රතු නැන්දා එහාට දුවනවා මෙහාට දුවනවා. හරිම කලබලේ
ඒ සද්දෙට කළු මාමත් දුවගෙන ආවා. මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න.
මගේ අළුත්ම නූල් බෝලේ...කෝ..ඒක නෑ...මේ දැන් මෙතන තිබුනා...පුදුම වැඩක්නේ මේක..ඉතින් මං දැන් කොහොමද මගේ චීත්තේ මහගන්නේ... රතු නැන්දා තාමත් කෑගහනවා.
කෑගහන්න එපා යෝදියේ...අහල පහල මිනිස්සුන්ටත් ඇහෙයි...නූල් බෝලේ දැන් තිබුනානම් නැති වෙන්නේ කොහොමද? අපි තව ටිකක් හොයලා බලමු...
හොයලා බැලුවා තමයි..කෝ...ඒත් නූල් බෝලෙට වෙච්ච දෙයක් නෑ..
කළු මාමයි...රතු නැන්දයි දෙන්නත් එක්කම නූල් බෝලේ හොයනවා. උඩ බලනවා...බිම බලනවා.ඒත් නෑ. නූල් බෝලේ හොයලා කළු මාමටයි රතු නැන්දටයි දැන් හොදටම මහන්සියි. කළු මාමා නළල දිගේ බේරෙන දාඩිය ඔලුවේ බැදගෙන හිටපු ලේන්සුවෙන් පිහ දාගෙන බංකුව උඩින් ඉදගත්තා
මේකනං පුදුම වැඩක්... දැන් කොච්චර වෙලාවක් නම් හෙව්වද? හැබෑටම බහිරවයවත් ගෙනිච්චද දන්නේ නෑ... රතු නැන්දා ඇස් දෙකත් ලොකු කරගෙන නිකටටත් අත තියාගෙන බිත්තියට හේත්තුවෙන ගමන් කිව්වා.
ඔය අතරේ ක කළු මාමා දැක්කා අද යට නූල් පොටක් එහාට මෙහාට ඇදෙනවා. කළු මාමා හෙමින් සැරේ ඇද යටට එබිලා බැලුවා... කළු මාමාට හිනා. රතු නැන්දත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා කළු මාමා හිනා වෙන්නේ මොකද කියලා. රතු නැන්දා කළු මාමාගෙන් ඇහුවා වෙන්නේ මොකද කියලා... ඒ ගමන කළු මාම තවත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. රතු නැන්දට දැන් කළු මාමා එක්කත් තරහයි.
හිනායන්නැතුවයි...මේ තියෙන්නේ ඔහේගේ නූල් බෝලේ...මේ ඉන්නේ බහිරවයා. නූල්බෝල හොරා... එහෙම කියලා කළු මාමා ඇද යට ඉදලා එළියට ගත්තේ කිටියව.උගෙ ඇග පුරාම නූල් එතිලා. ඌ නූල් බෝලේ අරගෙන එහාට මෙහාට පෙරළි පෙරළි ඉදලා නූල් බෝලේ ඇග පුරාම එතිලා.
ඇගපුරා එතිච්ච නූල් පිටින්ම කිටියා පුරු...පුරු ගගා කළු මාමගේ කකුලේ දැවටෙන්න පටන් ගත්තා. දැන් නම් රතු නැන්දට හොදටම තරහයි. කේන්තිය ඉවසාගෙන ඉන්න බෑ..
හොර බළලා.. දැන් ඉතින් නූල් බෝලේ ගන්න දෙයක් නෑ.. ඒ මදිවට කකුලේ දැවටෙන්නත් එනවා.. හිටපං උඹට හොද පාඩමක් උගන්නන්න...
එහෙම කියලා ගෙයි තිබිච්ච කොස්සත් අරගෙන රතු නැන්දා දුවගෙන ආවා. එතකොටත් කිටියා මිදුලට පැනගෙන.
_______________________________________________
ප/ලි:
මේ දවස් වල හවසට හිටගෙන පශ්චාත්භාගය/ඵුඛ හෝදන්නට වහින්නේය. ඒ මදිවට තඩි හෙනද පාත්වෙන්නේය. කරන්ට් එක එක්ක වැඩ මව්තුමිය තහනම් කරන බැවින් මටත් කරන්නට දෙයක් නැත. පොත් රාක්කය ඇද්දෙමි. උසස්පෙල පොත් වලින් අච්චාරුවක් දැම්මෙමි. කතන්දර පොත් ඇද්දෙමි. මාගේ පළමු කතන්දර පොත හම්බුනේය. සාලෙට ඇවිත් ආසාවෙන් පොත කියෙව්වෙමි. මේ අතර අම්මා ලගින් ගියේය.
