Sunday, June 10, 2012

ඌ හැදුවෙ මගෙ රෙදි ගලවන්න...

රජ වැරදීමකින් වගේ ලඟදි තහනම් අඩවිය පාසල් සේවයේ ගමපහ ගියේය. ගෙදරින් බසයට ගොඩ උනෙමි. පුරුද්දට මෙන් ගිහින් වාඩි උනේ පසුපස ආසනයේ පෙම් මුල්ලේය. එතන ඉස්සර ඉතාමත් කුප්ප වැඩ සිදුවූ මර්මස්ථානයකි...දන්නෝ දනිති. අසාමාන්‍ය ලෙස පාන්දර අවදි වීම හේතුවෙන් මට මුල්ලේ නින්ද ගියේය. අවදි උනේ දරාගත නොහැකි කන් කැක්කුමක් ඇල්ලීම හේතුවෙනි. මම එක්වනම දෑස් විවර කලෙමි. මට උන් හිටි තැන අමතක විය. හතර වටේටම කෙල්ලොය. සියොලග පන නැති විය. මගේ අන්ත:පුරෙවත් මෙච්චර කෙල්ලෝ එක පාර මා වටේට ඉඳ නැත. නිදිමත කොහෙන් ගියාද නැත. රජ නතර වුයේ රියදුරු මාමා ළඟ අසුනේය. 

පාසල් බස් රථයේ ඉරණම නං ඉතාමත් ‍ඛේදජනකය. රජ සමග පාසල් ගිය කුප්ප කොල්ලෝ ටික එකේවත් නැත. උන් දැන් ලොකු වෙලාය. සමහරු බස් වල ගම්පහට යති, සමහරු කෝච්චියේ යති. අහෝ දුකකි ඉරි ගොඩකි.. තිත් ගොඩකි... අනසක පතුරුවා තිබු පසුපස ආසනය කෙල්ලන්ගේ සිගිති ආතල් වලට තෝතැන්නක් වී ඇත. ඉස්සර අපි බස් එක පිටුපස මොන තරම් සම්භාව්‍ය වූ කුප්ප වැඩ කලාද? අද එසේ කරන්නට එක පැහිච්ච කොල්ලෙක් නැත. ඉන්න උන් හතර පස් දෙනාත් කොට ජංගි ගහන උන්ය. උන්ගේ දැලි රැවුලවත් ඇවිත් නැත. ඒකටත් හරියන්න කෙල්ලොය. දෙවන වර උසස් පෙළ කරන අම්මන්ඩිලත් යන්නේ අපේ පාසල් සේවයේය. සූටි කොල්ලන්ගේ නැති දැලි රැවුල තියෙන කෙල්ලෙක් මම එදා දුටුවා මතකය. ඇය බසයට ගොඩ වෙන තැනත් මතකය. මව්තුමියගෙන් කාඩ් ටික ඉල්ලාගෙන ඇගේ නම සොයා ගත්තෙමි. ඇය මෙන්ම නමත් ලස්සනය. හැබැයි කොරහ, රැවුලය. දැන් කතාව යොමු වෙන්න යන්නේ වෙන දිශාවකටය. ඊට පෙර හරි පාර සොයා ගත යුතුය. 

____________________________________________________________________

ඉන්ටර්නැෂනල් යයි කියා ගන්නා ඉස්කෝලෙකට යන්න අලුත් ලමෙක් අද බස් එකට ඇවිල්ලාය. ඌ පොඩි කොලු පැටියෙකි. අහිංසක ලුක් එක ඉහින් කනින් බෙරෙයි. ඌ සිටියේ මට පසු පසඅසුනේය. හැබැයි සිටියේ මුණ එල්ලා ගෙනය. 

බබා මොකද නිකන් දුකෙන් වගේ...

ඔහෑ ඔහෑ.....................

මේකා එක පාරට අඩන්න ගත්තේය. මුළු බස් එකම දැඩි නිහඩතාවයේ ගිලුනේය.. දැන් ඇසෙන්නේ උම්බෑ හඩ පමණි. එක එක වැඩ, පච ටෝක් හලමින් සිටි හා නිදා උන් ජනතාව ඉස්සරහ බලනවා මෙන් මට පෙනුනි. නමුත් උන්ට කලින් මම ඉස්සරහ බලාගෙන පොන් එකත් අතට අරන් මැසෙජ් එකකුත් කොටලා ඉවරය.

මේකා නවතින්නේ නැතුව අඩනවාය. මම වැඩර් වගේ ඌට ලං කලෙමි. මොකද මල්ලි......... ඇයි? හරි යන්නේ නැත. මු තවත් අඩනවාය. 

