Wednesday, June 20, 2012

කවුද යකෝ දස්කොන් - උගේ බෙල්ල අතේලු...!!!

ආයෙත් පොඩි කික් එහෙකට වගේ හොල්මන් කතාවක්...!!!

දස්කොන් යනු මහරජ්ජුරුවන්ගේ අදිකරම් කෙනෙක්ලුය . මිනිහා රජ්ජුරුවන්ගේ අග බිසවට පොඩි ලයින් පාරක් දැම්මාලුය. වැඩේ නැගලා යනවාලුය. ඒ කියන්නේ බිසවත් එක්ක ලව් එක සිරාලුය. දවසක් රජතුමා චිත්‍ර ශිල්පියෙක් ගෙනල්ලා අදින්න කිව්වේ අගබිසවගේ චිත්‍රයක්ලුය. නිකන්ම එකක් නෙවෙය. බිසව ඇඳුම් නැතිව ඉන්න රූපයක්ය.ඉතින් පොර අගබිසව නිරුවතින් ඉන්නවා දැකල නෑනේ. මිනිහා බිසවගේ චිත්රේ දන්නා විදියට අඳිනවාලුය. වැඩේ ඉවරවීගන ආවාය. දැන් බිසවගේ ලස්සන රූපයක් ඇදල තියනවාය (නිරුවත් ). ඉවරවෙනකොටම දස්කොන් අදිකාරම් ඔතනින් ගියාලු. අදිකාරම් මේ රූපේ දැකල ඒ දිහා බලන් ඉඳල " මේ රූපේ අඩුවක් තියනවා " කියල පින්සල අරගෙන බිසවගේ කකුලේ දකුණු කලවයේ උඩ උපන් ලපයක් ලකුනුකලාලු. චිත්‍ර ශිල්පියාත් පුදුමෙන්වගේ බලන් ඉඳල වැඩේ ඉවර කරලා එක රජුට පෙන්නුවාලු. 




රජාගේ ඉහමොළ රත් උනාලු. තමන් විතරක් දන්නා මේ උපන්ලපය ගැන චිත්‍ර ශිල්පියා දන්නේ කොහොමද කියලා. උදහස්වෙලා ශිල්පියාට දඬුවම් දෙන්න යනකොටම පොර කිව්වේ "අනේ දේවයන් වහන්ස ඔය ලපේ තිබ්බේ දස්කොන් අදිකාරම් "කියලාලුය.

වැඩේ ගැස්සුනාලුය... උනදේ හිතාගත්ත හැකිනේද? දස්කොන්ගේ හිස හස දැම්මලු. ඕකය අතීත කතාව. ඔයගැන කියන සිංදුවකුත් තියනවාය. 

මේ සින්දුවෙත් ඒ කතාව තියනවා. (දස්කොන් ප්‍රමිලා - රූකාන්ත චන්ද්‍රලේඛා) 


මොනවා උනත් දස්කොන් බිසවට ඇත්තටම ආදරය කලාලු. ඒක රජෙක් අන්ත:පුර අගබිසවට කරන ආදරයට වැඩ උතුම් ආදරයක්ලුය. 

මේ තියෙන්නෙත් තව දස්කොන් ගැන කියවෙන තවත් එක් ගීතයක්ය.  දිවුල්ගනේ ශූරීන්




දස්කොන් අදිකාරම් තාමත් බෙල්ල නැතුව තමන්ගේ අදරවන්තියව හොය හොයා නුවර පැත්තේ අවිදිනවාලුය. දැක්කොත් අනිවා ගුරුකම් කරන්න නූල් බඳින්න වෙනවාලුය .එක එක විදියට කට්ටිය මේ අවතාරේ දැකල තියනවාලුය. සමහර විටක මෙය එන්නේ බෙල්ල අතේ තියගෙනලුය. නිලමේ ඇඳුම ඇඳන් ඉන්න මේ අවතාරය හොඳ උස මහත පෙනුම තියන එකක්ලුය.

විශේෂ ස්තූතිය සහ කරුණු සැපයීම:- සමීර කහදගමගේ අයියා (සත්‍ය හොල්මන් කතා බුකි ගෘප් එක)


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

138 comments:

  1. මොන පිස්සු කතාවක්ද යකෝ මේක...
    දේවියට ලෙඩක් හැදුනා..ඒක හොඳකරන්න ශාන්තිකර්මයේදි දේවියගෙ රූපෙ වාගෙම රුපයක් අඹන්න ( බලියක් අඹන්න) ඕනි..
    ඒක දේවියගේ රූපෙ වගේම උනොත් තමා ශාන්තිකර්මය හරිගිහින් දේවියට සුවය ලැබෙන්නෙ...
    ඒ නිසාම තමා .. දේවියගේ නියම රූපය නැතුව බලිය හැදුවොත් ශාන්තිකර්මය වරදින නිසා දස්කොන් විසින් උපන් ලපය පෙන්වන්නෙ...
    .

    ReplyDelete
    Replies
    1. මම දන්න එකක් නෑ බං.......මමත් දන්නෙ නෑ...
      අනික මේක මම හදපු එකකුත් නෙමේ...
      ගෘප් එකේ ගියා.... ඒ අයියගේ අවසරේ මත පෝස්ටුවක් කලා...

      Delete
    2. අමිලයා කියපු කථාව කමා මාත් අහලා තියෙන්නේ
      දස්කොනා හෙන කවියෙක්ලු
      හිරගෙයි ඉන්න ගමන් පස්ට කවියක් ලිවිවලු
      කවිය නමි මතක නැ තේරුම නමි පොඩ්ඩක් මතකයි
      රාවනා හිස් දහයම නැති කර ගත්තේ සීතාගේ අතින්වත් නොඅල්ලා නමි
      ලපයත් බලාපු උට එක හිසත් නැති උනාට මොකද කියලා එකක්ලු

      වැඩේ කියන්නේ ඔය දන්කොන් කියන බුවා සුද්දෙක්ලු

      Delete
    3. මේකෙ වර්ෂන් දෙකක් තියෙනවා අමිල කියන එක තමා වඩාත් ජනප්‍රිය.

      Delete
    4. සුමිත් කියන කතාව හරි. මේකේ වර්ෂන් දෙකක් තියනවා ඒත් වඩා ප්‍රායෝගික පැත්තට බර අමිල කියන එක. මම අහල තියෙන්නෙත් ඒ කතාවමයි මුලින්ම ජනකතාවක් විදියට.

      Delete
    5. @ජිංජිබිරිස්

      විසැස් කමලාවි රස පහස නොවිඳ මා
      දසිස් දුනි පොරණ ඇසු දුටු පමණට මා
      වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
      මසිස් එකක් ගියෙ නම් නුඹේ නමට කිමා

      Delete
  2. මටත් දන්න තරමින් අමිලගේ කතාව හරි. රජාට පොඩ්ඩක් වැරදිලා වගේ. ඒ වුනත් රජාගේ කතා කීමේ හැකියාව නම් උපරිමයි. අහලා තියෙන මේවගේ කතාවක් වුනත් නැවත කියවන්න හිතෙන විදියට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒකද එතකොට හරි කතාව? මම නං දන්නෙ නැතෝ..... අහපු එකක් මමත් මේ දැම්මේ.

      Delete
    2. ඒත් මේ වගේ සංවේදී කතා-ඓතිහාසික කතා ලියනකොට ආත්ල් ශෛලියෙන් ලියන එක සුදුසු නෑ.

