Wednesday, October 3, 2012

ටික ටික... මං ටික ටික... වයසට යනවා...



වටේ යාම් නැත. අනං මනං වල් පල නැත. පට්ට කෙලින් කතාවට බසිමි...

සම්භාව්‍ය අඩවි වැසියන්ගෙන් අවසරයි... අද මා මෙතනට පැමිණියේ, ගීතයක් ඉදිරිපත් කිරීමටයි...

රජා:

මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික         ගැලවෙනවා
ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික                      සුදුවෙනවා
මොකක් නැතත් ලොකු වෙනසක් ටික ටික               සිදුවෙනවා
ටික ටික මං ටික ටික වයසට                                           යනවා

ඉස්සර මට රජා අයියා කියලා කිව්වා            තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු       ලමයි
හිතට දුකක් නැති උනාට ඇත්ත ඒක             තමයි
තරුණ වෙන බේතක් ලොව තිබුනා නම්    හොදයි

වැසියෝ:
ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම         තමයි...
හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම  තමයි...

රජා:
රජා අයියා මොකද නිකන් නාකි වෙලා            වගෙයි
සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට             තමයි
දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න         හිතයි
ඒත් ගෝරි වලට පැටලෙන්නට දැන් පොඩ්ඩක්   බයයි

වැසියෝ:
ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම               තමයි...
ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන්      බයයි...

රජා:
කෑම බීම බැලන්ස් කලොත් පරෙස්සමට          හොදයි
කොලෙස්ටෝල් පෙෂර් ෂුගර් ලෝක ලෙඩක්     තමයි
ගෙදර අම්මා හිතේ බයට කරු කුරුවක්               දමයි
ඒ උනාට මගේ වැඩ ගැන දන්නේ අම්මා            තමයි

වැසියෝ:
ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම     තමයි...
ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම     තමයි...

රජා:
දැන් ඩ්‍රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා    තමයි
සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)
පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට                දුවයි
හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින්         තමයි

වැසියෝ:
 ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම                   තමයි...
වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම     තමයි...

රජා:
හැමදාමත් තරුණ වෙන්න හිතන අයත්      ඇතේ
ඉස්සර නං ඔහොම තමයි තිබුනේ මගෙත්  හිතේ
දැගළුවාට ඉහට අරං ඉලන්දාරි                   මතේ
නවත්තන්න බෑ වයසට යන එකනං          පුතේ

වැසියෝ:
ඒක ඇත්ත තමයි...ඒක ඇත්ත                 තමයි...
කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා    තමයි...


අසා සිටි ඔබ සැමට ස්තූතියි....

මෙතෙක් කාලයක් ඔබේ බොකු බඩවැල් පිනවූ මම බ්ලොග් පෝස්ට් 100ක් ලියමින් තත්පරයෙන් තත්පරය නාකි වෙන අඩවියා, රජා, අරා හෙවත් අඩවි රජා වෙමි.

ප/ලි : 
ඉස්සර රජා සූටි කාලේ පිය රජතුමාට කැසට් පීස් පිස්සුවක් වැළදී තිබුණි. කැබිනට් එකක් පුරවා කැසට් පීස් තිබුණි. පසුකාලීනව කැසට් පීස් අභාවයට යාමත් සමග ඒ පිස්සුව සීඩී පිස්සුවකට අනුවර්තනය විය.

නමුත් ඒ සියල්ල අතර නොවරදින එක සංගීත කණ්ඩායමක් විය. ඒ ජිප්සීස්ය. වයසට යාම මතක් වීමත් සමගම මං රජාගේ මතකයට එන්නේ මේ සින්දුවය. ඇතැම් විට සූටි කාලේ ඉදලා කනට හුරු පුරුදු නිසා වෙන්නටද පුළුවන. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

148 comments:

  1. Replies
    1. ඔහොම තමා අන්කල් ජීවිතේ. ගණන් ගන්න එපා ඇ...

      Delete
    2. සුබ පැතුම් සමග, තව දීර්ග කාලයක් බ්ලොග් ලිවීමට වාසනාව ලැබේවා යයි පතමි...

      Delete
    3. කවුද මේ හොරෙන් හොරෙන් 1 ගහන ඇනෝ ඈ??