කවුද මේ මල්ලිට මොනවහරි කලේ?

පිටු පස බලමින් මම කෙල්ලන්ගේ අවදානය දින ගැනීමට මරුමුස් කට හඬකින් ඇසුවෙමි.

ඒ ගුල්ලෝ නෙමේ.......උයා.......

මේකා කිව්වේ මටත් වඩා හයියෙන්ද මන්දාය.... මට පසු පස ආසනවලින් සිනා හඩක් අසුනේ නැත. මගේ කලිසම,බැනියම, ෂර්ට් එක හා සාඩම්බර ඉන්දීය උප මහාද්වීපය බස් එකේ උඩ පාවෙනවා මම දුටුවෙමි.

චාටර් වෙනවා කියා මෙහෙමත් චාටර් විය නොහැක. මට අම්බානට මල පැන්නේය. 

ඇයි යකෝ මම මොකද්ද කලේ.????????

මම උයාගේ උය ශර්ට් එකේ ඉන්න යකාට බයයි.....

හත්වලාමය. යක්ස කතා ලියන දවස් වල ගත්තු ශර්ට් එකට මේ පොඩි එකා බය වෙලාය. මම ඌව සනසන්නට දැඩි පර්ශ්‍රමයක් යොදන අතර තුර මු බහින ඉස්කෝලෙත් ලං වෙලාය. දැන් මු බහින්නේ නැත. අංකල් කෑ ගසයි.

බහින්න ළමයෝ...මේ අනිත් අක්කලාට පරක්කු වෙනවා.මුගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත.

එන්න අපි දෙන්නා යන්න. 

මම උගේ අතින් අල්ලන් ගිහින් ඉස්කෝලේ ගේට්ටුව ලගින්ම අත හැරියෙමි. මූ හිනා කටක් පුරෝගෙන ඇතුලට ගිහින් මට ටටා කියයි. මම ඉනට අත තියාගෙන කට ඇරගෙන බලන් සිටී. බලන් ගිහාම මූ මටත් වැඩ කුජීත පොරකි. මුගේ අදහස වී තිබුනේ අර ලක්ෂ සංඛ්‍යාත වූ කාන්තා පාර්සවය ඉදිරියේ මගේ ඇදුම් ගැලවීමය. මම බිම බලාගෙනම නැවත බසයට ගොඩ උනෙමි. බස් රථය ඇතුල බලන්නට නොහැක. කර්ටන් අස්සෙන් සුදු පාට තිත් තිත් පෙනුනි. ඒ අර හපුටු කෙල්ලන්ගේ දත් විය යුතුමය.

ප/ලි:

ඌව හමුවූ මොහොතේ පටන් මට මගේ සුටි කාලේ පාසල් ජීවිතය මතක් වෙන්න ගත්තේය. ඒ නිසාම මේ පොස්සුට්ව ලියන්න තීරණය කලෙමි. මේ තියෙන්නේ සජා පාසල් ගිය මුල්ම දවසේ පොටෝවකි. මේ බඩු බාහිරාදිය මේ මතක් වන තුරුම මා සන්තකයේ තිබුනද ඒවා අසරණ අක්කා කෙනෙකුගේ ලමෙකුට අපේ මව්තුමිය දී තිබුණි.



මේ රජ සුටි කාලේ ඉඳන්ම ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ය. ඒ වගේම නිර්භීතය, හිත උණුවෙන සුළුය. මේ හැම එකකටම උදාහරණ දිය හැක.
  • නිර්භීතය:- පන්තියේ චූ කිරීම
  • හිත උණුවෙන සුළුය:- 1-4 වසර දක්වා පන්ති මාරු කරන විට ඉස්කෝලේ දෙවනත් වෙන්න ඇඩීම (ඇයි ටීචලා, ඩෙස්, පුටු, දාල යන්න වෙනවනේ)
  • ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ය:- 



සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

148 comments:

  1. Replies
    1. අන්තිම පොටෝව සම්බන්ධවයි. එදා ඉදන්ම ලෝකෙට හොරෙන් තමන්ට කිසිත් නැති බව සගවා සිටියද, දැන් අන්තඃ පුරයම නුබේ තත්වය දන්නවා ඇත රජතුමනි..

      ඉතිං අන්දරේට කාර්්‍යය බහුලය..

