Friday, June 22, 2012

තෑගි ප්‍රශ්නය 04 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ


ගිය සතියේ ප්‍රශ්නය....


පිළිතුර : 



දැන් බස්නාහිරෙන් නේ ගින්න පටන් ගන්නේ, බස්නාහිර ඉදන් නැගෙනහිරට හුලන් හමන නිසා ගින්න පැතිරෙන්නේත් ඒ පැත්තටනේ.. සිරිපාලයා දර කොට්ටක් අරන් ගින්න පටන් ගන්න බස්නාහිර පැත්තට පටස් ගාලා ඇවිත් ඒක පත්තු කරගෙන දුපතේ මැදට යනවා.. ඊට පස්සේ මැද්දට ගිනි තියනවා.. එතකොට දුපතේ බස්නාහිර කෙලවරේ ඉදන් ගින්න නැගෙනහිර පැත්තට පැතිරිලා එනෝ වගේම මැද ඉදනුත් නැගෙනහිර පැත්තට පැතිරිලා යනෝ.. ඉතින් මැද ඉදන් නැගෙනහිර පැත්තට යන ටික පිච්චිලා ඉවර උනාම සිරිපාලට පුළුවන් ඒ කොටසට වෙලා ඉන්න.. මොකද ඒ කොට පිච්චිලා තියෙන නිසා ආය ගිනි ගන්නේ නෑනේ..

හැබැයි කොහොමහරි සිරාට බේරෙන්න වෙන්නෙ නෑ...මොකද දූපතේ කෑම නෑනේ.


මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙනා..
  • පළවෙනියටම උත්තර දුන්නා අර හැමදාම බුකියේ චාටර් වෙන යසන්තයා. කොහොම දුන්නද මන්දා උත්තරේ. ඒත් මැරෙනවා කියලා නෑ. කමක් නෑ ඉතින්.
  • දෙවනියා තමා දම්මි අක්කා..
  • තුන්වෙනියා තමා...සිරා මැරෙනවා කිව්ව අලුගෝසුවා
ඔන්න ඒ අනුව ඒ තුන් දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.




අද ප්‍රශ්නය:

ඕං අද දෙනවා ලේසි එකක්....

දවසක් දගයයි එයාගේ යාළුවොයි ගෙදර සාලේ සෙල්ලම් කර කර ඉන්නවා.... පින්තු එක පාරටම මොකද්ද එකකට අයිනවා. එතකොටම දගයගේ තාත්තා එතෙන්ට එනවා. ඒක දැකපු තාත්තට හිනා යනවා.
පින්තු ඇන්නේ මොකේටද? තාත්තට හිනා ගියෙ ඇයි?

_________________________________________________________________

තෑගි ප්‍රශ්නෙට උදව් කරන්න කැමති අය මේ විජට් එක එල්ලගෙන උදව්වක් දෙනවා නේද?
HTML/JAVASCRIPT එකක මේ කෝඩ් එක පේස්ට් කරන්න.


<object  data="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" type="application/x-shockwave-flash" width="250" height="250">
  <param name="movie" value="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" />
  <param name="quality" value="high" />
</object>


එතකොට උඩ කෙලවරේ වගේ දගලන ඇඩ් එක පෙනේවි..


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

104 comments:

  1. කව්ද බං පින්තූ :/ ???

    ReplyDelete
    Replies
    1. ඒක නෙමේ බං ප්‍රශ්නේ.. :) :)

      Delete
    2. පුබුදුවගෙ කමෙන්ට් එක සිරා බං..

      ඌ බීලද? අනික සිකුරාදා නේ :ඩි

      Delete
    3. මූට බොන්න තරම් වයස නෑනේ බං.. :)

      Delete
  2. හුරේ.. මම හරි උත්තරේ දුන්නා කියලා දානං හිටියා, එකටම උත්තර දීලා ඇති කියලා හිතුවේ නෑ..

