හොඳට අත් දෙක එහෙම වැඳගෙන ආගම සිහිකරගන්න එක තමා කරන්න තියෙන්නෙ. හී හී

    ReplyDelete
    Replies
    1. ආ..........සෝස කුමාලී............ :-)
      හි හි හී....

      Delete
  25. මොනා කියන්නද මහ රජ මම මෝර සහෝදරයින්ව අමතනවා...

    "මල්ලිලා දැන් බලන්න මම කාලයක් නොකා නොබී කටු විතරයි ඇඟේ තියෙන්නේ... මාව කෑවොත් උඹලට වෙන මොනවත්ම කන්න හම්බුවෙන්නේ නෑ... ඒ නිසා හොඳ මල්ලිලා වගේ මාව දූපතකට තල්ලු කරන් යන්න.දූපතට ගිහින් හොඳට කාලා බීලා මම ඇවිත් උඹලට කල ගුණ සලකන්නම් මල්ලිලා...."

    ඊට පස්සේ මෝර මල්ලිලා මාව තල්ලු කරගෙන යනවළු.... මම බේරෙනවලු... මහරජව උස්සන් ඇවිත් මූදට අතාරිනවලු

    ReplyDelete
    Replies
    1. ගැමියාගෙන් හොද ගම්බද උත්සාහයක්... ඒත් වැරදියි.... :-)))

      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  26. දන්නේ නැති දේ, දන්නේ නෑ කියන්න මම ලැජ්ජා නොවෙමි...

    ReplyDelete
    Replies
    1. අන්න හොද ලමෙක්....

      Delete
  27. ඉතින් වටකරගෙන ඉන්නෙ නැතෑ ඔහෙ..මට මොකෝ..????

    ReplyDelete
    Replies
    1. මූද මැද්දෙ මැරෙයි අක්කෝ ඔයා.... :-)

      Delete
  28. ම්ට තෑගි කෙරෙහි ආසාවක් නැති නිසා උත්තර දෙන්නේ නෑ,

    ReplyDelete
    Replies
    1. අනේ...... මොකක් හරි බොරුවක් කියන්ඩෝ...

      Delete
  29. බේරිලා නේ ඉන්නේ? මොකද ඉන්නේ බෝට්ටුවේ මිසක් වතුරේ නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒත් මූද මැද්දේ තනියම.... කන්නත් නෑ බොන්නත් නෑ...

      Delete
    2. කන්නේ මෝර මස්, වට කරගෙන ඉන්න
      බොන්නේ කර දියයි මෝරුන් දිය කෙලින

      Delete
    3. හිකිස්.... බෝට්ටු කවි... :-)

      Delete
  30. අනේ තොගෙ මහලොකු තෑග්ග තියා ගනින්.... අපි නම් අහු වෙයි ඔව්වට...

    ReplyDelete
    Replies
    1. අනේ මේක බරයි බං... ගනිල්ලකෝ....

      Delete
  31. මෝරු සෙට් එක පිල් දෙකක් හදලා කොටවනවා...එහෙමත් නැත්නම් උන්ව අන්දනවා....ඔන්න ඔහොම සීන් කෝන් එකක් තමයි වෙනවනම් ඇත්තේ..හරියටම කියන්න තොරතුරු මදි රජෝ.....ලගටවත් ආවද කිව්වනම්......

    ReplyDelete
    Replies
    1. ලගතමා ඉන්නේ.... උඹව වට කරන් ඉන්නේ....
      මෝර බාසාව දන්නවද කොටවන්න.. :-)

      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  32. මට දැන් සැකයි මේ ගැන මේකෙ මුකුත්ම නැත්තං කොහොමද මේක මහ සාගරේ මැද්දට ගියේ?

    ReplyDelete
    Replies
    1. හරියට හරි වැදගත් ප්‍රශ්නයක්....මොකුත්ම නැතුව කෙහොමද මුද මැදට ගියේ...කියමු බලන්න මම දෙනවා තෑග්ගක් ඒක හරියට කියපු කෙනාට... :D :D

      Delete
    2. මැද්දට ගියා........ මැදදි තමා ඔක්කොම නැති උනේ..

      Delete
    3. අන්තපුරෙන් ගෙනල්ලා අතැරලා ගියාද දන්නේ නැ...;)
      රජාගේ මේ වැඩ ගැන දැනගෙන....:D

      Delete
    4. හි හි හී........ :)

      Delete
  33. උන් කන්නෙ මිනීනෙ මම තාම මැරිලා නැතිනිසා ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
    Replies
    1. හිකිස්... එහෙම කියලා බෑ..