      Delete
    2. මෙන්න හත් අවුරුද්දකට විතර පස්සෙ එක වෙලා... :)))

      තියන හින්දානේ හංගන් ඉන්නේ... ඔය පොටෝව ගත්තු දවසේ හරි සීතලයි.. ඇකිලෙන්න දෙන්නෙ නැතුව තියාගෙන ඉන්නේ.

      Delete
    3. සෑමා ගේ කටට රුපියල් දහයේ කාසියක් දැමීම වටී!!
      ජය වේවා!!

      Delete
    4. දහයත් නෙමේ දාන්න ඕනේ.... :-)

      Delete
  2. ඉස්කෝලේ කාලේ ........ අපි හැමෝම යන්න කැමති ඒත් ආයෙත් යන්න බැරි කාලේ.... දැන් මෙහෙම පෝස්ට් ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ... දුකේ බෑ අෆ්ෆා... :(

      Delete
  3. පොඩි එකාට බොරු ආදරයක් පා.. අර චීත්ත කෑලි ඉදිරියේ සංවීදී චරිතයක් වීමට කල පජාති උත්සාහය කුජීත කල හුරතල් පුංචි එකාට මාගේ ප්‍රණාමය

    කුප්ප රජෝ,,,,,,,,,,,,

    අසභ්‍ය පින්තූර දාද්දි හෙඩින් එකේ දාපන් අසභ්‍ය පින්තූර සහිතයි කියලා

    ReplyDelete
    Replies
    1. චීත්ත අදිනවද බං ඉස්කෝලේ... ඒ උඹලගේ කාලේ..
      මේවා ගවුම් කෑලි.....

      අසභ්‍ය උනත් සිරියාවන්ත නැද්ද හා...?

      Delete
  4. හපෝ මුගේ ලැජ්ජාව අත්දෙකෙනුත් වහගෙන :ඩ්
    පොඩි කාලෙත් ඇම්ඩේක් වෙන්නැති..
    සුබ වේවා !! :p

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      පොඩි කාලේ එකාම තමා දැනුත් ඉන්නේ...

      Delete
    2. ඒ තරම්මද ?

      උබලගෙ ගෙවල් ගාව ඉඩමක් එහෙම නැද්ද විකුණන්න

      ආ නෑ නෑ මාලිගාව ගාව

      Delete
    3. ඒ මොකටද බං...??

      Delete
  5. ලැජ්ජා බට හැදුන එක නම් අන්තිම පිතූර කෑල්ලෙන් යසට පෙනෙනවා. අනේ මෙහෙමත් රජෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක නෙමේ රජෝ අර බෙල්ලෙ එල්ලලා තියන්නේ හෙනරාජ තෛලයද??

      Delete
    2. හෙනරාජද මොනවද දන්නේ නෑ.. ඕක අම්මා දුන්නෙ..
      පුතේ.... මේක බීලා පන්තියේ චූ දාපන් කියලා... :-)))

      Delete
    3. ආ........ඒක ගැනද ඇහුවේ? :-)
      අනේ මන්දා මොන තෛලෙද කියලා..

      Delete
  6. ඔක්කොම කතාව හරි කියමුකෝ. උඹේ කුප්ප උත්සාහය පොඩි එකා මෙව්වා කළා කියලත් කියමුකෝ.. අර ලැපක්ද පිටේ බැඳන් ඉන්නේ? හප්පොච්චේ අනික් ඒක වෙද මහත්තයා අහල..

    ප.ලි. : කන්ටෙන්ට් වොර්නින්ග් එකක් දාන්න එපැයි නිරුවත් පින්තුර සහිතයි!! කියල හෙඩිමේ...

    ReplyDelete
    Replies
    1. ඒක සිරා බෑග් එක බං... මුළු පන්තියෙන්ම මට විතරයි ඔහොම කොටු බෑග් එකක් තිබ්බේ..
      පට්ට භාණ්ඩේ.. :-))

      නිරුවත් නෑ බං...

      Delete
  7. අයියෝ රජ වුනත් පොඩි එකාගෙන් චාටෙර් වී ඇතිය අහෝ දුකකි ***********:D

    ReplyDelete
    Replies
    1. චාටර් කියන්නේ.... වහ!! :-))

      Delete
  8. අම්මෝ... ! මේ රජා ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා තියන හැටි... හරියට සිව් රඟසේනාව එක්ක යුද්දෙට යන්න ලෑස්තිවෙලා වගේනේ.... හැබැයි ඉතින් රජා වුනද් පොඩි එකා ඉදිරියේ බලු වී ඇත්සැටියක් පෙනේ...

