Tuesday, October 16, 2012

නූල්බෝල හොරා

රතු නැන්දා එහාට දුවනවා මෙහාට දුවනවා. හරිම කලබලේ

සද්දෙට කළු මාමත් දුවගෙන ආවා. මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න.

මගේ ළුත්ම නූල් බෝලේ...කෝ..ඒක නෑ...මේ දැන් මෙතන තිබුනා...පුදුම වැඩක්නේ මේක..ඉතින් මං දැන් කොහොමද මගේ චීත්තේ මහගන්නේ... රතු නැන්දා තාමත් කෑගහනවා.

කෑගහන්න එපා යෝදියේ...අහල පහල මිනිස්සුන්ටත් හෙයි...නූල් බෝලේ දැන් තිබුනානම් නැති වෙන්නේ කොහොමද? අපි තව ටිකක් හොයලා බලමු...

හොයලා බැලුවා තමයි..කෝ...ඒත් නූල් බෝලෙවෙච්ච දෙයක් නෑ..

කළු මාමයි...රතු නැන්දයි දෙන්නත් එක්කම නූල් බෝලේ හොයනවා. උඩ බලනවා...බිම බලනවා.ඒත් නෑ. නූල් බෝලේ හොයලා කළු මාමටයි රතු නැන්දටයි දැන් හොටම මහන්සියි. කළු මාමා නළල දිගේ බේරෙ දාඩිය ඔලුවේ බැදගෙන හිටපු ලේන්සුවෙන් පිහ දාගෙන බංකුව උඩින් ඉදගත්තා

මේකනං පුදුම වැඩක්... දැන් කොච්චර වෙලාවක් නම් හෙව්වද? හැබෑ හිරවයවත් ගෙනිච්චද දන්නේ නෑ... රතු නැන්දා ඇස් දෙකත් ලොකු කරගෙන නිකටටත් අත තියාගෙන බිත්තියට හේත්තුවෙන ගමන් කිව්වා.

ඔය අතරේ ක කළු මාමා දැක්කා අද යට නූල් පොටක් එහාට මෙහාට ඇදෙනවා. කළු මාමා හෙමින් සැරේ ඇද යටට එබිලා බැලුවා... කළු මාමාට හිනා. රතු නැන්දත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා කළු මාමා හිනා වෙන්නේ මොකද කියලා. රතු නැන්දා කළු මාමාගෙන් ඇහුවා වෙන්නේ මොකද කියලා... ඒ ගමන කළු මාම තවත් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. රතු නැන්දට දැන් කළු මාමා එක්කත් තරහයි.

හිනායන්නැතුවයි...මේ තියෙන්නේ ඔහේගේ නූල් බෝලේ...මේ ඉන්නේ බහිරවයා. නූල්බෝල හොරා... එහෙම කියලා කළු මාමා ඇද යට ඉදලා එළියට ගත්තේ කිටියව.උගෙ ඇග පුරාම නූල් එතිලා. ඌ නූල් බෝලේ අරගෙන එහාට මෙහාට පෙරළි පෙරළි ඉදලා නූල් බෝලේ ඇග පුරාම එතිලා.

ඇගපුරා එතිච්ච නූල් පිටින්ම කිටියා පුරු...පුරු ගගා කළු මාමගේ කකුලේ දැවටෙන්න පටන් ගත්තා. දැන් නම් රතු නැන්දට හොදටම තරහයි. කේන්තිය ඉවසාගෙන ඉන්න බෑ..

හොර බළලා.. දැන් ඉතින් නූල් බෝලේ ගන්න දෙයක් නෑ.. ඒ මදිවට කකුලේ දැවටෙන්නත් එනවා.. හිටපං උඹට හොද පාඩමක් උගන්නන්න...

එහෙම කියලා ගෙයි තිබිච්ච කොස්සත් අරගෙන රතු නැන්දා දුවගෙන ආවා. එතකොටත් කිටියා මිදුලට පැනගෙන.

_______________________________________________

ප/ලි:
මේ දවස් වල හවසට හිටගෙන පශ්චාත්භාගය/ඵුඛ හෝදන්නට වහින්නේය. ඒ මදිවට තඩි හෙනද පාත්වෙන්නේය. කරන්ට් එක එක්ක වැඩ මව්තුමිය තහනම් කරන බැවින් මටත් කරන්නට දෙයක් නැත. පොත් රාක්කය ඇද්දෙමි. උසස්පෙල පොත් වලින් අච්චාරුවක් දැම්මෙමි. කතන්දර පොත් ඇද්දෙමි. මාගේ පළමු කතන්දර පොත හම්බුනේය. සාලෙට ඇවිත් ආසාවෙන් පොත කියෙව්වෙමි. මේ අතර අම්මා ලගින් ගියේය. 