      //කවුද යකෝ දස්කොන් - උගේ බෙල්ල අතේලු...!!!//

      මේ වගේ හෙඩින් හොදයි "සොත්ති උපාලි" "ජුලම්පිටියෙ අමරෙ" වගේ එකෙක් ගැනනම් කියන්නෙ.

      Delete
    3. මේ කතාවටත් එකඟයි සුමිත්,

      Delete
  3. අමිලගෙ කථාව තමයි මමත් අහල තියෙන්නේ...

    මම අහපු විදියට දස්කොන්ගෙ පියා ප්‍රංශ ජාතිකයෙක්.. දෙවනි රජසිංහ රජතුමාගෙ කාලෙ වෙරලට ආපු ප්‍රංෂ නැවක වැඩකරපු ගැස්කොන් කියන පුද්ගලය තමයි දස්කොන්ගේ පියා..

    කුඩාකල ඉදන්ම දස්කොන් හා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ පුතා ) මිතුරන් වෙලා තියෙනවා.. සිර කරුවෙක් වෙච්ච ගැස්කොන් ළමයි හැදුවෙ කොහොමද, හිර කරුවෙක්ගෙ පුතෙක් රාජ කුමාරයෙක් එක්ක මිත්‍ර උනේ කොහොමද කියලනම් මට හොයා ගන්න බැරි උනා..

    කොහොමින් කොහොම හරි මේ රජයි දස්කොනුයි අතරේ කලවා කලවා සම්බන්දයක් තිබ්බ කියල කථාවකුත් තියෙනවා..
    ඒ නිසාම තමයිලු මහ අධිකාරම් තනතුර ලැබුනෙත්.. නැත්තම් පරදේසක්කරයෙකුට ඔයවගේ තනතුරක් දේවියෑ..

    ඉතින් නිතර දෙවේලේ මාලිගාවට ගිය දස්කොන් උන්නැහේ ප්‍රමිලා දේවිය එක්ක හාදකමක් පටන්ගෙන තියෙනවා. හුගක් අදහස් හුවමාරුවෙලා තියෙන්නෙ ලිපි හරහා.. ඒවත් හුගක්ම කවියෙන් ලියපු ලිපිලු...

    ඊටපස්සෙ තමා අමිල කියපු දේවල් සිද්දවෙලා තියෙන්නේ රජා කියපු විදියෙනම් පොඩි අව්ලක් තියෙනවා

    ( මේ විස්තර තරු අරුන්දතී ලියල තිබ්බ.. මම බ්ලොග් එකේ බැලුව ලින්ක් එකක් දාන්න හොයාගන්න බැරි උනා .. සොරි )
    *********************************************************

    කොහොම උනත් දස්කොන් අවතාරේ ගැනනම් මමත් අහල තියෙනවා... ඒ විතරක් නෙවෙයි ටිකිරි කුමාරිහාමිගෙ අවතාරෙ ඇත්තටම දැක්කයි කියන කෙනෙක් කථාව විස්තර කරනවත් අහල තියනවා

    ReplyDelete
    Replies
    1. සිරාවට? මගුලයි........!!!!

      Delete
    2. // සිර කරුවෙක් වෙච්ච ගැස්කොන් ළමයි හැදුවෙ කොහොමද, හිර කරුවෙක්ගෙ පුතෙක් රාජ කුමාරයෙක් එක්ක මිත්‍ර උනේ කොහොමද කියලනම් මට හොයා ගන්න බැරි උනා. //

      මචං, රොබට් නෝක්ස්ගෙ පොත කියවල තියනව ද? ඒකෙ හැටියට ඔය සුද්දො එළිමහන් සිරකරුවො. ඔවුන් ගම්බිම්වල පදිංචිකරවල තියෙන්නෙ රජ්ජුරුවොම තමයි. ඔවුන්ට අදාල ප්‍රදේශයෙන් බැහැරව යෑම තහනම්. රාජ පුරුෂයො මුරකරුපු රාජධානියෙ සීමා හරහා යන්න ඔවුන්ට අවසර නෑ. එයාලට ඉතිරි මුළු ජීවිත කාලෙම ලංකාවෙ ගතකරන්න වෙන නිසා ඔවුන් සමහරෙක් විවාහවෙල දරුවන් නඩත්තුකරගෙන හිටියළු. නෝක්ස්ට මුල ඉඳලම නැවත සිය රට යෑමේ අදහසක් තිබුණ නිසා එයා නම් විවාහ වෙල නෑ මට මතක විදියට. සමහරවිට අර ගැස්කොන් කියන පුද්ගලය ඇතුළු නුවරම හෝ ආසන්න නින්දගමක පදිංචිකර වූ නිසා රජ කුමරු සමඟ සම්බන්ධයක් ඇතිවෙන්න ඇති. ඔය නරේන්ද්‍රසිංහ රජු දස්කොන් අධිකාරම සමඟ සමලිංගික සම්බන්ධයක් තිබුණ කියන කතාව මමත් අහල තියනව. ඒත් මම හිතන්නෙ ඒ වගේ කාරණා සම්බන්ධයෙන් නම් ඉතිහාසය නිහඬයි. මට වඩා ඉතිහාසය හොඳට දන්න අය සිංහල බ්ලොග් අවකාශෙ ඉන්නව. ඒ කවුරුහරි උත්තරයක් දෙයි. අනෙක් වැදගත් දේ ඔය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවො තමයි උඩරට රාජධානියෙ හිටපු අන්තිම සිංහල රජු. ඊට පස්සෙ හිටි ඔක්කොම වඩුගයො.

      Delete
    3. මචෝ..රජෝ,.. මේ වගේ ඉතිහාසයට සම්භන්ද කතාවක් ලියනකොට ටිකක් ප්‍රවේසම් වුනොත් හොඳා..!

      Delete
    4. @ Mee Godayaa

      "කුඩාකල ඉදන්ම දස්කොන් හා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ පුතා )"

      දෙවෙනි රාජසිංහ රජතුමාගේ පුතා දෙවෙනි විමලධර්මසූරිය. එයාගේ පුතා තමා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

      "කොහොමින් කොහොම හරි මේ රජයි දස්කොනුයි අතරේ කලවා කලවා සම්බන්දයක් තිබ්බ කියල කථාවකුත් තියෙනවා.. ඒ නිසාම තමයිලු මහ අධිකාරම් තනතුර ලැබුනෙත්.. නැත්තම් පරදේසක්කරයෙකුට ඔයවගේ තනතුරක් දේවියෑ.."

      1709 දී පමණ නරේන්ද්‍රසිංහ රජතුමාට විරුද්ධව උඩරට රදළයන් සිදුකරන කැරැල්ල මර්දනය කරන්න රජතුමාට විශාල සේවයක් දස්කොන් කරන නිසයි විදේශිකයෙක් වුණත් ඔහුට මේ තනතුරු හිමිවෙන්නේ

      Delete
    5. //කොහොමින් කොහොම හරි මේ රජයි දස්කොනුයි අතරේ කලවා කලවා සම්බන්දයක් තිබ්බ කියල කථාවකුත් තියෙනවා..// කොහෙමද බන් එතකොට දස්කොන් බිසවගේ ලපේ දන්නේ?? දස්කොන් Bisexual වත්ද????