    ඇඩෝ රජා.. "හැමදාම බුකියේ චාටර් වෙන" උඹතුමා වෙන යසන්තයෙක් ගැන වෙන්න ඇති කතා කරනවා ඇත්තේ.. :P

    මෙදා සැරේ එක ගැන නම් මුකුත් හිතාගන්න බෑ.. O.o
    ම්ම්ම් අනින්නේ තාත්තගේ බොසාගේ පින්තුරෙටවත්ද?

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ... අර චූ කොල්ලා දමාගෙන කන්නේ :)

      ට්‍රයි ට්‍රයි...

      Delete
  3. උඹ ඔය කාටූන් එකේ දඟය ගැනද කියන්නේ?

    ReplyDelete
  4. අනේ මන්දා මේ රජාගේ මෝඩ ප්‍රශ්න නම්....:)
    අපිට මොකටද අප්පා ඉතින් ඕවා
    හොදටම සුවර්ද තාත්තාට එකට හිනා ගීයේ කියලා..?
    සැහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්....

    ReplyDelete
    Replies
    1. යා යා......හිනා ගියේ.. :)

      Delete
  5. ඇත්තටම ඌ මොකේට අනින්න ඇත්ද බන්??? නරක තැනකටවත් ඇනලාද දන් නෑ????? එහෙම උනොත් නම් දගයාගේ තාත්තට අඩන්න තමයි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හොද එකකට ඇනලා තියෙන්නේ :)

      Delete
  6. පින්තුවා ඇන්නේ TV එකේ on කරන ස්විච් එකට!තාත්තට හිනා ගියේ එකේ හිනා යන කාටූන් එකක් ගිය නිසා!!හි හි...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... හොද උත්සාහයක්.. ඒත් වැරදියි.. :)

      Delete
    2. එහෙනම් ඉතින් ඇනලා තියෙන්නේ දගයහේ රහසිගත තැනකටද කොහෙද! :පි

      Delete
    3. ම්.... නෑ බං :-)

      Delete
  7. දගයා ඇන්නේ මොකක්ද එකකට නිසා තාත්තා හිනා වුනි....

    යකෝව් මෙව්වා කොහෙන්ද බොල හොයාගන්නේ???

    ReplyDelete
    Replies
    1. තැනකින් තැනකින් :) :)

      Delete
  8. ආ .... ආයිත් පටන් අරන්.

    නැඟිටින්න වොට්සන් නැගිටින්න, සෙල්ලම පටන් අරගෙන. :)

    ReplyDelete
    Replies
    1. ඇහැරවලා ගන්ඩෝ.... :) :)

      Delete
    2. මම නෙවි බං ඒක කියන්නෙ, ෂර්ලොක් හෝම්ස්.

      Delete
  9. බෝනික්කෙකුටද?? :O

    ReplyDelete
  10. මට හැමවේලේම ඔය වගේ ප්‍රශනවලට උත්තර වල් විදියටම හිතෙන්නේ ඇයි.. :/

    ReplyDelete
    Replies
    1. වල් හිතනේ.....ඒකයි :)

      Delete
  11. පින්තූ ඇන්නේ දගයාගේ ඇ- දෙකට

    ReplyDelete
    Replies
    1. එතකොට හිනා යනවයෑ බං.. :)

      Delete
  12. සුපුරුදු පිළිතුර :D

    ReplyDelete
    Replies
    1. හරි හරි... දන්නවා.... :)

      Delete
  13. කවුද පින්තු ?

    ReplyDelete
    Replies
    1. මං කියලා හිතා ගම්මුකෝ... :)

      Delete
  14. බඩට...අර පොඩි උන්ගෙත් බඩට ඇන්නාම උන් හිනාවෙන්නේ..තාත්තාගෙත් බඩට අනින්න ඇති...

    ReplyDelete
  15. පින්තු ඇන්නේ:- "අරකට"
    තාත්තට හිනා ගියෙ:- හිනා එන්නෙ නැතුව "හිනාව ගියේ" මල පැනල...

