Thursday, May 16, 2013

චන්ගුමීගේ අසික්කිත කොණ්ඩකටුව - Changumis Awkward Hair-pin

චන්ගුමී ගැන වෙනම ගුණ වර්ණනාවක් මම දෙන්නට ඕනේ නැත. ඌ මෑත කාලයේ ලංකාවේ හිටියානම් ඔය ගියැයි කියන අටමගලයෙන් එක කොටසක් හෝ බලා තිබිය යුතුමය.රජත් ඕක බැලුවේ එහි මොකක් හරි වචන කෑල්ලක්වත් අල්ලගන්නටය. වැඩිමනක් කොටස් දෙකක් බලන්න ඇතිය. මට නිකන් ඔක්කාරෙට ආවේය. ඇයි හත්තිලව්වේ ඒක හඩකවන ගෑණු ළමයි ස්ටුඩියෝ එක ඇතුලේ සුරාන්තයට ලං වෙනවාද කොහෙදය. හැම වෙලාවෙම ආ...හ් ඌහ්... අනේ.... ම්ම්ම්හ්... යකෝ ටීවී එක වැඩිකරගෙන ඒක බැලුවොත් එහෙම ගෙදර උන් හිතන් මූ ටීවී එකේ වැලක් බලනවා කියලාය. ඒ ගැන මම කියන්න ඕනේ නැත. දන්නෝ දතිතිය. 


සතිපොල ගැන කතා කරනවා නම් පොලත් සමග බැදුනු සෑහෙන අතීතයක් රජාට ඇත්තේය. අපේ රවුමේ පොළ තියෙන්නේ බදාදාය. අගහරුවාදා හවස 6ට විතර වගේ පොළ පටන්ගන්නේය. ඉස්සර අපේ ගෙදර කස්ටිය ගැන්සිය පිටින්ම පොලට බහින්නේ අගහරුවාදා රෑටය. පොළ වටේම ගිහින් එක එක ඒවා අරන් ගෙදර යනකොට කොහොමත් රෑ 8,9 වෙන්නේය. ඔය වෙලාව අතරතුර රජාට නොමිලේ ඇපල්, මිදි ගෙඩි එහෙම හම්බෙන්නේ පිය රජාගේ යාළු මුදලිලාගෙන්ය. 

පසුකාලීනව ඔය එළවළු කඩ සීන් එක ආවේය. තැන් තැන් වල හෙන සරුවට කඩ දාගෙන කට්ටිය වෙළදාම පටන්ගත්තේය. කට්ටිය පොලට යන එකත් හෙමින් හෙමින් අඩුවී ගියේය. ඇපල් හම්බෙන එකත් එහෙම්මම පාෂාණ භූතවිය. ඒ හම්බුන ඇපල් ගෙඩි වල ඇට හිටෙව්වා නම් මම දැන් ඇපල් වත්තක හිමිකාරයෙක්ය. දැන් මාස දෙක තුනක ඉදන් අපේ මව්තුමිය ආයෙත් පොලට යන්න පටන් අරන්ය. ඒකත් මහ දවල් බදාදා පොලටය. තනියමත් නෙමේය. රජාත් එක්ක බයිසිකල් කට්ටේය. 

වෙනදාට නම් රජා කරන්නේ පොල ලග තියෙන ගහක් යටට වෙලා පුටාර් එක නවත්තාගෙන මව්තුමිය එනකන් ඉන්න එකය. ඒකත් එක්තරා කලාවක්ය. බස්වලින් බැහැලා එන, පොලට ගිහින් ආපහු යන සුන්දර ජනතාව ගෑල්ලමයි දෙස බලාසිටීම හැමෝටම කල නොහැකිය. කලාව උනත් හැමදාම කරද්දි එපා වෙන්නේය. ඒක හින්දා රජා පොල භූමියට පය ගැහුවේය. යන කොටම පොල මැද්දේ පාරේ එකෙක් අර පොඩි පොඩි ගැජට් කෑලි විකුණන්නේය. පොර නිකන් පුරුදු නමකින් ගෑගසමින් සිටියේය. ඒ චන්ගුමීය. 

රජාගේ මතකය කස කස ගාලා අතීතයට දිව ගියේය. ඔය චන්ගුමියා දවසකුත් මට හෙනම ලයින් එකක් දැම්මේය.ඒ අවුරුදු කට උඩ තියලා ඇදුම් ගන්න ගිය දවසේය. වෙලාවට එතන හිටියේ චන්ගුමී පිස්සුව ගහපු බවලත් පාර්ශවයේ කච කච ටිකක් පමණය. සීන් එක මෙහෙමය. 

*ස්ථානය - තිලකවර්ධන / නිට්ටඹුව
*වේලාව - ප.ව 3.30
*ගරු රගපෑම - අදුරන ගෑල්ලමෙක්

ගෑල්ලමයා - අයියේ චන්ගුමී කොණ්ඩ කටු නැද්ද?

