Saturday, May 4, 2013

රහතුන් වැඩි රෑනගල (අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය) - Renagala Temple

අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය යටතේ අපේ මීලග නැවතුම උනේ අලංකාර වට පිටාවකට හිමිකම් කියන ගල්තලාවක් මත පිහිටි රෑනගල රජමහා විහාරයයි. 



ගමන් මාර්ගය

A6 පාර 
අලව්ව පොල්ගහවෙල අතර යාන්ගල්මෝදර හන්දියෙන් හැරී (මහමෙව්නාව ප්‍රධාන අසපු මාර්ගය) කිලෝමීටර් 8ක් පමණ ගමන්කරන්න. හමුවන හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 1ක් ගියතැන,

A5 පාර 
ගිරිඋල්ල නාරම්මල අතර දම්පෑලැස්ස හන්දියෙන් හැරී කිලෝමීටර් 4ක් පමණ ගොස් රෑනගල හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක් ගිය තැන,

කුරුණෑගල පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ ගිය තැන රෑනගල රජමහා විහාරය හමුවේ.





රෑනගල පිහිටා ඇත්තේ පැරණි රජ මාර්ගයක සුප්‍රසිද්ධ සන්ධිස්ථානයකය. සිරිවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරටට විහිදි මාර්ග මේ අසලින් වැටී ඇත. කෝට්ටේ 4වන පැරකුම්බා රජ දවස යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගියේද මේ රෑනගල අසල මාර්ගයේ බව වංශකතාවල සදහන්ය. එහි යන අතර රෑනගල විහාරයද වැද අතරමග තිබූ මුගුනු ගසකට දුන් කඩු පහරක් මෑතක් වන තුරුම වදාකඩ පාරේ “සරක්කුව“ නම් ස්ථානයක දක්නට ලැබුණි. 

මෙම විහාරයට රෑනගල යන නම යෙදෙන්නට හේතු වූ කාරණය නම් විහාරයේ බෝධීන් වහන්සේ අසල සිට චෛත්‍යය දක්වා ගල් තලාවේ පිහිටි සුදු පැහැති රෑනක් බදු ලකුණක්ය. මේ ගල්රෑන උසින් අගල් දෙක තුනක් වේ. 

ගල මුදුනේ දාගැබට යාබදව ගලෙහි සැදි ලිදකි. එය නිධන් වලක් ලෙස සැලකේ. ගල් ලිදෙහි බිත්ති මනාව කපරාරු කල බිත්තියක මෙන් ඔපමට්ටම්ය. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂරද ඇති බව කියැවේ. මෙය පුරාවිද්‍යා අධ්‍යයනයකට යොමු කලහොත් තවත් විස්තර අනාවරණය වනු ඒකාන්තය. මෙම නිධන් වලෙහි වස්තුව කවර කාලයක කවරෙකු විසින් ගත්තා දැයි සදහන් කිරීම අපහසුය. 



දිවයිනේ බොහෝ පෙදෙස් වල “අත්තාපලේ“ ගැසීම නම් ක්‍රීඩාවකි. එහි ප්‍රකට කවියක් වන්නේ,

අත්තාපල් මුත්තාපල්
රෑනගලේ ගල කෙටුවත් මා නම් අල්ලන්න බැරුවාමයි බැරුවාමයි..

මේ අතර ජන කවි වල පවා රෑනගල ගැන සදහන්ය. 

රෑන පිට රෑන වන මල් පිපෙන්නයි
රෑන රෑන ගොක් රෑනෙන් සැදෙන්නයි
රෑන කෙටූ ගල ඉහලට නගින්නයි
රෑන ගලේ ගල් දාගැබ වදින්නයි

වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේදී බුද්ධ ධර්මය තල්කොල පත් වල ලිවීම ඇරඹුණි. මේ සදහා තල් කොල ලබාගෙන ඇත්තේ රෑනගලට නුදුරින් වූ “ගල්තරේ“ නම් තල් උයනෙන්ය. ඉන් ලබාගත් තල් කොල රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට අළු විහාරය දක්වා පෙරහැරින් වඩම්මාගෙන ගිය බව කියැවේ.

දඹදෙණියේ දෙවනි පැරකුම් නමින් රජ වූ කුමාරයා කළුන්දාවේ ගම ගෙදර තරුණීයට පෙම් බැද රෑනගල දෙවොලට පූජාවක් ඔප්පු කර ඇත. විවිධ අරමුණු ඉෂ්ඨ කරගැනීම සදහා අදද මෙම දොවොල මහත් ප්‍රසිද්ධියක් උසුලයි. 