    ReplyDelete
    Replies
    1. පට්ට කිට් එක නේ........ මම ආසම බ්ලූ පාටින්.... :-)))))

      බලු නේන්නං...

      Delete
  9. අන්තිමටම කියල තියන එක තමා අවුල....අර ලැජ්ජ බය නැතුව හැදිච්ච කතාව....
    හැබැයි ඒකනම් ඇත්තද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... අමූලික ඇත්ත..

      Delete
  10. අන්තිම පිංතූරෙ හැටියට ඇත්තටම ලැජ්ජා භය ඇති එකෙක්. දැං නං කොහොමද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හිකිස්... දැනුත් එහෙම තමා ඉතින්... :-)

      Delete
  11. //මව්තුමියගෙන් කාඩ් ටික ඉල්ලාගෙන ඇගේ නම සොයා ගත්තෙමි.//

    මේ කොහොමද බොලේ???

    මේකා නම් රජාමය.. වෙන එකෙක් නොවේය... අන්තිමට දමා ඇති පින්තූරෙන් ඒ බව ඔප්පු වෙනවාය... රජාගේ නොවෙනස් බවට මගේ ප්‍රණාමය (එදත් අදත් පෙනුම _ල් වාගේය)

    පොඩි එකා රෙදි ගලවන්ට දස්සයෙක් බව පෙනේය... එල ඈ...

    ගෑණු ලමයි නරක් වෙයි ඉක්මන්ට දාපං නිරුවත් පොටෝ සහිතයි කියලා

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ බං....... බස් එකේ උන්ට දෙනවා කාඩ් එකක්. එකේ තමා මාසේ ගෙවීම් ලකුණු කරන්නේ.. ඒකේ නම,ගම, ඉස්කෝලේ නම, තාත්තගෙ නම වශයෙන් මුළු ජාතකේම තියනවා... :-)

      _ල් පෙනුම??? ආ................පූ.......... කිව්ව කතාව.

      කොහෙද බං නිරුවත්....එක මයිලක්වත් පේන්නෙ නෑ...

      Delete
  12. යකෝ රජෝ දාන මඟුලක් නිකන් සන්සන්දනාත්මකව බලල තේරුම් ගන්න පුළුවන්වෙන්න දාන්න එපායෑ. අර අන්තිම පින්තූරෙත් එක්ක දැන් එහෙම ඉන්න එකකුත් දැම්මනම් මොකද? එහෙනම් ඔන්න අපිට හිතාගනන් පුළුවන් උඹ එදා වගේම අදත් ලැජ්ජා බයට ඉන්න කොල්ලෙක්ය කියල. (එහෙම වුනා නම් අද අපිට මේකට කමෙන්ට් කරන්නවත් හම්බවෙන්නෙ නෑ, ට්‍රැෆික් එක.) :D

    ReplyDelete
    Replies
    1. දැම්මොත් මොකද කියන්නේ........? එක්කෝ ඕනෙ නෑ.. :-)))

      Delete
  13. මුගේ හැටි දන්නේ අපය...

    රජෙක් උනත් මේ ගහන කෙප්ප වලට උල තියා මගුල් ඇතා ලවා පාගවා මැරුවත් මදිය...

    ReplyDelete
    Replies
    1. උඹ අපේ බසයේ ගියේ නැතිය... ඒ නිසා ඒ ගැන දන්නේ නැතිය...

      පන්තියේ හිටියේ බස් එකේ සිටි එකා නොවේය..
      බස් එකේ සිටියේ බොග ලියන එකා නොවේය..
      බොග ලියන්නේ ගෙදර ඉන්න එකා නොවේය...
      ගෙදර ඉන්නේ කැම්පස් එකේ ඉන්න එකා නොවේය..

      මා හරි හැටි හදුනාගත් කිසිවකු නොමැත..... එය කලද නොහැක....

      Delete
    2. “හඳුනාගත්තොත් ඔබ මා ....“

      උඩෘත පාඨයක් වශයෙන් රජාට ගැලපෙනව.

      Delete
    3. අඩු ගානේ මමවත් දන්නෙ නෑ.. මම කවුද කියලා... :-)

      Delete
    4. සිම්පල් ප්ලෑන් එකක් නේ මල්ලි. ගන්න ජාතික හැඳුනුම්පත. බලන්න විස්තරේ. ආණ්ඩුව ඕක දීල තියෙන්නෙ තමන් කවුද කියල අමතක වෙන අයට බල බල ඉන්න තමා.

