සම්භාව්‍ය අඩවි වැසියන්ගෙන් අවසරයි... අද මා මෙතනට පැමිණියේ, ගීතයක් ඉදිරිපත් කිරීමටයි...
රජා:
වැසියෝ:
රජා:
වැසියෝ:
රජා:
වැසියෝ:
රජා:
වැසියෝ:
රජා:
මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා
ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදුවෙනවා
මොකක් නැතත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා
ටික ටික මං ටික ටික වයසට යනවා
ඉස්සර මට රජා අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ලමයි
හිතට දුකක් නැති උනාට ඇත්ත ඒක තමයි
තරුණ වෙන බේතක් ලොව තිබුනා නම් හොදයි
වැසියෝ:
ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...
හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි...
රජා අයියා මොකද නිකන් නාකි වෙලා වගෙයි
සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට තමයි
දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි
ඒත් ගෝරි වලට පැටලෙන්නට දැන් පොඩ්ඩක් බයයි
වැසියෝ:
ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...
ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි...
කෑම බීම බැලන්ස් කලොත් පරෙස්සමට හොදයි
කොලෙස්ටෝල් පෙෂර් ෂුගර් ලෝක ලෙඩක් තමයි
ගෙදර අම්මා හිතේ බයට කරු කුරුවක් දමයි
ඒ උනාට මගේ වැඩ ගැන දන්නේ අම්මා තමයි
ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි...
ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි...
රජා:
දැන් ඩ්‍රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)
පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
වැසියෝ:
ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි...
වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම තමයි...
රජා:
හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ
ඉස්සර නං ඔහොම තමයි තිබුනේ මගෙත් හිතේ
දැගළුවාට ඉහට අරං ඉලන්දාරි මතේ
නවත්තන්න බෑ වයසට යන එකනං පුතේ
වැසියෝ:
ඒක ඇත්ත තමයි...ඒක ඇත්ත තමයි...
කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි...
අසා සිටි ඔබ සැමට ස්තූතියි....
මෙතෙක් කාලයක් ඔබේ බොකු බඩවැල් පිනවූ මම බ්ලොග් පෝස්ට් 100ක් ලියමින් තත්පරයෙන් තත්පරය නාකි වෙන අඩවියා, රජා, අරා හෙවත් අඩවි රජා වෙමි.
ප/ලි :
ඉස්සර රජා සූටි කාලේ පිය රජතුමාට කැසට් පීස් පිස්සුවක් වැළදී තිබුණි. කැබිනට් එකක් පුරවා කැසට් පීස් තිබුණි. පසුකාලීනව කැසට් පීස් අභාවයට යාමත් සමග ඒ පිස්සුව සීඩී පිස්සුවකට අනුවර්තනය විය.
නමුත් ඒ සියල්ල අතර නොවරදින එක සංගීත කණ්ඩායමක් විය. ඒ ජිප්සීස්ය. වයසට යාම මතක් වීමත් සමගම මං රජාගේ මතකයට එන්නේ මේ සින්දුවය. ඇතැම් විට සූටි කාලේ ඉදලා කනට හුරු පුරුදු නිසා වෙන්නටද පුළුවන.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
1 :D
ReplyDeleteඔහොම තමා අන්කල් ජීවිතේ. ගණන් ගන්න එපා ඇ...
Deleteසුබ පැතුම් සමග, තව දීර්ග කාලයක් බ්ලොග් ලිවීමට වාසනාව ලැබේවා යයි පතමි...
Deleteකවුද මේ හොරෙන් හොරෙන් 1 ගහන ඇනෝ ඈ??
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
උණුසුම් සුබ පැතුම් රජා සීයේ!! :)
ReplyDeleteබොහොම ස්තූතියි ආච්චියේ ;)
Deleteඅඩේ උබ 100 කුත් ලියලද...
ReplyDeleteඑල එල හද පතුලෙන්ම බුර බුරා නැගෙන සාතිශය සුභපැතුම් !!!
ඔව් බං.. බලහන්කෝ 100කුත් වෙලා
Deleteමාගේ සාතිශය ස්තූතිය පිරිනමමි!!!
ඕවා ඔහොම තමයි රජෝ ඕවා ඔහොම තමයි..
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්!!!!
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteසුභ පැතුම් සුභ පැතුම් !!! රජා නාකි වෙලා යේ යේ.... සුභ පැතුම්.