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  2. උණුසුම් සුබ පැතුම් රජා සීයේ!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආච්චියේ ;)

      Delete
  3. අඩේ උබ 100 කුත් ලියලද...

    එල එල හද පතුලෙන්ම බුර බුරා නැගෙන සාතිශය සුභපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. බලහන්කෝ 100කුත් වෙලා

      මාගේ සාතිශය ස්තූතිය පිරිනමමි!!!

      Delete
  4. ඕවා ඔහොම තමයි රජෝ ඕවා ඔහොම තමයි..

    උණුසුම් සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  5. සුභ පැතුම් සුභ පැතුම් !!! රජා නාකි වෙලා යේ යේ.... සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඕයේ... මම නාකි වෙලා :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  6. මරු මරු... 100 ට සුභ පැතුම්... මගේ සුභපැතුම උණුසුම් මදි වගේ නම් ගෑස් ලිප උඩින් තැටියක් තියලා ඒක උඩින් තියන්ටකෝ... එතකොට "උණුසුම් සුභපැතුම්" වෙයි... අපි ගියා එහෙනම්... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. තැටියක් නං නෑ බං... අවන් එකේවත් දාමු :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  7. සුභ පැතුම් රාජා මාමි...උඹ බ්ලොග් වලට ඕනම එකෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  8. ඔන්න මගෙනුත් උණුසුම සුභ පැතුම්.... තව චිරාත් කාලයක් අපව පිනවන්නට ඔබට හැකියාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා....මම ඉන්නවා ^_^

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  9. ඔහොම තමයි චම්න්ද.......ගණන් ගන්න එපා! දැන් ඉතිං ලන්දදීම විසා එයි..ඒ හින්දා ඒ ලකේ ගැන පොඩ්ඩක් හිතලා වැඩ කටයුතු කොරනවා නම් හොඳයි!!!!
    තා කල් නාඩි වැටේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තද කමල්... හාකෝ එහෙනං :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  10. රජා බ්ලොග් පෝස්ට් 100 ක් ලියලා මෙච්චර දුක් වෙනවා නං අර කකා තුමාට එහෙම කොච්චර දුකක් දැනනවා ඇත්ද ආතා කෙනෙක් වෙලා කියලා.. හි හි...

    අනේ වල් රජෝ.. නාකි උනාට කමක් නෑ.. ඔයා තව ලියනවනේ.. නේද....

    ( මං හිතුවා මෙයා සුනිල් පෙරේරාගේ සින්දුව හොරකම් කරලා කියලා... හි හි..)

    රාජා අන්කල් ආතා කෙනෙක් වෙනකම් ලියන්න වාසනාව ලැබේවා..... !!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  11. 100 ට සුබපැතුම් !!! රජෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  12. රජා නාකි වෙලාද ? ඒකට කමක් නෑ කාටත් පොදු දෙයක්නේ .
    …දිගටම හොඳ ලිපි ලියන්න මතක ශක්තිය, දිරිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා ගිම් අක්කේ :)

      Delete
  13. උඹේ ශතකෙට සුභ පැතුම් මචං.

    මම ඒත් කම්පනා කළේ උඹ තව ටිකක් වයසට ගිහින් ආගම ධර්මය ගැන ලියන්න ගත්තහම කොහොමට තියෙයිද කියල. (තවම දත් සැට් එක අතට අරන් මදින්නෙ නැතුව ඇති මයෙ හිතේ)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      ඒක නං කවදාවත් වෙන එකක් නැද්ද මන්දා :)

      Delete
  14. 100 ට (සීයට) සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මාමේ ;)

      Delete
  15. හුටා... බොලේ උඹ වයසට යනවද? අනේ මම නම් බ්ලොග් වල සදාකාලික පොඩි එකෙක් බං.. :P :P

    ReplyDelete
  16. රජාට 100ට සුබ පැතුම්....
    සියලු රාජ සම්පත් ලැබේවා....:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      රාජ සම්පත!!!

      Delete
  17. දිගටම ලියමු අංකල්
    ඩී

    ReplyDelete
  18. සුභපැතුම් රජෝ. රාජ සම්පත් ලඟදීම ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  19. මටත් තියන ලොකුම ප්‍රශ්නෙ වයසට යන එක තමයි:(

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා... හෙන ප්‍රශ්නේ :(

      Delete
  20. සුභ වේවා!! තව වයසට යන්න ලැබේවා!!