      Delete
    5. පත්තරේ ඇඩ් එකක් දාපන් ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් කියල

      Delete
  14. මේ වගේ අවලං රජෙක් කාලෙකින් දැක්කේ ...

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනං බලාගනින්... :-)))

      Delete
  15. රජ ඇදුමෙන් විදි සවාරි ගියා නම් ඉවරයිනේ.....

    ReplyDelete
    Replies
    1. අඩවි වැසියෝ හොල්මන් වෙලා යන්න වෙලාවක යමු... :-)

      Delete
    2. රජා පොඩි කාලෙත් රජ ඇඳුමක් ඇඳගෙන ඉන්නෙ. ඇයි උඹලට පේන්නෙ නැත් ද? “සීතාම්බර පට“

      Delete
  16. ඉස්සර රජාගෙත් දැන් රජාගෙත් වෙනසක් නැත. තව ටිකෙන් අර පොඩි එකාට දෙයියන්ගේම පිහිටය...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... ඌට මට..... මතක් වෙද්දි ඌව බාබකියු කරන්න හිතෙනවා

      Delete
  17. ශෝක් පොඩ්ඩා බොල, ඇත්තටම මේ රජාමද. ? දැන් එකකුත් දැම්මනම් කෙතරම් අපූරුද..? ජය...!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රජාම තමයි...
      දැන් එකක් වැටෙයි ලගදිම... :-)

      Delete
  18. මොකටද...බන් කපුකුඩේ..රජා ට මුතුකුඩ මිසක්..!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ රජ වෙලා නෑනේ.. :-)

      Delete
  19. කුප්ප රජෝ, ඒ නම නියමයි වගේ

    ReplyDelete
    Replies
    1. කෑගහන්න එපා බොලේ... ඕක රෙජිස්ටර් වෙයි.. :-)

      Delete
  20. රජා කියන්නේ ලැජ්ජ බයට හැදුන කොල්ලෙක් බව මනාව පසක් විය.
    අඩේ රජා ගියේ ගම්පහ පැත්තේ ඉස්කෝලේකට දෑ.
    මාත් ගියේ එහෙටමනේ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හෑ..........???

      මම අර සිහින අයියගේ ඉස්කෝලේ... මධුරංග අයියා???

      Delete
  21. ආ............නූ...........බබා කාලෙ උයා හලි සෝයි හලේ......^_^

    ReplyDelete
    Replies
    1. අනී... තව පොටෝ තිබ්බා...
      ඒවා දැක්කම මටත් හිනා යනවා.. ^_^

      Delete
  22. සිහි වෙනවා පාසල් ගිය පොඩි කාලේ
    අම්මප කරපු වැඩ කියන්න නැත කාලේ
    රජුගේ පෝස්ටුව දැන් මම දුටු වේලේ
    ලාබයි ඇපල් හැඬුවා සිහිවී බාලේ

    ReplyDelete
    Replies
    1. මම කවි නොලියමි... :-))
      එල ඈ...

      Delete
  23. හප්පේ... ලැජ්ජ බව නම් පේනවා... හි හි

    ReplyDelete
  24. දැන්නම් ලැජ්ජාවක් නෑ වගේ.. :)අහෝ දුකකි! රජ වැඩ ඒ කාලේ තිබී නැත. පොඩි කොලුවා හොඳ ගේමක් දීලා නෑ කියන්නම බෑ නේද රජෝ...?

    ReplyDelete
  25. //මම බිම බලාගෙනම නැවත බසයට ගොඩ උනෙමි. බස් රථය ඇතුල බලන්නට නොහැක. කර්ටන් අස්සෙන් සුදු පාට තිත් තිත් පෙනුනි. ඒ අර හපුටු කෙල්ලන්ගේ දත් විය යුතුමය.//

    පට්ට ලියවිල්ල....මේ ප්‍රතිභාවනම් ෂාප් එකේම තියාගන්න ඕන රජෝ...

    අන්තිම පොටෝව සම්බන්ධවයි....
    මොකද්ද බං අර හරහට බෙල්ලෙ එල්ලලා තියෙන කෝටු කෑල්ලක් වගේ එක...? පුංචි කාලේ මාන්දමට දාපු එක ද ? නැත්නම් ඒ කාලේ ඉදලම මෝහිනීගෙ ගැටළු තිබුණ ද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... :-)

      ඒ උඩරට ගල් බෙරේ.... ඕක ඔහොම පෙනුනට හපලා හපලා ෆ්ලැට් වෙලා තියෙන්නෙ... හෙළුවෙන් ඉන්න උන් ගාවට මෝහිණී එන්නෙ නෑලු...