අයියා - ඉවර උනා මිස්... ඩිසයින් නැති ප්ලේන් කට්ට නම් තියෙනවා...

ගෑල්ලමයා - අයියෝ...

රජා - මොන #$%@???



චන්ගුමී කටු

ටික වෙලාවක් යනකං නිකන් මුළු ලෝකයම මා වටේ කැරකෙමින් තිබූ හැගීමෙන් මිදුනු මම නැවතත් පියවි ලෝකයට ආවෙමි. ආවා...ආවා...චන්ගුමී කටු ආවා...වෙළෙන්දා ගිරිය පුප්පන් කෑගහන්නේය. අම්මත් මමත් පොල වටේම ඇවිදලා එළවළු එහෙම අරගත්තෙමු. ඉස්සර හියපු මාමලා ටික දැක්කම මට ඇඩුනේය. හත්තිලව්වේ මුන් වයසට ගිහිල්ලාය. ඉස්සර වගේ මට ඇපල් දෙන්න එකෙක් නැත. උන් ඔක්කොම කියන්නේ...අනේ....පුතාගෙ ලොකු!!! කියලාය. රජාගේ ප්‍රතිචාරය සුපුරුදු පීචන් හිනාවය. 

කියන්න ආවේ ඒක නොවේය. ඒ දෙනෝදාහක් දෙනා මැද තව ඩිංගෙන් රජාගේ බුරිය ඉදිමිලා, බොක්ක ඇදවෙලා, දවල් කාපුවා උස්මුරුත්තාවට ආපු සීන් එකක්ය. හෙල්මට් එකෙන් මූණ වහගෙන බොහොම අමාරුවෙන් එතනින් මාරු උනෙමි. හෙනම කුප්ප සීන් එක කියන්නේ, මව්තුමිය මට එහාපැත්තේය. 

එච්චරට මෙච්චර නං, මෙච්චරට කොච්චරද කියලා බඩු ටික අරගෙන ආපහු එනකොට අර චන්ගුමී මුදලාලි ලග පොඩි ට්‍රැෆික් එකක්ය. හේතුව ලොක්කව වට කරගත් ගැහුණු ළමෝ සමූහයක්ය. සීන් එක මෙහෙමය.....

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....

මූ යටි ගිරියෙන් කෑගහන අතරතුර රජත් ටිකක් නැවතී බැලුවේ මොකද්ද ඔය ගැජට් එක කියලාය. ඒ අතරම එහා පැත්තෙන් ටිකක් වයසක කපල් එකක් බඩු මල්ලක් උස්සාගෙන ඇදී ගියේය. 

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....

බඩුමල්ල උස්සගත් අන්කලුත් ඇහුන දෙයින් නිකන් ෆුල් හින්දුස්ථාන් වෙලා ගියේය. ඒක ටක්කෙටම සුවර්ය. මම මිනිහාගේ මූණ ලෙසටම දැක්කෙමි. යනගමන්ම මිනිහා යමක් කියාගෙන ගියේය.

අන්කල්: චන්ගුමී කටු??? කොහෙ ගහගන්නද?

රජාට හිනාව තද කරගෙන ඉන්න බැරි වෙලා තොල්පෙති අස්සෙන් කෙලත් විසිඋනාද කොහෙදය. අර කටු තෝර තෝර හිටපු කෙල්ලෙක් සිං ගාලා හැරුනේ ඒක විය යුතුමය. ඔය අස්සේ අරූ තාමත් බෙරිහන් දෙන්නේය. 

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා...

ඕක බලන් හිටපු එහා පැත්තේ මුරුක්කු කඩේ එකා ඌට නොදෙවෙනි සද්දෙන් කෑගැහුවේය.

වෙළෙන්දා 2: ඔයා කටු ගෙනාවට චන්ගුමීව ගෙනාවේ නෑනේ.....

ක්ෂණිකව පිළිතුරක් ලැබුණි.

වෙළෙන්දා 1: චන්ගුමීව ගෙනාවනම් ඔයාලා අද බිස්නස් කරන්නේ නෑනේ....

මුන් දෙන්නා ඕක කිව්වේ ඔය තිත් පේලි තියෙන තැන් හොදට ඇදලාය. රජාට තව දුරටත් සිනහව පාලනය කරගත නොහැකි උනේය. ඔලුවට දාන හෙල්මට් එක වහාම කට ලගට ආවේය. තව පොඩ්ඩෙන් වයිසර් එකට කටත් කැපෙන්නේය. පුටාර් එක තියෙන තැනට එනකන් මමයි අම්මයි ආවේ හිනා වෙවීය. 


ප/ලි: 

අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා. 

මිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D

ඕං අඩවි වැසියෝ හින්දම අර ගෑල්ලමයාගෙන් චන්ගුමී කට්ටක් ඉල්ලන් ඇවිත් පොටෝ එකකුත් ගහගත්තා. ඔය උඩ තියෙන්නේ ඒකලු. ඕක ගහන හැටි පෙන්නනවකෝ පොටෝවක් ගන්න කිව්වට ඇහුවේ නෑනේ. ඔය චාටු දදා ඉල්ලන්නේ බ්ලොග් එකේ දාන්න කියලා මාව එලෙව්වා කියහල්ලකෝ!

ඕක දැන් උ/පෙ කෙල්ලන්ගේ ස්ටයිල් එකක් වෙලාලු. කට්ට ගහන් යන්නේ අඩි දෙකක් විතර උඩින්ලු. චන්ගුමී කට්ට රට්ටුන්ට හෙනම ඇණයක්ලු. බස් එකේ යද්දි ඕක මූණේ ඇනෙනවලු. 

අති විශේෂ: 

දැන් කියහල්ලා කට්ට ඉල්ලගත්තේ රජාගේ කෙල්ලගෙන් කියලා. ඒක කමෙන්ටුවක් විදිහට බාරගන්නේ නෑලු. අර ඩූඩ් මාමා කියනවා වගේ යල් පැනපු විහිළුවක්ලු. 

මගෙ කෙල්ල ඔය ස්ටයිල් කරන්නේ නෑලු. එයා මෙන්න මෙහෙම කෙනෙක්ලු. 


වපර පෙම්වතී

ඇවිදින කොට ඈ බකල් ගසයි...
කතා කරනකොට කෙල විසිවෙයි...
මූණ නොසෝදන දත් නොමදින ඈ...
මගේ පෙම්වතී....ඈ මගෙ පෙම්වතී....
ඈ මගෙ බකල පෙම්වතී.... ♥ ♥

මුළු ගීතය



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

118 comments:

  1. අපෝ මතක් කරන්න එපා. කෙදිරි ගාන හින්දම බැලුවේ නැහැ :p

    ReplyDelete
    Replies
    1. හිරි ඔතප් නැති රජ වාසලක මම එක වෙලා =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))
      මදෑ .. වෙච්චි දෙයක් =D> =D> =D> =D> =D>

      Delete
    2. උඹම වෙඩි තියාගත්ත හින්දා මොකුත් කියන්නෑ...

      Delete
  2. අදත් මං 1ද මංදා හෑ..... චංගුමී ප්ලීස්...!! හෙනට ලොල් සහගතයි :D පට්ටයි ඈ

    ReplyDelete
    Replies
    1. එහෙම හැමදාම එක හම්බෙන්නෑ පුතා! :))

      Delete
  3. මොනවා කියන්නද ලංකාවත් දැන් කොරියාව වී ගන යන බව පෙනේ :D

    ReplyDelete
    Replies
    1. මොනා හරි කියහන් බං :)

      Delete
    2. මොනා කියන්නද ඔය රජාත් අපිට වෙන මුණක් පෙන්වා හොරෙන්ම ඔය දියණියන් නොවරදවාම බලනබව එක එක වැඩ ඔත්තු සේවයට වාර්තා විය.:D

      Delete
  4. මම දිපු කරුණක් විකෘති කර පළ කිරිම සම්බන්දයෙන් මා බලවත් අමනාපයෙන් යුතුව හෙලා දකිමී.. >:( :)

    ReplyDelete
    Replies
    1. විකෘති කලේ කොහෙද ඩෝ...ඒකම තමා දාලා තියෙන්නේ :)

      Delete
  5. එ විතරයැ බොල දැන් අර ඉස්කොලවල ස්පොර්ට් මීට් වලට සරඹ සංදර්ශන වගෙ එවායෙ ඇදුමත් හදලා තියෙන්නේ ඔය කතාවෙ විදියටනෙ...

    ReplyDelete
    Replies
    1. ආ සිරා නේ...ඊයා බං! මම දැක්කා ඒක ඇල්බම් එකක =))

      Delete
  6. දැනට චන්ගුමි කටු විතරනේ ල0කාවට ඇවිත් තියෙන්නේ ,ඉස්සරහට මොන මොන ජාති ගැජට් චන්ගුමි නමින් එයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අපි නං දන්නෑ ඕං :))

      Delete
  7. ඕක පොඩි එවුන්ට නම් තදට තියෙන උණක් බං.. ඉස්කෝල වලිනුත් ටීචර්ලා දෙනවලු සප් එක රෑපවාහිනියට... හි හි..... ( කමක් නෑ.. අඩුගානේ ගහමරාගන්න යන්නේ නැත්තම් හොඳයි අරැන් උඩ පැනලා, කැරකිලා තුන් හතර දෙනා බිම දාන හැටි බලං ඉඳලා....)