      Delete
  4. මමත් අහල තියෙන්නෙ අමිල කියපු විදියට...රජා නිසා කියන්නත් බෑ රාජ උදහසට එහෙම ලක්වුණොත් කියලා...වෙලාවට කථාව කියල තියෙන්නේ...හැබැයි මහන්සි වෙලා කථාව ලියලනේ...විස්තර එහෙමත් හොයාගෙන ලස්සන සින්දු 2කුත් දාල ඉතින් ඒ මදැයි?...ඉදිරියටත් රාජ සම්පත් විදින්න ලැබේවා....

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... වැරැද්ද නං ඉතින් වැරැද්දමනේ...

      Delete
    2. රජාගෙ පෝස්ට් එක නිසා නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා...ස්තූතියි රජෝ...

      Delete
  5. අමිල කිවුව කතාව හරි... රජා කියපු කතාවෙ අඩුපාඩු තිබුණට ඉතින් ඇත්ත වගේ කියලා තියෙනවා..... :D

    මමත් මේ ගැන ලිපියක් පළකළා කවි කීපෙකුත් එක්කම . මෙන්න ලින්ක් එක ගිහින් බලන්න පුළුවන් නම්.

    http://tharuarundathi.blogspot.com/2011/12/blog-post_09.html

    http://tharuarundathi.blogspot.com/2011/12/blog-post_07.html

    http://tharuarundathi.blogspot.com/2011/12/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. ආ මේ තියෙන්නෙ මම මේ ටික හෙව්ව දාන්න හොයාගන්න බැරි උනා

      Delete
    2. තෑන්ක්ස් අරුන්දතී අක්කෝ...

      Delete
  6. කවුරු කෝම කිව්වත් මාත් ඔය කතාව අහල තියෙන්නෙ රජා ලියල තියන විදියටමයි...අපි දේවල් මතක තියන් ඉන්නෙ අපිට ඇහිල තියන විදියට...කවුරු හරි අපිට කියල දීල තියන විදියට..
    ලොකු අය පොඩි අයගෙ වැරැද්දක් අතපසු වීමක් දැක්කාම ඒක වැදගත්,උගත් මිනිස්සු වගේ නිවැරදි කරල කියල දෙනව මිසක්...'තග්' භාශා ශෛලිය පෙන්නන්න යන එක වැරදී..

    ReplyDelete
    Replies
    1. මේ කිව්ව වාක්‍ය කණ්ඩට ටිකට අක්කට තෑග්ගක් දෙන්න ඕනෑ......................!!!!!!!!!!!!!!

      Delete
    2. අනේ ඕක කොහෙම උනාම මොකද බන්....කොහොම හරි දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරනේ...දස්කොන් කොහෙම හරි කුමාරිගේ නිරුවත දැකලා තියෙනවනේ..

      Delete
  7. මේ කතාවෙ වර්සන් එක ගැන මට කියන්නට දෙයක් නැත.මම නම් කවදාවත් අනුන්ගේ ගෑනුන්ගේ ලප බලන්නට යන්නෙ නැත. ;)

    මට ඔය බූතයා මීට් වී තිබේ.හෙන අහිංසක හොල්මනකි!
    ගෑල්ලමයි බය වෙන්න එපා හරිය

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට එහෙමද? ඌ හොදා...............යි ද?

      Delete
    2. ඒකනං මංතුමා දන්නෙ නෑ රජෝ..
      ඌ නයිට් ඩියුටි යන්න ඕනෙයි කියල නාහෙන් අඬන්න ගත්තනෙ.මං යන්න දුන්න

      Delete
  8. දස්කොන් ප්‍රමිලා ආදර අන්දරය ගැනනම් අහලා තිබුනා ඒත් මේ හොල්මන් කතාව??? අනේ මංදා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...මටත් නිකන් මොකද්ද වගේ...

      Delete
  9. මට වැරදුන තැන කොමෙන්ටුව මකා නිවැරදි කලෙමි

    රජාට වැරදුන තැන් ඉහළින් නිවැරදි කර තියේ....
    මේ දාලා තියෙන සින්දු 2ටම වඩා හැගීම්බර සින්දුව කියන්නෙ පණ්ඩිත් අමරදේවයන් සමග විශාරද නීලා වික්‍ර‍මසිංහ ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්න
    දස්කොන් සකිසද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ.... එනමුත් ළදුනේ මතු අත්භවයේ ඔබ මා යලි හමු වන්නේ.....
    දස්කොන් ඇමතිගේ හිස ගසා දැමීමට යන ගමනේදි උඩු මහලේ සිට ප්‍ර‍මිලා දේවිය බලා සිටින හැගීම්බර ජවනිකාව ගීතයෙන් කියැවෙන්නෙ...
    ඉස්සර දවසක මහව දුම්රියේ කල්ලි ගැසී ගිය සද ප්‍ර‍මිලා නම් රෑමත් ළදක් සිටියහ. ඇයට සෙට් වූ කොලුවාද මේ කථාවේ අනුහසින් දස්කොන්ම වූහ.

    රාජ සම්පත් නොඅඩුව ලැබේවා...... අන්තංපුරය ලොකු වේවා!

    ReplyDelete
    Replies
    1. //රාජ සම්පත් නොඅඩුව ලැබේවා...... අන්තංපුරය ලොකු වේවා!//

      ජය වේවා!!!

      Delete
    2. සිරා, දස්කොන් සකිසද ඉක්මන් ගමනින් නෙයෙනා ගමනක යන්නේ
      .........සක්මන් මලුවේ බැදි පෙම් කොරනින් මල්දම් ගිලිහී යන්නේ....

      මේ සින්දුවේ ගැහැණියකගේ ඉකිබිදීමේ ස්වරය ඒ හැටියන්ම තියෙනවා අතිශයින්ම හැගීම්බරයි,

      සම්පූර්ණ සින්දුවම දාන්න බැරිද කමෙන්ටුවක් විදියට කොටලා, කාගෙත් හිතසුව පිණිස (මට ඔක්කොම මතක නෑ)

      Delete
  10. සිරා හරි. නියම සින්දුව තමයි අමරදේව මාස්ටර්ගෙ සින්දුව.
    රාජ සම්පත් ලැබේවා. අන්තංපුරය ලොකු වේවා! දස්කොන්ල නැතිවේවා!

    ReplyDelete
  11. mama nam ahuwe issaralama rajagenya.ilagata amilagen anik aththa kiya danagaththemi.aye kirilli kalin kathawa aththai keeya.dan awulak natha.kathawa virsion 2 kin atha.
    Kohoma wethath raja daskonlagen prawesan wena eka hondaya.

    ReplyDelete
    Replies
    1. ඔය කට්ටිය කෑගහනකං මම දන්නෙත් නෑනේ කතා 2ක් තියනවා කියලා... :-)

      Delete
  12. ඔය දස්කොන් කියන්නෙ ප්‍රංශ ජාතිකයෙක් රජ්ජුරුවන්ට හදාගන්න පෘතුගිසින් හරි ලංදේසින් හරි තැගිදිපු ......හි හ් හි.... ලංකාවේ ගැනුන් උඩින් ඔපේ යටින් ලපේ............

    ReplyDelete
    Replies
    1. හිකිස් සිරා කතාව...