      Delete
  26. මාත් ඉස්කෝලෙ ගියෙ රතු කුඩයක් අරන් රතු වතුර බෝතලේ අරන්..හෑ..අපි එකම රාජධානියෙනෙ නේද රජා මල්ලී..??

    ReplyDelete
    Replies
    1. දාන්න චින්චෝ පහක්....
      ඔයා රතු මම නිල්... :-))

      ඇත්තට අපි අල්ලපු වැටේ කස්ටියනේ...

      Delete
  27. පොඩි පැංචෙක් රජෙක් රවටයි... හික්..හික්..

    ReplyDelete
  28. අනෙ අම්බෝ...ඇස් දෙකෙන් කදුලු පනිනකම් හිනා ගියා රජෝ....
    ලැජ්ජා බයක තරම..ඒ මදිවට දාලා තියෙන කොමෙන්ට්ස් ටිකත්.......හහා

    ReplyDelete
    Replies
    1. හි හි හී....... අයියෝ කදුළු :-)))

      Delete
  29. හොද වෙලාවට අතින් වහගෙන ඉන්නේ.. නැත්නම් මේක කොටු කොටු දාන්න වෙනවා.. උබට ලැජ්ජ බය තියෙන බව පිළිගනිමි....

    උබ පහුවදත් ඒ බස් එකේ ගිහින් බලන්න තිබ්බේ.. අර පොඩි එකා අක්කලා මැද්දේ යන ලස්සන.. උඹට ගේමක් දීලා..

    ReplyDelete
    Replies
    1. පහුවදා ගියා නං ඌ ආයේ එන්නෙ නෑ බස් එකේ... :-)

      Delete
  30. රජතුමා ඒකාලෙත් සීතාම්භර සළු ගැන දැන සිටි හැඩයි ! හිකිස්.

    ReplyDelete
    Replies
    1. හි හි හී......... සීතාම්භර සළු

      Delete
  31. පොඩි එකා කව්දැයි දැනගතිමි..... අක්කලා ළග පොර වෙන්න හදන එකා කව්ද? මේ සතියේ ගැටළුව.... ඉගිය - ඌ සිංහල ඉංගිරීසි දෙකෙන්ම බ්ලොග් ලියන තවම ඉස්කෝලෙ යන හාදයෙකි.

    ReplyDelete
    Replies
    1. මේ චු කොල්ලා නම් වෙන්න බෑ බං. ඌ කොහේද මේ ගං5 ඉස්කෝලේ යන්නේ. ඒත් ඒ පැත්තේ බාලිකා ඉස්කෝලයක් අස්සේ රිංගන්න නම් ඕකා ප්ලෑන් එකක් ගැහුවා තමා පහු ගිය දොහේ. එහෙම යන්න ගිහින් වැරදිලාවත් රජාගේ බස් එකට නැගලද

      Delete
    2. මටත් මතක් උනේ රෙපා කිව්ව එකාව... :-)

      Delete
  32. අන්තිම ෆොටෝ එක හොඳටම ඇති උඹේ හැටි හිතා ගන්ඩ..

    ReplyDelete
  33. උබ මොනවද බං අර අන්තිම පොටෝ එකේ හංගන්න හදන්නේ.. සෑමා කිව්වා වගේ ලෝකෙට හැන්ගුවට අන්තඃපුරය දන්නවා ඇති සැගවීමට කිසිත් නැති වග...හු...හු....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹ මගේ අන්තඃපුරේ එකක් එක්ක පැන්නා නේ කොටු??? මම අහුවෙකන් තමා හිටියේ..

      Delete
  34. අන්තහ්පුරයක් ගැන ඒකාලේ ඉඳලම හීන මවපු බවට සාධක තියෙනවා අන්තිම ෆෝටෝ කෑල්ලෙ!
    හැබැයි හුරුබුහුටි හැඩ කොලුපොඩ්ඩා ඒ කාලෙ. දැං වගෙ නෙවෙයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉතින් හුරුබුහුටී තමා... :-)))

      Delete
    2. අන්න මම හුරුබුහුටි හැඳින්වීමකුත් කරලා තියෙනවා ඔබ වහන්සෙට අර ට්‍රිප් එක ගිහින් කට තලාගත්තට පස්සෙ. :)

