Monday, June 4, 2012

අපේ උන් අපිට වටී - Hidden Stars

මේ අපේ සිවිල් බැච් එකේ උන්ගේ සැගවුනු දක්ෂතා එලි දැක්වීමක්ය. 
මේ කවි පන්තිය ලීවේ අපේ බැච් එකේ ලොකුම අක්කාය. මෙය ඇයගේ එක්  ජීවන අත්දැකීමක්ලුය.

තරුමංසලේ තනි වී තරු              දිලුනාට
දිය මත සද කිකිණි සිතුවම්          මැව්වාට
නුඹ ගැබ තරුත් හිමි නැතිනම්       තරිදාට
මම දුක් නොවෙමි නුඹ දුරකින්    පිපුනාට

පියන්නට වෙර දරන නිදිබර නෙතු      වලට
කවුළුව තුලින් සදකැන් දිය ගලන            විට
සද කැන් විමනෙන් බැස රූ දෙවගන   ලෙසට
තනිකම අරන් ආවේ ඇයි මගෙ            හිතට

ගිරිකුළු අතර මන්දාරම්              ඇන්දාට
මගෙ හිත මනාපයි නුඹේ රූ       විදින්නට
හිතුනත් හමුවෙන්න මන්දාකිණිය       යට
උරුම වුනේ දුර හිද පෙම්           කරන්නට




__________________________________________________________________________


මේ තවත් එක් නැගී එන තරුවකි.. සංගීතඥයෙක් වෙන්න ඉන්න එකෙක් කිව්වොත් නිවරැදි.


මේ වීඩියෝවෙ රගපෑම සහ ගායනය අපේ එකාගෙන් තමා




මෙතනින් ගිහින් අහන්න පුළුවන් ලෝක ඒඩ්ස් දිනේට ගහපු සින්දුව..ඒක නං ගිනි ගින්දර... වීඩියෝවක් තියෙනවා 21+..
මෙන්න ලින්කුව... (පවුලේ සැමට විඩියෝ රහිත) 
මේකේ තියන සින්දු ඔක්කොම ඌ මෙව්වා කරපුවා තමා. අහලා බලලා ඌට හයියක් වෙන්න.


මේ ඉන්නේ ඌ... සංගීත් මධුසංක ෆනෑන්ඩෝ 
ෆෑන් පේජ් එකට ගිහින් මම වෙනුවෙන් ලයික් එකක් දාන්න මේ නැගී එන තරුවට.


ප/ලි:

  • පෞද්ගලිකව මේ රජා බූට් සීන් වලට ඉතා අකමැති අතර මෙය දැම්මේ උන්ගේ හැකියාව අගය කිරීමටය.
  • මම බූට් කේස් වලට දැමූ කමෙන්ටු ඔබලා දැක ඇති.  :-)


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

71 comments:

  1. කවිටික සුපිරිය..... වීඩියෝ එක තවම බැලුවේ නැත.. ඔෆිසියේ වීඩියෝ බලනු බොසා දුටුවහොත් හෙට සිට ඉන්ටර් නැට් එකටත් කෙලවී යා හැක... මේ වන්විට කිහිප දෙනෙක් උන්ගේ ඉන්ටර් නැට් වලට කෙලවගෙන ඇත...

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. නිවාඩුව බලහන්...
      මේ බොග හින්දා රස්සාවට තට්ටු කරගන්න එපා...

      Delete
  2. පට්ට කවි ටික ලොකු අක්කගේ ,,, VIDIO එකත් ඊට නොදෙවෙනි වේ .......

    ReplyDelete
    Replies
    1. මම පෙන්නන්නං උන්ට මේ කමෙන්ටු.. :-)

      Delete
  3. නියම වැඩක්. තාම මුකුත් බැලුවේ නම් නෑ. මෙව්වා හොඳ වීඩියෝ නේද බොලව්?

