චන්ගුමී ගැන වෙනම ගුණ වර්ණනාවක් මම දෙන්නට ඕනේ නැත. ඌ මෑත කාලයේ ලංකාවේ හිටියානම් ඔය ගියැයි කියන අටමගලයෙන් එක කොටසක් හෝ බලා තිබිය යුතුමය.රජත් ඕක බැලුවේ එහි මොකක් හරි වචන කෑල්ලක්වත් අල්ලගන්නටය. වැඩිමනක් කොටස් දෙකක් බලන්න ඇතිය. මට නිකන් ඔක්කාරෙට ආවේය. ඇයි හත්තිලව්වේ ඒක හඩකවන ගෑණු ළමයි ස්ටුඩියෝ එක ඇතුලේ සුරාන්තයට ලං වෙනවාද කොහෙදය. හැම වෙලාවෙම ආ...හ් ඌහ්... අනේ.... ම්ම්ම්හ්... යකෝ ටීවී එක වැඩිකරගෙන ඒක බැලුවොත් එහෙම ගෙදර උන් හිතන් මූ ටීවී එකේ වැලක් බලනවා කියලාය. ඒ ගැන මම කියන්න ඕනේ නැත. දන්නෝ දතිතිය.
සතිපොල ගැන කතා කරනවා නම් පොලත් සමග බැදුනු සෑහෙන අතීතයක් රජාට ඇත්තේය. අපේ රවුමේ පොළ තියෙන්නේ බදාදාය. අගහරුවාදා හවස 6ට විතර වගේ පොළ පටන්ගන්නේය. ඉස්සර අපේ ගෙදර කස්ටිය ගැන්සිය පිටින්ම පොලට බහින්නේ අගහරුවාදා රෑටය. පොළ වටේම ගිහින් එක එක ඒවා අරන් ගෙදර යනකොට කොහොමත් රෑ 8,9 වෙන්නේය. ඔය වෙලාව අතරතුර රජාට නොමිලේ ඇපල්, මිදි ගෙඩි එහෙම හම්බෙන්නේ පිය රජාගේ යාළු මුදලිලාගෙන්ය.
පසුකාලීනව ඔය එළවළු කඩ සීන් එක ආවේය. තැන් තැන් වල හෙන සරුවට කඩ දාගෙන කට්ටිය වෙළදාම පටන්ගත්තේය. කට්ටිය පොලට යන එකත් හෙමින් හෙමින් අඩුවී ගියේය. ඇපල් හම්බෙන එකත් එහෙම්මම පාෂාණ භූතවිය. ඒ හම්බුන ඇපල් ගෙඩි වල ඇට හිටෙව්වා නම් මම දැන් ඇපල් වත්තක හිමිකාරයෙක්ය. දැන් මාස දෙක තුනක ඉදන් අපේ මව්තුමිය ආයෙත් පොලට යන්න පටන් අරන්ය. ඒකත් මහ දවල් බදාදා පොලටය. තනියමත් නෙමේය. රජාත් එක්ක බයිසිකල් කට්ටේය.
වෙනදාට නම් රජා කරන්නේ පොල ලග තියෙන ගහක් යටට වෙලා පුටාර් එක නවත්තාගෙන මව්තුමිය එනකන් ඉන්න එකය. ඒකත් එක්තරා කලාවක්ය. බස්වලින් බැහැලා එන, පොලට ගිහින් ආපහු යන සුන්දර ජනතාව ගෑල්ලමයි දෙස බලාසිටීම හැමෝටම කල නොහැකිය. කලාව උනත් හැමදාම කරද්දි එපා වෙන්නේය. ඒක හින්දා රජා පොල භූමියට පය ගැහුවේය. යන කොටම පොල මැද්දේ පාරේ එකෙක් අර පොඩි පොඩි ගැජට් කෑලි විකුණන්නේය. පොර නිකන් පුරුදු නමකින් ගෑගසමින් සිටියේය. ඒ චන්ගුමීය.
රජාගේ මතකය කස කස ගාලා අතීතයට දිව ගියේය. ඔය චන්ගුමියා දවසකුත් මට හෙනම ලයින් එකක් දැම්මේය.ඒ අවුරුදු කට උඩ තියලා ඇදුම් ගන්න ගිය දවසේය. වෙලාවට එතන හිටියේ චන්ගුමී පිස්සුව ගහපු බවලත් පාර්ශවයේ කච කච ටිකක් පමණය. සීන් එක මෙහෙමය.
*ස්ථානය - තිලකවර්ධන / නිට්ටඹුව
*වේලාව - ප.ව 3.30
*ගරු රගපෑම - අදුරන ගෑල්ලමෙක්
ගෑල්ලමයා - අයියේ චන්ගුමී කොණ්ඩ කටු නැද්ද?