      ඔබවහන්සෙට ඕනෙම නම් ඔය පල්ලෙහා තියෙන henryblogwalker කියන කෑල්ල උඩ කොටලා හරි ඔබ වහන්සෙගෙ බ්ලොග් රෝලෙ තියෙන 'මට හිතෙන හැටි' ලින්කුව උඩ කොටලා හරි මගෙ සයිට් එකට ගිහින් මගෙ බ්ලොග් රෝලෙ 'තහනම් අඩවිය' උඩට කර්සර් එක ගෙනිහිල්ලා ඔබන්නෙ නැතුව බැලුවනම්..පස්වාන් දහසකට බුදුවන්ඩ... ඒක අයින් කරන්නෙ නම් නෑ රජෝ රාජ සම්පත් ලැබුනත්...හෙහ් හෙහ්...

      henryblogwalker the Dude

      Delete
    3. මොකද්ද කළු මාමේ ඒ නම???
      අයින් කරන්න එපා.. ඒක හොදා.. :-))

      Delete
  35. හී හී අර අන්තිම ෆොටෝ එක දැක්කම තේරෙනවා කොච්චර ලැජ්ජා බයට හැදිච්ච කොලු පැටියෙක්ද කියලා.මේ රජෝ හැබෑටම මොකක්ද ගිය ඉස්කෝලේ ආ ?

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙම කියන්නෙ නෑ... කාව්‍යා අක්කා අහපු හින්දමයි මේ කියන්නේ...

      ගම්පහ තියන එකම පිරිමි ඉස්කෝලේ.... අන්න ඒක තමා රාජ මර්මස්තානේ :-)

      Delete
    2. හනේ මම ගල්කිස්සෙ මම දන්නෙ නෑ ගම්පහ ගැන , මම දන්නෙ ගල්කිස්ස තෝමියන් එකයි , සයන්ස් කොලේජ් එකඉ ලලිත් අතුලත්මුදලි එකයි විතරයි

      Delete
    3. හෑ....? මමත් මේ දැන් ඉන්නේ ගල්කිස්සේ....අපේ බෝඩිමේ :-)
      අක්කා කොයි හරියෙද???

      Delete
  36. අපොයි....මුගෙ ලැජ්ජාව....

    ReplyDelete
  37. සුපිරි....හික් හික්...එලට ලියලා තියනවා....

    ReplyDelete
    Replies
    1. හැකැස්....ටැංකියු... :-)

      Delete
  38. ඔය කතා කොහොම වෙතත් අර පොඩි එකා මූව නිර්වස්ත්‍ර කරලනෙ

    ReplyDelete
    Replies
    1. හෙළුවෙන් වැනුවේ... (අර කකා වගේ) :-))

      Delete
  39. //ඌ හැදුවෙ මගෙ රෙදි ගලවන්න...//

    ගලවන්න දෙයක් නෑ.....

    උඹ පොඩි කාලෙ ඉ‍‍‍දන්ම ඉදල තියෙන්නෙ රෙදි නැතුවනෙ.....

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තමා... මුලයි අගයි නියමෙට ගැලපිලා තේරුනේ... :-)

      Delete
  40. අපෙ ගම ගල්කිස්ස ටෙම්පල් පාරෙ මම දැන් ඉතින් සැමිය එක්ක ඉන්නෙනම් පිලියන්දල.හැබැයි නිතර ගල්කිස්සෙ තමා

    ReplyDelete
    Replies
    1. අපි නං හොටෙල් රෝඩ්... සුද්දියෝ බල බල ඉන්නවා :-)

      Delete
    2. හැක් හැක් අපි නිතර ආව ගිය පාර ඉස්කොලෙට

      Delete
    3. හෑ??? කාව්‍යා අක්කා හුචස් බාලිකාවෙද?
      අපි ඒක ඉස්සරහා.... :-))

      Delete
    4. කට කට අපහාස කොරන්න එපා හරිය

      Delete
    5. හිකිස්... උසස් උනාට තියෙන්නෙ වලේ... :-) :-)

      Delete
  41. මම උයාගේ උය ශර්ට් එකේ ඉන්න යකාට බයයි..... :) Hina Giya Marennama A Tikata :) :) Aasawen Kiyewwa..Yaluu :) :)

    ReplyDelete
    Replies
    1. හිකිස්... ටැංකියු යාළු.. :-))

      Delete
  42. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....