    ReplyDelete
    Replies
    1. පුහ්...ඒකේ විදිහට ගහගන්නවනං ඉතින් ඌ ලොවෙත් නෑ. අනික ගහලා තත්පර 10ක් විතර ගියාට පස්සෙනෙ සද්දේ =))

      Delete
    2. ඒ කියන්නේ රජා හොරාට හොරාට බලනවා වගේ......... අනේ මට නම් ඔක ඇලජික් ම තමා.....

      Delete
  8. හයියූ මාත් දැකලා තියේ ඔය කටු ^_^

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා නැතෙයි? :))

      Delete
  9. සිරා කතා පොජ්ජ ෂම්මියො,මම මේ ළගදි දැක්ක අර ගෑනුන්ගෙ පත්තරේක දැන් මොන්ටිසෝරි ළමයින්ටත්ඔය චංගුමී ගෑනිගෙ චාරයක් නැති ඇඳුම් අන්දන්න යනව කියල ඒ ඇදුම මහන විශිහත් තිබුණ.
    කෝ දැන් ඔය බුකියෙ චංගුමී ගැන කෑ ගහපු උං.... තව ටික දවසකින් ලංකාවක් නැතිවෙලා කොරියාවක් හැදෙයි. ඒ දවසට කව්ද එන්නෙ මෑත් එක්ක බෙල්ලෙ වැලක් පළඳගන්න????

    ReplyDelete
    Replies
    1. මම එන්න ලෑස්ති වෙනවා බං...මේ ඇදුම් පැක් කරන ගමන් :))

      Delete
  10. කාලයක් තිබ්බ ප්‍රවීනා දැන් චංගුමී ,.... ලංකාවට යන්නෙම කාගෙවත් කෑලි තමා.අර ඉස්සර ගිය හොද නාට්ටි ටිඅක් ඇරුනම මෑතක ඒ වගේ හොද කතාවක් අවේම නෑනෙ.හැබැයි ඉතින් ඉල්ලුමට හරි යන සපයුම කියල එකකුත් තියනවනේ.

    ReplyDelete
  11. මමනං ඔය කතාව එකපාරක්වත් බැලුවෙ නෑ. මොකද ඔය ටයිම් එකට මට ටීවී බලන්න වෙන්නෙ නෑ.
    දැං ඔය චංගුමී කට්ට රජා ගෙනාවෙ කොහේ ගහගන්නද?

    ReplyDelete
    Replies
    1. අඩෝ මම ගෙනාවේ නෑ ඩෝ... :)

      Delete
  12. "....ඔලුවට දාන හෙල්මට් එක වහාම කට ලගට ආවේය. තව පොඩ්ඩෙන් වයිසර් එකට කටත් කැපෙන්නේය. පුටාර් එක තියෙන තැනට එනකන් මමයි අම්මයි ආවේ හිනා වෙවීය. ....."

    හෙල්මට් එක දාගෙනද පුටාර් එකේ යන්නේ ?????????

    ReplyDelete
  13. පජාත කතන්දරයක් අප්පා ඕක...චංගුමී කිව්වොත් ලංකාවේ එව්වෝ මැරෙන්න යයි...පොඩි කාලේ ගහපු කිටකුත් ඇඳන් සූප්පුවකුත් කටේ ගහන් ගියානම් ආපහු ඇපල් කෑවහැකි රජෝ..........

    ReplyDelete
    Replies
    1. අන්න අදහස...ලබන සතියේ බලමු w-)

      Delete
  14. ඕවා අලුතෙන් ආපු කටු ජාතියක් නෙමෙයි, රජෝ. සෑහෙන්න පරණ යි. කොහොම වුණත් දැන් ඔය රජා ගත්ත කට්ට කොහෙ ද දන්නේ නැහැ තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එදවස කිව්වේ චන්ගුමී කටු කියලා නෙමේනේ :))

      මගෙ නෙමේ.....අර ගෑල්ලමයාගේ!

      Delete
  15. තව ටික කාලයක් යනකොට චංගුමීගෙ මොනවා මෙහෙ විකුණයිද කියන්න බෑ රජෝ..

    ReplyDelete
    Replies
    1. එයත් එනවලුනේ...ආවමම බලමු :)

      Delete
  16. එහෙනම් උඹ කොණ්ඩකට්ට ඉල්ලගත්තේ චන්ගුමීගෙන්ද බං ?