අයියා - ඉවර උනා මිස්... ඩිසයින් නැති ප්ලේන් කට්ට නම් තියෙනවා...
ගෑල්ලමයා - අයියෝ...
ටික වෙලාවක් යනකං නිකන් මුළු ලෝකයම මා වටේ කැරකෙමින් තිබූ හැගීමෙන් මිදුනු මම නැවතත් පියවි ලෝකයට ආවෙමි. ආවා...ආවා...චන්ගුමී කටු ආවා...වෙළෙන්දා ගිරිය පුප්පන් කෑගහන්නේය. අම්මත් මමත් පොල වටේම ඇවිදලා එළවළු එහෙම අරගත්තෙමු. ඉස්සර හියපු මාමලා ටික දැක්කම මට ඇඩුනේය. හත්තිලව්වේ මුන් වයසට ගිහිල්ලාය. ඉස්සර වගේ මට ඇපල් දෙන්න එකෙක් නැත. උන් ඔක්කොම කියන්නේ...අනේ....පුතාගෙ ලොකු!!! කියලාය. රජාගේ ප්‍රතිචාරය සුපුරුදු පීචන් හිනාවය.
කියන්න ආවේ ඒක නොවේය. ඒ දෙනෝදාහක් දෙනා මැද තව ඩිංගෙන් රජාගේ බුරිය ඉදිමිලා, බොක්ක ඇදවෙලා, දවල් කාපුවා උස්මුරුත්තාවට ආපු සීන් එකක්ය. හෙල්මට් එකෙන් මූණ වහගෙන බොහොම අමාරුවෙන් එතනින් මාරු උනෙමි. හෙනම කුප්ප සීන් එක කියන්නේ, මව්තුමිය මට එහාපැත්තේය.
එච්චරට මෙච්චර නං, මෙච්චරට කොච්චරද කියලා බඩු ටික අරගෙන ආපහු එනකොට අර චන්ගුමී මුදලාලි ලග පොඩි ට්‍රැෆික් එකක්ය. හේතුව ලොක්කව වට කරගත් ගැහුණු ළමෝ සමූහයක්ය. සීන් එක මෙහෙමය.....
වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....
මූ යටි ගිරියෙන් කෑගහන අතරතුර රජත් ටිකක් නැවතී බැලුවේ මොකද්ද ඔය ගැජට් එක කියලාය. ඒ අතරම එහා පැත්තෙන් ටිකක් වයසක කපල් එකක් බඩු මල්ලක් උස්සාගෙන ඇදී ගියේය.
වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....
බඩුමල්ල උස්සගත් අන්කලුත් ඇහුන දෙයින් නිකන් ෆුල් හින්දුස්ථාන් වෙලා ගියේය. ඒක ටක්කෙටම සුවර්ය. මම මිනිහාගේ මූණ ලෙසටම දැක්කෙමි. යනගමන්ම මිනිහා යමක් කියාගෙන ගියේය.
අන්කල්: චන්ගුමී කටු??? කොහෙ ගහගන්නද?
රජාට හිනාව තද කරගෙන ඉන්න බැරි වෙලා තොල්පෙති අස්සෙන් කෙලත් විසිඋනාද කොහෙදය. අර කටු තෝර තෝර හිටපු කෙල්ලෙක් සිං ගාලා හැරුනේ ඒක විය යුතුමය. ඔය අස්සේ අරූ තාමත් බෙරිහන් දෙන්නේය.
වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා...
ඕක බලන් හිටපු එහා පැත්තේ මුරුක්කු කඩේ එකා ඌට නොදෙවෙනි සද්දෙන් කෑගැහුවේය.
වෙළෙන්දා 2: ඔයා කටු ගෙනාවට චන්ගුමීව ගෙනාවේ නෑනේ.....
ක්ෂණිකව පිළිතුරක් ලැබුණි.
වෙළෙන්දා 1: චන්ගුමීව ගෙනාවනම් ඔයාලා අද බිස්නස් කරන්නේ නෑනේ....
මුන් දෙන්නා ඕක කිව්වේ ඔය තිත් පේලි තියෙන තැන් හොදට ඇදලාය. රජාට තව දුරටත් සිනහව පාලනය කරගත නොහැකි උනේය. ඔලුවට දාන හෙල්මට් එක වහාම කට ලගට ආවේය. තව පොඩ්ඩෙන් වයිසර් එකට කටත් කැපෙන්නේය. පුටාර් එක තියෙන තැනට එනකන් මමයි අම්මයි ආවේ හිනා වෙවීය.
ප/ලි:
අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා.
මිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D
ඕං අඩවි වැසියෝ හින්දම අර ගෑල්ලමයාගෙන් චන්ගුමී කට්ටක් ඉල්ලන් ඇවිත් පොටෝ එකකුත් ගහගත්තා. ඔය උඩ තියෙන්නේ ඒකලු. ඕක ගහන හැටි පෙන්නනවකෝ පොටෝවක් ගන්න කිව්වට ඇහුවේ නෑනේ. ඔය චාටු දදා ඉල්ලන්නේ බ්ලොග් එකේ දාන්න කියලා මාව එලෙව්වා කියහල්ලකෝ!
ඕක දැන් උ/පෙ කෙල්ලන්ගේ ස්ටයිල් එකක් වෙලාලු. කට්ට ගහන් යන්නේ අඩි දෙකක් විතර උඩින්ලු. චන්ගුමී කට්ට රට්ටුන්ට හෙනම ඇණයක්ලු. බස් එකේ යද්දි ඕක මූණේ ඇනෙනවලු.
අති විශේෂ:
දැන් කියහල්ලා කට්ට ඉල්ලගත්තේ රජාගේ කෙල්ලගෙන් කියලා. ඒක කමෙන්ටුවක් විදිහට බාරගන්නේ නෑලු. අර ඩූඩ් මාමා කියනවා වගේ යල් පැනපු විහිළුවක්ලු.
මගෙ කෙල්ල ඔය ස්ටයිල් කරන්නේ නෑලු. එයා මෙන්න මෙහෙම කෙනෙක්ලු.
වපර පෙම්වතී
ඇවිදින කොට ඈ බකල් ගසයි...
කතා කරනකොට කෙල විසිවෙයි...
මූණ නොසෝදන දත් නොමදින ඈ...
මගේ පෙම්වතී....ඈ මගෙ පෙම්වතී....
ඈ මගෙ බකල පෙම්වතී.... ♥ ♥
මුළු ගීතය
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපෝ මතක් කරන්න එපා. කෙදිරි ගාන හින්දම බැලුවේ නැහැ :p
ReplyDeleteහිරි ඔතප් නැති රජ වාසලක මම එක වෙලා =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))
Deleteමදෑ .. වෙච්චි දෙයක් =D> =D> =D> =D> =D>
උඹම වෙඩි තියාගත්ත හින්දා මොකුත් කියන්නෑ...
Deleteඅදත් මං 1ද මංදා හෑ..... චංගුමී ප්ලීස්...!! හෙනට ලොල් සහගතයි :D පට්ටයි ඈ
ReplyDeleteඑහෙම හැමදාම එක හම්බෙන්නෑ පුතා! :))
Deleteමොනවා කියන්නද ලංකාවත් දැන් කොරියාව වී ගන යන බව පෙනේ :D
ReplyDeleteමොනා හරි කියහන් බං :)
Deleteමොනා කියන්නද ඔය රජාත් අපිට වෙන මුණක් පෙන්වා හොරෙන්ම ඔය දියණියන් නොවරදවාම බලනබව එක එක වැඩ ඔත්තු සේවයට වාර්තා විය.:D
Deleteමම දිපු කරුණක් විකෘති කර පළ කිරිම සම්බන්දයෙන් මා බලවත් අමනාපයෙන් යුතුව හෙලා දකිමී.. >:( :)
ReplyDeleteවිකෘති කලේ කොහෙද ඩෝ...ඒකම තමා දාලා තියෙන්නේ :)
Deleteඑ විතරයැ බොල දැන් අර ඉස්කොලවල ස්පොර්ට් මීට් වලට සරඹ සංදර්ශන වගෙ එවායෙ ඇදුමත් හදලා තියෙන්නේ ඔය කතාවෙ විදියටනෙ...
ReplyDeleteආ සිරා නේ...ඊයා බං! මම දැක්කා ඒක ඇල්බම් එකක =))
Deleteදැනට චන්ගුමි කටු විතරනේ ල0කාවට ඇවිත් තියෙන්නේ ,ඉස්සරහට මොන මොන ජාති ගැජට් චන්ගුමි නමින් එයිද දන්නේ නෑ
ReplyDeleteඅපි නං දන්නෑ ඕං :))
Deleteඕක පොඩි එවුන්ට නම් තදට තියෙන උණක් බං.. ඉස්කෝල වලිනුත් ටීචර්ලා දෙනවලු සප් එක රෑපවාහිනියට... හි හි..... ( කමක් නෑ.. අඩුගානේ ගහමරාගන්න යන්නේ නැත්තම් හොඳයි අරැන් උඩ පැනලා, කැරකිලා තුන් හතර දෙනා බිම දාන හැටි බලං ඉඳලා....)
ReplyDeleteපුහ්...ඒකේ විදිහට ගහගන්නවනං ඉතින් ඌ ලොවෙත් නෑ. අනික ගහලා තත්පර 10ක් විතර ගියාට පස්සෙනෙ සද්දේ =))
Deleteඒ කියන්නේ රජා හොරාට හොරාට බලනවා වගේ......... අනේ මට නම් ඔක ඇලජික් ම තමා.....