      Delete
  34. සිං ගාලා ගෙදර ගිහින් තුවක්කුව අරං එනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ගෙදර යන්නත් මොරගෙන් බේරිලා ඉන්න එපැයි... :-)

      Delete
    2. මෝරලාට කියනවා, මචංලා පොඩ්ඩක් ටයිම් දීපල්ලා, හපාකන්ඩ ඔට්‍ටු නෑ කියලා තවත් ඕනෙ නම් අර ජෝතිපාලගෙ මෝරා සින්දුවත් කියලා ෂේප් කරගෙන සිං ගාලා ගෙදර දුවලා එනවා. (එක්කො නෑවිත් ඉන්නවා බං)

      henryblogwalker the Dude

      Delete
    3. හිකිස්.... එහෙම ඔට්ටු නෑ... :-)

      Delete
  35. ඒයි දිනපු කට්ටිය මෙන්න මේ පහල ලින්ක් එකේ තියෙන කෝඩ් එක බ්ලොග් එකේ දාගන්න............ ඔටුන්න ලස්සනට පේයි

    https://docs.google.com/document/d/1WxXSYVmYT7tNI4GT-Ih7cbX5zvuNAe-qRnksZzO00mI/edit

    ReplyDelete
  36. මෝරුන්ට බෝට්ටුව කන්න දීලා......... මුහුදට පැනලා පිස්සු බල්ලා වගේ පීනගෙන පීනගෙන යනවා.........

    ReplyDelete
    Replies
    1. අඩේ අයිපියෝ......ටැංකියු ඈ කෝඩ් එකට....
      උම්මා.................. :-)

      උත්තරේ වැරදියෝ..
      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  37. එක නෙවෙයි රජෝ මුද මැද්දට ගියේ කොමෙයි..? ගිය විදියටම ආපහු එනවා නැතා....:)

    නැත්නම් මෝරුන්ට පොඩි පගාවක්‌ දෙන්නම කියලා උන්ටම කියල ගෙනත් ඇරලා ගන්නවා, පස්සේ සලාකා බලන්න බැරිය කියලා ශේප් වෙනවා..;)

    ReplyDelete
    Replies
    1. ඒක මූද මැද්දෙදි තමා කැඩිලා තියෙන්නේ... :-)

      ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  38. හරි! මම දන්නවා!! මුහුදට චූ කරනවා!! එතකොට මෝරු ටික පටස් ගාල යනවා!!

    ReplyDelete
    Replies
    1. චික් විතරක් අද නිවඩු දවසේ වැඩ ගොඩයි රෙදිම තියෙනවා කන්දක් හෝදන්න ඒ එකක්වත් කරගන්න විදියක්නෑ මේ අඩවියා පිස්සු ප්‍රශ්නයක් දීල, ඇයි හත්වලාමේ මුහුද මැදට වෙනකන් හබලක් තිබුනනම් පස්සේ හබල බහිරවයා ගිල්ලද?

      Delete
    2. හිකිස්.....

      හබල මූදට වැටිලා.... :-)

      අයිපියෝ උඹේ චූ රහයිලු මෝරුන්ට.. (මෝරෙක් කිව්වේ)

      Delete
  39. මොකෝ මේ හැම රිප්ලයි එකකටම ටුකු ටුකු ගානේනේ.....??????????? මේකා කටින් එන්ජිම ස්ටාර්ට් කරලා මෝරුන්ව බය කරනවාද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය රේඩියෝ වල එහෙම උත්තරේ වැරදුනාම දාන්නෙ පොඩි පීචන් සද්දයක්...
      මමත් දැම්මා ඒක. :)))))

      Delete
    2. නෑ නෑ බං මේ රජාට බඩේ අමාරුවක්...........

      Delete
  40. මුහුදට පනිනවා. එතකොට මෝරා මාව ගිලිනවනේ. ඊට පස්සේ අර පිනෝකියෝ එකේ වගේ moraa kata arina welaawak balalaa eliyata enawaa :)

    ReplyDelete
    Replies
    1. එහෙම ඔට්ටු නෑ.... :-)

      Delete
  41. ගන්නවා දුරකතනය කෝල් 119
    කොහොමද මරැ අයිඩියා එකනේ හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. පෝන් නෑ....සිග්නලුත් නෑ...

      Delete
  42. මම නං ඩොල්ෆින් සෙට් එකකට අඬගහගන්නව.