    ලාබයි ලාබයි ඈවරයි..දෑවරයි චන්ගුමී පාවිච්චි කරපු ජංගි කොටයක් තුන් ඈවරයි

    ReplyDelete
  17. කියල වැඩක් නෑ බන්. ටයිටස් තොටවත්තගෙන් හඬකැවීම් මැදිරිය උරුම කරගත්ත උළමා, හඬ කැවීම් ක්ෂේත්‍රය කුජීත කරනවා. කොහොමද ඔගෙ දෙබස් එහෙම. ‘නෑ යන්නෙ ඔයා අල්ලන්න මාලු. ඉන්න ගෙදර කර කර උදව් අම්මට‘ ඔන්න ඔය ක්‍රමේ ‍දෙබස් තමා උගෙ තියෙන්නෙ. අච්චර සිරා මල්ගුඩි දවසුත් ආයෙ හඬකවන්න ගිහින් කෑව එකානෙ. අපේ ගෑණුන්ටත් ඔය පජාත දියණියගෙන් තොර ලෝකයක් නෑනෙ. ඒක නම් මාකටින් වලට සිරාම උදාහරණයක්. දැන් පොරකන්නෙ කටු ගන්න, පොත ගන්න, ස්ටිකර්, පොත් කවර, ඒවට.

    ReplyDelete
    Replies
    1. ‘නෑ යන්නෙ ඔයා අල්ලන්න මාලු. ඉන්න ගෙදර කර කර උදව් අම්මට‘

      අනේ අම්මපා බං... වමනේ යනවා ඒවා අහනකොට! =D>

      Delete
  18. මොන බොරුද බොලව් ඔය කට්ට දැන් කාලෙක ඉදන් තියෙන්නේ, අපේ අම්මලා තරුණ කාලෙත් ඕකෙම ඩිසයින් අනන් මන්න නැති ප්ලාස්ටික් කට්ටක් තිබිලා තියනවා, ඒ කියන්නෙ 90 ගනන් වල වගේ, පස්සේ ඕකෙම දැන් අවුරුදු 5කට වගේ කලින් ලීයකින් වගේ හදපු කට්ටක් ආවා ඉන්දියන් එකක්, දැන් තමයි ඕක ආවේ, ඕකේ ඔය මල් ඩිසයින් එක කොරියන් වගේ නිසා ඒකට චංගුමී කට්ට කියනවා, :/ ඕක චංගුමියෙක්ගේ නෙවෙයි බං, බස් එකේ යන වෙලාවක නම් ඕකේ ලී එක හෙන ප්‍රයෝජනවත් අහල පහල ඇගේ හැප්පෙන එකෙක් හිටියොත් ඇදලා අරන් අනින්න තමයි තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි, මේකද කොහිද බොල දිගම ක්මෙන්ට් එක මෙච්චරකාලෙකට දාපු.. :P

      Delete
    2. ඒ උනාට කිව්වේ චන්ගුමී කට්ට කියලා නෙමේනේ මෙයා... y-)

      මගෙ ඇගෙ ඇවුනොත් මමනං අනිවා අයිනවා බඩවැල් පාර දිගේ වැටෙන්න!

      Delete
    3. පිස්සුද බොලව්, මම ඒක ආත්ම ආරක්ශාවට තියන් ඉන්නේ,, :D

      Delete
  19. මොනවා උනත් චන්ගුමි රැල්ල හොඳ මාකටින් පාරක් නම් උනා බං!

    ReplyDelete
  20. changumi katta ?? kohe gahanna da ???????

    ReplyDelete
    Replies
    1. ලෙක්චර් එක ඉවරවෙලා වරෙන්කෝ කියලා දෙන්න =))

      Delete
  21. අපි කොහොමත් ඉම්පෝටඩ් බඩු වැළදගන්න දස්සයෝනේ මලයා..

    ReplyDelete
  22. උඹලා දන්නෙ නැති උනාට රූපවාහිනියෙ ඇත්තො..චන්ගුමී ව ලංකාවට ගෙන්නන්න හදන්නෙ...ලංකාවට ආපු දවසක ලගටම ගිහිං චන්ගුමීගෙ කට්ට බලහං මලේ...

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා... අර හෙන ලොකුවට කිව්වේ ඒ දවස් වල :)

      Delete
  23. රජතුමා හොඳයි වටේ උන් නරකයි කතාවනේ බං.කට්ට විතරක් නෙමෙයි තව හොඳ හොඳ සීන් එයි ඉස්සරහට.

    ReplyDelete
  24. මොකක්ද බන් ඔය චන්ගුමි...
    බලපංකො ඕකේ එක කෑල්ලක්වත් බලා ගන්න බැරි උන හැටි..

    ReplyDelete
  25. අපිත් එක කෑල්ලක්වත් බලලා නෑ ඔන්න ඔය ජරාවේ

    ReplyDelete
  26. Matath ekaparatama seen une RAJI ta wage koi rateda bola helmat dagena putar wala yanne.mama nam oka baluwema ne.owa kanne ape hada kawana un thama.