Deleteහයියූ මාත් දැකලා තියේ ඔය කටු ^_^
ReplyDeleteපාවිච්චි කරලා නැතෙයි? :))
Deleteසිරා කතා පොජ්ජ ෂම්මියො,මම මේ ළගදි දැක්ක අර ගෑනුන්ගෙ පත්තරේක දැන් මොන්ටිසෝරි ළමයින්ටත්ඔය චංගුමී ගෑනිගෙ චාරයක් නැති ඇඳුම් අන්දන්න යනව කියල ඒ ඇදුම මහන විශිහත් තිබුණ.
ReplyDeleteකෝ දැන් ඔය බුකියෙ චංගුමී ගැන කෑ ගහපු උං.... තව ටික දවසකින් ලංකාවක් නැතිවෙලා කොරියාවක් හැදෙයි. ඒ දවසට කව්ද එන්නෙ මෑත් එක්ක බෙල්ලෙ වැලක් පළඳගන්න????
මම එන්න ලෑස්ති වෙනවා බං...මේ ඇදුම් පැක් කරන ගමන් :))
Deleteකාලයක් තිබ්බ ප්‍රවීනා දැන් චංගුමී ,.... ලංකාවට යන්නෙම කාගෙවත් කෑලි තමා.අර ඉස්සර ගිය හොද නාට්ටි ටිඅක් ඇරුනම මෑතක ඒ වගේ හොද කතාවක් අවේම නෑනෙ.හැබැයි ඉතින් ඉල්ලුමට හරි යන සපයුම කියල එකකුත් තියනවනේ.
ReplyDeleteඑහෙම් එහෙම්...! :)
Deleteමමනං ඔය කතාව එකපාරක්වත් බැලුවෙ නෑ. මොකද ඔය ටයිම් එකට මට ටීවී බලන්න වෙන්නෙ නෑ.
ReplyDeleteදැං ඔය චංගුමී කට්ට රජා ගෙනාවෙ කොහේ ගහගන්නද?
අඩෝ මම ගෙනාවේ නෑ ඩෝ... :)
Delete"....ඔලුවට දාන හෙල්මට් එක වහාම කට ලගට ආවේය. තව පොඩ්ඩෙන් වයිසර් එකට කටත් කැපෙන්නේය. පුටාර් එක තියෙන තැනට එනකන් මමයි අම්මයි ආවේ හිනා වෙවීය. ....."
ReplyDeleteහෙල්මට් එක දාගෙනද පුටාර් එකේ යන්නේ ?????????
මොටෝ පුටාර්... :))
Deleteපජාත කතන්දරයක් අප්පා ඕක...චංගුමී කිව්වොත් ලංකාවේ එව්වෝ මැරෙන්න යයි...පොඩි කාලේ ගහපු කිටකුත් ඇඳන් සූප්පුවකුත් කටේ ගහන් ගියානම් ආපහු ඇපල් කෑවහැකි රජෝ..........
ReplyDeleteඅන්න අදහස...ලබන සතියේ බලමු w-)
Deleteඕවා අලුතෙන් ආපු කටු ජාතියක් නෙමෙයි, රජෝ. සෑහෙන්න පරණ යි. කොහොම වුණත් දැන් ඔය රජා ගත්ත කට්ට කොහෙ ද දන්නේ නැහැ තියෙන්නෙ?
ReplyDeleteඒ උනාට එදවස කිව්වේ චන්ගුමී කටු කියලා නෙමේනේ :))
Deleteමගෙ නෙමේ.....අර ගෑල්ලමයාගේ!
තව ටික කාලයක් යනකොට චංගුමීගෙ මොනවා මෙහෙ විකුණයිද කියන්න බෑ රජෝ..
ReplyDeleteඑයත් එනවලුනේ...ආවමම බලමු :)
Deleteඑහෙනම් උඹ කොණ්ඩකට්ට ඉල්ලගත්තේ චන්ගුමීගෙන්ද බං ?
ReplyDeleteලාබයි ලාබයි ඈවරයි..දෑවරයි චන්ගුමී පාවිච්චි කරපු ජංගි කොටයක් තුන් ඈවරයි
ආසයි නේ..? c-)
Deleteකියල වැඩක් නෑ බන්. ටයිටස් තොටවත්තගෙන් හඬකැවීම් මැදිරිය උරුම කරගත්ත උළමා, හඬ කැවීම් ක්ෂේත්‍රය කුජීත කරනවා. කොහොමද ඔගෙ දෙබස් එහෙම. ‘නෑ යන්නෙ ඔයා අල්ලන්න මාලු. ඉන්න ගෙදර කර කර උදව් අම්මට‘ ඔන්න ඔය ක්‍රමේ දෙබස් තමා උගෙ තියෙන්නෙ. අච්චර සිරා මල්ගුඩි දවසුත් ආයෙ හඬකවන්න ගිහින් කෑව එකානෙ. අපේ ගෑණුන්ටත් ඔය පජාත දියණියගෙන් තොර ලෝකයක් නෑනෙ. ඒක නම් මාකටින් වලට සිරාම උදාහරණයක්. දැන් පොරකන්නෙ කටු ගන්න, පොත ගන්න, ස්ටිකර්, පොත් කවර, ඒවට.