    ReplyDelete
  21. ඕං එහෙනම් සුභා කිවුවා.. රාජ අංකල්ට දැන් අනතක්පුරේත් මේන් ටේන් කරන්න හරි අමාරු ඇති නේද.. උදව්වක් එහෙම ඕන නම් කියන්නඩ අංකල්... :p

    ReplyDelete
    Replies
    1. සුභා කියා මා ඔබ අමතන්නද? ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද? ;)

      //පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
      හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි//

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  22. ලියපං මැරෙන්ඩ කලිං තව දාහක්වත් ඈ....

    ReplyDelete
  23. නාකි වූවාට සුභපැතුම් රජාට......හික්ස්.....

    වයසට ගියත් රජා රජාම තමයි දිගටම ලියන්න සුභම සුභ සුභ පැතුම් මගෙනුත්.....

    ReplyDelete
    Replies
    1. හිකිස් :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  24. 100ට සුබ පැතුම් !!!
    දිගටම කොටන්ඩ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කොටමු කොටමු :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  25. jaya weva rajooooo.......!
    100 livvatath vada vadi ikmanata 200 liyanna labevaaaa.......!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      ඒකනං වෙන්නේ නෑ කොල්ලෝ... තව 100ක් ලියන්න සෑහෙන කල් යයි බං

      Delete
  26. අපේ තාත්තාගේත් ආසම කණ්ඩායම ජිප්සීස් සහ මේරියන්ස් තමයි. මේරියන්ස් නම් ඉතින් ගමේ බෑන්ඩ් එක :))

    සුභ පැතුම් මල්ලියා :)

    ReplyDelete
    Replies
    1. මම මෙතන මේරියන්ස් ගැන නොකිව්වට... මමත් අපේ තාත්තත් ආසම තවත් බෑන්ඩ් එකක් තමා ඒක.
      සුපිරියි ඈ..

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  27. සුභ පැතුම්!!!

    වැල වරකා ‍වගේම ගැට නාරම් දෙලුම් වැනි සුන්දර කතාවලින් අමුතු අමුතු වින්දන මතින් සිංහල බ්ලොගේ බලකොටුවක් හදාගෙන ඉදිරියටම යන ඔබවහන්සේට දීර්ඝායු වේවා!

    එහෙනම් දැන් ඉතින් බණ කතා ටිකක්වත් ලියන්න පටන් ගන්න වෙයි....

    ReplyDelete
    Replies
    1. මම ආසම කමෙන්ටුවක් ඈ... :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  28. චිරාත් කාලයක් වැජඹෙන්නට අඩවියට මගෙනුත් සුභපැතුම්...

    ReplyDelete
  29. සභාවෙන් අවසරයි, මම මෙතනට පැමිණියේ අපේ අරා අන්කල් තඅමාගේ 100 වෙනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් කේක් කෑල්ලක් කෑමටයි. නමුත් රූපය දුටුවායින් පසුව අදහස වෙනස් විය. අවුලක් නැත. හරි දැන් තටිටියම කියමු. ඔන්න හරි ඈ... පවාන් ගන්න... :D

    //ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි...
    වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම තමයි...//

    මගේ සුබ පැතුම් !!!!! දිනෙන් දින අඩවිය සරුසාර වේවා :) :) :) :) :)

    ආ මේ කවි ටයිප් කරන්න ලේසි ක්‍රමයක් මට අලුත් මල්ලි දුන්නා. ඔබතුමාටත් දෙන්නද?

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      කෝ කෝ දෙන්ඩ දෙන්ඩ... අහන්නත් දෙයක්ද?

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  30. සුබ පැතුම් රජෝ තවත් බොහෝ කාලයක් මේ සයිබරයේ රජ කිරීමට වාසනාව ලැබේවා !!!

    ReplyDelete
  31. අන්කල් දැන්ද 100 දැම්මෙ..? මම හිතුවෙ සීයා ඉවරයි කියලා...