ReplyDeleteඕයේ... මම නාකි වෙලා :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
මරු මරු... 100 ට සුභ පැතුම්... මගේ සුභපැතුම උණුසුම් මදි වගේ නම් ගෑස් ලිප උඩින් තැටියක් තියලා ඒක උඩින් තියන්ටකෝ... එතකොට "උණුසුම් සුභපැතුම්" වෙයි... අපි ගියා එහෙනම්... ජය වේවා...
ReplyDeleteතැටියක් නං නෑ බං... අවන් එකේවත් දාමු :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
තව ලියහං
ReplyDeleteලියමු ලියමු :)
Deleteසුභ පැතුම් රාජා මාමි...උඹ බ්ලොග් වලට ඕනම එකෙක්.
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteඔන්න මගෙනුත් උණුසුම සුභ පැතුම්.... තව චිරාත් කාලයක් අපව පිනවන්නට ඔබට හැකියාව ලැබේවා
ReplyDeleteබය වෙන්න එපා....මම ඉන්නවා ^_^
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
ඔහොම තමයි චම්න්ද.......ගණන් ගන්න එපා! දැන් ඉතිං ලන්දදීම විසා එයි..ඒ හින්දා ඒ ලකේ ගැන පොඩ්ඩක් හිතලා වැඩ කටයුතු කොරනවා නම් හොඳයි!!!!
ReplyDeleteතා කල් නාඩි වැටේවා!!!
ඇත්තද කමල්... හාකෝ එහෙනං :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
රජා බ්ලොග් පෝස්ට් 100 ක් ලියලා මෙච්චර දුක් වෙනවා නං අර කකා තුමාට එහෙම කොච්චර දුකක් දැනනවා ඇත්ද ආතා කෙනෙක් වෙලා කියලා.. හි හි...
ReplyDeleteඅනේ වල් රජෝ.. නාකි උනාට කමක් නෑ.. ඔයා තව ලියනවනේ.. නේද....
( මං හිතුවා මෙයා සුනිල් පෙරේරාගේ සින්දුව හොරකම් කරලා කියලා... හි හි..)
රාජා අන්කල් ආතා කෙනෙක් වෙනකම් ලියන්න වාසනාව ලැබේවා..... !!!
හෙහ් හෙහ් :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
100 ට සුබපැතුම් !!! රජෝ....
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteරජා නාකි වෙලාද ? ඒකට කමක් නෑ කාටත් පොදු දෙයක්නේ .
ReplyDeleteදිගටම හොඳ ලිපි ලියන්න මතක ශක්තිය, දිරිය ලැබේවා !
බොහොම ස්තූතියි කිව්වා ගිම් අක්කේ :)
Deleteඋඹේ ශතකෙට සුභ පැතුම් මචං.
ReplyDeleteමම ඒත් කම්පනා කළේ උඹ තව ටිකක් වයසට ගිහින් ආගම ධර්මය ගැන ලියන්න ගත්තහම කොහොමට තියෙයිද කියල. (තවම දත් සැට් එක අතට අරන් මදින්නෙ නැතුව ඇති මයෙ හිතේ)
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteඒක නං කවදාවත් වෙන එකක් නැද්ද මන්දා :)
100 ට (සීයට) සුබ පැතුම් !
ReplyDeleteබොහොම ස්තූති මාමේ ;)
Deleteහුටා... බොලේ උඹ වයසට යනවද? අනේ මම නම් බ්ලොග් වල සදාකාලික පොඩි එකෙක් බං.. :P :P
ReplyDeleteපේනවා... පේනවා ;)
Deleteරජාට 100ට සුබ පැතුම්....
ReplyDeleteසියලු රාජ සම්පත් ලැබේවා....:D
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteරාජ සම්පත!!!
දිගටම ලියමු අංකල්
ReplyDeleteඩී
එකෙන්ම පුතා... ;)
Deleteසුභපැතුම් රජෝ. රාජ සම්පත් ලඟදීම ලැබේවා.
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteමටත් තියන ලොකුම ප්‍රශ්නෙ වයසට යන එක තමයි:(
ReplyDeleteඒකනේ අප්පා... හෙන ප්‍රශ්නේ :(
Deleteසුභ වේවා!! තව වයසට යන්න ලැබේවා!!
ReplyDeleteඕං එහෙනම් සුභා කිවුවා.. රාජ අංකල්ට දැන් අනතක්පුරේත් මේන් ටේන් කරන්න හරි අමාරු ඇති නේද.. උදව්වක් එහෙම ඕන නම් කියන්නඩ අංකල්... :p
ReplyDeleteසුභා කියා මා ඔබ අමතන්නද? ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද? ;)
Delete//පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි//
බොහොම ස්තූතියි කිව්වා :)
ලියපං මැරෙන්ඩ කලිං තව දාහක්වත් ඈ....