    ReplyDelete
    Replies
    1. පොඩි මිස්ටේක් එකක් බං... මොටෝ පුටාර් එක :))

      Delete
  27. රජාගේ වල්කමේ හැටියට රජාට ගැලපෙන්නේ sunny leone වගේ හොද දරා ගැනීමේ ශක්තියක් සහිත කෙල්ලෙක්,ඒක නිසා කළු කොට කතා කෙල්ලෝ දිහා බැලුවට කමක් නැහැ දරා ගැනීමේ ශක්තිය එහෙම තියෙනවද බලලා අරගන්න හොදේ :v :v :v :v :v :v :v :v :v :v :v :v

    ReplyDelete
    Replies
    1. රජාට ලැජ්ජා හිතුනද මන්දා =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))

      Delete
    2. ඒක ඉතින් පිටින් පේන්නේ නෑනේ බං... :))

      Delete
    3. ටෙස්ට් කරලම අරගන්න ඕනේ වෙන්න ඇති ඔය කියුවේ =)) =)) =)) =)) =))

      Delete
  28. changumila one tharam innwa ewannada kenekwa

    ReplyDelete
  29. ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා.

    මාත් කල්පනා කලේ මේ හඬ කවන කතාවල ඔය හැටි කෙඳිරි ගාන්නේ මොන මගුලටද කියලයි.

    ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා.

    මාත් කල්පනා කලේ මේ හඬ කවන කතාවල ඔය හැටි කෙඳිරි ගාන්නේ මොන මගුලටද කියලයි.

    ඒකෙ ඉතුරු ටික ඔය ඩ්‍රැකියා කියලා තියෙන්නේ ලස්සනට.

    ඕවා ‍රැලි විත්‍රයි බං. ගනං ගන්න එපා. මතකද කාලයක් ආජි තපර ලාහිලා නැතිව ඉස්කෝලෙක කොන්සට් එකක් කරන්න බැරුව හිටියා.

    ReplyDelete
    Replies
    1. //මතකද කාලයක් ආජි තපර ලාහිලා නැතිව ඉස්කෝලෙක කොන්සට් එකක් කරන්න බැරුව හිටියා.// සිරාවට ඈ...

      ඒ උනාට අපි මොන්ටිසෝරියේ නැටුවේ “ යුආ මයි බෑඩ් බෝයි“ මුල මතක නෑනේ එකේ :(

      Delete
    2. You are my bad boy...එහෙමයි උඹ වල් රජෙක් වුනේ ඈ? bad to the bones...

      Delete
  30. චන්ගුමී මාකට් වෙන්නේ. රජා හා රටවැසියන් ගල් යුගයේ ජීවත් වන නිසා.. ඉතින් රජාටත් ආතල්, රට වැසියන්ටත් ආතල්..

    ReplyDelete
    Replies
    1. සමාවන්න..

      සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
    2. ගල් යුගය තව ටිකක් විස්තර කලානම්?

      Delete
  31. ඕක හෙන පරණයි බන්....
    කාලෙන් කාලෙට අලුත් කවරෙක දාලා මාකට් කරනවා...
    කොහේ ගහගත්තාම මොකෝ...
    මං දැක්කා එක ගෑල්ලමේක් කෑටේ කටේ ඕක තියන් ඉන්නවා :P


    සැරම සීන් එක උඹ හෙල්මට් දාන්ද පුටාර් එකේ යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ මේක ලියද්දි මම බීලද බං හිටියේ? හැමතැනම මොකක් හරි අවුලක්. ඒක මොටෝ පුටාර් එක බං :))

      Delete
  32. වැඩක් නැහැ රෙද්ද.. කතා කරල... බැලු බැලු ඇත ච්න්ගුමිය වැඩම කර හිටියා අපේ ටවුන් එකේ ..

    ReplyDelete
  33. මම ලංකාවෙ හිටියෙ නෑ කියල මතකයක් නෑ බන්... ඒත් මම ඕක බලල නෑ... ඇහිල නම් තියෙනෝ... පේන විදිහට නම් ඔය කට්ට තියේනෙ කොන්ඩෙ ගහන්න විතරක්ම වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ ඒ වගේ තමා c-)

      Delete
  34. Mata nam oke sinduwa aheddima okkaareta enawa. Ekak baluwe na e hinda. Oya Pajaatha Diyani pissuwa samaHARAK kellanta thadinma thiyanawa.
    Ow. Dan handakaweema nam anthimayi. Thuh thuh thuh!

    ReplyDelete
    Replies
    1. මම කිසිත් නොකියමි s-)

      Delete
  35. වැඩේ කියන්නේ මේ පොඩි කොල්ලන්ටත් ඔය පිස්සුව ගහලා.රෙද්ද.එක තමා ඉවසන්න බැරි

    ReplyDelete
    Replies
    1. ඊයා නේ බං... හිරිකිතයි! b-(

      Delete
  36. බලාගෙන යනකොට රජා චන්ගුමී ලෝලියෙක්නෙ.. එල එල ආ..

