Saturday, March 30, 2013

අලගෙඩි සොයා අලගල්ලට - Hike Alagalla for "Hope Yashoda"


මේ කූඩැල්ලන්ට අධිපති කූඩළු දෙයියෝ සිහිකරලා ලියන පළවෙනි චාරිකා සටහනය. අපේ බැච්චෝ හතර පස් දෙනෙක් එකතු වෙලා හයික් යන්නම බුකියේ ගෘප් එකක් අටෝගත්තේ දැන් අවුරුද්දකට විතර කලින්ය. පබ්ලික් ඉවෙන්ට් එකක් විදිහට දියත් කල පළමු හයික් එක මෙයය. එනම් අලගල්ල කන්ද තරණයය. මේ වනාහී මම ගිය අතිශය කුප්පම චාරිකාව කිවහොත් ඉතාම නිවැරදිය. වැස්ස, කූඩැල්ලෝ මේවාට වග කිය යුතුය.

හුගක් දවස් වල වගේම අපේ ගමන කෝච්චියෙන්ය. රජයි ගවේෂකයයි මීරිගමින් යාල් දේවියට නැග පොල්ගහවෙලින් බැස්සෙමු. එතකොටම ආපු බදුලු කෝච්චියට නැග්ගේ ඉහල කෝට්ටෙන් බහින්නය. මේ කෝච්චියේම අපේ අනිත් ගමන් සගයනුත් හිටියේය. අළුතෙන් එකතු උනේ ගීත් සහ යාළුවෝ දෙන්නෙක්, බෝපගේ දොස්තර මහත්තයා, සහ කෝච්චි ඕනල්ය. සුපුරුදු සෙට් එක වන ගවේෂක, රජා, දුලියා, කාවින්ද, සහ විරාජ්ද ප්‍රසන්ට්ය. 

එ අස්සේ මල සීන් එකක් වෙලාය. ගීත්ගේ යාළුවෝ දෙන්නට පොල්ගහවෙලින් කෝච්චිය මිස් වෙලාය. උන් දෙන්නා එනකන් අපි මරු පොට් එකක් බලන්න ගියෙමු. ඒ පට්ට දිග බිංගෙයක්ය. බිංගේ හදන්න කලින් කෝච්චි පාර ගිහින් තියෙන්නේ ගලට පිටින්ය. ඒ පාර හරහා ඇදවැටුන දිය පාරක් හින්දා පීලි ස්ථාවර නැතුව කෝච්චියක් මෙතනින් පහලට පෙරලුනාලු. පස්සේ සුද්දා ගල විදලා බිංගේ හැදුවලු. බිංගේ දිග වැඩි හින්දා ඇතුලේ ගල් කුට්ටි, පස් එහෙම අයින් කරන්න විදපු හිලකුත් අදටත් මෙතන බලාගන්න පුළුවන්ය. බැරිවෙලා හරි කකුල ලෙස්සලා වැටුනානම් එහෙම මේ පෝස්ට් එක ලියනකනුත් තාම වැටෙන්නේය.


කොහොමද සුද්දගෙ ගල් කැඩිල්ල

ගල් යවපු හිල

“බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“

ඉස්සර මිනිස්සු කියා ඇත්තේ අන්න එහෙමය.අලගල්ල යනු ඉස්සර සුද්දා ලංකාව ආක්‍රමණය කරපු කාලේ උඩරට රාජධානියේ ආරක්ෂාවට තිබූ මුර කපොල්ලකි. ගල මුදුනට ගියාම ඒ බව පැහැදිලි වෙන්නේ හාත්පස සිසාර පේන සුන්දර දසුනින්ය.

“බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙ කඳු තුනට නායක සමනොළ කන්ද“

මේ කන්දට මෑත කාලීන කතාවක්ද ඇත. 1948 පෙබරවාරි 4 හෙවත් අපේ රටට නිදහස ලැබිච්ච දවසය. නිදහස ලැබෙනවා කියලා දැනගත්තු ගමේ කට්ටිය එකතු වෙලා පාන්දරම අලගල්ලට නැගලා කොළඹ පැත්ත බලාගෙන හිටියලු. පස්සේ කොහොම හරි සෙට් එකම හවස් වෙලා බැහැලා එද්දි නැගපු නැති ගමේ උන් අහනවලු.... 

දැන් තොපි ඔය දුන්නයි කිව්ව නිදහස දැක්කද?

නැගපු උන් ටික කිව්වලු....

කිරි අප්පුච්චියේ....ඒ වගේ නිදහසක් අපේ මුළු උපන් කට දැක්කේ නෑ බොලං....