      Delete
    2. නෑ කුෂි. දස්කොන් කියන්නේ පරංගි ආක්‍රමණයකදී අතරමං වූ දරුවෙක්. ගසක මුල හිටි නිසා ගස් කොන් කියා කීවත් පසුව එය උච්චාරණ පහසුව තකා දස් කොන් වී තියනවා.(ජනප්‍රවාදය) එසේම ප්‍රංශ ජාතික නාමයක් වූ ගැස්කොයින් යන්න ජන උච්චාරණයේදී දස්කොන් වූ බවටත් මතයක් තියනවා. (දිවයින බදාදා අතිරේකය 2010/04/21) මේ දරුවා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ගේ පිය රජතුමා (මට මේ වෙලාවේ නම් පැහැදිලිව මතක නැති නිසා සටහන් කරන්නේ නෑ.) විසින් රාජ අංගනයේ රාජ කුමාරවරු (අග බිසවගේ හා යකඩ දොලියන්ගේ පුතුන්) සමග හැදෙන්නට හරිනවා. එයින් තමයි රජුගේ හා දස්කොන් ගේ මිත්‍රත්වය ඇතිවන්නේ.

      කල්ගතවත්ම දස්කොන් හට රාජ මාලිගාවේ අධිකාරම් ධුරයක් මෙන්ම රාජ වාසල තුල කාරනා කටයුතු සොයා බැලීමේ නිලයක් (මා හට මතක පරිදි) ලැබෙනවා. උපන් ගෙයි කවියෙක් වන දස්කොන් අධිකාරම ගේ කවියක් අහඹුවකින් ප්‍රමිලා දේවියට අසන්නට ලැබෙන අතර කිවිඳියක වූ ප්‍රමිලා දේවිය හා දස්කොන් දෙදෙනා අතර යන්නේ කවි සංවාද බව පැවසෙනවා.

      මේ කවි දෙක බලන්න

      රන්මාලය පැලිදි ගත සුවි පුල්ලා
      ඉන් ආලය වඩයි මගෙ හිත නුබ පල්ලා
      පන්දහසකට දැද තිබුනත් උඩ එල්ලා
      රන්භාජනය නොවිදිත විදිනා ගුල්ලා...
      ---දස්කොන් කියන්නේ---

      යන්නෝ මෙමග රෑ දහවල තොරවෙද් ද
      දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙද් ද
      බොන්නෝ මෙදිය බොර කරලා බොද් ද
      දන්නෝ උපා මිනිදොර ඇර නාරිද් ද
      --- ප්‍රමිලා දේවිය කියන්නේ ---

      මිණිගෙඩි ඇල්ලු දොරක් ඇති කාමරයක ඉන්නා බිසවකට මේ ප්‍රන්ශුවා කිට්ටු කලාම රජුට ඉවසුම නැතිවෙන්නේ නැතිද?

      රාජ බිසවම කියන මේ කවිය බලන්න

      සක්මන් කරන මළුවේ දී බැඳි හාද
      සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
      ඉක්මන් ගමන් හිමියනි අද යනවාද
      දස්කොන් මගෙ නමට ජීවය දෙනවාද

      මේ කියන විදියට දස්කොන් හට ඈ අමතන්නේ හිමියනි කියයි. එනම් ස්වාමියා යන්නට සමාන වචනයක්. දස්කොන් සමලිංගික අයෙකු නම් හිමියනි ලෙස අමතන්නේ ඇයි?

      ලපය ගැන කියනවානම් සමහරු කියන මතයක් තමයි ඒ ලපය දස්කොන් තිබ්බේ නැති එකක් බවත් ඔහුට ඊර්ෂියාවෙන් වෙනත් අධිකාරමක් තබා මුර්ති ශිල්පියාට විශාල අත්ලසක් දුන් බවත්. (ඒ අධිකාරමට ඔය ලපේ සීන් එක කියල තියෙන්නේ ප්‍රමිලා බිසවගේ සේවිකාවක්. ඇයත් දස්කොන් එක්ක තරහෙන් හිටි කෙනෙක්.) ඒ කතාව ඇත්තක් වෙන්න තියන ඉඩ වැඩියි. බලන්න මේ කවි දෙක කියවලා. එතනින් තේරුම් යන්නේ දස්කොන් මේ තහනම් ගෙඩි කෑම ගැන සෑහෙන බියකින් මෙන්ම පරිස්සමකින්ද පසුවූ බවයි.

      ප්‍රමිලා බිසව මෙහෙම කියනවා

      රාත්‍රිය අපේයි දස් කොන්
      තවත් නෑ සිතේ අස් කොන්
      පෙම්සිනා තෙපුල් ඇස් කොන්
      ආදරේ රහයි දස් කොන්....

      දස්කොන් අධිකාරම කියනවා

      ආදරේ දෙපුල් පිරිලා
      වද මලින් ගෙතූ මල් මාලා
      තිස් පැයේ පෙනේ මැවිලා
      ආදරේ රුදුරුයි ප්‍රමිලා...

      Delete
    3. @ක්සැන්ඩර්
      මමත් ඔය දිවයිනේ පලවුන ලිපිය කියෙව්වා. කෝන් ගසක් යට හිටි නිසා ගස්කෝන් ලෙස හැදින්වුනා කියන එක එකනම් තේරුමක් නැති අදහසක් නේද ? ඒ වගේම දස්කොන් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි, ලාංකිකයෙක් කියලත් අදහසක් මතු කරලා තිබුණා. ඒකත් වැරදියි. ( දිවයිනට ලියන හුග දෙනෙකුට ඔය වගේ අසනීප තියෙනවා)

      දැන් ඔරිජිනල් කතාව ගොඩනගාගන්න අවශ්‍ය තරම් අදහස් කමෙන්ට් වලින් ගොනුවෙලා තියෙනවා.

      Delete
    4. @ Kushi

      "ඔය දස්කොන් කියන්නෙ ප්‍රංශ ජාතිකයෙක් රජ්ජුරුවන්ට හදාගන්න පෘතුගිසින් හරි ලංදේසින් හරි තැගිදිපු"

      @ ක්සැන්ඩර් | Xander

      "දස්කොන් කියන්නේ පරංගි ආක්‍රමණයකදී අතරමං වූ දරුවෙක්."

      දස්කොන්ගේ ඇත්ත නම පේඩ්‍රෝ ගැස්කන්. මෙයාගේ තාත්තා තමා දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ ලංකාවට ආපු "ද ලාහේ" කියන ප්‍රංශ නාවිකයාගේ නැවේ හිටිය "ගැස්කන්" කියන ප්‍රංශ ජාතිකයා. අම්මා ඒ කාලේ වෙද්දී උඩරට හිටිය පෘතුගීසි කාන්තාවක්.

      Delete
    5. ගහක කොනක් නේද? ගස් කොන් කියපු එකලු නේ දස් කොන් උනා කියන්නේ. ප්‍රංශ කතාව මමත් දැක්කේ දිවයිනේ. කොහොම වුනත් ඔහු විදේශිකයෙක් වෙන්න ඇති.

      ඔව්, ඔරිජිනල් කතාව නිකම්ම කමෙන්ට් වල තියනවා. ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
    6. ඈ..... මම කමෙන්ට් කරද්දී හසිතගේ කමෙන්ට් එක පෙනුනේ නෑ නේ. දැන් තියනවනේ.