    ReplyDelete
    Replies
    1. කලින් ආච්චිනේ ගියේ... අද තමා සීයා ගියේ :)

      Delete
  32. රජා කොටහළු වෙලා... හික් එළ එළ උතුමණෙනි... දිග ආසිරි :P

    ReplyDelete
    Replies
    1. දිග ඒවා එපා... කොට එකක් හොදටෝම ඇති ;)

      Delete
  33. දැං උඹේ ඔය නාකි විසේ ගෙටත් උසේ වෙච්චි කොට උඹට ආම් බාං කරත්ත බැරි අන්තංපුර දැරිවියො ටික ඔය අපි වගේ හැඩි දැඩි තරුණ පරපුරට බෙදලා දුන්නනම් නරකද මං අහන්නේ..මේ නිහින දෙහින කාලෙට ඔව්වැන් වැඩක් තියනවෑ..

    ReplyDelete
    Replies
    1. අහ අහ අහා..........

      //පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
      හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි//

      :)

      Delete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ශෙහ්.... ආපු ලස්සනම, ආතල්ම කමෙන්ටුව

      සොරි ඇනෝ..මැකුවා ඈ :)

      Delete
  35. ලෝක සොබාවෙ රජෝ....අන්ත:පුරේට මොකෝ දැන් වෙන්නෙ?100ට උනු උනු හොට් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. උන්ට මොනවා වෙන්නද තව ටිකක් මහත් වෙයි :)

      හොට් හොට් ස්තූතියි කිව්වා :)

      Delete
  36. රජාගේ 100ට සුභ පැතුම්! තවත් දිගු ගමනක් යෑමට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  37. සුබ පැතුම් සීයේ.. (සීයේ කිව්වේ සීයට හොදේ !)

    ReplyDelete
    Replies
    1. මම නොදන්නවයෑ මුත්තේ :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  38. 100ට සුබ පැතුම්..! ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  39. සුභ පැතුම් රජෝ 100 වෙනි පොස්ට් එකට... කොන්ඩේ පොඩ්ඩක් ඩයි කරලා හම රැලි වැටෙනවට මොනවා හරි පෙත්තක් බීලා තිරිහන් වුනා නම් ගොඩේ ගොඩ. අඃ මේ අර සින්දුවත් පට්ට රජෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      මම ආසම සින්දුවක් බං...

      Delete
  40. තව තවත් වයසට යත්වා.... සුබ වෙවා.. මෙව්වා සම්පත් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      මෙව්වා කිව්වේ?

      Delete
  41. තව තවත වයසට යැමට ශක්තිය ලැබ රජුට හා රට වැසියනට වසන්තයක්ම උදා වෙවා!!!! මෙයට දයාබර රට වැස්සො වෙනුවෙන් මම සචිත්......

    ReplyDelete
    Replies
    1. හෑ...?

      මෙන්න මුන් මුන්ටම සුභපතාගෙන :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  42. රාජ කිරුලු පළන්දාපු රජ්ජුරුවෝ..
    අපේ හිතට සතුට ගේන රජ්ජුරුවෝ..
    සිරසට ඔටුන් පළන් ජය පානෙන් මත්වන්නේ..

    අපි දින 07 ක් පුරා ජාජකීය සැණකෙළියක් පවත්වමු.

    රජුගේ කිරුළට මගේ සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. අන්න හොද අදහසක්....

      වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නායක මහතා මාගේ උපදේශකවරයෙක් ලෙස පත්කරනවා!!!!

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  43. aaah ela ela මාමේ ...ohoma yan ඔහොම yan.. kawada ho ඉන්ජෙක් වෙලා wadata bassa දවසටත් මේ widiyatama blog ලියන්න labeeවා....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා බං ගැටළුව... :)

      Delete
  44. සුභ පැතුම් රජ මාමේ.
    තව චිරාත් කාලයක් වැජඹෙන්නට වරම් ලැබේවා මේ සයිබර් අවකාශය තුල...:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  45. පස්වා......න් තවුසන්ඩ් වාරයක් රජ වෙන්න රජතුමනි....
    වැඩි කාලයක් නෑ දැනගෙන ඈ..හැබැයි නිවාඩු වෙලාවට ඇවිත් බලලා තියනවා පරණ පෝස්ට් ගොඩාක්..ඔන්න මමත් සුබ පතනවා..කරදර,ජරමර,බරබර නැති සුබම සුබ අනාගතයක් වෙන්න කියලා..දීර්ඝායුෂ ලැබෙන්න කියලා..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩි කාලයක් නොවුනට හැමදාම එනවනේ... ඒ ඇති :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  46. රාජ අවවාදයයි!
    දවස් 2ක් එකදිගට පැමිණීමෙන් ඇබ්බැහි විය හැක.