දැන් ඒක පුරුද්දකට ගිහින් ගමේ කට්ටිය නිදහස් දවසට කන්ද නගිනවලු. ඉතින් අපිත් ජොලියට වගේ කන්ද බඩගාන්න ගියෙමු. 


අලගල්ල


ටිකක් උඩ ඉදන්
____________________________________________________

ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය අසලින් ඉහලට විහිදුන පඩි කීපයකි. අපි ඒවා දිගේ ඇදෙන්න ගත්තෙමු. බෝපගේ දොස්තරගේ ක්‍රීම්ක්‍රැකර් එකක් අතේ තියන් හිටපු රජා පස්සෙන් බලු මල්ලියෙක්ය. ඌවත් එක්කගෙනම අපි ඉදිරියට ඇදුනෙමු. බිස්කට් දෙනකං පස්සෙන් ආපු ඌ ටිකකින් නැවතුනේය. උපරිම මීටර් 500ක් යන්න ඇතිය. අපේ උන්ට අර බල්ලට වඩා හතිය. දිව එලියට දාගෙන වතුර බොන්නේය.


පඩි දිගේ
ඒ අස්සේ කට්ටිය පොටෝ අල්ලන්න, වොයිස් කට් ගන්න ගිහින් අම්බානට වෙලාව අපතේ ගියේය.  අපි වැනි වැනි පඩි ටික නැග්ගෙමු. පඩි ඉවර වෙනවත් සමගම මෙන්න ගෙවල් සමූහයකි. සමූහයක් කිව්වට 5ක් 6ක්ය.  අනිත් උන් එනකන් අපි හති ඇරියෙමු. ඒ අතර පොඩි කතා බහකි.

කාවින්ද: අඩෝ මුන්ගේ ගැට්ට කහනවා ඇති මේ ගල් උඩ ගෙවල් හදන්න.

දුලියා: ඒ මුන්ට ලියුම් එහෙම ගේන්නේ කොහොමද බං...වාහන ගන්නවත් බොරු. බයික් එකක්වත් ගේන්න බෑනේ.

රජා: ලියුම්කාරයා එනවා ඇති මුන්ගේ අම්මා අප්පා මතක් කර කර...

ඒ අස්සේ අයිස් පලම් විකුණන එකෙක් කෑගගහ එන්නේය. අපි රුපියල් දහයේ පලම් ගත්තෙමු. ඉස්කෝලේ අයිනේ නැන්දගෙන් කෑවයින් පස්සේ පලමක් කෑවමද කොහෙදය. පට්ට රහයි ඈ...අයිස් මාමගෙන් පාරත් අහගෙන අපි දිගටම ඇදුනෙමු.ටික දුරක් ඇවිදගෙන යන්න ඇත. උදේම කිරි එක විතරක් ගහලා ආපු රජාට හද්ද බඩිගිනිය.  

රජා: අඩෝ $රි බඩිගිනී බං...

දුලියා: ඔව් යකෝ....එකෙක් #$ ගහලා මට දියන්...මම කනවා

කාවින්ද: ඒකත් නරක නෑ...උඹලා දන්නවද එක ශුක්‍රාණුවක ශක්තිය මෙගාබයිට් 4ක්ලු.

රජා: නෑ...........යකෝ දන්නවනම් මම ටෙරාබයිට් 100ක විතර එක්ස්ටර්නල් හාර්ඩ් එකක් හදාගන්නවා...

කාවින්ද: එක සැරේට කිලෝමීටර් 2ක් දුවන ශක්තිය වැය වෙනවලු...හැමදාම එපා ඈ... :)


රජාට වගේම බඩිගිනි හැදිච්ච හප්පෙක්
දුලියාට කුරුල්ලන්ගේ පොටෝ ගහන්න, කුරුල්ලාව කැමරාව පැත්තට හරවන්න ඕනේ අපිය. ඒකත් පට්ට ආතල් වැඩේය. කල යුත්තේ කුරුල්ලාගේ ජාතිය ඇමතීමය. 

අඩෝ කුරුල්ලා...මෙහෙ බලපිය...
තටු කපනවා...
මුගේ ආච්චිට...
අඩෝ කැ$%^...