    ReplyDelete
  16. බෑ බෑ.. උත්තරේ දෙන්න තරම් මේ ප්‍රශ්ණේ තොරතුරු අඩුයි.. ( දන්නේ නැති බව වසාගන්නට හොද ක්‍රමයකි..)

    ReplyDelete
  17. අනේ රජෝ දැන් වෙන සෙල්ලමක් පටන් ගන්නකෝ.....අන්තඃපුරේ ගැනවත් ලියන්නකෝ..කම්මැළී මේ සෙල්ලම....

    ReplyDelete
    Replies
    1. හෑ.......? ඒමද?

      බලමුකෝ..... :)

      Delete
  18. මට හිතෙන එක කියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ අප්පා

    ReplyDelete
    Replies
    1. අනේ කියලා දාන්න අෆ්ෆා..... :)

      Delete
  19. හය්යෝ... මේ මගුල හරියන්නේ නැතෝ.. ඌ ඇන්න එක දන්නා එකෙක් ඇන්න එන්න මම යනෝ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඇන්න එමුකෝ බලන්න...

      Delete
  20. මේක නම් හරිම අපභ්‍ර0ස ප්‍රශ්නයක්... නිකමට අහන්නේ පින්තු කියන්නෙත් ඔය දඟයත් එක්ක සෙල්ලන්කරපු ගොඩේ හිටපු ළමයෙක්ද නැතිනම් වෙන කෙනෙක්ද? පින්තුවා ඇන්නේ ගෙදර බෙල් එකේ ස්විච් එකටද? (ඒකනෙ ඇන්න සැනින් තාත්තා ආවෙ)

    ReplyDelete
    Replies
    1. එතනම හිටිය එකෙක්...

      තාත්තා කනාවට වගේ අවේ..

      Delete
  21. හෆ්ෆා.. මේ රජා එක්ක බෑ හෆ්ෆා.. ලේසි ප්‍රශ්නයක් අහන්නකෝ...:/

    ReplyDelete
    Replies
    1. මේවා අමාරුද?????

      Delete
    2. උඹ උත්තරේ දන්නා හින්දා ලේසියි. නැත්තං

      Delete
    3. ඕ.......... එහෙනං ලේසි එකක් දෙන්නං..

      Delete
  22. තාත්තගෙ කිචි තැනකට........

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දගයාගේ අම්මගේ කිචි නැති තැනට......

      Delete
  23. පින්තූ ඇන්නේ මොකක්ද එකකට. තාත්තට හිනා ගියේ හිනා ගිය හන්ද තිත් දෙකයි පී

    මම දිනුම් ඈ :D

    ReplyDelete
    Replies
    1. දිනුම් නෑ....

      හූ ඈ...... :)

      Delete
  24. හහා...මටත් තෑග්ගක්!...සුභ ආරංචියක්!.... ස්තූතියි රජතුමනී....

    ReplyDelete
  25. මම කියන්නේ ෆෑන් එක දමන්න ඇත්තේ....මහන්සි වෙලා ආව තාත්තට හිනා ගියේ ඒකයි...

    ReplyDelete
    Replies
    1. එදා ඔයාගේ මන්තරේ වැඩ කරලා අක්කෝ..... :)

      Delete
    2. ඒකනේ..ඒකනේ..හිහි.....
      මම කියන්නද....
      පින්තු ඇන්නෙ බැලුමකට.....බැලුම පිපිරුවා.....දගයාගේ තාත්තට හිනා....හරිය?

      Delete
    3. හරිය නේන්නං... :)

      Delete
  26. අනේ බන් මේකට උත්තර දෙන්න විසතර මදි බන්...අනින්න දේවල් නම් කොච්චර තියෙනවද? ටොච් එළියට හරි ඉර එළියකට හරි වත්ද? නැත්නම් වතුර කඩහැලෙන පුංචි දිය ඇල්ලක් වගේ එකකටද?