    මේක ඇත්ත තමයි බං මම දැන් ඇබ්බැහි වෙලා......

    ReplyDelete
  47. අඩේ රජා සුබ වේවා තවත් දිගින් දිගටම කුප්ප කතා කුජීත කතා ලියා අපේ බොක්කවල කූල් කරන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  48. අඩේ.... කේක් ඕනාආආආආආආආ.....
    .zip කරලා mail කරන්න. තැපැල් ගාස්තු වැඩියි.

    සීයට ජය. පෝස්ටු ඈ.

    ReplyDelete
    Replies
    1. එවඤ්ඤං....එවඤ්ඤං....

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  49. රජ සීයාට සුභ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  50. ඇඩෝ බොට අරා කියන නම දැම්මේ මං නේ??????
    මතක නෑ බං..
    හෙන කල්නේ ඉතිං...

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්න.. උඹ කොහෙද එහෙම එකක් දැම්මේ????

      අනේ මට මතක නෑනේ :)

      Delete
  51. අඩවි රජ තුමාට මගෙනුත් සුභ පැතුම්.
    සුභ වේවා! දැනට නොලැබුණු රාජ සම්පත් ලැබේවා!!!!! හී. හී....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  52. අන්ත:පුරේ මහත් උනාට උබ කෙට්ටු වෙන්න එපා රල් වජෝ....
    තව හොදට ලියන්න උණුසුම් ශුබ පැතුම්....
    අන්ත:පුරයක් එක්ක ඉදල 100 ක් ලියුව මදැයි... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... මේ තඩි ඇග කොහෙ කෙට්ටු වෙන්නද බං :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  53. අලේ....සුබ පතන්න මං පරක්කුවෙලානෙ ඇවිත් තියෙන්නේ...ඒකට මොකෝ...නේද රජෝ...

    අර අසිත කිව්වා වගේ..." රජ සීයට ජයවේවා ! "

    ReplyDelete
    Replies
    1. අනේ කිසි පරක්කුවක් නෑ අක්කේ :)

      අද දවස තාම ගෙවිලා ඉවරත් නෑනේ

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  54. මාත් හරි ආසයි බං ජිස්-පීස්ලට. අනං මනං නෑ පොල්ලෙං ගැහුවා වගෙ තමයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සීයට උණුසුම් සුභ පැතුම් රජතුමනි. මං උඹට වඩා තිරිහං වුනා බං. මම මේ ලඟදි ආයෙම බින්දුවෙන් පටන් අරං තාම නමයයි මගේ ඩෙනිමෙ. හික් හික්
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. අනිවාර්යෙන් යකඩ පොල්ලෙන් :)

      තිරිහං කෙසේ වෙතත් තව ටිකක් කළු වෙලාද මන්දා...

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  55. සුභ පැතුම් අරා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  56. සුබ පැතුම් රජෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  57. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්..

    ආඩ්ඩේ සිරාවටම 100ක් ලිව්වද මචං හිතාගන්නත් බෑ.මට මතක හැටියම මම උඹේ බ්ලොග් එකේ කියවපු මුල්ම පෝස්ට් එක අර අක්‍රීය ගිනිකන්දක මඩ නාන කේස් එකක් තිබුනු එක.එදා ඉඳන් අද වෙනකන් බලද්දි මෙච්චර කාලයක් ගියාද කියලා හිතාගන්නවත් බෑනේ අප්පා...

    තව පෝස්ට් අනන්ත සංඛ්‍යාවක් ලියලා අපි වගේ පෘථග්ජන මිනිස්සුන්ට විවිධ ආතල් දෙන්න කියලා අති උත්තම රං ගොජාගෙන් මම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා.ශතකයට මගේ උණුසුම් සුභ පැතුම් මචං ජය වේවා ඈ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් පට්ට සින්දුව බං :)

      ඔව් නේ බං... මටත් නිකන් ඊයේ පෙරේදා වගේ... බලහන්කෝ දවස් යන ඉක්මන

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  58. ඉරිසියාවයි බං...........!
    වයසට යනකොට රජාවල්වෙලා....හොඳටම..!
    සුභ පැතුම්...බොක්කෙන්ම ඈ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  59. පංකාදු කවි ටික රජෝ....අපි කවුරුත් වයසට යනවා රජෝ

    ReplyDelete
  60. සෙන්චරියට සුබ පැතුම්....!!! මමත් මුල ඉදලම මෙතනට ආවා ගියා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....