මම - අම්මේ මේ...... මම පොත පෙන්නුවෙමි.

අම්මා - හිහ් හිහ්... ඉස්සර ඔය පොත මට පාඩම්. ඇයි ඉතින් හැමදාම රෑට ඕක කියවන්න ඕනැනේ

මම - හිකිස්.. ^_^

ඉස්සර මාගේ ආසම කතන්දර පොත මේකය. අම්මාට පින්සිදු වෙන්නට ඒ හැම පොතක්ම වාගේ මා සතුව ඇත. 

පිටකවරේ

ඩි අකුරු

කොහොමද චිත්‍ර හැකියාව

රචනය: ධම්මිකා අක්මීමන
පැල්පොලවත්ත
ගොඩගම
මීගොඩ

ප්‍රථම මුද්‍රණය - 1995 ජනවාරි    

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
  

83 comments:

  1. රජ කොලුවා ඒ කාලෙනම් හරිම සෝයි කොලුවෙක් හැඩයි... ඔය වගේ තව ළමා කතන්දර තියෙනවා නම් දාපන් මලේ... ළමයි ඉන්න බ්ලොග් ලියන ඇත්තන්ට ඇහැකි නොවැ ඒ කතන්දර තමන්ගෙ ළමයින්ට කියා දෙන්න....

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ විතරක් නෙමෙයි... මේ කාලෙත් හරි සෝයි කොළුවා :)

      සිරාවට ඈ...අන්න අයිඩියා එක

      Delete
  2. හැහ්... මගේ චූටි කාලේ පොත් ටිකත් කියවන්න ආස හිතුනා ආයේ..
    ජය!!

    ReplyDelete
    Replies
    1. හිකිස්... කියෝමු කියෝමු :)

      Delete
  3. අඩවි රජගේ චිත්‍ර දැකලා පොඩි කලේ මතක් වුනෝ... ජයවේවා අඩවි රජ

    ReplyDelete
    Replies
    1. කොහොමද? පිකාසෝ අංකල් පරාදයිනේ? :)

      Delete
  4. බණ්ඩටත් ඔය වගේ පොත් සැට් එකක් තිබ්බ.. අපි ලොකු වෙද්දි ඒවට වෙච්චි දෙයක් නෑ..
    අපේ අම්ම මටත් ඔය වගේ කතන්දර කියල දෙනව නින්ද යනකං..
    හි හි හරි සෝයි ඒ කලෙ....

    ජය...

    ReplyDelete
  5. මේක දැක්කම මතක් වුනේ, අපි පොඩි කාලෙ තාත්ත ගෙනත් දීල තිබුණ ලස්සන පින්තූර තියෙන රුසියන් ළමා කතාවල සිංහල පරිවර්තන පොත් ගොඩක්. මතක හැටියට රාදුගා ප්‍රකාශන ද කොහෙද. ඒ සමහරක් පොත්වල පොත දිග ඇරියම ඇතුලෙ තියෙන රූප ත්‍රිමාණ විදියට එන්න තැනින් තැන කපල තිබුණ. අපි හතරක්ම හිටියනේ, එව්ව පාට අතුල්ලල, රූප කපල විනාශ කරල අද කෑල්ලක්වත් හොයාගන්ට නෑ. අද හිතෙනව අපරාදෙ ඒව තිබුණනම් කියල.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... වෙලාවට අපේ දිහා 2යි :)

      Delete
  6. ඒකෙ ක්‍රෙඩිට් එකත් අපේ ගමට.... ජය ජය..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි රජෝ කළු මාමගෙයි රතු නැන්දගෙයි ළමයි මොන පාටද දන්නෙ නෑ නේ

      Delete
    2. ඒකම තමා දැම්මේ ගම.. උඹ අදුරනවද බලන්න

      ගුරු පාටයිළු බං :)

      Delete
  7. බොහොම ලස්සන ළමා කාලයක්නේ රජාට තිබිලා තියෙන්නේ... මේ දැන් අයට ඕව නෑ

    ReplyDelete
  8. ලස්සන චිත්‍රෙ

    ReplyDelete
  9. මම ඒත් කියවනකොට කල්පනා කලා පොඩි රජා මහ රජාව හැක් කරලාවත්ද කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... එහෙම දවසකුත් එයි ළගදිම :)

      Delete
  10. mage langa thibuna poth okkoma ahala pahala nangila mallilage birthday walata dunna. Dan mata 1k wath ne. Thaththata kiyanna ona aluthin genath danna kiyala.