    ReplyDelete
    Replies
    1. මේ විස්තර හොදටම ඇති... :)

      Delete
  27. හ්ම්ම්... දඟයගෙ තාත්තගෙ බඩටද ?
    ඒක නෙමෙයි රජෝ දඟයල මොකක්ද කර සෙල්ලම ?

    ReplyDelete
    Replies
    1. නෑ.....

      ඒක කිව්වොත් මාට්ටු... පොඩී සෙල්ලමක්.. :)

      Delete
  28. චැහ්! පහුගිය පුරස්නෙ මිස්වෙලානෙ. ඒක හොඳයි අද එකට වඩා. මට නං හිතෙන්නෙම නරක තැනකට ඇන්න කියල. :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.......හොදම එකකට ඇන්නේ..

      ඇගට නෙමේ.. :)

      Delete
  29. හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියො හිතන්නකො.....

      Delete
  30. හිතුවා මදි තෑගි දෙනවා කීලා අපිව අල්ලන්න..

    ReplyDelete
  31. හනේයි බං රජෝ උඹත් අපිට පොඩ්ඩක් නිකං රිලැක්ස් එකේ ඉන්න දෙන්නෙ නැති හැටියක්!! ඔක්කොටම ඉස්සෙල්ල මේ ප්‍රශ්නෙ හරිද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සිකුරාදට විතරනේ සර්....

      හරියටම හරි..

      Delete
  32. හයියෝ මේවා හිතන්න ගියාමත් පික්සු පීකුදු වෙනවා බන් ඊට වඩා හොදයි කාගෙන් හරි ගුටියක්‌ කනවා. :)

    ReplyDelete
  33. කිහිල්ලට ඇන්නේ.. එතකොට හිනා යනවනේ..

    හු.. හු... මම අලි

    ReplyDelete
    Replies
    1. වැරදියි.............

      හූ ඈ..... :)

      Delete
  34. මටනම් ෆුල් හොල්මං මේලෝ දෙයක් තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  35. දෙවන ප්‍රශ්නෙට උත්තරේ තාත්තට හිනා ගියේ පිංතු ඇන්න හින්දයි....පලවෙනි එකට නෝ අයිඩියා.....

    ReplyDelete
  36. මේ ප්‍රශ්නය බොරුවක් ය... දඟයා එක්ක පින්තු කියලා එකෙක් හිටියේ නෑ. හිටියේ පොඩ්ඩා, මාගරට් කියන දෙන්නා විතරයි !!!
    ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇයි රතු ඇස්කොටුත් හිටියා නෙහ්. ඒ මදිවම මිලෝ මාර්ටුත් හිටියා !!!

    ReplyDelete
    Replies
    1. හිකිස්......

      මම ආසම රතු ඇස්කොට්.. :)

      Delete
  37. ඉස්කෝලෙ යනකල් ගුරුවරුන්ගෙ අපභ්‍රංස ප්‍රශ්නවලට උත්තර දීල ඇතිවෙලා රස්සාවක් හොයාගත්තා රෝල් එක මාරු කරලා. දැං උඹ ආයෙත් අපිව ඉස්කෝලෙ යවනවා උඹේ අඤ්ඤකොරොස් ප්‍රශ්ණ වලින් අපේ මොලගෙඩි තෙම්පරාදු කරන්න. :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හි හි හී........
      නිකන් තියෙන මොලේනේ.. :)

      Delete
  38. අරූ ලයිට් එක දාන්න ඇති..දගයා හිටිය විදිහට තාත්තට හිනා ගියා....
    අඩේ.....හුරේ.....මම දිනුම්..........................................................................!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දැන් ඔය දගයයි එයාගේ යාළුවොයි කර කර හිටියේ මීයන් අල්ලන් සෙල්ලමද? :P

      Delete
  39. Rajooo, oya kiyana widiyata sellama nam bola gahillak wendati.ge athule nisa godak wita balum bolayak wenda puluwan.Anne balumata, Thatthata hinagiye ekata annama, kattiya baya wena eka/gassena ekata. wenda puluwan.sry honde man gana wadi wistahara nathi unata...