ReplyDeleteඅනිවා... අනිවා.. :)
Deleteනාකි වූවාට සුභපැතුම් රජාට......හික්ස්.....
ReplyDeleteවයසට ගියත් රජා රජාම තමයි දිගටම ලියන්න සුභම සුභ සුභ පැතුම් මගෙනුත්.....
හිකිස් :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
100ට සුබ පැතුම් !!!
ReplyDeleteදිගටම කොටන්ඩ තියෙන්නේ
කොටමු කොටමු :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
jaya weva rajooooo.......!
ReplyDelete100 livvatath vada vadi ikmanata 200 liyanna labevaaaa.......!!!!!
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteඒකනං වෙන්නේ නෑ කොල්ලෝ... තව 100ක් ලියන්න සෑහෙන කල් යයි බං
අපේ තාත්තාගේත් ආසම කණ්ඩායම ජිප්සීස් සහ මේරියන්ස් තමයි. මේරියන්ස් නම් ඉතින් ගමේ බෑන්ඩ් එක :))
ReplyDeleteසුභ පැතුම් මල්ලියා :)
මම මෙතන මේරියන්ස් ගැන නොකිව්වට... මමත් අපේ තාත්තත් ආසම තවත් බෑන්ඩ් එකක් තමා ඒක.
Deleteසුපිරියි ඈ..
බොහොම ස්තූතියි කිව්වා :)
සුභ පැතුම්!!!
ReplyDeleteවැල වරකා වගේම ගැට නාරම් දෙලුම් වැනි සුන්දර කතාවලින් අමුතු අමුතු වින්දන මතින් සිංහල බ්ලොගේ බලකොටුවක් හදාගෙන ඉදිරියටම යන ඔබවහන්සේට දීර්ඝායු වේවා!
එහෙනම් දැන් ඉතින් බණ කතා ටිකක්වත් ලියන්න පටන් ගන්න වෙයි....
මම ආසම කමෙන්ටුවක් ඈ... :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
චිරාත් කාලයක් වැජඹෙන්නට අඩවියට මගෙනුත් සුභපැතුම්...
ReplyDeleteසභාවෙන් අවසරයි, මම මෙතනට පැමිණියේ අපේ අරා අන්කල් තඅමාගේ 100 වෙනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් කේක් කෑල්ලක් කෑමටයි. නමුත් රූපය දුටුවායින් පසුව අදහස වෙනස් විය. අවුලක් නැත. හරි දැන් තටිටියම කියමු. ඔන්න හරි ඈ... පවාන් ගන්න... :D
ReplyDelete//ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි...
වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම තමයි...//
මගේ සුබ පැතුම් !!!!! දිනෙන් දින අඩවිය සරුසාර වේවා :) :) :) :) :)
ආ මේ කවි ටයිප් කරන්න ලේසි ක්‍රමයක් මට අලුත් මල්ලි දුන්නා. ඔබතුමාටත් දෙන්නද?
හිකිස්...
Deleteකෝ කෝ දෙන්ඩ දෙන්ඩ... අහන්නත් දෙයක්ද?
බොහොම ස්තූතියි කිව්වා :)
සුබ පැතුම් රජෝ තවත් බොහෝ කාලයක් මේ සයිබරයේ රජ කිරීමට වාසනාව ලැබේවා !!!
ReplyDeleteඅන්කල් දැන්ද 100 දැම්මෙ..? මම හිතුවෙ සීයා ඉවරයි කියලා...
ReplyDeleteකලින් ආච්චිනේ ගියේ... අද තමා සීයා ගියේ :)
Deleteරජා කොටහළු වෙලා... හික් එළ එළ උතුමණෙනි... දිග ආසිරි :P
ReplyDeleteදිග ඒවා එපා... කොට එකක් හොදටෝම ඇති ;)
Deleted
ReplyDeleteවට් ඩී? ;)
Deleteදැං උඹේ ඔය නාකි විසේ ගෙටත් උසේ වෙච්චි කොට උඹට ආම් බාං කරත්ත බැරි අන්තංපුර දැරිවියො ටික ඔය අපි වගේ හැඩි දැඩි තරුණ පරපුරට බෙදලා දුන්නනම් නරකද මං අහන්නේ..මේ නිහින දෙහින කාලෙට ඔව්වැන් වැඩක් තියනවෑ..