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... පවුලේ සැමට...
      දන්නවනෙ ඉතින් මම එකක් දැම්මොත් :-)

      Delete
  4. අක්කාගේ කවි ටික නම් ඇත්තටම ලස්සනයි.. හොද හැකියාවක් තියෙනවා.. කවි වලින් කියවෙන කෙනාට අක්කා තාම ආදරෙයි.ඒ කතාව මාත් ටිකක් ටිකක් දන්නවා...මොනව උනත් අක්කා අනික් කෙල්ලෝ වගේ නෙමෙයි හරිම අහින්සකයි...ඔය කවි ටික කියවපු වෙලේ මට ඇත්තටම දුක හිතුනා..ඇයි ඒ වගේ අයටම මෙහෙම දේවල් වෙන්නේ කියලා....අපි අක්කාව බොලොග් අවකාශයට අරන් එන්න ට්‍රයි එකක් දෙමු...සංගියා ගැන නම් කියන්න දෙයක් නෑ මිනිහාගේ ඇගේ දුවන්නේ සංගිතය කියන ලේ තව මොන කතාද....දෙන්නගෙම අනාගතයට සුභ පතනවා...ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම...බං
      අක්කව උස්සලා තියමු අවකාසෙන්...
      තියලා.... පබ්ලිසිටියක් දීලා ගමු.. :-)

      හෙට දාමු විසබීජේ ඔලුවට... :-)

      Delete
  5. උඩ අක්කගෙ කවි ටික හරිම ලස්සනයි...ගායකයගෙ කටහඬ හොඳයි..ඒත් ඒ සින්දුවට මම ආශ නැහැ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒ මොකද අක්කෝ ඒ :-)

      Delete
    2. මට අහල පුරුදු තියෙන්නෙ ලංකාවෙ පරන කාලෙ සින්දු....අමරදේවගෙ.නන්දා මාලනීගෙ..සනත්..ගුනදාස..වික්ටර්..දිවුල්ගනේ..මිල්ටන් මල්ලවාරච්චි..දීපිකා..චන්ද්‍රලේඛා..ඉන්ද්‍රානි පෙරේරා...ඔන්න ඔය කට්ටියගෙ සිංදු වලට විතරයි මම ආශ....අම්ම ලඟ තියනව සිංදු අල්මාරියක්..මම ඒවට ආශයි...

      Delete
    3. එහෙනම් කිරිල්ලි දැන් ලංකාවේ ගායකයෝ කියන එවුව ඇහුවොත් අර මෙහෙ එන්න ඉන්න හීනේ නතර කරන්නේ බුදු අම්මෝ මාක් එකකින්.. (!)

      Delete
    4. හිකිස්....! ! !

      Delete
  6. අනේ මන්දා මටනං ඉතින් සංගීත රසයක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹට වෙන මොන රහද තියෙන්නේ :-) :-)

      Delete
  7. එල ඈ ,.,රජතුමනි එලම එල ඈ

    ReplyDelete
    Replies
    1. ආ.....සුදු මහත්තයා මහත්තයයත් ඇවිල්ලා තියෙන්නෙ මේ පැත්තට..
      සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නැතුව රජතුමනි මම ඉතින් අලුත් නොවැ ,., පොඩි වටයක් ගහන්න කියලා මේ පැත්තට ආවා

      Delete
  8. 10 ක් මට බයේ කමෙන්ට් කරලා:

    ප්‍රශ්න අහල තෑගි දෙන සින් එකක් මම කරන්න බොල හිටියේ... බොලා ඉක්මන් වුනානේ...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... මම ටින් ටින් රූප කතාව දාන්න යද්දි ඒක IP කොල්ලා දාලා

      මටත් ඉතින් කරන්න දෙයක් නෑ... ඕං ඔහෙ එකක් දැම්මා.. :-)

      Delete
  9. රජාගෙ පෙර වැරදි සම්බන්ධ වාර්තාවට අනුව “අපේ උන් අපිට වටී - Hidden Stars“ කියල දැකපු ගමන් මම හිතුවෙ මූ ලංකාවෙ පෝර්න් ස්ටාර්ල ගැන කියනව කියල. මැදෑ ... මමත් දුවගෙන ආව බලන්න. :D

    ඔයාගෙ යාළුවොන්ට මමත් සුභ පතනව!