      Delete
    7. යකොඩෝ....මුං දන්න දේවල්... :-)

      Delete
  13. බැලින්නම් දස්කොන් හොල්මන් කරන්න හේතුව අසම්මත ආදරයක්. අම්මපා ආදරේ හින්ද මිනිස්සුන්ට වෙන වැඩ. මාළුවා නහින්නේ කට හින්ද , ඒක වෙනම කතාවක්. ඒත් දස්කොන් නැසුනේ මොකක් හින්දද ? අගබිසවගේ ලපේ හින්ද :P

    කතාව බොහොම පොඩියි අප්පා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      මම ලියපු එකක් නෙමේනෙ බං.... :-)

      Delete
  14. ලප දැක්කට කමක් නෑ අදින්න කරන්න යන්න හොද නෑ ඕං!!!!!!!

    ReplyDelete
  15. අච්චර ලොකුවට උපන් ලපේ තිබිලත් මං ඒක දැක්කෙ ගොඩක් වෙලා පින්තූරෙ දිහා බලන් හිටියට පස්සෙ :p ජයෙන් ජය රජෝ

    ReplyDelete
    Replies
    1. අපෝ බං.......වැල කිදුරා ඕක දැක්කෙ නෑ කියන්නෙ වැඩක්ම නෑ....

      Delete
  16. මීක හොම්මං ග්ලූප් එකේ කියෙව්ව......

    ReplyDelete
  17. බලහල්ලකෝ එකෙත් හැටි :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඕං බලාගනිල්ලා...

      Delete
  18. දස්කොන් ඩයල් එකට පිස්සුද ?? මොන මගුලකට කලවේ ඩොට් තියන්න ගියාද ?? අපරාදේ !!

    ReplyDelete
  19. ඩොට් එක මරු.. :)

    මම ආසයි අර රූකිගේ ගීතයට. මාර කික් සිංදුව. මේක බැලුවමයි සීන් එක තේරුනේ

    ReplyDelete
    Replies
    1. මම තිබ්බෙ ඩොට.. :-)

      මමත් ආස ඒකට... පට්ට ඈ..

      Delete
  20. ප්‍රමිලා හිටියෙ දරුවෙක් ලැබෙන්නලු...බලිය ඇරලා තියෙන්නෙ කළලයට වෙන්න නියමිත් අකර තැබ්බයකින් ආරක්ෂා වෙන්නලු. දරුවගෙ ඇත්ත තාත්තා දස්කොන්ම විය හැකියි කියලා උපකල්පනය කරන්න පුළුවන්, රූපය ප්‍රමිලාගෙ නියම ස්වරූපයටම නොතිබුණොත් බලියෙන් වැඩක් වෙන්නෙ නෑ කියලා නක්ෂස්ත්‍රකාරයෝ කියලා තිබුණ නිසා දුර දිග නොබලපු දස්කොන් අදාල ස්ථානයේ උපන්ලපය තිබ්බයි කියලා තමයි මම අහලා තියෙන්නෙ.
    සිද්ධියෙන් කැළඹීමට පත් ඒ රජා; ප්‍රමිලාටත් කාරනා කටයුතු නොකරන්නෙ, "තමන්ගෙ...?" දරුවෙක් ප්‍රමිලාගෙ බඩේ ඉන්න නිසයි....

    රජා කියන වර්ෂන් එකෙන්ද මේ කතාවම වෙනස් විදියට අහලා තියෙනවා.
    ඒකෙ කියවෙන විදියට දස්කොන් - ප්‍රමිලා අතර තියෙන්නෙ සහෝදර ප්‍රේමයක් මිසක් ලිංගික ආලයක් නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා ඒ දස්කොන් සම ලිංගිකන‍යෙක් වීම.( මීගොඩයගෙ කමෙන්ටුවෙනුත් ඒක තහවුරු කරගන්න පුළුවන්)
    දස්කොන්ගෙ කවීත්වය නිසා කවියට ආසා කළ ප්‍රමිලා ඔහු හා දැඩි හිතවත් කමකින් බැදෙනවා.

    **************************************

    මාළිගාවෙ චිත්‍ර අඳින්න ආව චිත්‍ර ශිල්පියෙක් ඒ වැඩේ බොහොම ලස්සනට කරලා තියෙනවා දකින රජා ඔහු ලවා බිසවගේ නග්න රූපයකුත් ඔහු ලවා අන්දවා ගන්නවා. දස්කොන් මේකට කැමති නෑ. ඒත් මේ චිත්‍රය දකින වෙනත් අදිකාරම් කෙනෙක් එයින් වශි වෙනවා, ඔහු තමා ශිල්පියාගෙන් බලෙන්ම පින්සල ඉල්ලගෙන අදලෙ තැන උපන් ලපය තියන්නෙ. (ප්‍රමිලා එක්ක කොටු පැනලා තියෙන්නෙ දස්කොන් නෙවෙයි මේ අදිකාරමයි). ඒත් වැඩේ කළාට පස්සෙ තමයි මිනිහට ඒකෙ බරපතල කම ‍තේරිලා තියෙන්නෙ. දැන් පණ බේරගන්න තියෙන එකම ක්‍රමය මේ වැඩේට වෙන කාව හරි පාවාදෙන එකයි. ඒ බිල්ලට සුදුසුම පුද්ගලයා තමයි දස්කොන්, ප්‍රමිලා හා දස්කොන් අතර තිබුණ හිතවත් කම හින්දා මේ අදිකාරමට ඔහු ගැන තදබල ඊර්ෂ්‍යාවකුත් තිබුණා. මේ තමයි පලිගන්න තියෙන හොදම අවස්ථාව,
    පිහියක් ඇදලා ගන්න අදිකාරම චිත්‍රශිල්පියාගෙ බෙල්ලට තියලා තර්ජනය කරලා මේ ලපය තියන්න කිව්වෙ දස්කොන් බවට එකග කරවාගන්නවා. ඒ අනුව තමයි දස්කොන්ට දිවිදෙන්න සිද්ධවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ඒ දස්කොන් සම ලිංගිකන‍යෙක් වීම// ඒ කාලෙත් ගේ කුරුළු සීන් ගියාද??????

      මාර සීන් එකක් නේ?

      Delete
    2. ස්තුතියි සුමිත් මේ විස්තර කිරීමට.

      Delete
    3. ස්තූතියි සුමිත්.. අහල නොතිබුණු දෙයක්....

      Delete
    4. ස්තූතියි සුමිත්.. අහල නොතිබුණු දෙයක්....

      Delete
    5. ස්තුතියි සුමිත් අය්ය.. ප්‍රකාශය තහවුරු කලාට... මම දිවයින පත්තරේ ඔය සිද්දිය දැක්ක.. පස්සෙ තරු අරුන්දතීගෙ පරන පෝස්ට් කියවද්දි ආපහු කියවන්න ලැබුනා

      Delete
  21. ෂෙ .. රජාත් ඉඳල ඉඳල ලියන්නෙ සිත් කලම්ඹවන පෝස්ට්නේ. කාටද ආඩම්බර, ආ ....

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ බිසවට....වෙන්ඩ බිසවට...

      Delete
  22. දස්කොන් හරී, බිසව හරී,දෙන්නාගේ ආදරේ හරී, ලපේ හරී, රාජ උදහස හරී, මරණ දඩුවම හරී......
    කතාව හරිනම් බලිය මොකද, පින්තූරෙ මොකද...හිහි

    බලි විවිධ ප්‍රමාණයෙන් තියෙනවාලු...අඩි 15, 20 ඒවා, ජීවමාන ප්‍රමාණයේ ඒවා...මැටි බලි කුඩා ඒවාලු....
    මම දැකලා තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ කටුගෙයි තියෙන බලිය...හරිම ලස්සනයි....