    ReplyDelete
  43. ම්ම්ම්ම් මම හිතන්නේ හරි!!!! දාන් ඉන්න සන්ග්ලාස් දෙක ගලෝලා ඉර එලියට අල්ලලා...... හැම පැත්තටම SOS සංඤාව දෙනවා........... කොහේ හරි කෙනෙක් අනිවා ඕක දකින්න ඕනෙනේ

    ReplyDelete
    Replies
    1. වැලදියි....................... :-)

      Delete
  44. ඔහොම ටික වෙලාවක් කල්පනා කර කර ඉද්දී එලාම් එක වැදිලා නැගිටිනවා..... අන්න එතකොට බේරිලා. හරිම simple plane එකක්......
    ජය වේවා!!!!

    ReplyDelete
  45. නියමයි ජය වේවා

    ReplyDelete
    Replies
    1. ටැංකියු වේවා.....!!!!

      Delete
  46. මෝරා හපනකොටම ඇහැරෙනවා ඈ

    ReplyDelete
    Replies
    1. මේක හීනයක් නෙමේ... ඒ උනාට උත්තරේ ලගින යනවා.. :-)

      මේක නෙමේ උත්තරේ...

      Delete
  47. උත්තර ගොඩාක් හිතෙනවනෙ යාළු ................................ :/

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කියලා දාන්න මාළු..................... :)

      Delete
  48. මෝරා හපනකොටම හබල උගේ දත් ගාවින් දාලා කට ඇරෝලා තියෙනවා..අනිත් මොරු ටික බලයි මේ මොකද මේ උනේ කියලා...ඒ ගොසිප් එක යයි මුලු සෙට් එකටම ..කට්ටිය එයි හබල හිරවෙච්චි එකා බලන්න..උන්ගේ පිට උඩින් නැගලා නැගලා මම යනවා ගොඩට...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... :)
      තව තව....

      Delete
  49. අතේ බැඳන් ඉන්න ඔරලෝසුවෙ හරි මොකක් හරි අට මගලක් පාවිච්චි කරලා මෝරු භයවෙන සංඥාවක් නිකුත් කරනවා... මෝරුන්ව එහෙම සංඥා මගින් පාලනය කරන්න පුලුවන්.. ( මට ඔය ඉලව් විද්‍යාත්මකව කියන්න තේරෙන්නේ නෑ.. )

    මේකත් වැරදිනම් පුද්ගලයා සතු බඩු බාහිර පිලිබඳ ලයිස්තුවක් ඕනේ...

    හැබැයි මේක් උනේ උබ වගේ මහා රජෙකුටනම්.. රට පාවල දීලා.. මෝරු ඔක්කොතම ඇමතිකම් දීල.. මොරුන්ටක් කොකෙක් පෙන්නල ( හිතට ආපු වචනෙ දැම්මෙ නෑ ) ගොඩට එන්නේ

    ReplyDelete
    Replies
    1. වැරදියි.....

      ඌට මොකුත් නෑ... තියෙන්නෙ උපතින් ආපු අවයව ටික විතරයි.. :-)

      Delete
  50. ඉතින් බන් උඹ ඕව හිතන්න කිව්වට මම නම් ඉන්නෙ තොටුපලේනෙ. ඇරත් අපි නම් ඉතින් ඔය මහා සාගර වලට හබල් ගාන්නේ නෑ නොව.. ඉතින් හොදම වැඩේ තමා ඔයවගේ මනස්ගාත සිතුවිලි හිතන්නෙ නැතිව ඉන්න එක. තෝරූ මෝරු ගැන හිතල බය වෙනවට වඩා නරකද වෙන දෙයක් ගැන හිතුවොතින්(බය හිතෙන්නේ නැති).. අර අයිස්ක්‍රීම් වගේ...
    මට නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් ආවෙම නෑ.. ඒ හින්ද ඕන් ප්‍රශ්නෙ වැරැද්දක් අල්ලගත්තා.. නටන්න බැරි එකාට පොලව ඇදයිලුනේ.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්..
      ඒ උනාට උත්තරේ ලගින් ගියා ඈ... :-)

      Delete
    2. හෑ.. මේක උත්තරේ ලඟින් ගියාලු.. :O .. පොඩියක් හිටහන් සිහිබුද්ධියෙන් හොදට අගමුල පිරික්සලා බලන්න..
      ඕ ඕ... රජා කියලා තියෙන්නෙ ඒ විදියට හිතන්න කියලනෙ.. ඒ කියන්නේ මේක හීනයක් නොවේ.. හිතින් මවාගන්න කියපු එකක්.. ඒ වුනාට පියවි ලෝකයේ ඒවගේ අවස්ථාවක් වෙලා නෑ.. ඉතින් ඕක හිතේ මවා ගන්නේ නැතිව හිතුවිල්ල වෙනස් කරනව; මෝරු ඔක්කොම තොටිය දැකල දුවනව වගේ වෙනත් හිතුවිල්ලකට.. සිම්පල් ප්ලෑන් ආ..