    // මම බූට් කේස් වලට දැමූ කමෙන්ටු ඔබලා දැක ඇති. //

    මචං, “ඔබලා“ කියල වචනයක් නෑ බං. ඒ වචනෙ පාවිච්චි කරන්න එපා. “ඔබ“ කියන්නෙ තනි වචනයක් වගේම බහුවචන පදයක් මම දන්න විදියට. අපි ඉස්සර ඕලෙවල් ක්ලාස් එකේදි ඔබලා කියල ලිව්වම සිංහල සර් මුළු පංතියටම ඇහෙන්න ඕක කියවනව. ඕලෙවල්වලින් පස්සෙ සිංහල ඉගෙන ගත්තෙ නැති වුනාට ඒ සර්ට පිං සිද්ද වෙන්න මම වැරදි වචන පාවිච්චි කරන එකනම් අඩුයි.

    ReplyDelete
    Replies
    1. ආ ... අනික මචං, “වලට“. ඕක කඩල ලියන්න එපා යෝධයෝ. වෙනම ශබ්ධ කරාම වැරදියි. ඒකෙන් කියන්නෙ පොලොව හාරපු එකක් ගැන.

      සිංහල පාඩම ඉවරයි. සුභ වේවා !! රජාට සම්පත් ලැබේවා !!!

      Delete
    2. අඩෝ මට ඕ/එල් සිංහල වලට A තිබ්බේ කොහොමද බං?

      මේකෙ වචන වැරදීනේ බලන් ගිහාම. :-)

      සිරාවට ඔබලා කියලා වචනයක් නැද්ද ඈ...?

      Delete
    3. ඇයි නැත්තෙ "රජාගෙ ආච්චිගෙ රෙදි ටික පනිට්ටුවෙ ඔබලා තියෙන්නෙ" හික් හික්

      Delete
    4. නෑ බං නෑ .. ඒක හරියට අර ඉංග්‍රීසි You වගේ. එක් වචන, බහු වචන දෙකම “ඔබ“.

      රජෝ මටත් ඕ/ලෙවල් සිංහලවලට D එකක් තිබ්බා. (ඒ දවස්වල A නෑ බං. තිබුණෙ D) ඒකට ඔය පොඩි පොඩි මිස්ටේක් එච්චර බලපාන්නෙ නෑ. අනිත් වැඩ ටික හරියට කළාම ඇති.

      Delete
    5. @ Loku John,
      ආ .. ඒ කියන්නෙ ඔබනව කියන වචනෙ අතීත කාලය ගැන. ඒත් අපේ රජා කියල තිබුණු ඉංග්‍රීසි You වෙනුවට යොදන ඔබලා එකනම් වැරදියි කියලයි මම කිව්වෙ මම දන්න හැටියට. සිංහල ගැන මටත් එච්චර දැනුමක් නෑ බං. දන්න කෙනෙක් ඉන්නව නම් කරුණාකරල පැහැදිලි කරන්න.

      Delete
    6. @DDT මම විහිලුවට කියුවෙ

      …ඇයි බන් අර සිංදුවකුත් තියෙන්නෙ
      …ගැ. "මට මුලු ලොවම ඔබයි..."
      …පි. "ඉඳ හිට මමද ඔබයි "

      …කියලා ඒ දවස්වල ඕක ජනාධිපති ආර්‍යාවකට ආදෙෂකරලා විහිලු කතාවකුත් තිබුනෙ

      Delete
    7. අපිත් එහෙනං ඔබලා දාමු බං... :-)

      Delete
    8. රජෝ මීට පස්සෙවත් "ඔබල" දාද්දි පරිස්සමින් හරිද..

      Delete
    9. හිරවෙයිද දන්නෑ...

      Delete
  10. කවි ටික නම් පට්ට යෑ.

    ReplyDelete
    Replies
    1. මං කියන්නන්කෝ අක්කට :-)

      Delete
  11. කවි ටිකත් ලස්සනයි...සින්දුවත් ලස්සනයි...හැකියාවෙන් පිරුණු බැචාලා, බැචීලා..
    (මෙය රජාට බ‍යේ දැමූ කොමෙන්ටුවක් නොවේ....හිහි)

    ReplyDelete
    Replies
    1. එතකොට මට බය නැද්ද ඈ...?

      බය වෙන්නයි කිව්වේ..... නැත්තන් දන්නවනේ... :-)

      Delete
  12. එකෙන්ම මලේ කවිටික නම් ෆස්ට. අක්කෙක් ලියැව්ව කීව හන්දා හෙම නෙමේ.තුන්වෙනි කවිය ගාවට එනකොට හිතට මොකක්ද දැනුනා.කිව්වම අහපං යකෝ කවි හොදයි...! ජය..!