සමහර වෙලාවට ඌට මේ අදෝනාව අහන් ඉන්න බැරැවම ඉගිලිලා යන්නේය. අපි ටිකෙන් ටික හන්දියකට ලං උනෙමු. එතන හෙන ගලක් උඩ උළු හදන තැනක්ය. ඒත් එක්කම රෙදි වැලක්ය. රෙදි වැලේ පොඩි එකෙකුගේ ඇදුම් වනලාය. ඒක මාරම ගතිය. පාට පාට චූටි ජංගියේ ඉදන් ලොකු ඇදුම් දක්වා පිළිවෙලට වනලා තිබ්බේය. දුලියා කැමරාවත් අරං දිව්වේය. ටිකකින් මූ දිවත් එලියට දාගෙන මූණත් ඇඹුල් කරගෙන එන්නේය.

දුලියා: යකෝ....ගෑණු දෙන්නෙක් එලියේ...

රජා: හූඌඌඌ.... තව පොඩ්ඩෙක් උඹේ ජොකත් වැලේ තමා...

හන්දියේ බුදු පිළිමයකි. බුදු පිළිමෙට වැදලා එහෙම අපි ගමන පටන් ගත්තෙමු. පීල්ලක ආච්චි කෙනෙක් නාන්නේය. අපි ඇයගෙන් පාර ඇසුවෙමු. එතකොටම වීල් එකකින් අයියා කෙනෙක් ආවේය. මිනිහා අපිත් එක්ක එනවා කී හෙයින් අපි පීල්ල ලග නැවතුවෙමු. ආච්චි එක්ක පොඩි මල්ලි කෙනෙක්ය. අපි ඌව කතාවට අල්ලගත්තෙමු.


ගවේෂක: බබාගේ නම මොකද්ද?

මල්ලි: කවීෂ ****** **** (වාසගමත් එක්කම මුළු නමම කිව්වේය)

දුලියා: එතකොට බබාට තව කවුද ඉන්නේ?

මල්ලි: අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, නංගියෙක් ඉන්නවා...

ගවේෂක: එතකොට නංගිගේ නම මොකද්ද?

මල්ලි: දන්නෑ....

අපි: හොද බබා.... බබාට මොලේ තියෙනවා. 

අර අයියාකාරයා අපිට තේ වත්තක් මැදින් ඇදගෙන ගියේය. අපි කෝකටත් ගස්වල මාක් දාගෙන ගියෙමු. එන්නත් පාර මතක තියෙන්න එපායෑ. අයියා මගදී හැරුණ අතර අපිට පාර කියූ පරිදි අපි ඉදිරියටම ඇදුනෙමු. තේ වත්තෙන් පස්සේ ගමන ලාචෝරුය. අඩියෙන් අඩිය කූඩැල්ලෝය. කකුල තියලා ගද්දි දෙතුන් දෙනෙකු එල්ලිලාය. ඒ අස්සේ පාරත් ලිස්සනවාය. මඩ ගොඩය. කූඩැල්ලෝ හොයන්තන් බැරිය. ටික වෙලාවකින් අපි පොඩි ගලක් උඩට පැන කූඩැල්ලෝ ගැලෙව්වෙමු. 

මුගේ #$මට #$න්න @#යා....පල යන්න....
කූඩැල්ලෝ උඩී...න් විසික්වෙන්නේය.

මුන්ට රිංගන්න තැනක් නෑ.....$ස බල්ලෝ...සමහරු කලිසම් ගලව ගලවා බැලුවේය. ජොකා අස්සේ පීර පීර කූඩැල්ලෝ හෙව්වෝය.හරියට මැණික් ගරන උන් මැණික් හොයනවා වගේය. මේවා දැකපු කූඩැල්ලෝ පවා හිනාවෙනවා රජාටත් ලාවට ඇහුනේය. අසභ්‍ය වදන් අහන් ඉන්න බැරිම තැනද කොහෙද ටික දුරක් යනකන් කූඩැල්ලෝ හිටියේ නැත. 

අපි ආවේ හෙන හෙලක් වගේ තැනකටය. මෙන්න මෙහෙම නගින්න තිබ්බේය. එතන කූඩැල්ලෝ විමානෙය. කෙසේ හෝ ගස් අතු අල්ලාගෙන ගියෙමු. ඒ අස්සේ කාවින්දයාට කිඹුලෙක් හම්බෙලාය. අඩෝ ඔන්න.....රජා හිටියේ උගේ ලගමය. ඒ පත සයිස් ගෝතයා දැක්ක ගමන් මට කෑගැස්සුනේය. කොච්චර හයියෙන් කෑගැහුවාද කියතොත් එල්ලෙන්න ආපු කූඩැල්ලොත් ආපහු දිව්වේය. අඩෝ සිරාවට ඌ නම් තනිකර ගොඩ්සිලා පැටියෙක්මය. දකිද්දිත් බයහිතෙන්නේය. (ඌ මීට කලින් හොයාගෙන නැත්තම් දුලියගෙයි, මගෙයි, කාවින්දයගේ නමිනුයි නම් කරහල්ලා ඈ...)