    හිනා වෙලා පණ යනවා බං.. චන්ගුමී කටු, චන්ගුමී පිහි.. තව කාලෙකින් චන්ගුමී #%$#+€¿€ පවා එයි.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ... ඊයා!! d(

      Delete
  37. හපොයි ඒ කතාවටත් වඩා හිසරදයක් උනේ හැමෝම ඒ ගැන කතා කරන්න පටන් ගනිපු එක. ගුරුවරු, සිසුන්, දෙමව්පියෝ, වෙන එකක් තියා රුපවාහිනි ප්‍රවෘත්ති වලටත් චන්ගුමි පට්ට ගැහුවා නේ. කතාව නම් එක දවසක් වත් මමත් බැලුවේ නැහැ.

    ReplyDelete
  38. ඔය කොණ්ඩය බැඳලා ගහන කුර ඉස්සරත් තිබුන ලංකාවේ. දැන් කොරියන් ස්ටයිල් එකට අලුත් වෙලා ඇති . ඕක ගහන්නේ කොණ්ඩය බැඳලද . චන්ගුමි රජකාලේ කතාවක්නේ . ඒ කාලේ ඇඳුම් දැන් කොරියාවේ උන්වත් අඳින්නේ නැහැ . ඔය හැන් බොක් කියන ඇඳුම අඳින්නේ උත්සව අවස්ථාවලට විතරයි.

    මමත් කොරියන් කතා බලනව ඉංග්‍රීසි උප සිරැසි සහිත . ඉතිහාසය ගැන හොඳ දැනුමක් ලැබෙනවා . අපේ රටේ වැරැද්ද ඉවක් බවක් නැතුව කොපි කරන එකනේ . කොරියාවේ අලුත් බටහිර පන්නයේ විලාසිතා වත් කොපි කරනවා නම් රජා වුනත් කැමති වෙයි ..නැද්ද .

    ReplyDelete
  39. මනස විකුණන කෙල්ලෙකුත් මම දැක්කා බස් එකේදී ඕකක් ගහගෙන ඉන්නවා!හිතන් ඇති හරි ස්ටයිල් එක කියලා :D

    ReplyDelete
    Replies
    1. මනස විකුණන්නේ කෙල්ලොද බං??? උන්ට කෙල්ලෝ කිව්වැහැකිද? :))

      Delete
  40. රජෝ...කොහොමද හෙල්මට් එකත් දාගෙන පුටාර් එකේ යනකොට...
    සුභ වේවා...රාජ සම්පත් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ මොටෝ පුටාර් එක =))

      Delete
  41. චංගුමී #$$$ එකක් 50 යි දෙකම 100.. ලාබයි ලාබයි

    ReplyDelete
    Replies
    1. හම්බෙයි හම්බෙයි.. :))

      Delete
  42. කසාද බඳින වයසේ කොල්ලෙක් උනාම ඉගෙන ගනින් හරි වචනේ.. සුරාන්තය නෙමෙයි සුරතාන්තය...

    අපේ දේශීය දේ ඔය විදිහට මාර්කට් වෙන්නෙ නැහැනේ... කොහෙ හරි පොළක උඹ දැක්කද 'කුවේණිගෙ ජංගි' කියලා රෝස පාට ඒවා විකුනනවා?

    ReplyDelete
    Replies
    1. කසාද බඳින වයසේ??? ඒකට තව අවුරුදු 4ක් 5ක් තියෙනවා පුතා :))

      අන්න ඒක....පොඩි මිස්ටේක් එකක්!

      කුවේණිගේ ජංගි? =))

      Delete
    2. තිසර, අපිට පුලුවන්නේ මචං මේ වචනේ වැරදියි කියල අහක දාන්නේ නැතුව කන සාක්කුවට වැටෙනකල් සුරා පානය කරපු එකා සුරාන්තයට පත් වුනා කියලා පාවිච්චි කරන්න මේ මොහ්තේ සිට. ඕන්න. We are making history now.

      Delete
    3. owa danne owa korapu aya thamayi ithin... ;)

      Delete
  43. Replies
    1. මම කිසිත් නොකියමි :))

      Delete
  44. mamanam ey kathawa balala na.eka nisa rajo dane na ey gana.

    ReplyDelete
  45. ඇත්තට කෙල්ලෝ ඕවා කොහේ ගහනවද දන්නේ නැ කොන්ඩේ ගහනවා කියල අරන් ගියාට ඕන්.............
    මටනම් සැකයි නොවැ..... අර ඇත්තිගෙන්ම අහල කියහන්කෝ ඔයි.............
    :-?

    ReplyDelete
  46. හික්... හික්... චංගුමී.... මාත් දවසක් දෙකක් බැලුවා.... රටේම උන් ෂා ෂෝයි කතාවක් කියන නිසා..... බැලින්නම්.... අයියෝ..... මට එපා වුනා....