ReplyDelete‘නෑ යන්නෙ ඔයා අල්ලන්න මාලු. ඉන්න ගෙදර කර කර උදව් අම්මට‘
Deleteඅනේ අම්මපා බං... වමනේ යනවා ඒවා අහනකොට! =D>
මොන බොරුද බොලව් ඔය කට්ට දැන් කාලෙක ඉදන් තියෙන්නේ, අපේ අම්මලා තරුණ කාලෙත් ඕකෙම ඩිසයින් අනන් මන්න නැති ප්ලාස්ටික් කට්ටක් තිබිලා තියනවා, ඒ කියන්නෙ 90 ගනන් වල වගේ, පස්සේ ඕකෙම දැන් අවුරුදු 5කට වගේ කලින් ලීයකින් වගේ හදපු කට්ටක් ආවා ඉන්දියන් එකක්, දැන් තමයි ඕක ආවේ, ඕකේ ඔය මල් ඩිසයින් එක කොරියන් වගේ නිසා ඒකට චංගුමී කට්ට කියනවා, :/ ඕක චංගුමියෙක්ගේ නෙවෙයි බං, බස් එකේ යන වෙලාවක නම් ඕකේ ලී එක හෙන ප්‍රයෝජනවත් අහල පහල ඇගේ හැප්පෙන එකෙක් හිටියොත් ඇදලා අරන් අනින්න තමයි තියෙන්නේ :D
ReplyDeleteහප්පටසිලි, මේකද කොහිද බොල දිගම ක්මෙන්ට් එක මෙච්චරකාලෙකට දාපු.. :P
Deleteඒ උනාට කිව්වේ චන්ගුමී කට්ට කියලා නෙමේනේ මෙයා... y-)
Deleteමගෙ ඇගෙ ඇවුනොත් මමනං අනිවා අයිනවා බඩවැල් පාර දිගේ වැටෙන්න!
පිස්සුද බොලව්, මම ඒක ආත්ම ආරක්ශාවට තියන් ඉන්නේ,, :D
Deleteමොනවා උනත් චන්ගුමි රැල්ල හොඳ මාකටින් පාරක් නම් උනා බං!
ReplyDeleteඑකෙන්ම!
Deletechangumi katta ?? kohe gahanna da ???????
ReplyDeleteලෙක්චර් එක ඉවරවෙලා වරෙන්කෝ කියලා දෙන්න =))
Deleteඅපි කොහොමත් ඉම්පෝටඩ් බඩු වැළදගන්න දස්සයෝනේ මලයා..
ReplyDeleteඒකනේ :)
Deleteඋඹලා දන්නෙ නැති උනාට රූපවාහිනියෙ ඇත්තො..චන්ගුමී ව ලංකාවට ගෙන්නන්න හදන්නෙ...ලංකාවට ආපු දවසක ලගටම ගිහිං චන්ගුමීගෙ කට්ට බලහං මලේ...
ReplyDeleteදන්නවා දන්නවා... අර හෙන ලොකුවට කිව්වේ ඒ දවස් වල :)
Deleteරජතුමා හොඳයි වටේ උන් නරකයි කතාවනේ බං.කට්ට විතරක් නෙමෙයි තව හොඳ හොඳ සීන් එයි ඉස්සරහට.
ReplyDeleteඅනේ මේකත් බලපංකෝ...
Deleteචංගුමීගේ මූණ
හහහා...දැක්කා දැක්කා :))
Deleteමොකක්ද බන් ඔය චන්ගුමි...
ReplyDeleteබලපංකො ඕකේ එක කෑල්ලක්වත් බලා ගන්න බැරි උන හැටි..
සතුටු වෙයන් :))
Deleteඅපිත් එක කෑල්ලක්වත් බලලා නෑ ඔන්න ඔය ජරාවේ
ReplyDeleteහොද ළමෙක් :)
DeleteMatath ekaparatama seen une RAJI ta wage koi rateda bola helmat dagena putar wala yanne.mama nam oka baluwema ne.owa kanne ape hada kawana un thama.