ද ගොඩ්සිලා

අපි කන්ද උඩටම ආවෙමු. අයියෝ හත්තිලව්වේ....ඒක උඩ තවත් ගල්කෑල්ලක්ය. තව නම් අඩියක්වත් හෙල්ලෙන්න බැරිය. කකුලුත් ලොක් වෙලාය. එහෙන් වහිනවාය. රජා සමග හතර දෙනෙක් ආපහු බහිද්දී අනිත් උන් උඩටම නැග්ගේය. අපේ වේගේ කොහොමද කියනවානම් අපිට පස්සේ ආපු උන් දෙන්නා අපිට කලින් ගල උඩය. 


අපෝ...වෙන නම් බෑ...
වැස්ස අපේ ගමන චොර කලේය. ඒ අස්සේ වෙලාවත් තුනට කිට්ටුය. 4.50 කෝච්චියත් අල්ලගන්න ආපහු එන්න ඕනේය. ආපසු බහින එකත් හිතන තරම් ලේසි නැත. වැහැලා මඩ වෙලා අම්බානට ලෙස්සන්නේය. මාන ගස් අල්ලගෙන බැහැලා අල්ල හම ගිහින්ය. ඒ අස්සේ කටු ගස්ය. සමහර තැන්වල ගියේ අර ඉස්සර ලෙස්සන බෝට්ටුවේ යනවා වගේය. බිම ඉදගත්ත ගමන් රූ......ස් ගාලා ලෙස්සලා යන්නේය. අහල පහල ගස් කදවල් වල ආධාරයෙන් ලෙස්සන ගමන් පථය පහසුවෙන් වෙනස් කරගත හැක. කූඩැල්ලන්ටද එල්ලෙන්න චාන්ස් නැත. මන්ද අපි රූටලා යන්නේ සොනික්ටත් වඩා වේගයෙන්ය. 


අති විශිෂ්ඨ නෑමක් උදෙසා
එක තැනකදී රජාව ගල් කුලකින් ලෙස්සා ගියේය. පහල අඩි 10ක පමණ හෙලය. කඩු ශිල්ප, දුනු ශිල්ප දන්නා හෙයින් ගුවනේදී අනිත් පැත්ක හැරුන හෙයින් රජා බේරින. නැත්තන් මගේ හොයන්න වෙන්නේ කැඩුන අත පයය. හෙන ගේමක් දී අපි ආපසු පීල්ල ලගට ආවෙමු. කූඩැල්ලෝ ඔක්කොම ගලවා දමා නෑවෙමු. ඒත් හරියන්නේ නැත. හැම තැනින්ම ලේ වැක්කෙරෙන්නේය. දුලියාගේ කොන්දේ හිටන් කූඩැල්ලොය. 

සනීපෙට නාගත් රජා බෑග් එක ඇරියේය. අයියෝ මට ඇඩුනේය. මම තුවාය සහ ජොකා දාලා ඇවිත්ය. අනිත් උනුත් ගෙනල්ලා නැත.  බැනියමෙන් ඇග පිහගෙන තෙත ජොකා පිටින්ම කලිසම ඇද ගත්තෙමි. කොහොමත් වැස්සට තෙමිලා හිටපු එකේ ඕවා නම් මොනාද? හදිස්සියට දුවගෙන ඇවිත් තෙත ජොකාට ඉකිලිත් කැපිලාය. වෙව්ලන කකුල් දෙකන් අඩිය තියන්න ගිහින් ගලක හැප්පිලා නියපොත්තකුත් ගැලඋනේය. 

හොද වෙලාවට කෝච්චිය පරක්කුය. සෙකන්ඩ් ක්ලාස් සීට් ඔක්කොම හිස්ය. දැක්කේ තර්ඩ් ක්ලාස් ටිකට් ගත්තට පස්සෙය.  අපි තුන්දෙනෙක් කෝච්චියට නැග්ගෙමු. විරාජයා නුවරට යන එකාය. අපි කොළඹ පැත්තට යන උන්ය. අනිත් 5 තාම ගල උඩය. අපි තුන්දෙනා හිටියේ පිටිම පස්සේ පෙට්ටියේය. කෝච්චිය S12 එකක්ය. දොර ලග බිම හොදට ඉඩය. අපි නගිනකොට හෙන දුප්පත් (නිකන් දෙමළ වගේ...ඒ උනාට සිංහල කතා කරන්නේ) කට්ටියක් බිම ඉදගෙනය. අම්මයි, තාත්තයි, දුවයි, එයා බැදපු එක්කෙනයි, බබයි එතන හිටියේය. 