      Delete
    3. ගින්දර කොල්ලෙක්නේ..... :-)

      Delete
    4. ඈ බොල රජෝ උඔ දැකක්කෙ නැද්ද මං ඕක කියල තියෙනවා.
      උඩ තියෙන මගෙ කමෙන්ටුව හරියට බලපා..න්
      උඹ කිව්වේ හිතන්න ඉතින් අපි හිතන එක නැවැත්තුවොත් ඔක්කොම හරි මම ඕක කලින්ම කිව්වා

      Delete
    5. හරි හරි බං.... මං ඒක හංගං හිටියේ... අනිත් උන් උත්තර දෙනකන්....

      උඹයි තොටියයි තමා දිනුම්.. :-)

      Delete
    6. එතකොට මම... මිදි තිත්තයි කිව්වෙ ඒ හින්ද තමා...

      අපේ මේ සිරි ලංකාද්වීපයට රජ කම් කොරන මිහිඳු රාජෝත්තමයාණන් වහන්සේත් කරන්නෙ ඔය ටිකම තමා... මිනිස්සුන්ට මොකක් හරි ගුලියක් දීල ඌ තුමා ෆුල් ෆන් එකක් ගන්නවා..

      Delete
    7. හෑ.........? උඹ එහෙම එකක් කිව්වද? :-)

      Delete
    8. එතකොට අපි කියපුවා වැරදිද??????
      ටුකු ටුකු ටුකු ටුං....

      Delete
  51. මෙතනින් නොගියොත් හෙම මෝර වරල් වලින් සුප් හදනවා.. කියලා මෝරුන්ට පරුෂ වචනයෙන් බනිනවා...මෝරු බය වෙලා යනවා.....
    නැත්නම් මේ කතාව හීනයක්..අම්මා ඇවිත් ඇහැරවනවා......
    හයියෝ රජුනී.....

    ReplyDelete
    Replies
    1. හීනයක් නෙමේ අනේ...... ඒ උනාට උත්තරේ කන ගාවින් යනවා ඈ... :-)

      Delete
  52. චූටි බෝට්ටුවක ඉන්දියන් සාගරේ මැද්දට යන්නේ කොහොමද? මේක හීනයක් වෙන්න ඕන... නැත්නම් හිතින් මවාගත්ත දෙයක්... එතකොට හීනෙන් ඇහැරෙනවා....

    ReplyDelete
    Replies
    1. නෑ........ ලගින් ගියා හැබැයි..........

      Delete
  53. ඇයි අප්පා මේ බ්ලොගේ කස්ටිය දන්නව නෙව මං මූදේ කියල ! එකෙක් ඇවිත් බේරගන්නෙ නැතෑ. :p

    ReplyDelete
  54. මෝර ව බිලී බා ගන්නව ! ( දඹුලු ගිහිං තලගොයිත් මරාගත්ත කිව්වලු )

    ReplyDelete
    Replies
    1. බලං ඉදහන්කෝ එහෙනං එනකං... :-)

      Delete
  55. මෝරු කයි කියල බයට හරි මොකට හරි මු බෝට්ටුවෙන් පනිනවා මුදට. එහෙම නැත්තන් මෝරෙක් කන්න එද්දී අහකට හරි පනිනවා. වැටෙන්නේ බිමට.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැද්ද මන්දා..... :-)

      Delete
    2. මන්ද, එත් දැන් උත්තරේ දීලනේ..

      Delete
  56. ඔන්න ප්‍රශ්නයට අනුව උත්තර දෙකක්,
    1 ."මිනී මෝරු සෙට් එකක්" කිව්වේ මිනී කන මොරුනම් අපි තාම මිනියක් වෙලා නෑනේ(මට පන ඇති බව උපකල්පනය කර) අතින් හබල් ගහලා බේරෙනවා.
    2 ."මිනී මෝරු සෙට් එකක්" මිනී මෝරුම නම් මෝරා මරිලානේ... :D (මෝරාට පන නැතිබව උපකල්පනය කර) අතින් හබල් ගහලා බේරෙනවා.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
    2. ට්‍රයි අගේන්.... (ටුකු ටුකු ටුකු ටුං....)