ReplyDeleteපොඩි මිස්ටේක් එකක් බං... මොටෝ පුටාර් එක :))
Deleteරජාගේ වල්කමේ හැටියට රජාට ගැලපෙන්නේ sunny leone වගේ හොද දරා ගැනීමේ ශක්තියක් සහිත කෙල්ලෙක්,ඒක නිසා කළු කොට කතා කෙල්ලෝ දිහා බැලුවට කමක් නැහැ දරා ගැනීමේ ශක්තිය එහෙම තියෙනවද බලලා අරගන්න හොදේ :v :v :v :v :v :v :v :v :v :v :v :v
ReplyDeleteරජාට ලැජ්ජා හිතුනද මන්දා =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))
Deleteඒක ඉතින් පිටින් පේන්නේ නෑනේ බං... :))
Deleteටෙස්ට් කරලම අරගන්න ඕනේ වෙන්න ඇති ඔය කියුවේ =)) =)) =)) =)) =))
Deletechangumila one tharam innwa ewannada kenekwa
ReplyDeleteඑවහන් එවහන්... :)
Deleteආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා.
ReplyDeleteමාත් කල්පනා කලේ මේ හඬ කවන කතාවල ඔය හැටි කෙඳිරි ගාන්නේ මොන මගුලටද කියලයි.
ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා.
මාත් කල්පනා කලේ මේ හඬ කවන කතාවල ඔය හැටි කෙඳිරි ගාන්නේ මොන මගුලටද කියලයි.
ඒකෙ ඉතුරු ටික ඔය ඩ්‍රැකියා කියලා තියෙන්නේ ලස්සනට.
ඕවා රැලි විත්‍රයි බං. ගනං ගන්න එපා. මතකද කාලයක් ආජි තපර ලාහිලා නැතිව ඉස්කෝලෙක කොන්සට් එකක් කරන්න බැරුව හිටියා.
//මතකද කාලයක් ආජි තපර ලාහිලා නැතිව ඉස්කෝලෙක කොන්සට් එකක් කරන්න බැරුව හිටියා.// සිරාවට ඈ...
Deleteඒ උනාට අපි මොන්ටිසෝරියේ නැටුවේ “ යුආ මයි බෑඩ් බෝයි“ මුල මතක නෑනේ එකේ :(
You are my bad boy...එහෙමයි උඹ වල් රජෙක් වුනේ ඈ? bad to the bones...
Deleteචන්ගුමී මාකට් වෙන්නේ. රජා හා රටවැසියන් ගල් යුගයේ ජීවත් වන නිසා.. ඉතින් රජාටත් ආතල්, රට වැසියන්ටත් ආතල්..
ReplyDeleteසමාවන්න..
Deleteසුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!
ගල් යුගය තව ටිකක් විස්තර කලානම්?
Deleteඕක හෙන පරණයි බන්....
ReplyDeleteකාලෙන් කාලෙට අලුත් කවරෙක දාලා මාකට් කරනවා...
කොහේ ගහගත්තාම මොකෝ...
මං දැක්කා එක ගෑල්ලමේක් කෑටේ කටේ ඕක තියන් ඉන්නවා :P
සැරම සීන් එක උඹ හෙල්මට් දාන්ද පුටාර් එකේ යන්නේ?
ඒ මේක ලියද්දි මම බීලද බං හිටියේ? හැමතැනම මොකක් හරි අවුලක්. ඒක මොටෝ පුටාර් එක බං :))
Deleteවැඩක් නැහැ රෙද්ද.. කතා කරල... බැලු බැලු ඇත ච්න්ගුමිය වැඩම කර හිටියා අපේ ටවුන් එකේ ..
ReplyDeleteනෑ....? සිරාවට? :))
Deleteමම ලංකාවෙ හිටියෙ නෑ කියල මතකයක් නෑ බන්... ඒත් මම ඕක බලල නෑ... ඇහිල නම් තියෙනෝ... පේන විදිහට නම් ඔය කට්ට තියේනෙ කොන්ඩෙ ගහන්න විතරක්ම වෙන්න බෑ...
ReplyDeleteමටත් පේන්නේ ඒ වගේ තමා c-)
DeleteMata nam oke sinduwa aheddima okkaareta enawa. Ekak baluwe na e hinda. Oya Pajaatha Diyani pissuwa samaHARAK kellanta thadinma thiyanawa.
ReplyDeleteOw. Dan handakaweema nam anthimayi. Thuh thuh thuh!
මම කිසිත් නොකියමි s-)
Deleteවැඩේ කියන්නේ මේ පොඩි කොල්ලන්ටත් ඔය පිස්සුව ගහලා.රෙද්ද.එක තමා ඉවසන්න බැරි
ReplyDeleteඊයා නේ බං... හිරිකිතයි! b-(
Deleteබලාගෙන යනකොට රජා චන්ගුමී ලෝලියෙක්නෙ.. එල එල ආ..
ReplyDeleteහිනා වෙලා පණ යනවා බං.. චන්ගුමී කටු, චන්ගුමී පිහි.. තව කාලෙකින් චන්ගුමී #%$#+€¿€ පවා එයි.. හිකිස්..