උන් මොකද...අපි මොකද...ඔක්කොම මිනිස්සුනේ. අපි නිකන් වල්ලට හෙන ගහපු වැද්දෝ ටික වගේය. මඩ සෙරෙප්පු, තෙමිච්ච ඇදුම්...කතා කරලා වැඩක් නැත. අපි අර මනුස්සයෝ එක්ක කතාවට වැටුනෙමු. මම මොහොතක් බලා සිටියෙමි. උන්ගේ ජීවිත හරිම සරලය. හැමතිස්සෙම හිනාව. ඒ හිනාම සිරාවටම අව්‍යාජය. 

දුලියා: අක්කලා කොහෙද මේ යන්නේ?

අක්කා: අපි යන්නේ රාගමට. මල්ලිලා කොහෙ ගියේ?

අපි: මේ අලගල්ල කන්ද නගින්න ගියා...

අක්කා: කොහෙ?

අපි: මේ මෙතන තියෙන කන්ද...

කෝච්චියේ ඉදගෙන හිටපු උන් ඔක්කොම අපි දිහා බැලුවේය. රජා හොදටම දැක්කේය. ඇයි අපි හිටියෙත් බිම ඉදගෙන බෑග් වලට ඔලුව තියාගෙනය. පොල්ගහහවෙලදී අනිත් උන් දෙන්නට ඉදගන්න ලැබුනේය. රජා බැස්සේය. මන්ද කෝච්චිය මීරිගම නවත්තන්නේ නැත. මම ගෙදර එන්නට ස්ලෝ එකකට නැග්ගෙමි. ආරංචියේ හැටියට අනිත් උනුත් යහතින් ගෙදර ගියාලුය. 


ප/ලි:

අපි මේ හයික් එක නම් කලේ යශෝධා අක්කා නමින්. එයාගේ සැත්කමට අවශ්‍ය මූල්‍යමය ආධාර එකතු කරන්න. අපි දහදෙනාගෙම සහයෝගෙ ඒකට ලබාගත්තා. 


උදව්කරන්න කැමති නම් මෙතනින් විස්තර බලන්න
_______________________________________


සියළු පොටෝ ඇතුලත් බුකියේ ඇල්බමය මෙතනින්

වෘත්තීයමය චාරිකා සටහන ළගදීම ගවේෂකගේ යන එත තැන් තුළින්

මේවා සමග නිරන්තර සම්බන්ධව සිටීමෙන් ඔබටත් අපිත් එක්ක ට්‍රිප් යා හැක. 



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

73 comments:

  1. මමත් අලගල්ලේ ගියා 2002 අවුරුද්දේදී. එතකොට මම 8 වසරේ :D

    ReplyDelete
  2. පට්ට රජො.... මම 2 :D

    ReplyDelete
  3. රජාගේ රජ වැඩ !!!! හොදයි, හොදයි .......

    ReplyDelete
  4. අප්පා දැක්කම ආසාවේ බැරුවා කොල්ලෝ,අර කොච්චිපාර වෙනස්කරලා තියෙන්නේ කොහෙදිද ?

    ReplyDelete
    Replies
    1. ඉහල කෝට්ටේ ස්ටේෂන් එක ලගම තියෙන බිංගේ

      Delete
  5. ඇයි බං කෝච්චියෙ උන් බය වුනේ?

    ReplyDelete
    Replies
    1. අපිට අපිට... ඇයි බං මස් වැද්දෝ ටික වගේ ලේ පෙරාගෙන, කෑගගහනේ කෝච්චියේ ආවේ :)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්න.... මම අහලා තිබ්බ කතාවක් ඕක.
      උපුටා ගත්තනම් මම දානවා යකෝ ගත්තේ මෙතනින් කියලා. තොපි වගේ මල පෙරේතයෝ නෙමේ අපි.

      Delete
  7. ගොඩ්සිලා මරු බං

    ReplyDelete
    Replies
    1. ඔය පේනවට වඩා පත සයිස් ඕකා... බය හිතෙනවා දැක්කම අම්බෝ.....

      Delete
  8. අනේ කිව්වට තරහ වෙන්න එපා රජෝ...හයික් එකේ මරුම කොටසට ගිහින් නැහැ වගේනේ (පින්තූර වලින් පෙනෙක කෑල්ල තමයි නියම අලගල්ල හයික් එක..)