      සුමිත් මාමාට දෙනවා අඩවියේ උපදේශක තනතුරක් :)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  61. සීයට සුබ පැතුම් ජෝ !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  62. සීයට (100) සුභ පැතුම්. වයසට යන්න පටන් ගන්නෙ දැන් නෙවෙයි රජෝ. වයසට යන්න පටන් ගන්නෙ උපන්දා සිටමයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැනුයි ඒක තේරුනේ ;)

      බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  63. ඔන්න රජෝ මගෙනුත් සුභ පැතුම් 100 ට!
    සුභ වේවා! රාජ සම්පත් ලැබේවා!! : D

    ReplyDelete
  64. මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  65. 100 ට මගෙන් උණුසුම් සුබ පැතුම්.
    එක නෙවෙඉ. දැන් ඉතින් මහා රජගෙන් පස්සේ මේ බ්ලොග් රාජ්ජේ කාටද. ටම බිසවකුට් නැහැ නොව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      යුව රජාට තමා....

      ඉක්මනට එකක් හොයාගන්න ඕනේ බං ;)

      Delete
  66. කලු කපුටා සුදු වන තුරු...
    මෝල් ගහේ දලුලන තුරු....
    ලෝක විනාසේ සිදුවනතුරු...
    සීයට දෙසීයක් බ්ලොග් ලියන්න ලැබේවා!!!!!...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිව්වා :)

      Delete
  67. අනේ රජතුමනි... උඹේ සීයේ පෝස්ට් එක කියවන්න හැදුවට හිත ගියෙම අර පට්ට කෑල්ලක් ඉන්න බඩුවක් සමග පිස්සෙක් පෝස්ට් එකටමයි.... අම්බානකට ලොකුවී ඇති නිසා එක පයින් කියවීමි..... හප්පේ මටම උනා වගේ... තව ඉතින් රාජ සම්පත් මොකටද?

    ReplyDelete
    Replies
    1. හහහා..... ඒක හිට් වෙනවා නහුතෙට බං.

      මුං කෑගහනවා මම වල්.....ලු
      ඒ උනාට උනුත් බලන්නේ ඒකමයි :)

      Delete
  68. 100 වෙනි පොස්ටුව සදහා උණුසුම් සුබ පැතුම් ඔබ වෙත ගෙන එන්නේ

    හර්න් /ටක් /මැරියන් ඇතුළු ශර්වුඩ් කැලේ අපි

    "රොබින්"

    ReplyDelete
  69. සුභ පැතුම් රජතුමාට..
    දිගටම මේ අයුරිනි බ්ලොග් අවකාශයේ රැඳී සිටීමට හැකිවේවා..

    ReplyDelete
  70. ජයෙන් ජයම වේවා සහෝ :)

    ReplyDelete
  71. හොඳින් කිව්වට අපි කොමෙන්ට් කරන්නේ නෑ, පහලින් නරකිනුත් කියල තියනවනේ එකයි නිසා ඔන්න කොමෙන්ට් කරා :)
    එල රජා, හැමදාම වගේ නියමයි ඈ. දිගටම ලියපන්. ජය.

    ReplyDelete
  72. පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි ehenam echarai ne ban. one nethnam thama kese eka.

    ReplyDelete
  73. 100 සුභ පැතුම් thawa tiken eka amathaka wenawa mama eka digatam kiyawapu blog eka.. බඩුවක් හා පිස්සෙක් සමග (අතිශයින්ම ලොකුවෙච්ච උන්ට විතරමයි) mge kemathima eka

    ReplyDelete
  74. රජ කතා දාහක් කොටන්ඩ වේලාව, ශක්තිය ලැබේවා

    ReplyDelete
  75. උඹ නාකි උනාට කමක් නෑ දැම්ම සිංහාසනේ දාලා යන්න එපා.. වල් උනත් උඹ ඉන්න එක හොදයි..:)

    ඒ සුභ පැතුම් බං.. තව තව ලියන්න අප්සට් අදහස් පහල වේවා...

    සුභ වේවා!!!

    ReplyDelete
  76. දිගටම කොටමු කොටමු!

    ReplyDelete
  77. සුභ පැතුම් රජෝ....

    ReplyDelete
  78. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)