අප රටේ විහාරස්ථාන අතර ටැම්පිට විහාර වාස්තු විද්‍යාත්මකව ඉමහත් වැදගත්කමක් හිමිකර ගනී. කුරුණෑගල දිස්ත්‍රික්කය මහනුවර යුගයට අයත් එවැනි ටැම්පිට විහාර රාශියක් දැකිය හැකි ප්‍රදේශයකි. එහෙත් ඒ අතරින් වැඩි විහාර ප්‍රමාණයක සිදුව ඇති පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පෞරාණික අගය හීනවී ගොසිනි.මේ අතරින් කෝඳුරුවාපොල විහාරය වැදගත් වන්නේ එය පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු රක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් නිසා ය. මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ. ඔහු නැවතී සිටි බව සඳහන් වන්නේ කුලියාපිටිය කෝන්ගහගෙදර ගමේ ය.
ගමන් මාර්ගය
කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ පැමිණ නාරම්මල සිට කි.මී. 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2ක් ගමන් කළ යුතු ය.
කෝඳුරුවාපොල යන නම ඇති වූ අන්දම පිළිබඳව ප්‍රදේශයේ පැතිර ඇති ජනප්‍රවාදයක් නම් පුරාණයේ විහාරය ඉදිකර ඇති ගල්තලාව මත මැති ඇමතිවරු රහස් සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ නිසා එයට කෙඳිරුම්පොල යන නම ලැබී ඇති බවත් පසුව කෝඳුරුවාපොල වූ බවත් ය
තවත් ජනප්‍රවාදයකට අනුව ගමේ පිහිටි මසුරන් කෝට්ටේ නමින් හැඳින්වෙන වැව (මේ වැව මෑතක දී ප්‍රතිසංස්කරණය කර තිබේ) හා ටැම්පිට විහාරයේ ආරම්භය අතර සම්බන්ධයක් පවතී. වැව ඉදිකරන සමයේ වැව් බැම්ම කෙතරම් ශක්තිමත් අයුරින් ඉදිකළත් කිහිප වරක්ම කැඩී යන්නට පටන් ගෙන ඇත.
නැකත්කරුවකු එයට හේතුව ලෙස පවසා තිබෙන්නේ වැව තැනීම ආරම්භ කළ නැකත අසුභ බවත් එය මඟ හැරීම සඳහා ගමේ ගල් තලාව මත විහාරයක් ඉදිකළ යුතු බවත් ය. ඒ අනුව ගල් තලාව මත අදිකාරම විසින් විහාරය ඉදිකරවා එහි වැවට නෙත් යොමු වන සේ හිඳි බුදු පිළිමයක් නිර්මාණය කරවා තිබේ. ඊට පසු වැව තැනීමේ වැඩ කටයුතු සාර්ථක වූ බව එම ජනප්‍රවාදයේ පැවසේ. කෝඳුරුවාපොල විහාර භූමියට පිවිසෙන විටම පර්වතය මත පිහිටා ඇති ටැම්පිට විහාරය ධර්ම ශාලාව සහ නව විහාරය අප නෙත ගැටේ. නව සංඝාවාසය පිහිටා ඇත්තේ පහල බිමේ ය. පර්වතය හරහා ගමන් කර විහාර මළුවට පිවිසීමට මෑතක දී වාහල්කඩක් සහිත මාර්ගයක් සකසා තිබේ.
විහාරය ඉදිකර තිබෙන්නේ පර්වතය මත සිටවූ අඩි 2ක් පමණ උස ගල්ටැම් 11ක් මත ය. පර්වතය සමතලා කර ගැනීමට පදනමක් ඉදිනොකර සෘජුවට කලුගල් ටැම් ඒ මත සිටුවා තිබේ.
පර්වතයේ ස්වරූපය අනුව ගල්ටැම්වල උස වෙනස් වේ. ඒවායේ ඝනකම ද එකිනෙකට වෙනස් ය. විහාරයට පිවිසීමට ඉදිරිපසින් කලුගල් කුට්ටි යොදා පියගැට පෙළක් නිර්මාණය කර ඇත.
විහාරයේ ඉදිරිපසින්ම ඇති උළුවස්ස අලංකරණවලින් තොර ය. ඊට පසු හමුවන දෙවන උළුවස්ස සහිත බිත්තිය මකර තොරණකින් අලංකාර කොට තිබේ. චන්ද්‍ර වංකය සහිත චාම් උළුවස්ස පළල අඩි 3ක් සහ උසින් අඩි 5 අඟල් 4 ක් වේ.මෙහි පිහිටි මකර තොරණෙහි කීර්තිමුඛය කැඩී විනාශ වී ඇත. දෙපසින් කඩු අතින් ගත් දොරටු පාල රූප දෙකකි. මකරා මත දේව රූප නිර්මාණය කර ඇත. මකර තොරණෙහි සායම් මැකී ගොස් තැනින් තැන තීන්ත මතුවී පෙනේ.