    කූඩැල්ලො ගැන නම් කියලා වැඩක් නෑ...උණ ගැනෙන්න කූඩැල්ලො ඉන්නවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... වැස්සනේ අම්බානට :(

      Delete
  9. නියමයි රජෝ.... එළ ට්‍රිප් එක..

    උඹලා අරුන්ව දාලා ආපු එක කැතයිනෙ බන්..

    අර කටුස්සනම් සමහර විට උඹලා වෙන්න ඕනා හොයාගන්න ඇත්තෙ.. ගාමිණී අයියගෙන් අහලා බලපල්ලා.. උබලට අඩුම ගානෙ කටුස්සෙකුටවත් නම දෙන්න හම්බුනොත් ලොකු දෙයක්නෙ...
    :D

    ReplyDelete
    Replies
    1. ඒකනං එහෙම තමා...ඒත් වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නෑ. :(

      මරුනේ... කෝ මේ ගාමිණී මාමා :)

      Delete
  10. හපොයි.. අද මේක අපේ මහත්තයට රස විඳින්න වෙන්නේ නෑ.. මේකේ තියෙන කුණුහරුප ටික මට හයියෙන් කියවන්න බෑ බොල...... හි හි...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... රහසින් කියලා දාන්න ;)

      Delete
  11. රජාගේ තෙල් බහින්නත් එක්ක ඇවිදින එක හොඳය...කට්ට කෑවද අරමුණ යහපත් නිසා දුකද සතුටක් වෙන්නට ඇත...
    නිවාඩු පාඩු වෙලාවක මේ පැත්තෙත් ගොඩවන සේක්වා...

    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. හැකස්... :)

      අනිවා එමි!

      Delete
  12. අපිත් අලගල්ලේ යන්ඩ හිටියෙ. මේ දවස් ටිකේම හවසට වහින හින්දා ගමන එහෙමෙහෙ උනා

    ReplyDelete
    Replies
    1. යකෝ අපිත් එක්ක එන්න තිබ්බේ :)

      Delete
  13. පට්ට ගමනක්නෙ...කොහොමහරි මාත් යන්න ඕන...කොච්චර වෙලාවක් යනවද බන් කෝච්චියෙන් යන්ඩ...

    ReplyDelete
    Replies
    1. මීරිගම ඉදන් නම් පැයයි..

      කොටුවේ ඉදන් පැය 3යි :)

      Delete
  14. අදේ නියමයි රජෝ.... ඔය පැත්තෙත් වෙලාවක යන්ට ඕනි.. :D

    ReplyDelete
    Replies
    1. අනේ තමුසේ යද්දි බැරියෑ... කූඩැල්ලෙක් එල්ලුන ගමන් දුවයි ගම වටේ ^_^

      Delete
    2. :O :/ මම කූඩැල්ලන්ට බය බොල,, හහ්,, අහුවෙනවකෝ බොලා ආයේ..

      Delete
  15. සුපිරි හොඳේ.... ආයෙ නම් හයික් එපා..පහතරට ගවේශණය කරමු

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඈ....මගෙ කකුල් තාම රිදෙනවා යකෝ :/

      Delete
  16. මේ අවුරුද්දේ මුල අපිත් ගියා අලගල්ල නගින්න....වැස්සේ නැති නිසා ඔච්චර කට්ටක් කෑවෙ නැහැ...හැබැයි එනකොට කෝච්චියේ ගියේ සත්තු වගේ තමා...:) අතර මග තියන දිය ඇල්ල බලන්න යන්න වෙලාව මදි වෙන්න ඇතිනේද...?
    මම ඕක ගැන ලියපු ලිපියේ ලින්කුවන් මෙතනටම දාගෙන යනව එහෙනම්...
    http://sancharacamerawa.blogspot.com/2013/02/alagalla-mountain.html

    ReplyDelete
    Replies
    1. මම බැලුවා උඹේ පෝස්ටුව...කලින්ම :)

      Delete
  17. අලේ..මරු ගල්ල වගේ නෙහ්!

    ReplyDelete
  18. මම නම් කෑගහගෙන වැටෙන්නේ කූඩැල්ලෙක් දැක්ක හැටියේ. ගල් උඩ නගින්ට ඕනි නෑ.:)
    අපූරු සංචාරයක්!!!

    යශෝධාගේ විස්තරෙත් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මටත් පේන්න බැරි සතෙක් අප්පා :/

      Delete
    2. මම හරි කැමති සතෙක්. විශේසයෙන්ම කෙල්ලො එක්ක ට්‍රිප් ගියාම. මොකද උන්ව ගලවන්නෙ අපිනෙ.