මම - අම්මේ මේ...... මම පොත පෙන්නුවෙමි.
අම්මා - හිහ් හිහ්... ඉස්සර ඔය පොත මට පාඩම්. ඇයි ඉතින් හැමදාම රෑට ඕක කියවන්න ඕනැනේ
මම - හිකිස්.. ^_^
ඉස්සර මාගේ ආසම කතන්දර පොත මේකය. අම්මාට පින්සිදු වෙන්නට ඒ හැම පොතක්ම වාගේ මා සතුව ඇත.
පිටකවරේ |
තඩි අකුරු |
කොහොමද චිත්‍ර හැකියාව |
රචනය: ධම්මිකා අක්මීමන
පැල්පොලවත්ත
ගොඩගම
මීගොඩ
ප්‍රථම මුද්‍රණය - 1995 ජනවාරි
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජ කොලුවා ඒ කාලෙනම් හරිම සෝයි කොලුවෙක් හැඩයි... ඔය වගේ තව ළමා කතන්දර තියෙනවා නම් දාපන් මලේ... ළමයි ඉන්න බ්ලොග් ලියන ඇත්තන්ට ඇහැකි නොවැ ඒ කතන්දර තමන්ගෙ ළමයින්ට කියා දෙන්න....
ReplyDeleteඒ කාලේ විතරක් නෙමෙයි... මේ කාලෙත් හරි සෝයි කොළුවා :)
Deleteසිරාවට ඈ...අන්න අයිඩියා එක
හැහ්... මගේ චූටි කාලේ පොත් ටිකත් කියවන්න ආස හිතුනා ආයේ..
ReplyDeleteජය!!
හිකිස්... කියෝමු කියෝමු :)
Deleteඅඩවි රජගේ චිත්‍ර දැකලා පොඩි කලේ මතක් වුනෝ... ජයවේවා අඩවි රජ
ReplyDeleteකොහොමද? පිකාසෝ අංකල් පරාදයිනේ? :)
Deleteබණ්ඩටත් ඔය වගේ පොත් සැට් එකක් තිබ්බ.. අපි ලොකු වෙද්දි ඒවට වෙච්චි දෙයක් නෑ..
ReplyDeleteඅපේ අම්ම මටත් ඔය වගේ කතන්දර කියල දෙනව නින්ද යනකං..
හි හි හරි සෝයි ඒ කලෙ....
ජය...
මීයෝ කන්ඩ ඇති :)
Deleteමේක දැක්කම මතක් වුනේ, අපි පොඩි කාලෙ තාත්ත ගෙනත් දීල තිබුණ ලස්සන පින්තූර තියෙන රුසියන් ළමා කතාවල සිංහල පරිවර්තන පොත් ගොඩක්. මතක හැටියට රාදුගා ප්‍රකාශන ද කොහෙද. ඒ සමහරක් පොත්වල පොත දිග ඇරියම ඇතුලෙ තියෙන රූප ත්‍රිමාණ විදියට එන්න තැනින් තැන කපල තිබුණ. අපි හතරක්ම හිටියනේ, එව්ව පාට අතුල්ලල, රූප කපල විනාශ කරල අද කෑල්ලක්වත් හොයාගන්ට නෑ. අද හිතෙනව අපරාදෙ ඒව තිබුණනම් කියල.
ReplyDeleteහෙහ් හෙහ්.... වෙලාවට අපේ දිහා 2යි :)
Deleteඒකෙ ක්‍රෙඩිට් එකත් අපේ ගමට.... ජය ජය..
ReplyDeleteඒක නෙවෙයි රජෝ කළු මාමගෙයි රතු නැන්දගෙයි ළමයි මොන පාටද දන්නෙ නෑ නේ
Deleteඒකම තමා දැම්මේ ගම.. උඹ අදුරනවද බලන්න
Deleteගුරු පාටයිළු බං :)
බොහොම ලස්සන ළමා කාලයක්නේ රජාට තිබිලා තියෙන්නේ... මේ දැන් අයට ඕව නෑ
ReplyDeleteහිහ් හිහ් :)
Deleteලස්සන චිත්‍රෙ
ReplyDeleteටැංකූ ටැංකූ :)
Deleteමම ඒත් කියවනකොට කල්පනා කලා පොඩි රජා මහ රජාව හැක් කරලාවත්ද කියලා
ReplyDeleteහෙහ් හෙහ්... එහෙම දවසකුත් එයි ළගදිම :)
Deletemage langa thibuna poth okkoma ahala pahala nangila mallilage birthday walata dunna. Dan mata 1k wath ne. Thaththata kiyanna ona aluthin genath danna kiyala.