ReplyDeleteඅහ අහ අහා..........
Delete//පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි//
:)
This comment has been removed by a blog administrator.
ReplyDeleteශෙහ්.... ආපු ලස්සනම, ආතල්ම කමෙන්ටුව
Deleteසොරි ඇනෝ..මැකුවා ඈ :)
ලෝක සොබාවෙ රජෝ....අන්ත:පුරේට මොකෝ දැන් වෙන්නෙ?100ට උනු උනු හොට් සුබ පැතුම්
ReplyDeleteඋන්ට මොනවා වෙන්නද තව ටිකක් මහත් වෙයි :)
Deleteහොට් හොට් ස්තූතියි කිව්වා :)
රජාගේ 100ට සුභ පැතුම්! තවත් දිගු ගමනක් යෑමට ලැබේවා!
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteසුබ පැතුම් සීයේ.. (සීයේ කිව්වේ සීයට හොදේ !)
ReplyDeleteමම නොදන්නවයෑ මුත්තේ :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
100ට සුබ පැතුම්..! ජයවේවා!!
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteසුභ පැතුම් රජෝ 100 වෙනි පොස්ට් එකට... කොන්ඩේ පොඩ්ඩක් ඩයි කරලා හම රැලි වැටෙනවට මොනවා හරි පෙත්තක් බීලා තිරිහන් වුනා නම් ගොඩේ ගොඩ. අඃ මේ අර සින්දුවත් පට්ට රජෝ
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteමම ආසම සින්දුවක් බං...
තව තවත් වයසට යත්වා.... සුබ වෙවා.. මෙව්වා සම්පත් ලැබේවා...
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteමෙව්වා කිව්වේ?
තව තවත වයසට යැමට ශක්තිය ලැබ රජුට හා රට වැසියනට වසන්තයක්ම උදා වෙවා!!!! මෙයට දයාබර රට වැස්සො වෙනුවෙන් මම සචිත්......
ReplyDeleteහෑ...?
Deleteමෙන්න මුන් මුන්ටම සුභපතාගෙන :)
බොහොම ස්තූතියි කිව්වා :)
රාජ කිරුලු පළන්දාපු රජ්ජුරුවෝ..
ReplyDeleteඅපේ හිතට සතුට ගේන රජ්ජුරුවෝ..
සිරසට ඔටුන් පළන් ජය පානෙන් මත්වන්නේ..
අපි දින 07 ක් පුරා ජාජකීය සැණකෙළියක් පවත්වමු.
රජුගේ කිරුළට මගේ සුබපැතුම්.
අන්න හොද අදහසක්....
Deleteවහාම ක්‍රියාත්මක වන පරිදි රත්නායක මහතා මාගේ උපදේශකවරයෙක් ලෙස පත්කරනවා!!!!
බොහොම ස්තූතියි කිව්වා :)
aaah ela ela මාමේ ...ohoma yan ඔහොම yan.. kawada ho ඉන්ජෙක් වෙලා wadata bassa දවසටත් මේ widiyatama blog ලියන්න labeeවා....
ReplyDeleteඅන්න ඒක තමා බං ගැටළුව... :)
Deleteසුභ පැතුම් රජ මාමේ.
ReplyDeleteතව චිරාත් කාලයක් වැජඹෙන්නට වරම් ලැබේවා මේ සයිබර් අවකාශය තුල...:D
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteපස්වා......න් තවුසන්ඩ් වාරයක් රජ වෙන්න රජතුමනි....
ReplyDeleteවැඩි කාලයක් නෑ දැනගෙන ඈ..හැබැයි නිවාඩු වෙලාවට ඇවිත් බලලා තියනවා පරණ පෝස්ට් ගොඩාක්..ඔන්න මමත් සුබ පතනවා..කරදර,ජරමර,බරබර නැති සුබම සුබ අනාගතයක් වෙන්න කියලා..දීර්ඝායුෂ ලැබෙන්න කියලා..
ජය වේවා!!!
වැඩි කාලයක් නොවුනට හැමදාම එනවනේ... ඒ ඇති :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
රාජ අවවාදයයි!
ReplyDeleteදවස් 2ක් එකදිගට පැමිණීමෙන් ඇබ්බැහි විය හැක.
මේක ඇත්ත තමයි බං මම දැන් ඇබ්බැහි වෙලා......
හෙහ් හෙහ් :)
Deleteඅඩේ රජා සුබ වේවා තවත් දිගින් දිගටම කුප්ප කතා කුජීත කතා ලියා අපේ බොක්කවල කූල් කරන්න ලැබේවා.