    ReplyDelete
    Replies
    1. ඉතින් හා යකෝ... මම බෑ කිව්වද? :-)
      රාජ සම්පත!!!

      Delete
  13. අනේ මංද......
    වචන ටික...බර...වැඩි..වගේ..!
    වීඩියෝව පස්සෙ බලමි..

    ReplyDelete
    Replies
    1. කිලෝ කීයක් විතර? වී ගෝනි 4ක් 5ක්... :-)
      බලහන් බලහන්... ඒක මරු

      Delete
  14. කවි ටික නම් පංකාදු...

    මෙහ් 20+ බැරිදැ අර විඩියෝ එකයි සිංදුවයි අහන්න ඇහ්..

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක නෑ....
      සිංදුව අහලා දාන්න අනේ.. :-)

      Delete
  15. උස්සලා තිබ්බාට වරදක් නැත. උස්සන්න ඕන ඒවා ඔසවා තැබිය යුතුය.

    …කෝ රජතුමනි අර සිංදු ටික කනට විතරනෙ. ඇහැට නැද්ද. ඇහැට තියන එකනම් ඉතා හොඳය හැබැයි උබෙ යාලුවට ඩයට් කරන්න කියපන් ඊලග වීඩියො එක කරන්න කලින් නැත්නම් කැමරාවට වැඩිපුර අහුවෙන්නෙ ඌව. සිංදුව මාකට් කරන්න වෙන්නෙ නෑ හික් හික්

    ReplyDelete
    Replies
    1. හිකිස්... අපි කිව්වා ඕකට....
      කොහෙද අහන එකක්යැ... :-)

      Delete
  16. බොලාගෙ අක්කට බොග් එකක් ලියන්න කියලා දුන්න නම් මොකෝ වෙන්නේ? මරු කවි පොඩ්ඩ! 21+ වුණේ කොහොමද මේක ?

    ReplyDelete
    Replies
    1. දෙවැනි ලින්කුවේ වීඩියෝව මචන්... ඒක දාලා නෑ.. :-)

      Delete
  17. හික් හික් රජා දැන් ස්ටාර්ලාවත් ප්‍රමෝට් කරනවද? හොඳයි හොඳයි...

    ReplyDelete
    Replies
    1. පව්නේ උන්... :-)
      අනූ අක්කා ගොඩකාලෙකින් නේද?

      Delete
  18. රාජ අනුග්‍රහය දුන්න එක හොදයි නැගී එන ගායෝකයන්ට

    ReplyDelete
  19. මරු මරු.. අක්කගේ කවිය තමයි සුපිරි.. මේ සිංදුවනම් මම බස් රේඩියෝ එකෙත් දවසක් දෙකක් ඇහුවද කොහේද.. ඒකත් මරු...

    ReplyDelete
  20. නිර්මාණ නම් විශිෂ්ටයි!!!

    එත් මේ වගේ වල් රන් ගොජෙක් එක්ක , අර වගේ හැදිච්ච , ඒ වගේම දක්ෂ , වැදගත් දරුවෝ ටිකක් ඉන්නේ කොහොමද කියන එක තමා ප්‍රශ්නේ.

    මොනවා උනත් ප්‍රවීණ / ප්‍රබුද්ධ කියන සමහරක් ඇත්තටම දක්ෂ තරුණ උන්ට තැනක් නොදෙන නිසා තමයි අපේ ගොඩක් උන් ඔහේ දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්නේ, අද ප්‍රවීණ / ප්‍රබුද්ධ උතුමන්ලා / උත්තමාවියෝ ගොඩ දෙනෙක් ඒ ඇත්තොත් පටන් ගනිද්දී ආධුනිකයෝ කියලා අමතක කරලා තියෙන එක තමා දුක ....