ප/ලි:
අප එහි වන්දනාවේ යෙදුනේ පෝය දිනක නොවේය. පන්සලේ කිසිවෙකුත් අපිට මුණගැසීමට නොහැකි විය. එබැවින් ටැම්පිට විහාරය ඇතුලත ඡායාරූප ගැනීමටවත් වැඩිදුර විස්තර සොයා ගැනීමටවත් නොහැකි විය. නැවත වරක් එහි සංචාරයේදී අනිවාර්යෙන්ම ඡායාරූප මෙහි අප්ඩේට් වනු ඇත.
අතීත කතාවේ විස්තර ගත්තේ බුදුසරණ පත්තරේ ලිපියකිනි.
ටැම්පිට විහාර යනු මොනවාද?
ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් යන්න මින් අදහස් වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය.
දිස්‌ත්‍රික්‌කය හා ටැම්පිට විහාර සංඛ්‍යාව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ටැම්පිට විහාර සොයා යාම අපගේ අභිප්‍රාය වේ.
විස්තර උපුටා ගැනීම මෙන්ම, වැඩිදුර විස්තර මෙතනින්.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම 1 හූ :P මම ඔය කියනවට තව ලංකාවෙ අප්‍රසිද්ධ පන්සල් කීයක් නම් ඇත්ද
ReplyDeleteනැතුව නැතුව...
Deleteඅපි කවර් කරන්නේ සත්කෝරළේ ඒවා ටික. සියනෑ කෝරළේ තව කට්ටියක්. එහෙමයි වෙන්නේ සීන් එක :)
මෙන්න අපේ ගෘප් එක එනවනම් - https://www.facebook.com/groups/hiker.info/
මොකෝ මේ රජා පන්සල් යන්නේ වැරදිලාද ආ.නැත්තම් අර සමහර රජවරු වගේ රට්ටු රවට්ටන්නද.:D
ReplyDeleteඅප්පා...කිව්ව කතාව =D>
Deleteමේක දැන් මැප් එකක් වෙනවා වගේ...එනිවේ පට්ට ඇ. ජය වේවා :))
ReplyDeleteඒකත් නරක නෑනේ ඉතින් :D
Deleteනියම වැඩක් මල්ලි සෙට් එකටම ස්තුතීයි මේවා සොයා යනවට සහ විස්තර අප වෙත ගෙන එනවට කොහොමත් වෙහෙර විහාර විකාශනය වැඩිපුරම දක්නට ලැබෙන්නේ අනුරාධපුරයේ සිට කොට්ටේ දෙසට නේද
ReplyDeleteඔව් නේද... (මමත් ඉතින් හරියටම දන්නෑ) :)
Deleteහා හා එහෙනම් දැන් රජත් වන්දනාවෙ යනවා වගේ.. එල එල ආ.. උබේ වල් හිත දැන් හරි නැති වුනොත් ලොකු දෙයක්.. සිරාවට දැන් උබ පන්සල් යන්නෙත් අනිත් රජවරු වගේ ජනතාව රවට්ටන්නද??
ReplyDeleteමොනා වුනත් උබල හොඳ වැඩක් කරන එක හොඳයි.. මටත් පින් ටිකක් දියල්ලා..
එහෙම වෙනවා බං අර මිනිහෙක් වයසට යනකොට :))
Deleteඑල එල..වරෙන් දවසක යන්න!
එල එල මචෝ.. දවසක සෙට් වෙලා යමු.. :ඩී
Deleteඋඹට මෙහෙම ඒවත් ලියන්ඩ පුළුවං එහෙනං ඈ.....
ReplyDeleteඇයි අවුල්ද? s-)
Deleteරජාගෙ මේ වැඩේට නම් මම හරිම කැමතියි..ලංකාවට ආපු දවසක යන්න මේ දේවල් හැකි තරම් ලියලා තියන්න...ජය !
ReplyDeleteඑල එල...
Deleteදැන් වෙසක් එකට යනවනේ රට වටේ...
දෙන්නං පොරි හැලෙන්න :)
තලම්මහැර එකක් තියනවා...බලන්න වරෙන්!
ReplyDeleteඑල...උඹත් වරෙන් ඈ! :)
Deleteමම මේ අහන්ට හැදුවා විතරයි ටැම්පිට විහාර කියන්නේ මොනවද කියලා. අදමයි ඒක නම් ඇහුවේ. විස්තරේ හරියට වටිනවා අහලා නැති තැන් හන්දා.