පිස්සුද යකෝ... ඊයා!! d(
Deleteහපොයි ඒ කතාවටත් වඩා හිසරදයක් උනේ හැමෝම ඒ ගැන කතා කරන්න පටන් ගනිපු එක. ගුරුවරු, සිසුන්, දෙමව්පියෝ, වෙන එකක් තියා රුපවාහිනි ප්‍රවෘත්ති වලටත් චන්ගුමි පට්ට ගැහුවා නේ. කතාව නම් එක දවසක් වත් මමත් බැලුවේ නැහැ.
ReplyDeleteතෘ ස්ටෝරි... :-h
Deleteඔය කොණ්ඩය බැඳලා ගහන කුර ඉස්සරත් තිබුන ලංකාවේ. දැන් කොරියන් ස්ටයිල් එකට අලුත් වෙලා ඇති . ඕක ගහන්නේ කොණ්ඩය බැඳලද . චන්ගුමි රජකාලේ කතාවක්නේ . ඒ කාලේ ඇඳුම් දැන් කොරියාවේ උන්වත් අඳින්නේ නැහැ . ඔය හැන් බොක් කියන ඇඳුම අඳින්නේ උත්සව අවස්ථාවලට විතරයි.
ReplyDeleteමමත් කොරියන් කතා බලනව ඉංග්‍රීසි උප සිරැසි සහිත . ඉතිහාසය ගැන හොඳ දැනුමක් ලැබෙනවා . අපේ රටේ වැරැද්ද ඉවක් බවක් නැතුව කොපි කරන එකනේ . කොරියාවේ අලුත් බටහිර පන්නයේ විලාසිතා වත් කොපි කරනවා නම් රජා වුනත් කැමති වෙයි ..නැද්ද .
අනිවාර්යෙන්... y-)
Deleteමනස විකුණන කෙල්ලෙකුත් මම දැක්කා බස් එකේදී ඕකක් ගහගෙන ඉන්නවා!හිතන් ඇති හරි ස්ටයිල් එක කියලා :D
ReplyDeleteමනස විකුණන්නේ කෙල්ලොද බං??? උන්ට කෙල්ලෝ කිව්වැහැකිද? :))
Deleteරජෝ...කොහොමද හෙල්මට් එකත් දාගෙන පුටාර් එකේ යනකොට...
ReplyDeleteසුභ වේවා...රාජ සම්පත් ලැබේවා...
මං කිව්වේ මොටෝ පුටාර් එක =))
Deleteචංගුමී #$$$ එකක් 50 යි දෙකම 100.. ලාබයි ලාබයි
ReplyDeleteහම්බෙයි හම්බෙයි.. :))
Deleteකසාද බඳින වයසේ කොල්ලෙක් උනාම ඉගෙන ගනින් හරි වචනේ.. සුරාන්තය නෙමෙයි සුරතාන්තය...
ReplyDeleteඅපේ දේශීය දේ ඔය විදිහට මාර්කට් වෙන්නෙ නැහැනේ... කොහෙ හරි පොළක උඹ දැක්කද 'කුවේණිගෙ ජංගි' කියලා රෝස පාට ඒවා විකුනනවා?
කසාද බඳින වයසේ??? ඒකට තව අවුරුදු 4ක් 5ක් තියෙනවා පුතා :))
Deleteඅන්න ඒක....පොඩි මිස්ටේක් එකක්!
කුවේණිගේ ජංගි? =))
තිසර, අපිට පුලුවන්නේ මචං මේ වචනේ වැරදියි කියල අහක දාන්නේ නැතුව කන සාක්කුවට වැටෙනකල් සුරා පානය කරපු එකා සුරාන්තයට පත් වුනා කියලා පාවිච්චි කරන්න මේ මොහ්තේ සිට. ඕන්න. We are making history now.
Deleteowa danne owa korapu aya thamayi ithin... ;)
Deletemath ganna ona ane ekak
ReplyDeleteමම කිසිත් නොකියමි :))
Deletemamanam ey kathawa balala na.eka nisa rajo dane na ey gana.
ReplyDeleteවෙලාවට! :)
Delete"Changumi" gana tanak kiyapan.
ReplyDeleteJayawewa.
ඇත්තට කෙල්ලෝ ඕවා කොහේ ගහනවද දන්නේ නැ කොන්ඩේ ගහනවා කියල අරන් ගියාට ඕන්.............
ReplyDeleteමටනම් සැකයි නොවැ..... අර ඇත්තිගෙන්ම අහල කියහන්කෝ ඔයි.............
:-?
හික්... හික්... චංගුමී.... මාත් දවසක් දෙකක් බැලුවා.... රටේම උන් ෂා ෂෝයි කතාවක් කියන නිසා..... බැලින්නම්.... අයියෝ..... මට එපා වුනා....