    තව දෙයක් .. විරහව කියන්නේ හොටු පෙර පෙර අඩන එක නෙවෙයි , විරහව කියන්නෙත් මිනිහෙක් ජිවිත කාලේ තුලදී විදින්න ඕන සුන්දර අත්දැකීමක් ... අඃතපුරයක් තියන් උන්න රජවරුන්න්ට කොහෙද එහෙම ඒවා , අයි ඉතින් එක් දින තරගෙක වගේ නෙලාගෙන නෙලාගෙන යන්න විතරයිනේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි... කළු මුවාගේ විග්‍රහය...
      පෝස්ට් එකටත් වඩා දිගද මන්දා... :-)

      මමත් විරහව වින්දා බොක්කෙන්ම... ඒකෙන් තමා මම මේ අවකාසෙට ආවෙත්..
      ඒයාට පිං ඒ කරපු වැඩේට.. මොකද ඒකෙන් මට එයාට වඩා හොද යාළුවෝ ටිකක් හම්බවුනා

      Delete
  21. අද රාජ මාකටින් පාරක්.. සික් ඒයියා මං මේ තකහනියේ ආවා මු ඒ ගමන මොකද්ද දැම්මේ බලන්න.. පෙර වැරදි වල හැටියට මං හිතුවෙම... එක්කෝ ඕනේ නෑ..

    විචාරය දෙන්නම්, ඇත්තටම හිතුන දේවල්. බොරුවට නියමයි කියන්න හොඳ නෑ නේ.

    කවි ටික ගැන කිව්වොත් පලවෙනි හා තුන්වෙනි කවි නියමය. දෙවැනි කවියේ මාත්‍රා මටනම් පෙනෙන්නේ වැරදි ය.

    සින්දුව ගැන කියනකොට,
    මම සින්දුව කියන එකාගේ කටහඬට පට්ටම ලයික් ය. ඌට සුපිරි මෙව්වා එකක් ඇත. සින්දුව අහද්දී මට මතක් උනේ "ලඟින් මගේ.. ඔබ සතපා" කියන සින්දුව. (රූකාන්ත පෙරේරාගේ දියණිය කියන)
    ඇඟේ හැටියට නම් ඌ සුදුසු වන්නේ රැප් සින්දු කීමටය. ඌව ඒ සඳහාද උනන්දු කරවන්න.

    රජාගේ මාකටින් පාර එල කිරි ය. උඹ සුදුසු වන්නේ ඉන්ජෙක් වීමට නොව මීඩියා එකේ පොරක් වීමටය.

    ReplyDelete
    Replies
    1. මේ අනිකා... :-)

      අදහස් ටිකනං පංකාදුය...

      ඒත් ඉංජා මගේ සංසාරගත සිහිනයය. :-)

      Delete
  22. රජාගේ මිත්තරයෝන්ගේ වැඩ එල
    කෝ ඉතින් රජාට කවිසිතුවිලි පහල වෙන්නේ නැතෙය් :/
    අර මාසයක් වැඩි වෙච්ච එක ගැන එහෙම :ඩ

    ReplyDelete
    Replies
    1. දෙන්නං දෙන්නං... ලගදිම.

      මම ඔය බූට් සින්දු ලියන්නෙ නෑනේ... දෙන්නෙ කට්ටියගේ මල්ලිලත් එක්කම තුෂුනිම්භූත වෙලා යන්න...

      Delete
  23. කවි ටිකනම් පංකාදුයි විඩියෝවනම් බැලුවෙ නෑ තාම

    ReplyDelete
    Replies
    1. අයියෝ එකත් බලන්න.. :-)

      Delete
  24. කවි පන්තියනම් පටේ පට්ට. වීඩියෝව ප්ලේ වෙන්නේ නෑ බන් රජෝ

    ReplyDelete
    Replies
    1. සිරාවට? ප්ලේ වෙන්නෙ නැද්ද? හිටපන් බලන්න..

      Delete
    2. මේ දුවන්නේ හොදට :-)

      Delete
  25. බලාගෙන ගියාම අපේ උන් හෙන වැඩකාරයෝ නේද රජෝ.

    ReplyDelete
  26. හෑ.. රජා මොකද බූට් සීන් වලට ඉතා අකමැති???? හරි දැනුයි මට කම්පනාවට ආවෙ.. රජාට නම් අන්තප්පුරයක්ම ඉන්න නිසා මොන බූට් සීන්ද.. හැක් හැක් හැක්... රාජ සම්පත්තිය තමා ඉතින්

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)