    ReplyDelete
    Replies
    1. පව් පොඩි එකා.... තාත්තා ගාවට ගිහින් කෑගහලා අඩන්න :)

      Delete
  11. මට ඔය වගේ ලොකු අකුරු පොත් තිබ්බේ නෑ... අම්මගෙන් අහන්න ඕනේ...

    එක වසරෙදි අපේ ඉස්කෝලෙට ගෙනල්ලා විකුණපු සර් කෙනෙක්ගේ පොත් 6ක් තිබ්බා... පරිවර්තන 5යි කවිපොතයි... ඩික්විටින්ටන්, මයිකල් සහ ....... එකකුයි... කවි පොත අමල්බිසෝ... අනිත් ටික නම් නැතුව ඇති.... ඒ ඔක්කොම ටිකක් ලොකු පොත්... ඒත් ඔය වගේ...

    අපේ මලයා තමා ඒ ටික විනාස කලේ..... ඔය වල් රජාගේ වයසේම තමා.... හපෝයි.....

    පොත් රුක් එක අස් කරන එක ඉස්සර මටත් දවසක මිෂන් එකක් තමයි... අහුවෙන පරණ පොත් කියෝ කියෝ නේ අස් කරන්නේ... හි හි...

    ReplyDelete
  12. අප්පේ සුට්ටන් රජා! :පි

    ReplyDelete
  13. ආයි බලපන් මේ ලිව්ව එව්වා හරියට වැදිලා නෑ...
    මගෙත් තියනවා ඔය වගේම කලෙක්ෂන් එකක්..

    ReplyDelete
    Replies
    1. ගිනි නරියට හොදට පේනවනේ බං.... උඹ කිව්ව හින්දම ක්‍රෝම් එකෙන් ගියා. එතකොට පොඩි අවුලක් තිබ්බා නේන්නං :)

      Delete
  14. මටත් පොඩි කාලේ කතා පොත් ටික මතක් වුණා. :)

    ReplyDelete
  15. රජාට මතක් වෙන දෙවල්.... මටත් පුංචි දවස්වල කැමතිම පොත් සෙට් එකක් මතක් උනා.

    ReplyDelete
  16. අඩේ මු හුජ්ජ කොල්ලෙක්නේ.

    ReplyDelete
  17. රෙජා මාරයිනේ....මාගාවත් ඔය වගේ එකතුවක් තියෙනවා....ජීවිතේ රැකගත්තු මතක සටහන්...

    ReplyDelete
  18. ඒ මං පණුච්චි ලඟත් තිබ්බ ඔය පොත... දැන් නම් අන්තරස්ධාන් වෙලා... :(
    මට ආයිත් පොත බලන්න ආසාවක් ආව...
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ...? වෙන්න බෑ :)

      මට ඔය ලෙඩ බෝ කරගන්න බෑ පණුවෝ

      Delete
  19. ඕ.. මං ගාව කතන්චර පොත් නෑනේ...

    ReplyDelete
    Replies
    1. එහෙනං කතන්දර පොත් තියෙනවද බලහන් :)

      Delete
  20. පොඩි එකා සන්දියේ ඉදන් එක්කාසු කොරපු පොත් මා ලගත් සෑහෙන්න ... එත් මො පොත දැක්කේ අද !! හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. මේක හෙන වටින ග්‍රන්ථයක් බං :)

      Delete
  21. රජාට සුට්ටන් කාලේ මතක් වෙලා වගේ..:) මමත් සුටි කාලෙට ගියා මේක කියවද්දී!!

    ReplyDelete
  22. හික්ස්ස්ස්ස්ස්... අනේ හලිම ශෝක් හෆ්ෆා.. චුට්ටි කාලෙ පොත්පත් දැන් බලන්න තියෙද්දි ආසයි..

    ReplyDelete
  23. ඔවට තමයි කුමර කාලෙ රජකිය වැඩ කියන්නෙ නෙද රජො?

    ReplyDelete
  24. ඉස්සරලම දැක්කම මට හිතුනේ සිබිල් නැන්දගේ කතාවක් කියලා. මේ ලේඛිකාව ගැන මට මතක නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. සිබිල් නැන්දගේ කතාත් මරු... සුපිරි චිත්‍ර :)

      Delete
  25. මටත් ඔය වගේ කතා පොත් සැට් එකක් තියෙනවා බන් :)

    ReplyDelete
  26. මගේ පොත් ටික පොඩි එවුන් වගේකට දීලා...