රෑනගල වෙහෙර වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩ ගල උඩ සිටින විට මුළු පර්වතයම ඈතට කසාවතක් සේ දිස්වූ බව සදහන්ය. රෑනගල ගල් පර්වතය පාමුල ඇති බෝධියද ඉපැරණිය. මහා වංශයේ සදහන් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩ පිළිවෙල යටතේ මෙය රෝපණය කර ඇත. 



රෑනගල ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය, දඹදෙණි පැරකුම්භා, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් කල බව ඉතිහාසයේ සදහන්ය. දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩම කල පසු රෑනගලට අයත් ගම්වල දායක වරුන්ගෙන් දළදා වහන්සේට පුද සත්කාර ලැබී ඇත. රෑනගල විහාරය අසල පිහිටි පැරණි අම්බලමද එම මාර්ගයේ පෞරාණිකත්වය මනාව පිළිබිඹු කරයි.  විහාරයට නුදුරින් වූ “සරක්කුව“ නම් ස්ථානයේ පැරණි නටඹුන් ගොඩනැගිල්ලකි. එය යුධ සංවිධානය කිරීම සදහා රජු විසින් යොදාගත් සංචාරක මාලිගාවක් යන්න පුරාවිද්‍යා  මතයයි. 

පැරණි චෛත්‍යයේ නටඹුන් පාදක කරගනිමින් නව චෛත්‍යය ඉදිකර ඇත. අතීතයේ අවස්ථා ගණනාවකදී මින් බුදුරැස් විහිදුනු බව පැවසේ. දාගැබේ කොත් වහන්සේ කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වුවද එයට හානියක් කිරීමට නොහැකි වීම ආශ්චර්ය්‍යයකි.


මීට අවුරුදු දෙතුන්සීයකට පෙර මෙහි දැවපිට විහාරයක් තිබූ බව පැවසේ. දැන් එය අභාවයට ගොස්ය. තවද ගල මත ශෛලමය විහාරයක් තිබූ බවද පැවසේ. රෑනගල පර්වතය මත දැනට ඇති විහාරයට අමතරව ගල යට තවත් විහාරයක් ඇති බව කියවේ. එය ගල යට විහාරය නම් වේ. නමුත් ඊට පිවිසෙන මාර්ගය වැසී ඇති නිසා එය අද දැකගත නොහැක. 








විශේෂ ස්තූතිය - බුද්ධික සිරිවර්ධන සොයුරාට

විස්තර ලබාගැනීම - රෑනගල පිළිබද ලියවුනු පොත් පිංචකිනි (ඓතිහාසික රෑනගල රජමහා විහාර වර්ණනාව - එව්. එම් සිරිවර්ධන)


අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව

1) ගිරිගුහාරාමය - Giriguharamaya


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

79 comments:

  1. නියමයි මචෝ...මටත් ෆ්‍රී වෙලාවක් සෙට් උනොත් එකතු වෙන්නම්...:-

    ReplyDelete
    Replies
    1. අඩේ බෝපේ... අනිවා අනිවා සෙට් වෙමු දොස්තර මහත්තයා d-)

      මොකද්ද බොලේ මේ නම??? මොරියාටි.. c-)

      Delete
    2. shrelok homes eky Professor. mama harida?
      Jayawewa

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ගැත්තාට අනුකම්පා කරලා මං ඔයාට එවපු මේල්ලුවෙ තියෙන කොමෙන්ටුව මේකෙ පෝස්ට් කරන්නකෝ-පල්ලෙහා ඒක මට පබ්ලිශ් කොරන්න දෙන්නෙත් නෑ-පෝන් එක හිංදා මෙතන ඒක කොටන්නත් කම්මැලි-ප්ලීස් වේවා-

      Delete
    5. ඕං දැම්මා පල්ලෙහායින්.. g-)

      Delete
  2. මෙතන මම ගිහින් නැ, ඒ වුනාට පුරුදු ගතියක් දැනෙනවා,,

    ReplyDelete
    Replies
    1. රජකාලේ බිසවක්ද දන්නේ නෑ... =))

      Delete
  3. නියමයි. මේක ළඟදි නවීකරණය කරල තියෙනව වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... පාට කිරීම හා හිටිපිළිමය හැදීම කරලා තියෙන්නේ ළගදි :)

      Delete
  4. ගිහිලා බලන්න ඕන.