      Delete
  19. කොහොමද ඩෝ තෙත ජොක්කු පිටින් පැය ගානක් ඉන්නෙ... ඔන්න ඕක ගලවලා දලා ආව නම් ඉවරනෙ බං...

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා ;)

      Delete
  20. සුපිරි....මේ වගේ සංචාර ගිහින් අවුරුදු ගානක් ගියාට පස්සේ උනත් අද ඊයේ උන දෙයක් වගේ අපේ සිහියට නැගෙනවා.... අ වගේ වෙලාවකට හිතට දැනෙන්නේ සතුටක් වගේම උහුලගන්න බැරි දුකක්... මොකද එකට හේතුව ඔය වගේ දේවල් මතක් වෙන කාලෙට අපිත් එක්ක එදා එකට ගිය යාළුවො අපිත් එක්ක නොහිටින්න පුළුවන්... අත්දැකීමෙන් කියන්නේ...

    ReplyDelete
  21. සුපිරි....මේ වගේ සංචාර ගිහින් අවුරුදු ගානක් ගියාට පස්සේ උනත් අද ඊයේ උන දෙයක් වගේ අපේ සිහියට නැගෙනවා.... අ වගේ වෙලාවකට හිතට දැනෙන්නේ සතුටක් වගේම උහුලගන්න බැරි දුකක්... මොකද එකට හේතුව ඔය වගේ දේවල් මතක් වෙන කාලෙට අපිත් එක්ක එදා එකට ගිය යාළුවො අපිත් එක්ක නොහිටින්න පුළුවන්... අත්දැකීමෙන් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං... සහතික ඇත්ත!

      Delete
  22. අනිත් දවසෙ මතක් කරල ලුනු පොට්ටනියක් (පොඩි රෙදි කෑල්ලකට ලුනු ටිකක් දාල බැඳගනින් ) අරන් පලයන්. කූඩැල්ලන්ට කියාපු බෙහෙත. තිබ්බ ගමන් බඩු බිම. බීපු ලේ ටිකත් ආපහු දානව. සබන් ගාගෙන ගියාමත් කූඩැල්ලො කනව අඩුයි. ඒත් ටිකකින් සබන් දියවෙනව. නකල්ස් පැත්තෙ නම් මී ඇට පොඩි කරල ගානව. ඒත් ඉතින් ඕව කොහෙන් හොයන්නද. ඒ නැතත් නාපු ගමන් ඒව යනවනේ. ඉතින් මට නම් ලුනු හෙන ඉෆෙක්ටිව්.
    .
    හැබැයි අච්චර ගිහින් හැරිල ආපු එක නම් අපරාදෙ. ඕක උඩ සිරිපතුලක් එහෙමත් තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙමලු නෙහ්..

      අපේ අනිත් සෙට් එක නැග්ගා. උන් දායි පෝස්ට් එක ;)

      Delete
    2. ඔය ඔක්කොටම වඩා ලේස්යි සිද්ධාලේප ටිකක් ගාගෙන යන එක සහ අරන් යන එක.

      Delete
  23. මං හිතන්නෙ මාව කූඩැල්ලන්ට පේන්න බෑ, ඇයි ඉතින් ඌ එල්ලුන කකුල වනල වනල ඌට කලන්තෙ හැදෙනකන් මම දගලල කෑගහනකොට ඌට නැගපු මෝඩ කරම කියල හිතෙනවා ඇති. හරි ලස්සන පැත්තක් වගේ, ආස උනාට දැන් ඔය පයින් යන ගමන් වලට එච්චර කැමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. හහහා.... ^_^

      ඔව් ඉතින් දැන් ආච්චි අම්මලට පයින් ගාටන්නත් අමාරුයිනේ ;)

      Delete
  24. නියම ගමනක්නෙ ‍සෙට් එක ගිහිල්ල තියෙන්නෙ. ඊට වැඩිය ඒක විස්තර කරල තියෙන විදියත් මරු.

    ඇත්තටම මොකාද බං අර සතා. එච්චර ලොකු එකෙක් දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... ඌ ගොඩ්සිලෙක් :0

      Delete
  25. //දන්නවනම් මම ටෙරාබයිට් 100ක විතර එක්ස්ටර්නල් හාර්ඩ් එකක් හදාගන්නවා...// හිකිස්.. හොඳ අදහසක් නේ.. :D

    රජාගේ රාජපුත්‍ර කසුට්ටා.. :) හැබෑට ගාමිණී අයියා නම් දන්නවා ඇති ඒකා මොකෙක් ද කියන්න.