    ඔය දස්කොන් ප්‍රංශ කාරයෙන්නේ....ඔය ගොල්ලෝ දන්නේ සිත්තර ගැන...
    බලි අඹන තැන් වල ඩැඩ දාන්ට එන්නෑ..... බය සැක නැතිව....

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... :-) :-)

      Delete
  23. දස්කොන් තමා දවසකට හරි මිනිහා කියන්නේ.
    මම දස්කොන් උනා නම් කවදාවත් රජාට ඕක දැනගන්ඩ තියන්නේ නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඔයා දස්කොන් උනා නම් රජා දන්නෙ නැතුවට මුලු බ්ලොග් අවකාශෙටම දැනිල....හික්ස්....:D:D

      Delete
    2. හැක හැක හැක.... :-)

      Delete
  24. දස්කොන්ට ලපේ නොතියා ඉන්න බැරි වුනානේ සික් මම එකහෙළාම පිටු දකිනවා ඒක

    ReplyDelete
  25. "රජෙක් අන්ත:පුර අගබිසවට කරන ආදරයට වැඩ උතුම් ආදරයක්ලුය."
    මෙන්න මේකනම් උඹටම ගැලපෙනවා රජෝ..අගබිසව ගැන ඇහැ ගහගෙන ඉදපන්...මම කිව්වේ මේ අපි උනත් ඉතින් මේ අඩවියට නිතර එනවා යනවානේ....

    ReplyDelete
    Replies
    1. ශික් කිව්ව කතාව... :/

      Delete
  26. එක එක අය වගේම අඩවි රජාත් කියලා තියෙන කතාවල පොඩි පොඩි නිවැරදි කිරීම් ටිකක් වෙන්න ඕනේ.

    වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලේ තමා දස්කොන් පළමු අදිකාරම් එහෙමත් නැත්නම් පල්ලේ ගම්පහ අදිකාරම් විදිහට සේවය කරන්නේ. ඒ විදිහට උසස් තනතුරක් එයාට හම්බෙන්නේ නරේන්ද්‍රසිංහ රජතුමාට එරෙහිව වුනු කැරැල්ලේදී එයා රජතුමාට පක්ෂව කරපු සේවය අගය කරන්න

    දස්කොන්ගේ ඇත්ත නම පේඩ්‍රෝ ගැස්කන්. මෙයාගේ තාත්තා තමා දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ ලංකාවට ආපු "ද ලාහේ" කියන ප්‍රංශ නාවිකයාගේ නැවේ හිටිය "ගැස්කන්" කියන ප්‍රංශ ජාතිකයා. අම්මා ඒ කාලේ වෙද්දී උඩරට හිටිය පෘතුගීසි කාන්තාවක්. ජෝශප් වාස් පියතුමාගෙන් සහ ගොන්සාල්වේස් පියතුමන්ලා යටතේ පෘතුගීසි භාෂාව වගේම මූලික අධ්‍යාපනය දස්කෝන් හදාරනවා. සූරියගොඩ සාමණේරයන් යටතේ සිංහල භාෂාව හදාරනවා.

    දෙවන රාජසිංහ පුත් දෙවන විමලධර්මසූරිය කාලේ රජ වාසල සේවයට එක්වෙන දස්කොන් අවසානයේ අර කලින් කිව්වා වගේ පළමු අදිකාරම් තනතුරටත් පත්වෙනාව.

    ප්‍රමිලා කියන අග බිසවට කරපු ශාන්ති කර්මයේදී අඹපු බලි රූපයේ කලවයේ උපන් ලපය තැබුව නිසා රජතුමාගේ සැකයට භාජනය වෙලා තමා දස්කොන් මියයන්නේ. ඒක හුඟක් අය විස්තර කරලා තියෙන නිසා මම ආයි කියන්න යන්නේ නැහැ.. දස්කොන්ව රජතුමාව මරා දාන්නේ 1721 කියලයි සැලකෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් විස්තරයක්.

      රජෝ දැන් තේරෙනවා නේද ඓතිහාසික කතා එක්ක joke දාන එකේ බරපතල කම.

      මේ පෝස්ට් එක ටිකක් රෙස්පක්ටබල් විදියට ලිව්වනම් ඔබවහන්සේගේ ශ්‍රී නාමයට කොච්චර වටිනවද ?

      Delete
    2. මේක මම ලීව එකක් නෙමේ සුමිත් අයියේ....අයිතිකාරයා තමා යට ඉන්නේ :-)

      Delete
  27. උඩ දස්කොන් ගැන කිව්වා නේ. දැන් මේ ටික කියන්නම්.

    මේ වගේ පොස්ට් වලට අපි පිස්සු කෙලින වෙලාවට කියන භාෂාව යොදාගන්න එකට මම තරයේ විරුද්ධයි. මේ අපේ ඉතිහාසේ කොටසක්. ඉතින් හරි හෝ වේවා යම්කිසි විදියකින් සභ්‍යත්වයක් දීම මම හිතන්නේ වැදගත්. එතකොට මම මේ මාතෘකාවට ලයික් නෑ පොඩ්ඩක් වත් හොඳේ?

    දෙක. දස්කොන් ගැන හොල්මන් කතාවක් නුවරම ඉන්න මම දන්නේ නැත. මම දන්නා සුප්‍රසිද්ධ හොල්මන් වන්නේ ජෝන් ඩොයිලිගේ අවතාරය හා ඇහැලේපොල කුමාරිහාමිගේ අවතාර දෙක පමණි. ඒ ගැන කියන්න කතා ඇත. මේ කතාව මම නම් ඇහුවේ දැන්. කැප්ටන් ඩොයිලි (අද ඔහුගේ පිළිරුව නගර මධ්‍යයේ සිට ගෙනගොස් මහනුවර සිංහ රෙජිමේන්තු කඳවුරේ තබා ඇත.) නම් සුදු අශ්වයෙකු පිටින් ඉංග්‍රීසි නිල ඇඳුමින් හිස රහිතව ගමන් ගන්න බවට කතා ඇත.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් අය්යා.... ජෝන් ඩොයිලිගේ අවතාරේ ගැන ලියන්නකෝ.. මම දන්නෙ නෑ අනිත් දෙන්න ගැනනම් දන්නවා.. ඇහැලෙපොළ කුමාරිහාමිගෙ හොල්මන දැකපු කෙනෙක් විස්තර කරනවා අහලත් තියනවා

      Delete
    2. සමාව අයදිමි සෑම සියළු දෙනාගෙන්ම.. :(

      Delete
    3. අවුලක් නෑ. උඹ තවම පොඩි එකා වෙච්ච එකේ.. මීට පස්සේ එහෙම කොරනවා නෙවෙයි ඕන්.

      Delete
  28. කමෙන්ට් වලින් මේ කතාව හරියටම දැනගත්තා.

    සුමිත් ක්සන්ඩර් කිවුවා වගේ රජාගේ සමහර පොස්ට් වල භාෂාව ගැන තව ටිකක් හිතුවොත් හොඳයි නේ?.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... වයසේ වැරැද්දට ලියවෙන ඒවා නේ.... සමාවේවා!!!