ReplyDeleteපව් පොඩි එකා.... තාත්තා ගාවට ගිහින් කෑගහලා අඩන්න :)
Deleteමට ඔය වගේ ලොකු අකුරු පොත් තිබ්බේ නෑ... අම්මගෙන් අහන්න ඕනේ...
ReplyDeleteඑක වසරෙදි අපේ ඉස්කෝලෙට ගෙනල්ලා විකුණපු සර් කෙනෙක්ගේ පොත් 6ක් තිබ්බා... පරිවර්තන 5යි කවිපොතයි... ඩික්විටින්ටන්, මයිකල් සහ ....... එකකුයි... කවි පොත අමල්බිසෝ... අනිත් ටික නම් නැතුව ඇති.... ඒ ඔක්කොම ටිකක් ලොකු පොත්... ඒත් ඔය වගේ...
අපේ මලයා තමා ඒ ටික විනාස කලේ..... ඔය වල් රජාගේ වයසේම තමා.... හපෝයි.....
පොත් රුක් එක අස් කරන එක ඉස්සර මටත් දවසක මිෂන් එකක් තමයි... අහුවෙන පරණ පොත් කියෝ කියෝ නේ අස් කරන්නේ... හි හි...
හෙහ් හෙහ්...
Deleteඅප්පේ සුට්ටන් රජා! :පි
ReplyDeleteහරිම කියුට්ලු :)
Deleteආයි බලපන් මේ ලිව්ව එව්වා හරියට වැදිලා නෑ...
ReplyDeleteමගෙත් තියනවා ඔය වගේම කලෙක්ෂන් එකක්..
ගිනි නරියට හොදට පේනවනේ බං.... උඹ කිව්ව හින්දම ක්‍රෝම් එකෙන් ගියා. එතකොට පොඩි අවුලක් තිබ්බා නේන්නං :)
Deleteමටත් පොඩි කාලේ කතා පොත් ටික මතක් වුණා. :)
ReplyDeleteඑව්වා මරු අප්පා :)
Deleteරජාට මතක් වෙන දෙවල්.... මටත් පුංචි දවස්වල කැමතිම පොත් සෙට් එකක් මතක් උනා.
ReplyDeleteඒකනේ කියන්නේ... :)
Deleteඅඩේ මු හුජ්ජ කොල්ලෙක්නේ.
ReplyDeleteචූ කියහන් චූ....... :)
Deleteරෙජා මාරයිනේ....මාගාවත් ඔය වගේ එකතුවක් තියෙනවා....ජීවිතේ රැකගත්තු මතක සටහන්...
ReplyDeleteමරුනේ....!!!!!!! :)
Deleteඒ මං පණුච්චි ලඟත් තිබ්බ ඔය පොත... දැන් නම් අන්තරස්ධාන් වෙලා... :(
ReplyDeleteමට ආයිත් පොත බලන්න ආසාවක් ආව...
ජය වේවා!!
සිනා බෝ වේවා!!!
හෑ...? වෙන්න බෑ :)
Deleteමට ඔය ලෙඩ බෝ කරගන්න බෑ පණුවෝ
ඕ.. මං ගාව කතන්චර පොත් නෑනේ...
ReplyDeleteඑහෙනං කතන්දර පොත් තියෙනවද බලහන් :)
Deleteපොඩි එකා සන්දියේ ඉදන් එක්කාසු කොරපු පොත් මා ලගත් සෑහෙන්න ... එත් මො පොත දැක්කේ අද !! හෙ හෙ හේ
ReplyDeleteමේක හෙන වටින ග්‍රන්ථයක් බං :)
Deleteරජාට සුට්ටන් කාලේ මතක් වෙලා වගේ..:) මමත් සුටි කාලෙට ගියා මේක කියවද්දී!!
ReplyDeleteආපහු ආවා නෙහ්? :)
Deleteහික්ස්ස්ස්ස්ස්... අනේ හලිම ශෝක් හෆ්ෆා.. චුට්ටි කාලෙ පොත්පත් දැන් බලන්න තියෙද්දි ආසයි..
ReplyDeleteඅනිවාර්යෙන් :)
Deleteඔවට තමයි කුමර කාලෙ රජකිය වැඩ කියන්නෙ නෙද රජො?
ReplyDeleteඑකෙන්ම එකෙන්ම :)
Deleteඉස්සරලම දැක්කම මට හිතුනේ සිබිල් නැන්දගේ කතාවක් කියලා. මේ ලේඛිකාව ගැන මට මතක නෑ නෙව.
ReplyDeleteසිබිල් නැන්දගේ කතාත් මරු... සුපිරි චිත්‍ර :)
Deleteලස්සන අතීතයක් මචං..!