    අනේ..ලැජ්ජා බයට හැදුනු චුට්ටන් කොලු පැට්ටා හලි හුලතල් ;)( ඒ කාලේ)

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාන් කිව්වළු. අර වරහන් ඇතුලෙ කෑල්ල තිබුණෙ හොඳ වෙලාවට. :)

      Delete
    2. දැනුත් ඉතින් හුලතල් තමා...
      දන්නෝ දනිති....
      දැකපු වෙලාවක බදාගෙන උම්මා එකක් නොදුන්නොත් තමා පුදුමේ... ;)

      Delete
  43. පොඩි එකාත් ඉස්කෝලෙට ඇරලවන තැනට වැඩ කළා නේ. තවමත් තියෙනවද බෙල්ලේ සුරේ. නැත්නම් බයිසිකල් පදිද්දී හැඩල් කොපු ගලවලද පදින්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක කොහෙද දැන්... කුඩු වෙනකන් හැපුවා ඒක :-)

      Delete
  44. හික් හික් හික් ,.,., දන්නෝ දනිති,.,අහෝ දුකකී,.,., එල රජ එල,.,., ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      රාජ සම්පත!!!

      Delete
  45. හොඳා හොඳා පුරුදු වෙන්නත් එක්ක පොඩි එවුන් ව ඉස්කෝලෙ ඇරලවන එක... රජා කියලා වෙනසක් නෑ වගේ නේද?

    ReplyDelete
  46. ඔන්න මමත් බයේ කමෙන්ට් කරා..: :D
    හරිම නිර්භිත රජ කෙනෙක් අප්පා..
    රාජ සම්පත් ලැබේවා........!!!

    ReplyDelete
  47. පොඩි කාලෙ නම් රෙදි නැතුවමයි ඉඳලා තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකනේ වෙනී අයියේ... :-)

      Delete
  48. පොඩි කාලේ මාර ලස්සනයිනේ.:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මෑම්... :-))

      Delete
  49. ලැජ්ජ බය හින්දද අර අතින් වහගෙන ඉන්නේ? :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔව් ඔව්..

      විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ.... :-)

      Delete
  50. ඇඟේ මොකුත් නෑ. ඒකට මොකද සෙරෙප්පු 2කුයි පංචායුධේකුයි තව සුරයකුයි නම් දාගෙන ඉන්නව පොර වගේ.
    පොඩි කාලෙ ලස්සන ළමයි ලොකු කාලෙ වඳුරො වගේ වෙනව කියල අහල තිබුණට, අදනෙ ඒක ඇත්ත කියලා තෙරුම් ගත්තෙ

    ReplyDelete
  51. හොද වෙලාවට රජා ෂර්ට් එක ගැලෙව්වේ නැත්තේ!නැත්නම් අර අහිංසක දැරිවියන්ට නූල් දින්නත් වෙයි!

    ReplyDelete
    Replies
    1. එහෙනං තොයිල් නටන්න තිබ්බා..... :-))

      Delete
  52. සිරා කොලුවා 7 පංතියෙ ඉද්දි ඔය වගේම වැරදිලා කෙල්ලන්ගෙ School bus එකක නැගලා ගම්පහ ගියා.. කෙල්ලො මට ටොකු අනී කියන බයට මමත් උඹ වගේම ඩැයිවර් මාමා ලග තමා ගියෙ.....

    ReplyDelete
  53. හෙහ් හෙහ් එල කතාව බන්....
    මොරාල් එක වැඩි වැඩියෙන් අප් වේවා.......
    මයේ රජෝ

    ReplyDelete
  54. apoo Hotel road eakenam kiyala wadak naha..... eakanisa kiyan ne naha!

    ReplyDelete
    Replies
    1. හහහා..... කතා කරලා වැඩක් නෑ! :)

      Delete
  55. සූටි කාලෙ School Bus ekedi ගත්තු ආතල් දන්නෙ අපි තමා rajoo

    ReplyDelete
    Replies
    1. සිරාවට නේ බං මලේ? මට ඇඩෙනවා ඕයි මතක් වෙද්දි :((

      Delete
  56. ane rajooo pdi ekek ube reddi galewwa ehenammmm ara kellanda mara joliyak enda athi neeeeee

    ReplyDelete
    Replies
    1. ඕං බලහන් කිව්ව කතාව :))

      Delete
  57. පව් අනේ පොඩි ළමයි බය කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මම නෙමේ අනේ රයිටරයෝ :)

      Delete
  58. අන්තිම පින්තුරේ බිම තෙත් වෙලා වගේ පේන්නේ මොකෝ රජෝ

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද අප්සරා ලියනගේ :))

      Delete
  59. අපොයි අර අතින් වහන් ඉන්න එක අනිත් උන් දැක්ක නම් ඉවලයි (කෙල්ලෝ තමා ඉතින්) :) ;) :D

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා වැහිලා තියෙන්නේ =))

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)