    ReplyDelete
  27. උඹත් අපිට මොකක් හරි සුරංගනා කතාවක් කියලාමේරෙනවා නේද බං රජතුමණි?

    උම දැක්කෙ නැත්ද අර සුදීකගෙ ඇවිද්ද පයේ උඹ දාලා තිබ්බ කමෙන්ට් එකකට මුං වට වෙලා නෙලල තියෙනවා? සික් කොච්චර කැතද මං අහන්නෙ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කොහෙද, කොහෙද, ෂික් ... මම දැක්කෙ නෑනේ. මමත් හොයාගෙන යන්ටෝන, නෙලන්න.

      Delete
    2. මුං වටවෙලා නෙලලා කිව්වට...... කවුද දන්නෑ වැඩේ පටන් ගත්තේ :)

      Delete
  28. උඹ පොඩි කාලේ දැනට වඩා හොදයිනේ.. මගේ ලගත් තියෙනවා බං තාම ඉස්සර කියෙවුව පොත් සෙට් එක එකතු කරලා..

    ReplyDelete
    Replies
    1. දැනුත් හොදයි මං... උඹලා තමා නරකෙට හිතාගෙන තියෙන්නේ :)

      Delete
  29. උඹ පොඩි කාලේ ඉඳලම ඉංජිනේරුවෙක් වෙන හැඩ පෙන්නලා තියෙන්නේ. පුසා වටේම ලනු ඇදලා කොඩි දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... සිරාවට නේ

      ඔය කරලා තියෙන්න අංක අනුව යා කිරීම. අර අංක පිළියෙලට යි කලාම එක එක රූප හැදෙන්නේ. අන්න ඒකක් කරන්නයි ට්‍රයි කලේ. කොහෙද වැඩේ දෙල් :)

      Delete
  30. කතාව කියවන්න ගත්ත මුල් හරියෙන් මට හිතුනෙ වෙනද වගේ පට්ටපල් කුණුහරුපයක් වත්ද කියල. එහෙම නෑ නොවැ.
    රාජ සිත්තම නම් එල ඈ.

    ReplyDelete
    Replies
    1. මම වෙනදට ඒවා කියනවද? නෑ........... :)

      Delete
  31. අනේ කිරි කැටියා....(අ.පැ.හ.බ.)

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං මේ වරහන???

      Delete
  32. හී................මරු පෝස්ට් එක..:)

    ReplyDelete
  33. රජ පැටියා..හුරතලයා...:)

    ReplyDelete
    Replies
    1. අලිම හුලතල් අලේ.. ;)

      Delete
  34. ඉස්සර ලොකු අකුරු කතන්දර පොතක් පෙරලලා බලපං දැන් විනාඩියට කලින් කියවල ඉවර වෙනවා. ඒත් ඒ කාලෙ අපි දවසක් කියවනවා. බලපං වෙනස. බැන්දමත් ඕමයි !

    ReplyDelete
    Replies
    1. යකඩෝ..මූ දන්න දේවල් :)

      අත්දැකීමෙන්ද කිව්වේ?

      Delete
  35. මේවගේ ළමා පොත් කියවන්න අයෙ වයසක් ඕනෙ නෑ කොයි කාලෙටත් එකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඈ... මටත් හිතුනා ඕක :)

      Delete
  36. අඩේ චිත්‍ර හැකියාව පට්ටයි ඈ රජෝ ;)

    ReplyDelete
    Replies
    1. කොහොමද.. ඇඩෙනවා නෙහ් :)

      Delete
  37. කිව්වමෛ මතක් උනේ. මගේ පොඩි කාලේ පොත් ටිකත් පෙට්ටියක දාල තිබුනා. වේයෝ කන්න කලින් හොයාගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ වේයෝ පොත් කන්නේ තොග වශයෙන්... ඉක්මන් කලොත් වටී ;)

      Delete
  38. මා ගාවත් පරණ පොත් ලොට් එකක්ම තියනවා තෑගි හම්බ උන ඒවා.

    ReplyDelete
  39. රජා පොඩි කාලේ හරි හොදයිනේ!!!

    ReplyDelete
  40. අයේ මේවා කියවන්න මම ඉන්නේ මගේ පොඩිකාලේ අයේ එනකන්

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)