ReplyDelete:)
Deleteමටත් ඔය වගේ කතා පොත් සැට් එකක් තියෙනවා බන් :)
ReplyDeleteපට්ටනේ :)
Deleteමගේ පොත් ටික පොඩි එවුන් වගේකට දීලා...
ReplyDelete:)
Deleteඋඹත් අපිට මොකක් හරි සුරංගනා කතාවක් කියලාමේරෙනවා නේද බං රජතුමණි?
ReplyDeleteඋම දැක්කෙ නැත්ද අර සුදීකගෙ ඇවිද්ද පයේ උඹ දාලා තිබ්බ කමෙන්ට් එකකට මුං වට වෙලා නෙලල තියෙනවා? සික් කොච්චර කැතද මං අහන්නෙ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කොහෙද, කොහෙද, ෂික් ... මම දැක්කෙ නෑනේ. මමත් හොයාගෙන යන්ටෝන, නෙලන්න.
Deleteමුං වටවෙලා නෙලලා කිව්වට...... කවුද දන්නෑ වැඩේ පටන් ගත්තේ :)
Deleteඋඹ පොඩි කාලේ දැනට වඩා හොදයිනේ.. මගේ ලගත් තියෙනවා බං තාම ඉස්සර කියෙවුව පොත් සෙට් එක එකතු කරලා..
ReplyDeleteදැනුත් හොදයි මං... උඹලා තමා නරකෙට හිතාගෙන තියෙන්නේ :)
Deleteඋඹ පොඩි කාලේ ඉඳලම ඉංජිනේරුවෙක් වෙන හැඩ පෙන්නලා තියෙන්නේ. පුසා වටේම ලනු ඇදලා කොඩි දාලා තියෙන්නේ..
ReplyDeleteහිකිස්... සිරාවට නේ
Deleteඔය කරලා තියෙන්න අංක අනුව යා කිරීම. අර අංක පිළියෙලට යි කලාම එක එක රූප හැදෙන්නේ. අන්න ඒකක් කරන්නයි ට්‍රයි කලේ. කොහෙද වැඩේ දෙල් :)
කතාව කියවන්න ගත්ත මුල් හරියෙන් මට හිතුනෙ වෙනද වගේ පට්ටපල් කුණුහරුපයක් වත්ද කියල. එහෙම නෑ නොවැ.
ReplyDeleteරාජ සිත්තම නම් එල ඈ.
මම වෙනදට ඒවා කියනවද? නෑ........... :)
Deleteඅනේ කිරි කැටියා....(අ.පැ.හ.බ.)
ReplyDeleteමොකද්ද බං මේ වරහන???
Deleteහී................මරු පෝස්ට් එක..:)
ReplyDeleteහී..... :)
Deleteරජ පැටියා..හුරතලයා...:)
ReplyDeleteඅලිම හුලතල් අලේ.. ;)
Deleteඉස්සර ලොකු අකුරු කතන්දර පොතක් පෙරලලා බලපං දැන් විනාඩියට කලින් කියවල ඉවර වෙනවා. ඒත් ඒ කාලෙ අපි දවසක් කියවනවා. බලපං වෙනස. බැන්දමත් ඕමයි !
ReplyDeleteයකඩෝ..මූ දන්න දේවල් :)
Deleteඅත්දැකීමෙන්ද කිව්වේ?
මේවගේ ළමා පොත් කියවන්න අයෙ වයසක් ඕනෙ නෑ කොයි කාලෙටත් එකයි.
ReplyDeleteඇත්තටම ඈ... මටත් හිතුනා ඕක :)
Deleteඅඩේ චිත්‍ර හැකියාව පට්ටයි ඈ රජෝ ;)
ReplyDeleteකොහොමද.. ඇඩෙනවා නෙහ් :)
Deleteකිව්වමෛ මතක් උනේ. මගේ පොඩි කාලේ පොත් ටිකත් පෙට්ටියක දාල තිබුනා. වේයෝ කන්න කලින් හොයාගන්න ඕනේ.
ReplyDeleteදැන් කාලේ වේයෝ පොත් කන්නේ තොග වශයෙන්... ඉක්මන් කලොත් වටී ;)
Deleteමා ගාවත් පරණ පොත් ලොට් එකක්ම තියනවා තෑගි හම්බ උන ඒවා.
ReplyDeleteපොඩි එකානේ ;)
Deleteරජා පොඩි කාලේ හරි හොදයිනේ!!!
ReplyDeleteදැනුත් සෝයි :)
Deleteඅයේ මේවා කියවන්න මම ඉන්නේ මගේ පොඩිකාලේ අයේ එනකන්
ReplyDelete