    ReplyDelete
  5. නියමයි රජෝ..ගිහිල්ලා බලන්නම වටිනවා..ෆොටෝ ටික එක්කම දාලා තියෙන විස්තරේ නිසා වටිනාකම තවත් වැඩි වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ කොල්ලෙක්ට කියලා පොත හොයාගත්තේ මුල්ලක තිබිලා d-)

      Delete
  6. රජතුමා රාජධානියේ ඇවිදලා බලනවා වගේ.:)
    ලස්සන තැනක් . ඒවගේම වටිනා විස්තරයක්. බලන්න ඕනි තැන් ලිස්ට් එකක් හදනවා. ඒකට එකතු කලා.

    ReplyDelete
    Replies
    1. මෙන්න එහෙනං එන ගමන් අරන් එන්න මල් ටිකක් :-f

      Delete
  7. ඔය පින්තූර දානකොට ඒකට වටිනාකමක් එන විදියට නම් කරන්න.

    ReplyDelete
  8. නියමයි රජෝ... හොද වැඩක් යන්න පුලුවන් වෙලාවක් යන්ව....

    ReplyDelete
  9. මෙච්චර ළග තිබිලත් දන් නෑ යකෝ. මොකටද මම ජිවත් වෙලා

    ReplyDelete
    Replies
    1. හෑ.. මේ අහල පහලද ඉන්නේ? :-O

      තියාගමු වෙඩි =D>

      Delete
  10. සටහන ලස්සනයි ඒ වගේම වටිනවා. යන තැන්වල ලිස්ට් එකට එකතු කරගත්තා. අඩවි රජා තමන්ගේ අඩවියේ සැරිසරන බවක් පේනවා. :)

    ReplyDelete
    Replies
    1. ආ...මම ඉතින් නිවාඩු දවස් වලට ගමනේ යා තමා :))

      Delete
  11. අනේ රජෝ, මෙච්චර ලඟට ඇවිල්ලත් අල්ලගන්න බැරිවුනානේ. රෑනගල විහාරයේ ඉඳලා වදාකඩ හරහා අපේ ගෙදරට තියෙන්නේ කිලෝමීටර් 8 යි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අයියෝ..හූවයි බල්ටියේ දුරනේ...

      යං යං වෙලාවක g-)

      Delete
    2. දෙන්නත් එක්ක එකතු වෙලා බල්ටි ගහයි වගේ.

      Delete
    3. සිරා ඇතුලු බයිසිකල් නඩේ රෑනගල පැමිණි දිනයක විචාරක තුමා හමුවීමට මේ තොරතුරු ඉවහල් වනු ඇත.

      Delete
    4. මමත් එනවා විචාරක සීයා බලන්න :)

      Delete
  12. renew karala thibunath watinakama ihalai.
    Karunu gaththu pothe namath, publish karapu ayath danawanam gaweshakayanta godak prayojanai.
    Watina lipiyak

    ReplyDelete
    Replies
    1. ඔන්න නම් ගම් ඔක්කොම දැම්මා :)

      Delete
  13. රජා වටිනා වැඩ නොවැ දැන් කරන්නෙ...!මං ඒත් බැලුව කෝමද මෙච්චර විස්තර මූ දන්නේ කියල.

    මේ තත්වයෙන් මේ වටිනා ඓතිහාසික තැන් පවත්වාගෙන හාමුදුරුවන්ටත් ගම්වාසීන්ටත් තුති පුදකරන්න කැමතියි.
    අදකාලේ හොල්ට් එකෙන් එකට පන්සල් හැදුවත්............මේවගේ පන්සලක තියෙන වටිනාකම නිමකරන්න බෑ..!

    ඒ නිධානෙටත් කෙලල..!!@!#!@#$@#%

    ReplyDelete
    Replies
    1. හෙහ්... මමත් දැන් ඉතිහාසේ ටිකක් දන්නවා ඈ :)

      ඒ නිධානෙටනං කෙලල තියෙන්නේ සාමාන්‍ය මිනිහෙක් වෙන්න බෑ. මොකද ගල විදලා අරන් තියෙන්නේ. මේක ගන්න ඇත්තේ ඉස්සර රජ කෙනෙක්ම තමා මට හිතෙන විදිහට!

      Delete
  14. ඕවා රජාගේ යුතුකං....