      Delete
  29. මචං, ඉතිහාස කතා හරියට දන්නේ නැතුව කියන එක හොඳ දෙයක් නෙමේ. උඹ විහිලුවට දාපු එකක් වෙන්ඩ පුලුවන්. ඒ උනාට ඉතිහාසේ කියන්නේ සෙල්ලන් කරන්ඩ හොඳ දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. විහිළුවට දැම්මෙ නෑ මචං...... මේ කතාව මම ඇහුවෙ එදාමයි... ඒ අර ගෘප් එකේදි.
      මම ඒක චුට්ටක්වත් වෙනස් නොකර දැම්මේ.. (අවසර මත)

      සමාවෙන්න!!!

      Delete
  30. රජෝ උඹට දැන්වත් තේරෙනවද හැම දෙයක්ම විහිළු නෙමේ කියලා. විශේෂයෙන් මේ වගේ කතා..

    මොනවා උනත් උඹ මේ මතු කරපු කාරණයෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ඒ කමෙන්ට්ස් වලින්.

    ස්තූතිය උඹට සහ උන්ට.

    ReplyDelete
  31. රජෙක් වුනත් ඒකාධිපති පාලනයට ඔට්ටු නැහැ....
    ඉතිහාසය අනාගතයට ආලෝකයක්...වෙනස් කිරිම භයානකයි රජ මල්ලියේ...

    ReplyDelete
  32. රජාගේ හැම පොස්ට් එකක්ම මම කියවනවා (රජාත් ඊක දන්නවා මයේ හිතේ) අවංකවම මේ පොස්ට් එක තමයි මම තහනම් අඩවියේ දැක්ක චාටර්ම පොස්ටුව... ,
    1/.. අනුන්ගේ දෙයක් ඔහේ කොපි කරලා දැමීම (මම කියන්නේ දාන කතාවේ නිවැරදි බව තහවුරු නොකොට) ..
    2/ ඉතිහාස කතා ලියද්දේ මීට වඩා සංවේදී වෙන්න ඕන වෙනස් කිරීම නොසුදුසුයි (පේනවනේ කුවේණි යට ඇදුම් පෙන්නලා කොරන දේ )
    3/ තමාට හොඳටම හැකියාව තියෙද්දිත් අනුන්ගෙන් ඉල්ලගෙන ලියන ගොන් රජෙක් වෙන්න උත්සහා කිරීම ..
    .4/මෙවැනි පොස්ට් එකක් දමා රට වැස්සන්ගේ / වැස්සියන්ගේ සිත් සවුත්තු කිරීම ..

    මීට - සිරාවටම හිත අප්සෙට් ගිය සුදු මුවා

    ReplyDelete
    Replies
    1. සියක් වාරයක් සමාවෙයන් මචං!!!!

      Delete
  33. මමත් අහල තියෙන්නේ / කියවල තියෙන්නේ අමිල කියන කතාව තමා හරි .. ඒ වගේම දස්කොන් කියන වාසගම තියෙන අයව මට හමුවෙලත් තියෙනවා.

    ReplyDelete
  34. මොනවා උනත් පවු බන් අර අහිංසකයා!දස්කොන්!

    ReplyDelete
  35. මම කතාව අහලා නැති උනාට මොකෝ කට්ටියගෙන් කමෙන්ට් වලින් නම් ඉගෙන ගත්තා කතාව..එකම මදැයි නේද රාජ මලයෝ .

    ReplyDelete
  36. කතාවනම් අහලා තියෙන්නේ වෙනස් විදිහට.. හරි මොකක්ද නම් දන්නේ නෑ.. කොහොම උනත් මේකත් කියෙවුවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. මේක වැරදියිලු බං.... කමෙන්ට්ස් කියවන්න...

      Delete
  37. අවුලක්ම නෑ. මේ පෝස්‍ටුව අපි මෙහෙම හදුන්වමු. අහවල් වංශට විද්යුත් ටීකාවක් කියලා අහවරනේ..! එතකොට ඔය වැරදි, අඩුපාඩු වැහිලා යනවා. පෙනුනත් කවුරුවත් කතා කොරන්නෙත් නෑ නොවැ. මොකෝ ඒවයේ ඔය වගේ වැරදි නොවෙනවා නෙමේනේ. කෝ කාගෙවත් කතාවක්. වරද්දලා හරි කියපු නිසා නොවැ හරි කතාව එලියට ආවේ. ජය....!

    ReplyDelete
  38. ප්‍රතිචාර වලින් ගොඩක් දේවල් දැනගත්තා. වැරදි වැරදි නොවැ හරියන්නෙ? හෙඩිම නම් ටිකක් අප්සැට් තමයි. මේවා සංවේදී කාරණා!

    ReplyDelete
    Replies
    1. සමාවෙයන්.... වැරැද්ද මගේ :(

      Delete
  39. ඕකනේ ඉතින් කියන්නේ ඉල්ලන් නානවා කියලා.....

    ReplyDelete
    Replies
    1. නෑවයින් නෑවෙ නෑ මෙහෙම නෑමක්... :(

      Delete
  40. @ Sumith Niriella

    මෙම ගීතයේ Version දෙකක් තිබේ... ඒ පණ්ඩිත් අමරදේවයන් හා විශාරද නීලා වික්‍ර‍මසිංහ යුග ගායනයක් ලෙස ගයන ගිතය හා විශාරද නීලා වික්‍ර‍මසිංහ ඒකල ගායනයක යෙදෙන ගීතය ලෙස

    ඒ ගීත දෙකේ පද රචනාවෙහි යම් වෙනස්කම් ඇත.

    මුලින්ම යුග ගායනයේ පද රචනාව

    දස්කොන් සකිසද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ (ගැ)
    එනමුත් ළදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ (පි) //

    සියොලග හිමි ලග හදවත මා ලග කෙලෙසද හද බැද ලන්නේ (ගැ)
    කවුදෝ රැකවල් ලන්නේ ඔබ මා යලි හමුවන්නේ (පි)

    දස්කොන් සකිසද.........

    මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව ලොව් තුරැ සුව වලදින්නේ (පි)
    කිසිදා නැත සමුගන්නේ (ගැ)
    ඔබ මා යලි හමුවන්නේ... (පි)

    දස්කොන් සකිසද ............

    (ගැ/පි ලෙස ගායිකාව හා ගායකයා ගායනා කරන ආකාරය දක්වා ඇත)

    මෙන්න නීලා තනියෙන් ගායනා කරන ගීතයේ රචනාව


    දස්කොන් සකිසද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    සක්මන් මලුවේ බැදි පෙම් තොරණේ මල් දම් ගිලිහී යන්නේ //

    සියලොග හිමි ලග හදවත ඔබ ලග සිත යන යන තැන එන්නේ //
    මතු දා ඔබ හමුවන්නේ ///

    දස්කොන් සකිසද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    සක්මන් මලුවේ බැදි පෙම් තොරණේ මල් දම් ගිලිහී යන්නේ

    ඔබ ලග නැති මුත් ඔබගේ සුවදයි තව මේ පාවී එන්නේ //
    සයනේ සැගවී ඉන්නේ ///

    දස්කොන් සකිසද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
    සක්මන් මලුවේ බැදි පෙම් තොරණේ මල් දම් ගිලිහී යන්නේ

    පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය පණ්ඩිත් අමරදේව

    ReplyDelete
    Replies
    1. @ සිරාා සහෝ
      මේ සම්පූර්ණ ගීතයම ලියා ප්‍රකාශ කළාට බොහොමත්ම ස්තූතියි....නැවත නැවතත්...!!!