      Delete
  57. අයේ පොඩි මෙව්වා එකක් ඔලුවට අවා ඉන්දියන් සාගරේ මැද්දේ තියෙන්නේ ලංකාවනේ. ඒ කියන්නේ බෝට්ටුව තියෙන්නේ ගොඩ අනික ඉන්දියන් සාගරේ මැද්දේ කිව්වට වතුරේ කියලා නැනේ බෝට්ටු ගොඩ තියෙන්නත් පුළුවන්. ඉතින් කකුල් දෙකට පින් දීලා දුවනවා...............

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං... වැරදියි.... :-)

      Delete
  58. indian saagareta giye kohomada? sure ekatama bottuwe yannnanam uta pissu wenna ona

    ReplyDelete
  59. මම කවදාවත් බොට්ටුවලින් ඉන්දියන් සාගරේට යන්නෑ. ඉතිං හිතන්න දෙයක් නෑ....මම නොගිහින් මට ඔහොම වෙන්නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා...... :-)

      Delete
  60. එච්චර සීන් එකක් නෑ නෙ.. දඟලන්නෙ නැතුව බෝට්ටුවට ම වෙලා ඉන්නවා.. එතකොට මෝරු ටිකක් වෙලා බලන් ඉඳලා යන්න යනවා!

    ReplyDelete
    Replies
    1. බෑ... එහෙම බෑ.... උන් යන්නෙම නෑලු :-)

      Delete
  61. ඔය මගුල හිතන එක නවත්තනවා. මොකද මුළු කතාව ම සිතුවිල්ලක් විතරයි නෙ, හීනයක් වගේ එකක් වෙන්ටැති..

    ReplyDelete
  62. හරි! මෝර එක්ක සාම සාකච්චා ගහනවා

    ReplyDelete
  63. නැත්තම් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා........... මෝරගේ අතෙන්ට පයින් ගහනවා..............

    ReplyDelete
    Replies
    1. එතකොට මෝරා වරලෙන් උඹේ අතෙන්ට පයින් ගහයි... :)))

      Delete
    2. හෑ වරලෙන් කොහොමද පයින් ගහන්නේ?

      Delete
  64. මචන් හබල් නැති බෝට්ටුවේ පුංචි එන්ජිමක් තියනවලු. මම එක ස්ටාර්ට් කරගෙන එනවා මෝරාට කින්ඩි හිනාවක් දාල. හබල තියෙන්නේ එක්ට්‍රා විදිහටලු ඉතින් හබල වැටුනට අවුලක් නෑ.


    එහෙම නැත්තම් ටී එක ගලවල රුවලක් හදාගෙන අර Man Vs Wild එකේ වගේ බේරෙනවා.

    ReplyDelete
  65. මම හිතන්නේ මෝරට දන්න හැම කුණුහරපෙකින්ම බනිනවා..................

    ReplyDelete
  66. හූ හූ....කියන්නෙම නෑ...පුළුවන්නම් හොයාගන්න....

    මම හිතන්නෙත් අර උඩ කොමෙන්ටුවක තිබ්බ වගේ ඔයා කියලා තියෙන්නෙ එහෙම හිතන්න කියලනේ...
    ඉතින් එහෙම නොහිත ඉන්නවා...

    ReplyDelete
  67. ම්ම්ම්ම්ම්ම්ම්ම් මම අදුරන මෝරු සෙට් එකකුත් ඉන්නවා ,., උන්ට කියල ශේපක් දාගන්නවා ,., නැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි 119 ගන්නවා,., ඔය එක මගුලක් වත් හරි ගියේ නැතොත් FB state එකේ කමේන්ට් එකක දානවා "යකුනේ,.,මාව කන්න මෝරෙක් ඇවිල්ලා මුණ් මාව කාල ඉවර කොරන්න කලින් උඹලවත් ඇවිල්ල කාල පල කියලා"

    ReplyDelete
  68. මම මෙහෙම නොහිතා ඉන්නවා මොන මඟුලක්ද මේ

    ReplyDelete
  69. මම මෙහෙම කරනවා "අඩෝඃ යකෝ! මගෙන් දෙකක් අහගන්නේ නැතුව පලයං යන්න!" කියනවා

    ReplyDelete
  70. හීන බලන එක නවත්වලා ඉක්මනට ඇස් දෙක අරිනවා....

    ReplyDelete
  71. Machan rajooo.. mata blog kathandara teren ne..eth eww kiyawanawa man.sorry honde.mamat dinala ehenam..man me hunga dawasakin awe me paththe.elakiri...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)