    ReplyDelete
  40. Man damma balumakata anne, hina giye lamai baya una nisa eka pipirena saddeta kiyala...e post eka awe nedda man da rajooo..man nama cooper kara honde...blog gana melo deyak dan ne nam natha mama..

    ReplyDelete
  41. එහෙනම් මොකක්ද?? හරි හරි.උත්තරේ අර අරක නේද? රජතුමාගේ හිතේ තියෙන්නෙත් ඒකමයි නේද..?? :D

    ReplyDelete
  42. පින්තුගෙ අර අර ර අතෙන්ට ,.,., :D දන්නවනේ අතන අන්න එතනට ,.,.,.,

    ReplyDelete
    Replies
    1. එතකොට හිනා යනවද? :-)

      Delete
  43. ඇන්නේ අර මෙව්වා එකට.

    ReplyDelete
    Replies
    1. මෙව්වා එක කිව්වේ? :-)

      Delete
  44. ආ මෙහෙමයි.
    එදා දඟයල ටික කොම්පීතරේ ගේමක් තමයි ගහල තියෙන්නෙ.
    පින්තුවා අතින් වැරදීමකින් ක්ලික් වෙලා වෙබ් බ්‍රවුසරේ ඔන් වෙලා ඒකේ රජාගෙ තහනම් අඩිවිය පේජ් එක ලෝඩ් වෙලා. ඒකෙ තියෙන විකාර දැකල තමයි දඟයගෙ තාත්තට හිනා ගියේ.

    එහෙම නේද රජෝ !....

    ReplyDelete
    Replies
    1. නියමම උත්සාහයක් මචෝ... නියමයි...

      Delete
  45. Me rajooo... ko ban man deepu uththare... eka ne ne,deparak damma.E?june25 ne damme man..mokakda ban comment eka dammada neddawat dan ne ne.e.

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරි මචන්.. ඒක හංගලා තියෙන්නේ :-)

      Delete
  46. උත්තර කීපයක් තියෙනවා. උන් සෙල්ලම් කලේ computer එකේ. ඇන්නේ මොකක් හරි කී එකකට. එතකොට ප්රිවීව් එකක් එනවා. දන්ගයගේ තාත්තට හිනා යන්නේ ඒක දැකලා. සමහර විට ෆොටෝ එකක් එඩිට් කළා වෙන්න පුළුවන්.

    එහෙම නැත්නම්, උන් සෙල්ලම් කරන්නේ කළුවරේ ඉඳගෙන. අනින්නේ ලයිට් එකේ ස්විච් එකට. දඟයාගේ තාත්තට හිනා යන්නේ උන් හිටපු විදිය දැකලා..

    එහෙමත් නැත්නම් උන් තාත්තගේ මොකක් හරි එකවුන්ට් එකකට ලොග් වෙන්න බලනවා. ඒත් හරි යන්නේ නැහැ. තාත්තා එද්දී උන් දමාගෙන ට්‍රයි කරනවා. අනින්නේ කී බෝඩ් එකට. හිනා යන්නේ මෙච්චර කල් මැෂින් තියාගෙන ඉගෙන ගනිපු දෙයක් නෑ කියලා හිතිලා.

    ReplyDelete
  47. machan rajoo, elakiri thnx for repy.me sinhala font walin liyana widiya mata teren ne.man me seen ekata alut, ekai.otunu 2kak ei neda...mata dan elakiri.mage thuthu kellatat isthuthiwenda thama answer eka hoyagaththe honde... raaja sampat labewaaa...

    ReplyDelete
    Replies
    1. ඒකට අවුලක් නෑ අයියා...

      එල :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)