ReplyDeleteඑසේම වේවා!!!
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
අඩේ.... කේක් ඕනාආආආආආආආ.....
ReplyDelete.zip කරලා mail කරන්න. තැපැල් ගාස්තු වැඩියි.
සීයට ජය. පෝස්ටු ඈ.
එවඤ්ඤං....එවඤ්ඤං....
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
රජ සීයාට සුභ පැතුම් :D
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteඇඩෝ බොට අරා කියන නම දැම්මේ මං නේ??????
ReplyDeleteමතක නෑ බං..
හෙන කල්නේ ඉතිං...
පල ඩෝ යන්න.. උඹ කොහෙද එහෙම එකක් දැම්මේ????
Deleteඅනේ මට මතක නෑනේ :)
අඩවි රජ තුමාට මගෙනුත් සුභ පැතුම්.
ReplyDeleteසුභ වේවා! දැනට නොලැබුණු රාජ සම්පත් ලැබේවා!!!!! හී. හී....
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteඅන්ත:පුරේ මහත් උනාට උබ කෙට්ටු වෙන්න එපා රල් වජෝ....
ReplyDeleteතව හොදට ලියන්න උණුසුම් ශුබ පැතුම්....
අන්ත:පුරයක් එක්ක ඉදල 100 ක් ලියුව මදැයි... :D
හෙහ් හෙහ්... මේ තඩි ඇග කොහෙ කෙට්ටු වෙන්නද බං :)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
අලේ....සුබ පතන්න මං පරක්කුවෙලානෙ ඇවිත් තියෙන්නේ...ඒකට මොකෝ...නේද රජෝ...
ReplyDeleteඅර අසිත කිව්වා වගේ..." රජ සීයට ජයවේවා ! "
අනේ කිසි පරක්කුවක් නෑ අක්කේ :)
Deleteඅද දවස තාම ගෙවිලා ඉවරත් නෑනේ
බොහොම ස්තූතියි කිව්වා :)
මාත් හරි ආසයි බං ජිස්-පීස්ලට. අනං මනං නෑ පොල්ලෙං ගැහුවා වගෙ තමයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සීයට උණුසුම් සුභ පැතුම් රජතුමනි. මං උඹට වඩා තිරිහං වුනා බං. මම මේ ලඟදි ආයෙම බින්දුවෙන් පටන් අරං තාම නමයයි මගේ ඩෙනිමෙ. හික් හික්
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනිවාර්යෙන් යකඩ පොල්ලෙන් :)
Deleteතිරිහං කෙසේ වෙතත් තව ටිකක් කළු වෙලාද මන්දා...
බොහොම ස්තූතියි කිව්වා :)
සුභ පැතුම් අරා...
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteසුබ පැතුම් රජෝ..
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteනුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්..
ReplyDeleteආඩ්ඩේ සිරාවටම 100ක් ලිව්වද මචං හිතාගන්නත් බෑ.මට මතක හැටියම මම උඹේ බ්ලොග් එකේ කියවපු මුල්ම පෝස්ට් එක අර අක්‍රීය ගිනිකන්දක මඩ නාන කේස් එකක් තිබුනු එක.එදා ඉඳන් අද වෙනකන් බලද්දි මෙච්චර කාලයක් ගියාද කියලා හිතාගන්නවත් බෑනේ අප්පා...
තව පෝස්ට් අනන්ත සංඛ්‍යාවක් ලියලා අපි වගේ පෘථග්ජන මිනිස්සුන්ට විවිධ ආතල් දෙන්න කියලා අති උත්තම රං ගොජාගෙන් මම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා.ශතකයට මගේ උණුසුම් සුභ පැතුම් මචං ජය වේවා ඈ
අන්න ඒකත් පට්ට සින්දුව බං :)
Deleteඔව් නේ බං... මටත් නිකන් ඊයේ පෙරේදා වගේ... බලහන්කෝ දවස් යන ඉක්මන
බොහොම ස්තූතියි කිව්වා :)
ඉරිසියාවයි බං...........!
ReplyDeleteවයසට යනකොට රජාවල්වෙලා....හොඳටම..!
සුභ පැතුම්...බොක්කෙන්ම ඈ...!
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteපංකාදු කවි ටික රජෝ....අපි කවුරුත් වයසට යනවා රජෝ
ReplyDeleteඇත්ත ඇත්ත :)
Deleteසෙන්චරියට සුබ පැතුම්....!!! මමත් මුල ඉදලම මෙතනට ආවා ගියා.