    ReplyDelete
  15. රජා පින් අතේ වඩාත් කරනවා වගේ w-)

    නිධාන හොයන්න යන ගමනක්ද මන්ද :=D> =D> =D> =D> =D>

    ReplyDelete
    Replies
    1. නෙදෝකින් කිව්ව කතාව... b-(

      උඹම වෙඩි තියාගෙන හින්දා මම මොකුත් කරන්නෑ... :))

      Delete
  16. //....කෝට්ටේ 4වන පැරකුම්බා රජ දවස යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගියේද මේ රෑනගල අසල මාර්ගයේ බව වංශකතාවල සදහන්ය....//

    4 වන පැරකුම්බා හිටියේ කුරුණෑගල. කෝට්ටේ හිටිය 6 වෙනි පැරකුම්බා ඉදන් 9 වෙනි පැරකුම්බා වෙනකම් 4 දෙනා. මේ සිද්ධියට අදාළ 6 වෙනි පැරකුම්බා රජතුමා.

    //..වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේදී බුද්ධ ධර්මය තල්කොල පත් වල ලිවීම ඇරඹුණි...//

    මෙතන බුද්ධ ධර්මය කියලා කියනවාටත් වඩා ගැලපෙන්නේ වගේම නිවැරදි ත්‍රිපිටකය කියන එක.

    //..මහා වංශයේ සදහන් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩ පිළිවෙල යටතේ මෙය රෝපණය කර ඇත....//

    දෙවනපෑතිස් රජතුමා ගව්වෙන් ගව්ව බෝධීන් වහන්සේලා රෝපණය කිරීමක් ගැන නම් මම අහලා නැහැ. ඒත් ශ්‍රී මහා බෝධිය මහමෙවුනාවේ රෝපණය කිරීමත් සමඟ මුලින් හටගත්තු අෂ්ට ඵලරූහ බෝධි ශාඛාවනුත් පසුව හටගත්තු දෙතිස් ඵලරූහ බෝධි ශාඛාවනුත් [මේකට තනි වචනයක් කියනවා සම සතළිස් බෝධි] කියලා ලංකාව පුරා ස්ථාන 40 ක රෝපණය කරවනවා. රෑනගලත් තියෙන්නේ එහෙම සම සතළිස් බෝධියක් වෙන්න ඕන එහෙම නම්

    රජාගේ අප්‍රකට රජ මහා විහාර ගවේෂණ චාරිකාවට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. අනේ අම්බේ.... හසිතයා ඉන්න එක කොච්චර දෙයක්ද?

      එතකොට මේ 6 වෙනි පැරකුම්බාද? g-)
      සම සතළිස් බෝධි (ඇහුවෙත් අදමයි)

      අර පොතේ තිබ්බ ඒවා ලිව්වට අපිත් ඉතින් හරියටම දන්නේ නෑනේ. ඇවිදින ඉතිහාස පොත අහල පහලින් ඉන්න හින්දම හොදා.. h-(

      Delete
    2. උඹටත් නරකද රජෝ 45 වෙනි පැරකුම්බා වගේ නමක් ඩා ගත්තොත් ?

      Delete
    3. ඒකතමා...සලකා බලන්න ඕනේ y-)

      Delete
  17. නියම විස්තරයක් රජෝ.... පින්තූර ටිකත් අපුරුයි......

    ReplyDelete
  18. මෙනන් රජා අපිට ලස්සනට හිනා වෙන්න පුළුවන් කරලා. එළකිරි ටොං ටොං. :D

    සිරාවට නියමයි මචං. අර ආතල් පෝස්ට් එක්ක මේවත් දාන්න හිතපු එක නම් හොඳයි. රජා ඉතින් රට වටේ යන එකානේ. ඔහොම යං.. නොසැලී යං..! ජය..!!

    ReplyDelete
    Replies
    1. හෑ ! "මෙනන් රජා" කියන්නේ මොකාද..? *මෙන්න. :))

      Delete
    2. අඩේ ඒක මරු නම... මෙනන් රජා y-)

      Delete
  19. සුපිරි වැඩක්නෙ රජෝ....එල කොල්ලෙක්නෙ...

    ReplyDelete
    Replies
    1. ආ මචන්... අර මේල් එකට තෑන්ක්ස් ආ! :-h

      Delete
  20. රෑනගල ගිහින් නැති උනාට පන්සල ගැන නම් අහලා තියෙනවා..

    රාජා දැන් ආගමික චාරිකාවේ වගේ.. හා හා ඒකත් හොදයි..

    ReplyDelete
    Replies
    1. පින් අතේ වැඩක් වගේම.. ඉපදුන පැත්තේ ඉතිහාසය හොයාගන්නත් එක්කම d-)

      Delete
  21. ලස්සන තැනක් අපේ නංගිට අයිඩියා එක දැම්මනං ලබන ඉරිදාම යන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ගියොත් අපිටත් කියහන්... :P

      Delete
    2. පරිස්සමට ... පරිස්සමට .. වලස් පුංචා. දන්නවනේ මේකාගේ පැටිකිරිය.