      මේ ගීක දෙකෙන්ම වෙනස් වූ තවත් ගීතයක් මම අහලා තියෙන විදියට ......

      " සක්මන් මළුවෙදි බැදි හාද - දස්කොන් හට අමතක වීද
      ආලය දරුණුද නෑ නේද - මේ දුක වාවනු හැකිවේද...."

      මේ ගීතයේ කියවෙන විදියට දස්කොන්ට කිසියම් දෝශාරෝපනයක් ප්‍රමිලා විසින් එල්ල කරන අයුරුයි පෙනෙන්න තියෙන්නෙ...රිද්මයේ කිසියම් ලතෙත් බවක් හෝ ලයාන්විත බවක් නෑ.

      ඒ අනුව දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘත්තාන්තය ගැන කියවෙන විශිෂ්ටතම ගීතය සුනිල් ආරියරත්නයන් විසින් රචිත අමරදේවයන්ගේ සංගීකයෙන්ද නීලාවන්ගේ හඩින් ද කෘතියක් බවට පත්කළ ඉහත ගීතය බව කිව යුතුය.

      Delete
    2. බොහොමත්ම ස්තූතියි..

      Delete
  41. ඉක්මන් ගමන් එපා පාපැකිලේවී - දස්කොන් සකි සඳ මා ඔබේ කුමාරි...

    මොනා උනත් සුන්දර අතිත කතාවක් සහ සුන්දර ගීතයක්

    ReplyDelete
  42. මෙ දවස්වල ඉතිහාසකතාමයි අහන්න වෙන්නෙ.
    ….................................
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  43. මම අහලා තිබුනේ මොකක්ද යාගෙකට බිසවගේ මැටි පිළිමයක් අඹනකොට ඔහොම දෙයක් වුනා කියලා..
    ඇත්තටම ඔය මනුස්සයාට ඕක නොකියා ඉන්න තිබුනේ නැද්ද :D

    ReplyDelete
  44. දැන් බලනකොට මේකෙ වර්ෂන් දෙකකට වැඩියිනෙ. ඉතිහාස කතාවක් නිසා එහෙම වෙන්න පුලුවන්. ඉතිහාසය කියන්නෙ ලියන පුද්ගලයාට අනුව වෙනස් වෙන දෙයක් නිසා ඒකෙ පුදුමෙකුත් නෑ. මට තියෙන එකම ගැටලුව ඔය නග්න රූපය ජීවමානව අඳින්න නම් ප්‍රමිලා දේවී චිත්‍ර ශිල්පියා ඉස්සරහ pose කරන්න ඕනෙ නැත්ද කියන එකයි. තමා නොදැකපු මනහ්කල්පිත නග්න රූපයක් බිසවගෙ මූනට බද්ධ කරලා වංචාවක් කරන්න ගිය නිසයි මේ ඔක්කොම ප්‍රශ්න..

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සෑර්... :-(

      Delete
  45. දස්කොන්ට වැඩේ වැරදුනේ ඔන්න ඔය උපන් ලපේ නිසා.. මේ චිත්‍රය ඇන්ඳෙව්වෙත් රජුට ඕනෙ වුණා. හොරවැඩේ අතටම අල්ලගන්න.ඇයි යකෝ මේකා මොලේ කළඳක් නැතුව ඇන්ඳනේ කලවේ උපන් ලපේ. බෙල්ල ගහල ගිහින් ඔහොමවත් බේරුනා මදෑ..

    ReplyDelete
  46. ඔය යකාගෙ ඇත්ත නම ගස්කොන් ලු ... ලංකාවෙ අපි දස්කොන් කියල කිව්වට ...

    ReplyDelete
  47. අනේ මම ආසාම ආදර කතාවක්. මෙහෙම ලිවුවට නම් මේ රජාට රජ කාලෙ දඬුවම් දෙන්න ඕනා. මේ මම ලිවුව එකක් මේ දෙන්නා ගැන.
    http://lokayekonaka.blogspot.com/2012/01/blog-post_21.html

    ReplyDelete
  48. මේ කතාව මම ලංකාදීප පත්තරේ රජ වීදිය අතිරේකේ කියෙව්වා වගේ මතකයි.ඒකෙ හැටියටනම් රජා පිළිමයක් අඹන්න කියන්නේ දස්කොන්ගේ හොර අතට අල්ලගන්න...

    ReplyDelete
  49. අඩෝ රජා මේවට තමා කියන්නේ බොක්කේ ලව් කියල . මටත් දස්කොන් වගේ වෙන්ඩ හිතෙනෝ.....

    ReplyDelete
  50. කමෙන්ටුටිකය් පොස්ට් එකයි කියෙව්වා කලින් අහල තිබ්බ විදියට වඩා වර්ෂන් කීපයක්ම ඉගෙන ගත්තා :ඩ්

    ReplyDelete
  51. බෙල්ල ගියත් සිරා බුවෙක් නේ දස්කොන්...

    ReplyDelete
  52. අනේ මන්ද බන් මට නම් උබේ පොස්ට් එකේ එක වැරද්දයි පේන්නේ.....චිත්‍ර ශිල්පියා හරියට ඇදපු ලපේ උබ වැරදියට ඇදලනේ.....

    ReplyDelete
  53. ඔය උපන් ලපේ කතාව නම් අහල තිබුනට හොල්මනක් ගැන කියන කතාව නම් ඇහුවේ අදමයි

    ReplyDelete
  54. අන්තිමේදී මේ ලපේ නිසා අපේ අහිංසක රජාටත් කෙළවිය.කස්ටිය‍ගෙන් අම්බානකට අසාගත්තේය.
    ඉස්කෝලේ එකෙක්ම නිසා නොවේ මොනවා උනත් මූ පව්ය.භාෂාව ගැන කිව්වොත් අවුලක් නැත.
    ‍ගෞරවය තිබිය යුත්තේ සි‍තේය.(මටත් බනීද දන්නෑ ඕං).මොනවා උනත් සෑහෙන දෙයක් දැනගැනීමට මේ නිසා හැකිවිය.ඒ ගැනනම් පිංමය.තවත් කියන්නට ගියොත් අපේ රජාගේ අන්තඃපුර ලපගැන කියවී මගේ හිසද ගැලවීමට ඉඩ ඇත.
    සැප වේවා!ලප කේස් නොමවේවා!

    ReplyDelete
  55. ඔ්ක තමා බං! ලවු කේස් සෙට් උනාම ඔලුව ගහල යනව!

    ReplyDelete
  56. කතාව මොක උනත් ලියල තියෙන විදියට බොරුවක් උනත් ඇත්තක් වගෙ කියවන්න හිතෙනවා ..ඒකම මදෑ

    ReplyDelete
  57. සේරමන්ලාටම ස්තූතියි.. හොය හොය හිටපු දෙයක්..

    ReplyDelete
  58. සේරමන්ලාටම ස්තූතියි.. හොය හොය හිටපු දෙයක්..

    ReplyDelete
  59. සේරමන්ලාටම ස්තූතියි.. හොය හොය හිටපු දෙයක්..

    ReplyDelete
  60. සේරමන්ලාටම ස්තූතියි.. හොය හොය හිටපු දෙයක්..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)