    දවසක් මං පාරේ එනකොට ඇන්ටි කෙනෙකුයි කෙල්ලෙකුයි චන්ගුමිගේ වර්ණනාව (ඒ දවස් වල ටි.වී. එකේ යනවා ඒක).... මට පන යනකන් තනියම හිනා..... =))

    ReplyDelete
  47. චංගුමීට හඬකවන උන්ට අර.ම්හ්..ආහ්...අනම් මනම් කියවෙන එකනම් අප්පිරියයි බං..දවසක් මට ඕක යන්තම් ඇහිල සුද්දසිංහලෙන්..***********අහල හාමිනේගෙන් බැනුම්, අහැව්ව ඕයි..!

    අර කට්ටෙ පොටෝව ඇඳක් උඩ තියල ගත්තු එකනම් හැකයි ඕං..!

    ReplyDelete
  48. මටත් සැකයි මේ කටුව ගැන නම්... මෙහෙම යාළුවන්ට තමන්ගේ කොන්ඩ කටුවල ෆොටෝ ගන්න දෙනවද ගෑනු ලමයි.. අනිවාර්යෙන් මෙතන මොකක් හරි තියනවා..

    ReplyDelete
    Replies
    1. ai ane samahara aya inne thawa thawa ewala photo ganna dena.. photo witharaknam bariyai thawa thawa ewa karanna dena...

      Delete
  49. හප්පා උලව් දියණියෝ, මම නම් පැත්ත පළාත බලන්නේ නෑ,

    ReplyDelete
  50. රටම මේ වලත්ත දියණියන්ට ගිහින්නේ අයියෝ,ගෑල්ලමයි කට ඇරියොත් කියන්නේ ඔය ගුන් ගුමීගෙ ගුණම තමයි..

    ReplyDelete
    Replies
    1. kaala kanni ban kaala kanni... gedara dore melo wadak ba.. un danne kata arn owa balanna witharayi..

      Delete
  51. අඩෝ මම මේ කතාව කවදාවත් බලල නැහැ නේ. ගොඩාක් දෙනෙක් ආසයි කියලනම් දන්නවා.

    අර සින්දුම මාරු බං. බකල පෙම්වති.

    ReplyDelete
  52. මං ඔය කතාව බලන්නෙ නෑ බං. :(

    ReplyDelete
  53. අපොයි චන්ගූමී කටු නම් හරිම වදයක් තමයි බස් එකේ යද්දි. එක්කො ඇහැක ඇනිලා ඇහැක් පොට්ට වෙනවා.. නැත්නම් අර කොනකින් එල්ලෙන් මගුල නහයේ ගෑවිලා හචිං යනවා ..

    ReplyDelete
  54. wena rata walin ena jarawal ape rate minissu daathama badala ne ban alla ganne... andenawa ne...?

    ReplyDelete
  55. හික් හික්....

    ReplyDelete
  56. කොපි කරන එකම ජාතිය සිංහල නිසා ඒවයේ එච්චර ගානකුත් නෑ......ඔය චන්ගුමී නම් හිසරදයක්. ඇඩ්ස් හදන නිසා මම ඉස්සෙල්ලාම චන්ගුමී ගැන දැනගත්තෙ ක්ලාස් කරන සර් කෙනෙක්ගෙන්.

    ඇයි අනේ ළමයෝ දන්නෙ නැද්ද චන්ගුමී හැමෝම දන්නවනේ...

    ඒත් මම දන්නෙ නෑනෙ සර්....

    වැඩක් නෑ වැඩක් නෑ චන්ගුමී ගැන දන්නෙ නැත්නම්......

    ඔන්න ඔහොමයි චන්ගුමී ගැන දන්නෙ නැත්නම් වෙන දේ.......

    ReplyDelete
  57. අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා.

    මිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D

    "රජෝ ඕක දැම්මේ මම එත් චන්ගුමී පාන් කපන පිහි නෙමේ "අබීත දියණි පාන් කපන පිහි" කියල දැම්මේ.

    ReplyDelete
  58. හුටාය.මට දැන් සිහියට සියල්ල පැමිණේ.ඉස්සර හවස් කොරේ ගොම්මනේ ආහ් ආහ් ‍කියා කෑගැසුවෙේහෙනම් මේකිය.මම හෙණ ගේමක් දී සොයා බැලුවෙ මම නොදන්න වැල බලන එකා මොකාද සබ් එකත් දාන් කියාය.එහෙනම් සීන් එක මේකය..අපේ රටේ කෙල්ලෝ බලන්නෙ ඔහොම වැලය.දැන් වැලේද චංගුමීය.
    රජා මොකා කීවත් කොන්ඩ මෙව්ව එක රාජ කුමාරිගේම විය යුතුය. ^_^ ®

    ReplyDelete
  59. යකෝ චන්ගුමී ඉවර වෙලත් සෑහෙන කල් උනත් මේකේ කොමෙන්ට් ටික කියවලා හිනා වෙලා මගෙ හක්ක පනින්නත් එනවා...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)