    එලස් මචං.. විස්තරෙත් මරු. "ටිකක් උඩ ඉඳන්" කියන පින්තුරේ නම් පට්ට..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම ඌව දැක්කේ කාවින්ද...
      කෑගැහුවේ මමයි දුලියයි...

      ඒකහින්දා තුන්දෙනාගෙම නමින් නම් කරන්න ඕනේ ;)

      Delete
  26. ෂික් විතරක් මුනුත් ගන්න ආතල්..ඉරිසියාවෙ බෑ...යන්න හිතෙනව අප්පා.

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්නකෝ..... ;)

      Delete
  27. මොකද මේ තරුණ මහත්වරුන්ට මේ තරම් ති වැටුනේ කන්ද නගින්න ගිහින්. මේ වගේ ගමනක් යන්න කලින් ටිකක් ජිම් එකක් පැත්තේ ගිහිල්ල පෙර සූදානමක් වුනොත් හොඳයි. අර පිටේ එල්ලගෙන ගිහින් තියන බෑග් පහල තියලා එන්න තැනක් තිබුනේ නැද්ද? සමහරවිට බොහොම උපක්‍රමශීලීව කතා කලානක් අලගල්ල දුම්රියස්තානාධිපතිගේ බාරයේ තියලා ඇවිත් පහසුවෙන් කන්ද නගින්න තිබුනා. ඒ සඳහා පුංචි ගමන් මල්ලක් වෙනම රැගෙන යායුතුයි. භාෂා විලාශයේ සමහර යෙදුම් අනුමත කරන්න බැරිවුනත්, චාරිකා විස්තරය හොඳයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගෙදරටම වෙලා ඉදලා ෆිට්නස් බැහැලා.... නැත්තම් ඔහොම කදුද නැග්ගේ. :(

      අපෝ තියලා යන්න තිබ්බා...ගේමක් නෑ. ස්ථානාධිපති අයියෙක් හිටියේ. අපිට වෙනම කෝච්චියකුත් නවත්තලා දුන්නා. කොහෙද ඉතින්...කෑම බීම උස්සන් යන්නත් ඕනනේ. :) :)

      ඒවා ගණන් ගන්න එපා!

      Delete
  28. සැක් කූඩැල්ලෙක් තොගේ මොකද්ද එක කෑවනම්....

    ReplyDelete
    Replies
    1. එහෙනම් උගේ අවසානේ තමා ;)

      Delete
  29. සුපිරි සවාරියක්.ස්තුතියි රජෝ........

    ReplyDelete
  30. දැන් රජාගේ ලේ නැතුව ඇති ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ...පයින්ට් දෙකක් විතර අරුන් බිව්වා :(

      Delete
  31. ඇත්තටම රජෝ උබ ලස්සනට ලියල තියෙනව... නියමයි.... අනික ලස්සන 4ටො ටික... මටත් යන්න ආසයි.. නමුත් කාලය අපිට හරස් වෙලා ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං... පහුවෙනකොට අපිටත් ඕකම වෙයි :(

      Delete
  32. අර ගස් වල මාක් දාගෙන ගියෙ කකුලක් උස්සලද ?
    වෙල්යාය මැදින් යන පාර කොන්ක්‍රීට් දාල වගෙ.ඉස්සර මඩ පාරක්.. ඒ කාලෙ මගෙ හොඳම යාලුවා චන්දරේ එක්ක බයිසිකල් පදින්න පුරුදු උන පාර. මඩේ වැටිල වෙලෙත් වැටිල තමයි පුරුදු උනේ.. ඒ අතීතය හරිම සුන්දරයි.. ඌයි මායි එකට ඉගෙනගත්ත... උගෙ ගේ ඔය කන්ද පාමුල..

    ReplyDelete
    Replies
    1. ඕං ඕං ඉතින්... ^_^

      සිරාවට....නියමයිනේ!

      Delete
  33. මම ඉන්නේ අලගල්ලේ.කෝච්චී පාර පැත්තේ නෙමේ අනිත් පැත්තේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද? එලනේ... ආයේ ආවොත් එන්නන්කෝ ගෙවල් පැත්තේ :)

      Delete
  34. නියමයි ආයෙ යනකොට මටත් කියන්න :D ඔය ඉන්න සතා කරමල් බෝදිලියෙක් Hump-nosed lizard (Lyriocephalus scutatus)

    ReplyDelete
  35. අවුරුදු දෙකක් ඔය කන්දට කිට්ටුව පදිංචි වෙලා හිටියා..උදේ හවස දැක්කා..ඒකට මොකද කූඩැල්ලන්ට තියෙන කැමැත්ත හන්දම කන්ද නැග්ගෙ නෑ :D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)