ReplyDeleteනැතුව නැතුව....
Deleteසුමිත් මාමාට දෙනවා අඩවියේ උපදේශක තනතුරක් :)
බොහොම ස්තූතියි කිව්වා :)
සීයට සුබ පැතුම් ජෝ !!
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Deleteසීයට (100) සුභ පැතුම්. වයසට යන්න පටන් ගන්නෙ දැන් නෙවෙයි රජෝ. වයසට යන්න පටන් ගන්නෙ උපන්දා සිටමයි.
ReplyDeleteඒ උනාට දැනුයි ඒක තේරුනේ ;)
Deleteබොහොම ස්තූතියි කිව්වා :)
ඔන්න රජෝ මගෙනුත් සුභ පැතුම් 100 ට!
ReplyDeleteසුභ වේවා! රාජ සම්පත් ලැබේවා!! : D
මගෙනුත් සුභ පැතුම් !
ReplyDeleteබොහොම ස්තූතියි කිව්වා :)
Delete100 ට මගෙන් උණුසුම් සුබ පැතුම්.
ReplyDeleteඑක නෙවෙඉ. දැන් ඉතින් මහා රජගෙන් පස්සේ මේ බ්ලොග් රාජ්ජේ කාටද. ටම බිසවකුට් නැහැ නොව.
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteයුව රජාට තමා....
ඉක්මනට එකක් හොයාගන්න ඕනේ බං ;)
කලු කපුටා සුදු වන තුරු...
ReplyDeleteමෝල් ගහේ දලුලන තුරු....
ලෝක විනාසේ සිදුවනතුරු...
සීයට දෙසීයක් බ්ලොග් ලියන්න ලැබේවා!!!!!...
බොහොම ස්තූතියි කිව්වා :)
Deleteඅනේ රජතුමනි... උඹේ සීයේ පෝස්ට් එක කියවන්න හැදුවට හිත ගියෙම අර පට්ට කෑල්ලක් ඉන්න බඩුවක් සමග පිස්සෙක් පෝස්ට් එකටමයි.... අම්බානකට ලොකුවී ඇති නිසා එක පයින් කියවීමි..... හප්පේ මටම උනා වගේ... තව ඉතින් රාජ සම්පත් මොකටද?
ReplyDeleteහහහා..... ඒක හිට් වෙනවා නහුතෙට බං.
Deleteමුං කෑගහනවා මම වල්.....ලු
ඒ උනාට උනුත් බලන්නේ ඒකමයි :)
100 වෙනි පොස්ටුව සදහා උණුසුම් සුබ පැතුම් ඔබ වෙත ගෙන එන්නේ
ReplyDeleteහර්න් /ටක් /මැරියන් ඇතුළු ශර්වුඩ් කැලේ අපි
"රොබින්"
සුභ පැතුම් රජතුමාට..
ReplyDeleteදිගටම මේ අයුරිනි බ්ලොග් අවකාශයේ රැඳී සිටීමට හැකිවේවා..
ජයෙන් ජයම වේවා සහෝ :)
ReplyDeleteහොඳින් කිව්වට අපි කොමෙන්ට් කරන්නේ නෑ, පහලින් නරකිනුත් කියල තියනවනේ එකයි නිසා ඔන්න කොමෙන්ට් කරා :)
ReplyDeleteඑල රජා, හැමදාම වගේ නියමයි ඈ. දිගටම ලියපන්. ජය.
පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි ehenam echarai ne ban. one nethnam thama kese eka.
ReplyDelete100 සුභ පැතුම් thawa tiken eka amathaka wenawa mama eka digatam kiyawapu blog eka.. බඩුවක් හා පිස්සෙක් සමග (අතිශයින්ම ලොකුවෙච්ච උන්ට විතරමයි) mge kemathima eka
ReplyDeleteරජ කතා දාහක් කොටන්ඩ වේලාව, ශක්තිය ලැබේවා
ReplyDeleteඋඹ නාකි උනාට කමක් නෑ දැම්ම සිංහාසනේ දාලා යන්න එපා.. වල් උනත් උඹ ඉන්න එක හොදයි..:)
ReplyDeleteඒ සුභ පැතුම් බං.. තව තව ලියන්න අප්සට් අදහස් පහල වේවා...
සුභ වේවා!!!
දිගටම කොටමු කොටමු!
ReplyDeleteසුභ පැතුම් රජෝ....
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com