ReplyDeleteදවසක් මං පාරේ එනකොට ඇන්ටි කෙනෙකුයි කෙල්ලෙකුයි චන්ගුමිගේ වර්ණනාව (ඒ දවස් වල ටි.වී. එකේ යනවා ඒක).... මට පන යනකන් තනියම හිනා..... =))
චංගුමීට හඬකවන උන්ට අර.ම්හ්..ආහ්...අනම් මනම් කියවෙන එකනම් අප්පිරියයි බං..දවසක් මට ඕක යන්තම් ඇහිල සුද්දසිංහලෙන්..***********අහල හාමිනේගෙන් බැනුම්, අහැව්ව ඕයි..!
ReplyDeleteඅර කට්ටෙ පොටෝව ඇඳක් උඩ තියල ගත්තු එකනම් හැකයි ඕං..!
මටත් සැකයි මේ කටුව ගැන නම්... මෙහෙම යාළුවන්ට තමන්ගේ කොන්ඩ කටුවල ෆොටෝ ගන්න දෙනවද ගෑනු ලමයි.. අනිවාර්යෙන් මෙතන මොකක් හරි තියනවා..
ReplyDeleteai ane samahara aya inne thawa thawa ewala photo ganna dena.. photo witharaknam bariyai thawa thawa ewa karanna dena...
Deleteහප්පා උලව් දියණියෝ, මම නම් පැත්ත පළාත බලන්නේ නෑ,
ReplyDeleteරටම මේ වලත්ත දියණියන්ට ගිහින්නේ අයියෝ,ගෑල්ලමයි කට ඇරියොත් කියන්නේ ඔය ගුන් ගුමීගෙ ගුණම තමයි..
ReplyDeletekaala kanni ban kaala kanni... gedara dore melo wadak ba.. un danne kata arn owa balanna witharayi..
Deleteඅඩෝ මම මේ කතාව කවදාවත් බලල නැහැ නේ. ගොඩාක් දෙනෙක් ආසයි කියලනම් දන්නවා.
ReplyDeleteඅර සින්දුම මාරු බං. බකල පෙම්වති.
මං ඔය කතාව බලන්නෙ නෑ බං. :(
ReplyDeleteඅපොයි චන්ගූමී කටු නම් හරිම වදයක් තමයි බස් එකේ යද්දි. එක්කො ඇහැක ඇනිලා ඇහැක් පොට්ට වෙනවා.. නැත්නම් අර කොනකින් එල්ලෙන් මගුල නහයේ ගෑවිලා හචිං යනවා ..
ReplyDeletewena rata walin ena jarawal ape rate minissu daathama badala ne ban alla ganne... andenawa ne...?
ReplyDeleteහික් හික්....
ReplyDeleteකොපි කරන එකම ජාතිය සිංහල නිසා ඒවයේ එච්චර ගානකුත් නෑ......ඔය චන්ගුමී නම් හිසරදයක්. ඇඩ්ස් හදන නිසා මම ඉස්සෙල්ලාම චන්ගුමී ගැන දැනගත්තෙ ක්ලාස් කරන සර් කෙනෙක්ගෙන්.
ReplyDeleteඇයි අනේ ළමයෝ දන්නෙ නැද්ද චන්ගුමී හැමෝම දන්නවනේ...
ඒත් මම දන්නෙ නෑනෙ සර්....
වැඩක් නෑ වැඩක් නෑ චන්ගුමී ගැන දන්නෙ නැත්නම්......
ඔන්න ඔහොමයි චන්ගුමී ගැන දන්නෙ නැත්නම් වෙන දේ.......
අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා.
ReplyDeleteමිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D
"රජෝ ඕක දැම්මේ මම එත් චන්ගුමී පාන් කපන පිහි නෙමේ "අබීත දියණි පාන් කපන පිහි" කියල දැම්මේ.
හුටාය.මට දැන් සිහියට සියල්ල පැමිණේ.ඉස්සර හවස් කොරේ ගොම්මනේ ආහ් ආහ් කියා කෑගැසුවෙේහෙනම් මේකිය.මම හෙණ ගේමක් දී සොයා බැලුවෙ මම නොදන්න වැල බලන එකා මොකාද සබ් එකත් දාන් කියාය.එහෙනම් සීන් එක මේකය..අපේ රටේ කෙල්ලෝ බලන්නෙ ඔහොම වැලය.දැන් වැලේද චංගුමීය.
ReplyDeleteරජා මොකා කීවත් කොන්ඩ මෙව්ව එක රාජ කුමාරිගේම විය යුතුය. ^_^ ®
යකෝ චන්ගුමී ඉවර වෙලත් සෑහෙන කල් උනත් මේකේ කොමෙන්ට් ටික කියවලා හිනා වෙලා මගෙ හක්ක පනින්නත් එනවා...
ReplyDelete