ReplyDeleteදැන්, දැන් මහරජ පලාතේ සැරිසරලා බුදු සසුනට සේවයක් කරන්ට යනවා වගේ. හදමුද විහාරයක්? :D
එච්චර සල්ලි නෑ අප්පා තාම.. සල්ලි තියෙන කාලෙක බලමු :)
DeleteMekath hondayi. Mahanuwara ewath balanna enna. Api chithra walatath tampita wihaara gana igenagaththa. Mathakaya aluth una.
ReplyDeleteඑල එල...වෙලාවක බලමු g-)
Deleteඇත්තටම උබ නියම වැඩක් රජෝ කරන්නෙ.... පට්ට ගති... අපේ රටේ උරුමය....
ReplyDeleteආ එහෙනං මෙන්න.. :-f
Deleteනියමයි රජා ඔය පැත්තෙ යන වෙලාවක මේ ටික බලන්න ඉන්න ලිස්ට් එකට දමා ගන්න ඕනි !
ReplyDeleteඑලාස්... එනවනම් අපිටත් කියලා එන්ඩ ඈ :))
Deleteනියමයි.
ReplyDeleteගොඩකවෙල පන්සලෙත් ඕව එකක් තියෙනව.
මහින්දාරාම පිරිවෙන
ෂෙහ්...මේක මරු! g-)
Deleteමේකනම් මල්ලි ලොකු පිනක් මොකද මේ වගේ පන්සල් ගැන අපි දන්නෙම නැතුව ඒවා විනාස වේවි... ඊට කලින් මෙහෙම විස්තර හොයල බලල සටහන් කරල තියන එක හොද ප්‍රයෝජනවත් වැඩක්.
ReplyDeleteදැන් ඉතින් නරයන්ට රජාගේ පිහිටෙන් පන්සල් යන්න පුලුවන්.
ඒකනේ...කවදාහරි පොඩි එකෙක්වත් බලයිනේ :)
Delete(අර කැත පෝස්ටු ටික මකන්න වෙනවා) =))
අඩවි හොඳ වැඩක්නේ කරන්නේ. මේ වගේ දේවල් ලංකාවේ තියෙනවා කියලා දැනගෙනවත් හිටියේ නෑ.
ReplyDeleteඑහෙමද????? :-SS
Deleteමේ ඔක්කොම ගිහින් බලන්න වටිනා දේවල්.
ReplyDeleteඅනිවාර්යෙන්ම...d-)
Deleteඋඩුනුවර ගඩලාදෙණිය විහාරයත් මේ වගේ ටැම්පිට විහාරයක්නේද ?..
ReplyDeleteමම ඒක දැකලානම් නෑ :)
Delete@ සරත් ලංකාප්‍රිය
Deleteගඩලාදෙණිය ටැම්පිට විහාරයක් නෙමේ අයියා. මැදවල, සූරියගොඩ වගේ විහාර තමා උඩරට තියෙන ප්‍රකට ටැම්පිට විහාර
good job
ReplyDelete:X
Deleteරජා දැන් පන්සල් ගානේ ගැවසෙනවා වැඩි වගේ.. O.o
ReplyDeleteමේ වැඩේ නම් ගොඩක් හොදයි රජෝ..... මේ තැන් ගැන අහලවත් තිබුනේ නෑනේ අපි....
ReplyDeleteටැම්පිට කියන එකේ තේරුම මේකයි කියලා දැනගත්තේ අදමයි. අනික එක විහාරයක් නෙවෙයි ගණනාවක් තියෙන බව දන්නෙත් දැන්. :)
ReplyDelete
ReplyDeleteවටිනා විස්තරයක් රජෝ මැප් එකත් තියන එකේ ආවම යන්න
Raja..mahana waida? niyami..
ReplyDeleteJayawewa.
//...මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින්...//
ReplyDeleteමීගස්තැන්නේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අදිකාරම් ධූරයක් දැරුවේ නැහැ. ඒ වගේමයි එයා කීර්ති ශ්‍රී රාජසිංහ කාලේ විතරක් නෙමේ ශ්‍රී වික්‍රම රාජසිංහ සමය වෙනකම්ම ජීවත් වෙනවා.
හැබැයි මීගස්තැන්නේ රාජ සේවයට එක් වෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ තමා. මුලින් අප්පුහාමි මඩුවේ සේවකයෙක් පස්සේ අතපත්තුවේ නිලමේ හැටියට තමා එයා ඒ කාලේ ඉන්නේ.
රාජාධි රාජසිංහ එයාව සත් කෝරළේ දිසාව බවට පත් කරනවා. පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමා මීගස්තැන්නේව උඩගම්පහේ අදිකාරම හෙවත් දෙවෙනි අදිකාරම් ධූරයට පත් කරන්නේ.
නැවත වරක් රජාගේ විහාර යාත්‍රාවට සුභ පැතුම් :)