      Delete
  22. මං දාන කොමෙන්ටුව පබ්ලිශ් වෙන්නෙ නෑනෙ සහෝ-සූටි සුපියල් 5 එවුවා ගොඩක්
    කුඩු උනා-පුලුවන් නම් මං වෙනුවෙන් පහල තියෙන එක දාන්න-

    'රෑනගල නං අමතක වෙන් නෑ-පහු ගිය මාස 2,3 මහමෙවුනා භාවනා අසපුවෙ නැවතිලා
    ඉද්දි ඔය පංසල ලග පාරෙන් දවසට 2,3න් සැරයක් එහාට මෙහාට ගියා-ඒත් රෑනගල
    වැන්දින්න හම්බුනේ 2 පාරයි-

    අර විහාරගේ ඇතුලෙ තියෙන පිලිම වල ඵොටෝ ටිකකුත් දැම්ම නං ගොඩක් වටිනව-එක
    එක සිද්දි ලස්සනට අබපු පිලිම ගොඩක් තියෙනවනෙ-තව විහාරගේ සිවිලිමෙ තියෙන
    පිංතූරත් හරිම ලස්සනයි-

    අරක නිදං වලක් නෙවෙයි ගල් ලිදක් කියලා නම් කරලා තියෙන්නේ-ඇත්ත නැත්ත නං දන්නෙ නෑ-'

    ReplyDelete
    Replies
    1. @ පුවක් ගහේ දෙබලක්:

      ඒ උනාට ඒක නිදන් වලක්ලු බං... පොතේ තිබ්බේ. අපිත් හිතුවේ ලිදක් කියලා තමා :-?

      Delete
  23. රෑන ගල, අඩේ මම ඇහුවමයිද කොහෙද :(

    ReplyDelete
  24. මේවා හොඳ වැඩ රජෝ. අපේ පැත්තේ ඒවා මං දාන්න යන්නේ නෑ, අපේ තාත්තා පොතක්ම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒවා අපි දැනගන්නේ නැද්ද? b-(

      Delete
    2. Machan mama tourist board eke- Thaththa liyapu potha mokakada
      mata me e-mail ekata phone number eka evanna chandanasltda@gmail.com

      Delete
  25. රජ තුමෙනි අගනා වැඩක්,,,,,,,, ගිහින් බලන්න වටින තැනක් ගැන නොවැ ලියලා තියෙන්නේ ,....👌තව ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. වෙලාවක එන්ඩ ඈ :)

      රාජ සම්පත!!!

      Delete
  26. වටිනා පෝස්ට් එකක් රජතුමනි....:)

    මේක රජාගේ පෝස්ට් එකක්ද කියලා දෙපාරක්ම ඇවිත් බැලුවා. ඔය විදියේ අප්‍රකට තැන් ගැන තව හොයලා බලන්ටකෝ. කලුඑතනලා, අශෝකමාලලා වගේ අයත් මුන ගැහෙන්නේ නැතෑ.:D

    ReplyDelete
    Replies
    1. //කලුඑතනලා, අශෝකමාලලා වගේ අයත් මුන ගැහෙන්නේ නැතෑ.// ඒ ගොල්ල මුණ ගැහෙන්නෙ පොඩ්ඩිටම තමයි; ලස්සන කතාවකුත් එක්ක අපට රස විඳින්න.. :)

      Delete
    2. කුමාරිහාමිලා හම්බෙන්නේ නැතිවෙයිද දන්නේ නෑ.. w-)

      Delete
  27. මේ දැන් කුරගලත් වදින්නද හදන්නේ ආ.හැබැයි ඔන්න පරිස්සමෙන් කට වරද්දගන්න එපා

    ReplyDelete
    Replies
    1. යනවා තමා ඩෝ... කෝ ඔය එකෙක්ට හරි එන්න කියහන් එදාට b-(

      Delete
  28. විහාරය නවීකරණයෙන් ඓතිහාසික ගතිය නැතිබංග කරලා වගෙයි...!!!

    හොඳයි රජෝ....ඔහොම ගමනුත් ඉඳහිට යන්න ඕන...තමයි... ;)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇතුල මොකුත් කරලා නෑ..මාර ගති! :)

      Delete
  29. වටිනා විස්තරයක් මලයො...මේ වගේ අප්‍රසිද්ධ සිද්ධස්ථාන සොයාගෙන යාමට ප්‍රිය කරන මා වැනි අයට මෙය හොද තොරතුරක්...මෙවැනි දේ දිගින් දිගටම ලියන්නට වරම් ලැබේවා !

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)